IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඉන්දියාවේත් චීනයේත් අවධානය ශ්‍රී ලංකාව වෙතට

ආසියානු කලාපයේ ප්‍රබලයන් මෙන්ම විරුද්ධවාදීහු දෙදෙනා වන ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය දෙස සමීපව බලා සිටිති.

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ පිහිටීම රටවල් දෙකටම ඉතා වැදගත්ය. ඔවුන්ට පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම කලාපීය බලවතුන් වන ජපානය, චීනය වැනි රටවල් ද ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයෙන් පසුවෙති. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් බල අරගලයක් නිර්මාණය වී තිබෙන අතර ඒ අතරවාරයේදී චීනය සහ ඉන්දියාව ඔවුන්ගේ බල අරගලයේ යෙදි සිටිති.  

මාස දෙකකටත් අඩු කාලයක් තුළ ඉන්දීය සාගරය මෙලෙස පොර පිටියක් බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. මාලදිවයිනේ පැවැති ජනාධිපතිවරණයේදී චීනයට හිතවත් අබ්දුල්ලා යමීන් පරාජයට පත්වූ අතර ඉන්දියාවට හිතවත් ඊබ්‍රහිම් මොහොමද් සෝලි ජනාධිපතිවරණයෙන් ජය ලැබීය. 

ඉන්දියාව සහ චීනය සැලකිල්ලට ගැනීමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින යනු කුඩා රටවල් දෙකකි. එනමුත් එම රටවල් දෙකේ උපායමාර්ගික වැදගත්කම ඉතා ඉහළය. මෙම රටවල් දෙකම පිහිටා ඇත්තේ මැද පෙරදිගත් යුරෝපයත් සම්බන්ධ කෙරෙමින් දිවෙන ප්‍රධාන මුහුදු මාර්ග ආසන්නයේය. 

මාලදිවයින සහ ශ්‍රී ලංකා යන රටවල් දෙකම ආසියාවේ සිට මැද පෙරදිගටත් ඉන් නොනැවති යුරෝපයටත් දිවෙන වෙළෙඳ හා තෙල් ප්‍රවාහන කෙරෙන මුහුදු මාර්ගවලට මුහුණලා සිටිති. මේ කරුණු නිසා ලෝක බලවත්හු සෑම විටම ශ්‍රී ලංකා සහ මාලදිවයින සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සහ අවධානයෙන් පසුවෙති. එම නිසාම රටවල් දෙක සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර බල අරගලයක් නිර්මාණය වී තිබේ. 

ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ ද ඒවා එතරම් ප්‍රබල නොවූ අතර ශ්‍රී ලංකාවම මෙම අර්බුදය විසඳාගත යුතු යැයි එම ප්‍රකාශවලින් කියැවිණි.

චීනය සහ ඉන්දියාව යන දෙරටම තමන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දේශපාලන වළල්ලෙන් සිට බලා සිටින බව ද ඇඟවූහ. 

“පාර්ලිමේන්තුව කල් තබලා. පක්ෂ දෙක අතරේ දේශපාලන අර්බුදය එන්න එන්නම උග්‍ර වෙනවා. මේ තත්ත්වය ඉන්දියාවේ සහ චීනයේ දැඩි කනස්සල්ලට හේතුවක් වෙලා” යැයි කොළඹ සිටින ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පැවැසීය. 

මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයට මන්ත්‍රීවරුන් එක් කරගැනීමට සඳහා මුදල් වියදම් කරන බවත් චීනය ඊට සහයෝගය දක්වන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීය. චීනය ඒ  විගසම එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

“කිසිදු පදනමක් නැහැ. එය වගකීම් විරහිත ප්‍රකාශයක්” යැයි ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිසංස්කරණවාදී, තාක්ෂණ ක්ෂේත්‍රයට වැඩි නඹුරුවක් දක්වන නිදහස් වෙළෙඳපොළ ආර්ථික දර්ශනයක් ඇති දේශපාලනඥයකු වන අතර චීනය සම්බන්ධයෙන් තරමක පරෙස්සම්කාරී ස්වභාවයකින් කටයුතු කරන අයෙකි. එසේ වුවත් ඔහු ඉන්දියාව සමඟ සමීපව කටයුතු කරයි. 

