IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඉයන් පෙයිස්ලිගේ ලංකා ගමන

(පරිවර්තනය  - කෝවිද ගුණසේකර)

තෙවැනි කොටස

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ වර්තමාන සභාපතිවරයා වන මහාචාර්ය ජී.ඇල්.පීරිස්, අද වන විට වැඩි වැඩියෙන් බොරැල්ල කොටා පාරේ පිහිටි ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රටේ පවතින විවිධ ගැටලූ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටී.

ගෙවුණු සතියේ පෙයිස්ලි සිදුවීම ගෙනහැර දැක්වූ පීරිස් මහතා, 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු එළැඹි කාලයේදී, දිවයිනට පැමිණෙන ලෙස පෙයිස්ලි හට ආරාධනයක් කෙරුණූ බව පැවසුවේය. ගැටුම් සිදුවූ ස්ථාන නැරඹීමට සහ යුද්ධය සම්බන්ධයෙන් වෙනත් කරුණු කාරණා පිළිබඳවත් අවධානය යොමු කිරීමට දැන් අවකාශය තිබෙන බව ලොවට පෙන්වාදීම එසේ පෙයිස්ලි හට ආරාධනය කිරීමේ අරමුණ බව ද ඔහු කීවේය. නමුත් එවැනි සංචාරයක් සිදුනොවීය.

සත්‍යය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. 2013 වසරේ අපේ‍්‍රල් මස වතාවක් සහ ජූලි මස තවත් වරක් බැගින් දෙවතාවක් පෙයිස්ලි ශී‍්‍ර ලංකාවට පැමිණ තිබේ. බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේ තත්ත්වය සම්බන්ධයෙන් වන කමිටුවේ විමර්ශනයට ලක්ව තිබෙන්නේ මෙම සංචාරයන්ය.

පළමු අවස්ථාවේ දී ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගමට අයත් යූඑල් 503 අංක දරන ගුවන්යානයෙන් තම පවුලේ සාමාජිකයන් සමඟ ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන පෙයිස්ලි, යූ එල් 502 අංක දරණ යානයෙන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

බණ්ඩාරනායක ගුවන්තොටුපල ආසන්නයේදීම හෙලිකොප්ටර යානයකින් කොළඹ ගෙනවිත් තිබෙන ඔවුන්ව, ආපසු ගමන සදහා ගුවන්තොටුපල වෙත ඇරලවා තිබෙන්නේ ද හෙලිකොප්ටර යානයකින්මය. පෙයිස්ලිගේ ශී‍්‍ර ලංකා සංචාරයන් සම්බන්ධයෙන් වන කරුණු අනාවරණය කිරීමට ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත සමත් වී තිබේ.

පළමු සංචාරය - 2013 මාර්තු 30 - අපේ‍්‍රල් 05

ඉයස් පෙයිස්ලි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේ දී ඔවුන් වෙනුවෙන් පහසුකම් සළසා දී තිබෙන්නේ රාජ්‍ය නායකයකු දිවයිනේ සංචාරයක් සදහා පැමිණෙන අවස්ථාවක ඔහු හෝ ඇය වෙනුවෙන් සළසා දෙන පහසුකම්වලට දෙවැනි නොවන ආකාරයෙන්ය. 2013 ජනවාරි මස 30 වැනිදා, වාස් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සාමාජිකයකු හා පෙයිස්ලි සහ ඔහුගේ මිතුරකු අතර ලන්ඩනයේ රාතී‍්‍ර ආහාර වේලක දී පැවැති හමුවක් මේ සියල්ලේ ආරම්භය විය. ආගන්තුක සත්කාරය වෙනුවෙන් ඊ - මේල් පණිවුඩයක් හරහා අධීක්ෂණ මන්තී‍්‍රවරයාට තම ස්තූතිය පළකර සිටීමට පෙයිස්ලි කටයුතු කළේ ය.

 

මට සහ මගේ පවුලේ අයට සංචාරයක් සදහා පැමිණෙන ලෙසට ඔබ කළ කාරුණික ආරාධනය ගැන පසු විපරමක යෙදෙන්නට මට වුවමනායි. පවුලේ කටයුතු සහ පාසල් නිවාඩු කාලය සැළකිල්ලට අරගත්තොත්, මාර්තු මස 30 වැනිදා පැමිණ, අපේ‍්‍රල් මස 06 වැනිදා වෙනකොට නැවත බි‍්‍රතාන්‍යයට ඒමට හැකිවන සංචාරයක යෙදෙන්නට හැකියාවක් තිබේවිද?, එසේ කිරීමට හැකිවේය කියා මම සිතනවා. එහෙම නම් ගමන් බලපත් තොරතුරු ඔබ වෙත එවන්නට මා හට පිළිවන්.

