පුංචි ඡන්දය, මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඉදිරි වැඩ පිළිවෙළ ඡන්ද, ක්‍රමයේ වෙනස ඇතුළු ප්‍රශ්න රැසක් සඳහා පිළිතුරු දීමට මෙවර “මුහුණට මුහුණ” සමග එක්වන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියයි.
පුංචි ඡන්දෙට මොකද වෙන්නේ කියලා තමයි දැන් කවුරුත් බලාගෙන ඉන්නේ. ඇත්තටම ඒකට මොකද වෙන්නේ කොමසාරිස් තුමා?
පළාත් පාලන ඡන්දය අපට පවත්වන්න පුළුවන් වෙන්නේ සීමා නිර්ණය කටයුතු අවසන් වුණාට පස්සේ. තාම ඒ කටයුතු නිම වෙලා නෑ. මේ සම්බන්ධව දැනට අධිකරණයේ නඩුවක් තිබෙනවා. ඒක නිසා අධිකරණයට අගෞරව වන ආකාරයේ කිසිම දෙයක් මට ප්‍රකාශ කරන්නත් බෑ මේ සාකච්ඡාවේදී.
අපි කතා කරමුකො දැනට තියෙන තත්ත්වය මොකක්ද කියලා.
සීමා නිර්ණ කමිටුවේ වාර්තාව බාර දුන්නෙ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ. ඒකෙ තියෙන ඇතැම් තාක්‍ෂණික දෝෂ නිවැරදි කරන්න කියලා අපි අමාත්‍යාංශයට යෝජනා කරලා තියෙනවා. දැන් ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරලා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට දාලා තියෙනවා. සීමා නිර්ණ කමිටු වාර්තාවට එරෙහිව ආපු පැමිණිලි විභාග කරන්න අමාත්‍යවරයා පත් කරලා තියෙනවා කමිටුවක්. ඒකට හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකුත් ප්‍රධාන පක්ෂ හතරක නියෝජිතයන් හතර දෙනෙකුත් පත් කරලා තියෙනවා. මේ කමිටුවට සමාලෝචන වාර්තාව ආවම කොට්ඨාස ගණන හරියටම කියන්න පුළුවන්. අමාත්‍යවරයා කොට්ඨාස මොනවද කියලා නිර්ණය කරලා ගැසට් නිවේදනයක් දාන්න ඕන. ඒ උඩ අපට ඡන්දය තියන්න පුළුවන්.
මේකට කුමන හෝ පාර්ශ්වයක් පස්ස ගහනවද?
කවුරුවත් හිතා මතා මේකට පස්ස ගහන්නෙවත් බාධා කරන්නෙවත් නෑ. මේක මේ ක්‍රමයෙන්ම පැවතුණු ගැටලුවක්. මේකට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මැතිවරණ කොමසාරිස් විදියට මට කියන්න තියෙන්නේ තරගය පවත්වන්න පිටිය සූදානම් කරලා දෙන්න කියලා තමයි. පිට්ටනිය සූදානම් කරන්නේ අප නෙවෙයි. අප කරන්නේ තරගය පවත්වන එක. අප දැනුත් තරගය පවත්වන්න සූදානම්.
පිට්ටනිය සූදානම් කරන එක. කාගෙ අතේ තියෙන වැඩක්ද?
ඒක සමස්ත නීති ක්‍රමයේම වැඩක්. කාටවත් හදිසි වුණා කියලා මේක කරන්න බෑ. මේ සඳහා දැන් හැමෝගෙම ලොකු උනන්දුවක් තියෙනවා. ඒත් පවතින ක්‍රමයේ තියෙන යම් යම් ගැටලු නිසා පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒක නිවැරැදි වුණු ගමන් සියල්ල යහපත් ලෙස විසඳේවි.
රටේ සියලු දෙනාට ඡන්ද අයිතිය හිමිකර දෙන්න ඔබ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ආරංචියි. මොකක්ද ඒ?
