IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඉන්දියාවේදී පහරකෑ බැතිමතුන්ගේ කතාව

ඉන්දියාවේ තූර්ඩි මාතා සහ වේලක්කන්නි දේවස්ථාන වැඳ පුදා ගැනීමට ගිය ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් කණ්ඩායමක් තමිල්නාඩුවේ සිටින කොටි හිතවාදීන් පිරිසකගේ ප‍්‍රහාරයට ලක්ව යාන්තම් දිවි බේරාගෙන යළි මව් බිමට පැමිණියේ පසුගිය 5 වැනිදාය. මේ ශ්‍රී ලංකා බැතිමතුන් කණ්ඩායම දින දෙකක් තුනක් සිටියේ ඔවුන්ගේ දරු පැටවුන්ද සමග ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු අතහැර දමාය. ශ්‍රී ලංකා රජය, චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය පොලිසිය මැදිහත්වී කටයුතු කිරීම නිසා මේ ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ජීවිත බේරාගෙන යළි මව්බිමට පය ගැසීමට වාසනාව උදාවිය. ශ්‍රී ලාංකික බැතිමතුන්ට කොටි හිතවාදී ප‍්‍රහාර එල්ල කළ සෑම අවස්ථාවකදීම ඉන්දීය පොලිස් නිලධාරීන් මහත් පරිශ‍්‍රමයක් දරා ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් නොවන්නට ඔවුන් සියලූදෙනාට පාහේ ඉතාම අවාසනාවන්ත අයුරින් මියයන්නට බොහෝසෙයින් ඉඩ තිබූ බව කීවේ දිවි බේරාගෙන පැමිණි බැතිමතුන් පිරිසකි. තමිල්නාඩුවේ සිටින කොටි හිතවාදීන්ගේ ප‍්‍රහාරවලින් දිවි බේරාගෙන පැමිණ ඇත්තේ හලාවත ප‍්‍රදේශයේ ධීවර ගම්මාන කිහිපයක පවත්වන කතෝලික බැතිමතුන් 180 දෙනකුගෙන් පමණ යුතු පිරිසකි. මෙම බැතිමතුන් පිරිසට හලාවත නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරු පස්දෙනෙක් සහ හලාවත ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක්ද ඇතුළත් වූහ. තූර්ඩි මාතා සහ වේලක්කන්නි දේවස්ථාන වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ සිට ටී‍්‍රචි ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තෙක් ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් මරණ බියෙන් තැතිගෙන ගත කළ කාල සමය අතිශයින්ම බිහිසුණුය. ඉන්දියාවේ වන්දනාවේ ගොස් එරට සිටින කොටි හිතවාදීන්ගේ නොයෙක් විධියේ හිරිහැර හා පීඩනවලට ලක්වී යාන්තම් දිවි බේරාගෙන පැමිණි කතෝලික බැතිමතුන් සොයා මෙරට පැමිණි දිනයේම අපි ඔවුන් සොයා ඒ ධීවර ගම්මානවලට ගියෙමු. හලාවත ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී රොෂාන් ලක්ෂ්මන් ප‍්‍රනාන්දු (එක්සත් ජනතා නිදහස් සන්ධානය) මහතා අපේ මේ සංචාරයේදී අපට මුලින්ම මුණ ගැසිණි. මොහු පදිංචිව සිටින්නේ හලාවත අඹකඳවිල ධීවර ගම්මානයේය. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රොෂාන් ලක්ෂ්මන් ප‍්‍රනාන්දු මහතා ඔහු ඇතුළු පිරිස මුහුණදුන් ඒ සිද්ධීන් ගැන තොරතුරු හෙළිකරමින් පැවසූ කථාව මෙසේය. කතෝලික දේවස්ථාන වැඳ පුදාගන්න පසුගිය 2 වැනිදා අපි ඉන්දියාවට ගියා. මගේ නෝනයි, දරුවෝ හතරදෙනයි, මගේ අම්මයි, අම්මාගේ අක්කයි, අයියාගේ දුවත් මේ ගමනට එකතුවුණා. ටි‍්‍රචි ගුවන් තොටුපොළෙන් බැහැලා පැය තුනක පමණ බස් ගමනකින් පසු අපි තමිල්නාඩුවේ තාන්ජවුර්හි පිහිටි තූර්ඩි මාතා දේවස්ථානයට ගියා. ඒ දේවස්ථානය අසල නවාතැන් පොළක අපි කට්ටිය නතර වුණා. අපේ නඩයට පමණක් 106 දෙනෙක් ඇතුළත්ව සිටියා. පහුවැනිදා ඒ කියන්නේ 3 වැනිදා උදේ අපි තූර්ඩි මාතා පල්ලියට යන්න සූදානම් වුණා. මෙහි පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව තමිල්නාඩුවේ සිටින කොටි හිතවාදී පිරිසක් ලොකු උද්ඝෝෂණයක් කරන්න සූදානම් වෙන බවට අපට ආරංචි ලැබුණා. කොටි ලාංඡුනය සහිත රතු පැහැති කොඩි අතින් ගත්තු, කොටි ලාංඡුනය සහිත ටී ෂර්ට් ඇඳගත්තු 100-200ක විතර පිරිසක් අපේ නවාතැන් පොළ ඉදිරිපිටට ඇවිත් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඔවුන්ගෙන් ගොඩක් දෙනෙක් අත, පොලූ මුගුරු තිබුණා. සිංහලයෝ බල්ලෝ. ඒ සිංහල බල්ලන්ව මරා දමමු. උන්ට මෙහේ එන්න අයිතියක් නැහැ. වැනි සිංහල විරෝධී සටන් පාඨ කියමින් ඔවුන් කෑගසන්නට පටන් ගත්තා. අපේ නඩවල හිටපු කට්ටිය හොඳටම බයවුණා. අපි හොඳටම අසරණ වුණා. අපට කරකියාගන්න දෙයක් නැතිවුණා. දෙමළ ජාතිකයකුට සල්ලි දීලා බොහොම අමාරුවෙන් සිම්කාඞ් එකක් කලින් ගෙන්නාගෙන තිබුණා. මා එම සිම් කාඞ්පතින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා මහතාට දැනුම් දුන්නා. නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ මොහොතේම චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබුණා. නියොමාල් මහතා මට කිව්වා කොහොම හරි උද්ඝෝෂණය වීඩියෝ කරන්න කියා. අපි හිටපු නවාතැන්පොළේ ඉඳලා වීඩියෝ කරන්න උත්සහ කළත් බැරිව ගියා. පොලිස් කණ්ඩායමක් අපි නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණ උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් විසුරුවා හැරියා. කොටි හිතවාදීන් කිහිපවතාවක්ම අපේ නවාතැන්පොළට කඩා වදින්න උත්සාහ කළා. නමුත් පොලිසිය ඊට ඉඩදුන්නේ නැහැ. බැරි වෙලාවත් ඒ අය ඇතුළුවුණා නම් අපට ජීවිත හානි වුණත් කරන්න ඉඩ තිබුණා. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය අපි ඉන්නා පැත්තේ පොලිසියේ ලොකු මහත්වරු දෙන්නෙකුගේ දුරකථන අංකත් දීලා තිබුණා. මම ඒ අංකවලටත් කථා කර සිද්ධිය දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ පොලිසියේ ලොකු මහත්වරුන් දෙන්නා කිව්වේ කිසිම දෙයකට බයවෙන්න එපා. ඔයගොල්ලන්ට කරදරයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලයි. බයවුන අපේ සමහර කාන්තාවෝ සහ පොඩි ළමයින් කෑගසන්නට පටන්ගත්තා. උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් විසිරුවා