ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝහි පිහිටි ‘පල්ස්’ (PULSE - ෂ්පන්දනය) රාත්‍රී සමාජ ශාලාව ප්‍රසිද්ධියක් ඉසිලුවේ සමලිංගිකයන් සඳහා වෙන් වූවක් ලෙසිනි. සෑම රාත්‍රියකම සමරිසියන්ගෙන් පිරී යන එහි පසුගිය 12 වැනි දින ද 300කට අධික පිරිසක් මධුවිතෙන් සැනසෙමින් සංගීත නාදයට රැඟුම් පාමින් සිටියහ. එහි වැඩි වශයෙන් සිටියේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන්ය. වාදක කණ්ඩායමේ ඝෝෂාකාරී සංගීතයෙන් ශාලාව පිරී ගොස් තිබූ අතර එය හා මුසු වූ රැස්ව සිටියවුන්ගේ ඝෝෂාව දසත පැතිරිණි. සියල්ලෝ සතුට භුක්ති විඳිමින් සිටියහ.
වේලාව රාත්‍රි 2ට ආසන්න වෙමින් තිබිණි. සමාජ ශාලාව වැසීමට තිබුණේ සුළු මොහොතකි. මාරයාගේ හෝරාව උදා වී ඇතැයි එහි සිටි කිසිවකු නොසිතෙන්නට ඇත. ඒ.ආර්. 15 වර්ගයේ රයිෆලයක් සහ රිවෝල්වරයක් රැගත් පුද්ගලයකු එම සමාජ ශාලාවට ඇතුළු වූයේ ඒ මොහොතේය. තුවක්කුකරු සාමාජ ශාලාවේ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත් හෙයින් කිසිවකුට ඉන් පිට වී යෑමට නොහැකි විය. බියට පත් ඔවුහු තම හිත මිතුරන්ට කෙටි පණිවිඩ යවන්නටත් දුරකථන ඇමතුම් ලබා දෙන්නටත් වූහ. වෙඩි තැබීම ඇරඹුණේ මේ අතරතුරය. පළමුව වට 20ක්, දෙවනුව වට 40ක් හා තුන්වැනිව වට 50ක් බැගින් තුවක්කුකරු නොනවත්වා වෙඩි තබන්නට විය. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 50 දෙනෙක් මියගොස් 53 දෙනෙක් තුවාල ලැබූහ. මියගියවුන්ගෙන් 39 දෙනකු සමාජ ශාලාව තුළදීම මියගිය අතර 11 දෙනකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බැව් පුරපති බඩී ඩයර් සඳහන් කළේය.
සංහාරය උදෑසන 5 පමණ වන තෙක් පැවැතියේය. ‘පල්ස්’ සමාජ ශාලාවේ වෙඩි තැබීමක් සිදු වන බවට වාර්තා වීමෙන් පොලිසිය සහ ස්වොට් බළකාය සමාජ ශාලාව වට කළහ. එහිදී පොලිසිය හා ඝාතකයා අතර දරුණු වෙඩි හුවමාරුවක් ඇති විය. ස්වොට් බළකායේ නිලධාරීන් 14 දෙනකු හා වෙඩි හුවමාරු කරගත් ඝාතකයා අවසානයේ පොලිස් වෙඩි පහරින් මිය ගියේය. සැප්තැම්බර් 11 වැනිදා සිදුවීමෙන් පසු ඇමෙරිකානු ඉතිහාසයේ සිදු වූ ඛේදජනකම සිදුවීම මෙය ලෙස වාර්තා වේ. එක් පුද්ගලයකු විසින් කරන ලද මෙවැනි ඝාතනයක් 2007දී වර්ජිනියාවෙන් වාර්තා විය. ඝාතකයා සිසුවකු වූ අතර ඔහු පුද්ගලයන් 32කු මරා දමා සිය දිවි හානි කර ගත්තේය.
