IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉහළ රස්සාවලට ගිය කොළඹ නාටාමිලා

 29_RASAWITHA_P_2

  

‘‘ලංකාවේ හිටපු සිව් වැනි පුරවැසියකු වූ ගාමිණී ෆොන්සේකා ලැබූ සම්මානයෙන් පසුගියදා අපේ හිටපු නාටාමි සහෝදරයෙක් පිදුම් ලැබුවා. ඒක අපේ රස්සාවට ලැබූ විශාල ගෞරවයක්’’


පසුගිය දිනක කොළඹ පිටකොටුවේ ‘‘නාටාමි’’ වරයෙක් එසේ ප‍්‍රකාශ කළේය.

මා දන්නා දෙමළ වෛද්‍යවරයෙක් වෛද්‍ය විද්‍යාලයේ සිටින විට ‘‘නාටාමි’’ වෘත්තියේ යෙදුණා. ඔහු ඒ රහස තමන්ගේ වෛද්‍ය සිසුන්ට හෝ දැන ගැනීමට ඉඩ දුන්නේ නැහැ. වෛද්‍යවරයෙක් වූ සැණින් වතුකර රෝහලකට පත්වීමක් ලැබූ ඔහු පසුව විදේශ රටක සේවයට ගියා. ඒ යෑමට පෙර ලොකු දෑවැද්දක් සමඟ සෙට්ටිකුලමේ පෝසත් පවුලකින් කසාදයක් බැඳගත්තා.


මෙය පිටකොටුවේ නාටාමි වෘත්තියේ යෙදෙන පිරිසගේ මහත් අමන්දානයට හේතුවී ඇති බව හතර වැනි සහ පස්වැනි හරස්වීදි වෙත ගිය අපට දැකගැනීමට ලැබුණේය. මෙවර ඔවුන් අපවෙත පැමිණ අදහස් පළකරනු ලැබුවේ හදිස්සියේ ජීවයක් ලැබුවන් ලෙසිනි.


මේ කොළඹ නාටාමි රස්සාව සැළකුවේ ඉතා පහත් රස්සාවක් විදිහටයි. ඒත් මේ රස්සාව ‘ ඕ ලෙවල් (අ.පො.ස. සාමාන්‍ය පෙළ) සමත් අයත් කරනවා. දැන් මාධ්‍යවේදී මහත්තුරු සමහර පත්තරවල ඒ කාලයේ ගාමිණී ෆොන්සේකා මහත්තයා නියෝජ්‍ය කතානායක තනතුර දරන කාලයේ ලියලා තිබුණේ එයා රටේ තුන්වන පුරවැසියා කියලයි. ඒත් ඒකත් වැරදිනේ මහත්තයෝ.


රටේ පළමු පුරවැසියා ජනාධිපති නම් දෙවැනි පුරවැසියා අගමැති නම් තුන්වැනි පුරවැසියා වන්නේ කතානායක නෙවේ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නිසා තුන්වැනි පුරවැසියා වන්නේ රටේ විපක්ෂ නායක වරයායි. හතරවැනියා පාර්ලිමේන්තුවේ ප‍්‍රධානියා වන නිසා කතානායක පස්වැනි පුරවැසි භාවය නියෝජ්‍ය කතානායක වරයාට හිමි වෙනවා.

index


තරුණ ‘‘නාටාමි’’ වරයෙක් දිගු දේශණයක් පවත්වමින් අප හමුවේ කියා සිටියේය. සැබවින්ම ජනතාව අගනුවර බර ඇඳගෙන යන මෙම රැුකියාව කරන්නන් දෙස බැලූවේ පහත් රැකියාවක් කරන්නන් දෙස බලන කෝණයකිනි. බොහෝවිට උඩුකය නිරාවරණව උස් හඬින් කතා කරමින් තම කරමත තබා හෝ කුඩා අත් කරත්තයක් මත බඩු රැගෙන යන මෙම පිරිස වෙතින් විනීත හැසිරීමක් දකින්නට නොලැබු නිසා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වූවා විය යුතුය.


