වයස 35ක් පමණ වෙතැයි අනුමාන කළ හැකි ඕ ලස්සන නැත. නැත්තේද නැත. මනාව හැඳ පැලඳ සිටියාය. කරේ ලස්සන හෑන්ඞ් බෑගයකි. අතේ කුඩයකි.
දකුණු ලක ප‍්‍රකට නගරයක විසල් බස් නැවතුම් පොළේ ඇය නිරතුරුව දැක ගත හැක. එක තැනක වැඩි වේලාවක් නොරැුඳෙන්නීය. ඇය නගර ශෝභනියක බව නගරයේ බොහෝ දෙනා දනිති. හිටපු ගමන් ත‍්‍රීවීලරයක නැග නික්ම යන්නීය. ඒ ඇයට ලැබෙන දුරකථන ඇමතුමකට ප‍්‍රතිචාර වශයෙනි. පැයකදී හමාරකදී ඕ නැවත බස් නැවතුම් පොළට ආපසු එන්නීය.
ජැන්ඩියට හැඳ පැලඳගත් තරුණයන් දෙදෙනෙක් බස් නැවතුම් පොළට පැමිණියහ. ඔවුන් අත තිබූ මුහුණු වැසෙන පන්නයේ ආරක්ෂිත හිස් වැසුම් දෙක ඔවුන් පැමිණි වාහනය කුමක්දැයි කියා පෑවේය. ඔවුන් බස් නැවතුම් පොළ සිසාරා දෙනෙත් යවමින් මහත් විමසිල්ලෙන් කාවදෝ සොයන බවක් පෙනිණි.
ඔවුන් සොයන පුද්ගලයා එක් තරණයකුගේ දෙනෙතට ලක්විය. හේ තම මිතුරාට සන් කළේය.
”හරි මචං.... භාණ්ඩෙ ඉන්නවා....” ඔහු කීවේය.
ඒ මා යටකී තරුණියයි. දෙදෙනා පසෙකට වී ඇගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට වූහ.
ඕ එක්වරම තම හෑන්ඞ් බෑගය විවෘත කළාය. තම ජංගම දුරකථනයට පැමිණි ඇමතුමකට ප‍්‍රතිචාර දැක්වූවාය. ඒ හිනා පිරි මුවින් යුතුවය. සංවාදය නිම විය. කඩිනම් ගමනින් බස් නැවතුම් පොළෙන් පිටව ගිය ඕ පාරට පැමිණ ත‍්‍රීවීලරයක නැග නික්ම යන අයුරු මිතුරෝ දෙදෙනා නිරීක්ෂණය කළහ.
”හරි මචං.... ඔය ගියේ ඕඩර් එකකට වෙන්න ඇති. අපි බලමු කොච්චර වේලාවකින් ආපහු එනවද කියලා....” ඔව්හු එසේ කථිකා කර ගත්හ.
පැයක් හමාරක් ගතවිය. ඕ යළි බස් නැවතුමේ දිස් වූවාය. බස් නැවතුමේ ජංගම වෙළඳුන් කිහිප දෙනෙකුද, පෞද්ගලික බස් සේවකයන් කිහිප දෙනෙකුද ඇය සමග කථාවට වැටෙනු දුටු මිතුරෝ දෙදෙනා හීං සීරුවේ එතැනට ළං වූහ. ඔවුනට නොදැනෙන අයුරින් ඔවුන්ගේ සංවාදයට කන් දුන්හ.
”කොහොමද නගෝ..... අද බිස්නස් හොඳද?...” එක් අයෙක් ඇගෙන් විමසුවේය.
”තාම එක මෝඩයයි අහු වුණේ...” ඕ සිනාසෙමින් ප‍්‍රතිචාර දැක්වූවාය.
”ඒ මදැයි අපි දවසම නැහුණත් රුපියල් එක්දාස් පන්සීයක් හොයන්න බෑ. ඔයා පැයෙන් ඒ ගාන හෙව්වා... කිසි වියදමක් නැතුව..” තවත් අයෙක් කීවේය.
