අනුරාධපුරයේ සොළොස්මස්ථානයන් වන්දනා කරන බැතිමතුන්ගෙන් බොහෝමයක් විසින් ඉසුරුමුණිය ද ඉන් එකක් වශයෙන් සලකණු ලැබේ. ඉසුරුමුණිය බොදු බැතිමතුන්ගේ පමණක් නොව, පුරාවිද්‍යාඥයන්, කලා රසිකයන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට සහ ගෞරවයට පාත්‍ර වූ ස්ථානයකි.
මිහිඳු මහ හිමියන් වෙතින් පැවිද්ද ලැබූ ඉසුරුමත් පුද්ගලයන් (රාජවංශයේ ඇත්තන්) සඳහා දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉදි කෙරුණු විහාරය ඉසුරුමුණිය නම් වූ බව මහා වංශයෙහි විසිවන පරිච්ජේදයෙහි දහ හතර සිට විසි අට දක්වා වූ ගාථාවලින් පැහැදිලි වේ.
එසේම මහා වංශයෙහි තිස් පස්වන පරිච්ඡේදයෙහි අසූහත්වෙනි ගාථාව අනුව වසභ රජතුමා විසින් ඉසුරුමුණි විහාරයෙහි පොහෝ ගෙයක් තනවනු ලැබ ඇත. වෝහාරක තිස්ස රජු ඉසුරුමුණි විහාරය වටා පවුරක් තැනවූ බවද මහාවංශයෙහි සඳහන්ය. සීගිරි කාශ්‍යපයන් විසින් සිය බෝධි සහ උපුල්වන් දියණියන් සඳහා මෙහි විහාරයක් කැරවූ බවද මහාවංශයෙහි තිස්නම වන පරිච්ඡේදයහි සඳහන් වේ.
දැනට ඉසුරුමුණිය විහාරය යැයි හැඳින්වෙන විහාරයට තරමක් දුරින් කුරුණෑගල පාර අබියස පෙදෙසක පැරැණි ගල්ලෙන් සමූහයක් ඇති අතර සමහරුන් විසින් එය “වෙස්සගිරි” යනුවෙන් හඳුන්වනු ලැබේ.
සිව්වන මිහිඳු රජු විසින් (ක්‍රි.ව. 975-991) පිහිටුවන ලද සෙල් ලිපියක මෙසේ සඳහන්ව ඇත. “....රකුස් පිරිහ පැන්තිසා උවනිසා පිහිටි ඉසුරුචෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර්හි වසන....” යනුවෙන් සඳහන් මෙම සෙල්ලිපිය වෙස්සගිරි පුවරු අංක 02 යනුවෙන් හැඳින්වෙන අතර එය “ඉසුරු චෙණ බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර” යනුවෙන් නම් කර ඇත.
එම සෙල් ලිපිය ඇසුරු කරගෙන තම අදහස් දක්වන ආචාර්ය ඩී.එච්. ද ඉසෙඞ් වික්‍රමසිංහ මහතා ඉසුරුමුණි විහාරය ක්‍රිස්තු පූර්ව යුගයේදී මහරහතුන් වැඩ සිටි වෙස්සගිරි විහාර පද්ධතියෙහිම කොටසක්ව පැවැති බව පවසයි.
“ලක්දිව පැරැණි ලියකියවිලි” සඟරාවේ පළමුවන කලාපයේ තිස්එක්වන පිටුවේ වික්‍රමසිංහ මහතා මෙසේද කියයි.
“මෙම සෙල් ලිපිය පිහිටි මුල් ඉඩම වෙස්සගිරි වුවහොත් දැනට ඉසුරුමුණිය නමින් අප පිළිගන්නා වූ ගල් වෙහෙර, වෙස්සගිරියත් සහිතව විශාල ආරාමයක්ව පැවැති බව එයින් පැහැදිලි වන්නේය.”
