ඉතාලියේ ඇති පීසා කුලූන ලෝ ප‍්‍රකට වූවකි. දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පීසා කුලූන ලෝ ප‍්‍රකට වී ඇත්තේ, එය එක් අන්තයකට ඇලවී ඇති නිසාය. ලෝකයේ ඇති උසින් වැඩි කුලූනු අද දක්නට ලැබුණද ඉපැරැණි පීසා කුලූන ප‍්‍රකටව ඇත්තේ මේ ආනතිය නිසාමය. ඔන්න වැටේවි, මෙන්න වැටේවි යැයි කියා බොහෝ දෙනා විශ්වාස කළද, පීසා කුලූන නම්, තවමත් එලෙසින්මය. එය එරට ජාතික වශයෙන් වැදගත් ස්ථානයක් බවට පත්ව තිබේ.
පීසා කුලූන නැරඹීම සඳහා ඉතාලියට පැමිණෙන සංචාරකයෝ ඉතාලියේ ඇති රසවත් පීසා ආහාරයට ගැනීමටද අමතක නොකරති. මෙකී සියල්ල ගැන සිතා එක්තරා සමාගමකට අපූරු අදහසක් පහළ විණි. එනම් පීසා කුලූන සහ පීසා අවන්හලක් එක් ස්ථානයක තැනීමය. එය නම් කරනු ලැබුවේ ෆ‍්‍රැන්කි ටොමෑටෝ නමිනි. අප මේ පැවසීමට සූදානම් වන්නේ එම අපූරු අවන්හල ගැන විස්තරය.
ඉතාලියේ පීසා කුලූනෙහි ආකෘතිය රැුගත් මෙම අවන්හල තනා ඇත්තේ කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේය. කැනඩාවේ අප කළ සංචාරයේදී සුදේශ් මුතු සහ රංජිත් වික‍්‍රමසිංහ මේ අපූරු අවන්හල වෙත අප රැගෙන යාමට අමතක නොකළේය. පුද්ගලිකව මා හට මෙම අවන්හල වෙත දෙවතාවක්ම යාමට ඉඩ ලැබුණේ ප‍්‍රකට ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර නිසාය. වරක් නොව කීප වතාවක්ම වුවද, මෙතැනට යාමට සිත් ඇතිවේ.
ෆ‍්‍රැන්කි ටොමෑටෝ නම් වූ මෙම අවන්හල වෙත පැමිණෙන ඕනෑම අයෙකු මොහොතකට එහි ඉදිරිපස නතරව සිට මෙය තනා ඇති විදිය ගැන විපරම් කර බලන්නේ පීසා කුලූන මෙතැනට ආවේ කෙසේදැයි යන සිතිවිල්ලෙනි.
එය සැබෑම පීසා කුලූන මෙන් නිර්මාණය කිරීමට සිදුවූ නිසා ඒ වෙනුවෙන් විශාල මහන්සියක් මෙන්ම විශාල වියදමක් දැරීමට ද මෙම අවන්හල් ජාලයේ හිමිකරුවන්ට සිදුවිය. නමුත් අද ඔවුන්ගේ ආයෝජනයේ සහ මහන්සියේ තරමටත් වඩා ප‍්‍රතිඵල ලැබෙන බව නම් කිව හැකිය.
