IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උතුරෙන් තැටියේ මාරුවක්?

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පැවැත්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය පවසා තිබුණේ එහි කිසිදු වැදගත් දෙයක් නොතිබූ බවය.

එහෙත් එහි අලුත් යමක් තිබිණි. කිසිදා ජාතික සංහිඳියාව හා ජාතිවාදය ගැන කතා නොකරන ජනාධිපතිවරයා සංහිඳියාවේ අවශ්‍යතාව විශේෂයෙන් අවධාරණය කරමින් තමන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බව පැවසීය. ඔහු ප්‍රතික්ෂේප කරන බව පැවසුවේ යම් නිශ්චිත ජන කොට්ඨාසවල ජාතිවාදයද නැත්නම් පොදුවේ ජාතිවාදයද යන්න පැහැදිලි නොවූවද එය අලුත් දෙයකි. වෙනත් වැදගක් අවස්ථාවලදී තමා සිංහල, බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත් වූ බව පවසන ජනාධිපතිවරයා සංහිඳියාව ගැන කතා කිරීමද අලුත් දෙයකි.

එසේම එම කතාවේදී ඔහු උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන දෙමළ නායකයන්ගෙන් එම ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා සහයෝගය ඉල්ලා සිටියේය. එහෙත් එදිනම ජනවාර්ගික ප්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් දෙන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන ලෙස ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ වෙත විශේෂ ලිපියක් භාර දුන්හ.

උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා දෙමළ නායකයන්ගෙන් සහාය ඉල්ලීමෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කළේ කුමක්දැයි වටහා ගැනීම දුෂ්කරය. 2020 ඔක්තෝබර් මාසයේදී සම්මත කර ගන්නා ලද 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා මෙරට දේශපාලනයේ සර්ව බලධාරියකු බවට පත් කරනු ලැබ සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොලැබුවද අවශ්‍ය වෙලාවට එම බලයද ලබා ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබේ.  එසේ තිබියදී ජනාධිපතිවරයා දෙමළ දේශපාලනඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමන  සහයෝගයක්ද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් වෙනත් පක්ෂ දෙමළ පක්ෂ සමග සහයෝගීව කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස පොදුජන පෙරමුණ නිතර දකිද්දී, 2010 දී හා 2019 දී තමන් සිංහල ජනතාවගේ සහායෙන් පමණක් බලයට පත් වූ බව උද්දාමයෙන් ප්‍රකාශ කළ රාජපක්ෂවරුන්ගෙන් කෙනකු දෙමළ පක්ෂවල සහාය නාමිකව හෝ අපේක්ෂා කිරීම විශේෂත්වයකි.

එහෙත් එම ඉල්ලීම අවංක ඉල්ලීමක් වුවද ආණ්ඩුවට සහාය දෙන තත්ත්වයක් දෙමළ පක්ෂවල නායකයන්ට නැත. ඊට එක් හේතුවක් වන්නේ පොදුජන පෙරමුණ ආණ්ඩුව මෙතෙක් දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරයයි. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් හා ඒ පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය හාත්පසින්ම එකිනෙකට විරුද්ධය.

අනෙක් අතට කුමන පක්ෂයක් බලයේ සිටියද ආණ්ඩුව දෙමළ ජනතාවට එරෙහි යැයි දෙමළ නායකයන් දශක ගණනාවක් පුරා දෙමළ ජනතාව තුළ ගොඩනැගූ මතවාදය ඔවුන් ආණ්ඩුවට සහාය දීමට එරෙහි වනු ඇත. දෙමළ ජනතාව තුළ ඇති රාජපක්ෂ විරෝධයේ තරම ඉතා හොඳින් පෙනුණේ ඔවුන් 2010 දී කොටි සංවිධානය විනාශ කළ ශ්‍රී ලංකා හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඔවුන් ඡන්දය දීමෙනි.

ඒ අනුව දෙමළ නායකයන් රාජපක්ෂ ආණ්ඩුවකට සහාය දෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මේ වන විට සාමාන්‍ය දෙමළ ජනතාවගේ ආකල්ප වෙනස් වන්නට පටන් ගෙන තිබුණ ද දෙමළ නායකයන් ආණ්ඩුව සමග වෙනත් පක්ෂ මෙන් ගනුදෙනු කරන තත්ත්වය පිළිගැනීමට බහුතර දෙමළ ජනතාව එකඟ වේදැයි තවමත් කිව නොහැකිය.

