බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළ ආයෝජනවලින් රුපියල් බිලියන 20ක අලාභයක්
බැඳුම්කර කාලයේ ඊ.පී.එෆ්. එක ආයෝජන කළ මුදල සහ පාඩුව ගැන තොරතුරු විගණනය කරන්න මහ බැංකුව කියා නෑ
කොටස් වෙළෙඳපොළේ සහ බැඳුම්කර වෙළෙඳපොළේ ගනුදෙනු ගැන ප්‍රශ්නකාරි තත්වයක්
සේවකයන්ගෙන් කපා ගන්නා ඊ.පී.එෆ්. මුදල් ආයෝජනය කරන්න ගියාම සියයට 14ක බද්දක් ගහනවා
2010 දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් රුපියල් ලක්ෂ 400ක පාඩුවක්
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර ඇත. වර්ෂ 2022 අවසාන වන විට එහි වත්කම රුපියල් ට්‍රිලියන 3.4කි. 2023 වන විට රුපියල් ට්‍රිලියන 3.9 දක්වා සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වැඩි වී තිබුණි. සියයට අටක් සේවකයාගේ වැටුපෙන් ද සියයට 12ක් සේව්‍යා ද ගෙවිය යුතුය. එවිට මාසිකව සියයට 20ක ප්‍රතිශතයක් මෙම අරමුදලට එකතු වෙයි. 2023 වන විට මෙම අරමුදලට සාමාජිකයන් ලක්ෂ 27කගේ දායකත්වයක් ලැබී තිබුණි.
සේවක අර්ථසාධක අරමුදල මේ වන විට ලංකාවේ ඇති විශාලතම සාමාජික ආරක්ෂණ දායක මුදල වෙයි. මෙම දායක මුදලින් දශමයක ප්‍රමාණයක් වංචා කළත් එය විශාල මුදලකි. මේ තරම් විශාල මුදලක් ඇති සේවක අර්ථසාධක අරමුදල මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇත. ඒ, මෙම අරමුදල බාර කළමනාකාරිත්වය ගත් දුර්වල තීන්දු මත සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමට යාමෙනි. එම දුර්වල තීන්දු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් විශාල වශයෙන් මේ වන විට නාස්ති වී තිබෙන බව වෝහාරික විගණනයකින් ද ඔප්පු වී තිබේ.
මෙරට සිදු වූ බැඳුම්කර කොල්ලය හරහා විශාල පාඩුවක් රටට සිදු වූ බව නොරහසකි. සේවක අර්ථසාධක අරමුදලේ විශාල මුදලක් ද එම වංචාව හරහා අහිමි විය. එම අහිමි වූ මුදල බැඳුම්කර කොල්ලයට වඩා වැඩි බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බැඳුම්කර මත වැරැදි ලෙස ආයෝජනය කිරීමට යාමෙනි.
මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුව හරහා මෙන්ම විශේෂ ජනාධිපති කොමිසමක් හරහා ද විමර්ශනයක් ද සිදු විය. ඒ විමර්ශනයෙන් පසු වාර්තා ද නිකුත් විය. එම වාර්තා දෙක මගින් ද බැඳුම්කර මත ආයෝජනය කිරීමට යාමෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොපමණ මුදලක් අහිමි කරගෙන කොපමණ පාඩුවක් ලබා ඇත්ද? කොපමණ වංචාවක් සිදු වෙලා ද? කියා නිසි තක්සේරුවක් ද කර තිබුණේ නැත. එහෙත්, විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කර තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ අක්‍රමිකතා සිදු වී ඇති බවය. එම අක්‍රමිකතා සොයා බැලීමට වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවය.
විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශය මත ඉල්ලූ වෝහාරික විගණන වාර්තාව එළිදක්වන්නේ 2019 වසරේදීය. එම විගණනයෙන් පසු සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළ ආකාරය ගැන හෙළි විය. අදාළ විගණනය විගණන වාර්තා පහකින් නිකුත් විය. ඉන් වාර්තා දෙකක් මගින් පෙන්වා දුන්නේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ සහ බැඳුම්කර මත ආයෝජන කර ඇති ආකාරය ගැනය. මෙම මුදල් කොටස් වෙළෙඳපොෙළ් ආයෝජනය කිරීම ගැන සෙවීමේදී 2002 සිට 2018 දක්වා කළ ආයෝජන ගැන විමර්ශනය කර තිබුණි. එහෙත්, බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජන සහ ගනුදෙනු කළ ආකාරය ගැන විමර්ශනය කර තිබුණේ 2002 සිට 2015 පෙබරවාරි මාසය වන තෙක් පමණි. ඒ, මහා පරිමාණ බැඳුම්කර වංචාව සිදු වූ 2015 පෙබරවාරි 27 දිනට පෙර දින තෙක් පමණි. 2015 පෙබරවාරි මාසයෙන් පසු මහ බැංකු බැඳුම්කර වංචාවේ තොරතුරු විගණනය නොවූයේ එම තොරතුරු එළියට යාම වළක්වා ගැනීමට මහ බැංකුවේ නිලධාරීන් තීරණය කළ නිසා දැයි දන්නේ නැත. ඒ ගැන සොයා බැලිය යුත්තේ ඉහළ බලධාරින් විසිනි.
මේ වෝහාරික විගණනය කර තිබුණේ පෞද්ගලික අංශයට අයත් විගණන සමාගම් දෙකක් විසිනි. මේ විගණනය කිරීමට එම සමාගම් සඳහා අදාළ කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව (Monetary Department) මගින් 2002 සිට 2015 පෙබරවාරි කාල සීමාව දක්වා පමණක් වෝහාරික විගණනයක් කිරීමට තීන්දු කර අදාළ විගණන සමාගම් වෙත නිර්දේශ ලබා දී ඇත. ඒ අනුව 2015 පෙබරවාරියෙන් පසු සිදු වූ බැඳුම්කර වංචාව ගැන විගණනයක් සිදු වන්නේ නැත. මන්ද, මහ බැංකු වංචාව සිදු වූයේ ද බැඳුම්කර වෙළෙඳපොළේම නිසාවෙනි. එම බැඳුම්කර වංචාවේ තොරතුරු හෙළි වේවි යන සැකය මත ශ්‍රී ලංකා මහ බැංකුව කාල සීමා පනවා ගත්තා ද කියා දන්නේ නැත.
2015 පෙබරවාරියේ සිට 2016 මාර්තු දක්වා බැඳුම්කර ගනුදෙනුවලින් අක්‍රමිකතා සිදු වූ බවට විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් ද පෙන්වා දී ඇත. එහෙත්, මෙම බැඳුම්කර මත සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ද ආයෝජනය කර ඇත. ඒ අනුව, එම අරමුදලේ මුදලට වටිනාකමක් ලැබුණ ද, සිදු වූ පාඩුව කොපමණද, අලාභයක් හෝ අක්‍රමිකතාවක් හෝ සිදු වුණාද කියා සොයා බැලීමක් කර නැත. වෝහාරික විගණනයෙන් බැඳුම්කර වංචාව සිදු වූ කාලයේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජන කළ ආකාරය හෙළි වූයේ නැත. එහෙත්, මෙම වෝහාරික විගණන වාර්තාවට අනුව එය සිදු කළ අවුරුදු කිහිපයට පමණක් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ සහ බැඳුම්කර වෙළෙඳපොළේ කළ ගනුදෙනු හේතුවෙන් රුපියල් බිලියන 20කට ආසන්න පාඩුවක් සිදු වී තිබෙන බව පෙන්වා දී ඇත.
වෝහාරික විගණන වාර්තාවට අනුව 2002 සිට 2015 දක්වා අක්‍රමවත් බැඳුම්කර වෙළෙඳපොළ ගනුදෙනු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 9,826ක පාඩුවක් සිදු වී ඇත. කොටස් වෙළෙඳපොළේ අක්‍රමවත් ගනුදෙනු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ පාඩුව රුපියල් මිලියන 9,826කි. මිලියන 9,470ක ලැයිස්තුගත කොටස් සහ 1998 සිට 2017 දක්වා ලැයිස්තුගත නොකළ කොටස්වලින් සිදු වූ පාඩුව රුපියල් මිලියන 389කි. ඒ අනුව බැඳුම්කර වෙළෙඳපොළේ සහ කොටස් වෙළෙඳපොළේ යන දෙඅංශයේම අක්‍රමවත් ගනුදෙනුවලින් පැන නගින මෙම පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 20කි. මෙම පාඩුව සිදුව ඇත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවේ පාඩුව ද ගණනය කර නොමැති පසුබිමක වීම ද විශේෂත්වයකි.
සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 20කට ආසන්න මුදලක් පාඩු වීමට හේතු වී තිබෙන්නේ වැරැදි තීන්දු මත මුදල් ආයෝජනය කිරීමට යාමෙනි. ඒ බව වෝහාරික විගණන වාර්තාවෙන් ද පෙන්වා දී ඇත. යුද්ධය නිම වීමෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ (2009 වසරේදී) ලෝකයේ ASP දර්ශකය 125කට වඩා වර්ධනය වී තිබූ හොඳම කොටස් වෙළෙඳපොළ බවට පත් විය. එය 2010 වසරේදී සියයට 96ක වර්ධනයක් සිදු විය.
මේ තරම් කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් සිදු වන විට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කොට උපයාගෙන ඇත්තේ 2009 වසරේදී සියයට 3කි. 2010 වසරේදී සියයට 4කි. 2010 වසරේදී පමණක් සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ පමණක් වැරැදි ලෙස ආයෝජනය කිරීමෙන් රුපියල් බිලියන 40ක් පාඩු ලබා ඇත. මෙම පාඩුව හෙළිවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල ගැන Verite Research (Pvt.) Ltd. සිදුකළ ප්‍රසිද්ධ කළ පර් යේෂණ වාර්තාවක් මඟිනි.
එසේම, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් විවිධ ආයතන කොටස් මත ද ආයෝජනය කර ඇත. එම ආයතන කොටස් මත අරමුදලේ මුදල් ආයෝජනය කිරීමට යාමෙන් විශාල මුදලක් පාඩු වී ඇති බව වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත. එලෙස පෞද්ගලික සහ රාජ්‍ය ආයතන 17ක කොටස් මිලදීගෙන සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර තිබුණි. මෙම ආයෝජනය කර තිබුණේ මහ බැංකුව ඇතුළේම සිටින ඉහළ නිලධාරීන්ගේ වුවමනාවට බවත්, එම නිලධාරීන්ගේ නම් සහ තනතුරු ද වෝහාරික විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ එක් එක් ආයතනවල සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර ඇති ආකාරය ගැන වෙන වෙනම විගණනයක් සිදු කර තිබේ. මෙම විගණනයෙන් පෙන්වා දෙන පරිදි කොටස් ආයෝජනය කළ එක් සමාගමක කොටස් මිල ගණන් 2009 අප්‍රේල් මාසයේදී තිබී ඇත්තේ රුපියල් 17කටය. එහෙත් 2011 ජුලි මාසය වන විට එම එක් කොටසක් රුපියල් 209 දක්වා වැඩි වී ඇත. සේවක අර්ථසාධක අරමුදල මගින් එම සමාගමේ කොටස් මිලදී ගන්නේ රුපියල් 17ට තිබුණ කාලයේදී නොව රුපියල් 209ක පැවැති කාලයේදීය. මෙය මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ගත් වැරැදි තීන්දුවක් බව වෝහාරික විගණනය මගින් පෙන්වා දී ඇත. මෙලෙස නිසි කළමනාකරිත්වයකින් තොරව මුදල් ආයෝජනය කර ඇති අතර, එමගින් විශාල පාඩුවක් සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති බව වෝහාරික විගණන වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී ඇත.
මේ සියලු තොරතුරු ගැන Verite Research (Pvt.) Ltd. තොරතුරු දැනගැනීමේ පනත හරහා 2015 පෙබරවාරි සිට 2016 මාර්තු දක්වා වූ බැඳුම්කර ගනුදෙනුවේ සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා තිබුණි. එහෙත්, ඊට ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. මේ නිසා මෙතෙක් කළ සෑම ගනුදෙනුවකම ගැටලුකාරි තත්වයක් තිබෙන බව එම ආයතනය පෙන්වා දෙයි. විනිවිදභාවයකින් තොරව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ සහ බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට යාමෙන් මෙම අරමුදල සතු රුපියල් ට්‍රිලියන 3.9ක මුදල අනතුරේ බව එම ආයතනය පෙන්වා දෙයි.
