IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඇපොලෝ අට සඳ වටේ රවුම් ගසයි

සෝවියට් දේශය අභ්‍යාවකාශ ගමන් වලදී සහ සඳ ගමන් වලදී ලබාගත් ජයග‍්‍රහණ හේතුවෙන් වැඩි ප‍්‍රසිද්ධියක් හා ගෞරවයක් හිමිව තිබුණේ ඔවුන්ටය. හැටේ දශකය අවසන් වීමට පෙර මිනිසුන් හඳ වෙත යැවීමටනම් ඇපලෝ යානා ඉක්මණින් අත්හදා බැලිය යුතුය. ඒ සඳහා ඇමරිකාව ලහි ලහියේ සූදානම් වෙද්දී අත්හදා බැලීමේ පෙරහුරුවකදී ඇපලෝ 1 යානය ගින්නෙන් විනාශ විය. පළමු ඇපලෝ ගමනේදී අභ්‍යාවකාශ ගතවීමට සිටි වර්ජිල් ගි‍්‍රසම්, එඞ්වඞ් වයිට් හා රොජර් චැෆී යන තිදෙනා පිළිස්සී මියගියේය. මේ විනාශයත් සමගම ඇමරිකාවට ඇපලෝ යානය යළි සැළසුම් කරන්නට සිදුවිය. එහි වෙනස්කම් සිදුකර නැවතත් ඇපලෝ වැඩපිළිවෙල ආරම්භ කරන්නට ඔවුන්ට අවුරුදු එකහමාරක පමණ කාලයක් ගතවිය. නව වෙනස්කම් සහිතව යළි ඇරඹුණු ඇපලෝ වැඩපිළිවෙල බාධාවකින් තොරව ඉදිරියට ගියේ ඇමරිකාවේ බලාපොරොත්තු දල්වමිනි. ඇපලෝ 4, ඇපලෝ 5 සහ ඇපලෝ 6 යන යානා සාර්ථකව අත්හදා බැලිණි. ඒවායේ මිනිසුන් රැගෙන ගියේ නැත. 1967 පෙබරවාරි 21 වැනි දින යැවීමට සැළසුම් කැර තිබිණි. අත්හදා බැලීමේදී එහි බෑවුම් පාදයන්හි හටගත් ගින්නක් හේතුවෙන් ගුවන් කණ්ඩායමේ සිටි තිදෙනාම මියගියහ. අණදෙන්නා වූ වර්ජිල් ගි‍්‍රසොම්, ජ්‍යෙෂ්ඨ නියමු එඞ්වර්ඞ් එච්. වයිට්, සහ රොජර් බී චාර්ෆී සමග මෙහෙයුම් මැදිරිය පුපුරා ගියේය. සැටර්න් 1 බී රොකට්ටුවකින් මෙය ගුවන් ගත කිරීමට නියමිතව තිබිණි. ඇපලෝ හතරය යනු සැටර්න් 5 නමැති බූස්ටරයේ ප‍්‍රථම පියාසර කිරීමයි. 1967 නොවැම්බර් 09 ඇපලෝ 04 නිකුත් කැරුණි. ජෝර්ජ් මියුලර්ගේ  ඕල් අප් නමැති පර්යේෂණ කි‍්‍රයාවලිය වූයේ වෙනත් රොකට්ටු මෙන් පියවරෙන් පියවර පරීක්ෂා කිරීම් වෙනුවට සැටර්න් පහ ප‍්‍රථම වරට තනි ඒකකයක් ලෙස පියාසර කිරීමයි. ඔවුන්ගේ මේ කි‍්‍රයාවලිය අතිශයින්ම සාර්ථක වී තිබිණි. වෝල්ටර් කොන්කයින් විසින් රොකට්ටුව නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට සැතපුම් හතරක් පමණ දුරින් තිබූ විකාශනාගාරයක සිට නිකුත් කිරීම් ආවරණය කරන ලදී. නිකුත් කිරීමේදී ඇති වූ අධික ශබ්දය හා දෙදරීම විකාශනාගාරය පවා දෙදරීමට ලක්කළ අතර එහි සිවිලිමෙහි වූ තහඩු බිම වැටී ජනේල දෙදරීය. එම අවස්ථාවෙ දී විකාශනාගාරයෙහි වීදුරු තහඩු ජනේල බිඳීම වැළැක්වීම සඳහා එහි එන කම්පන පාලනය කළ යුතුයැයි ද තීරණය කැරුණි. මිනිසුන් නොමැතිව අභ්‍යාවකාශගත වූ අවසාන ඇපලෝ මෙහෙයුම වූයේ ඇපලෝ 6 යානයයි. 