IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඇමෙරිකානු ජනපතිගේ කුඩු ගහන මල්ලී

ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයා ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැළකේ. වර්තමානයේ මේ තනතුර හොබවන බැරක් ඔබාමා වත්මන් ලෝකයේ බලවත්ම පුද්ගලයාය. අති සුඛෝපභෝගී පරිසරයක ජීවත් වෙමින් මහත් සැප සම්පත් අත්විඳින බැරක් ඔබාමා ප‍්‍රථම පන්තියේ අති සුඛෝපභෝගී ගුවන් යානාවලින් ගමන් බිමන් යයි. එහෙත් ඔහුගේ අඩ සොහොයුරු ජෝර්ජ් ඔබාමා අපකීර්තිමත් දුක්ඛිත ජීවිතයක් ගෙවමින් සිටින්නේ අපි‍්‍රකා මහද්වීපයේ කෙන්යාවේ මුඩුක්කු අතරය. මත්පැන් පානයට හා මත්කුඩුවලට දැඩි සේ ඇබ්බැහි වී සිටින ජෝර්ජ් ඔබාමා තම සොහොයුරා ඇතුඑ ඥාතීන්ට හදිසියේම ලැබුණු අසීමිත වූ බලයේ පී‍්‍රතිය භුක්ති විදිමිනි. ජෝර්ජ්ගේ වයස අවුරුදු 30 කි. අධික ලෙස කොකේන් පානය කර නැගිට ගැනීමට නොහැකිව වකුටුවී සිටි ජෝර්ජ් පවසන්නේ තමන්ට ලැබී ඇති වාසගම මහත් වදයක් බවයි. ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ සොහොයුරා වීම ආඩම්බරයට කාරණයක් විය යුතු වුවද හෙතෙම කෙන්යා වැසියන් අතර උසුඑ විසුඑ වලට භාජනය වන්නේ ඔබාමා යන වාස ගම කරදරයක් බව සනාථ කරමිනි. තනි කාමරයක් සහිත කුඩා කුටියක් වැනි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ශක්තිමත් උසැති සිරුරකට හිමිකම් කීව ද මත්කුඩු පානය නිසාම දැන් ඔහු ජරාජීර්ණ මිනිසකු බවට පත්ව සිටී. දුක්ඛිත ජීවිතයක් ගතකරන මේ මිනිසාට දැන් ජනාධිපති යන විකට නමක් ද පටබැඳී තිබේ. ඔහුගේ නිවසේ සහ එලිපත්තේ සුන් බුන් විසිරී ඇත. රැය පුරා මත්පැන් පානය කර දවල් වී අවදිවන ඔහු උදෑසන ආහාරය සඳහා පල්වී ගඳ ගසන කැළි කසළ ගං`ගාවල් මතින් පැන යන විට එහි සෙල්ලම් කරන කොලූ ගැටයෝ පවා ඔහුට සමච්චල් කරති. බැරක් හුසේන් ඔබාමා හෙවත් ඇමරිකාවේ ජනාධිපතිවරයා කෙන්යාවේ ජනපි‍්‍රයම පුද්ගලයා බවට පත්වුව ද මේ දුක්ඛිත මිනිසා හෙවත් ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් වැදගැම්මකට නැති මිනිසකු බවට පත්ව තිබේ. ඇමරිකාවේ ප‍්‍රථම කඑ ජාතික ජනාධිපතිවරයා වූ බැරක් හා ජෝර්ජ් යන දෙදෙනාගේම පියා එක් පුද්ගලයෙකි. හවායි දුපතේ උපත ලද බැරක් ඔබාමා ඔහුගේ පියාගේ ඇමරිකානු බිරිඳ හෙවත් දෙවැනි විවාහයේ දරුවාය. ජෝර්ජ් ඔහුගේ හතරවැනි විවාහයේ දරුවා ලෙස උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය. ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ කතා බහට ලක්වන පුද්ගලයකු බවට පත්ව ඇත්තේ ඔහුගේ මත්පැන්, මත්කුඩු පානය හා ඇවතුම් පැවතුම් රටාව හේතුවෙන්ම පමණක් නොවේ. ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා දැඩි සේ විවේචනයට ලක්වන වාර්තා චිත‍්‍රපටයක ඔබාමාගේ චරිතයට පණ පෙවීමට ජෝර්ජ් කැමැත්ත දක්වා ඇති බැවිනි. 2012 දී හෝම් ලන්ඞ් හෙවත් වාස භූමිය නමින් නිබන්ධනයක් ලියූ ජෝර්ජ් එය ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ. එහි ඔහු සඳහන් කරන්නේ ‘‘ මගේ සොහොයුරා ලෝකයේ බලවත්ම රාජ්‍යයේ නායකයා වීම මට මුඩුක්කු වල සිටින ලෝකයේ දුප්පත්ම ජනතාවගේ නායකයා වීමේ බලාපොරොත්තු ඇතිකරන්නකි. ’’ යනුවෙනි. ජෝර්ජ් ඔබාමා පවසන්නේ තමන් දේශපාලනයට අකමැති වුව ද බොහෝ මිනිසුන් දේශපාලනයේ යෙදෙන ලෙස තමන්ට ඇරයුම් කරන බවයි.

