IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇවිදින මංතීරුවලින් සුන්දර වූ ලෝකයේ රටවල්

යටිතළ පහසුකම් නංවාලමින්, නගර සංවර්ධනය සහ අලංකාරයත්, එම නගර දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද සංචාරක ආකර්ශනය දිනූ ස්ථාන බවට පත් කිරීමත් පාලකයන්ගේ වගකීමකි. ලොව ප්‍රසිද්ධ නගර බොහොමයක් අද ලොව අංක එකේ සංචාරක ආකර්ෂණ බවට පරිවර්තනය වී ඇත්තේ එම නිර්මාණශීලී ආකාරයට අලංකාර කර ඇති බැවිනි.

කායික සහ මානසික සුවය විඳිමින් නිදහසේ ජීවත්වීමට වැව්, පොකුණු ආදිය කේන්ද්‍රකොට ගනිමින්, අලංකරණ කටයුතු සිදු කර ඇති අයුරු දකින්න ලැබේ. වැව් පොකුණු පමණක් නොව සාගරයට මුහුණලා පිහිටි නගර බොහොමයක්, සංවර්ධනයට ලක් වී ඇත්තේ එම නගරවල සුන්දරත්වය වඩාත් කැපී පෙනෙන අයුරිනි. ඇවිදින මංතීරු, පා පැදි මංතීරුවලින් සමන්විත, එලිමහන් අවන්හල්වලින්ද පිරුණු මෙවැනි නගර බොහොමයකට බොහෝ දෙනා එක් රොක් වන්නේ සැන්දෑවේය. සැන්දෑවේ විදුලි පහන් ආලෝකයෙන් හැඩ ගැන්වෙද්දී, විඩාබර දිවිය අවසන්ව ගතටත් සිතටත් ප්‍රමෝදයක් ඇති වෙයි. යහළු යෙහෙළියන් සමග, පවුලේ ආදරණීයයන් සමග විනෝද වීමට අවස්ථාවක්  ලැබේ.

ප්‍රංශයේ පැරිස් නුවර, සෙන් නදිය දෙපස කලාපය මීට හොඳ උදාහරණයකි. පැරීසිය ආදරයේ අගනගරයයි. එපමණ නොව ගෝලීය වශයෙන් චිත්‍ර කලාවට, විලාසිතාවලට, රසම රස වීදි කෑම පිරි අවන්හල්වලට පැරීසිය ප්‍රසිද්ධය. ප්‍රංශය යුරෝපා රටකි. අලංකාර නගර බොහොමයක් දකින්න ලැබෙන්නේ යුරෝපා රටවල යැයි කීවොත් එය නිවැරදිය. ජලයෙන් යටවුණු ඉතාලියේ වැනීසිය යුරෝපා රටවලින් කැපී පෙනෙන සංචාරක ආකර්ශනයකි. නගරයේ වීදි වෙනුවට ඇත්තේ දිය පහරවල් වන අතර ගමන් බිමන් යෑම බෝට්ටු ආධාරයෙනි.