1968 අපේ‍්‍රල් මස 04 දා නිකුත් කරන ලද එය පැය 10 ට පසු නැවත පෘථිවියට ලගාවිය. මිනිසුන් සහිතව අත්හදා බැලූණු ප‍්‍රථම ස්වයංකී‍්‍රය ඇපලෝ යානය ඇපලෝ 7 යානයයි. 1968 ඔක්තෝබර් මස 11 වැනිදා මෙම යානය අභ්‍යාවකාශ ගතවූයේ වෝල්ටර් ෂියාරා, ඩොන් අයිසල් හා වෝල්ටර් කනින්ග්හැම් යන තිදෙනා ද සමගිනි. පොළොව වටා දින 11 ක් අත්හදා බැලීමේ ගමනක නිරත වූ යානය නිරුපද්‍රිතව යළි පොළොවට පැමිණියේ ඇපලෝ වැඩපිළිවෙලේ සාර්ථකත්වය සනාථ කරමිනි. ඇපලෝ 8 යානය අභ්‍යාවකාශ ගතකිරීමේ කාර්යය සඳහා පූර්ණ කි‍්‍රයාකාරී චන්ද්‍ර මොඩියුලයක් නොලැබෙන බවට ඉගි පළවීමත් සමගම ඇපලෝ වැඩ පිළිවෙල යළිත් පසු බසින්නට විය. නාසා පරිපාලකයන්ගේ අපේක්ෂාව වූයේ සරල ආකාරයෙන් පෘථිවිය වටා කක්ෂගත වීම වෙනුවට ඇපලෝ 8 සඳ වටා කක්ෂගත කිරීමයි. ජෝර්ජ් ලෝ මේ කාර්යයේ පෙරමුණ ගෙන සිටියේය. ඒ වනවිට සෝවියට් දේශය ද නියමුවන් සහිතව සොන්ඞ් අභ්‍යාවකාශ යානයක් සඳවටා යවා තිබිණි. ඇපලෝ 8 හි නියමුවන් අභ්‍යාවකාශගාමීන් ලෙස ෆ්‍රෙෑන්ක් බෝමන්, ජේම්ස් ලොවෙල් හා විලියම් ඇන්ඩර්ස් තෝරා ගැණිනි. බෝමන් අණදෙන්නා වූ අතර පාලක මොඩියුලයේ නියමුවා වූයේ ලොවෙල්ය. චන්ද්‍ර මොඩියුලයේ නියමුවා ඇන්ඩර්සන්ය. ඇපලෝ මෙහෙයුමේ මිනිසුන් සහිතව ගමන් කරන දෙවැනි අවස්ථාව වූ අතර එය සැටර්න් පහ රොකට්ටුව මිනිසුන් ගෙන යන ප‍්‍රථම අවස්ථාව ද විය. චන්ද්‍ර මොඩියුලය ලැබීම ප‍්‍රමාද වීම හේතුවෙන් පෘථිවි කක්ෂයේ ගමන් කිරීමට තීරණය කැර තිබූ ඇපලෝ අට සඳහා 1968 අගෝස්තුවේදී චන්ද්‍ර මොඩියුලය ලැබීමත් සමගම එය සඳ වටා යන ගමනක් දක්වා දීර්ඝ වූයේ සඳ ජයගැනීමේ තර`ගයේදී ඇමරිකානුවන් දකිමින් තිබූ සිහිනය යතාර්ථයක් කළ හැකිවනු ඇතැයි ඉ`ගි පලකරමිනි. කාලයකදී චන්ද්‍ර මොඩියුලයේ පුහුණුව ලැබීමට මෙහි යන අජඨාකාශගාමීන්ට සිදුවූහ. සැප්තැම්බර් නම වැනි දින අභ්‍යාවකාශ ගමනට අවශ්‍ය සූදානම් වීමේ කටයුතු ආරම්භ කැරුණි. අභ්‍යාවකාශ ගමනට ගතවන සෑම පැයක් සඳහාම පැය හතක පුහුණුවක් ලබාගැනීමට මෙම යානයේ ගමන් කරන තිදෙනාට සිදුවූහ. සෑම සාමාජිකයෙක්ම ව්‍යාපෘතියේ සෑම කාර්යයක් සඳහාම පුහුණු කැරුණු අතර ඇතැම් කාර්යයන් සඳහා