ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.
ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හෙට දින ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මෙම සංචාරයේ අරමුණ අපගේ පාඨකයන් සමඟ බෙදා ගැනීමට පුළුවන් ද?
“අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සිදු වන්නේ ජනාධිපති දිසානායක මහතා 2024 දෙසැම්බර් මාසයේ සිදු කළ ඉන්දීය සංචාරයෙන් කෙටි කලකට පසුවයි. ජනාධිපති දිසානායක මහතා සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගත් බවත්, නව රජය බලයට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආරාධනා කළ පළමු විදෙස් නායකයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවත් ඔබ දකින්න ඇති. මෙම කරුණ පමණක්ම අප දෙරට අතර පවතින සුවිශේෂ සහ අනන්‍ය ස්වභාවයට පැහැදිලි සාක්ෂියක්.
අග්‍රාමාත්‍ය මෝදිතුමාගේ සංචාරය අපගේ දැනට සිදු වන ඉහළ පෙළේ නියැළීම්වල කොටසක්. එය සමීප අසල්වැසි රාජ්‍ය දෙකක් වශයෙන් ස්වභාවයෙන්ම නිරන්තරයෙන් සිදු වන්නක්. මෙය පසුගිය වසර දහය තුළ අග්‍රාමාත්‍යවරයාගේ සිවුවැනි ශ්‍රී ලංකා සංචාරයයි. මෙම සංචාරය දැනට පවතින සහයෝගිතා ක්ෂේත්‍ර වැඩි දියුණු කර ශක්තිමත් කිරීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි අපගේ හවුල්කාරිත්වය සඳහා නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීමටත් අවස්ථාවක් ලබා දෙනු ඇති. එය ජනාධිපති දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර සම්මත කරගත් ඉතා පුළුල් ඒකාබද්ධ ප්‍රකාශය ඉදිරියට ගෙන යනු ඇති. ආයෝජන සහ සම්බන්ධකතාව, ඩිජිටල්කරණය, බලශක්තිය සහ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල වැදගත් ප්‍රතිඵල අපට දැකගන්නට හැකි වේවි. එය වැදගත් සංධිස්ථානයක් වනු ඇති අතරම අපගේ නියැළීම ඉහළම මට්ටමකට ඔසවා තබනු ඇති.”
ඔබ අසල්වැසි රාජ්‍ය දෙක අතර වර්තමාන නියැළීම සහ සබඳතාවන්හි තත්වය දකින්නේ කෙසේ ද?
“ශ්‍රී ලංකාව සමඟ අපගේ සබඳතා අන් කවරදාටත් වඩා යහපත් මට්ටමක පවතිනවා. එම සබඳතා පදනම් වන්නේ හවුල් ආරක්ෂාවක පදනම මත ගොඩනැගෙන සෞභාග්‍යය සහ සංවර්ධනය සඳහා අපගේ පොදු අභිලාෂ මතයි. අපගේ සබඳතා නව සහ පුළුල් ක්ෂේත්‍ර කරා වර්ධනය වෙමින් විවිධාංගිකරණය වෙමින් තිබෙනවා. පළමුව යටිතල පහසුකම් සහ සම්බන්ධකතාව; දෙවැනිව ගැඹුරු ආර්ථික නියැළීම සහ බලශක්ති සුරක්ෂිතතාව; තෙවැනිව වෙළෙඳ සහ අයෝජන බැඳීම් ඉහළ නැංවීම; සිවුවැනිව සංස්කෘතික සහ අධ්‍යාපනික සහයෝගිතාව සහ අවසාන වශයෙන් එනම් පස්වැනිව සංචාරක කර්මාන්තය සහ ජනතාව අතර සබඳතා. ශ්‍රී ලංකාව අපගේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තියේ සහ ‘මහාසාගර්’ - ‘MAHASAGAR’ (කලාප හරහා ආරක්ෂාව සහ වර්ධනය සඳහා අන්‍යෝන්‍ය සහ සාකල්‍ය අභිවෘද්ධිය) ප්‍රවේශයේ ඉතා වැදගත් කොටසක්.
මේ නිසා ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික සුවිසල් සහ කොන්දේසි විරහිත මූල්‍ය සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඉන්දියාව විදෙස් රටකට ලබා දුන් විශාලතම සහන පැකේජය එයයි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යථා තත්වයට පත්වෙමින් සිටින මෙම අවස්ථාවේදී දැනට ලොව පස්වැනි විශාලතම ආර්ථිකය වන සහ නුදුරේදීම තෙවැනි විශාලතම ආර්ථිකය වීමට නියමිත ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයට සම්බන්ධ වීමට මාහැඟි අවස්ථාවක් තිබෙනවා. ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය බවට පත් වෙමින් ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 2015 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.1 සිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.3 දක්වා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා.”