”ලයිට් බිල් නෑ. වතුර බිල් නෑ. අර ටැක්ස් නෑ මේ ටැක්ස් නෑ. කඩ කුලී නෑ, ශුද්ධ ලාබෙ.” තවත් අයෙක් කීවේය.
”ඒ වුණාට අයියේ සමහර දවස්වලට හිස් බඩම හැන්දෑවෙ ගෙදර යන දවසුත් තියෙනවා. කාගෙන් හරි බස් ගාස්තුව ඉල්ලාගෙන..” ඕ දුක්මුසු ස්වරයෙන් කීවාය.
”මෝඩයො හතර පස් දෙනා අහුවෙන දවසුත් තියෙනවානේ.” අයෙක් කීවේය.
” ඕක හිස් බඩ වෙච්ච එක හොඳයි. නැත්නම් මේ වෙනකොට කීයක් බිමින් කියලද? අරවා මේවා ඇදවෙලා එල්ලා වැටිලා බිස්නස් එක කොට උඩ” ඔවුන්ගේ සංවාදය නිහඬව අසා සිටි පෞද්ගලික බස් රථ වේලා සටහන්කරුවා කීවේය.
”මං වැඩක්.. මම යනවා...” කලබලයෙන් කී ඕ කඩිනම් ගමනින් නික්ම ගියාය.
”පව් අසරණී.. කැමැත්තෙන් කරන වැඩක්යැ? දරු පැටව් දෙන්නා ජීවත් කරවන්න කරන යුද්ධයක්නේ..” වයෝවෘද්ධ රටකජු වෙළෙන්දෙක් කීවේය.
මිතුරෝ දෙදෙනා ඇය පසුපසින් ගියහ. ඕ ත‍්‍රීවීලරයකට නගිනු දුටු ඔව්හු තම යතුරු පැදියට නැගී ඒ පසු පසින් ගියහ. ත‍්‍රීවීලරය වෙරළාසන්නයේ කුඩා සංචාරක හෝටලයක ගේට්ටුවෙන් ඇතුළට යන අයුරු ඔව්හු කදිමට නිරීක්ෂණය කළහ.
”දැන් නම් හොඳටම ෂුවර්. සතෙක් තමයි..” එක් අයෙක් තම මිතුරාට කීවේය.
”අපි ඔය ඉස්සරහ හොටෙල් එකට ගිහින් තේ ටිකක් බීලා බලා ඉඳිමු ගෑනි ආපහු යනකල්...” හේ යෝජනා කළේය.
පැය භාගයක් පමණ ගතවිය. ඇය පැමිණි ත‍්‍රීවීලරයෙන්ම ආපසු නික්ම යන අයුරු ඔව්හු දැක ගත්හ.
”දැන් නම් වැඬේ හරි ෂුවර්. අපි බස් ස්ටෑන්ඞ් එකට ගිහින් ටෝක් එක දාමු මචං..” මිතුරෙක් අනෙකාට කීවේය.
ඔව්හු තම යතුරුපැදියේ නැගී ආපසු බස් නැවතුම් පොළට පැමිණියහ. තරුණිය ඔවුන්ගේ දර්ශන පථයට ලක්විය. ”අහන්න බයයි මචං... කුඩ පාර කන්න වෙයිද දන්නෙ නෑ. එහෙම වුණොත් මූදෙ පනින්න තමයි වෙන්නේ...” මිතුරෙක් අනිකාට කීවේය.
”පිස්සුද මචං... සතා කියලා දැන් අපට හොඳටම ෂුවර් නේ...” ඔහු කීවේය.