මෙම ට්‍රිලියන 3.9 ශ්‍රී ලංකා මහ බැංකුව සතු දේපළක් නොවේ. මෙය මෙරට පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන්ගේ දහද්‍ිය මහන්සියෙන් ඉතිරි කළ මුදල්ය. එම මුදල නිසි ලෙස කළමනාකරණය කොට ආරක්ෂා කිරීම පමණක් මහ බැංකුවට පැවැරී ඇති වගකීමකි. එසේ නම්, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් 2015 -2016 දී සිදු කර ඇති පාඩුව සෙවීමට වෙනමම වෝහාරික විගණනයක් සිදු කළ යුතුමය. 2015 බැඳුම්කර වංචාව ගැන සෙවීමට වෝහාරික විගණනයක් කරන ලෙස විශේෂ ජනාධිපති කොමිසම හරහා මහ බැංකුවට නිර්දේශ ලබා දෙන්නේ ද සේවක අර්ථසාධක අරමුදලේ මුදලට සිදු වූ වංචාව ගැන සෙවීමටය. එහෙත් එම නිර්දේශය ද ක්‍රියාත්මක වූයේ නැත.
බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුව කළ විමර්ශනයේදී පෙන්වා දී තිබුණේ මෙම ගනුදෙනුව මගින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සිදු වූ වාසිය ගැන පමණය. එහෙත්, එම ගනුදෙනු මගින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල්වලට සිදු වූ පාඩුව මෙපමණ යැයි ඍජුවම කෝප් කමිටුවේ හෝ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තා මගින් හෝ පෙන්වා දී තිබුණේ නැත. මහ බැංකු වංචාවෙන් හෝ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනයට යාමෙන් සිදු වූ පාඩුවෙන් බලධාරීන් තවමත් පාඩමක් ඉගෙන ගෙන නැත. එහෙයින්, කොතරම් පාඩු වුව ද සේවක අර්ථසාධක අරමුදලේ මුදල් දිගින් දිගටම කොටස් වෙළෙඳපොළේ සහ බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීම මේ වන විටත් සිදු වන බව නම් කිව යුතුය.
එහෙයින්, සේවක අර්ථසාධක අරමුදල මගින් බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළේ කරන ආයෝජනවල විනිවිදභාවය ගැන මේ වන විට ගැටලුකාරි තත්වයක් ඇති වී තිබේ. ඒ, එම අරමුදලේ මුදල් ආයෝජනය කරන ආකාරය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තොරතුරු ලබා නොදීම නිසාය. මේ ගැන Verite Research (Pvt.) Ltd. තොරතුරු දැනගැනීමේ පනත හරහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අදාළ සියලු ගනුදෙනු ගැන තොරතුරු ඉල්ලන්නේ ඒ අනුවය. එහෙත්, තොරතුරු වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බවත්, වෙළෙඳපොළ ගනුදෙනු සංවේදී කාරණා අඩංගු බවත් පෙන්වා දෙමින් තොරතුරු ලබා දෙන්නේ නැත. ලියාපදිංචි අංක 0020/17 යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ එවකට නියෝජ්‍ය අධිපති, වත්මන් මහ බැංකු අධිපති, ආචාර්ය පී.එන්. වීරසිංහ 2017-06-06 දින Verite Research (Pvt.) Ltd. වෙත ඒ බව දැනුම් දෙයි. මේ ගැන නැවත Verite Research (Pvt.) Ltd. 2017 වසරේදී තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත පැමිණිලි කොට තොරතුරු ඉල්ලා ඇත.
එම පැමිණිල්ලට අනුව 2018 වසරේදී තොරතුරු දැනගැනීමේ කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දෙන්නේ Verite Research (Pvt.) Ltd. ඉල්ලූ තොරතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇත. එසේම, මහ බැංකුවේ වාර්ෂික ගිණුම් වාර්තාවල අදාළ ගනුදෙනුවල සියලු තොරතුරු ඇතුළු කරන ලෙස ද දන්වා ඇත. ඒ බව එම කොමිසමේ වෙබ් අඩවියේ ද ප්‍රසිද්ධ කර තිබේ.
මේ තොරතුරු එළියට නොදැමීම ගැන එම්.එ්. සුමන්තිරන් මන්‍ත්‍රීවරයා ද 2023 වසරේදී කෝප් කමිටුවට ගෙන්වූ මහ බැංකු නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කර ඇත. එහෙත්, ඊට පිළිතුරු දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර නැති බව 2023-07-01 දින පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ මෙසේ වුවත් වෙනත් රටවල නම් මෙවැනි සමාජ ආරක්ෂණ මුදල් මගින් කරන සියලු ගනුදෙනු ගැන සියලු තොරතුරු මහජනයාට දැනදැනීම පිණිස ප්‍රසිද්ධ කරයි. ලංකාවේ එසේ නොවීම එක් පැත්‍තකින් ගැටලුවකි.
