අපි අවි ගත්තු කාලේ අපේ පිහිටෙන් තමයි ඔයගොල්ලන් ප්‍රසිද්ධ වුණේ අපි හින්ද තමයි ඔයාලට ඡුන්දෙ ලැබුණේ. පිටරටවල්වල ගියේ. ජාත්‍යන්තර ප්‍රසිද්ධිය වගේ සියලූම දේ ලැබුණේ. එහෙම වෙලා දැන් අපිව ප්‍රතික්ෂේප කරන එක හරිම අසාධාරණයි. අපි කවද හරි උතුරු නැගෙනහිර මුල්බැසගෙන තියෙන ඔය වයසක දේශපාලනය අතුගාල දානවා.”
මේ විදිහට අසන්නට ලැබුණේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකින්. පසුගියදා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර මැතිවරණ කටයුතු පිළිබඳව හා නාම යෝජනා පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට වව්නියාවේ පෞද්ගලික හෝටලයක දවස පුරා පැවත්වුණු සාකච්ඡුාවක් අතරතුරය. මේ කතාව කීවේ දෙමළ ජාතික සන්ධානයට කියලා නම් නියතයි. නමුත් මේ කතාව කිව්වේ කව්ද, මොකටද කියන එකයි ප්‍රශ්නේ. දෙමළ ජාතික සන්ධානය කියන්නේ උතුරු නැගෙනහිර මුල් බැසගත් ප්‍රධානම බලවතා වෙච්ච දේශපාලනය. ඉතින් මේ බලවතාට මේ ඊයේ පෙරේදා ලොකු ටොක්කක් ඇන්නා. ඒ වෙන කවුරුත් නෙමෙයි කලක් අවි දරා පසුව පුනරුත්ථාපනයවී දැන් සමාජගත වෙලා ඉන්න හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක්.
දේශපාලනය කියන්නේ කොයි වගේ වටපිටාවක්ද කියලා අපි කවුරුත් දන්නා දෙයකි. එයට කදිම නිදසුනක් වූවේ පසුගිය ජනාධිපතිවරණය. කොයි බලවතා වුනත් අවසානයේදී ජනතා කැමැත්තට නීතියට යුක්තියට හා සාධාරණයට හිස නැමෙනවා. ගෙවෙන හැම තත්පරේකම හැමදේම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන ලෝකේ උතුරු නැගෙනහිර දේශපාලනය ගැන මේ දිනවල දැඩි උණුසුම් තත්ත්වයක් උදාවෙලා. දෙමළ ජාතික සන්ධානය කියන්නේ අද වෙනකොට පක්ෂ හතරක එකතුවකින් සැදුම්ලත් පක්ෂයක්. මුලින් නම් පක්ෂ 5ක් තිබුණා. වර්තමානයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ වන විට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙලා දෙමළ ජාතික සන්ධානයට දැඩි ලෙසින් විරෝධය පාමින් ඔවුන්ගේ මැතිවරණ කටයුතු හෙළා දකිමින් ප්රචාරක කටයුතු කරනවා. මේ පක්ෂයට අද වෙනකොට දෙමළ ජාතික සන්ධානය එපා වුණ බොහෝ පිරිසක් ඒකරාශි වෙලා.
දෙමළ ජාතික සන්ධානය අද අවුල් ජාලාවක් වෙලා. මොකද මේකේ ඉන්න පක්ෂ 4 වන ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සහ ඉලංකෙයි තමිල් අරුස කච්චි යන පක්ෂ ටික එකතු කරගෙන එක පක්ෂයක් විදිහටවත් ලියාපදිංචි කරගෙන නැහැ. මේ අය මැතිවරණයට තරග කරන්නේ ඉලංකෙයි තමිල් අරුස කච්චි පක්ෂයෙන්. ඒ එක පැත්තක්.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නාම යෝජනා භාරදීමට පැමිණි නඬේෂපිල්ලෙයි විද්‍යාධරන්.
දෙමළ ජාතික සන්ධානය සමඟ තරග වදින තවත් පක්ෂයක් තියනවා. ඒ ආනන්ද සංගරීගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ. මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර පිහිටි සෑම දිස්ත්‍රික්කයකටම ඔවුන් නාම යෝජනා භාරදීලා අවසන්. ඉතින් මේ ප්‍රධාන පක්ෂ දෙකේ බලපෑම දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ටයි ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාටයි හොඳටම දැනිලා.