නමුත් වික්‍රමසිංහ මහතාගේ අදහසට විරුද්ධව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා “ලංකා ඉතිහාසය සාහිත්‍ය මණ්ඩලීය ලිපි මාලාවේ අංක එකේ අසූ හයවෙනි පිටුවේ මෙසේ සඳහන් කරයි” වෙස්සගිරියත්, ඉසුරුමුණියත් එකම ආරාමයක්ව පැවතුණේ යැයි පිළිගත නොහැක.
මෙම විහාර දෙකේ සීමාවන් කුඹුරු අතර ද පැහැදිලිව දක්නට ඇත. එහෙයින් මෙම විහාර දෙක එකට යාව තිබූ බව හෝ දෙකම එකක් වශයෙන් සැලකීමට හෝ ඇති ඉඩකඩ ඓතිහාසික වශයෙන් අල්පය.
මේ අතරම අද බොහෝ දෙනෙකු ඉසුරුමුණිය විහාරය යැයි පිළිගන්නා විහාරය, දේවානම් පියතිස්ස රජු ඉසුරුමත් පුද්ගලයන් සඳහා කර වූ ඉසුරුමුණිය විහාරය නොවේ යැයි බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.
“ලංකාවේ බුදු සමයේ ඉතිහාසය” නම් ග්‍රන්ථයේ ආචාර්ය වල්පොල රාහුල හිමියෝ.... “ඉස්සර සවණාරාමය හෙවත් ඉසුරුමුණිය කස්සප ගිරි විහාරය බවත්, එම කස්සප ගිරි විහාරය අද වෙස්සගිරිය යනුවෙන් හඳුන්වන ස්ථානය බවත් පවසති. උන්වහන්සේ එසේ පවසන්නේ මහාවංශ ටීකාවෙහි 407 පිටෙහි එන “ඉස්සර සමණ සංඛතෙ කස්සපගිරි විහාරෙ” යන පාඨය පදනම් කරගෙනය.
“ලක්දිව සෙල්ලිපි” යන ග්‍රන්ථයෙන් කොත්මලේ අමරවංශ හිමිපාණෝ ද “අනුරපුර නටබුන්” යන ග්‍රන්ථයෙන් කඹුරුපිටියේ වනරතන හිමියෝද “ශිලා ලේඛන සංග්‍රහය” දෙවන කාණ්ඩයෙන් මැද උයන්ගොඩ විමලකීර්ති හිමිපාණෝද ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ එම අදහස අනුමත කරති.
එසේම අද වෙස්සගිරිය වශයෙන් හැඳින්වෙන ස්ථානය දේවානම්පියතිස්ස රජු දවස පැවැදි වූ වෛශ්‍යයන් සඳහා වෙස්සගිරිය වශයෙන් පිළිගැනීමට නොහැකි වගත් විද්වතුහු දක්වති.
වර්තමාන ඉසුරුමුණිය, පැරණි මේඝගිරි විහාරය විය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ පවසති.
කිත්සිරි මෙවන් රජු දවස, හේමමාලා සහ දන්ත කුමරුන් දළදා වහන්සේ වැඩමවාගෙන රජු හඳුනන භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළ අනුරාධපුරයෙහි පිහිටි මේඝගිරි විහාරය වෙත ගිය බවත්, එම භික්ෂූන් වහන්සේ ද දළදා වහන්සේ මහත් භක්තියෙන් පිළිගෙන වස්ත්‍රයෙන් සැරසූ කුටියක වැඩ හිඳුවා රජුවෙත පණිවිඩයක් යැවූ බවත්, දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ මහත් ආශාවෙන් රජු, නගරයට ඊසාන දිගින් පිහිටි මේඝගිරි විහාරයට මහ සෙනඟ සමඟ පයින්ම පැමිණි වගත් දළදා වංශයෙහි සඳහන් වෙයි.
අනුරාධපුරවර සමීපයෙහි ඇති මේඝගිරි විහාරයට හේමමාලාවන් සහ දන්ත කුමරුන් දළදා වහන්සේ වැඩම කර වූ බව දැනගත් කිත්සිරි මෙවන් රජු මහා පිරිවරක් සමඟ පැමිණ දළදා වහන්සේ වන්දනා කළ බව දළදා පූජාවලියේද සඳහන්වේ.