ඕර්ලන්ඩෝ ඝාතකයා ඔමාර් මිර් සෙද්දික් මටින් නමැත්තකු බවට ආරක්ෂක අංශ මගින් හඳුනා ගනු ලැබීය. 29 හැවිරිදි ඔමාර් ඇමෙරිකානු පුරවැසියකු විය. විද්‍යා උපාධිධරයකු වූ ඔහු ෆ්ලොරිඩාවේ ෆෝට් පියර්ස් ප්‍රදේශයේ 19 වැනි වීදියේ වාසය කළ අතර ජී4එස් නම් පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කළේය. 2007 සැප්තැම්බරයේ සිට එම ආයතනයේ සේවය කළ ඔහු අනුයුක්ත කෙරුණේ බටහිර පාම් බීච් මුරපළටය. ඔමාර් සමඟ එහි සේවය කළ ආරක්ෂක නිලධාරියකු වූ ඩැනියෙල් ග්ලෝරි උදෑසන 7 සිට පස්වරු 3 දක්වා වූ සේවා මුරය භාරව සිටි අතර ඔමාර් සවස 3 සිට රාත්‍රි 11දක්වා වූ සේවා මුරය භාරව සිටියේය. ඩැනියෙල් ග්ලොරිට අනුව ඔමාර් සමලිංගිකත්ව භීතිකාවෙන් පෙළෙන්නකු වූ අතර නිතර ජාතිවාදි අදහස් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ග්ලෝරි තම ආයතන ප්‍රධානියාට දන්වා සිටියද ඔහුද මුස්ලිම් ජාතිකයකුවූ බැවින් ඒ පිළිබඳව නොතකා හැරියේය. ග්ලෝරි තමාට එරෙහිව ගතු කියා ඇති බැව් දැනගත් ඔමාර් කෙටි පණිවිඩ මගින් ග්ලෝරිට වරින් වර තර්ජනය කර තිබිණි. දිනකට කෙටි පණිවිඩ 20ක් 30ක් තමාට ලැබුණු බැව් ග්ලෝරි පවසා සිටියේය. ඉන් නොනැවතුණු ඔහු දුරකථන ඇමතුම් මගින්ද තර්ජනය කළේය. “ඔමාර් ප්‍රකාශ කළ සැම වදනක්ම ඉතා දරුණුයි. එහෙත් අප ආයතනය ඔහුට එරෙහි කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඔමාර් හැම විටම කීවේ මිනිසුන් මරා දැමිය යුතුයැයි කියලයි. මෙම වෙඩි තැබීම පිළිබඳව මා විමතියට පත් වන්නේ නැහැ.” යනුවෙන් ග්ලෝරි පවසා තිබිණි.
ඔමාර්ගේ මව්පියෝ ඇෆ්ඝනිස්ථානුවෝය. කලකට ඉහත ඔවුහු නිව්යෝක්හි පදිංචියට පැමිණි අතර ඔමාර් 1986 එහිදී උපත ලැබීය. පසුව මටින් පවුල ෆ්ලොරිඩාවේ පදිංචියට ගියහ. ඔමාර් පදිංචිව සිටියේ ෆෝට් පියර්ස්හිය. එය ඝාතනය සිදුවූ ඔර්ලන්ඩෝ සිට සැතපුම් 125ක් ඈතින් පිහිටා තිබිණි. ඔහුට එරෙහි පෙර අපරාධ චෝදනා නොවීය.
ඔමාර් අයි.එස් සංවිධානයට සහය දක්වන ලද පුද්ගලයකු බවට එෆ්.බී.අයි. නිලධාරීහු සැක පහළ කළහ. වෙඩි තැබීම අතරතුර ඇමෙරිකානු හදිසි ඇමතුම් ඒකකයට (911) ඇමතුම් ලබා දෙමින් තමා ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා වන අබුබකර් අල් බග්ඩාඩිට පක්ෂපාති පුද්ගලයකු යැයි ඔමාර් පවසා තිබේ. එමෙන්ම බොස්ටන් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඩෂොකාර් සර්නෙව් සහ තමර්ලාන් සර්නෙව් පිළිබඳවද සඳහන් කළ බව පැවසේ. එහෙත් ඔහු අයි. එස්. ත්‍රස්ත කල්ලියේ සාමාජියකු බවට මෙතෙක් තහවුරු වී නොමැත. ඝාතනය සඳහා යොදාගත් ගිනි අවි ඔමාර් විසින් නීත්‍යානුකූල අයුරින් මිල දී ගැනුණු ඒවා විය. ආරක්ෂක අංශයක සේවය කළ හෙයින් ඒවා නීත්‍යනුකූල ලෙස මිලට ගැනීමට ඔහුට හැකි වී තිබේ. ඔමාර්, පල්ස් සමාජ ශාලාවට ඇතුළු වීමට පෙර අසල සිටි පොලිස් නිලධාරියකුටද වෙඩි තබා තිබිණි. ඔහු පැමිණි වෑන් රථය සමාජ ශාලාව අසල නවතා තිබී සොයා ගැනීමට පොලිසියට හැකි විය. මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර ඇතැම් ඉස්ලාමික සංවිධාන සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කොට තිබේ.
