IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


උගතුන් උපන් රට හැරයෑම

විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන පුවත් මේ දිනවල වැඩියෙන් අසන්නට ලැබේ. මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බුදය නිසා උද්ගතව ඇති පීඩනය බලපා තිබේ. පුද්ගලයන්ට වඩාත් වැදගත් වන්නේ තමන්ගේ සතුටයි. සංතෘප්තියයි. 

එනිසා මුලින් තමන් සතුටට පත් වී සිටිය යුතුය. සේවය කරන රැකියා ස්ථානය හා එහි පරිසරය ලැබෙන වැටුප මේ සියල්ල පුද්ගලයාගේ සතුටට බලපායි. වෘත්තිකයන් ලබන වැටුපට අදාළව මෑතක දී සංශෝධනය කරන ලද ආදායම් බද්ද නිසා බොහෝ අය පීඩාවට පත්ව සිටිති.

සියලු දෙනාම බදු ගෙවිය යුතුය. එහෙත් බදු අය කිරීමේ දී නිශ්චිත ව්‍යුහයක් තිබිය යුතුය. බදු පැනවිය යුත්තේ එම ව්‍යුහය අනුවය. එසේ කරන්නේ නම්, සමාජයේ සියලු දෙනා බදු ගෙවීමට යටත් වෙති. කෙසේ වෙතත් ලංකාවේ දැන් ක්‍රියාත්මක වන බදු ක්‍රමය සමාජයේ සියලු දෙනා ආවරණය කරන්නක් නොවන අතර විශාල පිරිසක් බදු දැලෙන් නිදහස්ව සිටිති.

සාධාරණ බදු ක්‍රමයක දී විශාල වශයෙන් ආදායම් උපයන්නන්ගෙන් වැඩි බදු මුදලක් අය කර ගත යුතුය. සෙසු අයට තමන් උපයන ආදායමට සරිලන බද්දක් පැනවිය යුතුය. අනෙක් වැදගත්ම කාරණය නම්, තමන් ගෙවූ බද්දෙන් සිදු වූයේ කුමක් ද යන්න බදු ගෙවන්නාට දැක ගත හැකි විය යුතුය. රජය අය කරන බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ සමාජයේ යහපත පිණිස නොවේ නම්, බදු ගෙවන්නෝ කලකිරීමට පත් වෙති.

රට හැර යන්නෝ වැඩ කළ හැකි මිනිස්සුය. භාණ්ඩ හා සේවා යන අංශවල තාක්ෂණික කුසලතාවක් සහිත රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දැනටමත් උර දී සිටින පිරිස් රට හැර යති. පවතින අසතුට ඊට බලපා තිබෙන ප්‍රධාන හේතුවයි. විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ හා කාර්මික අංශවල සේවය කරන අය රටට වටිනාකම් එකතු කරති. ඔවුන් රට හැර යන විට ශ්‍රී ලංකාවේ වටිනාකම අඩු වේ. එබැවින් රටට වටිනාකම් එකතු කරන මිනිසුන් රැක ගැනීම සඳහා රජයට වැඩපිළිවෙළක් තිබිය යුතුය. එවැන්නක් තිබෙන බවක් නොපෙනේ.

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව යනු මූලික මිනිස් අවශ්‍යතා හතරකි. ඒවා සැපයීම රජයක ප්‍රධාන වගකීමකි. පුද්ගලයන්ට මේ දේවල් නිසි පරිදි ලැබෙන්නේ නම්, ඔවුහු සිය බුද්ධිමය හා ශ්‍රම දායකත්වය රටට ලබා දෙති. ඒ වෙනුවෙන් සාධාරණ වැටුපක් ලැබෙන විට ඒ වැටුපෙන් රජයට බදු ගෙවීම ද සිදු වේ. එසේ ගෙවන බදු මුදල් යෙදවිය යුත්තේ ඉහත සඳහන් කළ මූලික අවශ්‍යතා සහතික කිරීමටය. රජය කරවන කණ්ඩායම එනම්, ආණ්ඩුවෙන් එවැනි වගවීමක් ප්‍රදර්ශනය විය යුතුය.

