IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


උතුර ලංකාවේ කොටසක් නොවෙයිද?

 අධික විදුලි බිල, ජීවන බර හා විරැකියාව තුළ රට ගිනියම් වී තිබේ. ඊට අදාළව මෙන්ම රටේ ආර්ථිකයේ කල දවස,  අධික ණයබර හා එජාපය සතු විසඳුම් ගැන එජාප ප‍්‍රබලයකු වන  රවි කරුණානායකගේ මතවාදයි මේ. 

 

* ප‍්‍රශ්නය: ඉතිහාසයේ නොවූ තරම් ඉහළ විදුලි බිලක් මේ ආණ්ඩුව ජනතාව පිට පැටවු විට මුළුරටම ඊට විරුද්ධ වුණා. බිල අඩුකරන බව ජනපති කීවේ අනතුරුවයි. ඒත් විදුලිබල මණ්ඩලය කීවේ එය ඉටුකළ නොහැකි බවයි. උපයෝගිතා කොමිසම කීවේ මිල අඩු කරන බවයි. ඒත් දැන් සැබෑ තත්ත්වය තාමවත් පැහැදිලි නෑ. එජාප ප‍්‍රමුඛ වෘත්තීය සමිති 600ක් හෙට වර්ජන කරනවා. මේ පසුබිම ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?

 
පිළිතුර: දැන් ක‍්‍රියාත්මකවෙන්නේ විදුලි මණ්ඩලය කියන බිලද උපයෝගීතා කොමිසම කියන බිලද ජනපති කියන එකද වෙනත් එකක්ද කියල කාටවත් පැහැදිලි නෑ. ජනතාව මෝඩයා කරලා ගසාකන්නයි ආණ්ඩුව හදන්නේ. 1995 වෙනතෙක් විදුලි මණ්ඩලය ලාබ ලැබූ තැනක්. 94 සිට මේ දක්වා වසර 19ක් මේ රට පාලනය කරන්නේ මේ ආණ්ඩුවයි. මොවුන්ගේ වැඩ බැරිකම, හොරකම්, නාස්තිය, සෝබන වියදම්වල පාඩුව තමයි හතර පැත්තෙන්ම අද අසරණ ජනතාව පිට පටවන්න හදන්නේ. 
විදුලි මණ්ඩලයේ ලොකු පාඩුව ලෙස ආණ්ඩුව පෙන්නන්න හදන්නේ තම අකාර්යක්ෂමතාවයි. ආණ්ඩුවේ නොහැකියාවට ජනතාව වන්දි ගෙවන්නේ මොකටද? මූල්‍ය අරමුදල ගිය පෙරබවාරිවල ආණ්ඩුවට ණය දීමට බැරි බව කීවා. අධික පාඩු ලබන විදුලිය. තෙල්, දුම්රිය, ශ්‍රී ලංකන් ඇතුළු රාජ්‍ය ආයතනවල පාඩුව මකාගන්න කියලා ඔවුන් කොන්දේසි දැම්මා. පාඩු නැතිකරන ලේසිම ක‍්‍රමය මිල වැඩිකර ජනතාව පිට පැටවීමයි. ජනතා අමාරුකම් ගැන නොතකන මේ ආණ්ඩුව දැන් කරන්න හදන්නේ ඒ ලේසිම ක‍්‍රමයයි. අනික ලෝක තෙල් මිල අඩුවෙලා තියෙද්දී විදුලිබිල වැඩිකිරීම ඉතා අසාධාරණයි. 
 

ජල විදුලියට අමතරව ඉන්ධනවලින් අද විදුලිය නිපදවන්නේ පහළ මිල යටතේයි. ඒ නිසා ජනතාවට විදුලිබිල පැටවීම සම්පූර්ණයෙන් ඉවත් කරගන්නාතුරු පක්ෂ පාට භේද නැතුව අපි මේ සටන ඉදිරියට ගෙනියනවා. ලෝකයේ තෙල් මිල නිදසුනක් ලෙස පෙට්රල් ලීටරය රු. 85 යි. මේ රටේ ජනතාවට විකුණන්නේ 162ට දෙගුණයක් ලාබ තියාගෙනයි. ඞීසලූත් එහෙමයි. දැන් විදුලි බිලත් වැඩිකරලා තෙල් වලින් වගේම විදුලියෙන් දෙපැත්තෙන්ම ලාභ ලබන්නයි මේ ආණ්ඩුව හදන්නේ. 