සමලිංගිකයන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදු කෙරුණු බවත්, ඉන් 100 ආසන්න පිරිසක් තුවාල ලබා හෝ මරණයට පත් වී ඇති බවත්, එම ඝාතනය සිදු කරනු ලැබුවේ ඉස්ලාමික් ස්ටේට් සටන්කාමියකු බවත් අයිඑස් අයිඑස් සංවිධානයට සහය පළ කරන වෙබ් අඩවියක අරාබි බසින් පළ වී තිබිණි. අයිඑස් අයිඑස් සංවිධානයේ ප්‍රකාශන සම්බන්ධව දැඩි අවධානයකින් පසුවන සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයේ ෂල්මා අබ්දෙල්අසීස් සඳහන් කරනුයේ මෙම ප්‍රකාශය අයිඑස් අයිඑස් සංවිධානය මගින් කළ ප්‍රකාශයක් ලෙසින් පිළිගත නොහැකි බවයි. සමලිංගිකයන් සඳහා ඔවුන් භාවිත කරන වදන මෙම නිවේදනයේ සඳහන් අරාබි වදනට වඩා වෙනස් වන අතර මෙම ප්‍රහාරය සිදු කිරීම සඳහා එම සංවිධානයේ කිසිවකු හෝ සහය ලබා දුන් බවට මෙතෙක් පිළිගෙන නොමැති බවද ඇය කියා සිටියි.
එෆ්.බී.අයි. නිලධාරීන්ට ඔමාර් අමුත්තකු නොවේ. එහි විශේෂ නියෝජිත රොනල්ඞ් හොපර් සඳහන් කළ අයුරින් 2013දී ඉස්ලාමික ප්‍රචාරකවාදී ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔමාර්ගෙන් ප්‍රශ්න කර තිබේ. ඔහු තමා සේවය කළ ආයතනයේ සේවකයන් සමඟ ඇමෙරිකානු විරෝධී ප්‍රකාශ රැසක් කර තිබිණි. දෙවරක් ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු අතර අන්තවාදී ඉස්ලාමික සංවිධාන සමඟ සබඳතාවක් පවතින බවට තොරතුරු හෙළි නොවූ හෙයින් විමර්ශන අත්හැර දැමිණි.
2014 නැවත වරක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට එෆ්.බී.අයි. නිලධාරීන් පියවර ගත්තේ මරාගෙන මැරෙන ඇමෙරිකානු බෝම්බකරුවකු වූ මොනාර් අබු සල්හා සමඟ සබඳතා පැවැත්වූ බවට සැලවීමත් සමඟය. එහෙත් ඔවුන් දෙදෙනා අතර සමීප සබඳතාවක් නොපැවති බැව් අනාවරණ වීම හේතුවෙන් එම විමර්ශනයද අතර මඟ ඇනහිටියේය.
ඔමාර් දෙවරක් විවාහ වූ පුද්ගලයෙකි. ඔහුගේ පළමු බිරිය සිටෝරා යුසූෆිය. ඇය උස්බෙකිස්ථාන සම්භවයක් සහිත කාන්තාවකි. ඔවුන්ගේ විවාහය පැවැතියේ සිව් මසක් පමණි. මුල් කාලයේ යහපත් සැමියකු වුවද කෙටි කලෙකින් ඇයට අඩන්තේට්ටම් කිරීමට පෙළැඹුණු හෙයින් ඇය ඔහු හැර ගියාය. ඔමාර් ආගමට ලැදි වුවද රැඩිකල් අදහස් ඇත්තකු නොවන බවද, ඔහු කිසියම් මානසික අස්ථාවරභාවයකින් පෙළුණු පුද්ගලයකු බවද ඇය පවසා තිබේ. ඔහු දෙවැනි වරට විවාහ වී සිටියේ නූර් සායි සල්මාන් සමඟිනි. ඔවුනට තුන් හැවිරිදි දරුවෙක් සිටී.
