IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඉන්දීය ඡන්දයෙන් පැරදුණු ප්‍රභාකරන්ට "පෙම්කළ" මාධ්‍යවේදිනිය

මාධ්‍යවේදිනියක ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් 55 හැවිරිදි ඇනීටා ප‍්‍රතාප් පුවත් මවන්නියක වූයේ පසුගියදා අවසන් වූ ඉන්දීය මැතිවරණයට අපේක්ෂිකාවක ලෙසින් ඉදිරිපත් වීමත් සමඟිනි. 2014 ආරම්භයේ ආම් ආද්මි පක්ෂයට එක් වූ ඇනීටා ප‍්‍රතාප් තරග කළේ කේරළයේ එර්නාකලම් ආසනය වෙනුවෙනි. ඇයගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියා වූයේ දිගු දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන කොන්ග‍්‍රස් පක්ෂ බලකණුවක් වූ කේ.වී. තෝමස් ය.

 

1980 මුල්භාගයේ එල්.ටී.ටී.ඊ නායක ප‍්‍රභාකරන් හමුවූ අවස්ථාව මගේ මතකයෙන් කිසි දිනෙක ගිලිහෙන්නෙ නැහැ. මට ඔහු හමුවුණේ එක්තරා පියකරු උදෑසනක චෙන්නායිහි පිහිටි එල්.ටී.ටී.ඊ ආරක්ෂක නිවස්නයකදීය. ඒ හමුව අප දෙදෙනාටම වැදගත් වූයේ ප‍්‍රභාකරන් ප‍්‍රථම වරට මාධ්‍යවේදිනියකට කතා කළ ප‍්‍රථම අවස්ථාව එය වූ බැවිනි.


 

ඇනීටා ප‍්‍රතාප්
 
ඇනීටා ප‍්‍රතාප් ප‍්‍රභාකරන් හමුවී...

මැතිවරණයෙන් ඇනීටා පරාජයට පත්වූවාය. එහිදී තෝමස් ඡුන්ද 353841ක් ලබාගන්නා විට ඇනීටාට ලබා ගත හැකි වූයේ ඡන්ද 51517 පමණි.

ඇනීටා ප‍්‍රතාප් ශ්‍රී ලංකාවට නුහුරු නුපුරුදු චරිතයක් නොවේ. විසි වසරකට අධික කාලයක් ඇය මෙරට සිටි ජනාධිපතිවරුන්, දේශපාලනඥයන් ඇතුළු ප‍්‍රභූවරුන් මෙන්ම එල්.ටී.ටී.ඊ නායකයන් සමඟද සම්මුඛ සාකච්ඡුා රැුසක් පැවැත්වූ අතර එවක සිටි ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මහතා සමඟ මෙන්ම එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමඟද සුහදව කටයුතු කළාය. 1983 දී ප‍්‍රභාකරන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ප‍්‍රථම මාධ්‍යවේදිනිය වූයේ ඇනීටාය. එම සම්මුඛ සාකච්ඡාව ඇයට විශාල කීර්තියක් අත්පත් කර දුන්නේය. ප‍්‍රභාකරන්ගේ ප‍්‍රථම හමුවීම පිළිබඳව ඇය පුවත්පත් සාකච්ඡුාවකදී මෙලෙස අනාවරණය කළාය.

‘‘1980 මුල්භාගයේ එල්.ටී.ටී.ඊ නායක ප‍්‍රභාකරන් හමුවූ අවස්ථාව මගේ මතකයෙන් කිසි දිනෙක ගිලිහෙන්නෙ නැහැ. මට ඔහු හමුවුණේ එක්තරා පියකරු උදෑසනක චෙන්නායිහි පිහිටි එල්.ටී.ටී.ඊ ආරක්ෂක නිවස්නයකදීය. ඒ හමුව අප දෙදෙනාටම වැදගත් වූයේ ප‍්‍රභාකරන් ප‍්‍රථම වරට මාධ්‍යවේදිනියකට කතා කළ ප‍්‍රථම අවස්ථාව එය වූ බැවින්.

ඔහු කාමරයට එන තෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ නිර්මාණය වූ වීඩියෝපට කීපයක් මා නරඹමින් සිටියා. ඒවායේ මා ප‍්‍රභාකරන් දුටුවේ කඩවසම්, අඩි හයක් පමණ උස පුද්ගලයකු ලෙසිනුයි. එහෙත් මා අභිමුවට පැමිණි පුද්ගලයා එවැන්නෙක් නොවෙයි. එතරම් උස් නොවූ දෙමළ ව්‍යාපාරිකයකුගේ පෙනුමක් තිබූ පුද්ගලයකුයි මා අභියසට පැමිණියේ. මා දෙස මොහොතක් බලා සිටි ඔහු ‘‘මම තමයි ප‍්‍රභාකරන්’’ යනුවෙන් පැවසුවා.

මා ඔහු සමඟ අවස්ථා ගණනාවකදී සම්මුඛ සාකච්ඡුා පවත්වා තිබෙනවා. ඔහු කාලයත් සමඟ වෙනස් වුණා. ඔහු වයස්ගත වුණා. ස්ථුල වුණා. උඩු රැුවුල නොමැති වුණා. එහෙත් තම අරමුණ නම් කිසිවිටෙක වෙනස් කළේ නැහැ.’’ යනුවෙන් ඇනීටා ප‍්‍රකාශ කළාය.

