IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්

මෙරට සිටින තානාපති ප්‍රජාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අමුතු කතාවකට පසුගියදා මාධ්‍ය සිරස්තල වෙන්වී තිබිණි. මෙරට ඉරාන තානාපති, ආචාර්ය අලි රේසා ඩෙල්කොෂ් කොළඹ නගරයේ සාප්පු සංකීර්ණයක රථ ගාලට තම මෝටර් රථය ඇතුළු කිරීමේදී තවත් රියැදුරකු සමග ඇති වූ බහින්බස් වීමකින් පසුව පහරකෑමට ලක්වීම එම සිද්ධියයි. පහරදී ඇත්තේ කොළඹ තරුණ ව්‍යාපාරිකයකු බවත්, ඔහු සිද්ධියෙන් පසුව පලා යාමට උත්සාහ දැරූ අවස්ථාවේ තානාපතිවරයා ද අනතුරට ලක් කරනු ලැබූ බවත් සඳහන්ය.

තානාපතිවරයකු ප්‍රසිද්ධියේ පමණක් නොව අප්‍රසිද්ධියේ වුව ද වෙනත් පුද්ගලයකුගේ පහරකෑමට ලක්වීම ලොව මොනම රටක වුව ද ඉතා විරල සිද්ධියකි. ගුවන්තොටුපොළේ සේවකයන්ගේ කන පැලෙන්න පහර දෙන ඇමැතිවරුන් සිටින අපේ රටේ මෙවැනි සිදුවීම් එක් අතකින් විස්මයට හේතුවක් නොවේ. එහෙත්, මේ අවස්ථාවේ එහි සැකකරු වන්නේ, දේශපාලනඥයකු නොව කොළඹ තරුණ ව්‍යාපාරිකයෙකි. තමන් පහරදෙන්නේ විදෙස් රටක තානාපතිවරයකුට බව සැකකරු නොදැන සිටි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් විය. එහෙත්, විදේශිකයකුට නොව ස්වදේශිකයකුට වුව ද තමන්ගේ අතේ පයේ හයිය පෙන්වන්නට යාම ශිෂ්ට සම්පන්න පුද්ගලයකුට තරම් නොවේ. රථ ගාලකදී තමන්ගේ හැසිරීමේ සංවර බවත්, විනීත බවත් රැක ගැනීමට නොහැකි නම්, එවැනි පුද්ගලයන් රථවාහන ධාවනයේ යෙදීම පවා අනතුරුදායක බව පෙන්වා දිය යුතුය.

ඉරාන තානාපතිවරයා ඒ අවස්ථාවේදී ගමන් කර ඇත්තේ තානාපති සේවාව සඳහා වෙන් කර ඇති ලියාපදිංචි අංකයකින් යුත් වාහනයක දැයි අපි නොදනිමු. එවැනි වාහන ඕනෑම රියැදුරකුට හඳුනාගත හැකිය. එම වාහනයක් නොවුව ද එහි සිටියේ විදේශිකයකු නම් ඔහු හඳුනා ගැනීමට සැකකාර රියැදුරුට හැකියාවක් තිබිය යුතුය. විදේශිකයකු අතින් කිසියම් හෝ වැරැද්දක් සිදු වී නම්, එවැනි අවස්ථාවක වඩාත් ඉවසීමකින් කටයුතු කිරීමට ශ්‍රී ලාංකිකයකුට හැකියාවක් තිබිය යුතුය. බහින්බස් වීමෙන් නොනැවතී තානාපතිවරයාගේ ජීවිතයට පවා හානියක් සිදු විය හැකි අන්දමට තම රථය ධාවනය කිරීමට ද සැකකාර රියැදුරා කටයුතු කර ඇතැයි ද වාර්තා වී තිබිණි. එය සාපරාධී ක්‍රියාවක් බව ඔහු නොදැන සිටීමට හේතුවක් නැත.

ඉරාන තානාපතිවරයා මෙලෙස කොළඹදී පහරකෑමකට ලක් වීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කුමන ආකාරයක බලපෑමක් සිදු කරනු ඇති දැයි එකවර නිගමනයකට පැමිණිය නොහැක. මේ ගැටලුව එතරම් දුරකට නොයා විසඳාගත හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එහෙත්, තානාපතිවරයකුට කොළඹ නගරය තුළ ආරක්ෂාවක් නැතැයි යන පණිවුඩය විදෙස් රටවල පැතිර යාම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට කිසිසේත් හිතකර නොවේ. සිනහවෙන් පිරි, මිත්‍රශීලි ජනතාවක් වෙසෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලොව පුරා දිනාගෙන සිටින විශ්වාසයට ද එය විශාල කැළලකි. හානියකි. විදේශිකයකු සමග කුඩා ප්‍රශ්නයකදී පවා අතේ පයේ හිරි ඇර ගැනීමට සූදානම් පුද්ගලයන්ට එයින් සිදු වන්නේ මහත් අවමානයක් බව තේරුම් ගැනීමට නොහැකි වීම මහත් අවාසනාවකි.