ඔමාර්ගේ පියා සදීක් මිර් මටින්ය. ඔහු තම පුත්‍රයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව අයැද සිටි අතර මෙය ආගම සම්බන්ධ ප්‍රශ්නයක් නොවන්නක් බවත්, දිනක් පිරිමින් දෙදෙනකු සිප වැළඳ ගනිමින් සිටිනු දුටු තම පුත්‍රයා ඒ පිළිබඳව කිසියම් කෝපයකින් පසු වුවා විය හැකි බවද ඔහු පවසා තිබිණි. එහෙත් ඔමාර් සමලිංගික විරෝධියකු නොවූ බැව් ඔහුගේ සමලිංගික මිතුරකු මාධ්‍යයට පවසා තිබේ. මෙම ප්‍රහාරයට විදෙස් ත්‍රස්ත සංවිධානයක සහය හිමි වූ බවක් දැකිය නොහැකි බැව් පවසන බලධාරීහු ප්‍රහාරය සඳහා වෙනත් කිසිවකු ඔමාර් හට සහය දැක්වූ බවක්ද අනාවරණ නොවූ බැව් පවසා තිබේ. ඔමාර්ගේ පියා වන සදීක් මිර් මටින් තලෙයිබාන් සංවිධානයට සහය පළ කරන්නකු බවට අනාවරණ කර ගැනීමට එෆ්.බී.අයි. නිලධාරීන් සමත්වී තිබේ. ඇෆ්ඝන් රූපවාහිනී නාලිකාවක් හා සංවාදයකට එක් වූ ඔහු එහිදී ඇමෙරිකාව විවේචනය කර තිබූ බැව් හෙළි විය.
පල්ස් සමාජ ශාලාව පිහිටා තිබුණේ වැඩි කලබලයක් නොමැති සන්සුන් පරිසරයකය. එහි හිමිකරුවන් හා සමාජිකයන් එකම පවුලක් බඳු යැයි එහි සාමාජිකයකු සඳහන් කළේය. සියලු සාමාජිකයෝ එකිනෙකා හොඳින් හඳුනන අතර ඔවුන් සොයුරු සොයුරියෝ වැනි වූහ. සමාජ ශාලාවේ සේවකයෝ සැමට එක හා සමානව සේවය සැලසූ බවද ඔහු කියා සිටියේය. මින් ඉහත මෙම සමාජ ශාලාවේ කිසිදු අර්බුදයක් පැන නැඟී නොතිබිණි.
තුවාලකරුවන් ගෙන යනු ලැබුවේ ඔර්ලන්ඩෝ ප්‍රාදේශික රෝහලටය. වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වූ විගස එම රෝහලේ වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් වී සිටියහ. එම රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පැරිෂ් කියා සිටියේ ශල්‍යාගාර 6ක් සහ ඇඳන් 75ක් තුවාලකරුවන් වෙනුවෙන් වෙන්කොට තිබූ බවයි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එහි තුවාලකරුවන් 29 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් 6 දෙනකුගේ තත්ත්වය බරපතළ බැව් ශල්‍ය වෛද්‍ය චේඩන් ප්‍රකාශ කර තිබිණි.
ප්‍රහාරයට ලක්වූ තරුණයෙක් වන නෙල් කොලොන් සී.එන්.එන්. නාලිකාව හා එක්වෙමින් තමා මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කළේය. “අප රාත්‍රිය පුරා නටමින්, ගී ගයමින් මධුවිත පානය කරමින් සතුටු වී යළි නිවෙස් කරා යෑමට එකිනෙකාගෙන් සමු ගනිමින් සිටි මොහොතකයි මේ පුද්ගලයා සමාජ ශාලාවට ඇතුළු වුණේ. ඔහු අත ගිනි අවි දෙකක් තිබුණා. එහි සිටි සියලු දෙනා ප්‍රාණ ඇපයට ගත් මෙම පුද්ගලයා පසුව වෙඩි තබන්නට වුණා. පාදයකට වෙඩි වැදුණු මා බිම ඇද වැටුණා. මා වේදනාව ඉවසාගෙන නිහඬව මිය ගියා සේ වැතිර සිටියා. ඝාතකයා සමාජ ශාලාවේ කාමරවලට ගොස් එහි සිටි අයටද වෙඩි තැබුවා. නැවත මා අසලට පැමිණ මගේ හිසට වෙඩි තැබුවත් එය වැදුණේ මගේ අතකටයි. වෙඩි වැදුණු අයගේ සිරුරුවලින් ගලාගිය රුධිරයෙන් මගේ සිරුර නැහැවී තිබුණා. පොලිස් නිලධාරීන් හා ස්වැට් බළකාය එහි පැමිණියේ හිමිදිරි යාමේ. ඔවුන් ඝාතකයා මරා දැම්මා. එක් පොලිස් නිලධාරියෙක් මා අසලට පැමිණ මිය ගොස් නොමැති බව දැක මා ඔසවන්නට උත්සහ කළා. එහෙත් මගේ පාදයේ අස්ථී බිඳී තිබූ හෙයින් නැගිට ගැනීමට නොහැකි වුණා. ඔහු මා බිම දිගේ ඇදගෙන ගොස් ගිලන් රියකට නැංවූවා. බිම පුරා රුධිරය ගලා ගොස් තිබූ හෙයින් මා ලිස්සා ගිය නිසා ඇදගෙන යන විට වේදනාවක් දැනුණේ නැහැ. මගේ ජීවිතය බේරා දුන් ඒ පොලිස් නිලධාරියාට මගේ ප්‍රණාමය හිමි වෙනවා.”