හැරියත් උන් ? බෝවෙනකම් ඒ අවට එකා දෙන්නා ගැවසුනා. එදා රෑ අප ගත කළේ නින්දක් නොමැතිව. පල්ලියේ ස්වාමිත් කිව්වා මෙහෙ ඉන්න එක ඔයගොල්ලන්ගේ ජීවිතවලට අනතුරුදායකයි කියලා. පසුවදා ඒ කියන්නේ 4 වැනිදා පාන්දර අපෙන් ඇහැව්වා මොකක්ද දැන් අපෙන් කෙරෙන්න  ඕනෑ කියලා. අපි කිව්වා වේලක්කන්නි පල්ලියට යන්න  ඕනෑ අපිට ආරක්ෂාව දෙන්න කියලා. ඔවුන් අපේ ඉල්ලීමට එකඟ වුණා. චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිතරම අප ගැන සොයා බැලූවා. වේලක්කන්නි පල්ලියට යන බව දැනුම්දුන් පසු එහි නිලධාරීන් දෙදෙනෙක්ද පල්ලිය ළඟට එවන බව පැවසුවා. පසුව පොලිස් ආරක්ෂාව යටතේ අපි වේලක්කන්නි පල්ලියට ගියා. හලාවතින් ගිය බැතිමතුන් පැමිණි තවත් බස් රථ හයක්ද එහි පැමිණ තිබුණා යැයි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් මහතා පැවසීය. තව දුරටත් තොරතුරු හෙළිකරමින් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය. වේලක්කන්නි පල්ලියට ගිහින් ඉටිපන්දම්වත් පත්තුකරන්න අපට ඉඩක් ලැබුණේ නැහැ. විශාල පිරිසක් පල්ලිය ළඟට ඇවිත් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඔවුන් සියලූ දෙනාම පාහේ රතුපාට සහ කළු පැහැති ටී ෂර්ට් හැඳගෙන හිටියේ. ඒවායේ කොටි ලාංඡුනය ඇඳ තිබුණා. ”සිංහලයන්ට මෙහේ එන්න අයිතියක් නැහැ., සිංහලයන් මරමු” ආදී සටන් පාඨ කියමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තා. අපි මෙහෙම දෙයක් මෙතැනදි වෙයි කියලා හිතුවේ නැහැ. අපේ අය හුඟ දෙනෙක් බියට පත්වෙලා හඬන්නට, වැළපෙන්නට පටන්ගත්තා. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ මහත්වරුන් දෙන්නෙකුත් ඇවිත් සිටියා. තමිල්නාඩු පොලිසියේ කට්ටියක් අපේ ආරක්ෂාවට පැමිණියා. තත්ත්වය දරුණු අතට හැරෙන්නට යන බව අපට තේරුම් ගියා. අපේ ජීවිත ලොකු අවදානමක වැටී ඇති බවත් හැඟී ගියා. අපට නැවතත් ඉක්මනින් ලංකාවට යාමට  ඕනෑ වුණා. පොලිසිය අපිව බස් රථ හතේ නංවලා ටී‍්‍රචි ගුවන්තොටුපොළට කැඳවාගෙන යන්න තීරණය කළා. නියොමාල් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා නිරන්තරයෙන් අප ගැන සොයා බැලූවා. උද්ගතව ඇති අලූත්ම තත්ත්වය නියෝජ්‍ය අමාත්‍යවරයාට මම දැනුම් දුන්නායිම් පස්සේ එතුමා කඩිනමින් ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු යෙදුවා. වේලක්කන්නි පල්ලියේ ඉඳලා ටී‍්‍රචි ගුවන්තොටුපොළට එන අතරවාරයේ ස්ථාන 10 කදී පමණ අපේ බස් රථ හතට කොටි හිතවාදීන් ගල්මුල් ප‍්‍රහාර එල්ල කළා. මේ නිසා කුඩා දරුවන්ව බස්වල සීට් අස්සේ සඟවාගෙන ආවේ. ගල්මුල් වදියි කියලා වැඩිහිටි උදවිය බෑග් වලින් හිස් ආවරණය කරගෙන පැමිණියා, ගල්මුල් ප‍්‍රහාර වලින් බේරීම සඳහා. උන් අප හිටපු බස්රථවලට