ඉන්දියානු මහමැතිවරණයේ ප‍්‍රතිඵලය අනුව අලූත් ආණ්ඩුවක් බලයට පත්වෙයි. එය ශ්‍රී ලංකාව කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉන්දියාවේ සිදුවන මේ ආණ්ඩු වෙනස ලංකාවේ ඉදිරි දේශපාලනයට කෙසේ බලපාන්නේද යන්න ප‍්‍රස්තූත කර ගනිමින් ප‍්‍රකට දේශපාලන තොරතුරු විශ්ලේෂකයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග ”ඉරිදා ලංකාදීපය” කළ සාකච්ඡාවක් මෙසේය.
ප‍්‍රශ්නය: ඉන්දියානු මහ මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසන්. දැන් හැමෝම බලන් ඉන්නෙ අලූත් ආණ්ඩුව ගැන ඒ ගැන මොකද හිතන්නෙ?
පිළිතුර: මැතිවරණ ප‍්‍රතිඵල තවම නිකුත්වී නොමැති නමුදු ජනමත විමසුම් අනුව අපට දැන ගන්න ලැබෙන්නෙ මෝඩි ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට
|
බොහෝ ඉඩකඩක් ඇති බවයි. අඩු ආසන සංඛ්‍යාවක් ඔහුට ලැබෙන්නේ නම් තමිල්නාඩුවේ සහයෝගය ඇතිව ආණ්ඩුව ස්ථාපිත කරන්නට ඔහුට සිදුවනු ඇත. එය ලංකාවට අවාසිදායක තත්ත්වයක් වන්නට ඉඩ තිබුණි. නමුත් දැන් අපිට එවැනි අවදානමක් සහිත තත්ත්වයකින් මිදිය හැකි බව පේන්න තිබෙනවා.මෙවර ඉන්දියානු මහ මැතිවරණය අන් කවරදාකටවත් වඩා ලංකාවේ අනාගතයට බලපාන්නක් බව කිව යුතුමයි. ලංකාවේ අනාගතය නිශ්චය කෙරෙන තනි සාධකයක් තිබෙන්නේ නම් එය මහින්දxමෝඩි සමීකරණය කියලා කියන්න පුළුවන්. ඒ සමීකරණය හරහා ලංකාවේ ඉදිරි අනාගතය බොහෝ දුරට තීන්දු වෙන්න ඉඩ තිබේ. මා එසේ කියන්නේ ලංකාවට භයානක උවදුරු දෙක තුනක් තිබෙන නිසා. එකක් බටහිර පෙරමුණෙන් එන ජාත්‍යන්තර පරීක්ෂණය නමැති උවදුර. ඒ පරීක්ෂණය විසකුරු ඊතලයක් වන අතර ඒ ඊතලය මුදාහළ දුන්න වන්නේ බටහිර රාජ්‍යයන් සහ ඒවායේ සිටින දමිළ ඩයස්පෝරාව. අනෙක් උවදුර වන්නේ තමිල්නාඩුවේ තිබෙන දරුණු ලංකා විරෝධී සහ සිංහල විරෝධී හැඟීම. මේ උවදුරු දෙක එකිනෙකට සම්බන්ධවී තිබේ. එහි සම්බන්ධක පුරුක වන්නේ ගෝලීය තමිල් ඊලාම් සන්ධානයයි. මේ භයානක වටලෑමෙන් ලංකාවට මිදෙන්නට තිබෙන හොඳම අවස්ථාව නවදිල්ලියේ බලයට පත්වන ආණ්ඩුව සමග ඉතාම හොඳ මූලෝපායික සන්ධානගතවීමකට පැමිණීමයි. මෝඩි මතවාදීමය වශයෙන් ගත්කල මහින්ද මහත්තයගෙ ආණ්ඩුවට යම් යම් ආකාරවලින් නෑකම් කියන දේශපාලන නායකයෙක්. කොංග‍්‍රස් ආණ්ඩුව සහ රාජපක්ෂ රජය අතර තිබෙන සමානකම්වලට වඩා මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) ආණ්ඩුවක් සහ ලංකාවේ වත්මන් පාලනය අතර මතවාදී නෑකමක් තිබෙන බව කිව හැකියි. ඒ මතවාදී නෑකමෙන් ලංකාවට අනිවාර්යයෙන්ම ආරක්ෂාවක් සැපයෙන්නේ නැත. නමුත් ඒ මතවාදී නෑකම නිවැරැුදිව භාවිත කිරීමට ලංකාවේ පාලකයන්ට දස්කමක් තිබේ නම් කොළඹ සහ දිල්ලිය අතර යුදධ කාලේ තිබුණු ආකාරයේ හෝ ඊටත් වඩා කිට්ටු සබඳතාවක් යළිත් ඇති කරගත හැකියි.
