IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


ඊශ්‍රායල උණ්ඩයෙන් එලොව ගිය හමාස් නායකයා

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට සමත් විය. එය හමාස් සටන්කාමීන්ට එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ‘යාහ්යා සින්වාර් මරා දැමීමට හැකි වුණා. ඒත් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි යුද්ධය තවමත් අවසන් නැහැ.

හමාස් සටන්කාමීන්ගේ තර්ජනය තවමත් අවසන් නැහැ. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන තුරු යුද්ධය අවසන් වෙන්නේ නැහැ’ යැයි සින්වාර්ගේ ඝාතනය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුවේ, දැන්වත් ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් වේවි දැයි බොහෝ දෙනා තුළ දැල්වුණු බලාපොරොත්තු සුන් කරමින්ය.

ගාසා තීරයේ බලයේ සිටින්නේ, හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය ගාසා තීරයේ බලයට පත්වූයේ 2006 වසරේ ගාසා වැසියන්ගේ මනාපයෙනි. ඊශ්‍රායලයෙන් නිරන්තරයෙන් එල්ල වන කෙණෙහිලිකම් හමුවේ, ගාසා පලස්තීනුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය, දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. හමාස් සංවිධානයට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහාය දෙයි. මුදල් ආධාර දෙයි. අවි ආයුධ සහ අවි පුහුණුව ද දෙයි. හිස්බුල්ලා සංවිධානයට සහාය සහ මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයයි.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා දකුණු ඊශ්‍රායලයට පහර දුන්නේය. මේ වනවිට, ඊශ්‍රායල හමාස් අර්බුදය, ඊශ්‍රායල ලෙබනන් අර්බුදය සහ ඊශ්‍රායල ඉරාන අර්බුදයට පාර කැපුවේ එම ප්‍රහාරයයි. ඔක්තෝබර් 7 ප්‍රහාරයට, ඊශ්‍රායලයට, හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ලැබුණි. අද ඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නේ එබැවිනි.

ඔක්තෝබර් 7 වැනිදා, දකුණු ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියෝ 1,100 ක් මියගියහ. ඊශ්‍රායලයේ සිටිද්දී අල්ලාගත් 300 කට ආසන්න පිරිසක් හමාස් ග්‍රහණයට පත් විය. එම පිරිස ගාසා තීරයට රැගෙන ගිය අතර, මේ වනවිට ඔවුන්ගෙන් 63 දෙනෙක් තවමත් හමාස් ප්‍රාණඇපයේ සිටිති. ප්‍රාණඇපයේ සිටි 34 දෙනෙක් ඊශ්‍රායල හමුදා හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගියහ. සින්වාර් මරා දැමීමෙන් පසු, ගාසා සටන්කාමීන්ගේ ග්‍රහණයේ ඉතිරි වූ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට බලාපාරොත්තු වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත. එහෙත්, ප්‍රාණ ඇපයේ සිටින 63 දෙනා යහතින් සිටිනවාදැයි හරිහැටි තොරතුරක් වාර්තා වී නැත.

ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, හමාස් නායකයා ලෙස කටයුතු කළේ ඉස්මායිල් හානියේය. හානියේ, ඉරානයේ තෙහෙරාන් අගනුවර නිවසක සිටිද්දී, පසුගිය ජූලි මාසයේ දී, ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි ඊශ්‍රායලය කිසිදු අවස්ථාවක පවසා නැත. එහෙත්, ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය බව රහසක් නොවෙයි. හානියේගේ ඝාතනයෙන් පසු හමාස් නායකයා වීමට සුදුසුකම් ලැබ සිටියේ යාහ්යා සින්වාර් ය. ඔක්තෝබර් 7 වැනිදා, ප්‍රහාරය සිදුවූයේ ඉස්මායිල් හානියේගේ අනුදැනුම යටතේය. ඒ වනවිට හමාස් බුද්ධි අංශ මෙහෙයවීම කළේ යාහ්යා සින්වාර්ය. ඒ අනුව, ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයේ මහ මොළකරු සින්වාර්ය.

62 හැවිරිදි සින්වාර්, දකුණු දිග ගාසා තීරයේ උපත ලැබූවෙකි. ඔහු හමාස් සාමාජිකයකු වූයේ 1980 දශකයේය. හමාස් සංවිධානයේ බුද්ධි අංශය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද සින්වාර්ය. 1989 වසරේ දී, සින්වාර් ඊශ්‍රායල හමුදාවට හසුවිය. ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනකු පැහැර- ගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනා වලට සින්වාර් වරදකරු විය. ජීවිතාන්ත සිරදඬුවමක් නියම විය.

2011 දී, ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතරේ හිරකරු හුවමාරුවක් සිදුවිය. ඊශ්‍රායල හමුදා සෙබළ ගිලාඩ් ෂාලිට් සිටියේ හමාස් ග්‍රහණයේය. ගිලාඩ් ෂාලිට් නිදහස් කිරීමට, ඊශ්‍රායල බන්ධනාගාරවල සිටි හමාස් සාමාජිකයන් 1,000 ක් මුදාහරින්නැයි හමාස් බල කළේය. ඊශ්‍රායලයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණි. ඒ අනුව, ඊශ්‍රායල බන්ධනාගාරවල සිටි හමාස් සාමාජිකයන් 1,000 කට නිදහස හිමිවිය. යාහ්යා සින්වාර් ද ඒ අතර විය.