ගිනි තියන්නයි සූදානම් වුණේ. නමුත් එය කරගන්න බැරිව ගියා. එහෙම වුණානම් අපි සේරම ඉවරයි. දරුණුම ප‍්‍රහාරය අපට එල්ලවුණේ ගුවන්තොටුපොළට කිලෝමීටර් 10ක පමණ දුරක් තියෙද්දියි. එක පාරට හිතාගන්න බැරි පිරිසක් පාරට කඩාවැදිලා පාර හරස් කර බස් ටික ඔක්කොම නවත්වා ගත්තා. ලොකු ගල් අරන් බස් එකට පහර දෙන්න පටන්ගත්තා. බස් රථ තුනකට විතර දැඩි ලෙස අලාභහානි වුණා. සිංහලයන්ට උදව් කරන්න එපා කියමින් කොටි හිතවාදීන් අපේ බස්රථවල රියදුරන්ට බැන්නා. සමහරුන්ට ගහන්නත් ගියා යැයි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා පැවසීය. කඩිනමින් තමන් ඇතුළු පිරිස යළි මෙරට ගෙන්වා ගැනීමට උපකාර කළ ජනාධිපතිතුමාටත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා මහතාටත් විදේශ කටයුතු අමාත්‍යංශයටත් අනේකවාරයක් ස්තුතිවන්ත වෙන බව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා පවසයි. චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී මහත්වරුන් කළ උපකාර වලටත් බෙහෙවින් ස්තුතිවන්ත වන බව පවසන මන්ත‍්‍රීවරයා ඉන්දීය පොලිසිය ඔවුන්ට පැවරී තිබූ රාජකාරිය අකුරටම ඉටුකරමින් කළ අනගි මෙහෙයද කිසිම දිනක අමතක කළ නොහැකි බව ඔහු අවසාන වශයෙන් පැවැසීය. ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයාගේ බිරිඳ වන ඩයනා ප‍්‍රනාන්දු (31) මහත්මිය අප සමග තොරතුරු හෙළිකරමින් මෙසේ පැවසුවාය. ටි‍්‍රචි ගුවන්තොටුපොළ බලා එද්දි එක් අවස්ථාවක අපට ලොකු ප‍්‍රහාරයක් එල්ලවුණා. කොටි හිතවාදීන් විශාල පිරිසක් අපේ බස්රථ 7 වටකරගෙන ලොකු ගල් ගෙඩි වලින් පවා පහර දෙන්නට පටන්ගත්තා. උන් කට්ටියක් අපේ බස් එකට ගොඩවෙලා රියැදුරාට පහර දෙන්න ගියා. රියදුරා බස් එක දාලා පැනලා යන්න හදද්දි මම වැඳලා කිව්වා යන්න එපා ගියොත් අපි සේරම ඉවරයි කියලා. ඒත් රියැදුරා පණ බේරාගන්න බස් එක දාලා පැනලා ගියා. එතකොටත් අප යටිගිරියෙන් කෑගහලා කිව්වා අනේ යන්න එපා කියලා. පස්සේ පොලිසියේ නිලධාරීන් පැනලා ගිය රියදුරා අල්ලාගෙන ඇවිත් එයාට කුණුහරුපයෙන් බැනලා බස් එක ගුවන් තොටුපලට පදවාගෙන යන ලෙස නියෝග කළා. ගල් ගෙඩියක් මගේ අතටත් වැදුණා. දැන් එතන තඩිස්සිවෙලා රිදෙනවා. මගේ අවුරුදු 4ක් විතර වෙන ෂෙවොන් පුතාගේ මුහුණේ බස් එකේ වීදුරු කෑලි වැදිලා පොඩි පොඩි සීරිම් තුවාල තිබෙනවා. ගල් පහරවල් වලට බිඳුනු වීදුරු කැබැලි මුහුණේ වැදිලා තමා ඒ සීරීම් තුවාල ඇතිවී තිබෙන්නේ. දරු පැටව් ටිකත් එක්ක ජීවිතය බේරාගෙන එන්න ලැබීම ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අපි නම් හිතුවෙ නැහැ ජීවිතය බේරාගෙන එන්න ලැබෙයි කියා යැයි ඩයනා ප‍්‍රනාන්දු මහත්මිය පවසන්නීය. කොටි හිතවාදීන්ගෙන් ප‍්‍රහාර එල්ලවන සෑම අවස්ථාවකදීම කෑගැසීම නිසා ඇයගේ කට