ඔමාර්ගේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය ලාබාලම පුද්ගලයා 19 හැවිරිදි වූ අතර වැඩිමහලු පුද්ගලයා 50 වැනි වියේ පසුවිය. දරුවන් 12 දෙනකුගේ මවක වූ 49 හැවිරිදි බ්‍රෙන්ඩා මැකූල් දෙවරක් පිළිකා රෝගයෙන් පීඩා විඳ සුවය ලද කාන්තාවකි. ඇගේ එක් පුත්‍රයකු සමලිංගිකයකු වූ හෙයින් ඇය තම පුත්‍රයා සමඟ එම සමාජ ශාලාවට ගියේ මඳක් විනෝද වන්නටය. ඔමාර්ගේ වෙඩි ප්‍රහාරය ඇයගේ ජීවිතය බිලිගත් අතර පුත්‍රයාගේ දිවි ගැලවිණි. 25 හැවිරිදි ඇමැන්ඩා ඇල්වෙයාර් දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ හෙදියක ලෙස පුහුණුව ලද යුවතියකි. එදින ඇය 26 හැවිරිදි තම මිතුරිය වූ මර්සඩෙස් ෆ්ලොරෙස් සමඟ පල්ස් සමාජ ශාලාවට පැමිණ සිටියාය. ඔවුන්ගෙන් මර්සඩෙස් ඔමාර්ගේ වෙඩි පහරට ගොදුරු වී මරණයට පත් වූවාය.
ජනාධිපති බැරක් ඔබාමා සිද්ධිය හෙළා දකිමින් මෙය ත්‍රස්ත ප්‍රහාරක් හා ද්වේශ සහගත ප්‍රහාරයක් ලෙස හැඳින්වීය. එහෙත් එයට ඉස්ලාම් අන්තවාදීන්ගේ සම්බන්ධයක් ඇතැයි ප්‍රකාශ නොකළේය. ඉස්ලාම් අන්තවාදීන් පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඔබමා විවේචනයට ලක් කරනු ලැබ තිබේ. ඇමෙරිකාවේ වෙසෙන ඉස්ලාම් ජනයා සම්බන්ධයෙන් තද පිළිවෙතක් අනුගමනය කළ යුතු බවට අවස්ථා ගණනකදී තමා ඔබාමාට පවසා ඇතැයි ට්‍රම්ප් පවසා තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාව හෙල්ලූ ඝාතකයකුගේ රාත්‍රිය
සුපුන් Tuesday, 21 June 2016 07:57 PM
නිශා, ඔය ත්‍රස්තවාදය කියන වචනෙට වසර 20ක් විතර ඇති. සැබෑ ත්‍රස්තවාදයට වසර 1500 විතර ඇති. ඔය යුද්ධ රෝමන් සහ තුර්කි ඔටෝමන් අධිරාජයාගේ කාලේ ඉඳලා එන දෙයක්. ඔය ජාතිය ආගමට මරාගන්න පටන්ගත්තේ යුදෙවුවෝ. ඔටෝමන්කාරයොත් එක්ක හවුල්වෙලා ඊශ්‍රායලෙන් එළෙවුවේ ඒ කාලේ. ඉතිහාසේ කියවන්න මහත්තයෝ (නි)
නීශා Tuesday, 21 June 2016 07:16 AM
අතුල, ඔයකියන පොත වසර 1500 ක් තරම් පැරණි. නමුත් ත්‍රස්තවාදය අවරුදු 20 ක් වැනි සුළු කාලයක් ඇතුලත ඇති වුනු දෙයක්. ඔයකියන පොත ත්‍රස්තවාදයට සම්බන්දයි නම් ත්‍රස්තවාදයට කොහොමද අවරුදු 20ක් වෙන්නේ. මේවා බටහිර රටවල කුමන්ත්‍රණ. නිකන් ඔහේ විවේචනය කරන එක නෙවෙයි බුද්දීමත්කම කියන්නේ. තර්කානුකූලව කරුණු ඉදිරිපත් කල යුතුයි. (ර)
අතුල Thursday, 23 June 2016 07:20 AM