යුරෝපා රටවල් අතරින් ඇවිදින මංතීරු ආදියෙන් අලංකාරයට ලක් වුණු නගර අතරින් කැපී පෙනෙන නගරයක් වන්නේ ‘බර්ගෙන්‘ ය. නගරයේ එක් කොටසක් වරායට සම්බන්ධ වෙයි. 1930 දශකයේ කුඩා ධීවර ගම්මානයක් වූ ‘බර්ගෙන්’ අද ලොව නවීන පන්නයේ නගරයක් ලෙස සැලකිය හැකිය. නෙදර්ලන්තයේ අගනුවර ලෙස සැලකෙන්නේ ඇම්ස්ටඩෑම්ය. නගරය පුරා දිය පහරවල් දකින්න ලැබෙන අතර, ඒවා වට කර ගනිමින් අලංකරණ කටයුතු සිදු කර තිබේ. නගරයේ වඩාත්ම සුන්දර වීදි රැසක් දකින්න ලැබේ. නෙදර්ලන්තයේ අල්ක්මාර් ද තවත් සුන්දර නගරයකි. සංචාරක ආකර්ශනයකි.
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සුන්දර කඳු පංතියකින් සහ සුන්දර මුහුදු තීරයකින් සමන්විත වෙයි. නගරයේ පැරණි සුන්දරත්වය ආරක්ෂා කරමින්, නවීන ක්‍රමයට එය අලංකාර කිරීමට දකුණු අප්‍රිකා රජය කටයුතු කර තිබේ. අප්‍රිකා මහද්වීපයේ සංවර්ධිත අලංකාර නගරය ලෙස ද කේප්ටවුන් සැලකිය හැකි බව විදෙස් සංචාරකයන්ගේ අදහසය. ඇමෙරිකාවේ නිව් ඕලන්ස් වරාය නගරය සංස්කෘතික වශයෙන් සහ ඓතිහාසික වශයෙන් පොහොසත්ය. නිව් ඕලන්ස් නගරයේ සුන්දරත්වය වඩාත් හොඳින් කැපී පෙනෙන්නේ රාත්‍රී කාලයටය. සුන්දර මුහුදු වෙරළ තීරයකට මුහුණලා පිහිටි ඉතාමත් අලංකාර නගරයක් ලෙස බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ හැඳින්විය හැකිය. රියෝ දි ජිනැයිරෝ උදෑසන සිට රාත්‍රිය තෙක් කාර්ය බහුල ස්ථානයකි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොහෝ දෙනාගේ ආකර්ශනය දිනා ගෙන ඇත්තේ නගරයේ ඇති ස්වභාවික සුන්දරත්වය නිසාය. නගරය සංවර්ධනය වී ඇත්තේ එම ස්වභාවික සුන්දරත්වය රැක ගනිමිනි. ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය ඇමෙරිකාවේ ප්‍රධානතම සංචාරක ආකර්ශනය දිනූ නගරයයි.

නගර අලංකාරය කිරීමේ දී එම නගරවලට පෞරාණික වටිනාකමක් ඇතිනම් ඒවා ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දී තිබේ. රාත්‍රී කාලයේ නගර ආලෝකමත් කිරීමට සූර්ය බල ශත්තිය භාවිතයට ගන්නා අයුරු මෙම නගරවලින් බොහොමයක දකින්න ලැබේ. එංගලනයේ බ්‍රයිටන් නුවර ද දෙස් විදෙස් සංචාරකයන්ගේ ආදරයට ලක්වුණු තැනකි. තේ පානය සඳහාත්, ‘සී ෆූඩ්’ සඳහාත් ප්‍රකට අවන්හල් රැසක් දකින්න ලැබේ. ඊට අමතරව නැවුම් එළවළු සහ පලතුරු ආහාරයට ගත හැකි අවන්හල් කීපයක් දබ්‍රයිටන් නුවර පිහිටා ඇත. කැනඩාවේ වැන්කුවර් නගරය අනෙක් නගර හා සැසඳීමේදී සුවිශේෂී එකකි.

සෑම කෙනකුටම අවශ්‍ය සෑම දෙයක් ම ඇති නගරයක් ලෙස වැන්කූවර් සැලකිය හැකිය. නගරයේ වනජීවීන් ආරක්ෂා කර ගනිමින්, අක්කර සීයයක භූමියකින් යුත් උද්‍යානයකි. ස්ටෑන්ලි පාක් යනුවෙන් මෙම උද්‍යානය හැඳින්වෙයි. උද්‍යානය හරහා ඇවිදින මංතීරු ඉදිකර තිබෙන අතර, ස්වභාවික සුන්දරත්වය රස විදීමට අවස්ථාවක් ඒ අනුව ලැබේ. විවිධාකාරයේ මිශ්‍ර සංස්කෘතියක් වැන්කූවර් නුවර දකින්න ලැබේ.