සටහන සහ ඡායාරූප සැපයීම  - සජීව විජේවීර
බැරැක් ඔබාමා ජෝර්ජ් හුසේන් ඔබාමා අයියා ඔබාමා ජීවත්වන නිවස මල්ලී හුසේන් ජීවත්වන නිවස



අදහස් (0)

ඇමෙරිකානු ජනපතිගේ කුඩු ගහන මල්ලී

සිතුම් Thursday, 06 September 2012 08:43 PM

ඉදලා හිටලා පොඩ්ඩක් සතුටු වෙන එකේ වැරැද්දක් නැහැ. (නි)

:       0       0

සුදත් Tuesday, 04 September 2012 04:53 AM

ඇමරිකාවෙ ඥාති සංග්‍රහ නැති බවට හොඳ උදාහරණයක්. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 03 September 2012 03:01 PM

ලංකාවේ නම් සහෝදර ප්‍රේමය ඉහටත් උඩින්....මොනවා කරන්නද පවට පින දෙන්න බෑනේ..(ස)

:       0       0

පාලි Thursday, 18 October 2012 08:55 AM

කොහොමද වෙනස

:       0       0

ජගත් Sunday, 02 September 2012 05:05 PM

කර්මයට මෙය හොද උදාහරණයක්..!!(නු)

:       0       0

සිනෙත් Saturday, 08 September 2012 12:03 PM

ලංකාවේ වුණානම් වෙන දේ ඉතිං අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

හරින් Monday, 17 September 2012 09:42 AM

මේ ප්‍රවෘත්තිය ඇමරිකාවට යවන්න...(ස)

:       0       0

අංජුල ජයසිංහ (පැල්මඩුල්ල) Wednesday, 05 September 2012 02:15 PM

අයියන්ඩියේ නූඔ ඇවිදින් ගිය දවසේ ගිණි ඇවිලුනා කැණිමඩලට අපේ නිවසේ (ස)

:       0       0

රම්‍යා Monday, 03 September 2012 03:55 PM

මොකද එයාට බැරි පවුලේ සියල්ලන්වම දේශපාලනයට යොමු කරන්න? (නි)

:       0       0

ප්‍රදීප් කුමාර Tuesday, 04 September 2012 10:04 AM

සුදු මිනිස්සු වැඩිම රටක කළු මිනිසෙක්ට රටේ බලය දීලා ලෝකයටම හොඳ ආදර්ශයක් දුනනා වගේම, අයියා ලෝකෙම බලවත් වුනත් මල්ලි දුක විඳිද්දී මහජන මුදල් පුද්ගලිකව පරිහරණය නොකරන බවට හොඳම උදාහරණයක් මේක.අපේ රටේ නම් දෙවියන්ගෙ පිහිට තමා. (ස)

:       0       0

කුමාර Friday, 07 September 2012 07:43 PM

මම හිතන්නේ ඔබාමාගේ සහෝදරයන්ට මේක ප්‍රශ්ණයක් නෙමෙයි.. දෙදෙනාගේ දක්ෂතාවය අනුව උගත්කම අනුව හැකියාව අනුව. රට කරන රුකියාව අනුව වෙනසක්..!!(නු)

:       0       0

දුමින්ද Monday, 03 September 2012 10:27 AM

උත්සාහය උක් දණ්ඩක් වැන්නේ. (නි)

:       0       0

මධුසංඛ Tuesday, 18 September 2012 09:38 PM

අනේ පවු. (නි)

:       0       0

මධුසංක Tuesday, 18 September 2012 09:45 PM

අනේ පව්...(ස)

:       0       0

නිරාන් Monday, 03 September 2012 10:51 AM

මේකට තමයි කියන්නේ 'මැක්කා ඇද උඩ තියන්න බැහැ' කියලා. (නි)

:       0       0

නිමල් Sunday, 02 September 2012 07:08 PM

ජනාධිපතිගේ මල්ලි උනත් වැඩේ වැරදි (දී)

:       0       0

ශිෆානා Monday, 03 September 2012 10:56 AM

හැම කෙනෙක්ම බලන්නේ කාවහරි වට්ටන්නමයි (නි)

:       0       0

ෆයිසාල් Saturday, 15 September 2012 05:12 PM

මගේ දෙයියෝ..... කොහොමද මිනිස්සුන්ගේ දෛවය කැරකෙන හැටි (දී)

:       0       0

අසංක Sunday, 02 September 2012 08:29 PM

පව් අනේත...!!