බස් නැවතුම්පොළේ තරමක් පාළු කෙළවරකට ගිය ඔව්හු ඇය දෙස බලා සිටියහ. දැඩි විමසිල්ලෙන් අවට සිසාරා බලමින් සිටි ඇගේ දෙනෙත් ඔවුන්ගේ දෙනෙත් හා එකට හමු වෙද්දී තරුණයෝ ඇයට අත වැනූහ. ඕ සිනාසෙමින් ඔවුන් වෙත ලැසි ගමනින් එද්දී ඔවුන්ගේ දෙපා වෙව්ලන්නට විය. හෘද ස්පන්දන වේගය ඉතා ඉහළ ගියේය.
”ඇයි මල්ලි? මොකක්ද උවමනාව?” ඕ සිනාවකින් ඔවුන් දිරිගන්වමින් ඇසුවාය.
”ඔයා කීයක් අය කරනවද? එක් තරුණයෙක් බලවත් ආයාසයෙන් පුරුෂ ශක්තිය උපදවාගෙන වෙව්ලන ස්වරයෙන් ඉතා පහත් හඬින් ඇසුවේය.”
”දෙන්නටමද මල්ලි?” ඕ කටපුරා සිනාසෙමින් ඇසුවාය.
”ඔව් අක්කේ.” එක් තරුණයෙක් පිළිතුරු දුන්නේය.
”එක්කෙනෙකුගෙන් මම දෙදාස් පන්සීයක් ගන්නවා. දෙන්නෙක් නිසා හාරදාහක් දෙන්න..” ඇය සුහද ලීලාවෙන් කීවාය.
”තුනකට විතර බැරිද අක්කේ.” ඔව්හු දිරිය ලබමින් ඇසූහ.
”බෑ මල්ලි. වැඬේ කෙරෙනවා නම් ඉක්මනට කියන්න. මට දැන් කස්ටමර් කෙනෙක් එනවා.” ඕ වටපිට බලමින් කීවාය.
”බයික් එකේ යන්න කැමැතිද?” තරුණයෙක් ඇසීය.
”අපෝ බෑ. ඔයාලා මාව කොයිබ ගෙනියයිද කියලා දන්නේ නෑනේ..” ඕ බියපත් ස්වරූපයක් මවාගෙන කීවාය.
”කොයිබටද යන්නේ...?” තරුණයෙක් ඇසීය.
”අපේ තැනක් තියෙනවා. රූම් එකට දෙදාහක් ගන්නවා. දෙන්නෙක් නිසා තුනක් විතර ඉල්ලයි.” ඇය කීවාය.
”ත‍්‍රීවීලරේට ගෙවන්නත් ඕන අපිද?” තරුණයෙක් ඇසීය.
”නැතුව මල්ලි? ඔයාලගෙ ඕන කමටනේ යන්නෙ. පන්සීයක් විතර ගනීවි. මම ආපහු එන්නත් එපායැ.” ඕ කීවාය.
”කොච්චර වේලාවක් ඉන්නවද?” දැන් ඔව්හු බය නැතුව ප‍්‍රශ්න අසති.
”මල්ලිලාට ඕන තරම් වේලාවක් ඉන්නම්.” ඕ කටපුරා සිනාසෙමින් කීවාය.
”හරි යමු.” ඔව්හු යෝජනා කළහ.
එක් තරුණයෙන් ඇය සමග ත‍්‍රීවීලරයෙන් නික්ම ගිය අතර අනෙකා ඒ පසුපසින් තම යතුරු පැදියෙන් පිටත් විය.
ඔව්හු වෙරළාසන්නයේ කුඩා හෝටලයක් වෙත පැමිණියහ. ඇය පුරුදුකාරියක සේ කෙළින්ම පිළිගැනීමේ නිලධාරිනිය වෙත ගියාය.
”මිස් අපට රූම් එකක් දෙන්න. දෙන්නෙක් ඉන්නවා.” ඕ කිසිදු පැකිලීමකින් තොරව කීවාය.