දළදා වහන්සේ මුලින්ම වැඩ වාසය කළ මේඝගිරිය, නූතන ඉසුරුමුණියම වන බව පරණවිතාන මහතා පවසයි.
එම මතය තවදුරටත් සනාථ කිරීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන “සාහිත්‍ය මණ්ඩලීය ඉතිහාසය සංග්‍රහය” ග්‍රන්ථයේ මෙසේ කරුණු ඉදිරිපත් කරයි.
“නූතන ඉසුරුමුණිය පිළිබඳව ඉතිහාසය විමසීමේදී මෙම විහාරය පිහිටි ශෛලමය පව්වේ මධ්‍ය භාගයේ නෙළා ඇති අශ්ව හිස සහිත මිනිසාගේ රූපය ගැනත්, එහි පහත පොකුණේ දිය කෙළින ඇත් රළ පිළිබිඹු කෙරෙන කැටයම් ගැනත් දැඩි අවධානය යොමු කළ යුතුමය. මෙම මිනිස් රුව අන් යමක් නොව, මිනිසුන් වැස්ස හෙවත් මේඝය පතා, ඈත අතීතයේ සිට මිනිසුන් පූජා පවත්වන “පර්ජනම්” සංකේතයයි. ඇත් රළ කැටයමින් වැසි වලාකුළු සංකේතවත් කරයි. මේ සියලු කරුණු සලකා බැලීමේදී මේ ගල් විහාරය මේඝගිරිය වශයෙන් හඳුනාගත හැක.
වත්මන් ඉසුරුමුණිය, එදා දළදා වහන්සේ මුලින්ම තැන්පත් කරන ලද මේඝගිරිය නම් ඉසුරුමුණියෙහි පැතැලි ගලක කැටයම් කළ එම ජනප්‍රිය පෙම් යුවළ කවුරුන්ද? දැනට ඉසුරුමුණි පෙම් යුවළ දැක්වෙන පැතැලි ගල විහාරයෙහි කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇතත් කලින් එය තිබුණේ, ඉසුරුමුණි ගලෙහි නෙළා ඇති මිනිස් රුව සහ අශ්ව හිසට පහතිනි.
සමහර පුරාවිද්‍යා විචාරකයන් පවසන ලෙස මිනිස් රුව සමඟ අශ්ව හිසේ උත්පත්තියත් ඉසුරුමුණියෙහි පෙම් යුවළෙහි උත්පත්තියත් යුග දෙකකදී සිදු වූ බවය.
ඉසුරුමුණි පෙම් යුවළ නිර්මාණය තුළින් පිළිබිඹු වන ලක්ෂණ අනුව ක්‍රිස්තු වර්ෂ හතරවන පස්වන සියවස්වලදී එය නිර්මාණය කරන්නට ඇතැයි අනුමාන කෙරේ. එම යුගයන්හි පැතැලි ගල්වල කැටයම් නෙළීම සිදු වී ඇත. විචාරකයන් දක්වන අන්දමට සඳකඩ පහන සහ මුරගල් නෙළීම ආරම්භ කර ඇත්තේ ද හතර වන පස්වන සියවස්වලදීය. මිනිස් රුව සහිත අශ්ව හිස හත්වන සියවසේදී නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. හත්වන සියවසේදී, දකුණු ඉන්දීය බලපෑම් සහ ආක්‍රමණ නිසා අන්‍ය ආගමික විශ්වාසයන් අපේ කලා කෘතිවලට ඇතුළුවීම නිසා පර්ජන්‍ය සංකේතය ඉසුරුමුණියට එකතු වන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ.
දැනට ඉසුරුමුණිය විහාරයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පැතැලි ගල් පුවරුවෙහි ඇති පෙම්වතුන් යුවළ පිළිබඳව උගතුන් අතර විවිධ මති මතාන්තර ඇත.