 

ඔහුගේ පණිවුඩයේ මෙවැන්නක් ද සඳහන් විය.

 

රාතී‍්‍ර ආහාරය අතරතුර දී අපි තෙල් මිලදී ගැනීමට තිබෙන හැකියාව ගැන සාකච්ඡා කළා.  ඕමානයේ සිට හෝ නයිජීරියාවේ සිට තෙල් සැපයුම් සිදුකිරීමේ සමත් ජාතික මට්ටමේ සැපයුම්කරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මට සැළකිය යුතු මට්ටමේ සම්බන්ධතා තිබෙනවා.

ඔබගේ සංවාදයේ දී මට අවබෝධ වුනු දෙය වුනේ, දෛනික තෙල් සැපයුමක් ඔබට අවශ්‍ය බව සහ ඉරාන තෙල් පමණක් නොව වෙනත් තෙල් වර්ග පිරිපහදු කළ හැකි වන පරිදි රටේ පිරිපහදුවේ පෙරණයන් මේ දිනවල වෙනස් කරමින් සිටිනා බව. ඔබේ තෙල් අවශ්‍යතාවල ප‍්‍රමාණය සහ ගුණාත්මක භාවය ගැන තොරතුරු ලබාදිය හැකිනම්, මේ කටයුත්ත ඉතාම ඉක්මනින් ඉටුකර දෙන්නට මට නියත වශයෙන්ම පුලූවන්.

මෙයින් පෙනී යන කරුණ නම් සාකච්ඡා හා එකඟතා ඇතිකර ගැනීම මගින් තෙල් මිලයට ගැනීම සදහා විෂය භාර කැබිනට් අමාත්‍යවරයා සතුවන බලය, වාස් ගුණවර්ධනට ද තිබුණූ බවය.

වාස් ගුණවර්ධනයේ උපදෙස් පරිදි එවක විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රොටොකෝල් ප‍්‍රධානියා වූ මජින්ත ජයසිංහ මහතා 2013 පෙබරවාරි මස 1 වැනි දා පෙයිස්ලි වෙත ඊ - මේල් පණිවුඩයක් යවමින් මෙසේ දැනුම්දුන්නේ ය.

යෝජනා කර තිබෙන දිනයන් ගැන ගැටළුවක් නැත. අපට එම දිනයන් අනුව කටයුතු කිරීමට පිළිවන. නයිජීරියාව සැළකීමේ දී, අදාළ සංචාර කටයුතු සැළසුම් කිරීම සදහා තවත් දින දෙකක් යෝජනා කිරීමට කාරුණික වන්න.

2013 පෙබරවාරි මස 23 වැනිදා මෙම පණිවුඩයට පෙයිස්ලි පිළිතුරු එවා තිබුනේය. ශී‍්‍ර ලංකාවට පැමිණෙන දිනයන් නැවත වතාවක් තහවුරු කර තිබුනු ඔහු, පෙයිස්ලි පවුලේ සාමාජිකයන්ගේ ගුවන්බලපත් අංකද එහි සදහන් කර තිබින. නමුත් සැළකිල්ලට ගත යුතු කාරණය වන්නේ එම අංක අතර පෙයිස්ලි පවුලේ නොවන අයවලූන් දෙදෙනෙකුගේ ගුවන්බලපත් අංකයන්ද සදහන් කර තිබීමය. පහත දැක්වෙන්නේ එම තොරතුරුය.

ඉයන් රිචර්ඞ් කයිල් පෙයිස්ලි (205536156), ෆියෝනා මාර්ගරට් එළිසබෙත් පෙයිස්ලි (බිරිද) (509907883), එමලි ෆියෝනා එළිසබෙත් පෙයිස්ලි (දියණිය) (6524970099), තෝමස් ඉයන් ජේම්ස් පෙයිස්ලි (පුතණුවන්) (510062732), සහ මැතිව් ඉයන් රිචර්ඞ් පෙයිස්ලි (පුතණුවන්) (801324801).

ගමන්බලපත් ලබාගැනීම සදහා ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කළ පොර්මයන්වල ඔවුන් හය දෙනාම සදහන් කර තිබුනේ මෙම සංචාරය, ‘නිල‘ මට්ටමේ සංචාරයක් බවය.