එහෙත් වර්තමානයේ දී එවැනි වගවීමක් පෙනෙන්නට නැත. බුද්ධිගලනය පිළිබඳ ප්‍රශ්නය මෙතරම් උග්‍ර වීමට ද එය හේතුවකි. ලංකාවේ දැන් වාර්තා වෙමින් තිබෙන්නේ නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ඉහළම බුද්ධිගලනයයි. වත්මන් ආණ්ඩුව මේ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දරනවා වන්නට පිළිවන. එසේ වුවත් කාලයක් තිස්සේ ඔඩු දුවමින් තිබූ මේ ප්‍රශ්නය දැන් එහි අවසාන ඉම කරා පැමිණ තිබේ.

බුද්ධිගලනයට පාදක වී තිබෙන එකම හේතුව ආර්ථික අර්බුදය නොවුණත් සෙසු සියලු ප්‍රශ්න උද්ගතව තිබෙන්නේ ආර්ථික අර්බුදයේ බලපෑම මතය. මිනිසුන්ගේ අංක එකේ අවශ්‍යතාව ආහාරයි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ පුද්ගලයන්ට ආහාර සඳහා වැඩි වියදමක් දැරීමට සිදු ව තිබේ. අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදු ව ඇත. මෙයින් වැඩිමනත් බලපෑමක් එල්ල වන්නේ ඊළඟ පරම්පරාවටයි. මේ ආර්ථික අර්බුදය නිසා සෙසු සියලු ප්‍රශ්න නිර්මාණය වී තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන් සමාජයේ අපරාධ ජාවාරම් ආදිය ද ඉහළ ගොස් තිබේ. මේ සන්දර්භයේ පුරවැසියන්ට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ද මතු වී තිබේ.

වෘත්තීන් සඳහා විදේශගත වන්නන්ට ඒ ඒ වෘත්තීන් පිළිබඳ දැනුමක් පළපුරුද්දක් තිබේ. රටේ ආර්ථික ප්‍රශ්න නැති නම් ඒ අය පිටරට පදිංචියට යෑමට පෙළැඹෙන්නේ නැත. ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳෙමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන විට විවිධ කුඩා වෘත්තීන්වල නිරත විශාල පිරිසකගේ ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රිය වේ. එහෙත් වෘත්තිකයන් රට හැර දා යන විට ක්ෂුද්‍ර මට්ටමින් ආර්ථික ක්‍රියාවලියේ නිරත වන අයට ද විශාල බලපෑමක් එල්ල වේ.

විදේශගත වන වෘත්තිකයන්ට ලංකාවට මුදල් එවීමේ අවශ්‍යතාවක් නැත. මන්ද, ඔවුන් උපයන ආදායම් මත පමණක් යැපෙන ඥාතීන් නොමැති හෙයිනි. බහුතරයක් විදේශගත වන වෘත්තිකයෝ ලංකාවේ සිටින තමන්ගේ ඥාතීන් වෙත මුදල් එවනවා වෙනුවට රටේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානවලට මුදල් එවති. ආබාධිත දරුවන්ගේ අවශ්‍යතාවලට පිටිසර පාසල් දියුණු කිරීමට දුප්පත් දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීමට ඔවුහු වැඩි අවධානයක් යොමු කරති.

ඊට වෙනස්ව ගෘහ සේවිකාවන් වශයෙන් විදේශගත වන අයගේ තත්ත්වය ඉතාමත් බැරෑරුම්ය. ඔවුන් විදේශගත වන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා නිසාය. විදේශවල දී ඔවුහු විවිධ අනතුරුවලට මුහුණපාති. ගෘහ සේවයට පිට රටවලට ඇදී යන්නේ ලංකාවේ මීළඟ පරම්පරාවේ මවුවරුන්ය. අපේ මවුවරුන්ගේ තරුණියන්ගේ ජීවිත එවැනි අවදානමකට ලක් කරන්නේ ද යන්න ගැන අපි මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතු වෙමු. එය රාජ්‍ය ප්‍රතිපත්තියේ ක්ෂේත්‍රයට ගෙන සාකච්ඡා කළ යුතුය. අපට බොහෝවිට අසන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව දුප්පත් රටක් නිසා මවුවරුන් තරුණියන් මුදල් සෙවීම සඳහා විදෙස්ගත වන බවය.