කොළඹ අගනගරයක් ලෙස බිහිවූ කාළයේ සිටම එදා සිට කසළ ශෝධකයින් සහ වැසිකිළි සහ කැසිකිළි පිරිසුදු කිරීම සඳහා ඉන්දියාවෙන් රැුගෙන ආ ‘‘සක්කාලි’’ කුලයේ මිනිසුන් දෙමළ භාෂාවෙන් කතා කිරීම නිසාම දෙමළ භාෂාවෙන් කතා කරමින් බර ඇඳීම් කාර්යයේ නියැළී සිටි නාටාමිවරුන් දෙස ද පහත්වූ දෘෂ්ඨිකින් බැලීමට සමාජය පුරුදු වූවා විය යුතුයි.

sg
එහෙත් මේ ලිපි මාලවේදී වරින් වර සඳහන් කළ ආකාරයට හොඳ අධ්‍යාපනයක් ලැබූවන්ද ‘‘නාටාමි’’ රැුකියාවට අවතීර්ණව සිටි අවස්ථා වාර්තා වේ. අප සොයාගත් කරුණු අනුව අගනුවර සමාජයට පිවිසීමේදී පහසුවෙන්ම ‘‘නාටාමි’’ සමාජයට එක්වීමේ හැකියාව මත බොහෝදෙනා නාටාමි රැුකියාව මගින් අගනුවර පුරවැසියකු වී පසුව තම ස්ථානය නිර්මාණය කරගනී.


එලෙස අගනුවර වෘත්තිකයින් ලෙස අද දිවි ගෙවන ‘‘නාටාමි’’ වෘත්තියෙන් ජීවිතය ඇරඹි කිහිප දෙනෙකු පිළිබඳව නාටාමි වෘත්තිකයින් විසින්ම අපට කරුණු හෙළි කළේය. ‘‘වතුකරයේ සිට යහපත් අධ්‍යාපනයක් ලැබූ අගනුවරට පැමිණි ‘‘මූර්ති’’ නම් නාටාමි කෙනකු අද කොළඹ තොග ව්‍යාපාරික ස්ථාන රැුසක ගණකාධිකාරීවරුන් ලෙස කටයුතු කරයි. ඔහු වරලත් ගණකාධිකාරීවරයකු විභාගයට පුහුණුව ලබා ඇත්තේද පිටකොටුව ව්‍යාපාරික ස්ථානවල පොත් තබන්නකු ලෙස කටයුතු කරමිනි.


‘‘නාටාමි’’ වෘත්තියෙන් ජීවිතය අරඹා ව්‍යාපාරිකයින් බවට පත්ව සිටින පිරිස බොහෝය. අප හඳුනාගත් විශේෂ කරුණ වූයේ එසේ විශාල දියුණුවක් ලැබූ කිසිම නාටාමිවරයෙක් මත්පැනට හෝ මත් ද්‍රව්‍යවලට ගොඳුරු නොවූවන් බවයි.


කොළඹ ‘‘නාටාමි’’ වෘත්තිය කොටස් කිහිපයකට බෙදී යයි. පිටකොටුව එළවළු වෙළෙඳපොළහි ඒ සඳහාම විශේෂ වූ ‘‘නාටාමි’’ පිරිසක් සිටින අතර හතර වැනි පස් වැනි හරස්වීදි සහ ගෑස්පා හන්දිය මුල්කර ගෙන ආහාර ද්‍රව්‍ය රැුගෙන යන ‘‘නාටාමිවරු’’ පිරිසක්ද සිටිති. රෙදිපිළි, සාප්පු බඩු, විසිතුරු උපකරණ වෙළෙඳ සැල් සඳහා රටට අනන්‍ය වූ ‘‘නාටාමි’’ පිරිසක් සිටිති. මෙහිදී කැපී පෙනෙනුයේ ආහාර ද්‍රව්‍ය රැුගෙන යන ‘‘නාටාමි’’ සමාජයයි.

z_p17-Nattamis-02


මොවුන් වෙතින් ප‍්‍රසන්න බවක් බාහිරින් ප‍්‍රදර්ශනය නොවූවද මොවුන් අතරින් සියයට හැත්තෑ පහකට 75% පමණ ලිවීමේ සහ කියැවීමේ හැකියාව තිබේ. බහුතරයක් දිනපතා දෙමළ පුවත්පත් කියවන අතර සීමිත පිරිසක් සිංහල පුවත්පත් ද කියවති. එහෙත් ඉංග‍්‍රීසි පුවත්පත් මිලදීගෙන නොව ව්‍යාපාරික ස්ථානවලින් ඉල්ලාගෙන කියවන පිරිසක් ද සිටිති.