හඬද බැරැන්ඩිවී ඇති බව ඇය හා කථා බස් කරනවිට අපට පෙනී ගියේය. හලාවත, අඹකඳවිල පදිංචි මේරි හැරියට් 67 හැවිරිදි වියේ පසුවන මාතාවකි. ඇයද වේලක්කන්නි පල්ලිය වැඳපුදා ගැනීමට ගිය නඩයේ සිටියාය. මේරි හැරියට් මහත්මිය කියන කථාවයි මේ. අනේ මහත්තයෝ, උන් අපේ බස්වලට තැනින් තැන රැකලා ඉඳලා ගැහැව්වා. එක තැනකදී අපිට හොඳටම ගැහැව්වේ. උන් බස් වලට නැගලා අපිට ගහන්න නොගත් වෑයමක් නැහැ. එහෙම වුනානම් උන් අපි සේරම මරා දමන්න තිබුණා. එච්චර ලොකු කෝපයකින් හිටියේ. ඒ ඇයි කියන්න නම් මම දන්නේ නැහැ. අපේ ජීවිත බේරුණේ ඉන්දියාවේ පොලිසියේ මහත්වරුන් නිසයි. ඒ මහත්වරුන් නොසිටින්න අප සේරම දෙනා ඉවරයි. ආයෙත් ඒකෙ දෙකක් නැහැ. ගුවන්තොටුපොළේදී මම ඒ ඉන්දියාවේ පොලිසියේ මහත්වරුන්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා ආවේ. අපේ ජීවිත බේරාගන්න උදව් කළ ඒ මහත්වරුන්ට වැන්දාට පව් නැහැ. යැයි හැරියට් මහත්මිය පවසන්නීය. අපේ ජීවිත ගැන නෙවේ බයවුණේ පොඩි දරු පැටව් ගැන හිතලා අපි උන්ට වැඳලා කිව්වා අපට කරදර කරන්න එපා කියලා. අපි වැඳලා කෑගසද්දිත් ඒ මිනිස්සු කිසිම හිතක් පපුවක් නැති විදිහට ගල් මුල් වලින් දමා ගැසුවා. බස් වලට ගොඩවෙන්න හැදුවා. නමුත් පොලිසියේ මහත්වරුන් නිසා බස්වලට ගොඩවෙන්න අමාරු වුණා. ඒත් එකෙක් දෙන්නෙක් බස් රථ දෙක තුනකට ගොඩවුණා. උන්ව පොලිසියෙන් අල්ලා ගත්තා. උන්ට මුකුත් කරගන්න බැරිව ගියා යැයි කීවේ අඹකඳවිල පදිංචි 68 හැවිරිදි වියේ සිටින වයලට් මහත්මිය කීය. වයලට් මහත්මිය මෙසේද කීවාය. අපි වන්දනාවේ ආපු කට්ටියක්. වේලක්කන්නි මාතාවගේ පිහිට ආශිර්වාදය ලබාගන්නයි ආවේ. ඇයි අප වගේ කට්ටියකට මේ අය මෙහෙම කළේ. ඔය කට්ටිය මෙහේ පල්ලි වලට වන්දනාවේ ආවොත් අපේ රටේ මිනිස්සු නම් කවදාවත් ඔය විදිහට හිරිහැර කරන්නේ නැහැ. අපි එහෙම තිරිසන් වැඩ කරන ජාතියක් නෙවේ යැයි ඒ මාතාව පවසන්නීය. වේලක්කන්නි වන්දනාවේ ගොස් කොටි හිතවාදීන්ගේ ගල්මුල් ප‍්‍රහාරවලට ලක්වී තැලූම් තුවාල හා සීරීම් තුවාල ලැබූ කිහිපදෙනෙක් සිටින බව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් මහතා අප සමග කීය. අපට මේ විදියට හිරිහැර හිංසා පීඩා කළාට කමක් නැහැ ඔයගොල්ලෝ මෙහෙ එන්න අපි ඔයගොල්ලන්ව මඩු පල්ලියට, මාතර පල්ලියට එක්කගෙන යන්නම්. එදාට හිතෙයි ලොකු වරදක් අපි එදා කළේ කියලා. දෙවියන්වහන්සේ අදහන අපි දෙවියන්වහන්සේ වැඳපුදා ගන්න එන අයට හිරිහැර කරන්න තරම් කෲර ජාතියක් නෙවේ. වේලක්කන්නි වන්දනාවේ ගොස් හිරිහැර හිංසා පීඩාවලට ලක්වූ අපට හමුවූ බොහෝදෙනෙක් කියා සිටියේ මෙවැනි කථාවකි. කොටි ත‍්‍රස්තවාදීන්ට අත්වූ ඉරණම ගැන තමිල්නාඩුවේ කොටි හිතවාදීන් අපේ රටේ අය එක්ක වෛරයෙන් පසුවන බව මෙවැනි සිද්ධීන් හරහා සනාථ වන බව ඔවුහු පැවසූහ.