මෙම සම්බන්ධතාව වඩා ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා ඔබට අනුව දෙපාර්ශ්වය ප්‍රමුඛතාව ලබා දී කටයුතු කළ යුත්තේ කුමන දේ සම්බන්ධයෙන් ද?
“ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සැම විටම දෙපාර්ශ්වයේම ජනතාවට දැනෙන ප්‍රතිලාභ ගෙන දෙන බව සහතික කර තිබෙනවා. ඉදිරියටත් එය එසේම වනු ඇති. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වශයෙන් ඩිජිටල්කරණය, අපගේ වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති විභවතාව, යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත් සහ කුසලතා වැඩිදියුණුව වැනි කවර ක්ෂේත්‍රයක වුව ද අපට සාර්ථක වී ඇති මනා පිළිවෙත් බෙදා හදා ගැනීම සහ ධාරිතාවන් හුවමාරු කරගැනීම ඉන්දියාවේ ප්‍රයත්නයයි.
ඉදිරියට යාමේදී ඉන්දු - ශ්‍රී ලංකා සම්බන්ධතාව නිර්වචනය කරන සහයෝගිතා ක්ෂේත්‍ර වනු ඇත්තේ අපගේ ආර්ථිකයන් දෙකටම එකට වර්ධනය වීමට සහ අනාගතයට සූදානම් වීමට උපකාරි වනු ඇති ක්ෂේත්‍රයි. ප්‍රතිගෝලීයකරණය විවිධාංගීකරණය සහ ඔරොත්තු දෙන සැපයුම් ජාලවල අවශ්‍යතාව මතු කර තිබෙන ලෝකයක ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ඉහළ නැංවීම සඳහා අපගේ හවුල්කාරිත්වයන්හි අනුපූරකතා අප මැනවින් ප්‍රයෝජනයට ගත යුතුයි.”
මෙම ආර්ථික සබඳතා ඉහළ නැංවීම සඳහා විශේෂයෙන්ම මේ වන විට ගෝලීය වශයෙන් උනන්දුවක් දක්වන අංශයක් වන අපගේ ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර මොනවා ද?
“ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවායි. එසේම, ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයෝජන මූලාශ්‍රයක් වන අතර, සංචාරක ආදායමේ විශාලතම මූලාශ්‍රයයි. 2000 වසරේ සිට අප අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පවතිනවා. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට වඩා ඉහළ ප්‍රතිලාභ ගෙන ඒමේ අරමුණ ඉටු කර තිබෙන අතර, මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන විසි දෙගුණයකින් වර්ධනය වී තිබෙනවා. ඉන්දීය අපනයන වර්ධනය වී ඇත්තේ දස ගුණයකින් පමණයි. ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ අපනයනවලින් ආසන්න වශයෙන් සියයට 65ක් නිදහස් වෙළෙඳ ගිවිසුමේ සහන උපකාරි කරගන්නා අතර, ඉන්දියාවේ අපනයනවලින් එවැනි ප්‍රතිලාභ ලබන්නේ සියයට 5කට අඩු ප්‍රමාණයක්. ඇත්ත වශයෙන්ම, මෑත කාලීන ප්‍රවණතා මගින් පෙන්නුම් කරන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් රාමුව යටතේ සිදු කරන ලද වෙළෙඳාම පමණක් සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වෙළෙඳ අතිරික්තයක් වාර්තා කරන බවයි.
කෙසේ වෙතත්, සැබෑ වෙළෙඳාම සඳහා බාධක ඉවත් කරමින්, තීරු බදු නොවන බාධා ඉවත් කරමින් සහ වඩා පහසුවෙන් වෙළෙඳ කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කරමින් නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන විය යුතුය යන අවබෝධය තවදුරටත් අපට තිබෙනවා. මෙම හේතුව නිසා, ජනාධිපති දිසානායක මහතා 2024 දෙසැම්බර් මාසයේ සිදු කළ සංචාරය අතරතුරදී, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්විය යුතු බව අප තීරණය කළා. මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය මුලපිරීම ගන්නා තෙක් අප බලා සිටිනවා.”
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ආයෝජක ආකල්පය ඔබ දකින්නේ කෙසේ ද? ඉන්දියාවෙන් වැඩි වශයෙන් ආයෝජන ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකාවට කළ හැක්කේ මොනවා ද?
“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපගේ ප්‍රයත්න ඉන්දීය පෞද්ගලික අංශයෙන් ඍජු විදේශ ආයෝජන ඇතුළු වැඩි වශයෙන් ආයෝජන ප්‍රමුඛ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යොමු විය යුතුයි. අපගේ බලශක්ති සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සියල්ලම ආයෝජන ප්‍රමුඛ ව්‍යාපෘති වන අතර, ණය එකතු වීම යන කාරණයේදී බදු ගෙවන්නා මත කිසිදු බරක් පැටවීමට අප යෝජනා කරන්නේ නැහැ.
