IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉදිරි මහ ඡන්දයේදී ප‍්‍රබල චරිත රැසක් පරාජයට

31_MA_P_24   

 

රටේ ආණ්ඩු පෙරළීමක ලකුණක් හෝ නොවූ සමයක ඊළඟ ජාතික මැතිවරණයේදී රටේ දේශපාලනය උඩු යටිකුරු වන බවට සුජිත් නිශාන්ත යෝගිතුමා පසුගිය වසර මුලදීම ඉරිදා ලංකාදීපය මඟින් ප‍්‍රකාශ කළේය.

 

1
2014-ජනවාරි 19 හා 2014 සැප්තැම්බර් 14 ඉරිදා ලංකාදීප පුවත්පත්වලින් මේ අනාවැකි ප‍්‍රකාශ කළා පමණක් නොව අඟහරු උච්ච කාන්තාවකගේ මැදිහත්වීම ඍජුව සිදුවන බවද ප‍්‍රකාශ කළේය. එම ලිපියේ සිරස්තලවලද මේ බව පළ විණ. 2014 ජුලි 06 ඉරිදා ලංකාදීපයෙන් යෝගිතුමා ප‍්‍රකාශ කළේ ආණ්ඩුවේ විශාල පිරිසක් රජයෙන් ඉවත්වී වෙනම සන්ධාන ගත වන බවයි. එවක බොහෝ ජ්‍යොතිෂවේදීන් එක හඬින් පවතින ග‍්‍රහචාරය රජයට සුභවාදී බව කියද්දී සුජිත් නිශාන්ත යෝගිතුමා ගත්තේ වෙනත් මගකි. එම නිසා එතුමාට බොහෝ බලපැම් එල්ල වුවා පමණක් නොව ඒ මතය පිළිගත් දේශපාලන ක්ෂේත‍්‍රයේ සමහර මැති ඇමැතිවරු ද ඔහු සොයා පැමිණියහ.


නව වසරේ කවරක් රටට සිදුවේද? යෝගිතුමා යළිත් අනාවැකි දක්වති. පසුගිය වසරේ නොවැම්බර් 02 දා දශක තුනකට පසුව සෙනසුරු ග‍්‍රහ මාරුව සිදුවිය. ඊට අමතරව ගුරු හා රාහු මාරුව සිදුවූයේ ද පසුගිය වර්ෂයේය. එහි බලපෑම අවසන්ද?


මහින්ද රාජපක්ෂ මහතා තම රජයට බලපා ඇති හානිය යම්තාක් හෝ මැඩ පවත්වා ගන්නට නම් රටේ නිවැරැුදි සිව් කොණ තෝරා එකම දිනයක, එකම වේලාවක සර්වඥ ධාතු වැඩම කරවා රාති‍්‍රය පහන් වනතුරු පිරිත් දේශනාවක් පවත්වා රටේ අවාසනාවන්ත ලෙස මියගිය හා පින් බලාපොරොත්තු වන සැමට පින් දිය යුතු බව 2014 ජනවාරි 19 ඉරිදා ලංකාදීපයේ ලිපියේ සිටම යෝගිතුමා යෝජනා කළේය. නමුත් එය සිද්ධ වූයේ නැත.

5665


දැනට ලංකා කේන්ද්‍රයේ දහ වැන්නේ සෙනසුරු සතුරුව ගමන් ගනී. එබැවින් රටේ ඉදිරි කාලයේ දේශපාලනය ද ව්‍යාකූලමය.


ලංකා කේන්ද්‍රයේ සිවුවැන්න හා දහ වැන්න ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරයි. මෙයින් ලංකා කේන්ද්‍රයේ 11 වැන්නාධිපති ගුරු හයවැන්නේ උච්චව තවදුරටත් ගෝචර ගමනේ යෙදේ. ලංකා කේන්ද්‍රයේ අට වැන්නා වන කන්‍යා රාශියේ රාහු ද මීන රාශිය වන දෙවැන්නේ කේතු ද තවදුරටත් ගෝචර ගමනේ යෙදේ. එබැවින් තවත් වසර දෙක හමාරක් යන තුරු ලංකාවේ දේශපාලනය සුබදායි නැත. බොහේ මහජන නියෝජිතයන්ට වේදනාකාරී අත්දැකීම්, තනතුරු අහිමිවීම්වලට මුහුණ දෙන්නට සිදුවේ. දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට චරිත කීපයකට නඩු හබවලින් පසු සිරගෙවල්වලට යන්නට සිදුවේ.


පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ බැබලූ මැති ඇමැතිවරු ගණනාවක් ඉදිරි මහ මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වනු ඇත.


එසේම පසුගිය ජාතික මැතිවරණයේදී පරාජයට පත්වූ හිටපු ජනාධිපතිවරයාට ඉදිරි වසර එක හමාරක් සුබ නැත. එබැවින් එම කාලයේ ඔහු සකී‍්‍රය දේශපාලනයට ඒම උචිත නොවේ. එම කාලයේ දැඩි කල්පනාකාරීව හා දූරදර්ශිව කටයුතු කිරීමට එතුමා වග බලා ගැනීම වටී. එසේ නොවුණහොත් එතුමාට තවත් වේදනාකාරී හා අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දීමට වනු ඇත. එසේ වුවහොත් පවතින ජනප‍්‍රසාදය තවත් පහළට වැටෙනු ඇත.

gsd56


රටේ කේන්ද්‍රය හා ලෝකායතන කේන්ද්‍රය සියුම්ව විමසා බලද්දී රටේ ජනයා ප‍්‍රාර්ථනා කරන යහපත් හෝ පරිශුද්ධ අනාගතයක් ඉදිරි වසර දෙක හමාර තුළ දැකිය නොහැක. විශේෂයෙන් ඉදිරි කාලයේ නුසුදුසු අය ඉහළ තනතුරුවලට පත්වීමත් නිසා ආත්මාර්ථකාමී දේශපාලන තීරණ නිසා අහිංසක ජනයාගේ යහපත් බලාපොරොත්තු යටපත් වීමට ඉඩ ඇත.


කෙසේ වෙතත් අගෝස්තු මාසය වනතුරු යම්තාක් රටට යහපත් කාලයක් තිබේ. ඉන්පසු නොයෙක් මතවාද විවිධ මතවාද රජයට එරෙහිව උඩට මතුවේ.
වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා දිවුරුම් දුන් වේලාව බොහෝ සුභ නැකතක් නොවේ. එම නිසා ඔවුන් පොදු ජනයාගේ සුභ සිද්ධිය අපේක්ෂාවෙන් කරන කටයුතුවලදී පවා අඛණ්ඩව බාධක, විවේචන එල්ලවේ. එබැවින් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් රජය කර ගෙන යන්නට වෙන්නේ බරපතළ අර්බුද හා මතවාද මධ්‍යයේය.


මේ වර්ෂයේ ප‍්‍රසිද්ධ දේශපාලනඥයන් කීපදෙනෙක් සිර ගෙට යා හැකි අතර හිටපු රජයේ ප‍්‍රබල නිලධාරීන්ද සිර ගෙට යාමට ඉඩ තිබේ. ඒවා මඟින් ඉදිරි සමය පුවත් මැවෙනු ඇත.

 

6565656


මේ රජයේ තරුණ දේශපාලන චරිත කීපදෙනෙක් සෑහෙන ජන ප‍්‍රසාදයට පත්වේ. එම චරිත 2020 සිට රටේ ප‍්‍රධාන භූමිකාව පණ ගන්වන චරිත වනු ඇත.
වත්මන් විපක්ෂ ප‍්‍රධානියාගේ ග‍්‍රහචාරය අනුව ඔහුට ප‍්‍රධාන ස්ථානයක් හෝ වෙනත් ප‍්‍රධාන තනතුරු ලාභ පෙනෙන්නට නැත. පසුගිය කාලයේ බලයේ සිටි ඇතැම් පිරිසක් වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස සංවිධානය වන බව පෙනේ. එබැවින් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම්වලින් රටේ උණුුසුම් පුවත් මැවෙනු ඇත.


විශේෂයෙන් අගෝස්තු මාසයෙන් පසු ආගමික හා වෙනත් අන්තවාදීන්ගේ කි‍්‍රයා ඉස්මතු වේ. එබැවින් ආරක්ෂක අංශ සීරුවෙන් කි‍්‍රයා කළ යුතුය.
දේශපාලන පිල්මාරු අවසන් නැත. ඒවා ඉදිරියේ තවත් දැකිය හැකිය.