ඉරානය ජාත්‍යන්තර දේශපාලනයේ අහිතකර බලපෑම්වලට හසු වුණු, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සම්බාධකවලට දැඩි ලෙස මුහුණ දී සිටින රටකි. ඉරානය සමග ගනුදෙනුවලට යන රටවල්වලට එරෙහිව බලවත් රටවලින් ප්‍රබල අනතුරු ඇඟවීම් එල්ල වෙයි. එසේ තිබියදීත් ඈත අතීතයේ සිටම සංවර්ධන යෝජනාවලට ආධාර දෙන ඉරානය සමග ශ්‍රී ලංකාව මිත්‍ර සබඳතා දිගටම පවත්වාගෙන යයි. පසුගියදා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපතිවරයා සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණියේ ඔවුන්ගේ ආධාර මත ඉදිකෙරුණු උමා ඔය යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහාය. ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී ද ඉරානය ප්‍රධාන ගැනුම්කරුවෙක් ද වෙයි. අපේ ව්‍යාපාරිකයකු ප්‍රසිද්ධියේ පහර දුන්නේ එවැනි රටක තානාපතිවරයකුටය.

බලයෙන් හෝ ධනයෙන් හෝ ඒ දෙකින්ම හෝ හිස උදුම්මාගත් පුද්ගලයන්ට හොඳ නරක වැටහෙන්නේ නැත. කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවා මෙන් මෙවැනි සිදුවීම්වලින් හෝ ඔවුන් නිසි පාඩමක් ඉගෙන ගත යුතුය.

(***)



අදහස් (8)

ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්

bandara Tuesday, 21 May 2024 12:47 PM

කමක් නෑ. නීතිඥයෝ අත්පුඩි ගහලා පිළිගනියි.

:       10       13

සචින්ත Tuesday, 21 May 2024 02:57 PM

සැකකරුගේ රැකවලා කියලා තියෙන්නේ පිටුපස වාහනයේ සිටියේ තානාපති බව නොදැන සිටීම නිසා සමාවෙන්න කියලා තමයි.. ඒක ගරු විනිසුරුතුමා තුට්ටුවකට මායිම් නොකළ නිසා රටට සිදුවීමට තිබූ අපකීර්තිය මැකුනා කියලා හිතෙනවා යම්විදියකින් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ මෙහෙමයි කියලා ලෝකයේ මතයක් ඇතිවුණොත් රටට සෙතක් වේවිද?

:       1       22

nimal Tuesday, 21 May 2024 05:58 PM

බලයෙන් හෝ ධනයෙන් හෝ ඒ දෙකින්ම හෝ හිස උදුම්මාගත් පුද්ගලයින්ට හොඳ නරක වැටහෙන්නේ නැත. කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවා මෙන් මෙවැනි සිදුවීම්වලින් හෝ ඔවුන් නිසි පාඩමක් ඉගෙන ගත යුතුයි. විදේශය හෝ දේශීය පුද්ගලයෙකුට පහරදීම දඬුවම් ලැබිය යුතු වරදකි...

:       1       31

සෙනරත් Thursday, 23 May 2024 05:34 AM

ලංකාවේ ඉන්න ගෝත්‍රික උන් 99% මුල ඉදලාම මකබෑ කරලා ගන්න ඕනෑ

:       1       11

Lalith Thursday, 23 May 2024 09:04 PM

ඒ කාලේ පියානෝතුමා කොල්ලෝ දම්මලා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගේ වාහනේ හුළං ඇරියා වගේ වැඩක් මේක...!

:       1       4

Ranjith DISSANAYAKE Sunday, 26 May 2024 08:51 AM

මුදල් ඉපයීමේ හැකියාව ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන් සිතන්නේ තමන් රජවරුන් බවයි.

:       1       1

Nilu Tuesday, 28 May 2024 05:35 AM

අනෙක් අතට, අම්බසාදර් වැනි අය මිනිසුන් සමඟ වාද විවාද වල නිරත නොවිය යුතුය. මේ ලිපියෙන් මේ කොටස ගැන සාකච්ඡා කරලා නැහැ.

:       0       0

Thushari Tuesday, 28 May 2024 08:38 PM

ඇමෙරිකානු ඔත්තු සේවයට කුලියට සේවා සැපැයීමක් ලාංකිකයකුගෙන් සිදු වී ඇති හැඩයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1070 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4556 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site