යහමින් මුදල් ගැවසෙන මේ නාටාමි සමාජයේ ඉංග‍්‍රීසි පුවත්පත් කියවන පිරිස ව්‍යාපාරික ස්ථානවලින් පුවත්පත් ඉල්ලාගෙන කියැවීම මත රහසක්ද පවතින බව අපට එක් ‘‘නාටාමි’’ වරයෙක් කීවේය. ‘‘එතකොට එම කඩවල මුදලාලිලාට මෙයාට ඉංග‍්‍රීසි කියවන්න පුළුවන් කියලා තේරෙනවා. ඊට පසු එම හැකියාව මත මේ අයට එම කඩවල ලියනමහත්වරු වීමේ හැකියාව ලැබෙනවා.’’ ඔහු බොහෝදෙනා නොදන්නා රහසක් අප හමුවේ හෙළිකර සිටියේ ඒ අයුරිනි.
සතියේ දිනවල අගනුවරදී අප‍්‍රසන්න අයුරින් දැකිය හැකි මේ ‘‘නාටාමි’’වරුන් ඉතා ප‍්‍රසන්න අයුරින් දැකිය හැකිවන්නේ සතියේ ඉරිදා දිනවල සවස් වරුවේදීය. එවන් දිනවලට ඔවුන් සමහරෙක් සිය පවුලේ සාමාජිකයින් සමඟ ගෝල්පේස් පිටියේ හෝ විහාරමහා දේවි පිටියේදී දැකගත හැකිය.

අවිවාහකයන් බොහෝ විට සිනමාහල්වල හෝ කොළඹ පිහිටි මධ්‍ය පාන්තික සමාජශාලාවලදී ද දැකිය හැකිය.


එහෙත් දියුණුව කරා ගමන්  කරන සමහර නාටාමිවරු ඉරිදා දිවා කාලයේ ගණකාධිකාරි විෂය ඉගෙනුමට යන අවස්ථාද අපට දැක ගැනීමට ලැබිණ. ඉංග‍්‍රීසි පන්තිවලට සහභාගීවන දෙමළ තරුණ පිරිසක්ද ඒ අතර සිටියහ.


ලෝගනාදන් නම් ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබන නාටාමි වෘත්තියේ යෙදෙන තරුණයෙකු අප සමඟ කීවේ වතුකරයේ සිට දෙමළ භාෂාව මගින් ඉගෙනුම ලබා අගනුවර සමාජයට පිවිසෙන පුද්ගලයකුට කදිම පිවිසුම් මාර්ගය ‘‘නාටාමි’’ වෘත්තිය බවයි.


‘‘කොළඹ හෝටලයක් ලඟ අප බලා සිටියහොත් කිසිවකු අපගෙන් ‘‘උඹ කෑම කාලාද ඉන්නේ කියා අසන්නේ නැහැ. එහෙත් නාටාමිවරු ආහාර ගන්නා කුඩා පෙට්ටි කඩයක් ලඟටවී අප බලා සිටියහොත් ‘‘නාටාමි’’ අප දුටු ගමන් දෙමළ බසින් විමසන්නේ ‘‘උඹ කාලා ද ඉන්නේ කියලයි’’


‘‘ඉන් පසු අප ආහාර නොගෙන බඩගින්නේ සිටියා නම් අපට කෑමට ආරාධනා කර රැුකියාවක් නොමැති නම් අප නාටාමි වෘත්තියේ සහයකයකු ලෙස රැුකියාවට කැඳවාගෙන යනවා. එහිදී දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව නාටාමි වෘත්තියේ අංක එකේ සුදුසුකමක් බවට පත්වෙනවා.’’


‘‘සිංහල මිනිසුන් ‘‘නාටාමි’’ වෘත්තියේ නැහැ කියලා මා කියන්නේ නැහැ. ඒත් සිංහල මිනිහත් නාටාමි රස්සාවේ රැඳී සිටීමට නම් දෙමළ භාෂාව කතාකිරීමේ හැකියාව වර්ධනය කරගන්න  ඕනේ. රටේ රාජ්‍ය භාෂාව දෙමළ බවට පත්වෙලා තියෙන්නේ පිටකොටුවෙ වෙළඳපළේ දෙමළ සහ මුස්ලිම් ව්‍යාපාරිකයින් රැුසක් සිටින නිසයි. වතුකරයෙන් පැමිණ සිටි මේ ද්‍රවිඩ තරුණයා කොළඹ සමාජය පිළිබඳව තමන් දැන සිටි පරිසරය පිළිබඳව එසේ විග‍්‍රහ කරනු ලැබුවේය.
සිනමා රංගන ශිල්පියකු ‘‘නාටාමි’’ සමාජයෙන් බිහිවීම පිළිබඳව පුදුම වන්නේ නැද්ද.