නිදහස ලබා යළි හමාස් සංවිධානය සමඟ එක්වුණු සින්වාර්, ඊශ්‍රායල හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර රැසක් එල්ල කළේය. 2011 මැයි මාසයේ, දින 11 ක් තිස්සේ ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර පැවැති ගැටුම්වලදී හමාස් සටන්කාමීන් මෙහෙයවීම කළේ ද සින්වාර් යැයි පැවැසෙයි. 2015 දී, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සින්වාර් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කළේය. එක්සත් රාජධානිය සහ ප්‍රංශය ද සින්වාර්ට සම්බාධක පැනැවීය. ඊශ්‍රායලය, සින්වාර්ගේ හිසට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 4 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට තීරණය කළේය.

2017 සිට ගාසා තීරයේ හමාස් නායකයා ලෙස සින්වාර්ව පිළිගැනුණි. හමාස් සංවිධානයේ ශාඛා ලෙබනනයේත් ඉරානයේත් ඇත. සින්වාර් දැඩි අන්තවාදියෙකි. 2021 දී, තවත් සිවු වසරක් සඳහා ගාසා නායකයා ලෙස සින්වාර් තෝරා ගැනුණි. පලස්තීන වැසියන් ජීවත් වන්නේ, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. මෙම ස්ථාන දෙක එකිනෙකට දුරින් පිහිටයි. බටහිර ඉවුරේ පාලනය ඇත්තේ පලස්තීන පාලන අධිකාරිය යටතේය. පලස්තීන පාලන අධිකාරියට නායකත්වය දෙන්නේ මොහොමඩ් අබ්බාස්ය. හමාස් සංවිධානය, පලස්තීන පාලන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි. සින්වාර්, නිරන්තරයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ඔහුගේ ‘ෆාටා’ දේශපාලන පක්ෂය දැඩි විවේචනය කළ අයෙකි.

හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් බටහිර රටවල් සතුට පළ කර ඇත. සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමතුමක් දී සුබ පැතීමට ද අමතක නොකළ බව පැවැසෙයි. ඇමෙරිකන් උපජනාධිපතිනිය මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්මවීට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන කමලා හැරිස් පවසා ඇත්තේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද්ධය නැවැත්වීමට මෙය හොඳ අවස්ථාවක් බවය. සින්වාර් සිත්පිත් නැති ත්‍රස්තවාදියකු බවත්, ඔහුගේ මරණය සැමට අස්වැසිල්ලක් බවත්, ජර්මන් විදේශ ඇමැතිනි ඇනාලේනා බර්බොක්, ඉතාලි විදේශ ඇමැති ඇන්තෝනියෝ ටජානි නිකුත් කළ නිවේදනවල දැක්වෙයි. හමාස් නායක සින්වාර් මියයෑමත් සමඟ හමාස් ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් වහා නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පෙන්වා දී තිබේ. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් බ්‍රසල්ස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, සින්වාර්ගේ මරණය ගැන දුක් වන කිසිවකු නොමැති බවය.

(*** ලු‍සිත ජයමාන්න - සී.එන්.එන්. ඇසුරිනි)



අදහස් (0)

ඊශ්‍රායල උණ්ඩයෙන් එලොව ගිය හමාස් නායකයා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලංකාවේ ණය අර්බුදයේ හෙට දවස
2024 ඔක්තෝබර් මස 22 207 1

වර්තමානයේදී යළිත් වරක් රජයේ ණය ගැනීම් පිළිබඳ කතාබහක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම මෑතකදී බලයට පත්වූ ආණ්ඩුව පසුගිය දෙසතිය තුළ දේශීය වෙළෙඳපො


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 615 1

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඊශ්‍රායල උණ්ඩයෙන් එලොව ගිය හමාස් නායකයා
2024 ඔක්තෝබර් මස 19 1311 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට සමත් විය. එය හමාස් සටන්කාමීන්ට එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත.


දේශපාලනයේ පිළිකුල් විපර්යාස
2024 ඔක්තෝබර් මස 19 497 0

නොවැම්බර් 14 වැනිදාට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඉකුත් 11 වැනිදා අවසන් විය. එහිදී දැන ගැනීමට හැකි වූයේ ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍ර


පොරොන්දු අමතක දේශපාලනය
2024 ඔක්තෝබර් මස 18 1519 5

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යනුවෙන් ලංකාවේ ප්‍රකට ගැමි වහරක් තිබේ. එහි තේරුම නම් බීජයක් සිටුවීමෙන් පසු ඉන් පැළයක් හටගන්නා මූලිකම අවස්ථාවේ දී අදාළ පැළය


යක්ෂ පරම්පරාවේ අවසන් නවාතැන - යක්කුරේ
2024 ඔක්තෝබර් මස 17 2284 2

යක්කුරේ යනු මෙරට යක්ෂ පරම්පරාව ජීවත්වූ අවසන් ගම්මානයයි. අද යක්කුරේ කියා හඳුන්වන්නේ එදා යක්ෂ පරම්පරාව සිටි නියම ගම නොවේ. ඉහළ යක්කුරේ සහ පහළ යක්කුරේ ලෙස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 782 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site