කිසිම පුරවැසියෙක් අත් නොහැරෙන ඡන්ද හිමි නාම ලේඛනයක් කියන තේමාව යටතේ 2016 ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන්නයි අප සූදානම් වෙන්නේ.
කිසිවෙක් අත් නොහරිනවා කියලා කියන්නේ මීට කලින් එහෙම අත්හැරිච්ච කොටස් ඉන්නවද?
ඔව්. එහෙම අත්හැරීමට ඉඩ තියෙන පිරිස් ඉන්නවා. ඒ වාගේ පිරිස් අපි අඳුනගෙන ඉන්නේ. උතුරු නැගෙනහිර පළාත්වල ඉඳපු අවතැන් වෙලා වෙනත් ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව පිළිබඳ සොයා බලන්න අප විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වාගේම වතු දෙමළ ජනතාව පිළිබඳවත් සම්පූර්ණ ලියාපදිංචි කිරීමක් කරනවා. මීට කලින් අපි ඒ ගැන හොයා බලන්න ක්‍රියාත්මක වුණා. ඒකත් සම්පූර්ණ කළ යුතුයි. නිශ්චිත වාසස්ථානයක් නැති අහිගුණ්ඨික ජනතාව, ආදිවාසී සියළුම ජනයා, නාගරික අඩු ආදායම්ලාභී ජන කොටස් ලියාපදිංචියට කටයුතු කරනවා. ඒ වගේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල ජීවත්වන අයට ඡන්ද හිමි නාමලේඛන දීමේ අපහසුතාවක් අපි අඳුනගෙන තියෙනවා.
ඒ අය දැනුම්වත් කිරීම සඳහා විවිධ මාධ්‍ය භාවිත කරන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා අන්තර්ජාලය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඇතුළු ක්‍රම ගණනාවක් මේ සඳහා යොදා ගන්නවා. මේ මාසේ පළමුවෙනිදා ඉඳලා විසි අට වෙනිදා දක්වා තමයි 2016 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් කර ගන්න තියෙන කාල සීමාව. තමන්ගෙ නම ඡන්ද නාම ලේඛනයට ඇතුළත් වෙලාද නැද්ද කියලා පහසුවෙන්ම බලාගන්න පුළුවන් ක්‍රම අපි හඳුන්වලා දීලා තියෙනවා. ගම්වල අයට තමන්ගේ ග්‍රාම නිලධාරී මාර්ගයෙනුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනුත් පළාත් පාලන ආයතනවලින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් මේක බලාගන්න පුළුවන්. ඒ වගේම අපි කෙටුම්පත දාලා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවෙ වෙබ් අඩවියෙ. ඒකෙනුත් බලා ගන්න පුළුවන්. තමන්ගෙ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා තමන් ඡන්දෙ ලියාපදිංචි වෙලා ද නැද්ද කියලා බලාගන්න පුළුවන්. එහෙම තමන්ගේ නම ලියාපදිංචි වෙලා නැත්නම් ලිඛිතව අපට දැනුම් දීමෙන් නම ලියාපදිංචි කරගන්න පුළුවන්.
විදේශගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය පිළිබඳවත් විවිධ සංවාද ඇති වුණා. මේකට හරි හමන් ක්‍රමයක් යෝජනා කරන්න බැරිද?