ඒ ෆ‍්‍රැන්කි ටොමෑටෝ රසවතුන් අතර එතරම්ම ජනප‍්‍රියව තිබීම නිසාය. එලෙසින් ජනප‍්‍රිය වීමට හේතු බොහෝය. මෙහි ආකෘතියේ මෙන්ම ගොඩනැගිල්ලේ සැළසුම එක් හේතුවකි. එහි ඇතුළත සැකැස්ම මෙහි සේවය කරන පිරිසද ඇතුළත් වේ. ඔවුහු සියලූ දෙනාම ඉතාලි ජාතිකයෝ වෙති. ඔවුන් ඇඳ පැළඳ සිටින්නේද ඉතාලි ක‍්‍රමයටය. ඇතුළත අලංකරණ සියල්ලද කර ඇත්තේ ඉතාලි පරිසරයට අනුවය. ඇතුළත කෝට්යාඞ් වැනි ස්ථානවල තක්කාලි ගස් - වැල් වවා තිබේ. ඒවායෙහි පීදී ඇති රතු තක්කාලි ගෙඩි දක්නට ලැබෙන්නේ සැරසිළි සඳහා යොදා ගන්නා විදුලි බල්බ ලෙසිනි. තක්කාලි යනු ඉතාලි ආහාර වේලක විශේෂිත වූ දෙයකි. රතු තක්කාලිවලට අමතරව තවත් රතු වර්ණයෙන් යුතු දෙයක් දැක ගත හැකිය. ඒ ඉතාලියේ නිපදවූ රතු වයින් සහ ඉතාලියට ආවේනික වූ වයින් වර්ගය. ඒ සඳහා වෙනම ස්ථානයක් මෙහි වෙන්කර ඇත. ඉතාලි වයින් රසය තොලගා බැලීමට වඩා බොහෝ දෙනා මෙතැනට එන්නේ කදිම ඉතාලි අහරක රස විඳ ගනු රිසියෙනි.
බුෆේ ක‍්‍රමයට රිසිසේ ආහාරපාන රස විඳගත හැකිය. මුලින්ම සලාද වර්ගයක හෝ ඉතාලි තක්කාලි යොදා පිළියෙල කරන ලද සුප් වර්ගය හෝ අනෙකුත් සුප් රස තොලගා බැලිය හැකිය. එළවළු වර්ගවලට අයත් සලාදවලට අමතරව, මාංශවලට අයත් කෙටි සලාද වර්ගද රස බලන බොහෝ දෙනා මෙහි ඇති බෙල්ලන්ගෙ වට්ටෝරුවට වඩා කැමතිය. සමහර සංචාරකයින් මෙතැනට පැමිණෙන්නේ බෙල්ලන්ගේ ආහාරය පමණක් රස විඳීමටය. තවත් සමහරු මෙතැනට එන්නේ කදිම ඉතාලි පීසාවක රස විඳ ගැනීමේ රිසියෙනි. ඉතාලියේ ප‍්‍රකට පැස්ටා සහ ස්පැගටි යොදා පිළියෙල කරන ලද ආහාරද ඉතාලියේ විවිධ ක‍්‍රමයන්ට අනුව පිළියෙල කරන ලද තවත් ආහාර වර්ග මේ බුෆේ වට්ටෝරුවට ඇතුළත්ය. අපට පුරුදු ”බත්” පවා ඊට ඇතුළත්ය. නමුත් ඒ බත පිළියෙළ කරන්නේ තරමක බෙරි වූ තලපයක් මෙනි. මෙකී සියලූ ආහාර පිළියෙල කිරීම් සඳහා යොදා ගන්නේ ඉතාලියට ආවේනික කුළුබඩු සහ කළමනා වර්ගය. විශේෂයෙන්ම යොදා ගන්නා ඔලිව් ගෙඩි සහ කොළ මෙන්ම තෙල් ගැනද සඳහන් කළ යුතුමය.
ප‍්‍රධාන ආහාර වේල හොඳහැටි සප්පායම් වීමෙන් අනතුරුව මෙහි ඇති අතුරුපස කුටිය වෙත ගොස් ඕනෑ තරමට පැණි රසයෙන් යුතු නේක විධ අතුරුපස මෙන්ම මිදි, ඇපල් රසයෙන් කුස පුරවා ගත හැකිය. නමුත් බොහෝ දෙනාගේ වැඩි මනාපය ඇත්තේ අයිස්ක‍්‍රීම් වර්ග දහයක් පමණ ඇති තැනට ගොස් තමුනට කැමති වර්ගය තමුන් විසින්ම ඇති පදමට බෙදාගෙන විත් අයිස්ක‍්‍රීම් ඉමිහිරි රස විඳ ගැනීමටය. මෙකී සියල්ලෙහි පහස රිසිසේ විඳ ගැනීමට මෙහි ඇති අවකාශය සැබැවින්ම නිදහසක් ගෙන දෙන්නකි. මෙනිසා බොහෝ දෙනා උපන්දින සාද පැවැත්වීම සඳහා මෙතැන තෝරා ගනිති.