ප‍්‍රශ්නය: නරේන්ද්‍ර මෝඩි දැඩි හින්දු භක්තික අන්තගාමියෙක් බව කියැවෙනවා. මෝඩි අගමැති වුණොත් ඒ අන්තගාමීත්වය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තියටත් බලපායි කියලා හිතෙන්නෙ නැද්ද?
පිළිතුර: ඇත්ත වශයෙන්ම එන්න පුළුවන්. හැබැයි ඒක නියතයක් නෙවෙයි. මෝඩිගේ හින්දු අන්තවාදය නිසා ලංකාව පාකිස්ථානයත් එක්ක ඕනෑවට වඩා යුදමය සහ මූලෝපායික සබඳතා පවත්වනවා යැයි සැකයක් මතුවුණොත් එය බොහොම දරුණු ආකාරයට අපට බලපාන්න පුළුවන්. ඒ වගේම චීනය සම්බන්ධයෙන් මෝඩිගෙ ආණ්ඩුව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය කවරාකාරදැයි අපි නොදනිමු. නමුත් පාකිස්ථානය සම්බන්ධයෙන් කොංග‍්‍රස් ආණ්ඩුවකට වඩා තරමක් සටන්කාමී ස්ථාවරයක් දරන්නට බොහෝ දුරට ඉඩකඩක් තිබෙන බවත් කිව යුතුය. එනිසා ලංකාව සහ පාකිස්ථානය අතර තිබෙන පැරැුණි සබඳතා අත්හළ යුතු නැති අතර ඒ සම්බන්ධකම්වල සාම්ප‍්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විශේෂයෙන්ම යුදමය සහ මූලෝපායික ක්ෂේත‍්‍රයන්ගෙන් ඉදිරියට යෑමක් සිදු වුණොතින් අනිවාර්යයෙන්ම සිද්ධවන්නෙ මෝඩි මහතා විසින් රතු ඉරක් අඳිනු ලැබීමයි.
මෝඩි මහතාගේ විදේශ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මේ මැතිවරණ කාලෙදි පවසා තිබෙන පරිදි ඔවුන්ගේ ආණ්ඩුවේ සහ කොංග‍්‍රස් ආණ්ඩුවේ විදේශ පිළිවෙත් අතර ඇති ප‍්‍රධාන වෙනසක් වන්නේ අසල්වැසියන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් රතු ඉරි ඇඳීමයි. මෝඩි මහතා විසින්ම පවසා තිබෙන්නේ සාපේක්ෂ වශයෙන් කුඩා අසල්වැසියන් ඉන්දියාවේ ඇහැට ඇඟිල්ලෙන් අනින බව සහ ඉන්දියාවට කොකා පෙන්වන බවයි. එය තමන්ගේ ආණ්ඩුවක් යටතේ නවත්වන බවටත් ඔහු පැහැදිලිවම ප‍්‍රකාශකර ඇත. එනිසා ලංකාවේ බාහිර සම්බන්ධතා සම්බන්ධයෙන් අපි ඉතා ප‍්‍රඥා ගෝචර ලෙස කටයුතු කළ යුතු වෙමු. මා එසේ කියන්නේ 1980 ගණන්වල අපට කටුක අත්දැකීම් විඳින්න සිද්ධ වුණු නිසාය. ඒ නිසා අපි අපේ බාහිර සබඳතා ප‍්‍රඥාගෝචර ලෙස සහ දේශපාලනික යථාර්ථයන් සැළකිල්ලට ගෙන පැවැත්විය යුතු වෙමු. අනිත් කාරණය වන්නේ කොංග‍්‍රස් ආණ්ඩුවකින් ලැබෙන බුරුලක් අපට බී.ජේ.පී. ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්න බෑ. නමුත් මෝඩි මහතා සමග හොඳ සම්බන්ධයක් ඇතිකර ගැනීමට ලංකාවට කදිම අවස්ථාවක් තිබේ.
ප‍්‍රශ්නය: ඉන්දියාවේ ආණ්ඩු පිහිටුවන කවර පක්ෂයකට වුණත් තමිල්නාඩුවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ තීරණාත්මක බලපෑමක් කරනවා. ජයලලිතගෙ, කරුණානිධි හා වයිකොගෙ දේශපාලන පක්ෂ මෙවර මෝඩිගේ බී.ජේ.පී. ආණ්ඩුවට මොන විදියෙ බලපෑමක් කරයිද?