මෙහෙම පීඩනයකින් වව්නියාවේ පෞද්ගලික හෝටලයක සාකච්ඡුාවකට ආපු දෙමළ ජාතික සන්ධානයේ ලොක්කන්ටයි, සොක්කන්ටයි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඒ ටික දවසක ඉඳන්ම පොඩිවට ඇවිළෙමින් තිබුණු හිටපු කොටි සාමාජිකයන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියපු කටකතා ඇත්තක් කරමින්.
යුද්දෙන් පස්සේ 13,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය වුණා. මේ අයගෙන් සාමාජිකයන් 300ක් විතර දේශපාලනයට එන්න උනන්දුවක් තිබුණා. ඉතින් මේ අයගේ නායකයා වුණේ යාපනයේ පළවෙන පුවත්පතක් වන උදයන් පුවත්පතේ හිටපු කර්තෘවරයකු වෙච්ච නඬේෂ පිල්ලෙයි විද්‍යාදරන්.
ඉතින් මෙයා එදා පුනරුත්ථාපනය වෙච්ච සාමාජිකයන් පස්දෙනෙක් විතර එක්ක ඔය කියන හෝටලයට ඇවිත් ආර්. සම්බන්ධන්ටයි මාවෙයි සේනාධිරාජාටයි යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවලින් දෙමළ ජාතික සන්ධානයෙන් ලබා දෙන නාම යෝජනා ලැයිස්තුවෙන් පුනරුත්ථාපනය වෙච්ච දෙදෙනෙකුටවත් අවස්ථාව දෙන ලෙසටයි. මේ යෝජනාව දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ විද්‍යාධරන් එක් අයෙකුටවත් අවස්ථාව දෙන්න කියලා ඉල්ලා සිටියා. නමුත් ආර්. සම්බන්ධන් සහ මාවෙයි සේනාධිරාජා එක හෙළාම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කියන්නේ දැන් ප්රජාතන්්ත්රවාදී පක්ෂයක්. එහෙම වාතාවරණයක් තියෙනකොට හිටපු කොටි සාමාජිකයන් ඇතුළත් කිරීමෙන් ගැටලූ මතු වෙන්න පුළුවන්. ඒක නිසා පළමුව ප්‍රාදේශීය මට්ටමින් දේශපාලනයට තරග කරලා පසුව මහ මැතිවරණයකට තරග කරන්න කියලයි.
මේ කතාවත් එක්ක හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට හිඳුම්xහිටුම් අමතක වෙලා කෑගහන්න ගත්තා. ”මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කරුණා අම්මාන්ට පිල්ලෙයාන්ට ජාතික ලැයිස්තුවලින් මැති ඇමතිකම් දුන්නා නම් අපේ වැරැුද්ද මොකද්ද” කියලා. මේ ගාලගෝට්ටියත් එක්කම අදාළ හෝටලයෙන් මාධ්‍යවේදීන් එළියට දැම්මා. දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සාකච්ඡුාවේ ඉතිරිය ද කරගෙන ගියා. නමුත් අවසන් ප්‍රතිඵලය වුණේ පෙර පරිදි සියලූ යෝජනා ප්‍රතික්ෂේප වීමයි.
එදා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හිතන්නට ඇති එහෙම ප්‍රතික්ෂේප කළාම ඒ අය නවතියි කියලා. නමුත් වුණේ නොහිතපු දෙයක් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යාපනය දිස්ත්‍රික්කයට ස්වාධීන පක්ෂයක් මඟින් නාම යෝජනා දුන්නා. එහෙම දුන්නු මේ අයට මැතිවරණය වෙනුවෙන් තරග කරන්න ලැබුණේ මකුළුවා ලකුණින්.
මකුළුවා ලකුණ ලැබුණු මේ අය ගැන මේ දවස්වල උතුරු නැගෙනහිර ක්‍රියාත්මක දෙමළ වෙබ් අඩවිවල පුවත්පත්වල ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා. මේ නිසා දෙමළ ජාතික සන්ධානය දැන් හිතනවා ඇති, ටොක්ක ඇන්න නෙමෙයි ඇනගත්තා කියලා. දවසින් දවස මේ අයට මෙහෙම ප්‍රසිද්ධියක් ලැබෙනකොට අනිත් පැත්තෙන් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා සහ ආනන්ද සංගරී නැගිට්ටහම විශාල බලවේගයක් දැන් දෙමළ ජාතික සන්ධානයට එරෙහි වෙලා.
දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට නාම යෝජනා භාරදුන් පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ. සාමාජික කණ්ඩායමේ නායක නඬේෂපිල්ලෙයි විද්යාධරන්ගෙන් කරුණු විමසන්න හිතුවා. ඉතින් නව දේශපාලන මාවත ගැන කිව්වේ මෙවැනි අදහසක්.