යම් යම් සාමාජිකයන්ට විශේෂ පුහුණුවක් ලැබිණි. පෘථිවිය වෙත ආපසු එන ගමනේදී යානාව පාලනය කළ යුතු ආකාරය පිළිබඳ බෝමන්ට විශේෂ පුහුණුවක් ලැබිණි. යම් අවස්ථාවකදී පෘථිවිය සමග ඇති සම්බන්ධතාව ගිලිහී ගියහොත් යානාව පැදවිය යුතු ආකාරය පිළිබඳ ලොවෙල් ට පුහුණුව ලැබිණි. ඇන්ඩර්ස්ට ලැබුණු විශේෂ පුහුණුව වූයේ යානාව නියම තත්ත්වයේ පවතින්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමයි. 1968 දෙසැම්බර් මස 21 වැනි දින ඒ ඓතිහාසික මොහොත උදාවිය. සඳ වෙත යන ප‍්‍රථම මිනිසුන් තිදෙනා රැගත් ඇපලෝ 8 යානය ගුවන්ගත විය. චන්ද්‍රයා වෙත ගමන් කිරීමට ඔවුන්ට දින තුනක කාලයක් ගතවිය. පැය විස්සක කාලයක් දස වතාවක් කක්ෂයේ ගමන් කළ ඇපලෝ 8 යානය සඳ වටා ගමන් කිරීම පිළිබඳ නත්තල් දිනයේ සවස විශේෂ රූපවාහිනී වැඩසටහනක් ද විකාශය කරන ලදී. චන්ද්‍ර යානය ද සහිතව සඳ වෙත යවනු ලැබූ ප‍්‍රථම ඇපලෝ යානය වූයේ ඇපලෝ 9 යානයයි. එහිදී ජේම්ස් මැක්ඩිවිට් යානයේ අණදෙන්නා වූ අතර යානයේ නියමුවා ලෙස ඬේවිඞ් ස්කොට් කටයුතු කළේය. චන්ද්‍ර යානයේ පාලකයා වූයේ රස්ටි ෂ්විකොට් ය. 1969 මාර්තු මස 03 දා සැටර්න් 5 රොකට්ටුව උපයෝගී කැර ගනිමින් ඇපලෝ 09 සඳ වෙත මුදාහැරිණි. ඔවුහු සඳ වෙත ගොඩබැස්සවීමට නියමිත චන්ද්‍ර යානය අත්හදා බැලූහ. සඳ මතුපිටට මිනිසකු බැස්සවීමේ ඇමරිකා සිහිනයේ අවසන් පෙරහුරුව වූයේ ඇපලෝ 10 යානයයි. තෝමස් පී. ස්ටැෆර්ඞ් අනදෙන්නා ලෙසත්,  පාලන නියමු ජෝන් ඩබ්ලිව් යංග් හා චන්ද්‍ර යානයේ නියමු ඉයුජීන් ඒ කර්නන් යන අයගෙන් සමන්විත තිදෙනකුගෙන් යුතු ඇපලෝ 10 යානය 1969 මැයි මස 19 වැනි දින අභ්‍යාවකාශ ගත කැරුණි. ඔවුහු සඳ මතුපිටට ගොඩබැස්සේ නැතත් සඳ මතුපිටට යානයක් ගොඩබැසීමේ හැකියාව සම්බන්ධයෙන් පෙරහුරුවක් පැවැත්වූහ. ඇපලෝ 10 යානයේ ගමන 2002 වර්ෂයේදී ගිනස් ලෝක වාර්තාවක් ලෙස පිළිගැණිනි. එය මෙතෙක් මිනිසකු සහිත රථයක් ගමන් ගත් වැඩිම වේගය වාර්තා කළ යානය වූවේය. 1969 මැයි මස 26 වැනිදා සඳෙහි කක්ෂයේ සිට යළි පෘථිවියට ඒමේදී ඇපලෝ 10 යානය පැයට කිලෝ මීටර 39,897 ක වේගයක් වාර්තා කැර තිබිණි. එයට වැඩි වේගයකින් ගමන් කිරීමට මෙතෙක් කිසිදු මිනිසකු සමත්වී නැත. සැටර්න් පහ රොකට්ටුවත් චන්ද්‍ර යානයත් සඳ මතට මිනිසකු ගොඩබැස්සවීම සඳහා ඉතාමත් සුදුසු තත්ත්වයේ තිබෙන බව ඇමරිකාව