IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු

ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයන් විස්මයට පත්වන ආකාරයේ තොරතුරක්  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා හෙළි කළේය. CMA Sri Lanka ආයතනය විසින් පසුගිය සතියේ පැවැති රැස්වීමකට සහභාගි වීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් පුරෝකථනය කරන ලද ඉලක්කවලට වඩා සැළකිය යුතු මට්ටමකින් ඉහළ වර්ධන වේගයක් ඇතිවන බව ආචාර්ය වීරසිංහගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ද ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතන විසින් ද අපේක්ෂා කරන ලද්දේ ඒ ආකාරයේ මධ්‍ය මට්ටමකින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සිදුවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළඹුණු විස්තීරණ ණය පහසුකම් ලබාදීමේ ගිවිසුමට පාදක කරගනු ලැබුවේ එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපාමින් තිබු කරුණුය. විදේශ ණය ගෙවීමට නොහැකි බව ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු බොහෝ ආර්ථික අංශවල සැළකිය යුතු මට්ටමක කඩා වැටීමක් සිදුව ඇති බව පිළිගැනීමට සිදුවේ. ඉහළ පොළී අනුපාතික, ඉහළ උද්ධමනය, ඉහළ විදුලි බිල සහ ඉන්ධන මිල ආදිය හේතුවෙන් රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස බඩු මිලදී ගැනීම් ඉහළ ගියේය. එවැනි හේතු නිසා ආර්ථික ක්‍රියාකාරීත්වය පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස්වීම්වලට බඳුන් විය. සරලව ප්‍රකාශ කරන්නේ නම් ආර්ථිකය තුළ බොහෝ නිෂ්පාදන හා සේවා අංශ බිඳ වැටී නිෂ්පාදනය පහළ වැටීමක් ඉන් අදහස් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ ගිවිසුම අත්සන් කරන විට පැවති එම තත්වය අනුව 2024 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිවේ යැයි අපේක්ෂා කළ නොහැකි විය. බංකොලොත් බව ප්‍රකාශයට පත්කරන විට පැවැති ආර්ථික තත්වය ක්ෂණිකව වෙනස් කිරීමට හැකියාවක් නොවීය. විස්තීරණ ණය පහසුකම ලැබීමෙන් සෑහෙන කලකට පසුව ආර්ථිකය යථා තත්වයට පත්වනු ඇතැයි යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස විය. එළඹ ඇති එකඟතා බොහොමයකට පදනම් කර ගන්නා ලද්දේ එම අවස්ථාව වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් අමාත්‍යාංශය සහ රජය ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ එම අදහස් හා මත බව පෙනී යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ අනුව පුරෝකථනය කළේ 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2 කින් ඉහළ යනු ඇති බවයි.

කෙසේ වුවද ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ නිගමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා මදක් වෙනස් විය. ලෝක බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේදී සියයට 2.2 වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබුණි. ලෝක බැංකුව ද ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි නිගමනය කර ඇත්තේ එම බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ආර්ථික විවරණ පදනම් කරගෙනය. කෙසේ වුවද මහබැංකු අධිපතිවරයා විසින් 2024 ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නව පුරෝකථන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවත්නා බව පෙන්නුම් කරයි. මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය සියයට 5.4 කින් වර්ධනය විය.

