අප රටේ ඇමැතිවරු තවමත් දිවුරුම් දෙති. ඇමැති මණ්ඩලය අලුත් බව ද කියති. ඇතැමකුට අනුව අලුත් බව කියන ඇමැති මණ්ඩලය අලුත් බෝතල්වලට පරණ වයින් දැමීමකි. එය වෙනම කතාවකි. ඇමැති මණ්ඩලයට කවුරු පත්වුණ ද එම ඇමැති මණ්ඩලයට රට වැටී ඇති අඳුරු අගාධයෙන් ගොඩ ගැනීමේ හැකියාව තිබිය යුතුය. එය එසේ නොවී එය වරප්‍රසාද භුක්ති විඳීමකට පමණක් සීමා වන්නේ නම් එක්කෝටි දොළොස් ලක්ෂයේ රට වැසියන්ට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටමය.
රටට අවශ්‍ය කරනුයේ විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් බවට එන කතිකාවට සෑහෙන කලකි. මෙම විද්‍යාත්මක ඇමැති මණ්ඩලය යන්නෙත් අවධාරණය කෙරෙන්නේ සමාන්තර විෂයන් එකම අමාත්‍යාංශයක් යටතට ගැනීමය. එහෙත් එබන්දකින් හෝ මේ රට වැටී ඇති වළෙන් ගොඩගත නොහැකි බව ඔප්පු වී අවසන්ය. රටට අවශ්‍ය වන්නේ රටේ අවශ්‍යතාවලට ගැළපෙන අමාත්‍යාංශ වේ. එබඳු නිර්ණායකයකට යටත් වුවහොත් දැනට තිබෙන බොහෝ අමාත්‍යාංශ අහෝසි වී යනු ඇත.
අප රටේ අමාත්‍යාංශ යනු රටේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කළ ඒවා නොව දේශපාලනඥයන්ට ඒ ඒ පක්ෂවලට පිදීමට ඇති දොළ පිදේනි වේ. හොඳ අමාත්‍යාංශ හා වැඩක් නැති අමාත්‍යාංශ යනුවෙන් ඇමැතිවරුන්ම අමාත්‍යාංශ වර්ග කරනුයේ එහෙයිනි. මෙහි හොඳ අමාත්‍යාංශ යනු රටට වැඩ කළ හැකි අමාත්‍යාංශ නොව තම දූ දරු මුණුපුරු පරම්පරා ඇතුළු හත්මුතු පරම්පරාවෙත් දේශපාලන අතවැසියන්ටත් සිත් සේ රැකියා ලබා දිය හැකි අමාත්‍යාංශ වේ. අමාත්‍යාංශ පක්ෂ කාර්යාල බවට පත්වී රටට බරක් වන්නේ ඒ අනුවය.
බොහෝ දෙනකුට ඇමැති ධුර ලබා දිය යුතු හෙයින් එක් අමාත්‍යාංශයක විෂය පථය හත් අට පොළකට කඩනු ලබයි. එවිට එම සෑම අමාත්‍යාංශයකටම ලේකම්වරයකු ඇතුළු විශාල කාර්ය මණ්‍ඩලයක් නඩත්තු කිරීමට සිදුවේ. ඒ ඇමැති කාර්ය මණ්‍ඩලයට අමතර වශයෙනි. මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති වන්නේ ඒ අනුවය.
හිසරදයට කොට්ට මාරු කරන්නාක් මෙන් වරින්වර ඇමැතිවරුන් මාරු කිරීම ද අපේ රටේ සිරිතකි. 2020 වසරේ දී පත් කරන ලද කැබිනට් මණ්ඩලය කීවරක් සංශෝධනය කළේ ද යන්න සොයා බැලිය යුතු තරම්ය. එක් කැබිනට් ඇමැතිවරයකු මෙම කෙටි කාලය තුළ තුන් වරක් මාරු කෙරිණි. එක් කැබිනට් ඇමැතිවරයකුට ඇමැති පුටුවේ වාඩිවී සිටීමට හැකි වූයේ දින දෙකක් පමණි. ඇමැතිවරයකුට තම විෂය පථය සම්බන්ධයෙන් හැදෑරීමට හෝ අවකාශයක් නොලැබෙන්නේ නම් එම අමාත්‍යාංශයෙන් බලාපොරොත්තුවන මෙහෙවර ඉටු කළ හැකි ද යන්න විමසිය යුතුය.