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන පිටියේ හොඳ හැටි පදම් වූ නායකයෙකි. හෙතෙම අනුහස් නායකයකු යැයි ද බොහෝ දෙනා විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන් කිරීමේදී ඔහුගේ කාර්යභාරය ඇගයීමට ලක්ව තිබෙන අතර ඒකාධිපති පාලනයක් ගෙන ගිය බවට ද ඔහුට චෝදනා එල්ල වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මෙන් නොව ඔහු චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළේය. ඔහුගේ පාලන සමයේදී චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනින් ආයෝජන ලැබුණු අතර කොළඹ වරාය නගරය, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය ආදී යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් රැසක් චීන මූල්‍ය ආධාර ඇතිව ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදයේ ප්‍රධානම චරිතය වනුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. හෙතෙම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් 2015 වසරේදී ජනාධිපතිධුරයට පත්වූ අතර හෙතෙම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම ඉන්දියාවේ සතුටට හේතු විය. චීනය අසල්වැසි රටවල් රැසක තමන්ගේ ව්‍යාපෘති දියත් කරමින් සිටි. ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය යන රටවල් සියල්ලටම චීනය ආර්ථික සහයෝගීත්වයේ දෑත් දිගුකර ඇති අතර ඇතැම් රටවල ඔවුන්ගේ හමුදා ද සිටිති. මාලදිවයිනේ ද එහි වෙනසක් නැත. මේ තත්ත්වය නිසා අසල්වැසි රටවල පවතින චීන බලපෑම අඩු කිරීමට ඉන්දියාව උත්සුක විය. 

එහෙත් ශ්‍රී ලංකා මුහුණ දී සිටින දැවැන්ත ණය අර්බුදයෙන් පැන යෑමට සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවට නොහැකි විය. මේ තත්ත්වය මත චීන ආයෝජන ඇතිව ඉදි කරන ලද හම්බන්තොට වරාය හවුල් ව්‍යාපාරීත්වයක් යටතේ 99 අවුරුදු බද්දකට චීනයට දුන්නේය.

හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත්  ජනපද ඩොලර් බිලියන 1.4ක ණය මුදලක් චීනයෙන් ලබාගෙන තිබිණි. එහෙත් එම ණය පියවීමට ශ්‍රී ලංකාව අසමත් විය. 

චීනය හම්බන්තොට වරායේ හමුඳා කඳවුරක් ඉදි කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ චෝදනා එල්ල වූ අතර ශ්‍රී ලංකා රජය මෙන්ම චීනය ද එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. 

බලශක්ති සහ දුම්රිය ව්‍යාපෘතිවල ආයෝජනය කරන රටක් වන ඉන්දියාව හම්බන්තොට ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. හම්බන්තොට- මත්තල ගුවන් තොටුපොළ චීන ණය ආධාර ඇතිව ඉදි කරන ලද තවත් ‘සුදු අලි’ ව්‍යාපෘතියක් යැයි චෝදනා එල්ල වී ඇත. එම ගුවන් තොටුපොළ ඉදි කරන ලද්දේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. 

ගුවන් තොටුපොළ සහ වරාය ගිවිසුම් චීනයේ ප්‍රතිරූපයට හිතකර නොවීය. ගෝලීයව චීනය කරමින් සිටින ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම බටහිර රටවල් චීනයට චෝදනා කරති. චීනය ගෝලීයව මූල්‍ය ආධාර පිරිනමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඒවායේ නැවත ගෙවීම් අතිවිශාල යැයි චෝදනා එල්ල වෙයි. 