2023 වසරේ තුන්වැනි කාර්තුව වන තුරුම සැළකිය යුතු කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වර්ධනයක් පෙන්නුම් කළේය. ඊට පෙර කාර්තු හයකදීම ශ්‍රී ලංකා ආර්ථිකය වාර්තා කළේ සෘණ වර්ධනයකි. එවැනි තත්වයක් තුළ ඉතා ඉක්මනින් ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීමක් අපේක්ෂා කළ නොහැකිය. ශ්‍රී ලංකාව සහ අයිඑම්එෆ් අතර ඇතිකර ගන්නා ලද ණය ගිවිසුම අනුව ආර්ථික කළමනාකරණය සඳහා විවිධ උපාය මාර්ග යොදා ගැනීමටත් සමහර ආර්ථික අංශ සම්බන්ධයෙන් මීට පෙර පැවැති තත්වයට වඩා වෙනස් අරමුණු මත කටයුකු කිරීමටත් සිදුවිය. උද්ධමනය පාලනය කිරීම සඳහා පොළී අනුපාත ඉහළ දැමීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. රටේ උද්ධමන අනුපාතය වාර්තාගත අන්දමින් ඉහළ ගියේය. එය පාලනය කිරීම සඳහා පොළී අනුපාතය ඉහළ දැමුවේය. ඉහළ පොළී අනුපාත ආර්ථික වර්ධනය සඳහා දායකත්වයක් දෙන්නේ නැත. ඒ හේතුවෙන් බොහෝ නිෂ්පාදනවල නිෂ්පාදන වියදම ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ආර්ථික වර්ධන අනුපාතය පහත වැටීමට එය හේතුවක් වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සියයට දෙකක් ලෙස මේ වසරේ ආර්ථික වර්ධනය පුරෝකථනය කරන විට අද පවතින සාධක සැළකිල්ලට ගනිමින් මහබැංකු අධිපතිවරයා සියයට 4 ක වර්ධනයක් ඇතිවන බවට පුරෝකථනය කර තිබේ. ආර්ථිකයේ මෑතකාලීන උපනති දෙස බලන විට මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයේ ප්‍රබල වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කිරීම සාධාරණ බව පෙනේ. බොහෝ ආර්ථික අංශවල සැළකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබේ. 2024 වසරේ පළමුවන භාගය (ජනවාරි - ජුනි) රටේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3144 දක්වා ඉහළ ගියේය. 2023 වර්ෂයේ එම කාලය තුළ ලබන ලද ආදායම ඩොලර් මිලියන 2833 ක් විය. එම කාලය තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 කින් වැඩිවී තිබේ. ජුලි මස දක්වා මාස 03ක කාලය තුළ සෑම මාසයකදීම ඩොලර් මිලියන 500 කට වැඩි ප්‍රේෂණ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් රටට ලැබී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඒ ආකාරයටම සමහර ආර්ථික අංශයන්හි හිතකර වෙනස්කම් ඇතිව තිබෙන ආකාරය ද දැකගත හැකිය. මෙම කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 20 කින් ඉහළ ගියේය. ඊට පෙර කාලය තුළ අඛණ්ඩව අත්දැකීමට හැකි වූයේ එම වෙළෙඳපොළෙන් ඉවත්කර ගන්නා විදේශ ආයෝජන ප්‍රමාණය එම වෙළෙඳපොළට එන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතීමයි. එසේ වුවද දැන් කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන ඉවත්කර ගැනීම්වලට වඩා එකතුකර ගැනීම් ඉහළ මට්ටමක පවත්නා බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවෘත වෙළෙඳපොළ කටයුතු පිළිබඳව දින කීපයකට පෙර ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තැන්පතු (රුපියල් තැන්පතු) ඩොලර් ට්‍රිලියන 11 කින් වැඩිවී ඇති බවයි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පසුගිය කාලපරිච්ඡේදය තුළ දැඩි අර්බුදයකට මුහුණ දී සිටියේය. කොවිඩ් වසංගත කාලය තුළදී ප්‍රදේශ වසා දැමීම සහ විවිධ සම්බාධක පැනවීම වැනි හේතු නිසා ව්‍යාපාර කටයුතු නවතා දැමීමට සිදුවිය. ආර්ථික අර්බුද සමයේදී ද නිෂ්පාදන හා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් වැසී ගියේය. අපනයන, කෘෂිකාර්මික, තාක්ෂණික සහ සංචාරක වැනි අංශවලට එම තත්වය දැඩි ලෙස බලපෑ අතර විශාලම බලපෑම එල්ල වූයේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලැබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බව පෙනේ.

මෑතකදී මෙම අංශ සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙනේ. එම අංශවල නිෂ්පාදන කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතුවල ද සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. මේ වනවිට ආර්ථිකයේ සෑම අංශයකම පෙන්නුම් ‍කෙරෙන්නේ කෝවිඩ්වල සිට ආර්ථික අර්බුදය දක්වා කාලය තුළ මුහුණදෙමින් සිටි තත්වයට වඩා සුබදායක වෙනසක් ඇතිව තිබෙන බවයි. 2024 පළමුවන කාර්තුවට අදාළ සංඛ්‍යා දත්ත පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනේම කැපී පෙනෙන සාධනීය වෙනස්කම් ඇතිව තිබෙන බවයි. සියයට 5.4 ක් වැනි ඉහළ වර්ධන අනුපාතයක් ඇතිවීමට එම කාර්තුවේදී හැකිවී තිබෙන්නේ ඒ ආකාරයට ආර්ථිකයේ සෑම අංශයකම සිදුව තිබෙන සුබදායක වෙනස්කම් හේතුවෙනි.