එපමණක් නොවේ. පෙයිස්ලි පුතණුවන් තෝමස්ගේ මිතුරෙක් වූ ඒඩි‍්‍රයන් බර්ලි (094285917) සහ ඔහුගේ පෙම්වතිය වූ ජෝඩි ලූවිස් ජෝන්ස් (510655737), යන දෙදෙනට ද ශී‍්‍ර ලංකාවේ සංචාරයක සදහා වාස් ගුණවර්ධන ආරාධනා කර තිබින.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රොටෝකෝල් අංශය ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගම හා සම්බන්ධව ගුවන්ටිකට්පත් වෙන් කළේය. පෙයිස්ලි පවුලේ සාමාජිකයන් 6 දෙනා බි‍්‍රතාන්‍ය දූත පිරිසක සාමාජිකයන් බව ශී‍්‍ර ලන්කන් වෙත යැවුනු ඊ - මේල් පණිවුඩයක සදහන් විය.

එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වූ ආකාරයට, පෙයිස්ලි පවුලේ සාමාජිකයන් නොවන බි‍්‍රතාන්‍ය ජාතිකයින් දෙදෙනා, මැයි මස 22 වැනිදා දිවයින්ට පැමිණ එම මස 31 වැනිදා නැවත දිවයිනෙන් බැහැර වීමට නියමිත විය. ඔවුන් සදහා මාස 4 ක කාලයක් දක්වා වලංගු ගුවන් ටිකට්පතක් සදහා රුපියල් 109,145.00 ක අගයක් නියම කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම කටයුතු කළ නමුත්, පසුව එය වසරක වංලගු කාලයක් දක්වා දීර්ඝ කරමින්, එක් ටිකට්පතක අගය රුපියල් 156,445.00 ක් දක්වා ඉහළ නැංවින.

පෙයිස්ලි පවුලේ සාමාජිකයන් 6 දෙනාට ව්‍යාපාරික පන්තියේ ටිකට්පත් නිකුත් කිරීම සිදුවූ අතර, එම එක් ටිකට්පතක වටිනාකම රුපියල් 585,035.00 කි. සංචාරක කටයුතු සදහා ඔවුන් වෙනුවෙන් බෙන්ස් වර්ගයේ රථයක් සහ සුභෝපබෝගී වෑන් රථයක් සූදානම් කර තිබින. ඒවායේ රියැදුරන් ඉංගී‍්‍රසි බස හැසිරවීමේ සමත්වූවෝ වූහ.

පෙයිස්ලි පවුල වෙනුවෙන් සකස් කර තිබූ වැඩසටහන මෙසේ විය.

2013 මාර්තු 30 වැනිදා - සෙනසුරාදා

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණීම, අති විශේෂ පුද්ගලයින් සදහා වන ලක් ශී‍්‍ර අංශය වෙත යොමු කිරීම, ආරක්ෂක අමාත්‍යංශය දක්වා හෙලිකොප්ටරයෙන් පියාසර කිරීම, කොළඹ හිල්ටන් හෝටලය කරා ධාවනය කිරීම, කොළඹ සාප්පු සවාරිය.

2013 මාර්තු මස 31 වැනිදා - ඉරිදා

පාසිකුඩා බලා හෙලිකොප්ටරයෙන් පියාසර කිරීම, ඇමතිස්ට් හෝටලයට පැමිණීම, (මෙය වාස් ගුණවර්ධනට අයත්ව තිබී පසුව විකුණා දැමුනු හෝටලයකි). එම දිනය හෝටලයේ ගතකිරීම.

2013 අපේ‍්‍රල් මස 1 වැනිදා - සදුදා

ඇමතිස්ට් හෝටලයේ දිනය ගතකිරීම.

2013 අපේ‍්‍රල් මස 2 වැනිදා - අගහරුවාදා

පාසිකුඩාවේ ඇමතිස්ට් හෝටලයේ සිට මින්නේරිය ජාතික උද්‍යානය, කවුඩුල්ල ජාතික උද්‍යානය, හුරුලූවැව ජාතික උද්‍යානය, දක්වා සංචාරයෙහි යෙදීම. නැවත හෝටලට පැමිණීම සහ රාති‍්‍රය එහි ගතකිරීම. නැවත පැමිණෙන ගමනේ දී දිවා ආහාරය සදහා හබරණ ලොජ් වෙත පැමිණීම.

2013 අපේ‍්‍රල් මස 3 වැනිදා - බදාදා

ඇමතිස්ට් හෝටලයේ දිනය ගතකිරීම.