ඕකත් නිතර මතුවෙන බරපතළ කාරණයක්. මේ අයට ඡන්ද අයිතිය තියෙනවා. ලංකාවේ පාස්පෝට් එකත් තියෙන ඕන කෙනෙකුට ඡන්දය හිමියෙක් ලෙස ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නය තියෙන්නේ ලංකාවෙ නීතිය හැටියට ඡන්දෙ දාන්න ඡන්ද පොළට එන්න ඕන. විශේෂ පිරිස් කීපයකට හැර අනිත් අය හැම දෙනාම ඡන්දය දෙන්න ඡන්ද පොළට යා යුතුමයි. මේ සඳහා වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රම තියෙනවා. තමන්ගේ ඡන්දය මේ අයට පුළුවන් වෙනත් කෙනෙකුට ඇටර්නි බලපත්‍රයක් මගින් පවරන්න. එහෙම දෙයක් විදේශගතවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් ලක්ෂ විස්සකට විතර හිමිකර දෙන්න අපට බෑ. ඒවා අසීරු වැඩ. මේ පිළිබඳව දැනට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අපි මොකක් හරි ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ උත්සාහයක ඉන්නවා. මේ කරුණු ගැන තීරණ ගන්න පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙනවා.
ඡන්දවලදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණයන් ගැන හොයා බැලිය යුතුයි කියලා සංවාදයක් ඇති වුණා. මේ ගැන ඔබේ අවධානය යොමු වෙලා නැද්ද?
මේක කාලීන අවශ්‍යතාවක්. මේ ගැන විවිධ සාකච්ඡා පහුගිය කාලයේ ඇති වුණා. අපේක්‍ෂකයන් ඡන්දවලදී කරන වියදම් සීමා කිරීම කෙරෙහි අපේ අවධානය යොමු වෙලා තියෙනවා. 1977 පෙර පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී අපේක්‍ෂකයන් විසින් දරන ලද වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් තිබුණා. ඒකට සීමාවනුත් තිබුණා. අනුපාත ක්‍රමය ආවට පස්සේ ඒක නැති වුණා. අපි බලාපොරොත්තු වෙනවා යෝජනාවක් ඉදිරිපත් කරන්න.
අවම වශයෙන් අපේක්‍ෂකයන් විසින් සහ ඔවුන් වෙනුවෙන් අන් අය දරන ලද වියදම් පිළිබඳවත් වාර්තාවන් ලබාදීම අනිවාර්ය කිරීමේ කටයුතු ඡන්දය ඉවරවෙලා මාස තුනක් ඉක්මවීමට පෙර මේ වාර්තාව ලබා ගන්න තමයි අපි යෝජනා කරන්නෙ.
ඔබ කරන යෝජනාව ප්‍රායෝගිකව සාර්ථක වෙයිද? අපේ රටේ ඉන්න කපටි දේශපාලනඥයෝ එක්ක?
මට ඒකට උත්තර දෙන්න බෑ. ඔබ අපේ රටේ දේශපාලනඥයෝ හඳුන්වන්න දාපු විශේෂණ පදය එක්ක උත්තරයක් දෙන්න අමාරුයි. දේශපාලනඥයො කපටි හෝ සූක්‍ෂම හෝ වෙලා තියෙන්නේ රටේම පොදු ජන ආකල්පය උඩ. රටේ ජනතාවගෙන් පිරිසක්මනේ දේශපාලකයො කියන්නෙත්. මේ දේවල් වෙනස් වෙන්න රටේත් ආකල්ප වෙනසක් සිදු විය යුතුයි.
කොමසාරිස්තුමා දේශපාලකයො බේරලා සාමාන්‍ය ජනතාවට හැම තිස්සෙම දෝස්මුරේ දානව වගේ.
ඕක ගොඩක් අය මට කරන චෝදනාවක්. මම දේශපාලකයා සුද්ද කරලා සාමාන්‍ය ජනතාවට දොස් කියනවා නෙවෙයි. ඒත් අපේ ජනතාව හැම තිස්සෙම බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරනවද කියන එක ප්‍රශ්නයක්. ඡන්දවලට තරග කරන අය නිවැරදි වියදම් වාර්තා දෙන්නෙ නැත්නම් ඡන්දදායකයන්ට ඒ පිළිබඳ අභියෝග කරන්න පුළුවන්. අවශ්‍ය සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරලා ඔවුන්ට පුළුවන් අභියෝග කරන්න. ඡන්දදායකයන් තමන්ගේ අයිතිය පිළිබඳ හරි දැනුම්වත් වීමත් වෙලා නෑ.
