බත්තරමුල්ල මාදිවෙල තෙත්බිම් උද්‍යානය මැදින් ගලා යන ඇළ මාර්ගය ප්ලාස්ටික් සුසාන භූමියක් බවට පත්වී මුළුමහත් පරිසරයම නරකාදියක් බවට පත්වී තිබෙනු පසුගියදා අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයකින් රටටම දැකගත හැකි විය. මේ අපරාධයට වගකිවයුත්තේ එම ඇළ මාර්ගය තමන්ගේ කුණු ශුද්ධ පවිත්‍ර කරගැනීමේ පවිටු චේතනාවෙන් ක්‍රියා කරමින් ලොකු ලොකු යාන වාහනවලින් පැමිණ මලු පිටින් කුණු විසි කරන නෝනලා සහ මහත්වරුන් බව අවට ප්‍රදේශවාසීන් පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
පරිසරය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව කිසිදු සංවේදී බවක් නොපෙන්වන නරුම පුද්ගලයන් අතින් දූෂණයට ලක්වන මාදිවෙල ඇළ මාර්ගය වැනි ස්ථාන බොහෝ සංඛ්‍යාවක් කොළඹ නගරය තුළම පවතී. පාර්ලිමේන්තු සංකීර්ණයට යාබද ඇළ මාර්ගයක් පසුගිය දිනවල කුණු තෙල් තට්ටුවකින් වැසී යාමද තවත් එක් උදාහරණයකි. එසේ තෙල් තට්ටුවක් මෙන් පෙනී ගොස් ඇත්තේ එම ඇළ මාර්ගයට විශාල වශයෙන් අපද්‍රව්‍ය එක්වීම නිසා බව අනාවරණය විය. ආරක්ෂාව අතින් ප්‍රමුඛස්ථානයක් වන පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල පරිසරයත් මේ ආකාරයට දැඩි දූෂණයට ලක්වන්නේ නම් සෙසු ස්ථාන පිළිබඳ කතා කිරීමත් පලක් නැත.
ප්ලාස්ටික් පිරී ගිය මෙම ඇළ මාර්ගය පිහිටි මාදිවෙල අක්කර 38ක භූමිභාගය කුරුලු උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කර ඇතැයි පසුගිය දිනවල ප්‍රකාශයට පත්විය. එම ප්‍රකාශයත් සමඟ ඊට විරෝධය පාමින් විවිධ පරිසරවේදීන් සහ දේශපාලනඥයන් පෙනී සිටි බව ද දක්නට ලැබිණි. එහෙත් මිනිසුන් පිරිසකගේ පිළිකුල් සහගත ක්‍රියා හේතුවෙන් මුළු ඇළ මාර්ගයම ප්ලාස්ටික් කනත්තක් බවට පත්වී විනාශයට යාම පිළිබඳව මේ දේශපාලනඥයන්ටත් පරිසර සංවිධානවලටත් වගේ වගක් නැත. ඇළට කුණු විසි කරන ලොකු ලොකු කට්ටිය තම තමන්ගේ හිතවතුන් වීම එසේ හැසිරීමට හේතු වී ඇත්දැයි සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.
පරිසර සංවිධානවල සහ ඇතැම් දේශපාලනඥයන්ගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසියකු ප්‍රකාශ කර තිබුණේ මාදිවෙල තෙත් බිම් කලාපය විනාශ වීම අතීතය දක්වා දිවයන අපරාධයක් බවය. ජේ.ආර්. ජයවර්ධන රජය පාර්ලිමේන්තු සංකීර්ණය ගොඩනැංවූ අවධියේ මේ පළාත්වල කුඹුරු මඩවලින් පුරවා යටකර දැමූ බවට ද පළාතේම කුණු නගර සභාවලින් ගෙනැවිත් එම කුඹුරු ඉඩම්වලට දමා ගඳ ගැස්වූ බවට ද ඔහු චෝදනා කර තිබිණි. මේ නිසා පොඩි වැස්සටත් ගෙවල් යට වන බව ද වර්තමානයේ වාහනවලින් පැමිණ කුණු විසි කරන නෝනලා මහත්තයලා තමන් මග රැක සිට අල්ලාගත් බව ද ප්‍රකාශ කර තිබූ ඔහු දැන් මාධ්‍ය සංදර්ශන පවත්වන පරිසරවේදීන් සහ දේශපාලනඥයන් එදා සිටියේ කොහේදැයි ප්‍රශ්න කර තිබිණි.