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව එරට විදේශ ප්‍රතිපත්තියේ යම් වෙනසක් ඇතිවිය. තම විදේශ ප්‍රතිපත්තියේදී අසල්වැසියන්ට ප්‍රමුඛත්වය දෙන්නේ යැයි මෝදි පැවැසීය. එමෙන්ම මෝදි පසුගිය වසර තුනක කාලයේදී අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෝදි පළමු වරට 2015 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර හෙතෙම වසර 28කට පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට ද පත්විය. 

කොළඹ පවතින බල අරගලයෙන් කවුරු ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය අතර පවතින බල අරගලයට මැදිව සිටින බව බොහෝ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. 

“ශ්‍රී ලංකාව ආසියානු බලවතුන් අතර සබඳතා පවත්වා ගැනීමේ අර්බුදයකට මැදිවෙලා. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් එම අර්බුදය ලෙහෙසියෙන් විසඳා ගන්න බැහැ” යැයි ඉන්දියාවේ ‘ඔබ්සවර් රිසච් පදනමේ’ (බුද්ධි මණ්ඩලයකි) සභාපති සමීර් සරන් පැවැසීය. 

“රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම චීනය සමඟ සමීපව කටයුතු කරනවා. ඔහු තමන් අවසන් කළ තැනින් නැවත පටන් ගන්නවා. චීන ආයෝජන නැවතත් ලංකාවට පැමිණේවි. පෙරටත්  වැඩියෙන්. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු චීනයෙන් ඈත් වූ බව පෙනිගියා.එහෙත් එය එසේ වූවක් නෙමෙයි. ඔහු තරමක් මධ්‍යස්ථ වුණා” යැයි දිල්ලි විශ්ව විද්‍යාලයේ නැගෙනහිර ආසියානු පීඨයේ හිටපු පීඨාධිපති මදු බාලා සඳහන් කළාය. 

“මෙතැනි තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ චීනයේ බලපෑම පිළිබඳ අරගලයක්. මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණියහොත් ඉන්දියාව ඒ ගැන සතුටු වෙන එකක් නැහැ” යැයි ‘ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප්’ සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඳ ඇලන් කීනන් කීය. 

“එහෙත් වත්මන් අර්බුදය සැලකිල්ලට ගැනීමේදී ඉන්දියාව සහ රාජපක්ෂ මහතා සබඳතාවක් ඇති කරගන්න උත්සාහ කරන බව පෙනි යනවා. මේ වසර අගදී හෝ ලබන වසර මුලදී රාජපක්ෂ මහතාගේ නව පක්ෂය බලයට පැමිණෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ඉන්දියාව සමඟ සබඳතා අලුත් කරගන්න උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා” යැයි ද හෙතෙම කීවේය.

“ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැන රටවලට කාගෙවත් සේවා රාජ්‍යයක් බවට පත්වීමේ අවශ්‍යතාවක් නැහැ. ඔවුන් කැමැති නැහැ චීනය හෝ ඉන්දියාව ඔවුන් පාලනය කරනවාට. අනාගතයේදී ශ්‍රී ලංකාවට චීනය අහිමි වෙන්න පුළුවන්. ඉන්දියාව අහිමි වෙන්න පුළුවන්. මේ රටවල් දෙකෙන් එකක් පමණක් තෝරාගන්න පුළුවන්. එය තීරණය වන්නේ ඔවුන්ගේ අභිමතය, ලැදියාවන් හා අභිලාෂ මත” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂංහායි විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු කලාපය සහ ඉන්දීය සාගර පර්යේෂණ මධ්‍යෂ්ථානයේ අධ්‍යක්ෂ ගුවෝ සූටාන්ග් පැවැසීය. 

හර්ෂණ තුෂාර සිල්වා

ඒ.එෆ්.පී ඇසුරිනි 

 



අදහස් (0)

ඉන්දියාවේත් චීනයේත් අවධානය ශ්‍රී ලංකාව වෙතට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 133 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 138 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 995 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 193 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 469 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1117 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site