එක් මතයක් වන්නේ මෙම ගල් පුවරුවෙහි ඇත්තේ ශිව-පාර්වතී දෙදෙනාගේ රූ සටහන් බවය. මෙම රූප ශීව-පාර්වතීගේ නම් අනිවාර්යයෙන්ම මෙහි හින්දු කෝවිලක් තිබිය යුතුය. නමුත් ඉතිහාසයේ කිසිම කලක මෙහි හින්දු කෝවිලක් පැවැති බවට සාක්ෂි ලැබෙන්නේ නැත.
බොහෝ දෙනෙක් පවසන්නේ, අපේ ඉතිහාසයේ සුන්දර පෙම් පුවතකට පාදක වූ, දුටුගැමුණු පුත් සාලිය සහ ඔහුගේ ආදරවන්තිය වන අශෝකමාලාවන් පිළිබිඹු කිරීම පිණිස මෙම ශෛලමය රූප නිර්මාණය කරන්නට ඇති බවය.
මෙහිදී අපගේ අවධානය පණ්ඩුකාභය රජ දවස අනුරපුර නගර නිර්මාණයේ ස්වරූපය කෙරෙහි යොමු කිරීම වටනේය.
මහා වංශය මෙන්ම පැරණි ග්‍රන්ථ කීපයකම එය දැක්වෙන්නේ මෙලෙසිනි.
සොහොන් භූමිය නගරයේ බටහිර දෙසින් පිහිටි අතර, නගර ශෝධකයන් ඇතුළු සැඩොල් කුලවල ජනතාව වාසය කළේ එයට බටහිරෙනි.
සමහරුන්ගේ මතය වන්නේ මෙම ශෛලමය පුවරුව පැරැණි මහාමේඝ වනයෙහි එක් කෙළවරක පිහිටි රන්මසු උයනේ සිට ගෙන එන්නට ඇති බවය. ඔවුන් එලෙස සිතන්නේ සාලිය කුමරුන්ට අශෝක මාලාවන් රන්මසු උයනේදී මුණ ගැසෙන්නට ඇති බවය. නමුත් රන්මසු උයන ආශ්‍රිතව සැඩොල් ජනයා වාසය නොකළ නිසා එවැන්නක් සිදුවීමට ඉඩ ඇතැයි සිතිය නොහැක.
රන්මසු උයනේ ස්වභාවිකව පිහිටි ගල් බොහෝමයක් ඇත. යම් හෙයකින්, සාලිය අශෝකමාලාවන් රන්මසු උයනේදී හමු වී, එය සිහිපත් කිරීමට රුවක් නිර්මාණය කරන්නේ නම් එය තැනින් තැන ඔසවාගෙන යා හැකි ගල් පුවරුවක නොව, සදාකාලිකව එකම තැනක පවතින ස්වභාවිකව පිහිටි ගලක නිර්මාණය කරනු ඇත.
සාධන මාලා නම් තාන්ත්‍රික ග්‍රන්ථයේ එන සඳහනක් අනුව, මෙම ගල් පුවරුවේ දැක්වෙන්නේ මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ අවතාරයක් වන “ස්ථිර චක්‍ර” සහ ඔහුගේ බිරිඳ වන “ප්‍රඥ” බව හිටපු පුරාවිද්‍යා අධිකාරීවරයකු වන පී.ඩී. යෙස්ටියර් පවසයි.
නමුත් මෙයට ප්‍රතිවිරුද්ධ මතයක් දරන නන්දසේන මුදියන්සේ මහතා සිය ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයෙහි මෙසේ දක්වයි. “සාධන මාලාවෙහි දැක්වෙන ලෙස මෙන්ම, වෙනත් මහායාන බෝසත් රූපවල අතෙහි කඩුවක් මෙන්ම, වරද මුද්‍රාව දක්නට ලැබෙයි. නමුත් ඉසුරුමුණිය පැතැලි ගලෙහි ඇති පුරුෂ රූපයෙහි එවැන්නක් දක්නට නොලැබෙන බැවින් එය ස්ථිර චක්‍රගේ යැයි පිළිගත නොහැක.