මේ ගමන් වලදී අවබෝධ කරගෙන තිබිණි. ඒ නිසාම කෙනඩි ජනාධිපතිවරයාට තිබූ 60 දශකයේදී මිනිසකු සඳ මතට යැවීමේ සිහිනය 1969 වර්ෂය අවසන් වීමට පෙර ඉටුකැර ගැනීම නාසා ආයතනයේද බලාපොරොත්තුව විය. ඒ සඳහා සැකසුණු සැටර්න් පහ රොකට්ටුවේ නිර්මාණ කරුවා වූයේ ජර්මන් ජාතිකයෙකි. වර්නර් වොන් බ්‍රෝන් නමැති ඔහු 1912 දී උපත ලැබූවෙකි. 1930 වර්ෂයේදී ජර්මනියේ බර්ලින් නුවර අභ්‍යාවකාශ ගමන් සමාජයක් ආරම්භ කරන මොහොතේ රොකට් තාක්ෂණය පිළිබඳ දැඩි උනන්දුවකින් එයට එක්වූ වොන්බ්‍රෝන් එහි උද්යෝගිමත් සාමාජිකයෙකි. කුඩා ද්‍රව ඉන්ධන රොකට්ටු ගණනාවක් අත්හදා බැලීමේ නිරතවූ වොන්බ්‍රෝන් ඒවා සාර්ථක කැර ගැනීම හේතුවෙන් අභ්‍යාවකාශ සමාජයේ අවධානයත් ගෞරවයත් දිනාගත් සාමාජිකයකු වූයේ නිතැතිනි. මේ ජනපි‍්‍රයත්වය හේතුවෙන්ම හිට්ලර්ගේ හමුදාවේ කපිතාන් ධූරයකට පත්වූ වොන්බ්‍රොන් ජර්මන් හමුදාව වෙනුවෙන් රොකට්ටු අත්හදා බැලීමට අතගැසුවේය. බර්ලිනයේ තිබූ පර්යේෂණාගාරය 1937 දී පිනිමුන්ඬේ වෙත ගෙන ගිය අතර එහිදී රොකට් රැුසක් ඔහු අතින් නිර්මාණය වී තිබිණි. 1942 දී ඔහු තැනූ වී දෙක නම් රොකට්ටුව උපයෝගී කැර ගනිමින් හිට්ලර්ගේ හමුදා බෝම්බ හෙලූ නමුත් වොන්බ්‍රොන් දිගින් දිගටම සැළසුම් කළේ කොටස් තුනකින් යුතු රොකට්ටුවක් සාදා එමගින් මිනිසකු අජඨාකාශයට යැවීමටයි. දෙවැනි ලෝක යුද්ධය හිට්ලර් පරාජය වීමත් සමග වොන්බ්‍රෝන් ඇමරිකාවට යටත් වූවේය. වොන්බ්‍රෝන්ගේ හැකියාව හඳුනාගත් ඇමරිකන් හමුදාව තමන්ගේ සිරකරුවාට මිසයිල තැනීමේ වගකීම භාරදුන්නේ ඔහුගෙන් හැකිතරම් ප‍්‍රයෝජන ගැනීමේ අපේක්ෂාවෙනි. මේ අතර ඇමරිකාව වෑන්ගර්ඞ් නමැති රොකට්ටුව උපයෝගී කැර ගනිමින් අභ්‍යාවකාශ ගත කරන්නට උත්සාහගත් චන්ද්‍රිකා අසාර්ථ වී තිබිණි. ඇමරිකාවේ ජර්මන් ජාතික සිරකරුවා වූ වොන්බ්‍රොන් එරට රජයට දැනුම් දුන්නේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට අවශ්‍ය තැන් තැනූ රෙඞ්ස්ටෝන් කියන රොකට්ටුව යොදා ගන්නා ලෙසයි. ඇමරිකා බලධාරීන් එය මුලින් ප‍්‍රතික්ෂේප කළ ද ඔවුන්ගේ රොකට්ටු දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් වොන්බ්‍රොන්ගේ තාක්ෂණයට යොමු වන්නට සිදුවිය.  1958 ජනවාරි මාසයේදී ඇමරිකාව සිය ප‍්‍රථම චන්ද්‍රිකාව එක්ස්ප්ලෝරර් -1 ගුවන්ගත කළේ වොන්බ්‍රෝන් තැනූ ජුනෝ-1 නමැති