එහෙයින් ජනාධිපතිවරයා දෙමළ නායකයන්ගෙන් සහාය ඉල්ලා සිටින විටත් ඔවුන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරනු වෙනුවට ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඉන්දීය ආණ්ඩුවට විශේෂ ලිපියක් ලියන්නට තීරණය කොට තිබිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යොමු කරමින් ලියන ලද එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති කරන ලෙසටත් එතෙක් 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙසටත් ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන ලෙස ඉල්ලා තිබිණි.

මෙම ලිපිය සති ගණනාවක් තිස්සේ දෙමළ පක්ෂ ගණනාවක් අතර කෙරුණු සාකච්ඡාවක ප්‍රතිඵලයකි. ඊට ආණ්ඩුවට සහාය දෙන ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා නායකත්වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණ සම්බන්ධ වූයේ නැත. දේවානන්දා මහතා 1987 සිටම අනෙක් දෙමළ පක්ෂවලත් ස්වාධීනව උතුරේ දේශපාලනය කරන්නෙකි. 13 වැනි සංශෝධනය දැන් වලංගු නැතැයිද අවශ්‍ය වන්නේ ඊට වඩා වැඩි දෙයකැයිද පොන්නම්බලම් මහතා පවසයි.

පක්ෂ අතර විවිධ මතභේද ඇතිකර ගනිමින්ද යළි ඒවා විසඳා ගනිමින්ද, සාකච්ඡා වාර බොහෝ ගණනක් පවත්වා දෙමළ ජනමාධ්‍යවලින් විශාල ප්‍රචාරයක්ද කරමින් සති ගණනාවකට පසු මෙම ලිපියට සියලු පක්ෂවල එකඟතාව ලැබුණද මෙම දෙමළ පක්ෂ අවසානයේදී ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ෆෙඩරල් ක්‍රමයක් නමැති අපැහැදිලි විසඳුමකි. එමෙන්ම එතෙක් 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමයි.

සති ගණනාවක් විශාල ප්‍රචාරයක් කරමින් සකස් කරන ලද මෙම ලිපියේ අලුත් කිසිවක් නැත. 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් සුළු කාලයක සිටම මෙම දෙමළ පක්ෂ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියි. එසේම මෙරට හා ඉන්දීය නායකයන් හමුවන වාරයක් පාසා ඉන්දීය නායකයන් 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි කියන විට මෙම දෙමළ නායකයෝ ඊට ද සහාය දක්වති. මෙම ලිපියේ අලුතින් කිසිවක් නැතැයි අප පවසන්නේ ඒ නිසාය.

දෙමළ නායකයන් දේශපාලනය කරන්නේ ජාතික දේශපාලන හා ආර්ථික ප්‍රශ්නවලින් ඈත්ව සිටිමිනි. ඒ අනුව ජනවාර්ගික ප්‍රශ්නයට අදාළව කුමක් හෝ දෙයක් දීර්ඝ කාලයක් නොකළහොත් මෙම පක්ෂ රටේ තිබෙනවාද කියාවත් දැන ගන්නට ක්‍රමයක් නැත. යුද්ධය අවසාන වීමෙන් පසු එම ප්‍රශ්නයට අදාළව විශේෂ දෙයක් සිදුවන්නේද නැත. එහෙයින් ටික කාලයකට වරක් මෙවැනි ලිපියක් ජනමාධ්‍ය නිවේදනයක් හෝ පාර්ලිමේන්තුවේ කරන කතාවක් මගින් තමන්ද සිටින බව පෙන්වීමට මෙම පක්ෂවලට සිදුවී තිබේ.

ඔවුන් මෙම ලිපිය සති ගණනාවක් තිස්සේ ලියමින් වෙනස් කරමින් සකස් කරගෙන යන අතරේ පසුගිය 13 වැනිදා බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිවස පිහිටි ලන්ඩනයේ ඩවුනිං වීදියට රැස් වූ බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජාතික පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණයක් කළහ. 13 වැනි සංශෝධනය නොව අවශ්‍ය වී ඇත්තේ ‘‘ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති මවුබිම’’ නිදහස් කර ගැනීම යැයි යන්න ඔවුන්ගේ මත විය.

මෑතක සිට බටහිර හා වෙනත් සංවර්ධනය වූ රටවල සිටින දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් තමිල් ඊළාම් යනුවෙන් ඔවුන් හඳුන්වන වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ තම උද්ඝෝෂණ උත්සන්න කොට ඇත. එහිදී ඔවුහු දෙමළ නායකයන් ඉල්ලන 13 වැනි සංශෝධනය වැනි දේශපාලන විසඳුම් ප්‍රතික්ෂේප කරති. එසේ ඉල්ලීම් කරන දෙමළ නායකයන් ද්‍රෝහීන් ලෙස ද ඔවුහු හඳුන්වති.