අප දැනටමත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදෙස් ආයෝජකයකු වන අතර, මාගේ අදහස වන්නේ ඉදිරි වසර කිහිපය තුළ මෙම ප්‍රවණතාව සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇති බවයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය, ITC හෝටලය, සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මෑත කාලීන උදාහරණ කිහිපයක් ලෙස දක්වන්න පුළුවන්.
අප පසුගිය කාලයේදීත් ඛනිජ තෙල් සිල්ලර වෙළෙඳාම, සංචාරක කර්මාන්තය සහ හෝටල් සංවර්ධනය, නිෂ්පාදන, දේපළ වෙළෙඳාම, විදුලි සංදේශ, බැංකු සහ මූල්‍ය සේවා යන අංශවල ආයෝජනය කර තිබෙනවා. නව රජය බලයට පත්වීමෙන් පසු පැමිණි පළමු ආයෝජනයත් ඉන්දීය ආයෝජනයක්. CEAT සමාගම ශ්‍රී ලංකාවේ Michelin නිෂ්පාදනාගාර දෙකක් අත්පත් කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 225ක් ආයෝජනය කළා. නව නිෂ්පාදිත නිර්මාණය කිරීමේ අරමුණින් තවදුරටත් අවස්ථා ගවේෂණය කිරීමට අප උත්සුක වන අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සහ වර්ධනය තිරසාර වීමට තීරණාත්මක සාධකයක් වන අපනයන කළඹ පුළුල් කිරීමට උපකාරි වනු ඇති.
අප පුළුල් නියැළීම් සහ ව්‍යාපාරික වැඩසටහන් හරහා ද ආයෝජන ප්‍රවර්ධනය කරනවා. ඉන්දියානු කර්මාන්ත මණ්ඩලය (CII) විසින් සංවිධාන කරන ප්‍රධාන ව්‍යාපාරික නියෝජිත පිරිසක් මෙම වසරේදී අප අපේක්ෂා කරනවා. දිසානායක ජනාධිපතිවරයාගේ 2024 දෙසැම්බර් ඉන්දීය සංචාරය අතරතුර එතුමාට ඉන්දියාව පුරා විවිධ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන කර්මාන්ත අංශයේ නායකයන් සමඟ අන්තර්ක්‍රියා කිරීම සඳහා අප පහසුකම් සැපැයුවා. අප ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භක සමාගම් අතර ද අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කරනවා. ඉන්දියාවට සමීපව පිහිටා තිබීම යන කාරණයෙන් පහසුවෙන් ප්‍රයෝජන ලැබීමට ශ්‍රී ලංකාවට හැකියි.
එමෙන්ම, ඉන්දියාව සමඟ ශක්තිමත් වාණිජ සහ ව්‍යාපාරික සබඳතාවලින් සැපැයුම් දාම විවිධාංගිකරණය සඳහා ගනු ලබන ප්‍රයත්න සමඟ ඉන්දියාව දෙසට යොමු වන ගෝලීය සමාගම්වලින් ආයෝජන ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණයක් කිරීම මෙහිලා වැදගත්. නෛතික සහ නියාමන ස්ථායිතාව සහ ආයෝජකයන්ට සාධාරණ ලෙස සැලකීම වැදගත් වෙනවා. ඒ හා සමානවම විවෘතභාවය ද වැදගත්.”
2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර, අපගේ ආරක්ෂාව එකිනෙකට බද්ධ වී තිබෙන බවට දෙපාර්ශ්වයම එකඟ වී තිබුණා. මෙම ගමන ඉදිරියට යාමේදී බලාපොරොත්තු විය හැක්කේ මොනවා ද?
“2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය අතරතුර, දෙපාර්ශ්වයම ඉන්දියානු සාගර කලාපයේ ඔවුන්ගේ හවුල් සමුද්‍රීය ආරක්ෂක අවශ්‍යතා තහවුරු කිරීමටත් කලාපීය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වී තිබූ බවත් ඔබට මතක ඇති. අප මේ සම්බන්ධයෙන් ද්විපාර්ශ්විකව මෙන්ම කොළඹ ආරක්ෂක පර්ෂදය, බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහුආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව (BIMSTEC) සහ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) වැනි පවතින කලාපීය රාමු හරහා ක්‍රියා කරනවා.