දැනට කතා බහේ පවතින දූෂකයන්, අල්ලස් හා වංචාකාරයන් පිළිබඳ පරීක්ෂණ කෙටි කලෙකින් මන්දගාමී වන බව පෙනේ. ඒවා ඉක්මන් හා ඍජුව වහා නොකළොත් අවශ්‍ය ප‍්‍රතිඵල ලැබිය නොහැකි වනු ඇත. විධායකය සම්පූර්ණව අහෝසි නොවේ. ඉදිරි කාලයේ රටේ බලය හා රැුල්ල දීර්ඝ කාලයක් එක පක්ෂයක් වටා නොපවතිනු ඇත. එබැවින් එය රටේ ජනයාගේ බලාපොරොත්තු බොඳවීමට යම් තරමක් බලපෑ හැකිය.


පසුගිය වසර කීපයේ දක්නට නොලැබුණු ආකාරයට නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන හා යුක්තිය පසිඳලන ආයතනවල ඍජු තීරණ හා කි‍්‍රයාකාරකම් හොඳින් දකින්නට හැකිවනු ඇත.


රටේ පොදු තත්ත්වය සැලකීමේදී තවත් මාස 6 ක් යන තුරු ගොවීන්ට සුබ නැත. කෘෂි භෝගවලට වසංගත රෝග, බෝවන රෝග ඇතිවී විනාශ වී යා හැකිය. නමුත් ජුනි මාසයෙන් පසු වගාවට ඉතා සුබය.


පසුගිය වර්ෂය තරම් 2015 දී වැසි තත්ත්වය දරුණු නැත. එහෙත් සබරගමුව, බස්නාහිර, ඌව, මධ්‍යම, උතුරු ප‍්‍රදේශවල වසර මැදදී සුළි සුළං ඇති වීමට ඉඩ තිබේ. ඒවායින් දේපළ හානි සිදුවේ.


එසේම සුළු භූමිකම්පා තත්ත්වයන් පෙන්නුම් කෙරේ.


සමූහ වශයෙන් ගමන් ගන්නා පොදු ප‍්‍රවාහනවල රිය අනතුරු තව දුරටත් වැඩිවේ. එබැවින් කල්පනාකාරී වන්න.


මහජන සෞඛ්‍යය පැත්තෙන් වසංගත රෝග හා ආහාර විෂවීම් බහුල විය හැක. අධ්‍යාපන කටයුතුවලදී වසර මුල් කාලය සුබය. උසස් අධ්‍යාපනය ලබන දරුවන් අවසන් මාස කීපයේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා තීන්දු මත පිහිටා වරින් වර අර්බුද ඇති කරති.


කෙසේ වෙතත් නොපෙනෙන බලවේග සමූහයකින් රටට බලපෑමක් ඇති බැවින් පොදුවේ සුභ කාලයක් පතා රාජ්‍ය නායකයන් ද මැදිහත් වී රටේ හරි සිවු කොණ තෝරා එකම වේලාවක, පංච තූර්ය වාදන පවත්වා සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පින් සිදු කරන්න.


වැඩි විස්තර සඳහා 081-2205758 හෝ 077-5069115 දුරකථන අංකයෙන් සුජිත් නිශාන්ත යෝගිතුමා අමතන්න. මහනුවර වේල්ස්පාක්හි නගරාධිපති නිල නිවස අසල අංක 10/1 චන්ද්‍රා මහඋල්පත මාවත ජලාශය පාරේ යෝගාශ‍්‍රමය පිහිටා තිබේ.

m

 



අදහස් (0)

ඉදිරි මහ ඡන්දයේදී ප‍්‍රබල චරිත රැසක් පරාජයට

වසන්ත Friday, 06 February 2015 07:26 PM

මේ ටික පොඩි ළමයෙකුට වුණත් කියන්න පුළුවන්නේ! (නි)

:       0       0

අනිල් Tuesday, 10 February 2015 07:16 AM

මෙවර මහා මැතිවරණයේදී විශාල වෙනස් වීමක් සිදුවෙයි කියා සිතනවා.(හේ)

:       0       0

ගාමිණී Wednesday, 11 February 2015 04:38 AM

කේන්දර බැලීම යනු පුද්ගලික රහසිගත කාරණාවකි (නි)

