IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉන්දියාවේ තිරුපති දෙවොල වගේ අලූත් වන කතරගම දෙවොල

 12-page1-S2-3 12-page1-S2-4

 

ඉන්දියාවට තිරුපති මහා දෙවොල නම් ලංකාවට කතරගම මහා දෙවොලය. මේ දෙක ඒ තරමට ලෝක ප‍්‍රසිද්ධය. අනුහස්ය. දෙස් විදෙස් රාජ්‍ය නායකයන්ගේ පටන් ජාති-ආගම් භේදයකින් තොරව බැතිමතුන්ගේ ගෞරවයට පාත‍්‍රවන තැන්ය.
කතරගම මහා දේවාලය ගැන කතා කරන විට එය කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටින තැනක ඉදිවූ දේවාලයකි. මෙහි යන එන පිරිස දිනපතා ජන ගඟකි. සිංහල-දෙමළ පමණක් නොව දෙස් විදෙස් කොයි කවුරුත් බැතිමත්ව වන්දනා කරන තැනකි.

 


කතරගම මහා දේවාලය, ගැන පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කොට තිබිණි. එතුමා පැවසුවේ කතරගම දේවාලයත් තිරුපති වැනි ස්ථානයක් බැවින් ඒ ආකාරයට ඉදිකිරීම් කටයුතු හා සංවර්ධනය කිරීම් කළ යුතු බවය. 


එහි පසු අර්ථය රටටත් පොදු ජනතාවටත් අනුහස් ඇති ස්ථානයක් මීට වඩා සංවර්ධනය වී, භක්තිය වැඩිදියුණු වන පරිදි පොදු පහසුකම්වලින් ද සමන්විතව නිර්මාණය විය යුතු බවය.


ඒ අනුව ”අලූත් වන කතරගම” ගැන ලියන්නට අපි සිතුවෙමු. කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ මහතා ”අලූත් වන කතරගම” ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

6
”මා බස්නායක නිලමේ ධුරයට පත් වූ පසු වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කීප විටක් කතරගම මහා දේවාලයට පැමිණියා. දේවාලයට දිනපතා විශාල බැතිමතුන් පිරිසක් එනවා. ඒ අයට පහසුකම් ඉතාම අල්පයි. වර්තමානයේ කතරගම ඇති පහසුකම් මේ සා විශාල බැතිමතුන් පිරිසකට ඔරොත්තු දෙන්නෙ නෑ. මේ තත්ත්වය අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා දැක්කා. එතුමා පසුගියදා කතරගම පැමිණි අවස්ථාවේ මට යෝජනා කළා, වහාම තිරුපති දේවාලයට යන්න. එහි ගිහින් එතැන යන පිළිවෙළ අධ්‍යයනය කර පැමිණිලා, තිරුපති ආකාරයට කතරගම දේවාලය හා අවට ප‍්‍රදේශය බැතිමතුන්ට පහසුවක් වන පරිදිත්, භක්තිය වැඩිවන ආකාරයටත් ගොඩනගන්න කියා. ඒ අනුව මහා දේවාලය හැර ප‍්‍රධාන දොරටුවේ සිට ඒ අවට ගොඩනැගිලි අංගසම්පූර්ණව වෙනස් වීමට නියමිතයි. අගමැතිතුමා උපදෙස් දුන්නෙ තිස්ස නගරයේ ඉඳන්ම මේ සංවර්ධන කටයුතු කතරගම දක්වා සම්පූර්ණයෙන් ආරම්භ විය යුතු බවටයි. ඒ අනුව දැන් කටයුතු ආරම්භ වෙලා තියෙන්නෙ. ඉදිරි කාලය තුළ කතරගම බොහෝ දුරට අලූත් වේවි. මේ සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාත් පත්කර තිබෙනවා.’’


අලූත් වන කතරගම මහා දේවාලය අවට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රැුසක් මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව බැතිමතුන්ගේ පහසුව සඳහා විශ‍්‍රාම ශාලා වැසිකිළි 100ක්, ඉතා පිරිසිදු පානීය ජල ව්‍යාපෘති දැන් ලහි ලහියේ සිදුවෙමින් පවතී.