”රුපියල් තුන් දාහක් දෙන්න සර්.” පිළිගැනීමේ නිලධාරිනිය කීවෙන් තරුණයෙක් තම මුදල් පසුම්බියෙන් රුපියල් තුන්දාහක් ගෙන ඇයට දුන්නේය.
”මිස්.... රූම් නම්බර් සික්ස්. යන්න ලොක් කරලා නෑ....” පිළිගැනීමේ නිලධාරිනිය කීවෙන් ඇය කෙළින්ම අදාළ කාමරයට ගියාය. තරුණයා බියෙන් ඇය පසුපසින් ගියේය. ඇය තරුණයා කාමරයට ගෙන දොර වසා අගුල දැමුවාය. අනෙක් තරුණයා පසෙක තිබූ අසුනකට බර දුන්නේය.
විනාඩි 15-20ක් ගෙවී ගියේය.
”මැනේජර් මහත්තයෝ... මැනේජර් මහත්තයෝ....” යනුවෙන් උස් හඬින් කෑගසමින් පිම්මේ හෝටලයට දිව ආ තරුණයෙක්.
”ඇයි චූටි? එසේ අසමින් හෝටලයේ කළමනාකරු එළියට දුවගෙන ආවේය.”
”අද පොලිසියෙන් හැම හෝටලයම සර්ච් කරනවා. දැන් මෙහාටත් එයි. රූම්ස්වල කවුරුත් ඉන්නවද?” තරුණයා ඇසීය.
”තැංක් යූ චූටියෝ... උඹ පලයං...” කී කළමනාකරු අංක හය දරන කාමරය වෙත ගොස් එහි දොරට තට්ටු කළේය. ක්ෂණයෙන් දොර විවෘත විය. හේ කාමරයට එබුණේය. තරුණයා උඩුකය නිරුවතින්ද, තරුණිය යට ඇඳුම් පිටින්ද සිටින අයුරු හේ දුටුවේය.
”සර්... පොලිසිය එනවා. ටක් ගාලා කමිසෙ දාගෙන එළියට එන්න..” කළමනාකරු කීවේය.
තරුණයා දඩිබඩි ගා තම කමිසය හැඳගෙන එළියට විත් තම මිතුරා සමග යතුරු පැදියට නැගී නික්ම ගියේය. තරුණියට එතරම් හදිසියක් නොවීය. ඕ නාන කාමරයට වැදී තම ඇඟපත දෝවනය කරගෙන ඇඳුම් හැඳගෙන එළියට ආවාය.
”තැංක් යූ මිස්...” සිනාමුසු මුහුණින් පිළිගැනීමේ නිලධාරිනියට කී ඇය සන්සුන් ගමනින් එළියට පැමිණ පසෙක නවතා තිබූ ත‍්‍රීවීලරයට නැංගාය. රිය නගරය බලා පිටත් විය.
”අන්න නංගෝ.... අර හාදයො දෙන්න පොලිසියෙන් අල්ලගෙන... කලබලෙන් දිව්වා හෙල්මට් දෙක හෝටලේ....” ත‍්‍රීවීලරයේ රියදුරු තරුණියට දසුනක් පෙන්වමින් කීවේය.
”පව්... අහිංසකයො දෙන්නා දැන් තව දඩයක් වදිනවා....” ඇය ඔවුන් දෙස එබී බලමින් කීවාය.
ඕ යළි බස් නැවතුම් පොළට ආවාය. පැය භාගයකට පමණ පසුව තරුණයන් දෙදෙනා ඇය වෙත පැමිණියහ.
”මාර වැඬේ උණේ නේද මල්ලි. අනූනවයෙන් බේරුණේ. මට නම් ගාණක් නෑ. මම කීප සැරයක් අහුවෙලා තියෙනවා. ඒ වගේයැ ඔය මල්ලිලා අහු වුණා නම් වස නෝංඩිය නේ. පිංතූරත් එක්ක පත්තරවලත් වැටෙයි. ඉඳලා වැඩක් නෑ.” ඕ ඔවුනට කීවාය.