පසුගිය නොවැම්බර් 20 වැනිදා එවැනි උද්ඝෝෂණයක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැත්විණි. ටොරොන්ටෝ යනු ශ්‍රී ලංකාවෙන් පිටත ලෝකයේ වැඩිම ශ්‍රී ලාංකික දෙමළ ජනගහනයක් සිටින නගරයයි. එදින තම පක්ෂ සංවර්ධන කටයුතු සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් හා මඩකළපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ශානක්‍යන් රාසමානික්කම් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ටොරොන්ටෝහි ශාලාවක රැස්වීමක් පැවැත්විණි. එවිට කොටි සංවිධානයේ ධජය රැගත් පිරිසක් එම ශාලාවට කඩාවැදී කෑකෝ ගසමින් කලබලයක් කළහ. අවසානයේදී රැස්වීමේ සංවිධායකයන් හට එතැනට පොලිසිය කැඳවීමට ද සිදු විය. පොලිසියේ ආරක්ෂාව ඇතිව එම මන්ත්‍රීවරු දෙදෙනා එතැනින් ආරක්ෂිත ස්ථානයකට කැඳවාගෙන යනු ලැබූහ.

එය මෑතකදී එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව නොවීය. ඊට පෙර සුමන්දිරන් මහතාගේ සහභාගිත්වයෙන් ඕස්ට්‍රේලියාවේ හා ස්විට්සර්ලන්තයේ පැවැති රැස්වීම් දෙකකදී එවැනි කලබලකාරී සිදුවීම් සිදුවිය. එම අවස්ථාවලදී වෙනම රාජ්‍යයකට අඩු කිසිදු ඉල්ලීමක් තමන් නොපිළිගන්නා බව පැවසූ උද්ඝෝෂකයෝ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද්‍රෝහීන් ලෙස හැඳින්වූහ.

මෙවැනි සිදුවීම් නිසා මෙම දෙමළ පක්ෂ නායකයන් ඉතාමත් අසීරු තත්ත්වයකට පත් වී සිටිනු තේරුම් ගත හැකිය. එක් අතකින් ඔවුන් මෙම උද්ඝෝෂකයන් පවසන පරිදි වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කරන්නට සූදානම් නැත. බටහිර රටක සිට එවැනි උද්ඝෝෂණ කළ ද මේ රටේදී එවැනි උද්ඝෝෂණ කළ නොහැකිය. අනෙක් අතට දකුණේ වෙනත් දේශපාලන පක්ෂ සමග එක්ව ජාතික දේශපාලනයට බද්ධ වීමට ද ඔවුනට නොහැකිය. මන්දයත් එය සටන පාවාදීමක් ලෙස අනෙක් දෙමළ පක්ෂ හා දෙමළ ඩයස්පෝරාව සලකන හෙයිනි.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් මෙසේ තමිල් ඊළම් රාජ්‍යයක් සඳහා උද්ඝෝෂණ කළ ද ඔවුන් මෙරටට පැමිණ ඒ සඳහා සටන් කරන්නට සූදානම් නැත. ඈත රටක කොහේ හෝ තැනකට ඉඳහිට පිරිසක් රැස් කොට උද්ඝෝෂණ කිරීමෙන් ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් බිහිවන්නේ හෝ මෙරට ආණ්ඩුවේ තීරණවලට කිසිදු බලපෑමක් ඇතිවන්නේ හෝ නැත.

සාමකාමීව රටවල් බෙදීගිය අවස්ථා ලෝක ඉතිහාසයේ තිබේ. 1905 දී ස්වීඩනයෙන් කොටසක් කැඩී ගොස් නෝර්වේ රාජ්‍යය බිහිවූයේ පාර්ලිමේන්තු ක්‍රියාවලියක් මගිනි. එසේම 1993 දී එවකට චෙකෝස්ලෝවැකියාව යනුවෙන් තිබුණු රට එවැනිම පාර්ලිමේන්තු ක්‍රියාවලියක් මගින් චෙක් හා ස්ලෝවැකියා යනුවෙන් රාජ්‍ය දෙකක් ලෙස වෙන්වී ගියේය. එවැන්නකට දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් මනෝමූලික හා විෂය මූලික සාධක ගණනාවක් ගොඩනැගී තිබිය යුතුය. ඒ කිසිදු තත්ත්වයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගී නැත.