2013 අපේ‍්‍රල් මස 4 වැනිදා - බ‍්‍රහස්පතින්දා

පාසිකුඩා ඇමතිස්ට් හෝටලයේ සිට හෙලිකොප්ටරයෙන් අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලය බලා පියාසර කිරීම. එදින රාති‍්‍රය එහි ගතකිරීම. ජනපතිවරුන් වෙනුවෙන් එම හෝටලේ වෙන්කැරෙන කාමර සමූහය පෙයිස්ලි වෙනුවෙන් වෙන්කර තිබින.

2013 අපේ‍්‍රල් මස 5 වැනිදා - සිකුරාදා

අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ සිට කොළඹ හිල්ටන් හෝටලය බලා හෙලිකොප්ටරයෙන් පැමිණීම. පැය 13.05ට පිටත්වන ගුවන්යානය ඉලක්ක කර බණ්ඩාරනායක ගුවන්තොටුපල බලා පිටත්වීම. ගුවන්යානා අංගනය ආසන්නයේ ගොඩබැස්වීම සහ ගුවන්යානයට ගොඩවීම.

කොළඹ හිල්ටන් හෝටලයේ ඔවුන් වෙනුවෙන් ද්විත්ව කාමර තුනක් වෙන් කෙරින. අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ ඔවුන්ට වෙන් කෙරුනේ ජනපතිවරුන් වෙනුවෙන් වන කාමර කොටසය. පාසිකුඩාවේ ඇමතිස්ට් හෝටලයේ ඔවුන් වෙනුවෙන් ද්විත්ව කාමර තුනක් වෙන් කෙරිණ. ඔවුන් සමග පැමිණි ප්‍රොටෝකෝල් නිලධාරියාට ද මෙම හෝටල් ති‍්‍රත්වයෙහි කාමරය බැගින් වෙන් කිරීමට සිදුවිය. පෙයිස්ලි පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සම්බන්ධනේ විමසිලිමත්ව සිටියේ ඔහුය.

පෙයිස්ලි පවුලට ගමන් පහසුව සළසා දීම සදහා වාස් ගුණවර්ධන ශී‍්‍ර ලංකා ගුවන්හමුදාවේ හෙලිකොප්ටර යානා සූදානම් කර තිබින. ඒ අනුව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර යානයක් කොළඹ - පාසිකුඩා - ගාල්ල - කොළඹ දක්වා පියාසර කරවීම වෙනුවෙන් ගුවන් හමුදාව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඩොලර් 8866.66ක මුදලක් අයකර ගත්තේය. ගුවන්හමුදාව යටතේ කි‍්‍රයාත්මක හෙලිටුවර්ස් ආයතනයේ වැඩ බලන නිලධාරී කණ්ඩායම් නායක කේ.ර්.පී.එස්.කුරුවිට මහතා 2013 අපේ‍්‍රල් මස 8 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවට අනුව එම අගය රුපියල්වලින් සැළකූ විට ලක්ෂ 12 ක් ඉක්මවයි.



අදහස් (2)

ඉයන් පෙයිස්ලිගේ ලංකා ගමන

nuwan Thursday, 02 August 2018 06:57 PM

මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ. ජාත්‍යන්තර වෙළද ගිවිසුම් අත්සන් කරන කොට මේවගේ දේවල් බහුලව වෙනවා. තමන්ගේ රටට වාසිදායක ගිවිසුම් වගේ දේවල් අත්සන් කරන්න. සිංගප්පූරු ගිවිසුමට කලින් කීදෙනෙක්ට සිංගප්පූරු සංචාර හිමි උනාද? මේ උත්සාහයේ වරදක් නැහැ. ලෝකේ පේන තරම් සාධාරන නැහැ. කවුරුත් වැඩ කරන්නේ තමන්ගේ වාසියට. හැබැයි මේකෙන් අපේ රටට හොදක් උනානම් හරි. රට පාවලා දෙන දෙයක් උනේ නැහැනේ..

:       275       174

rocky Tuesday, 07 August 2018 02:36 AM

නුවන් මහත්තයෝ, මොකද මෙතන වරදක් වෙලා නැත්තේ? ඔක්කොම කටයුතු පස්ස දොරෙන් සිද්ධවෙලා තියෙන්නේ යටිකූට්ටු විදිහට. මෙහෙ ඔයගොල්ලෝ වගේ මිනිසුන්ට හරි ගියාට, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ඒවා හරි නැහැ. ඇරත් වාස් ගුනවර්දන කියන්නේ කවුද මෙතන? මෙතන ලොකු හොර ජාවාරමකට සුදානම් වුන බව පෙනෙනවා.

:       30       79

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 141 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 173 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 128 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 182 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1730 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 789 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 984 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site