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප - මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත‍්‍රි



අදහස් (0)

ඉන්දියාවේදී පහරකෑ බැතිමතුන්ගේ කතාව

අරෝෂ Wednesday, 12 September 2012 10:44 AM

ඉන්දියාවට යන්න එපා

:       0       1

රසිකා Wednesday, 12 September 2012 10:50 AM

තමිල්නාඩු පොලිසියට ස්තූති කරන්න ඕනෑ අ‍පේ මිනිස්සු ටික බේරලා දුන්නට. (නි)

:       0       1

අසේල Wednesday, 12 September 2012 04:01 PM

මේ දේම නේද ලංකාවේ සිංහලයන් දමිළයන්ට කරන්නෙත්? (නි)

:       0       0

සෙනරත් Sunday, 09 September 2012 04:18 PM

මේක නම් ලොකු ප්‍රශ්නයක්. (ස)

:       0       0

තරුෂ Monday, 10 September 2012 09:06 PM

ලංකාවෙ යුද්ධය අවසන් වීම නිසා ආයුධ වෙළඳුන් සහ සාම වෙළඳුන් මෙන්ම බටහිරට දෙමළ මිනිසුන් පටවන ජාවාරම්කරුවන්ට වෙළඳාම් අහිමිවීමේ තරහ නිසා මෙම කුලප්පු කිරීම් සිදු විය හැකියි. තමිල්නාඩු ජාවාරම් මෙහෙයවන්නන්ට මෙයින් බොහෝ පාඩු වෙන්න ඇති. ඔවුන්ට අවශ්‍ය නැවත යුද්ධයට පණ දෙන්නයි. ප්‍රවේසමෙන්. (නි)

:       0       0

වෙනුර Tuesday, 11 September 2012 11:48 PM

ගුටිකාපු අය අතරේ ලංකාවේ දෙමළ මිනිස්සුත් හිටියා. (නි)

:       0       0

වෙනුර Tuesday, 11 September 2012 11:57 PM

තමිල්නාඩුව කියන්නේ තනිකරම වධකාගාරයක්. (නි)

:       0       0

චමී Friday, 14 September 2012 09:00 AM

ලංකාවෙ මිනිස්සුත් ඉන්දියාවේ උන් ලංකාවට එනකොට ඔහොම තමයි සලකන්න ඕන.බුදුන් අදහන රට නිසා අපේ මිනිස්සුන්ගෙ හිත හොඳ නිසා උන්ට එහෙම නොකරන්නෙ‍ (ස)

:       0       1

සුභාෂිනි Monday, 10 September 2012 05:16 PM

මොකද්ද ඔය හැටි තියෙන තරහ (දී)

:       0       0

සමන් Tuesday, 11 September 2012 07:03 AM

මේකේ අවුරුද්දක සංවත්සරයකුත් තියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

හිල්මි Tuesday, 11 September 2012 07:19 PM

මට කණගාටු ගහලා තියෙන්නේ වැරදි පුද්ගලයන්ට වීම ගැනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 162 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 558 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 155 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 145 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 339 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 651 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site