:       0       0

ධර්මසිරි Friday, 06 February 2015 10:34 AM

කොහොමත් ඒක වෙනවා.(හේ)

:       0       0

ලසිත් Thursday, 05 February 2015 11:28 AM

පසුගිය කාලයේ අනාවැකි කියන්න ගිහින්, කීප දෙනෙකුටම උන් හිටි තැන් නැති වුනා. තවත් කට්ටිය ඒ වලටම වැටෙන්න යනවා. (ර)

:       0       0

ප්‍රභාත් Saturday, 07 February 2015 05:20 PM

දවසට වරක් පත්තර ටික කියෙවුවොත් ඔය ටික කියන එක ඒ හැටි දෙයක්ද? (නි)

:       0       0

මහේෂිකා Monday, 09 February 2015 09:02 PM

මෙයා කියන දේවල් අපි නම් කලින්ම දැනගෙන හිටියා. (නි)

:       0       0

දුමින්ද Thursday, 05 February 2015 12:22 PM

මේවා බාල වෙළඳ ප්‍රචරයක්ක් නොවේ නේද ?(හේ)

:       0       0

ලක්මාල් සම්පත් Friday, 06 February 2015 11:11 AM

මම හිතනවා මෙතුමාගේ අදහස් හරියටම හරි යනවා. එ්ක මට සුවර් 100% (නදී)

:       0       0

අනුර Sunday, 08 February 2015 06:37 PM

අපගේ සර්වබලදාරී දෙවියන් වහන්සේට හැර වෙන කිසිවෙකුටත් අනාවැකි කිව නොහැකිය (නදී)

:       0       0

නිමල් Thursday, 05 February 2015 12:47 PM

අපි බලමු මෙයත් වෙඩි තියගනිවිද කියලා.(හේ)

:       0       0

තිලිණි Wednesday, 11 February 2015 06:22 AM

මේ ටික නම් දැන් සාමාන්‍යයෙන් කතා වෙන දේවල් වගේ නේ. මේ ටික කොහොමත් වෙයි කියල මිනිස්සු බලන් ඉන්නවා (දිල්)

:       0       0

ගුණසේකර Thursday, 12 February 2015 12:21 AM

ලොව සිදුවන සෑම දෙයක්ම සියයට පනහක සත්‍යතාවයෙන් යුක්තයි කියලා කියනවනේ! ඒ නිසා කලබල වියයුතු නැත (නි)

:       0       0

රෝහිත ගමගේ Sunday, 08 February 2015 02:36 AM

අපි ඔය පච අහන්නේ නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා (නදී)

:       0       0

කාන්ති බණ්ඩාර Sunday, 15 February 2015 12:55 PM

ඔබ තුමාගේ අනාවැකියක් වරදින්න විදිහක් නැහැ. (ර)

:       0       0

අපොන්සු Saturday, 07 February 2015 01:49 AM

අපි නම් දැන් ඕවා විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

ලසිත් Friday, 06 February 2015 04:45 AM

ආයේ හඳහන් බලන්නෝ ප්‍රසිද්ධ වෙන්න හදනවා . මේවට අනවශ්‍ය ප්‍රචාරණයක් මාධ්‍ය මගින් නුදුන්නානම් ඉවරයි (දිල්)

:       0       0

චමී Friday, 06 February 2015 12:07 PM

මේවා කියන්න යෝගී වෙන්න ඕනේ නැහැ. අපිටත් දැන්මම කියන්න පුලුවන් (නදී)

:       0       0

ඉමේසා Tuesday, 10 February 2015 03:37 AM

රටේ දැන් තත්වය අනුව අපිටත් මෙහෙම කියන්න පුළුවන්. මේක වෙළද දැන්වීමක්. ජෝතිශ්ෂය හරියට දේශපාලනය ගැන හිතනවා. (නදී)

:       0       0

සේනක පෙරේරා Wednesday, 11 February 2015 08:28 AM

කවුරු අනාවැකි කීවත් අනවැකි කිහිපයක් කියන නිසා එකක් හරියන්න තියෙන සම්බන්ධතාව වැඩී (අ)

:       0       0

කුරේ Saturday, 07 February 2015 05:23 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දිමුත් Saturday, 07 February 2015 05:42 AM