ශ්‍රී ලංකාව එසේ දුප්පත් රටක් කියා ලේබල් ගසා ගත යුතු නැත. අපේ රට දියුණු කළ හැකි රටකි. එසේ දියුණු වන්නට ඉඩ නොදෙන රටකි. මවුවරුන් හා මීළඟ පරම්පරාවේ මවුවරුන් වීමට සිටින තරුණියන් ගැන රජය කරවන ආණ්ඩුව මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ වගකීම කර ඇර ඇති බවක් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය වැඩි වශයෙන් ඔවුන්ගෙන් ලැබෙන නිසාත් ඔවුන් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුය.

විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල සේවය කරන ආචාර්යවරු ද රට හැර යමින් සිටිති. එය දරුණු තත්ත්වයකි. ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ආචාර්යවරුන් විශ්වවිද්‍යාල පද්ධතිය සතුව නොමැත. ලංකාවේ මේ වන විට විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කර තිබේ. ඒ අතරට අලුතින් තාක්ෂණික විශ්වවිද්‍යාල ද පිහිටුවා තිබේ. එය හොඳ ප්‍රවණතාවකි. ප්‍රමාණවත් ආචාර්යවරුන් සිටීම ද වැදගත්ය. ආචාර්යවරුන් හිඟ හෙයින් එක් ගුරුවරයකුට වැඩි සිසුන් පිරිසකට ඉගැන්වීමට සිදුව ඇත. එහෙත් අප සෑම විටම උත්සාහ කරන්නේ රටේ ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල සිදු වන ක්‍රියාවලීන්හි බලපෑම ආවරණය කර ශිෂ්‍යයන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටය.

උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළු වූ පසු ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත් යහපත් පුරවැසියන් බවට පත් කිරීමටත් ඔවුන් පසුපස ආචාර්යවරුන් සිටිය යුතුය. ගුරුවරුන් ශිෂ්‍යයන් සමීපයේ සිටිය යුතුය. එසේ නොමැතිව සියලු දේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම පමණක් ප්‍රමාණවත් නොවේ.

ශිෂ්‍යයකු විශ්වවිද්‍යාලයකට ඇතුළු වූ පසු අවුරුදු තුනක් හෝ හතරක් හෝ ඉගෙන ගෙන උපාධිය ලබා ගැනීම දක්වා ඔවුන්ව සංවර්ධනය කිරීමට ඔවුන් වටා සිටින ආචාර්යවරු විශාල වැඩකොටසක් කරති. එය සිදුවන්නේ ඔන්ලයින්වලින් නොව ගුරු-සිසු භෞතික සබඳතාවලිනි. මෙවැනි සන්දර්භයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදේශගත වීම බරපතළ ප්‍රශ්නයකි.

විශ්වවිද්‍යාලවල භෞතික හා මානව සම්පත් වැඩි දියුණු නොකර අධ්‍යයන වර්ෂයක් සඳහා ඇතුළත් කර ගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කර තිබේ. ආර්ථික අර්බුදය උද්ගත වූ පසු අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. සේවය හැර යන අයට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය තිබෙන්නේ ආයතන ප්‍රධානීන්ටය.

විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් ඇත්තේ සුළු පිරිසක් පමණි. එසේවුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු යම් පිරිසක් මේ වන විට සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගත වී සිටිති. එහෙත් ඔවුන් රැකියාවෙන් ඉවත්ව නැත. රටේ තත්ත්වය යහපත් වනු ඇතිය යන ආකල්පය ඔවුන්ට තිබේ. එබැවින් ඔවුන් යළි ලංකාවට පැමිණෙනු ඇත.

මේ තත්ත්වය වෙනස් කිරීමේ දී මිනිසුන්ට අලුතින් බලාපොරොත්තු දිය යුතුය. වෙසෙසින්ම දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගැනීම පිණිස ඒවායෙහි නරත පිරිස්වලට උදව් කළ යුතුය. එහිදී ප්‍රමුඛාවධානය යොමු කළ යුත්තේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමටය. එසේම බදු ප්‍රතිපත්තිය තවදුරටත් අධ්‍යයනය කර එය වෙනස් කළ හැකි නම් යහපත්ය.

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට ගෙන ඇති තීරණය හොඳ එකකි. දියුණු රටවලත් ඒ තත්ත්වය දැකිය හැකිය. පුරවැසියන්ගෙන් එකතු කරන බදු මුදල් පෙරළා සමාජ සුබසිද්ධිය පිණිස යෙදවීමත් සිදු විය යුතුය. එය කළ යුත්තේ විනිවිද පෙ​ෙනන ආකාරයටය. මේ දේවල් කළ හැකි නම්, බොහෝ ප්‍රශ්න විසඳිය හැකි බව මගේ මතයයි.