 

”මේ ව්‍යාපෘතිවලදී පැරණි නේවාසික ගොඩනැගිලි කඩා ඉවත් කර අලූත් ගොඩනැගිලි මහා පරිමාණව ඉදිවෙනවා, රාජ්‍ය අංශයේ හා පුද්ගලික බැතිමතුන්ගේ ආධාර ඇතිව. ඒ සඳහා කැමති බැතිමතුන්ට දායකත්වය භාර ගැනීමේ ශක්තියක් තිබෙනවායි” කුමාරගේ මහතා පවසයි.


”කතරගම මහා දේවාලය, ඉන්දියාවේ තිරුපතිවලටත් වඩා බලසම්පන්න බව බොහෝ දෙනා දරන අදහසක්. එම නිසා කතරගම වන්දනාවේ විශාල වශයෙන් ඉන්දියානුවෝ එනවා. ඒ අය තිරුපති ගිහින් එවැනි මහා චිත‍්‍රයක් මවාගෙන මෙහි එන්නේ. නමුත් ඒ චිත‍්‍රය කතරගමට ආවම නෑ. හැම අතින්ම ඔවුන් අපහසුතාවයට ලක්වෙනවා. පුංචි පුංචි ගොඩනැගිලි. මේ තත්ත්වය ත‍්‍රි’මල කෝනේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, යාපනය නල්ලූර් කෝවිල්වල නෑ. ඉතාම දියුණුයි, සංවර්ධිතයි. නමුත් තවම කතරගම ඒ තත්ත්වය නෑ. සමහර ඉන්දියානුවෝ කියනවා කතරගමට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නෙ එහි පාලකත්වයට දිගටම සිංහල බෞද්ධයන් පත්වීම නිසා කියලා. මා ඒ කතාව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ප‍්‍රකාශ කළා. හැබැයි ඉදිරි කාලයේදී කතරගම මහා දේවාලය තිරුපති දේවාලය තත්ත්වයට ගෙනැත් අංගසම්පූර්ණ ගොඩනැගිලි වශයෙනුත් පොදු පහසුකම් අතිනුත්, ආදර්ශමත් පාලනයක් අතිනුත් වෙනසක් කරනවා.”


මේ අනුව කතරගම දේවාලයට වෙනමම මල්වත්තක් කඩවර දේවාලය ළඟ නිර්මාණය වෙනවා. දැන් එහි වැඩ සීයට 90ක් අවසන්. ඒ වගේම කතරගම දේවාලය සතුව තවම ඉන්නෙ එක ඇතයි. පෙරහරවල් සේරටම යන්නෙ මේ ඇතා. සමහර දවස්වල දිනපතාම පෙරහරවල්. ඇතා මහන්සි පිට වුණත් එක දිගට යවන්න වෙනවා. ”අලූත් වන කතරගම”ට ඇත් සංචිතයක් ලබාදීමටත් දැනට සාකච්ඡුා වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර කීපය තුළ කතරගම පිළිබඳ චිත‍්‍රය සම්පූර්ණයෙන් වෙනස් වෙන යුගයක් වේවි.’’
බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ මහතා පවසයි.

m



අදහස් (0)

ඉන්දියාවේ තිරුපති දෙවොල වගේ අලූත් වන කතරගම දෙවොල

නුවරඑළියේ වසන්ත Wednesday, 16 December 2015 05:07 AM

වැඩි පිරිසකගේ ශ්‍රද්ධාව, භක්තිය, බලාපොරොත්තුව, කැටි වුණ තැන් වල ආශ්චර්යවත් දේ සිද්ධවෙනවා. එවැනි හාස්කම් තිබෙන තැනක් තමා කතරගම දේවාලය. මිත්‍යාවක් නම් අවුරුදු සිය දහස් ගණනක් පවතින්න බැහැ.(ම)

:       0       0

රුවන් Tuesday, 15 December 2015 02:04 PM

මිත්‍යා විස්වාස අතර තරගයක්..(හේ)

:       0       0

සෙනරත් Friday, 18 December 2015 02:20 AM

කල් පසුවී හෝ මෙවැන්නක් කිරීම වාසනාවක්. දෙවි පිහිටයි! (නි)

:       0       0

ලාල් Wednesday, 16 December 2015 01:56 PM

බුදුන්වහාන්සේ දේශනා කළ කාළාම සුත්‍රය ලාංකික බෞද්ධයන්ට දිනපතාම අසන්නට ලැබේවා.කාළාම සුත්‍රයෙන් බුදුපියාණන්වහාන්සේ ලොවට දායද කළ ඒ මහාගු පණිවිඩය සියලුම දෙනාටම වහාවහා අවබෝධවේවා..! (බ)

