”ඇයි ක්ලින්ටන් නෝන අර විදියෙ ලියුමක් අපට එව්වේ?” ”අර විදිය කිව්වේ?” ”ඇයි දන්නෙ නැද්ද?” ”අපට විරුද්ධව මානව හිමිකම් කවුන්සලේ යෝජනාවක් ගේනවලූ.” ”ඒක ඇමරිකාවලූ ගේන්නෙ. මේක බරපතළ විදියට අපේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අතදැමීමක්. ස්වාධීනත්වයට පහරක්.” ”ඒ ගොල්ලො එහෙම තමයි.” ”ඇයි දන්නෙ නැද්ද බලහත්කාරයෙන් පාකිස්තානයට ඇතුල්වෙලා සියලූ රාජ්‍ය තාන්ති‍්‍රක බැඳීම් කඩලනෙ බිල්ලාඩන් මරා දැම්මේ.” ”ඒ වෙලාවෙ තමුසෙ දන්නවද ඔබාමා කිව්ව උජාරු කතාව අපට ඕනෑ නම් ඕනෑ තැනකට යන්න පුළුවන් කිව්වා.” ”ඉරාකෙට කළෙත් ඒ වැඬේමනෙ.” ”මේක මහ හැබිචෝල් ක‍්‍රමයක්නෙ.” ”ඔව් හැමදාම එ් ගොල්ලො හැසිරුණේ එහෙම තමයි.” ”පොඩි එවුන්ට මානව හිමිකම්. ලොකු එවුන්ට බලහත්කාරකම්. පුදුම ලෝකයක්නෙ.” සමහරුන්ට නම් මේවා ගැන වගේ වගක් නැත. තවත් අය සිටින්නේ කීයක් හෝ ගතමනාවක් මොනම ක‍්‍රමයකින් හෝ සාක්කුවේ දාගන්නා තැනකය. ඔවුනට ආණ්ඩුවක් අවශ්‍යව තිබෙන්නේ ඒ සඳහාය. එහෙම කල්පනා කරන සියල්ලම දැන් වැඩිපුරම සිටින්නේ ආණ්ඩුව පැත්තේ දැයි කියන්න දන්නේ නැත. එහෙත් දේශපාලනය ගැන කතාබහ කරන අවංක අය අතර මේ දිනවල යම් දේශපාලන සංවාදයක් පවතී. ඊටත් අලූතින්ම එක් වී තිබෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මේ මෑතකදී ශී‍්‍ර ලංකාවේ විදේශ ඇමැතිවරයාට එවූ ලිපියයි. ඉහත සඳහන් වන්නේ ඒ පිළිබඳ කෙරෙන සංවාදයක දෙබසකි. ”ඒත් හිලරිගෙ ලිපිය රාජ්‍ය තාන්ති‍්‍රක සීමාවන් ඉක්මවා ගිය ලිපියක් නේද?” ”ඔව්.” ඉතින් එහෙම කරන්න පුළුවන්ද? පොතේ හැටියට නම් බැරිය. පාසලේදී උගත් පාඩම්වලට අනුව නම් බැරිය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එයමය. පාරට බැහැලා පෙළපාළි යන්න, ඩෙඟා නටන්න, උපවාස කරන්න රටට ආදරය බව පෙන්වමින් ලකුණු ටිකක් දාගන්න නම් හිලරිගේ ලිපිය වුව ද ප‍්‍රමාණවත්ය. එහෙත් වාසනාවකට කිසිවෙක් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ගියේ නැත. වෙනත් සෙල්ලමකට සූදානම් වුණේද නැත. එය යහපත්ය. ඉන් අදහස් වන්නේ ලෝකයේ වර්තමානයේ සිදුවන දෑ ගැන අපේ අයගේ දැනුවත් භාවය මිස යටහත් පහත් භාවය නොවේය. වෙනදා නම් සමහරු ඇමෙරිකාවට උත්තර දෙන්නේ රෙද්ද උස්සාගෙන හිලරිගේ දෙමවුපියන්ද සිහිපත් කරමින්ය. ඔවුන් සිතාගෙන සිටින්නේ ලෝකය තිබෙන්නේ ශී‍්‍ර ලංකාව ඇතුළේ කියලාය. එහෙත් ශී‍්‍ර ලංකාව පිහිටියේ සද්දන්ත ලෝක ගෝලයේ පොඩි තිතක් වන් කොටසක බව සමහරු තවමත් පිළිගන්නා පාටක් නැත. පිළිගත්තත් නොදන්නවා වාගේය. ශී‍්‍ර ලංකාව ලෝක ගෝලයේ පොඩි තිතක් නම් මේ රටේ අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මහා බලවතුන්ට මෙරතම් රුදාවක් ඇති වී තිබෙන්නේ ඇයි? විශේෂයෙන්ම ඛනිජ තෙල්, ගෑස්, ගල් අඟුරු, රත‍්‍රං, මිනිරන්, දියමන්ති