”අක්කෙ අපේ සල්ලි දෙනවද?” එක් තරුණයෙක් ඇසුවේය.
”සල්ලි? මොන සල්ලිද මල්ලි?” ඕ තම ස්වරය වෙනස් කරමින් විස්මයෙන් මෙන් ඇසුවාය.
”මොන සල්ලිද කියලා අහන්නේ ඇයි මතක නැද්ද රූම් එකට ගිය ගමන්ම මගෙන් ගත්ත හාරදාහ?” තරුණයා මඳක් කෝපයෙන් ඇසීය.
”මල්ලිලා මට කතා කළා. මම ආවා. රූම් එකට ගිහිල්ලා මම බෑ කිව්වේ නෑනේ. පොලිසිය පැන්නට මම මොනවා කරන්නද? ඒක මල්ලිලාගේ වෙලාව. මම ඒකට මොනවා කරන්නද මල්ලි?” ඕ සන්සුන් ස්වරයෙක් කීවාය.
”එහෙම කියලා හරියන්නේ නෑ. අපට අපේ සල්ලිවලට සාධාරණයක් ඉෂ්ට වුණේ නෑනේ. අපට අපේ සල්ලි ඕන.” තරුණයෝ දෙදෙනා තරයේ කීහ.
”සාධාරණයක් ඉෂ්ට උණේ නෑ? මල්ලිලා මේ අක්කා කෙනෙක් වගේ ඉන්න මාව හොටෙල් රූම් එකකට අරගෙන ගියේ සාධාරණයක් ඉෂ්ට කරන්නද? අන්තිම බලූ වැඩකට නෙවෙයිද මල්ලි?” ඇය තරමක කෝපයෙන් ඇසුවාය.
හැඩි දැඩි සිරුරකින් හා මදාවි පෙනුමකින් යුතු පුද්ගලයෙක් එතැනට පැමිණියේය. හේ තරුණයන් දෙදෙනාගේ අත්වලින් තරයේ අල්ලා ගත්තේය. ඔවුන්ගේ අත් දඬු අඬුවකට හසුවූ සෙයක් ඔවුනට දැනගන්නට ඇත. දෙදෙනා අතිශය බියට පත්වූහ. දැන් සෑහෙන පිරිසක් අවට රැස්වී බලා සිටිති.
”මොකක්ද සර් වෙලා තියෙන්නේ...?” හේ ගොරෝසු ස්වරයකින් ඇසුවේය.
”නෑ නෑ මොකුත් නෑ.” බියට පත් තරුණයෝ දෙදෙනා තම අත් මුදා ගැනීමට තැත් කරමින් කීහ.
”මේ මගේ ගෑනි. මොකක්ද තමුසෙලට මගේ ගෑනිත් එක්ක තියෙන ගනුදෙනුව?” මැරයා උස් හඬින් තර්ජනාත්මක ස්වරයෙන් ඇසීය.
”නෑ නෑ කිසිම ගනුදෙනුවක් නෑ. අත අරින්න අපේ අත්.” දෙදෙනා බැගෑපත් ස්වරයෙන් කීහ.
මැරයා දෙදෙනාගේ අත් වැරයේ අඹරවා අත හළේය.
”මීට පස්සේ මේ බස් ස්ටෑන්ඞ් එක හතර මායිමක ඇවිත් මට අහුවෙන්න එපා. කඩනවා තොපේ අඬු.” පස්ස නොබලා කඩිනම් ගමනින් යන තරුණයන් දෙදෙනාට හේ තර්ජනය කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇය මුදල් උපයන්නේ මහපාරේ
ධම්ම Saturday, 05 September 2015 07:59 AM
පොතක්පතක්, පත්තරයක් කියවන්නේ නැති මෝඩ කොල්ලෝ දෙන්නෙක්. (නි)