ඒ වගේම අප සතුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා සුරක්ෂිතාභාව සම්බන්ධ ආයතන වෙනුවෙන් සැලකිය යුතු පුහුණු මුලපිරීමක් තිබෙනවා. අපගේ නාවික හමුදා අතර ඇති SLINEX, අපගේ යුද හමුදා අතර ඇති මිත්‍ර ශක්ති සහ මාලදිවයින ද ඇතුළත් වන අපගේ ත්‍රෛපාර්ශ්වික වෙරළාරක්ෂක අභ්‍යාසය වන දොස්ති වැනි ඒකාබද්ධ අභ්‍යාස ආරක්ෂක අංශයේ අපගේ සහයෝගිතාව සඳහා උදාහරණ කිහිපයක්. අපගේ වාර්ෂික ආරක්ෂක සංවාදය අපගේ හවුල් ආරක්ෂක අරමුණු ඉදිරියට රැගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරනවා. සමුද්‍රීය නිරීක්ෂණ සඳහා ඩෝනියර් යාත්‍රාව වැනි ආරක්ෂක වේදිකා සැපැයීම සහ ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදාගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අප ශ්‍රී ලංකාවේ ධාරිතාව ඉහළ නැංවීමට ඍජුව සහාය දැක්වූ අවස්ථාවන්.
අප නිරන්තරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට, අවි ජාවාරම්වලට එරෙහිව ක්‍රියා කරන සහ සමුද්‍ර ආරක්ෂණ ක්ෂේත්‍රයේ ඇති සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන අභියෝගවලට මුහුණ දෙන අපගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාව සඳහා වන ආයතන අතර සහයෝගි ක්‍රියාකාරකම්වල නියැළෙනවා. අප ජලශාස්ත්‍රීය විද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නැංවීම සඳහාත් එකඟ වී තිබෙනවා. සමස්තයක් වශයෙන්, අපගේ ආරක්ෂක අභිලාෂ සමීපව අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැඳී ඇති බවට පිළිගැනීමක් තිබෙනවා. ඒ වගේම නිදහස්, විවෘත, ආරක්ෂිත සහ සුරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් සහතික කිරීම සඳහා එක්ව ක්‍රියා කිරීමට අප ඇප කැප වී සිටිනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන බැවින් ඉන්දියාවේ ආරක්ෂාවටත්, කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට ජනාධිපති දිසානායක මහතා පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා.”
අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ වන බව අප දන්නවා. ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතාවයේදී අවධානය යොමු කරන ප්‍රධාන අංශ මොනවා ද? ව්‍යාපෘති තෝරා ගැනීමේ පදනම කුමක් ද?
“සංවර්ධන හවුල්කාරිත්වය පිළිබඳ කතා කරන විට එය අපගේ සබැඳියාවේ ශක්තිමත්ම කුලුන නිර්මාණය කරනවා කියලා කියන්න පුළුවන්. දේශීය වශයෙන් මෙන්ම අප ශ්‍රී ලංකාවටත් ලබා දෙන සංවර්ධන සහාය ජනතා කේන්ද්‍රීය වනවා. අපේ ප්‍රයත්නයන්ගේ සාර්ථකත්වය මැනීමේ එකම මිණුම් දණ්ඩ වන්නේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභයි. මෙහිදී ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම, කන්කසන්තුරය වරාය නවීකරණය කිරීම, දිළිඳු ජනතාව සඳහා නිවාස ඉදිකිරීම, පාසල් සහ රෝහල් ඉදිකිරීම, ආගමික ස්ථාන සඳහා සූර්ය විදුලි බලය ලබා දීම, යාපනයට නුදුරින් පිහිටි දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදු කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රථම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව සංවර්ධනය කිරීම සහ කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ධීවර කර්මාන්තය වැනි අංශවලට සහාය ලබා දීම මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් අතරට ඇතුළත්. ඒ වගේම අප විවිධ අංශවල පුළුල් පරාසයක විහිද ගිය ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති ආවරණය කරනු ලබන පුළුල් සංවර්ධන සහාය පැකේජයකුත් වතුකරයේ ජනතාවට සහ නැගෙනහිර පළාතට ලබා දෙනවා. අද අප ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහෙහිම ව්‍යාපෘති සිදු කරනවා.
මේ දක්වා අප ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට අධික මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා. එයට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ප්‍රදාන මෙන්ම ආර්ථික අර්බුදය සමයේ ලබා දුන් හදිසි ආධාර ද ඇතුළත් වනවා. ශ්‍රී ලංකාව මෑත වර්ෂවලදී මුහුණ දුන් එක්තරා ආකාරයක ආර්ථික ව්‍යසනයට හේතු වී තිබූ ණය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට වඩා වැඩි වශයෙන් ප්‍රදාන සහ ආයෝජන මත සිදු කරන ව්‍යාපෘති මත විශ්වාසය තැබිය යුතු බව අපගේ ස්ථාවරයයි. එම නිසාම, ආර්ථික ප්‍රතිසාධනය ළඟා කරගැනීම ශ්‍රී ලංකාව දරන අඛණ්ඩව ප්‍රයත්නයන්ට සහාය දැක්වීම සඳහා අප පසුගිය මාස හය තුළ, ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි ණය, ප්‍රදාන බවට පරිවර්තනය කරනු ලැබුවා.”
(***)
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්