මැතිවරණවලට ඉදිරිපත් වන අය වත්කම් බැරකම් ප්‍රකාශ නොදීමත් ඔය වගේම ප්‍රශ්නයක්?
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙනවා නම් දිවුරුම් දීමට අවස්ථාවක් නොදෙන්න පුළුවන්. ඊට කලින් නාමයෝජනා දුන්නට පස්සෙ සාධාරණ කාලයත් මේ සඳහා ලබා දීලා ඒත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙනව නම් ඡන්දයට තරග කිරීමට අත්හිටුවන්න පුළුවන්. අපි දැන් මේ සියලු දෙනාගේ වාර්තා ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. මීට පසු මේවත් තදින් ක්‍රියාත්මක වේවි. වත්කම් බැරකම් නීතිය දැනට පවතිනවට වඩා ශක්තිමත් කළ යුතුයි. හුඟක් දේවල් නීති මගින් වගේම ආකල්පවලිනුත් විසඳගන්න වෙනවා. අපි ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයක් දැනටත් ක්‍රියාත්ම කරමින් ඉන්නවා.
ඔය ඔබලා කරන ආකල්ප වෙනස සාමාන්‍ය ජනතාවට වගේම දේශපාලකයන්ටත් කළොත් නරකද?
අනිවාර්යෙන්ම ඒ අයත් මේකට අයිතියි. දේශපාලන පක්‍ෂ මේකට කැමැත්ත පළ කරලා තියෙනවා.
හැබැයි, අපි තාම දකින්නේ ඡන්ද නීති රීතිවලට ගරු නොකරන අන්තිම මොහොතෙත් අංක සහිත තුණ්ඩු කෑලි ඡන්ද පොළ ළඟ ඉඳගෙන බෙදන ඡන්ද අපේක්ෂකයො?
පහුගිය මැතිවරණවලදී ඕක වුණේ නෑ. මම ඒ ගැන දැඩි විදියට ක්‍රියාත්මක වුණා. අවසාන මැතිවරණවලදී ඔය වගේ දේවල් වුණේ නෑ.
ඡන්ද කොමසාරිස් විදියට මම හිතන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව මේ බිල්ඩිමෙන් එළියට ගිහිල්ලා ඡන්ද පොළවල්වල මොකද වෙන්නේ කියලා හොයා බලන්න ඕන කියලා. අපි කාලයත් තිස්සේ මේක කළා. මම කොමසාරිස් වුණාට පස්සේ රාජ්‍ය නිලධාරින්ට දැඩි උපදෙස් දෙන්න මම තීරණය කළා. මැතිවරණ නීති කඩන අයට මගෙන් සමාවක් නෑ.
ඔබ එහෙම තදින් හිටිය කිව්වට කලින් අයට නම් ආතතියක් හැදුණා.
දයානන්ද දිසානායකගෙ කටින් පිටවුණු ඔය වචනය නිසානේ ඒක මහා ලොකු සිද්ධියක් වුණේ. ඔය සිදුවීමත් එක්ක පැතිරුණු නොයෙක් කතාවල සත්‍යයක් නෑ. ඒක මම හොඳටම දන්නවා. එතුමා එදා කිව්වෙ ඒ ඡන්දෙ දවසෙ දින ගණනක් පුරා වෙහෙසුණු එකත් එක්ක ඇති වුණු පීඩනය නිසා. නැතුව වෙන දෙයක් නෙවෙයි. මම එතුමත් එක්ක වැඩ කරපු නිසා දන්නවා. එතුමගෙ වැඩපිළිවෙළ.
ඔබට දේශපාලන බලපෑම් ආවද නැද්ද කියලා ඇත්තටම කියන්නකො කොමසාරිස්තුමා.