කොටි සංවිධානය ප්‍රමුඛ දෙමළ සංවිධාන ගණනාවක් 80 ගණන්වලදී අවි අතට ගත්තේ මේ ආකාරයටම සාමකාමීව වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට තරම් සාධක නොතිබීම නිසාය. එහෙත් දැන් උද්ඝෝෂණය කරන ඩයස්පෝරා කණ්ඩායම් එසේ ආයුධ අතට ගන්නට ද සූදානම් නැත. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ එය වෙනස් පිරිසක් ලවා කරවීමටය.

මෙම ඩයස්පෝරා කණ්ඩායම් යුද්ධය පැවැති කාලයේ කොටි සාමාජිකයන් සයනයිඩ් කමින් බෝම්බ පුපුරුවා ගනිමින් මිය යද්දී ආරක්ෂාව පතා රටින් පලා ගිය පිරිසකි. මුල් කාලයේදී කොටි සංවිධානයේ නිල කවියා වූ කාසි ආනන්දන් වැනි පිරිස් මෙසේ පලා ගියවුන් බියගුල්ලන් සේ හැඳින්වූහ.

ශ්‍රී ලංකා ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් යමක් කළේ නම් ඒ කොටි සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ඉන්දියාවේ බලපෑම නිසාය. එම කාරණයේදී දෙමළ ජනතාවට යමක් ලැබුණේ නම් ඒ ඉන්දීය බලපෑමෙන් ලැබුණු පළාත් සභා පමණි.

දැන් එසේ බලපෑම් කරන්නට කිසිවෙක් නැත. ඉන්දු ලංකා ගිවිසුමේ වගන්ති හෝ ක්‍රියාත්මක කරන්නට ඉන්දියාවද උනන්දු නැත. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ප්‍රශ්නයේ එල්ලී නොසිටින ලෙස 2017දී එවකට ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයිෂංකර් දෙමළ නායකයන්ට දුන් උපදෙසින් ඒ බව පෙනේ.

දෙමළ ජනතාව ඉතා සෙමින් නමුත් ජාතික දේශපාලනය වෙතට නැඹුරු වන බවක් ද පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනේ.  එහෙයින් දෙමළ නායකයන් හට දැන් අලුතින් සටන් පාඨ සොයාගන්නට සිදුවී තිබේ.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

උතුරෙන් තැටියේ මාරුවක්?

NM Saturday, 22 January 2022 07:42 PM

දෙමළ ජනතාව ඉතා සෙමින් නමුත් ජාතික දේශපාලනය වෙතට නැඹුරු වීමට ප්‍රධානතම හේතුව වනුයේ 1948 සිට ඔවුන් නියෝජනය කරන්නා වූ සියලු දේශපාලකයින් මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු පැමිණ වරප්‍රසාද ලබමින් දෙමළ ජනතාව අමතක කිරීම නිසාවෙනි. යුද්ධය ඇතිවීමට මූලික හේතුව සහ තරුණයින් අවි ගැනීම දක්වා සිදුවූයේ උතුරු, නැගෙනහිර දේශපාලකයින් ඔවුන්ගේ ජනතාව ඡන්දය ගෙන ජනතාව රැවටීමේ ප්‍රතිඵලයකි. කොළඹට පැමිණ උතුරේ ජනතාව ඉල්ලා නොසිටින බලය බෙදීමක් වෙනුවෙන් දශක 7ක් දෙමළ දේශපාලකයන් ඔවුන්ගේ ජනතාව රැවටීමේ ප්‍රතිඵලයක් වශයෙන් පීඩිත ජනතාව ඔවුන් නියෝජනය කරන දේශපාලකයින් මගහැර ඍජුව මධ්‍යම රජය සමග සම්බන්ද වීම වැළැක්විය නොහැක. උතුරේත්, දකුණේත් අහිංසක ජනතාව දේශපාලකයින් සොයා පැමිණෙනුයේ රටේ බලය බෙදා ගැනීමක ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමට හෝ විසඳා ගැනීමට නොව ඔවුන් දිනපතා මුහුණදෙන දෛනික ආර්ථික ගැටලුවකට විසඳුමක් බලාපොරොත්තුව වේ. උතුරත්, දකුණත් නියෝජනය වන පරිදි බලය බෙදාගැනීම් වෙනුවෙන් නොව ජනතා සේවය රට වෙනුවෙන්, කැපවන අවංක, අලුත්, තරුණ පිරිස ඉදිරියට ගැනීමට සහ ඉදිරියේදී එක රටක් තුල පවතින දූෂිත වර්තමාන දේශපාලන ක්‍රමයේ පූර්ණ වෙනසක් බලාපොරොත්තුව ජනතාව පෙළ ගැසෙනු ඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3148 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12274 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 568 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 941 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1021 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 497 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site