එසේ නම්, ලංකාවේ එසේ නොවන්නේ මේ වන විටත් සිදුවන මෙම ගනුදෙනුවල විනිවිදභාවය ගැන ගැටලුවක් පවතින නිසා දැයි සොයා බැලිය යුතු කරුණකි. සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු ගැන ආයෝජන ගැන වාර්ෂික ගිණුම් වාර්තාව සෑම වසරක්ම අවසානයේ මාස තුනක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. එහෙත්, 2023 වසරේ වාර්ෂික ගිණුම් වාර්තාව මේ වන විටත් ඉදිරිපත් කර නැත. මේ වන විට සේවක අර්ථසාධක අරමුදලට බදු ගැසීමට ද පැවැති ආණ්ඩු ක්‍රියා කර ඇත. ඊට පළමුව සියයට 10ක බදු ගහන්නේ 1989 වසරේදීය. 2018 සිට සියයට 14ක බදු මුදලක් අයකර තිබේ. මාසයකට රුපියල් ලක්ෂයකට අඩු කෙනෙක් බදු ගෙවන්නේ නැත. සේවක අර්ථසාධක අරමුදලට වැඩිපුරම දායක වී තිබෙන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු වැටුපක් ගන්නා පිරිසකි. එවැනි පිරිසක් ජීවිත කාලයම රැකියාව කොට හම්බ කරගන්නා මුදලින් කපා ගන්නා අරමුදලේ මුදල් ආයෝජනය කරන විට ඊට සියයට 14ක පොලියක් අය කිරීම බලවත් අසාධාරණයකි.
IMF යෝජනාවක් මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු විය. එම යෝජනා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළේ සේවක අර්ථසාධක අරමුදලේ පමණි. 1998 සිට ලෝකයේ රටවල් 14ක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කොට ඇත. එම රටවල් වෙනත් ණය ප්‍රතිව්‍යුහගත කර බැරිම අවස්ථාවක මෙවැනි අරමුදල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමටකට ඉදිරිපත් වී ඇත. එහෙත්, ලංකාව පමණක් සේවක අර්ථසාධක අරමුදල පමණක් ඉලක්ක කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අත ගසා ඇත. ඒ හරහා සේවක අර්ථසාධක අරමුදලට දැඩි හානියක් වී ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල ඊට දායක වුණේ ස්වෙච්ජාවෙන් බවට පැවැති ආණ්ඩුව එකල ප්‍රකාශ කළේය. මේ මුදල් අයිති මෙරට වැඩ කරන ජනතාවටය. එසේ නම්, එම මුදල් භාරව සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවය. මහ බැංකුව මුදල්වල භාරකාරයා මිස අයිතිකරුවා නොවේ. එවන් පසුබිමක ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට දායක කරගන්නේ කෙසේ දැයි යන්න ගැටලුවකි.
මහ බැංකුවෙන් පිළිතුරු නැහැ
අපි මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහගෙන් ද විමසීමට කතා කළ ද, ඊට ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ දුරකතන 0112477648, 0112477132, 0112477214, 0112477669, 0112346304 යන අංක සියල්ලටම ගත්ත ද, ඒවා ෆැක්ස් යන්ත්‍රයට සම්බන්ධ කර ඇත.
කම්කරු අයිතීන් තහවුරු කරනවා
අධිකරණ, ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී ප්‍රකාශ කළේ, ඉදිරියේදී මේ සියලු කාරණා ගැන සොයා කම්කරු අයිතීන් තහවුරු කරන බවය. කම්කරු අමාත්‍යාංශය සඳහා අලුත් ලේකම්වරයා ලෙස එස්.එම්. පියතිස්ස මහතා 19 වැනිදා පත්ව තිබූ අතර 20 දා පියතිස්ස මහතාගෙන් නැවත විමසීමක් කළද ඒ මහතා වැඩ බාරගෙන තිබුණේ නැත.
මේ සියලු කාරණා ගැන ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයාට මෙන්ම කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාටද පිළිතුරු දීමේ අයිතිය තවමත් විවෘතව පවතී.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