එහෙම බලපෑම් ආවයි කියලා නම් කියන්න බෑ. මොකද මට බලපෑම් කරලා මගෙන් දේවල් කරවා ගන්නත් බෑ. ඒක දේශපාලන නායකයා දැනගෙන හිටියා. මගේ වගේම මගේ කාර්ය මණ්ඩලයේ ස්වාධීනත්වය වෙනුවෙන් මම උපරිමයෙන් කටයුතු කරන කෙනෙක්. අපේ ළඟ ඉඳලා වැරදි කරපු අයත් හිටියා. අපි ඒ අයටත් අදාළ නීතිමය කටයුතු කරලා මේ ආයතනය ශුද්ධ කළා.
මොකද ඔබ අලුතෙන් ගහන්න යනවා කියලා කියන පොත?
අපි ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිලා අවුරුදු 85ක් වීම නිමිත්තෙන් පොතක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලබන නොවැම්බර් 30 වෙනිදා සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි උත්සවාකාරයෙන් ජනගත කෙරෙන්නේ.
අපිට ස්වර්වජන ඡන්ද බලය ලැබීමේ සියවස් සැමරුමට රියසල් එකක් විදියට තමයි අපි 85 වෙනි වසර මේ සමරන්න සූදානම් වෙන්නේ. මේ සැමරීමට සමගාමීව තමයි “ඩොනමෝර් කොමිෂන් සභාවේ විට මැතිවරණ කොමිෂන් සභාව” දක්වා කියන මේ පොත එළිදක්වන්නේ.
මහින්ද දේශප්‍රියට තව කොච්චර කල් ඔය පුටුවේ ඉන්න පුළුවන්ද?
පත්වීමේ ලිපියේ හැටියට 2020 නොවැම්බර් 12 වෙනිදා වෙනකම් ඉන්න පුළුවනි. ඒත් වීසා ඉවර වුණොත් යන්න වෙනවා. ජීවතුන් අතර හිටියොත් ඒ මුළු කාලයම ඉඳීවි.
වෙන මැතිවරණ කොමසාරිස්ලට වඩා ඔබ නිතරම හිනාවෙලා ඉන්නෙ හරියට නැව ගිලුනත් බෑන් චූන් සයිස් එකෙන්. කොහොමද මෙහෙම ඉන්නේ?
මම ඒකට පාවිච්චි කරන දේවල් ටිකක් තියෙනවා. ඒකත් පොත් කීපයක්. මට ආතතියක් ආවම මම කරන්නේ ඒ පොත්වලින් මම ඉස්කෝලෙ ඉගෙන ගත්තු ප්‍රායෝගික රසායන විද්‍යාව පොත හෝ පංචතන්ත්‍රය වගේ පොතක් කියවන එක. එහෙමත් නැත්නම් සිරිකත පත්තරේ වගේ ඒවත් කියවන වෙලාවල් තියෙනවා. කෑම වට්ටෝරුවක් හරි කියලා මම මගේ ආතතිය නැති කරගන්නවා. මට ප්‍රශ්නයක් ඇති වුණාම ඒකට කිසිසේත්ම අදාළ නැති දේකට මනස යෙදෙව්වම ඒකෙන් මිදෙන්න පුළුවන්. මම එහෙම වෙලාවට අම්බලන්ගොඩ ගමේ මගේ පරණ යාළුවෙකුට කතා කරලා ඉස්සර කරපු දේවල් මතක් කරන වෙලාවලුත් තියෙනවා. මම අහන්නේ නිතරම හිනාවෙලා ඉන්න එකෙන් අපට ලාභයක් මිසක් පාඩුවක් වෙනවද. නෑනේ. ඉතින් ඇයි අපි හිනා නොවී ඉන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති සීමා නිර්ණය ගැසට් කළාම අපි පුංචි ඡන්දෙට ලෑස්තියි