ආදරයෙන් මුසපත් වූ යුවළක් මෙම කැටයම්වලින් පිළිඹිබු නොවන බව සමහර විද්වතුන්ගේ අදහසයි. ඔවුන් දක්වන ලෙස ආදරවන්තයන් නිරූපිත සෑම පැරැණි චිත්‍රයකම පුරුෂයා, කාන්තාවගේ නිකට අල්වාගෙන ආලිංගනයෙන් යුතුව සිටින බව දැක්වේ. නමුත් මෙම ගල් පුවරුවෙහි ඇති කැටයමින් එවැන්නක් නිරූපණය නොවේ. එමෙන්ම ඉසුරුමුණිය පැතැලි ගලෙහි ඇති ස්ත්‍රියගේ මුහුණෙහි රාගාශ්‍රිත බැල්මක් දක්නට නැත. ඇය අතෙහි යමක් අල්වාගෙන ඇත්තේ පුරුෂයාට විරුද්ධ පැත්ත දෙසිනි.
සමහරුන්ගේ මතය නම් මෙම ගල් කැටයමින් නිරූපණය වෙන්නේ වෙන කිසිවෙකුත් නොව මෙරටට දන්ත ධාතූන් වහන්සේ වැඩම කළ දන්ත කුමරු සහ හේමමාලි කුමරිය බවය. දන්ත ධාතූන් වහන්සේ වැඩමවිත් සිදු කරන ලද සේවයට ගෞරව කිරීමක් වශයෙන්, කිත්සිරිමෙවන් රජු මෙම ගල් කැටයම් නිර්මාණය කරවන්නට ඇති බවය.
“මනාවට සුපුෂ්පිත වූ නිලුපුල් පෙති දෙකක් බදු නෙත්සඟලක් දරන්නා වූ, හංස ධේනුවක් බඳු ගමන් ලතාව ඇත්තා වූ, මනෝඥ වූ පීණ පයෝධර යුග්මයෙන් හමු වූ ශරීරය ඇති හේමමාලාවන්” යනුවෙන් දළදා ජූජාවලියෙහි හේමමාලාවන්ගේ රූපශ්‍රීය වර්ණනා කර ඇත. ඉන් විස්තර වන හේමමාලාවන්ගේ ශරීරාංගවලට ඉසුරුමුණියෙහි පැතැලි ගලෙහි ඇති ස්ත්‍රියගේ රුවට මැනවින් ගැළපෙයි.
කඩුවක් පැළැඳ සිටීමෙන් සහ ඇඳුම් පැළඳුම්වලින් මෙම පුරුෂයා ද රාජකීයකු බව මැනැවින් පැහැදිලි වෙයි. එමෙන්ම තමන්ට නියම වූ කටයුත්තක් නිසියාකාරයෙන් ඉටුකළ නිසා ලද තෘප්තියක් සංහිඳියාවක සලකුණු එම යුවළ වෙතින් ප්‍රකට වෙයි.
දන්ත කුමරුන් සහ හේමමාලාවන් වරින්වර තම හිසෙහි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සඟවාගෙන ගිය බව සඳහන් වෙයි. මෙම ගල් කැටයමෙහි පුරුෂයා පිටුපසින් ඇති රශ්මි මාලාව, ඔවුන් දළදා වහන්සේ හිසේ සඟවාගෙන පැමිණි වග සංකේතවත් කිරීමට නිරූපණය කරන්නට ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉසුරුමුණියේ පැතැලි ගලක ආලයේ ලීලය පෑවෝ කවරහුද?
සිරිලාල් Tuesday, 26 April 2016 01:38 PM
දන්ත කුමරු සහ හේමමාලි කුමරිය, දන්ත ධාතූන් වහන්සේ වැඩමවිත් සිදු කරන ලද සේවයට ගෞරව කිරීමක් වශයෙන්, මෙම ගල් කැටයම කරවන ලදී (බ)