ඔය හෙළිවුයේ එක් පුද්ගලයෙකු පිළිබඳව පමණයි. මේ සමාජයෙන් රවින්ද්‍රනාත් තාගෝර් වගේ මිනිසුන් බිහිවූවා. එත් ඒ අය තමන් ‘‘නාටාමි’’ වෘත්තියේ යෙදීසිටි බව කීවේ නැහැ.


‘‘මා දන්නා දෙමළ වෛද්‍යවරයෙක් වෛද්‍ය විද්‍යාලයේ සිටින විට ‘‘නාටාමි’’ වෘත්තියේ යෙදුණා. ඔහු ඒ රහස තමන්ගේ වෛද්‍ය සිසුන්ට හෝ දැන ගැනීමට ඉඩ දුන්නේ නැහැ. වෛද්‍යවරයෙක් වූ සැණින් වතුකර රෝහලකට පත්වීමක් ලැබූ ඔහු පසුව විදේශ රටක සේවයට ගියා. ඒ යෑමට පෙර ලොකු දෑවැද්දක් සමඟ සෙට්ටිකුලමේ පෝසත් පවුලකින් කසාදයක් බැඳගත්තා. ඔහු කියා සිටියේය.


අප නාටාමි සමාජය පිළිබඳව කළ සොයා බැලීම්වලදී ගමේ පේ‍්‍රමයෙන් පැරදී තම උපන් ගමට මුහුණ දීමට නොහැකිව අගනුවරට පළාවිත් ලෝකයෙන් සැඟවී ජීවිතයක් ගතකරන සිංහල තරුණයකුද හමුවිය. අද ඔහු දෙමළ තරුණයකු තරමට එම භාෂාව දක්ෂව හසුරුවයි. යළි කිසි දිනෙක උපන්ගමට යෑමට අපේක්ෂා නොකරන මේ පෙම්වතා ඉතා නුදුරේදීම කොටහේන කෝවිලේදී දෙමළ තරුණියක් සමග විවාහ මංගල උත්සවය පවත්වා යුග දිවියක් ඇරඹීමට අපේක්ෂා කරන බව දැනගැනීමට ලැබුණි.

1-copy13_article


කලබලකාරී අගනුවර බඩු භාණ්ඩ පාර්සල් කර මත හෝ රෝද දෙකේ කරත්තයක් මත තබා ගෙන දිව යන මේ මිනිසුන්ගේ ජීවිත තුළද ඉතා සුන්දර කතා වස්තු රැුඳී පවතී. අප සමාජය මෙම වෘත්තිය ඉතා පහත් වෘත්තියක් ලෙස සැළකීමට පෙළඹී සිටියද එම වෘත්තියෙන් අගනුවර ජීවිතය ආරම්භ කර ඉතා ඉහළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනඟා ගත් චරිත පිළිබඳව ද අපට එහිදී අසන්නට ලැබිණි. ඒත් ඒ පසුගියදා වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත‍්‍රවූ ධර්මලිංගම් තමන් ‘‘නාටාමි’’ වෘත්තියේ නියැලී සිටි බවට ලෝකය හමුවේ ප‍්‍රකාශ කිරීමට මැලි කමක් දැක්වීය.


එහෙත් පත පොත කියවන එක් ‘‘නාටාමි’’ තරුණයකු වූ මුතුලිංගම් අප සමඟ කීවේ බොහෝ ඉන්දීය ලේඛකයින් සාමාන්‍ය සමාජය සමඟ දිවි ගෙවා එම ජීවිත පිළිබඳව පසු කළෙක උසස් නිර්මාණ කළ බවයි.