ප‍්‍රභාකරන් ඇනීටා ප‍්‍රතාප් සමඟ සබඳතාවක් පැවැත්වූ බවට රාවයක් පැතිර තිබිණි. ඇනීටා හට  ඕනෑම අවස්ථාවක ප‍්‍රභාකරන් හමුවීමට අවසර ලැබී තිබූ අතර එලෙස ප‍්‍රභාකරන්ගේ අවධානය දිනා ගත් එකම මාධ්‍යවේදිනිය වූයේ ඇයයි. ඇනීටා ප‍්‍රභාකරන්ගේ පෙම්වතියක වූ බැව් ප‍්‍රචාරය වීම හේතුවෙන් ප‍්‍රභාකරන්ගේ බිරිය වූ මදිවදිනී අතර ආරවුල් පැවති බවට ද රාවයක් පැතිරිණි. එහෙත් ප‍්‍රභාකරන් හා තමා අතර කිසිදු ආකාරයක පේ‍්‍රම සම්බන්ධයක් නොපැවති බව ඇය වරෙක ප‍්‍රකාශ කළාය. ඇනීටා තමිල්නාඩුවේ ඊළාම්වාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවද රහසක් නොවේ.

කේරළයේ කොට්ටායම් ප‍්‍රදේශයේ උපත ලද ඇනීටා එර්නාකලම් සාන්ත තෙරේසා කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලබා දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකර ගත්තාය. පසුව බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය උපාධිය ලබාගත් ඇය ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පතට එක්වූවාය. ගවේශණාත්මක මාධ්‍ය කලාව මගින් බොහෝ දුෂණ රටට හෙළිකරන්නට ඇය පියවර ගත්තාය.

ඉන්ඩියන් එක්ස්ප‍්‍රස්, සන්ඬේ, ඉන්ඩියා ටුඬේ සහ ටයිම් යන පුවත්පත් සඟරාවල මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇනීටා ප‍්‍රතාප් දේශපාලනයට පිවිසෙන විට සී.එන්.එන්. රූපවාහිනී ජාලයේ නවදිල්ලි ශාඛාවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළාය.

ඇනීටාගේ ප‍්‍රථම විවාහය සිදුවූයේ ප‍්‍රතාප් චන්ද්‍රන් සමඟය. එවක 22 හැවිරිදි වියේ පසුවූ ඇයට එම විවාහයෙන් පුත‍්‍රයකු සිටී. ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පතේ මාධ්‍යවේදියකු වූ චන්ද්‍රන් සමඟ පැවති එම විවාහය කෙටි කලකින්ම අවසන් වූ අතර පසු කලෙක ඇය අර්නි රෝයි වල්තර් නම් නෝර්වීජියානු තානාපති නිලධාරියකු හා විවාහ වූවාය.


 



අදහස් (0)

ඉන්දීය ඡන්දයෙන් පැරදුණු ප්‍රභාකරන්ට "පෙම්කළ" මාධ්‍යවේදිනිය

සී.‍ජේ. (ප්‍රිටෝරියා) Saturday, 21 June 2014 03:37 AM

එ් කියන්නෙ එ් කාලේ ඇනිටට ලියන කලාවට වඩා වෙනත් කලාවකට තමයි හිත ගිහිල්ල තියෙන්නෙ (නදී)

:       0       0

සඳුනි Tuesday, 27 May 2014 09:12 PM

මෙයත් අපේ රටට හතුරුකම් කරනවා ද ? (ස)

:       0       0

ප්‍රේමා සිල්වා Wednesday, 18 June 2014 04:01 PM

මේක තමයි මම අහපු මෝඩම පෙම් කතාව (නදී)

:       0       0

භාග්‍යා Wednesday, 28 May 2014 03:33 PM

අනේ හරි දුක හිතෙන කතාවක් (දිල්)

:       0       0

අසෝකා Thursday, 19 June 2014 01:22 PM

ප්‍රේම, එතකොට සිංහලයින්වම මරපු සිංහල ජාතියේම ජේ.වී.පි. එකේ ලොක්කන්ගේ ආදර කතා සුන්දරයිද? (නදී)

:       0       0

අනුර Wednesday, 28 May 2014 09:53 AM

අවසානයේ අපි ඔක්කෝම යන්නේ වලට හැබැයි මෙයාලා යන්නේ නරකාදියට. (ස)

:       0       0

ජීවන් Saturday, 31 May 2014 12:07 AM

මෙි මාධ්‍යවෙිදිනිය තැත් කරන්නෙ කොටි නායකයා හොද කෙනෙක් විදිහට ජනතාවගේ හිත් වලට සමීප කරන්න.(ස)

:       0       0

නුවන් Tuesday, 27 May 2014 03:46 PM

කොහෙන් ගියත් සුද්දොන්ගේ ඇඟේ එල්ලෙන්න මේ ගොල්ලෝ හොඳට දන්නවා. (ස)

:       0       0

කමල් Tuesday, 27 May 2014 03:50 PM

කොහේ ගියත් කැරකිලා කැරකිලා කටුව නෝරවේ පැත්තටම හැරෙනවා නේද? (ස)

:       0       0

චමිලා Saturday, 31 May 2014 11:33 PM

තවම අඳුරු සෙවනැළි තියෙනවා. (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 14 June 2014 11:15 AM

ප්‍රභාකරන්ට පෙම් කලාට වැඩියේ නරකද ගෙල වැලලා ගත්ත නම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 47 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 39 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 17 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 44 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 23 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 541 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site