මේ මිනිසුන්ට දැන්වත් කටපියාගෙන පැත්තකට වෙලා ඉන්න බැහැනේ. (නි)

:       0       0

නිමල් Sunday, 08 February 2015 11:22 AM

ඔයත් වේඩි තියා ගන්නවද ? (නදී)

:       0       0

නන්දලාල් Thursday, 05 February 2015 07:08 PM

කේන්දරකරුවන් පසුපස ගියොත් මුළු රටම "කේන්දර ජනරජයක්" වේවි!කේන්දර අනාවැකි නොකියා ඉන්න තරමට රජයකට වැඩ කරන්න පුළුවන් වේවි. දැක්කනේ, කේන්දරකාරයන්ගේ උපදෙස් මත මහින්ද මහත්තයට වූ ඇබැද්දිය? (නි)

:       0       0

කුමාර Sunday, 08 February 2015 12:16 PM

මේකට තමා කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහනවා කියලා.ලංකාවේ පොඩි උනුත් දැන් ඕක කියන එක, දැන් ජ්‍යොතිෂවේදීන් ඕනේ නැහැ (දිල්)

:       0       0

ලක්ෂ්මන් Thursday, 12 February 2015 04:06 AM

අර රාජකීය කේන්දරකරු දැන් කොහෙද ඉන්නේ? (නි)

:       0       0

ප්‍රභාත් Friday, 06 February 2015 07:24 AM

අනේ බොරු නොකියා ඉන්න දැන්වත් (දිල්)

:       0       0

සොපියා Friday, 06 February 2015 02:25 PM

කොහොමත් එකයි ..(හේ)

:       0       0

තුෂාර Saturday, 07 February 2015 08:53 AM

අපි මේ අයව පාර්ලිමේන්තුවට යවමුකෝ (නදී)

:       0       0

සුරියකාන්ත Tuesday, 10 February 2015 06:07 AM

මිනිස් අපිට හිතෙන හෝ දැනෙන ඕන දෙයක් කියන්න පුළුවන්. රජුගේ පටන් හිඟන්නා දක්වා සියල්ලන්ටම යම් කාලයක් වෙන වෙනම ලැබිල තියනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදුවෙන මේ දේවල් ගැන යම් සාස්තරයකට අනුව හෝ වෙනත් ක්‍රමවේදයකට අනුව හෝ කියන අනාවැකි හරි යාම තීරණය වන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත මොකක්ද කියල හරියටම දැනගන්න පුලුවන්නම් විතරක් නේද? ඉතින් එහෙම ක්‍රමයක් නැති නිසා නේද මේ වරදින්නේ. සමාවන්න , මට හිතෙන්නේ නම් එහෙමයි. (නදී)

:       0       0

රවී Friday, 06 February 2015 12:33 AM

බලමුකෝ, මේ අනාවැකි කොහොමද කියලා (නි)

:       0       0

මදුෂාන් Friday, 06 February 2015 08:49 AM

මෙය කියන ඒවා සාමාන්‍ය ජනයා එදිනෙදා කතාවෙන දේවල් නේ. මීට වඩා සෘජු පිළිතුරු අවශයයි (නදී)

:       0       0

සමන් ද අල්විස් Friday, 06 February 2015 04:23 PM

මේවා කියපු පලියට හිත කලබල කරගන්න එපා. මේ පුද්ගලයාගේ රැකියාව තමයි. (නදී)

:       0       0

තිලිනි Friday, 06 February 2015 09:28 AM

වටපිටාව බලලා වගේ කියන්නේ.(හේ)

:       0       0

වීරසිංහ Friday, 06 February 2015 09:48 AM

මේ පාර මහ මැතිවරණය විශාල වෙනසක් සිද්ධ වෙනවා.(හේ)

:       0       0

හරේන්ද්‍ර Friday, 06 February 2015 02:53 AM

අපිටත් පුළුවන් වෙන දේවල් බලාගෙන ඉඳලා මේවා කියන්න. (නි)

:       0       0

සුමිත් Saturday, 07 February 2015 03:15 PM

බටහිර රටවල් දියුනු උනෙත් සාත්තරකාරයෝ පස්සෙ ගිහිල්ලද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4683 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 611 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1197 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 253 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25547 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site