”අපි මේක පටන්ගන්න හැදුවේ ඇත්තටම දෙමළ ජාතික සන්ධානෙත් එක්ක එකතු වෙලා. අපිට ඒ අයගේ පක්ෂයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න ඕන කියලා හිතුණා. ඒක හින්ද තමයි අපි මුලින්ම ඒ අයගේ කැමත්ත ගන්න ආවෙ. නමුත් අවසානෙදි එයාලා අපිව මගහරිනවා. ඒක හරිම අසාධාරණයි. දැන් අපි වෙනම අපිට ඕන මාර්ගයේ ගිහින් ජනතාවට සේවයක් කරනවා.’’
‘‘අපි මුලින් අවි අරන් හිටපු නිසා තමයි අද ඒ ගොල්ලන් ඔය තත්ත්වෙට ඇවිත් ඉන්නේ. නමුත් දැන් අපිව මගහැරියා. දැන් අපි අලූත් ගමනක් පටන් අරන්. දැන් අපිට අපේම සාමාජිකයෝ 10,000කට වැඩිය ඉන්නවා. ඒ වගේම ඒ අයගේ ඥාතීන් සාමාන්‍ය වැසියන් ගොඩක් ඉන්නවා. මැතිවරණයෙන් පස්සේ අපේ බලපෑම සහ අපේ නැගිටීම කොයි වගේද කියලා ඒ අය දැන ගනියි.
මොකද දැන් අපි පුනරුත්ථාපනය වෙලා ගෙදරට ඇවිත් ඉන්නේ. අපි ගැන බලන්න කවුරුත් නැහැ. අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ. අපේ ගොඩක් අය ඉන්නවා අත් කකුල් නැති අය. ඒ අය වෙනුවෙන් දැන් කව්ද පෙනී සිටින්නේ. ඒක නිසා අපේ අයට පිහිටවෙන්න අපිම තීරණය කළා.
අනෙක් එක මේ අපේ ප්රජාතන්ත්රවාදී අයිතිය අපිට දේශපාලනයට එන්න අයිතිියක් තියනවා. කරුණා අම්මාන්ට පිල්ලෙයාන්ට අයිතියක් තියනවනම් ඇයි අපිට බැරි. අපි පුනරුත්ථාපනය කරනකොටවත් ආරක්ෂක අංශ කව්රුවත් අපිට කීවේ නැහැනේ අපිට දේශපාලනය කරන්න බැහැ කියලා. ඒක නිසා ආයේ අපි කාත් එක්කවත් සාකච්ඡුා කරන්න යන්නෙ නැහැ.දැන් අනිත් පැත්තෙන් අපිට ඇතැම් දේශපාලන පක්ෂ චෝදනා කරනවා අපි තාමත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්. එහෙම සම්බන්ධතා තියනවා, එහෙම තියෙද්දි කොහොමද දේශපාලනය කරන්නේ. නිතරම හමුදා බුද්ධි අංශ අය මේ අයගෙන් ප්‍රශ්න කරනවා කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත අපිට කිසිම එහෙම සම්බන්ධයකුත් නැහැ. අපිට එහෙම ඕනත් නැහැ. බුද්ධි අංශ අය එනවා මාසෙකට සැරයක් වගේ ඇවිත් ඒ අයගේ රාජකාරිය කරලා යනවා එච්චරයි. මේවා අපි එන්න හදනකොට මුලින්ම පාගලා දාන්න කරන වැඩ. අපි ඒවට අහුවෙන්නෙත් නැහැ. ඉස්සරහට තියපු කකුල ආපහු ගන්නෙත් නැහැ.’’
විද්‍යාධරන්ගේ මේ කතාවෙන් තේරුම් යන්නේ මේ අය කුමන හෝ මාර්ගයකින් ලොකු වෙනසක් කරන්නට ලෑස්ති වන බවය.
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව හැදෙන්නේ මේ මකුළුවාය. ගජෙන්ද්‍ර පොන්නම්බලම් එක්ක ආනන්ද සංගරී එකතුවෙන් උතුරු නැගෙනහිර එක්සත් ජාතික පක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ඇතුළු අනෙක් පක්ෂවල බලපෑම එල්ල වෙන විට ආර්. සම්බන්ධන්ටයි මාවෙයි සේනාධිරාජාටයි මාරුවෙන් මාරුවට ටොකු ඇනගන්නට වන්නේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරු - නැගෙනහිර වයස්ගත දේශපාලනයට ඇනපු ටොක්ක