පිළිතුර: ජයලලිතාගේ සිහින බිඳ වැටෙන්නේ නම් මහා දේශපාලන සමීකරණයේදී යළිත් ඇය මතුවීම සඳහා ලංකාව පාවිච්චි කරන බවට අනිවාර්යයෙන්ම අපට අනුමාන කළ හැකිය. එය එසේ වන අතර මෝඩි මහතාගේ ආණ්ඩුවේ කුඩා හෝ කොටස්කරුවන් වන වයිකෝ සහ දොස්තර රාම්දාස් යන දෙදෙනා කොටි හිතවාදීන් බව මතක තබාගත යුතුයි. ඉතින් ඔවුන්ටත් කුඩා හෝ බලපෑමක් කරන්නට අවස්ථාව උදා වනු ඇත. කෙසේ නමුදු කුමන ආණ්ඩුවක් වුවත් තමන්ගේ රටේ දස ලක්ෂ හැත්තෑවක් වන දමිළ පුරවැසියන්ගේ හිතැඟියාවන් සහ ආවේගයන් කවදාවත් නොසළකා හැරීමක් කෙරෙන්නේ නැත. මෙය ඕනෑම පැත්තකට පෙරළිය හැකි සාධකයකි.
ලංකාණ්ඩුව දමිළ ප‍්‍රශ්නය විසඳන්න මෝඩි මහතාගේ ආණ්ඩුව සමග සමීපව කටයුතු කළහොත් මෝඩි මහතා ලංකාණ්ඩුවේ සගයා හා ප‍්‍රබල ආරක්ෂකයා බවට පත්වනු ඇත. එසේ වුවහොත් තමිල්නාඩුවෙන් පවා ලංකාව ආරක්ෂා කිරීමට මෝඩි මහතාට පුළුවන් වනු ඇත. ඊටත් වඩා වැදගත් වන්නේ බටහිරින් එන මැදිහත්වීම්වාදී ව්‍යාපෘතිය යළිත් වරක් අපට ඉඩකඩ ලැබෙන්නේ මෝඩිගේ ඉන්දියාව පළිහක් වශයෙන් පාවිච්චි කිරීමට අපට හැකිවන්නේ නම් පමණයි. එසේ කිරීමට අසමත් වුවහොත් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය හා මෝඩිගේ ඉන්දියාව එකට එකතු වී අපට එරෙහි වන්නට ඉඩකඩ තිබේ. එය අපට කිසි ලෙසකින්වත් ඔරොත්තු දිය නොහැකි බල මුළු ගැන්වීමක් වනු ඇත.
නවිපිල්ලෙගෙන් පසු ඒ තනතුරට පත්වන පුද්ගලයා ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරන්නේ මේ වසරේ සැප්තැම්බර් මාසයේය. ඊටත් වඩා භයානක වන්නේ 2015 මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත ලිඛිත නිල වාර්තාවයි. ඒ අවස්ථාවේ මෝඩි මහතාගේ ඉන්දියාව අප සමග නම්, අපට ඒ ප‍්‍රහාරය මොට කරන්නට සහ ආපසු හරවන්නට ඉඩකඩ තිබේ. නමුත් මෝඩි-මහින්ද සමීකරණය ඇතිකර ගැනීමට නොහැකි නොවැළැක්විය හැකි පූර්ව කොන්දේසියක් තිබේ. ඒ පූර්ව කොන්දේසිය ඉෂ්ට කරන්නේ නැත්නම් මහින්ද-මෝඩි සමීකරණය මිත‍්‍රශීලී එකක් වන්නේ නැත. ඒ පූර්ව කොන්දේසිය වන්නේ දහතුන්වැනි සංශෙෘ්ධනය පරිපූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීමයි.
මෝඩි මහතා කොංග‍්‍රස් ආණ්ඩුවක් තරම් ඉවසිල්ලක් දක්වන පුද්ගලයෙක්ය කියලා සිතාගත නොහැකියි. ඔහු ඉන්දියාවට සහ ලෝකයට පෙන්නුම් කරන්න හදන ප‍්‍රතිරූපය වන්නේ තීරණාත්මක සහ ශක්තිමත් නායකයකු හැටියටයි. ඔහු දැන් තරග කරන්නේ කොංග‍්‍රස් පක්ෂයත් සමග නොව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ නායකයන් වූ ඉන්දිරා ගාන්ධි වැන්නවුන්ගේ අවතාර සමගය. එනිසා ලංකාව සම්බන්ධයෙනුත් ඔහු තීරණාත්මක ලෙස කටයුතු කිරීමට පසුබට වන්නේ නැත. තවත් 1987ක් වළක්වා ගන්න නම් ලංකාණ්ඩුව ඉතාමත් ප‍්‍රායෝගික සහ යථාර්ථවාදී ආකාරයෙන් කටයුතු කළ යුතුය. දහතුන් වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කළහොත් මෝඩි මහතාගේ සහයෝගය අපේ පැත්තට ලබාගන්න පුළුවනි. එසේ නොකර තව දුරටත් කල්මරණ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් මෝඩි මහතා ක‍්‍රමයෙන් අපෙන් ඈත් වී ලංකාණ්ඩුව දෙස බලන ආකාරය තරමක් දරුණු විය හැකිය.