ෂාෆීක්, මට පෙනෙන්නේ ඔයත් ඔය පොත ඉවරවෙනතුරු කියවලා නැහැ වගේ. (නි)
අකිල Thursday, 23 June 2016 07:22 AM
නිශා, මට පෙනෙන්නේ ඔයාට වයස අවුරුදු 20යි වගේ. මෑත අතීතය ගත්තොත් හිට්ලර් එක්ක එකතුවෙලා යුදෙව්වෝ නසන්න පෙරමුණට ආවේ පලස්තීනේ පුජකයෝ. එතකොට ඊශ්‍රායලය නීතිමය වශයෙන් රටක් විදිහට බිහිවෙලා නැහැ. එතකොට මෙතන කව්රුත් අහයි එහෙනම් මොකද පලස්තීනේ ඉන්න අය යුදෙව්වෝ මරන්න හෙව්වේ කියලා. ඒකට උත්තරය ඔය අතුල කියන පොතේ හැම තැනම ලියවිලා තියෙනවා (නි)
අශාන් Thursday, 23 June 2016 07:28 AM
ඉතා හොඳ ලිපියක් (නි)
චන්න Thursday, 23 June 2016 01:55 PM
නිශා කියන දේ නම් නිවැරදියි. ඕනෑම පොතක් ගැන හොඳ අවබෝධයක් නැතුව අදහස් පළකිරීම වරදකි. (නි)
ලංකා Thursday, 23 June 2016 02:03 PM
ඇස් හැර ලෝකය දෙස බලන්න කාලයයි මේ (නි)
ෂෆීක් Wednesday, 22 June 2016 05:58 AM
මෙය පොතේ වැරද්දක් නොවේ, මිනුස්සුන්ගේ ආකල්පවල වරදකි, ඔය ඝාතකයා පොත කි සැරයක් කියවලා තේරුම් ගන්න ඇත්දැයි කියා සිතනවද? (නිසැකවම 1 වරක් හෝ කියවා තේරුම් ගත් අයෙක්නම් නොවේ) (බොහෝ දෙනෙක් එසේය) (බ)
ධම්ම Wednesday, 22 June 2016 05:18 PM
අනුන්ගේ රටවල් අවුල්කරන මොවුන්ගේ රට අවුල්වන්නේ ඔවුන්ගේම අයගෙනි. ලෝකයේ සමතුලිතභාවය රැකෙන්නේ එලෙසය. (නි)
පාල Wednesday, 22 June 2016 06:09 AM
වැඩිය ඕන නැහැ ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා හදාපු දේවල් වැඩිමනක් විනාශ කළේ කවුද. (බ)
නුවන් Friday, 24 June 2016 12:23 PM
චන්න,නිශා අන්තර්ජාලේ සොයලා බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා. ඊටපස්සේ අදහස් දාමු! (නි)
කසුන් ධර්මවංශ Tuesday, 21 June 2016 02:34 PM
නිශා, පොත හොයාගෙන කියවලා බලලා අදහස් පළකරන්න. අතුල මහතාගේ කතාව නිවැරදියි (නි)
නීල Thursday, 23 June 2016 08:19 PM
වසර 40කට පමණ පෙර පිලිපීනේ, ඉන්දුනීසියාවේ, තායිලන්තේ, රුසියාවේ, යුරෝපේ, ඇමරිකාවේ පමණක් නොවේ අප්‍රිකාවේ කිසිම රටකත් ආගමික ප්‍රශ්න තිබුනේ නැහැ. මේවා ඇමරිකන් කුමන්ත්‍රණ නොවේ ආගමික අන්තවාදය. (නි)
පීරිස් Thursday, 23 June 2016 08:22 PM
අනේ මන්දා මිනිසුන්ට ප්‍රශ්න නැතුවාට ප්‍රශ්න.. (නි)
අතුල Monday, 20 June 2016 01:02 PM
පොතක් ලෝකෙට කරන විනාශයක තරම! (බ)