වැනි ස්වභාවික සම්පත් නොමැති මෙවන් රටක් වෙනුවෙන් උනන්දු වන්නේ මන්ද? ති‍්‍රකුණාමල වරායේද වටිනාකමක් දැන් පෙර මෙන් නැත. ඇමෙරිකාවට අවශ්‍ය නම් ඕනෑම කාර්යයක් සඳහා දියාගෝ ගාෂියා යුද කඳවුර තිබේ. මේ වන විට ඉන්දියාවත්, පාකිස්තානයටත් වඩා හොඳින් ඇමෙරිකාවට සමීපව සිටී. එවන් පසුබිමක ශී‍්‍ර ලංකාව ගැන උනන්දු වන්නේ ඇයි? එකක් දූපතක් ලෙස මේ රට තුළ ඇති භූගෝලීය පිහිටීමය. දෙවැන්න මානව හිමිකම් ක්ෂේත‍්‍රය වෙනදාට වඩා ලෝකය පුරා අවධානයට ලක් වූ තලයකට පැමිණ සිටීමය. තුන්වැන්න දකුණ පිළිගත හැකි නායකයකු වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මාර්ගයෙන්ම දෙමළ ජනයා වෙනුවෙන් කෙසේ හෝ දේශපාලන යෝජනාවක් කි‍්‍රයාත්මක කරලීමට මාන බැලීමය. හැමදාම මහ එවුන් බැලූවේ තමන් ළඟ නැති සුචරිතය පොඩි එවුන් ලවා ඉටුකරවා ගැනීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා මානව හිමිකම් සම්බන්ධයෙන් මහා බලවතුන් කි‍්‍රයාකරන්නේ ද මේ නියාම ධර්මයට අනුවය. අපට රටවල් පාලනය කිරීමට සිදු වී තිබෙන්නේ හාල්මැස්සන්ට අවාසිදායක තෝරුන්ට වාසිදායක ලෝකයක බව නොදන්නවා නම් ඔහු ලෝක දේශපාලනයේ ”අ” යන්නවත් ඉගෙන ගෙන නැත. දේශපාලනය කරනවා නම් මේ යථාර්ථය හා උපක‍්‍රමික සම්‍යප‍්‍රයෝග හැදෑරිය යුතුය. එය යටත්වීමක් නොවේ. ගැලරිය පිනවීමෙන් තොරව ගනු ලබන ප‍්‍රශස්ත කි‍්‍රයාදාමයකි. විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඇමෙරිකාවට යැවීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තීරණය කර තිබෙන්නේ ඒ නිසා විය හැකිය. ”එහෙම කොහොමද ඇමෙරිකාවට පුළුවන්ද අපෙන් ප‍්‍රශ්න කරන්න? ඒ අයගෙ මානව හිමිකම් කැරැට්ටුව කොහොමද?” මෙහෙම කල්පනා කර පාරට බැසීමට සූදානම් අයද ආණ්ඩුවේ සිටිය හැක. මෙවර ඒ අයට ලෝක යථාර්ථය වටහාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂම මැදිහත් වෙලා වාගේය. ඒ කියන්නේ ආණ්ඩුව ජාත්‍යන්තරයට පැවසීමට සූදානම් වන්නේ පියවරෙන් පියවර ප‍්‍රශ්න විසඳා ගනිමින් සිටින බවද? උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමටත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා දේශපාලන විසඳුමක් සොයාගැනීමට යෑමෙන් පැවසෙන්නේ එම සූදානම බව පෙනේ. එය පිළිගැනීමට නම් ඒ සඳහා කි‍්‍රයාකාරී සැලැස්ම කුමක්දැයි ජාත්‍යන්තරය ප‍්‍රශ්න කළොත් දෙන පිළිතුර කුමක්ද? ඒ ගැන නම් කියන්න දන්නේ නැත. ඇයි උන්ට ඔය විදියට උත්තර බඳින්නෙ? මෙහෙම සිතන අයත් නොසිිටිනවා නොවේ. දැන් නම් ආණ්ඩුව එරිලා අපේ කල්ල මරේ. විපක්ෂය එහෙමත් කල්පනා කිරීමට ඉඩ තිබේ. ඕනෑම කෙනකුට එහෙම කල්පනා කිරීමට ද හැකිය. එහෙත් එවන් කල්පනාවලින් රටක් නම් ගොඩයන්නේ නැත. මේවාට විසඳුම් සොයාගැනීමට ජාත්‍යන්තර දේශපාලනයේ එදා මෙදාතුර