IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින්ම විශ්වාස කරයි. ට්‍රම්ප්ගේ ජය තහවුරු කලේ, ට්‍රම්ප්ගේ එම ‘විශ්වාසය’, ඇමෙරිකානුන් ද විශ්වාස කළ බැවිනි. දිවුරුම් දී, රාජකාරි ආරම්භ කළ සැණින්, එක පෑන් පහරක අත්සනකින්, ට්‍රම්ප් දිගට හරහට විධායක නියෝග නිකුත් කිරීම ඇරඹීය. එවැනි එක් විධායක නියෝගයක් වන්නේ, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය හෙවත් USAID සඳහා පැනවූ තහංචියයි‍.

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය හෙවත් USAID පිහිටවනු ලැබුවේ ඇමෙරිකන් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසිනි. ඒ, 1961 වසරේ, ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති පනතට අනුවය. USAID ඒජන්සියේ අරමුණ, ඇමෙරිකාවට උපාය මාර්ගික වශයෙන් වැදගත් විදේශවලට ආධාර ලබා දීමය. ලෝක බලවතා ලෙස ඇමෙරිකාවට තම බලය පෙන්වමින්, ලෝකය යහපත් තැනක් කිරීම, දිළිඳුකම පිටුදැකීම, ලෙඩ රෝග තුරන් කිරීම සහ ලෝක සාමය පවත්වාගෙන යෑම USAID ඒජන්සියේ අරමුණය‍. USAID ඒජන්සිය ක්‍රියාත්මක වන්නේ විදේශවල රාජ්‍ය නොවන සංවිධාන හෙවත් NGO හරහාය. ගනුදෙනු සිදුවන්නේ USAID නිලධාරීන් සහ NGO නිලධාරීන් අතරේය.

එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශ සංවර්ධන ද වන USAID ඒජන්සියේ අරමුණ යහපත් නම්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, USAID තහනම් කිරීමට නියෝග කළේ ඇයි? ට්‍රම්ප්ට අනුව, USAID ඒජන්සිය, ‘විකාරරූපී’ ව්‍යාපෘති සඳහා අරමුදල් සහ මුදල් යොදවා ඇත. USAID ඒජන්සියට අනුයුක්තව සේවය කරන ගණන 10,000 කි. ඔවුන්ගෙන් තුනෙන් දෙකක පිරිසක් රටවල් 100 කට වැඩි ගණනක විවිධාකාරයේ ව්‍යාපෘති සහ සේවාවලට සම්බන්ධ වී කටයුතු කරමින් සිටි අතර, ට්‍රම්ප් තීරණය කර ඇත්තේ ඔවුන්ගෙන් 2,200 ක පිරිසක් නිවාඩු යැවීමටය. ඊට අමතරව, 10,000 ක් වන USAID කාර්ය මණ්ඩලය, 294 කට සීමා කිරීමට ද ට්‍රම්ප් සූදානම් වෙයි.

USAID සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලන මෙම තීන්දු තීරණ ගත්තේ, ට්‍රම්ප්ගේ පරිපාලනයට සම්බන්ධ වී සිටින, ට්‍රම්ප් හිතවාදී, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ඉදිරිපත් කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. ට්‍රම්ප් ඉලොන් මක්ස්ට පවරා ඇත්තේ, ඇමෙරිකානුවන්ට මුල් තැන දෙමින්, රජයේ අනවශ්‍ය වියදම් සිදුවන්නේ නම්, ඒවා සොයා බලා, ඒවා කප්පාදු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටය. ඒ, ඇමෙරිකාවේ රාජය යාන්ත්‍රණය තවත් ශක්තිමත් කිරීමටය.

“ඉලොන් මස්ක්ට තනිවම තීන්දු තීරණ ගන්න බැහැ. මා ඔහු පත් කර තිබෙන්නේ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමටයි. ඔහු ලොව අංක එකේ බිලියනපතියා. ඒවාගේමයි අංක එකේ සමාගම් රැසක ප්‍රධානියෙක්. ඔහු එම කටයුතුවලට දක්ෂයෙක්. ඔහු මොනවා නිර්දේශ කළත් අවසන් තීන්දුව ගන්නේ අපි. අපේ පරිපාලනය. ඔහුගේ නිර්දේශ සාධාරණයි වගේ පෙනෙන්වා නම්, අප ඒවා ක්‍රියාවට නංවනවා.” යැයි ට්‍රම්ප්, ඉලොන් මස්ස්ගේ කාර්යභාරය පැහැදිලි කර ඇත.