රොකට්ටුව උපයෝගී කැර ගනිමිනි. වොන්බ්‍රොන්ගේ හැකියාව හඳුනාගෙන තිබූ නාසා ආයතනය සඳට මිනිසුන් යැවීම සඳහා රොකට්ටු තැනීමේ භාරදුර වගකීම වොන්බ්‍රෝන්ට භාර දුන්නේ ඔහු පිළිබඳ වූ අචල විශ්වාසයකිනි. තනි රොකට්ටුවක් එකදිගට දැල්වීමෙන් සඳට යාමට අවශ්‍ය බලය ලබාගැනීමට නොහැකි බව දැනසිටි වොන්බ්‍රොන් තමන් ජර්මන් යුද හමුදාවට සේවය කළ අවධියේ පටන් සිතේ ඇදී තිබූ ආකාරයට අවස්ථා තුනකින් දැල්විය හැකි රොකට්ටුවක් නිර්මාණය කළේ ඇමරිකාවේ බලාපොරොත්තු දල්වමිනි. සැටර්න් පහ රොකට්ටුව බලයෙන් මෙන්ම ප‍්‍රමාණයෙනුත් ඒ වනවිට ලෝකයේ තනා තිබුණු රොකට්ටු සියල්ල පරයා තිබිණි. උසින් මීටර 111 ක් වූ මේ දැවැන්ත රොකට්ටුව ටොන් 100 ක් බරැතියි. එයින් සඳ වෙතට ටොන් 40 ක පමණ බරක් ගෙන යා හැකි විය. වොන්බ්‍රොන්ගේ දැවැන්ත නිර්මාණයේ ගමන් දිගින් දිගටම සාර්ථක වෙද්දී සඳට මිනිසකු යැවීමේ දින නියම කැරුණි. ඒ අනුව ඇපලෝ 11 යානය වොන්බ්‍රෝන් තැනූ සැටර්න් පහ රොකට්ටුවේ පහළ කොටසේ සවිකැරුණි. (ලබන සතියේ මිනිසා සඳ මත පා තබයි) ඇපොලෝ 7 ආපසු ගමන ඇපොලෝ 10 ගැන ලියැවුණු ලිපි ඇපොලෝ 8 යානයේදී දුටු පොළොවේ ඡායාරූපයක් ඇපොලෝ 6 යළි ගොඩබසියි ඇපොලෝ 5 යානය ඇපොලෝ 1 යානය ඇපොලෝ 1 අත්හදා බැලීමේ පෙරහුරුවේදී මියගිය රොජර් චැෆී



අදහස් (0)

ඇපොලෝ අට සඳ වටේ රවුම් ගසයි

රොහාන් Tuesday, 10 July 2012 09:14 AM

මෙයාලා ඇත්තටම හඳට ගියාද ?

:       0       0

තිලංකා Saturday, 14 July 2012 09:23 AM

හදට ගිය ඡායාරූප ස්ටුඩියෝ වල ගත්ත ඒවා කියන එක ප්‍රසිද්ධ රහසක්

:       0       0

සඳුන් Sunday, 15 July 2012 12:18 PM

හොඳයි....

:       0       0

සදරුවන් Tuesday, 17 July 2012 10:06 PM

කවුද දන්නෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 533 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 673 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 120 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 379 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 547 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 919 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 495 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site