වෙනස්වීම් කල්පනා කිරීම වැඩදායකය. 1988, 89 ද මේ රටේ භීෂණ යුගයක් පැවතිණ. එදා සිදු වූයේ ද සුපුරුදු පරිදි ත‍්‍රස්තවාදය මර්දනය කර රජය ජය ගැනීමයි. එහෙත් එම කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසු වාර්තා වූ අතුරුදන් වූවන්ගේ ගණන 30,000 ඉක්ම වූ බව පැවසේ. පසු කලෙක මේ සම්බන්ධයෙන් පත්කළ අතුරුදන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කොමිෂන් සභා එදා පැවති පොදු පෙරමුණු රජයට වාර්තා කළේ එහෙමය. මේ කැරැල්ලේ දී දෙපාර්ශ්වයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය වුණි. නාඳුනන හා හඳුනන තුවක්කුකරුවන් සියල්ලෝම මීට වගකිව යුතුය. එදා පසුගිය ඊලාම් යුද්ධයේ දී මුහුණට මුහුණ සටන් කරන ත‍්‍රස්තවාදීන් බර අවිවලින් පහරදෙන යුද්ධයක් නොතිබුණි. ඒ අතින් සිව්වැනි ඊලාම් යුද්ධය බිහිසුණු සටනකි. එහෙත් එදා (88, 89, භීෂණයේ දී) 30,000කට වඩා අතුරුදන් වීම් සම්බන්ධයෙන් ඇමෙරිකාවවත්, යුරෝපයවත් ආණ්ඩුවෙන් රාජ්‍ය මට්ටමින් කරුණු විමසුවේ නැත. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා සිය විරෝධය ප‍්‍රකාශනවලට සීමා කෙරිණ. මේ විදියේ සොයා බැලීමකට ගියේ නැත. ඊට හේතුව එදා ජාත්‍යන්තරය සිටියේ එවකට සිටි ආණ්ඩුව සමගය. මානව හිමිකම් සම්බන්ධයෙන් මේ තරම් අවධානයක් ලොවේ පැවතුණේත් නැත. එහෙත් ත‍්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ සටනක් කළ පසුගිය සිව්වැනි ඊලාම් යුද්ධයේ දී අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 500 ක් ඉක්මවන්නේ නැතැයි පැවසේ. මහාචාර්ය මයිකල් රොබ්ට් වැනි ලොව පිළිගත් මධ්‍යස්ථ බුද්ධිමතකුගේ ස්වාධීන තක්සේරුවට අනුව මියගිය සංඛ්‍යාව සිවිල් වැසියන්, එල්.ටි.ටී.ඊ. සන්නද්ධ ත‍්‍රස්තවාදීන්, අතුරුදන් වූවන් ඇතුළු සියල්ලම 10,000 ක් වත් වන්නේ නැත. මෙය ස්වාධීන නිගමනයකි. ලෝකය පිළිගත් මධ්‍යස්ථ බුද්ධිමතකුගේ පිළිගැනීමකි. එවන් සංඛ්‍යාවක් මෙවන් යුද්ධයක පිළිගත හැකි සාමාන්‍ය ගාණකි. මෙය මහාචාර්ය මයිකල් රොබට් පමණක් සඳහන් කරන මතයක් නොවේ. මෙවැනි තවත් ස්වාධීන බුද්ධිමතුන් දෙදෙනෙක් ද යුද්ධය සම්බන්ධයෙන් මීට ආසන්න ගණන් හිලව්වල සිටිති. එක් අයෙක් ඇමෙරිකානු මහාචාර්යවරයෙකි. මේවා සම්බන්ධයෙන් විධිමත් සොයාබැලීමක් ඊට අදාළ අමාත්‍යංශය පැත්තෙන්වත් මෙතෙක් සිදු නොවූ ගානය. එහෙම සිදු වුණා නම් ආණ්ඩුව ජාත්‍යන්තරය තුළ මෙතරම් පරිප්පු කන්නේ නැත. 1971 කැරැල්ලෙන් 20,000 ක් පමණ තරුණ ජීවිත ඝාතනය වූ බවක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඒ යුගයේ පැවසීය. එම ආයතනයේම ගණන් හිලව්වලට අනුව 88, 89 සිදු වූ ඝාතන සංඛ්‍යාව 40,000කි. එහෙත් බිහිසුණු යුද්ධයක් අවසානේ සිදු වූ මරණ සංඛ්‍යාව ත‍්‍රස්තවාදීන් ද ඇතුළුව 88, 89 