:       0       0

පරාක්‍රම Friday, 18 December 2015 12:00 PM

දෙවියන් විශ්වාස නොකරන්නා ආත්මයක් නැති පුස්සක් පමණි. කතරගම දෙවියන්ගේ බලය දන්නෝ දනිති. නොදන්නෝ බහුබූත දොඩවති. උන්වහන්සේගේ නාමය සදාකල් වැජඹේවා. කතරගම පුණ්‍ය භූමිය දියුණුවෙන් දියුණුවට පත්වේවා.! (ර)

:       0       0

සජිත් Tuesday, 15 December 2015 03:52 PM

මිනිස්සු නොපෙනෙන දෙවියන්ගෙන් පිහිට යදිනවා. තමන්ගේ ආත්ම විශ්වාසය අතහරිනවා. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 16 December 2015 10:08 AM

බොහොම වැදගත්, හරබර ලිපියක්. මීළඟ වාරයේ ම ශ්‍රී ලංකාවට ගියාම කතරගම දේව පූජාවට සහභාගිවී නව කතරගම අසිරිය බැලීමට අමතක කරන්නේ නැහැ. මට මතකයි අප පවුලේ සියලු දෙනා සමඟ පළමු වරට කිරිවෙහෙර වන්දනා කර කතරගම දෙවිදුන්ට පූජා පැවැත්වීම සඳහා ගිය ගමන. එදා අප ගියේ පැද්දෙන වැල් පාලමක් මතිනුයි. මහා දේවලයට පිවිසෙන දොරටුව අභියස අවන්හල්, විසිතුරු භාණ්ඩ විකුණන වෙළඳ සැල් නිසා එදා කතරගම පුදබිමක් හැටියට වඩා අපට පෙනුනේ එහෙන්මෙහෙන් අටවාගත් වෙළඳ භූමියක් ලෙසයි. කෙසේ වුවත්, දේවාල පරිශ්‍රයත් කිරිවෙහෙර පුදබිමත් ඒ සංකල්පනාව වෙනස් කරා.... (ම)

:       0       0

ජනක Wednesday, 16 December 2015 12:51 AM

රුවන්, එහෙම කියන්න එපා. මම කතරගම දෙවියන්ගේ බැල්ම අත්දැක තිබෙනවා. මරණයෙන් 3-4 සැරයක් බේරිලා තියෙනවා. ඒ කතරගම දෙවි සමිඳුගේ බලයම නිසා කියලා මම හොඳටම විශ්වාස කරනවා, දන්නවා. (නි)

:       0       0

රෙක්ස් Wednesday, 16 December 2015 01:49 AM

ජනක වැනි අය ඉන්නතුරු මිසදිටුවෝ රජවෙනවා. (නි)

:       0       0

ලසන්ත Wednesday, 16 December 2015 02:08 AM

ඇත්තටම මමත් කතරගම දෙවියන් බොහෝම ඉහළින් විශ්වාස කරනවා (නි)

:       0       0

නදීකා Wednesday, 16 December 2015 02:09 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඉන්දික Tuesday, 22 December 2015 10:54 AM

විශ්වාසය කරනවා යනු අපි ප්‍රත්‍යක්ෂයෙන් නොදන්නා දෙයක් ඇත්ත සේ පිළිගනිමයි. මෙහි ඇති භයානක පැත්ත නම් නියම ඇත්ත දැනගැනීමට ඇති අවස්ථාව මගහැරිමයි. විශ්වාසය නිසා තමා නොදන්නා දෙයක් දන්නවා යන වැරදි වැටහීම ඇතිවේ. මෙය ලෝකයේ යුද ගැටුම්, ත්‍රස්තවාදයට මුලික පසුබිම සපයා ඇත. එනිසා දේවත්වය අත්විදින්න විස්වාසය මත පදනම් නොවී. (කෞ)

:       0       0

ෆෙරෝස් Tuesday, 22 December 2015 10:56 AM

හොද වැඩක්. නමුත් පෞරාණිකත්වය ඒ විදිහටම තියෙනවනම් හොඳයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3301 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1018 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site