(*** ලුසිත ජයමාන්න
ලෝන්ලි ප්ලැනට් ඇසුරිනි)



අදහස් (13)

ඇවිදින මංතීරුවලින් සුන්දර වූ ලෝකයේ රටවල්

Gayan Monday, 27 September 2021 11:43 AM

අලියට කලින් හෙන්ඩුව අරගෙන වැඩක් වෙයිද ?ඔය රටවල් ඔක්කොම දියුණුයි .අපි වගේ නෙවෙයි .අපිට විසඳගන්න ප්‍රශ්න ගොඩක් තියනවා .ට්‍රැක් එකක ඇවිදින්න කලින්

:       24       57

jagathMonday, 27 September 2021 07:12 PM

ඇත්ත. අපේ රටේ ප්‍රමුඛතා අනිකුත් රටවලට වඩා වෙනස්...

:       8       34

gamunuTuesday, 28 September 2021 05:57 AM

ඇවිදින මංතීරු, පා පැදි මංතීරු අවශ්‍ය කණ්ඩායම සහ අවශ්‍ය නොවන කණඩායම එකඟත්වයකට පැමිණියහොත් ප්‍රශ්නයට විසඳුමක් සොයාගැනීමට ඉතාම පහසුයි..

:       1       11

Akila Monday, 27 September 2021 12:23 PM

මම නම් හරිම කැමතියි ඔය පොළොන්නරුවේ වැව වටේ ඇවිදින මන්තීරුව කෙසේ හෝ ඉදිවෙනවා නම්..., දැම්මාට පස්සේ නම් ඔය බනින කට්ටිය පවුල් පිටින් ඇවිල්ලා ඉඳීවී සති පොළ වගේ ඔතන..

:       26       45

janahithaMonday, 27 September 2021 01:58 PM

මේවා අපේ රටට අවශ්‍ය නැහැ. දුගී, දුප්පත් ජනතාවට නිවාස තනාදෙන්න පුළුවන්..

:       29       24

අප්පුහාමිTuesday, 28 September 2021 05:57 PM

මූලික මිනිස් අවශ්‍යතා සම්පූර්ණ වීමෙන් පසුව අනෙක් අවශ්‍යතා ගැන බැලීම සුදුසුයි. මේ වනවිට ශ්‍රිලංකාවේ සමහර පෙදෙස්වල කුසට අහරක් නැතිව සිටින පිරිස් අලින්ගෙන් වගා හානිවීම් නිවාස අහිමිවීම් අනන්තවත් සිදුවෙද්දී ගමට නගරයට රෝහලට දරුවන්ට පාසලට යාමට පාරක්, ගඟ හරහා යාමට පාලමක් තම වගාවන් වෙළඳපළට ගෙන යාමට ක්‍රමයක් නැතිව මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිව ලතවෙන පිරිස් අනන්තවත් රූපවාහිනී මාධ්‍ය මගින් දකිමු.. ඒ ගැන නොදන්නා මූලික මිනිස් අවශ්‍යතා කුමන ක්‍රමයෙන් හෝ සම්පූර්ණ කරගත් පිරිස් ඉතා සංවර්ධිත රටවල දකින දේ මෙරටට ගෙන ඒමට වැඩ කරති. මෙරට අසරණයින්ට කවදා පිහිටක් ලැබේවිද?

:       3       13

janahitha UAE Monday, 27 September 2021 01:55 PM

පෞරාණික පරාක්‍රම සමුද්‍රයට අත නොතබනු. නූතන සිංහලයන් පෞරාණික වැවට කියන්නේ ‘‘පොළොන්නරුවේ‘‘ වැව කියලා...

:       17       18

janahitha Monday, 27 September 2021 01:57 PM

එදාවේළ කන්න නැති, හිසට සෙවනක් නැති ජනතාවට පළමුව පිහිට වෙමු. ඉන්පසුව සුනඛයන්ටත්, ගවයින්ටත්, අලින්ටත්, මිනිස්සුන්ටත් ඇවිදින මංතීරු ඕනතරම් හදා කොමිස් මුදල් ලබාගත හැක.