මෙම තත්වය වඩා හොඳින් පිළිබිඹු වන්නේ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳ වාර්තා මගිනි. බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට පෙර තත්වය හා සසඳන විට විදේශ සංචිත සුළු ප්‍රමාණයක් හෝ පවත්වාගෙන යෑම සැළකිය හැක්කේ මහා විසඳුමක් ලෙසය. ඊට හේතුව බංකොලොත් බව ප්‍රකාශයට පත්කරන විට වරායට පැමිණි ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බිල්පත් පියවීමට අවශ්‍ය කරන සුළු මුදලක් හෝ ගෙවීමට නොහැකි තත්වයකට රට පත්ව තිබීමයි. එහෙත් මේ වසරේදී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7 දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දී එය ඩොලර් බිලියන 4.4 ක් විය. මෙම කෙටි කාලය තුළදී විදේශ විනිමය සංචිත විශාල ලෙස ඉහළ ගොස් ඇති ආකාරය ඉන් පැහැදිලි වේ.

2024 වර්ෂයේදී රටේ ආර්ථික වර්ධන වේගය සියයට 2 ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේය. ලෝක බැංකුව එය සියයට 2.2 ක් වනු ඇතැයි පුරෝකථනය කළේය. ශ්‍රී ලංකාවේ මහබැංකු අධිපතිවරයා පසුගිය සතියේදී ප්‍රකාශ කළේ රටේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4 ක මට්ටමක පත්වනු ඇතැයි ද එය අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි ද යන්නයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට වඩා දෙගුණයකින් වැඩි පුරෝකථනයක් මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කර තිබේ. අනුගමනය කරන ලද සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය ඉතා ඉහළ වේගයකින් වර්ධනය වන බවත් එය අපේක්ෂා කරන මට්ටම මෙන් දෙගුණයක් වී ඇති බවත් පැහැදිලි වේ. එය ආර්ථිකයේ විස්මයජනක වෙනස්කමකි.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (6)

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු

wedage Wednesday, 07 August 2024 01:10 PM

පිස්සු නැත්නම් හොඳයි මේ අයිඑම්එෆ් අය කියන දේවල් බාරගන්නේ කවුද?

:       26       21

ජනරළ Wednesday, 07 August 2024 03:04 PM

අනේ ඒක නේන්නම්... ආර්ථිකයේ මාර විස්මයජනක තත්වයක් තියෙන්නේ. කොහේද ඉතින් ඒ පාර ඔක්කෝම හොර තක්කඩි කට්ටිය පෝලිමේ ගිහින් ඒ පැත්තට එකතු වෙලානේ. දිගට හරහට ආයෙත් ගසා කන්න පටන් ගනී. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය හොරුත් එක්ක මොනවා කරන්නද? එක හින්දා ඔක්කෝම අත් ඇරලා දාලා අලුත් ගමනක් යමු. මම හිතන්නේ ඔබත් ඒකම තමයි මේ කියන්න හදන්නේ.

:       20       22

Pali Wednesday, 07 August 2024 04:15 PM

රට නග්ගන්න නම් මහ බංකුවේ පඩි දසගුණයකින් වැඩිකර විදෙස් සංචාර ලබා දී තායි සැපක් දිය යුතුය.

:       8       22

Lionel Wednesday, 07 August 2024 05:12 PM

මාලිමාවට ජයවේවා..!

:       22       19

Swene Thursday, 08 August 2024 06:08 AM

ජනාධිපති උපදේශක හැටියට අපේ බදු මුදලින් කතා කරන රාජකාරි තමයි ඕවා ලියන එක. මහාචාර්ය කියන තනතුරටත් කැළලකි.

:       3       1

prabash Monday, 12 August 2024 01:05 PM

විදෙස් සංචිත ඉහළ ගියා. වැඩියෙන් මිනිස්සු රට ගිහින් සල්ලි එවන නිසා. නැතුව මේ අය කාපු දෙයක් නෑ.

:       2       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 303 0

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 479 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 865 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


ජනතාවාදී ජයග්‍රහණයක ප්‍රතිඵලයක්
2024 නොවැම්බර් මස 16 1031 3

මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 813 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


​නුවණ නැත්තෝ දහම් රස නොදන්නෝය
2024 නොවැම්බර් මස 15 285 0

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 462 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 693 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1965 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site