ට්‍රම්ප්ට අනුව, USAID ඒජන්සිය, ඇමෙරිකානුවන්ගේ බදු මුදල් යොදවා කළ ‘විකාරරූපී’ ව්‍යාපෘති මොනවද? එම ව්‍යාපෘතිවලින් එකක් අප රටට ද සම්බන්ධ බව අමුතුවෙන් කිව යුතු නැත. USAID ඒජන්සියේ ‘විකාරරූපී’ ව්‍යාපෘති ලෙස ට්‍රම්ප් අර්ථ කථනය කරන බොහෝ ව්‍යාපෘති සමරිසි පුද්ගලයන් සහ ලිංගික සංක්‍රාන්තියට ලක්වූවන් හා සම්බන්ධ වෙයි. ඇමෙරිකන් ජනාධිපති ධුරයේ දෙවැනි වර දිවුරුම් දුන් සැණින් ට්‍රම්ප් පැවැසුවේ, ‘මින් ඉදිරියට ඇමෙරිකාවේ සිටින්නේ ගැහැනු සහ පිරිමි පමණයි’ යනුවෙනි. එමෙන්ම ලිංගික සංක්‍රාන්තියට ලක්වුණු පිරිමින්, ඇමෙරිකාවේ කිසිදු කාන්තා ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ විය නොහැකි අයුරින් ද ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කළේ, පසුගිය දා ධවල මන්දිරයට එක් රොක් යුණු තරුණ ගැහැනු ළමයින් රැසක් පිරිවරාගෙනය.

USAID ඒජන්සියේ ‘විකාරරූපී’ යැයි පැවැසෙන, වඩාත් කතාබහට ලක්වුණු ව්‍යාපෘති කීපයක් මෙසේය.

  • ලතින් ඇමෙරිකාවට අයත් ගෝතමාලාවේ, ලිංගික සංක්‍රාන්තිකයන් සහ සමරිසි පුද්ගලයන් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ක්.
  • ආමේනියාවේ සමරිසි පුද්ගලයන්ගේ යහපත සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 ක්.
  • ජැමෙයිකාවේ සමරිසි උපදේශන සේවා සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5  ක්.
  • දකුණු ඇමෙරිකාවේ ව්‍යවසායකත්වය හරහා සමරිසි සමානාත්මතාව ප්‍රවර්ධනයට ඇමෙරිකන්  ඩොලර් මිලියන 2 ක්.
  • ලිංගික සංක්‍රාන්තියට ලක් වුණු සර්බියානුුවන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක්.
  • උගන්ඩාවේ සමරිසි අයිතීන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක්.
  • දකුණු අප්‍රිකාවේ සමරිසි පිරිමින් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 6 ක්.
  • ඇමෙරිකාව සමරිසි ආකල්ප ප්‍රවර්ධනයට වියට්නාමයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 17 ක්.
  • ශ්‍රී ලංකාවේ මාධ්‍යාවේදීන්ට ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ භාෂා භාවිතයෙන්, වළකින ආකාරයේ වැඩමුළු පැවැත්වීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 7.9 ක්.

ලිංගික සංක්‍රාන්තිකයන් සහ සමරිසි පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීමට අමතරව, USAID ඒජන්සියේ ‘විකාරරූපී’ යැයි පැවසෙන ව්‍යාපෘති කීපයක් මෙසේය.

  • ඇෆ්ගනිස්තානයේ, පාරිභෝගිකයන් නොමැති ඉන්ධන පිරවුම් හලක් පවත්වා ගෙන යෑමට ඇමෙරිකන් ඩොලර් මිලියන 43 ක්.
  • ජොර්ජියාවේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 25 ක්. (මෙම මුදල ලබා දී ඇත්තේ විදුලියෙන් දුවන මෝටර් රථ ජෝර්ජියානුවන්ට ලබා දීමට නොව, විදුලි මෝටර් රථ මිලදී ගන්නැයි දැන්වීම් පුවරු සැකසීමට බව අනාවරණය වී ඇත.)
  • අරාබි සහ යුදෙව් ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ඔවුන්ට කැමරා බඩු මුට්ටු මිලදී ගැනීමට ඇමෙරිකන් ඩොලර් මිලියනයක්.
  • ඇෆ්ගන් තලේබාන්වරුන් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 122 ක්. ඊට අමතරව, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත කල්ලියකට ආහාර සැපයීම සඳහා ඩොලර් මිලියන 2 ක්‍.

කෙසේ නමුත්, ඊයේ (8) වනවිට, USAID සම්බන්ධයෙන්, ට්‍රම්ප් නිකුත් කළ එම විධායක නියෝගයට ඇමෙරිකන් අධිකරණයක් හරස් වියUSAID කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා දීමට ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කෙරුණි. ට්‍රම්ප්ගේ තීරණය අභියෝගයට ලක් කරමින්, ඇමෛරිකන් වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තාවකාලික තහනම් පැනවීම සිදුවුණි.

සී.එන්.එන් ඇසුරිනි



අදහස් (0)

ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
2025 පෙබරවාරි මස 09 319 0

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින


ආණ්ඩුවට ඉතිහාස පාඩමක්
2025 පෙබරවාරි මස 08 517 1

‘‘පාර රාජ්‍යය පරාජය නොකළහොත් ලුමුම්බාගේ, සුකර්ණෝගේ, අයන්ඩේගේ ආණ්ඩුවලට වූ දේ මෙහිද වනු ඇත.’’ මේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය


ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි
2025 පෙබරවාරි මස 07 3007 7

මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන


සහල් පිළිවෙතේ විකෘතිය
2025 පෙබරවාරි මස 07 296 2

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද


USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම
2025 පෙබරවාරි මස 06 1100 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ
2025 පෙබරවාරි මස 06 416 1

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 56 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 116 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 864 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site