ප‍්‍රශ්නය: මෑතකාලීන ඉන්දු-ලංකා සබඳතාවලදී දෙමළ ජාතික සන්ධානය තීරණාත්මක සාධකයක් ලෙස මතුවන අයුරු අප දුටුවා. මෝඩිගෙ අලූත් ආණ්ඩුව හා අප රට අතර සබඳතාවලදී ටී.එන්.ඒ. එක මොන විදියට වැදගත් වෙයිද?
පිළිතුර: මෙතනදි අප මතක තබාගත යුත්තේ ටී.එන්.ඒ. එක අපේ පරම සතුරා නොවන බවයි. ටී.එන්.ඒ. සංවිධානයට වඩා බෙහෙවින්ම භයානක ජාත්‍යන්තර දමිළ බෙදුම්වාදී බලවේගයක් තිබේ. ඒ බලවේගයට ඔළුගෙඩි ගණනාවක් ඇත. ඒ බලවේගය තමිල්නාඩුවේ ප‍්‍රබලය. ලංකාවේ උතුරුකරයේත් යම් ප‍්‍රබල බවක් පෙන්නුම් කරන අතර වඩාත් ප‍්‍රබල වන්නේ බටහිර රටවලය. මෝඩි මහතාට පවසා තිබෙන පරිදි ලෝකයේ ඕනෑම තැනක ඉන්න දමිළ ජනතාවගේ සුබ සිද්ධිය ඉන්දියාවේ වගකීමයි. එය කොංග‍්‍රස් පක්ෂය කවදාවත් කළ ප‍්‍රකාශයක් නොවෙයි. මෝඩි මහතා දෙමළ ජනතාව දෙස බලන්නේ කවරාකාරයකටදැයි අප මතක තබාගත යුතුයි. ඔහු ආවේගශීලීව ප‍්‍රශ්න දිහා බලන පුද්ගලයකු කියලත් මතක තියාගැනීම හොඳයි. එලෙස බලනවිට ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳ ප‍්‍රශ්නය දෙස මෝඩි මහතා නොබලා සිටිතැයි කිව නොහැකිය. ඒ ප‍්‍රශ්නය පිළිබඳව ඔහු සංවේදීව සහ තීරණාත්මකව කටයුතු කරාවි කියලා අපට අනුමාන කළ හැකිය.
ජාතියක් වශයෙන් අපට ගෙවන්නට තිබෙන අඩුම මිල වන්නේ දහතුන්වැනි සංශෝධනය පරිපූර්ණ ලෙස සීමිත කාලයක් ඇතුළත කි‍්‍රයාත්මක කිරීමයි. එසේ නොකළොත් උතුරේ යම් උද්ඝෝෂණකාරී තත්ත්වයක් ඇතිවී ඒ උද්ඝෝෂණය බලහත්කාරයෙන් තළා දමන්නට ලංකාණ්ඩුව කටයුතු කරන්නේ නම් කොංග‍්‍රස් ආණ්ඩුවකින් ලැබෙන ප‍්‍රතිචාරය මෝඩි මහතාගෙන් බලාපොරොත්තු විය නොහැකිය. මෝඩි මහතා වනාහි පැති දෙකක් සහිත කාසියකි. 1987 දී ඉන්දියානු යුද බලය ලංකාවට ව්‍යාප්ත වුණු නමුදු එය ආපස්සට හැරවීමට එවකදී ඉඩකඩ ලැබුණි. දැන් කොටි සංවිධානයකුත් නැත. දෙමළ ජනතාව එදා කළ වැරැුදි ආපසු කරන්නේද නැත. මෑතකදී කි‍්‍රමියාවෙ ඇතිවුණු තත්ත්වය ලංකාවේ ඇති නොවීමට නම් මහින්දxමෝඩි සමීකරණය ඉතා වැදගත්ය. ඒ සඳහා දහතුන් වැනි සංශෝධනයෙන් දී ඇති බලතල උතුරු පළාත් සභාවට පවරා දිය යුතුයි. උතුරු පළාත් සභාව එම බලතල වැරැුදි ආකාරයකට භාවිත කරන ලකුණු පහළ වන්නේ නම් මෝඩි මහතාගේ ඉන්දියානු ආණ්ඩුවේ සහයෝගය ඇතිව මතුවී ගෙන එන දමිළ ජාතිවාදී ආවේගවාදය කොටු කිරීමට අපට පුළුවන් වනු ඇත.