ඇතැම් අමාත්‍යාංශවලට කොතෙන් ඇමැතිවරුන් පත්වී පැමිණිය ද එම අමාත්‍යාංශවලින් ප්‍රගතියක් පෙන්නුම් නොකරන බව ද ඉතා පැහැදිලිය. ගාමිණි දිසානායක මහතා පත් කරනු ලැබුවේ මහවැලි අමාත්‍යවරයා ලෙසය. එම ඇමැතිවරයාට පැහැදිලි ඉලක්කයක් දෙනු ලැබීය. ඇමැතිවරයාට ද දැක්මක් තිබිණි. එහෙයින් තිස් වසරකට ගොනුකර තිබූ මහවැලිය හය වසරකින් සම්පූර්ණ කර එමගින් මෙරට කෘෂිකර්මාන්තයත් විදුලිබල ක්ෂේත්‍රයත් සංවර්ධනය කළේය. එසේ හපන්කම් පෑ ඇමැතිවරයකු මෑත කාලයේ දී සොයාගත නොහැකි තරම්ය.
ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනා ගමන මණ්ඩලය තවමත් පවතින්නේ ගර්හිත තත්ත්වයේය. මෙම ආයතන නඩත්තු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයෙනි. දේශපාලන හිතවතුන්ට පත්වීම් ලබා දෙන ස්ථාන බවට පත්ව ඇති මෙම ආයතනවල ඇතැම් සේවකයන් හඳුන්වන්නේ ‘‘ආවෝ ගියෝ’’ ලෙසය. එනම් සේවයට වාර්තා කර එසැනින්ම වෙනත් රැකියා සඳහා පිටට යාමය. අඩුම තරමින් මෙවැනි තත්ත්ව පාලනය කර එම අයතන කාර්යක්ෂම ආයතන බවට පත් කිරීමට හෝ ඇමැතිවරුන් දක්ෂ වී නැත.
ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය වැනි ආයතනවල ද දක්නට ලැබෙන්නේ එබඳුම තත්ත්වයකි. මෙම ආයතන පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිටය. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කර කාර්යක්ෂම තත්ත්වයට ඔසොවා තැබීමට ඇමැතිවරයකුට නිර්මාණශීලී දැක්මක් තිබිය යුතුය. එහෙත් දේශපාලනය බඩ රස්සාවක් බවට පත් කර ගත් පිරිසකගෙන් එබඳු නිර්මාණශීලිත්වයක් අපේක්ෂා කළ නොහැකිය.
රට තිබෙන්නේ බරපතළ තත්ත්වයකය. සරළ ප්‍රතිසංස්කරණ මගින් රට යථා තත්ත්වයට පත් කළ නොහැකිය. එමෙන්ම පැරැණි කෝවෙන්ම වැඩ කිරීමෙන් ද සම්ප්‍රදායික රිද්මයෙන් හා පැමිණි හුරු පුරුදු ගමනෙන්ම මේ රට මේ විපතින් ගලවා ගත නොහැකිය. අවශ්‍ය වන්නේ අලුත් ඇසකි. අලුත් දැක්මකි. අලුත් ජවයකි. මේ මොහොතේ කරන කියන සෑම දෙයින්ම ජනතාව තුළ විශ්‍වාසය ජනිත කළ යුතුය. ජනතා විශ්වාසය ගොඩ නොනැගේ නම් සියලු උත්සහයන් ගඟට කැපූ ඉණි මෙන් අපතේ යාම වැළැක්විය නොහැකිය. විශේෂයෙන්ම අලුත් වැඩපිළිවෙළක් සහිතව අලුත් ගමනක් යන බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. ඒ අනුව රටේ අවශ්‍යතා දෙස බලා අමාත්‍යාංශ ඇති කිරීමටත් ඒ සඳහා දක්ෂ ඇමැතිවරුන් පත් කිරීමටත් වග බලා ගත යුතුය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැතිවරු පත්වෙති: යති ඒත් පාඩු පිට සංස්ථා දිගටම දුවයි