ඇෆ්ගනිස්ථානය තුළ වසර 20ක් රැඳී සිටිමින් ඩොලර් ට්‍රිලියනයක් වැය කළ අමෙරිකාව හදිසියේම ඇෆ්ගන් දේශයෙන් පිටවීම ලොවපුරා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්වී තිබිණි. ඉන් දෙසතියක් ගතවන විට අමෙරිකාව දැන් ප්‍රකාශ කරන්නේ අගෝස්තු 31 වැනිදා වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම අමෙරිකානුවන් එරටින් ඉවත් කර ගන්නා බවය.
අමෙරිකාව එසේ ප්‍රකාශ කරන විට අමෙරිකාව සමඟ ගිවිසුම්ගතව ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කරගෙන සිටින තලේබාන් නායකයන් ප්‍රකාශ කරන්නේ අමෙරිකාවට අගෝස්තු 31 වැනිදායින් පසුව තම රටේ රැඳී සිටීමට ඉඩ නොදෙන බවය. එම දිනය දීර්ඝ කිරීමට උත්සාහ කිරීම තමන්ගේ ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවට ඔවුහු චෝදනා කරති. ඒ සමඟ තලේබාන්වරුන් තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඇෆ්ගන් වැසියන්ට තම රටින් පිටවීමට ඉඩ නොදෙන බවය.
තම රටට පරිබාහිරව එහෙත් තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීමට වෙනත් දේශයක් ගොඩනැගීමට අමෙරිකාව නොමසුරුව මුදල් වියදම් කරන බව ඉතිහාසය පුරාම පෙන්වා දී තිබේ. ආසියානු සහ අප්‍රිකානු රටවල් ඔවුන්ගේ ඉලක්ක වී තිබිණි. කෙසේ වුවද මෙවර අමෙරිකාව වැඩි කලබලයකින් තොරවම වෙනත් රටක කළ එවැනි ‘යුද්ධයකින්’ ගැල වී යාමට තීන්දු කිරීම ලොවපුරා දේශපාලන විචාරකයන්ගේ දැඩි විමසුමකට ලක් වී තිබේ. මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් වන්නේ අමෙරිකානු පාලනයට පක්ෂපාතී වෙමින් නිදහස් ඇෆ්ගනිස්ථානයක් ගොඩනැගීම සඳහා කැප වී කටයුතු කළ ඇෆ්ගන් ජාතිකයන්ට තලේබාන් පාලකයන්ගේ වෛරයට පාත්‍රවීමට සිදුවීමය. අමෙරිකාව පෙන්වා දුන් මාර්ගය ඔස්සේ සිය ජීවිත ගොඩනංවාගෙන සිටින මේ පිරිසට තුවක්කු අතින්ගත් තලේබාන්වරුන් තමන්ගේ වධකයන් සේ පෙනෙන බව යථාර්ථයයි. දැනට පෙනෙන අන්දමට මේ පිරිස සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගත් තීන්දුවෙන් පෙනීයන්නේ අමෙරිකාවට පුරුදු අත සෝදාගැනීමේ න්‍යායයයි.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ බයිඩන් පාලනයට එරෙහි දේශපාලන මතධාරීන් තදින් කැළඹීමටත් කෝපයටත් පත්ව සිටින බව එරට දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. අමෙරිකාවේ මේ තීන්දුව පසුගිය වසර 20ක කාලය තුළ තලේබාන්වරුන්ට එරෙහිව යුද වැදී සිටි අමෙරිකානු හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන්ගේ ජීවිත ආරක්ෂාව දැඩි අවදානමකට ඇද දැමීමක් බවද ඔවුහු පෙන්වා දෙති. මේ පිරිසට අමෙරිකාව ලබාදී ඇති අගෝස්තු 31 වැනිදායින් අවසන් වන නියමිත කාලය තුළදී ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට අවස්ථාවක් නැති බවද පැහැදිලි වී තිබේ. මෙය තමන්ට අතදුන් පිරිසකට එරෙහිව සිදුවන යුදමය අපරාධයක් වළක්වා ගැනීමේ වගකීමෙන් අමෙරිකාව මගහැරීමක් බවටද කෙනකුට චෝදනා කළ හැකිය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙහිදී කටයුතු කරන ආකාරයද විමසිල්ලට ලක්විය යුතු බව අපි සිතමු. තලේබාන්වරුන්ගේ කෘරකම් පමණක් නොව අමෙරිකාවේ වගකීම් විරහිත ක්‍රියාකලාපයද මෙහිදී තදින්ම සැලකිල්ලට ගතයුතු බවද පෙන්වා දීමට කැමැත්තෙමු.
ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන්වරුන්ට එරෙහිව අමෙරිකාව යුද වැදුණේ තනිවම නොවේ. ඒ සඳහා නේටෝ හමුදාවල සහායද ලබාගනු ලැබිය. එය අමෙරිකාව තමන්ගේ යුද්ධයට හිතමිතුරු රටවල් පටලවා ගැනීමකි. එසේම 1955දී අමෙරිකාව උතුරු වියට්නාමය ආක්‍රමණය කොට වසර 20ක් තිස්සේ එහි නිරර්ථක යුද්ධයක පැටලී ලක්ෂ සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් විනාශ කර දැමීය. ඉන්පසුව පරාජයේ අමිහිරි වේදනාවන් තුරුළුකරගෙන මෙවර කාබුල්හිදී සිදුවූවාක් මෙන්ම 1975දී වියට්නාමයේ සයිගොන් නුවරින් අමෙරිකාව පලාගියේ තමන්ට හිතමිතුරන්ව සිටි සියලු දෙනා හදිසියේ අතහැර දමමිනි. එයද වසර 20ක යුද්ධයක් විය. එම යුද්ධයෙන් අමෙරිකාව ජයගත් අවස්ථා තිබුණේ නම් ඒ පසුකාලීනව අමෙරිකානු හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයන් අතින් බිහි වූ දැවැන්ත සිනමා නිර්මාණ තුළ පමණි. එම චිත්‍රපට එකල හැඳින් වූයේ තම පරාජයේ වේදනාවත් ලජ්ජාවත් වසා ගැනීම සඳහා අමෙරිකානු ජනතාව නිර්මාණය කළ චිත්‍රපට වශයෙනි.
එහෙත් මෙවර ඇෆ්ගන් යුද්ධයේ එක් වෙනසක් තිබිණි. ඇෆ්ගනිස්ථානය තුළ අමෙරිකා සහ නේටෝ හමුදා එක් වී කළ යුද්ධයේදී තලේබාන් ත්‍රස්තවාදීන්ගේ දැඩි අන්තවාදී කෘර ග්‍රහණයට හසුවී සිටි ඇෆ්ගන් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට සංවර්ධන කටයුතු සිදුකිරීම එම වෙනසය. එහිදී කාන්තාවන්ට රැකියා අයිතිය සහ ඉගෙනීමට අයිතිය ලබාදීම පමණක් නොව කාන්තා පාපන්දු කණ්ඩායමක් සහ රොබෝ තාක්ෂණ කණ්ඩායමක් බිහිකිරීමට පවා එම වෙනසින් මග පෑදුණේය.
ජාත්‍යන්තර තලයේ දස්කම් දක්වන ක්‍රිකට් කණ්ඩායමක් පවා බිහිවූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. අමෙරිකාවට යට වීමට පෙර පාලනයේ සිටි තලේබාන් ත්‍රස්තයන්ට මේ සියලු මානුෂික හැඟීම් සහ අයිතිවාසිකම් ‘අරහං’ වී තිබිණි.
ඉදිරියේදී තලේබාන්වරුන්ගේ හැසිරීම ලොව සියලු බලවත් රටවල දැඩි විමසිල්ලට ලක්වන බව ඒ අනුව පැහැදිලිය. අමෙරිකාව කෙසේ වෙතත් තලේබාන්වරුන් හෝ තමන්ගේ පැරණි ක්‍රියා පටිපාටියෙන් පාඩම් උගෙන ඇත්නම් පමණක් ඉදිරියේදී ඇෆ්ගනිස්ථානයට ලෝකයේ පිළිගැනීමට ලක්වන රටක් බවට පත්වීමේ ගෞරවය දිනාගත හැකි වනු ඇත.
ඈත පෙරදිග පමණක් නොව ආසියාවේ රටකට පවා ලොවේ පිළිගැනීම ලබාගත හැකි වන්නේ ලොවේ කිසිදු බලවත් කඳවුරකට ගැති නොවී කටයුතු කිරීමෙන් පමණි. අසල්වැසි රටවල් සමඟ මෙන්ම ආසියාවේ බලවත් රටවල් වන චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ එකසේ සුහදව කටයුතු කිරීම අමෙරිකාව සහ යුරෝපයේ බලවත් රටවල්වල ගොදුරු බවට පත්වීම වළක්වා ගැනීමේ හොඳම මාර්ගය වශයෙන් අපි දකිමු. එය අපේ රටටද අදාළය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාව සිනහවට ලක්කළ බයිඩන් තීන්දුව
jagath Monday, 30 August 2021 04:11 PM
කොතරම් ඇමෙරිකාව විවේචනය කළත්, අද ඇමෙරිකාව සංක්‍රමණය වීම සඳහා "ග්‍රීන් කාර්ඩ්" දෙනවා යයි කිව්වොත්, හෙට රටේ මිනිසුන්ගෙන් භාගයක් එයට අයදුම් කරනවා නියතයි...