පරිසර සංවිධානවලින් පරිසරය රැකගැනීම සඳහා ඉටුවන කාර්යභාරය අවතක්සේරු කිරීම අපගේ අරමුණ නොවන බව පෙන්වා දිය යුතුය. එහෙත් යම් පළාතක සංවර්ධන කටයුත්තක් ආරම්භ කරන සෑම අවස්ථාවකම ඊට විරෝධය පෑම පරිසර සංවිධානවල මූලික පරමාර්ථය නොවිය යුතු බව ද ඒ සමඟ සඳහන් කළ යුතුය. මාදිවෙල අක්කර 38ක භූමි කලාපය උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීම එම පළාතේ පරිසරය පෝෂණය කෙරෙන පරිසර හිතකාමී ව්‍යාපෘතියකි. කුරුලු උද්‍යානයක් සැකසීම පරිසරය විනාශ කිරීමක් විය නොහැක. පරිසර සංවිධානවල ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මාදිවෙල තෙත්බිම ප්ලාස්ටික් කනත්තක් බවට පත්කරන පරිසර දූෂකයන්ට විරෝධය පෑම මිස පරිසරයට අදාළ සෑම ව්‍යාපෘතියක්ම මාධ්‍ය සංදර්ශන බවට පත්කර ගැනීම නොවන බව අපගේ විශ්වාසයයි.
රටේ සංවර්ධන කටයුතු කිරීමේදී ඇතැම් විට පරිසරයට හානිවන කටයුතු සිදුවන බව නොරහසකි. එවැනි හානි හැකි තරම් අවම කරගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අදාළ ආයතනවල වගකීමය. මාදිවෙල තෙත්බිම් කලාපයේ ඇළ මාර්ගය දැඩි ලෙස දූෂණය වී ඇත්තේ මිනිසුන්ගේම වරදින් මිස එවැනි ව්‍යාපෘතිවල වරදකින් නොවන බව පැහැදිලිය. එවැනි තත්ත්වයකදී එම පළාත කුරුලු උද්‍යානයක් ඉදිකර පරිසරය සංරක්ෂණය වන ව්‍යාපෘතියක් ඇරඹීමට විරෝධය දක්වන දේශපාලනඥයන් සිටිත් නම් ඔවුන් එසේ කරන්නේ දේශපාලන ආත්මාර්ථය සඳහා මිස යහපත් චේතනාවකින් නොවන බවත් පෙන්වා දිය යුතුය. ඕනෑම ව්‍යාපෘතියකට එරෙහි වීම තමන්ට ලකුණු දමාගැනීමක් වශයෙන් සලකා කටයුතු කිරීම දේශපාලනඥයන්ගේ අරමුණ නොවිය යුතුය. පරිසරයට ප්ලාස්ටික් කුණු එකතු වීම වළක්වා ගැනීමේ ව්‍යාපෘති සහ පරිසරය ආරක්ෂා කර ගැනීම දේශපාලනයට අදාළ කරගත යුතු නැත.
මේ අතර ජනතාවට ව්‍යායාම් කිරීම සඳහා ඇති උද්‍යාන වනසන නරුමයන්ද සිටින බව මෑතක සිට දක්නට ලැබේ. ඊට හොඳම උදාහරණය වශයෙන් නුගේගොඩ අති මනස්කාන්ත උද්‍යාන දැක්විය හැකිය. විවේක ගැනීමට එහි එන නරුමයන් තැන් තැන්වල ප්ලාස්ටික් කෝප්ප, ආහාර පාර්සල් ඔතා ඇති පොලිතින් බෑග්, සමහර වෙලාවට කෑමෙන් පසු ඉතිරි වූ ආහාර සමග පොලිතින් බෑග් ද දමාගොස් ඇති ආකාරය දැකගත හැකිය. මේ නරුමයන්ට වෙනම අපායක් තිබිය යුතු යයි එහි එන පරිසරවේදියෝ පවසති.
(***)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇළ මාර්ග - පොදු ස්ථාන වනසන නරුමයෝ