මෙහි සත්කාරක සේවක මඩුල්ල ගැනද යමක් කිව යුතුමය. ඔවුනගේ ආගන්තුක සත්කාරය ඉතා මිත‍්‍රශීලී යැයි කිව හැකිය. ෆ‍්‍රැන්කි ටොමෑටෝ අවන්හල කැනඩා දේශයේ ජනප‍්‍රියවීමට එයද ප‍්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැකිය.
රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන
නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව
සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...
කැනඩාවේ ප්‍රෞඪත්වය.. මොන්ටි‍්‍රයල්
මොන්ටි‍්‍රයල් නුවර පුණ්‍ය භූමිය
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇල වූ කුලූනේ අවන්හල ෆ‍්‍රැන්කි ටොමෑටෝ
පහන් Thursday, 05 September 2013 08:21 PM
ජසි තිසර ඔබ කතෝලික බැතිමතෙක්ද?(නදී)
කැළුම් Thursday, 05 September 2013 03:22 PM
මටත් අතන රැකියාවක් ලැබෙනවා නම්.(නදී)
සෙනරත් Wednesday, 04 September 2013 02:59 PM
කටට කෙල උනනවා (ස)
චමත් Wednesday, 11 September 2013 10:22 PM
තක්කාලි කියන්නේ ඉතාම උෂ්ණ කෑමක්. ඉතාලි කාරයෝ කොහොම කනවද මන්ද ඕවා.(නදී)
මොහාන් Thursday, 05 September 2013 05:11 PM
අනේ සඳුන් මහත්තයෝ හැමදාම කැනඩාවේ වරුනේ ඉවරයක් නැහැ වගේ පින් සිද්ද වෙයි දැන් ඇති ඔබ වැනි දක්ෂ ලේකඛයෙකුට ලියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?(නදී)
ජයී තිසර Friday, 06 September 2013 02:03 AM
පහන්, දුටුගැමුණු රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 161-137 කාලයේදී නවමහලින් තනන ලද අති විශාල ලෝවාමහාපායට සමවන විශාල ආකෘතියක්වත් ලංකාවේ හෝ ඔන්ටාරියෝ/මොන්ට්‍රියාල්වල හෝ ලෝකයේ ඕනෑම සුදුසු තැනක කෙනෙකුට අද තැනීමට හැකිනම් මම බෞද්ධයෙක් වශයෙන් ඉතාමත් සතුටු වෙමි. ලෝවාමහාපාය එකල කොතරම් උසද යත්, ලෝවාමහාපායේ සිට කි.මී. 100ක් පමණ දුරින් ඉන්දියන් සාගරයේ සිට ලෝවාමහාපාය දැකගත හැකිබව අප රට කටකථා වල සඳහන් වේ. (නි)
රව් Sunday, 08 September 2013 05:53 PM
පිසා කුලුනට අගෞරව කරන්න එපා. (නදී)
ජයී තිසර Thursday, 05 September 2013 01:55 PM
අටසිය පනස් වසරක් පමණින් පරණ.. ඉතාලියේ නිර්මානක බල පෙනෙන.. ඇලවුණ කුළුන අණුකරනය කර තැනුන.. ෆ්‍රැන්කි ටොමෑටෝ නිව්වා බඩගින්න--- ක්‍රිස්තු පූර්ව එකසිය හැත්තෑ පමණ.. ගල් කණු එක්දහස්හයසිය මත තිබුණ.. ලෝවාමහපාය තවමත් අපි දකින.. තනමුද මෙවැන්නක් ලක්මව් නම් දරන.(නදී)
ජයී තිසර Saturday, 07 September 2013 12:26 AM
පහන්, කෙනෙකුගේ ආගම කුමක්ද යනු ප්‍රසිද්ධියේ ඇසීම එතරම් නොසුදුසු දෙයක් වුවත් ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ලිව්වෙමි. ඔබ ඒ ප්‍රශ්නය මගෙන් ඇසූවේ ඇයිද යනු දැනගැනීමට කැමැත්තෙමි. (නි)