:       0       0

අසංක Sunday, 02 September 2012 08:22 PM

මෙහෙමත් ජීවිත...!!(නු)

:       0       0

රාජා Monday, 03 September 2012 11:20 AM

හැම අයිය කෙනෙක්ම තම බාල සහෝදරයින් රැක බලා ගන්නේ නැහැ.(ස)

:       0       0

කපිල Tuesday, 04 September 2012 11:31 AM

ඇයි දෙවියනේ මේක පුදුම රටක්නෙ... ඔබාමට බනිනවා එහෙම සහෝදරයාට සළකන්නේ නැහැ කියලා..!! මෙහෙ අය එහෙම සළකනකොටත් කියනවා සහෝදරයන්ට සළකනවා කියලා.. (නු)

:       0       0

අසින්ත Sunday, 02 September 2012 08:48 PM

තමන්ගෙ සහෝදරයා හදාගන්න බැරි කෙනා කොහොමද ලෝකෙ හදන්නෙ..!!(නු)

:       0       0

සමන්ත Sunday, 02 September 2012 09:42 PM

හැකියාව තියෙද්දි මෙයා දුක් විදින්නෙ...!!(නු)

:       0       0

නෙල්සන් Wednesday, 05 September 2012 03:50 PM

අපේ රටත් ඇමෙරිකාව වගේ තිබුණා නම් කොච්චර හොදයිද නේද? (නි)

:       0       0

සුරංග Sunday, 02 September 2012 09:43 PM

නුබද මාද විය මාද නුබද විය නුබ ජනාදි පති විය මම මුඩුක්කු පති විය අනේ අය්යේ සන්සරේක හැටි(නු)

:       0       0

අනුර Friday, 07 September 2012 02:13 PM

අපේ රටේ උනානම් ලොකු තනතුරක් දේවි..(ස)

:       0       0

රංගිකා Friday, 07 September 2012 02:19 PM

මේක නම් හරිම නරක දෙයක්. (නි)

:       0       0

මානෙල් Thursday, 06 September 2012 03:40 AM

මොහුව ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්ට පත්කරන්න තිබුණනේ (නි)

:       0       0

යසිරි Monday, 03 September 2012 01:11 PM

ඒකටත් එක්ක ලංකාවේ! (නි)

:       0       0

ද සිල්වා Tuesday, 04 September 2012 01:35 PM

ඇමරිකාවෙ පාලකයෝ තමන්ගේ බලය ඥාතින් වැනි පෞද්ගලික දේවල්වලට යොදා ගන්නෙ නැහැ.. ඒකයි ඒ රටවල් දියුණු වෙන්නෙ..!!(නු)

:       0       0

සුනිල් Wednesday, 05 September 2012 04:52 PM

ඇත්තටම ඔබාමා ඔබ ඒ අතින් ආදර්ශවත්. මල්ලිට සාධාරණ මට්ටමින් උදවුවක් කළාට කවුරුත් බණින්නේ නැහැ, අපේ රටේ වගේ නැතුව. (නි)

:       0       0

තේවුස් Tuesday, 04 September 2012 01:49 PM

ඉදිරි දිනයක ඔහු නොසිතූවිරූ තනතුරකට පත්වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

සොරා Monday, 03 September 2012 01:33 PM

පව් අසරණයා(දී)

:       0       0

නිෂල් Monday, 03 September 2012 01:37 PM

දෛයිවයේ සරදම හැමෝටම එකයි (දී)

:       0       0

නිශාන් Saturday, 15 September 2012 10:35 AM

ලංකාවේ නම් ඔය ලෑලි ගේ වෙනුවට මලිගවක් දෙයි. හොද වෙලවට ඇමරිකවෙ උනේ .(ස)

:       0       0

නිශාන් Saturday, 15 September 2012 10:38 AM

මචන්........... ඇමරිකාවේ මිනිස්සු හැමදේම දැකල තියෙනවා. කාල තියෙනවා. ඇදල තියෙනවා. මෙහෙ තමයි ක‍ටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද වගේ තියෙන්නෙ. .(ස)

:       0       0

අසේල Thursday, 06 September 2012 07:51 AM

ඔබාමා නියම නායකයෙක්. (නි)

:       0       0

ශෆ්නි Saturday, 15 September 2012 11:31 AM

ඔබාමට කිරි මල්ලිට කැකිරි.......(ස)

:       0       0

මෙහොමඩ් Saturday, 15 September 2012 11:41 AM

මල්ලි හරි මල්ලි.........(ස)

:       0       0

රාහුබද්ද Sunday, 02 September 2012 04:20 PM

මේක ඇමරිකාවෙ පත්තරවලට යවන්න..!!(නු)

:       0       0

නිරූ Thursday, 06 September 2012 01:43 PM

ඔබාමා වෙලාවට මල්ලිව ලන්කර නොගත්තේ , නැත්නම් මෙලහකටත් කුඩු කාරයෙක වෙලා. මල්ලි උනත් මොකටද කුඩු කාරයෙක් නම්....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 130 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5972 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 888 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1479 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 136 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site