:       17       35

බද්රානි Monday, 27 September 2021 08:23 PM

දැන් මේ කියන්නේ, යුරෝපා රටවල් නගර අලංකාර කරගෙන ඇත්තේ, බංගලාදේශයෙන් හිඟා කාගෙන චීනෙන් ගිනිපොලියට ණය අරගෙන කියලද? ප්‍රංශයේ හැදුවේ, ගිනිපොලියට අරගෙනද? අනෙක, එක පැලැන්තියකට පමණක් අවශ්‍ය සංවර්ධනය නෙමේ ඒ රටවල සිදුවන්නේ. දැන් ඔය නෙළුම් කුලුණට මේ රටේ සියලුම පුරවැසියන්ට යා හැකිද? ණය අරගෙන කල එම ව්‍යාපෘතියෙන් ලැබෙන ආදායමක් තියනවාද? සංවර්ධනයට මුවාවී තක්කඩි පාලකයින්ගේ පොකට් එකට වැටෙන ගාන අනුව තමයි මේ සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ. එක අතකට තුන්වේල කන්න නැති බොන්න පිරිසිදු වතුර ටිකක් නැති හිඟන ජාතියකට මොන ඇවිදින මන්තීරුද? ඒ වුණාට රටේ හිඟන්නෝ රැල ජීවත් වෙන්නේ හොර තක්කඩි පාලකයින්ගේ උජාරුව හිතට අරන්, ඔහොම වෙලා මදි අයට...

:       12       38

තරින්ද Monday, 27 September 2021 09:04 PM

ඇවිදින මංතීරුව හදන්න අලි වැටකුත් ගලවලා, දැන් අලි ගම වදිනවා. මේ වගේ අටුව කඩලා පුටුව හදන වැඩ නොකර ඉන්නවා නම් තමයි රටට, ජනතාවට හොඳ... අනික දාලා තියෙන පින්තුරේ දිහා බැලුවාම පේනවා නේද, පරාක්‍රම සමුද්‍රය වගේ ගම්බද නිස්කලංක තැනක් නොවන බව... මේවා නගර මධ්‍යයේ තියෙන වැව්... ඒකයි වෙනස, කුරුණෑගල වගේ නගර ආසන්නව ඇති වැව් පිළිසකර කර මෙවැනි පහසුකම් දෙනවා නම්, කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ...

:       3       11

Anta Tuesday, 28 September 2021 04:05 AM

පිස්සු තමා

:       2       5

Rohana Tuesday, 28 September 2021 08:29 AM

අපට මේ සැම නස්පැත්තියකට මුල්වෙලා තියෙන්නේ රටට ගැලපෙන සංවර්ධන සැලැස්මක් නැතිකමයි. පිටරට යම්යම් දේවල් කොපිකරන්න ගිහින් අමාරුවේ වැටීමයි. ඒ රටවල ඇවිදින මංතීරු සාදා ඇත්තේ කිසියම් විද්‍යාත්මක ක්‍රමයකට වන අතර එයින් පරිසරයට හෝ පෞරාණික බවට හෝ සංස්කෘතියට හානියක් වී නොමැත. මෙම කරැණු සම්පූර්ණ වී තිබේනම් ඇවිදින මංතීරු හැදුවාට ජනතා විරෝධයක් නොමැත. ඒ අනුව රලපනාව තල්ලුකර එතන ඇවිදින මංතීරුවක් හදනවා කියන්නේ කරුණු අධ්‍යයනය නොකර නිකම් මෝඩකමට පිටරට දේවල් ගෙඩිය පිටින්ම කොපිකිරීමකි. ඇරත් ලංකාව වගේ දුප්පත් රටවලට ඇවිදින මංතීරු හදනවට වඩා ප්‍රමුඛතාවය දියයුතු දේවල් කොතරම් තිබෙනවද.

:       3       15

nuwa Wednesday, 29 September 2021 12:27 PM

ඒ රටවල් මිනිස්සුන්ට කන්න දීලා තමයි ඇවිදින මංතීරු හැදුවේ. මුලින්ම මංතීරුව හදන එක නිකම් කලිසම නැතුව ටයි ඒක දානවා වගේ වැඩක්..

:       2       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1066 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4554 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site