මොරටුව විශ්වවිද්‍යාල​යේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශයේ ආචාර්ය ඉනෝකා මන්තිලක

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ



අදහස් (4)

උගතුන් උපන් රට හැරයෑම

saman Tuesday, 26 September 2023 04:39 PM

අද "බදු බර" නිසා රට හැර යන වෘත්තිකයින් නගන එක් මැසිවිල්ලක් නම්, තමන් ගෙවූ බද්දෙන් සිදුවූයේ කුමක් ද යන්න තමන්ට දැකගත නොහැකි වීමයි. නමුත්, රටේ පවතින විශ්ව විද්‍යාල ඇතුළු නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, මාර්ග නඩත්තුව වැනිදේ ඒවායින් සිදුවන බවට ඇස් පනාපිට පෙනෙන්නට තිබේ. එමෙන්ම, ඔවුන් විදේශගත වූ පසු, ඒ රටවල බදු ගෙවීම කිසිම මැසිවිල්ලක් නොනගා සිදුකිරීම විශේෂ කරුණක්... ඇත්ත තත්වය නම්, මේ රටේ ආර්ථික බර තවමත් වැඩි වශයෙන් ඇදගෙන යන්නේ සංචාරක, තේ නිෂ්පාදනය, ඇඟලුම්, කෘෂිකර්මය වැනි කර්මාන්ත මගිනුයි. අද රට හැර යන උගතුන්ගෙන්, මේ ව්‍යාපාරවලට ඇති බලපෑම ඉතා සුළු බැවින්, ඔවුන් රට හැර ගියත්, නැතත් එයින් ආර්ථිකයට ඇති බලපෑම සුළු බවයි මගේ අදහස...!

:       3       15

Deepal Nirosh Tuesday, 26 September 2023 07:14 PM

උගතුන් රට හැර යාම 1960 දශකයේ සිටම ඇරඹී අද වනවිට එය ශීඝ්‍ර වර්ධනයක් කරා පැමිණ තිබෙන බව ඇත්ත. ක්‍රියාත්මක නව බදු ප්‍රතිපත්තිය ඊට මනා පිටිවහලක් වී ඇතත් එය එකම හෝ ප්‍රධාන හෝ හේතුව නොවේ. මූලික හේතුව රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේදයයි. අද පාසල් යන දරුවන් කුඩා කල සිටම අධ්‍යාපනය ලබන්නේ කෙසේ හෝ අනාගතයේ විදේශ රටකට සංක්‍රමණය වීම ඉලක්කකර ගෙනයි. ඒ මිසක් රට ලෝකයා ගැන පුළුල් අවබෝධයකින් නොවෙයි. මේ ප්‍රවණතාවයේ ප්‍රසාරණයක් මිසක් සංකෝචනයක් නුදුරු අනාගතයේ අපේක්ෂා කළ නොහැකියි.

:       0       6

විදෙශිකයා Thursday, 28 September 2023 04:00 AM

කාලෝචිත හා වැදගත් ලිපියක්. "විදේශගත වන වෘත්තිකයින්ට ලංකාවට මුදල් එවීමේ අවශ්‍යතාවක් නැත. මන්ද, ඔවුන් උපයන ආදායම් මත පමණක් යැපෙන ඥාතීන් නොමැති හෙයිනි." කියමන හරියට හරි... වගකිය යුත්තන් මෙය තේරුම් ගත්තු දවසට පරක්කු වැඩියි. රට වසර 10-15 වත් පස්සට යාම වළක්වා ගන්න බැහැ...!

:       1       7

රවී Tuesday, 03 October 2023 10:29 AM

සමාජයීය කාරණා නිසාද වෘත්තිකයින් රටින් බැහැර වෙනවා. මානසික නිදහස නැතිවීම. විවාහ ජිවිතයට නෑදෑයින්ගේ බලපෑම් ආදිය. මම දන්නා උගත් යුවලක් රටින් පිටවුනේ සැමියාගේ නිවසේ අයිතිය වෙනුවෙන් ඔහුගේ සහෝදරියන්ගේ අසීමිත මානසික පීඩා ඉවසන්න බැරිම තැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 137 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 795 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1320 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 182 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 416 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 585 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site