රජීව් ගාන්ධි යටතේ සිදුවුණු දේ අපිට ඉතාම සමීප අත්දැකීමක්. රජීව් ගාන්ධි බලයට පත් වුණේ 1984 දි. 1985 වෙනකොට රජීව් ගාන්ධියි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමායි අතර ඉතාමත් කිට්ටු සබඳතාවක් පැවතියේ. රජීව් ගාන්ධි මහතා ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම භාරදුන්නෙ එවකට ඉන්දියාවේ නව විදේශ ලේකම්වරයා වූ රොමේෂ් බණ්ඩාරිට. රොමේෂ් බණ්ඩාරි ද ජේ.ආර්. ජයවර්ධනගෙ සමීප මිත‍්‍රයකු බවට පත්විණි. 1985x1986 කාලයේදී මෙම මධුසමය පැවතිණි. නමුත් 1987 දී ඉන්දියානු හමුදාව ලංකාවේ ගුවන් කලාපයට ඇතුළු වුණි. ඉන්පසුව එරට සාම සාධක හමුදාව ලංකාවට පැමිණි පසු ලංකාවේ හමුදාවට ක‍්‍රමයෙන් බැරැුක්කවලට සීමාවීමට සිදුවුණි. මේ වෙනස සිදුවූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බලය බෙදීමට කළ ප‍්‍රතිඥාවන් එතුමා විසින්ම නොකළ නිසයි. එතුමා ඉන්දියාවට දුන් පොරොන්දු ඉටු නොකළේ එවකට ජාතික ආරක්ෂක ඇමැතිවරයාව සිටි ලලිත් ඇතුළත් මුදලි මහතාගේ බලපෑම මත මෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුතා වූ රවී ජයවර්ධනගේ බලපෑම මතයි. එමනිසා බලතල බෙදීම එන්න එන්නම ප‍්‍රමාද වුණි. එමනිසා ජේ.ආර්. ජයවර්ධන සහ රජීව් ගාන්ධි අතර සම්බන්ධය වෙනත් අතකට පෙරළුණි.
මෝඩි මහතා රජීව් ගාන්ධි වැනි ප‍්‍රසන්න තරුණයෙක් නොවේ. ජේ.ආර්. ජයවර්ධන රජීව් ගාන්ධිට වඩා බෙහෙවින් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයෙක් විය. නමුත් අද එවැනි තත්ත්වයක් අපට නැත. මෙවර තවත් 1987 ක් සිද්ධ වුණොත් එන බාහිර හමුදාවක් මෙහෙන් යන්නේ නැත. ඔවුන් දකුණට එන්නේත් නැත. අපේ අනාගත දෛවය එවැනි තැනකට පත් නොවන්නට නම් මහින්ද-මෝඩි මිත‍්‍රත්වය තහවුරු විය යුතුයි. මූලික කොන්දේසිය වන්නේ දහතුන්වැනි සංශෝධනය අනුව උතුරු පළාත් සභාවට බලතල පවරාදීමයි. එය ප‍්‍රමාද කරන්නට කරන්නට සිද්ධ වන්නේ ලංකාවට එරෙහි තමිල්නාඩු බලවේග, බටහිර බලවේග, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළත බලවේග සහ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට මෝඩි මහතාගේ මනස වෙනස් කරන්නට ඉඩකඩ සහ කාලය ලබාදීමයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියානු මැතිවරණය ලංකාවට බලපාන හැටි
සරත් බංඩාර Wednesday, 21 May 2014 04:31 PM
වයිකෝ මල් ටිකක් අරගෙන මෝඩි බලන්න ඇවිල්ලා. මොකද්ද දන්නේ නැහැ උවමනාව. මෝඩි මහතා මෝඩයෙක් නොවේ. මේ මැතිවරණය අපේ අයත් හොදට ඇස් ඇරලා බලාගන්න.(නදී)
කසුන් Sunday, 25 May 2014 06:53 AM
කොහෙන් හෝ කමක් නැහැ, ගතයුතු ආදර්ශයක් ගෙන අපේ ඉදිරිය යහපත් කරගැනීමයි කළයුත්තේ (නි)