‘‘මෙහිදී අපට සිඟන්නාගේ සිට ඉහළ ධනපති දක්වා හඳුනා ගැනීමට ලැබෙනවා. සාමාන්‍ය ‘‘පික් පොකට්’’ කාරයාගේ සිට පිට රටින් මහා පරිමාණයෙන් හොර බඩු ගෙන්වන පුද්ගලයා ද හඳුනාගැනීමට ලැබෙනවා. ඒ වාගේම නැති බැරි කමට සිරුර විකුණන වීදි ගණිකාව වගේම හැඩිදැඩි තරුණයින් මාලිගාවලට ගෙන්වා ගෙන තම ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා ධනපති සුපිරි මැඩම්ලාද හමුවෙනවා. සමහරු ඒ මැඩම්ලාගේ පිහිටෙන් සල්ලිකාරයෝ ව්‍යාපාරිකයෝ වූ අවස්ථාද අපි දන්නවා. එවැනි සමාජයක අත්දැකීම් ලබන පුද්ගලයෙකුට දක්ෂ ලේඛකයන් හෝ කලාකරුවකු විය හැකියි. ධර්මලිංගම් එවැනි එක් අයෙක්. ඒත් හෙට එවැනි සමාජයෙන් දක්ෂ ලේඛකයෙක් බිහිවුවහොත් ඔහුට ‘‘නොබෙල් ත්‍යාගය’’ ලබාගත හැකි උසස් නිර්මාණ බිහිකළ හැකියි. ඔහු හැඟීම් බරව කියා සිටියේය.


m



අදහස් (0)

ඉහළ රස්සාවලට ගිය කොළඹ නාටාමිලා

janaka Thursday, 04 December 2014 10:50 AM

'රටේ රාජ්‍ය භාෂාව දෙමළ බවට පත්වෙලා තියෙන්නේ පිටකොටුවෙ වෙළඳපළේ දෙමළ සහ මුස්ලිම් ව්‍යාපාරිකයින් රැසක් සිටින නිසයි.' රාජ්‍ය භාෂාව " දෙමල" ඒ මොකක්ද අඑකේ තේරුම.? (ර)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 11 December 2014 07:13 PM

උසස් ආර්ථිකයක් ඇති (මා දැනට සිටින )කැනඩාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යපනය නොමිලේ ලබා නොදෙන බැවින් තම දෙමාපියන්ට එ් සඳහා අවශ්‍ය විසාල වියදම දෙරීමට අපහසු නිසා ඔවුන් මෙසේ වෙළෙඳ සල්වල ආදියෙහි වැඩකර තම වියදම් පියවා ගනී නිදහස් අධ්‍යපනයෙන් සලසා ඇති පහසුකම් බුක්විදිමින් සෙල්ලඅම කරන අයගේ නෙතට මෙය යොමුවේව (අ)

:       0       0

නවින් Saturday, 06 December 2014 01:22 PM

මිනිස්සුන්ට පරිභව කරන්න එපා (දී)

:       0       0

ගුණවතී Thursday, 04 December 2014 08:32 AM

අධිබලැති බෝම්බ කොළඹ පිපිරුණ වෙලාවේ වහාම දිව විත් සිය ගණනකගේ ජීවිත බේරා ගෙන රෝහලට යැවීමට වැඩියෙන්ම උදව් කලේ මෙම නාටාමි මහත්වරුන් තමයි. (ර)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 December 2014 01:59 PM

මොනතරම් වැදගත් ලිපියක්ද? (නි)

:       0       0

මොහමඩ් Wednesday, 03 December 2014 02:18 PM

හරිම ආදර්ශවත් ලිපියක්. ස්තූතියි! (නි)

:       0       0

ශිරෝමි- පිළියන්දල Saturday, 06 December 2014 03:02 PM

ජනක ඒක ඒ මනුස්සයාගේ නොදන්නා කමට කියන්න ඇති. (පිටකොටුවේ ඒ තරම් දෙමළ භාෂාව වැදගත් කියන එක) කොහොම උනත් වටිනා ලිපියක් (නදී)

:       0       0

සඳුනි Thursday, 04 December 2014 05:15 AM

ඉතා වටිනා ලිපියක්...මට මතක විදියට නම් ධර්මලිංගම් සහෝදරයා තමන් නාටාමි කෙනෙකුව සිටි බව මාධ්‍යයට පැවසුවා. ඔහු බොහොම නිහතමානී කෙනෙක්.(නදී)

:       0       0

නිරාන් Thursday, 04 December 2014 10:02 AM

ජිවිතය ගියත් ජිවිතය දෙන්න තරම් හීයක් තියෙන්න හොද හිත ඇති බොහෝ පිරිස් මේ අතර ඉන්නවා.(හේ)

:       0       0

විජේදාස Saturday, 06 December 2014 02:10 AM

හොඳ ලිපියකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4821 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 647 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1224 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 110 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 194 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 258 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site