ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වී තිබේ. සති ගණනක් තිස්සේ පැවැති අරගලය අවසානයේ දී තලෙයිබාන්වරු අශ්රෆ් ගානි ජනාධිපතිවරයාගේ නිල නිවෙස වට කළහ. ඔහු නික්ම යෑම සමග තාවකාලික ජනාධිපතිවරයකුගේ පාලනයකට එකඟ වී ඇත.
ඇෆ්ගනිස්තානයේ ඉකුත් දශක දෙක තුළ ගෙන ගිය වැඩපිළිවෙළ එක්තරා අවසානයකට පැමිණ ඇත. බටහිරට නතු එරට පැලැන්තියක් එරට රිද්මය වෙනස් කරන්නට වැර දරන ලදී. අන්තවාදී සහ පැරැණි දැඩි මතධාරී ශිෂ්‍ය කණ්ඩායමක් වන තලෙයිබාන්වරු එයට එකඟ නොවූහ. දිගින් දිගටම ගැටුම් ඇති කළේය. නගරයේ ජීවත්වන බටහිරට අනුව හිතන සමාජය සහ පිටිසරබද ජනතාවගේ තද ආකල්ප අතර නොගැළැපීම මෙයට හේතු වූ බව පෙනේ. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් මෙකී අභ්‍යන්තරය වටහා ගත්තේ නැත. තමන්ට හිතවාදී නාගරික කණ්ඩායම ගැන පමණක් අවධානය යොමු කළ අතර රට තුළ පවතින ගැඹුර අධ්‍යයනය නොකළේය.
ඉකුත් විසි වසර තුළ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැය කර ඇත. දස දහස් ගණනක් ඇෆ්ගන් හමුදා භටයන්ට හමුදා පුහුණුව ලබා දී තිබේ. දක්වන වාර්තා අනුව ඇමෙරිකානු භටයන් 2,448ක් ඇෆ්ගනිස්තානයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විසිඑක් දහසක පමණ පිරිසක් එහි මෙහෙයුම්වල දී තුවාල ලබා ඇත. දහස් ගණන් ඇමෙරිකානු භටයන් මානසික අවුල් සහිතව නිහඬවම ආපසු නික්ම ගොස් ඇත. තවදුරටත් ඇෆ්ගනිස්තානය වෙත අවධානය යොමු නොකරන බව ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත.
එරට වැසියන්ගේ අභිමතාර්ථ ඉක්මවා ලෝක බලවතුන්ගේ අභිලාශ සඳහා පැවැති උග්‍ර තරගය අවසානයේ දී තලෙයිබාන්වරු අත්පත් කරගත් වාසිය මෙහි දී අධ්‍යයනය කිරීම වැදගත්ය. ලෝකයේ රටවල් ගණනාවක් විසින් කරන ලද අතපෙවීම අවසානයේ දී උග්‍ර මුහුණුවරක් ගත්තේය. ඇෆ්ගනිස්තානය ලෝක බල කඳවුරුවල පාපන්දුවක් බවට පත්විය. තලෙයිබාන්වරු එය නැවත තමන් වෙත අත්පත් කරගෙන ඇත. පිටින් එන කණ්ඩායම් රටක පැවැත්මට කරන බලපෑම සියුම්ය. උත්සාහය ව්‍යර්ථ වන අවස්ථාවේ දී අත්හැර දමන ස්වභාවය ගැන අවබෝධ කරගන්නට ද ඇෆ්ගන් සිද්ධිය හොඳ උදාහරණයකි.
තලෙයිබාන් තරුණ සටන්කාමීන් හිස ඔසවන්නේ 1990 ගණන්වලදීය. ඉස්ලාම් සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් ඔවුහු පෙනී සිටියහ. එම පිරිස් එරට කාන්තාවන්ගේ අයිතීන් පාලනය කළහ. හිජාබ් ඇඳුම අනිවාර්ය කළේය. ආගමික බලපෑම තද කරන ලද අතර කාන්තාවන්ට නිවෙසේ රැඳෙන්නට බල කළ බව සඳහන් කළ යුතුය. කාන්තා අධ්‍යාපනය හෝ වෘත්තීය අවස්ථා තහනම් කළේය. මේවා වෙනස් කිරීම බටහිර පාලකයන්ගේ සහ නාගරික පිරිසගේ වුවමනාව වී තිබුණි.
තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීම සමග ජාත්‍යන්තර දේශපාලනය කැළඹී ඇත. ඇමෙරිකානු හිතවාදී රටවල් පැත්තකට වී තිබේ. චීනය හා රුසියාව අලුත් පාලකයන් සමග සාකච්ඡා අරඹා ඇත. ඇෆ්ගනිස්තානයේ යටිතල පහසුකම් දියුණු කරන යෝජනා ක්‍රම යෝජනා කර තිබෙන බව අනාවරණය වෙන අලුත් පැත්තකි. ලෝකයේ පැවැත්ම එක හා සමාන විය යුතු ද සහ විෂමතා තුළින් වෙනස්ම හැඩතල පෙන්නුම් කළ යුතු ද යන්න කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පවතින කරුණකි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර කඳවුර එයට බලමින් සිටියේය. බටහිර අධිපතිවාදී මත හැසිරවීම් ලිහිල් වී ඇත. නවීන මාධ්‍ය භාවිතාව එයට බලපා ඇති එක කාරණයකි. ලෝකය එකම තනි යායක් කරන්නට ප්‍රයත්නය වෙනුවට එකිනෙකට වෙනස් ඇදහිලි, සංස්කෘතික අනන්‍යතා සහිත පාලන ක්‍රම මතුවෙමින් තිබේ.
ජනතාවගේ සිතුම් පැතුම් එම රටවලටම තීරණය කරන්නට ඉඩ දෙන පියවර ඉතාම වැදගත්ය. ප්‍රශ්න අපම විසඳාගත යුතුය. එක පැත්තකින් ආධාර දෙන අතර අනෙක් පැත්තකින් ඔවුන්ගේ රාමුවලට රටවල් ඇතුළු කරගන්නට දරන ඍජු හා වක්‍ර බලපෑම් බටහිරෙන් පමණක් නොව චීනය ප්‍රමුඛ අනෙක් කඳවුරෙන් ද එල්ලවිය හැකිය. ජවහල් ලාල් නේරු මහතා වරක් ප්‍රකාශ කළ පරිදි සියලු පැතිවලින් හමා එන සුළඟ ඇතුළු වෙන්නට දොර ජනෙල් විවෘත කරන නමුත් එම සුළඟෙන් ගසාගෙන යන්නට ඉඩ දිය යුතු නැත.
(***)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇෆ්ගනිස්තානය දෙස අවධානය අවශ්‍ය ඇයි?
අතුල සෞදි Wednesday, 18 August 2021 11:22 AM
මෙය තවත් එක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල අසාර්ථක මැදිහත් වීමකි.ඉරාකයට කළේ ද මේ දේමය. බටහිර ගැති අපේ පාලකයන් ද මේ දේ වටහාගත යුතුය.
Raveendra Wednesday, 18 August 2021 04:59 PM
සහතික ඇත්ත. ඉරාකය පමණක්ද? ලිබියාව මෙන්ම සමහර අප්‍රිකානු රටවල් නන්නත්තාර කර ඇත්තේ කව්රුන්ද...? එලෙසම මානව හිමිකම් නමැති මරණාධාර සමිතියට මුවාවී කරන විනාශයන්... අවාසනාවකට බටහිර කිව්වොත් අපේ සම "හරක්" මී හරකුන්ට ඔලුවෙන් හිටගෙන ශරීර කෘත්‍යය කරපියව් කියා එලෙසම කරනු නියතයි. ඒ තරමටම අපේ සමහර කාලකන්නි බටහිර ගැත්තන්ය.
Jude perera Thursday, 19 August 2021 11:15 AM
ඔක්කොම බටහිරට බැනලා යන්නෙම බටහිර රටවලට පදිංචියට .එකෙක් නැහැ චීනේ යන