සිදු වූ ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ නම් එදා නැති ජාත්‍යන්තර බලපෑමක් අද ඇති වී තිබෙන්නේ ඇයි ද? ඊට එක් හේතුවක් වන්නේ සමස්තය සම්බන්ධයෙන් නිවැරැදි පැහැදිලි කිරීමක් නොතිබීමයි. ජාත්‍යන්තර යුද විශේෂඥයකු වූ මහාචාර්ය රොහාන් ගුණරත්න පවසන පරිදි යුද්ධය සම්බන්ධයෙන් සකස් වූ ධවල පති‍්‍රකාවක් අපට නොතිබුණි. උගත් පාඩම් කොමිෂන් වාර්තාව වුව ද නිකුත් වන්නේ ද සිව්වැනි ඊලාම් යුද්ධයෙන් වසර දෙකකට පසුවය. මේ වන විට ජාත්‍යන්තරය ද ඔවුන්ට ආවේණික සැහැසි මතය දෙමළ ඩයස්පෝරාවේ ආධාරයෙන් ගොඩනඟාගෙන අවසානය. වරක් මහාචාර්ය රොහාන් ගුණරත්න සඳහන් කළේ දෙමළ ඩයස්පෝරාව ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටි යුගයට වඩා දැන් දසගුණයකින් පමණ ප‍්‍රබල වී සිටින බවයි. ජාත්‍යන්තර මතය ශී‍්‍ර ලංකාවට එරෙහිව ගොඩනැඟෙමින් පවතින්නේ මෙවන් සාධක හරහාය. ඊට අපේ නොහැකියාව ද හේතු වී තිබේ. අනවබෝධය නිසා හෝ මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා නිසා හෝ ජාත්‍යන්තරය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් 1971 හා 88, 89 සිටි ස්ථාවරයට වඩා වෙනස් මතයක සිටී. එසේම සිවිල් යුද්ධයකින් පසුව සාමාන්‍යයෙන් ගැටුමකට හේතු වූ කාරණා සමාලෝචනය කර කඩිනමින් දේශපාලන විසඳුමකට යෑමේ කි‍්‍රයාවලි ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රමාද වී ඇතැයි යන කල්පනාවක් ද ඔවුනට ඇත. උදාහරණ ලෙස ඉන්දියාව නාගලන්ත ගරිල්ලන්ගේ ප‍්‍රශ්නයේ දී හා පිලිපීනය අචේ ගරිල්ලන්ගේ ප‍්‍රශ්නයේ දී ගැටුම් අවසානේ කටයුතු කළ ආකාරය මීට වඩා වේගවත්ය. ශී‍්‍ර ලංකාවේ වත්මන් රාජ්‍ය නායකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය කල්පනා කරන මතය ද මේ බලපෑමට හේතු වී තිබේ. ඔවුන් කල්පනා කරන්නේ උතුරට විසඳුමක් දීමේ දී එය දකුණට පැහැදිලි කළ හැකි මට්ටමේ නායකයකු ශී‍්‍ර ලංකාවට අද පහළ වී සිටින බවයි. දකුණ පිළිගන්නේ නැති විසඳුමක් උතුරට ලබාදීමෙන් යළිත් සිදුවන්නේ දකුණ හරහා රටම නොසන්සුන් වීමයි. ඊට පිළියම දකුණ පිළිගන්නා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජය මාර්ගයෙන්ම විසඳුම් යෝජනාවක් උතුරට ගෙන ඒ මය. ඒ සඳහා හොඳම ක‍්‍රමය වත්මන් රජයට යම් තෙරපීමක් එල්ල කිරීමය. හිලරි ක්ලින්ටන්ලා ඇතුළු බටහිර ජාත්‍යන්තරය සූදානම් වන්නේ ඒ සඳහාය. ඒ පිළිබඳව අවබෝධයකින් දේශපාලනය කිරීම වැදගත්ය. එසේම ජාත්‍යන්තරයට සිව්වැනි ඊලාම් යුද්ධයේ සැබෑ තොරතුරු මධ්‍යස්ථ ක‍්‍රමයකට ලබා නොදීම නිසා ඇති වූ පසුබෑම දැන්වත් මගහරවා ගැනීමට කටයුතු කිරීමද වැදගත්ය. මෙතැන් සිටවත් ප‍්‍රශස්තව ඉදිරියට යෑම යහපත්ය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාවෙන් තෙරපීමක් ජාත්‍යන්තරය සීරුවෙන්