ජනාධිපතිගෙ මූලිකත්වයෙන් කැබිනට් එක තීන්දු කරලා ලොව ඉහළම විදුලි බිල වැඩි කරලා දැන් ජනාධිපතිම මිල අඩු කරනවා කියලා විහිළු කරනවා. අනික වීරවංශ ඇමැති තවත් ලොකු විහිළුවක් කරනවා. විදුලිබිල වැඩි කළේ ජයසුන්දරලූ. මුදල් ඇමැතිගෙ එනම් ජනාධිපතිගෙ අනුමැතිය නැතිව ජයසුන්දරට විදුලි බිල වැඩිකළ හැකිනම් මේ රටේ මුදල් ඇමැති ලෙස පිළිගන්න වෙන්නේ ජයසුන්දරයි. ‘‘විදුලිබිල අඩු කරව්’’ කියල එජාපය පෙළපාලි ගිය දවසේ ‘‘විදුලි බිල වැඩි කරව්” කියල ආණ්ඩුව වෙනුවෙන් කඬේ ගිය මිනිස්සු තමන් ගැන ලැජ්ජා වෙන්න  ඕනෑ. මේ ආණ්ඩුවේ ක‍්‍රමය නම් ඇමැති බිල්ලට දීලා ජනපතිට ලකුණු ලබාදීමයි. එනම් විදුලි ඇමැති බිලිදීලා ලකුණු ටික ජනපතිට දීම ඒ ක‍්‍රමයයි. ජනතාව මේක දන්නවා. 

 


* ප‍්‍රශ්නය: විදුලි මණ්ඩලය පාඩු නිසා විදුලි බිල වැඩි කිරීම හැර විකල්ප තියෙනවද?

පිළිතුර: මේ ආණ්ඩුවේ පාලකයන් හා ඇමැතිවරුයි නිලධාරීනුයි හොරකම්කරලා ඒ බර අහක ඉන්න ජනතාවට පැටවීම සාධාරණ වෙන්නෙ කොහොමද? අපි අහන්නෙ ඒකයි. 

 


* ප‍්‍රශ්නය: මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්  මෙන්ම බොහෝ ඇමැතිවරු ජනමාධ්‍යවලට කියන්නේ මේ රටේ ආර්ථිකය ඉතා ශක්තිමත් බවයි. ඒත් අද මේ රටේ බැංකුවලින් ණය අරන් ආණ්ඩුව පඩි ගෙවන බවට තොරතුරු එළිදකිනවා. රටේ ආර්ථිකය ගැන ඔබේ විග‍්‍රහය කෙබඳුද?
 

පිළිතුර: ආශ්චර්ය පහළවන  රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නෙත් බැංකු හූරාගෙනයි. ජනතාව මෝඩයාට අන්දන්න හදන මහ බැංකු අධිපති කියනවා ඒක පුද්ගල ආදායම අද ඩොලර් 3000යිලූ. ඒ තරම් ආදායම් ඇති ජනතාව ඩොලර් 10x15 ක විදුලි බිල වැඩිවීම දරා ගන්න බැරි ඇයි කියලයි මම අහන්නේ. ආණ්ඩුවේ බොරු ප‍්‍රචාරයයි ජනතා අමාරුකම් අතරයි ලොකු පරතරයක් තියෙනවා. විදුලිය බිල රු. 1000ක් වැඩි කරලා රු. 20ක බොරු සහනයක් ලබාදීම ජනතාව පිළිගත යුතුද? 

1948 සිට 2005  දක්වා හිටපු සියලූ  ආණ්ඩු ලබාගත් ණය මෙන් සිවු ගුණයක් මේ ආණ්ඩුව  2005  සිට මේ දක්වා අරන් තියෙනවා. ඒ නිසා ණය හා වාරික ගෙවන්න රටේ ආදායමෙන් සියයට එකසිය එකක් වැයවෙනවා. එනම් රටේ ආදායම දැන් ණය ගෙවන්නත් මදි. ආශ්චර්ය කියන්නේ ඒකටයි. එජාප කාලේ 80,000 ක් වූ ඒක පුද්ගල ණය බර අද තුන්ලක්ෂ හතලිස්නවදාහක් වෙලා. ඒකත් ආශ්චර්යයක්. 

 


* ප‍්‍රශ්නය: ඒත් මේ ආණ්ඩුව ලබාගත් ණයවලින් වරාය, ගුවන් තොටුපොල, විදුලි බලාගාර, අධිවේගී මාර්ග ආදී පවතින දේවල් කරලා නැද්ද? 

පිළිතුර: හම්බන්තොට වරායට රු. කෝටි 7800ක් ණය අරන් හැදුවේ. මාස 28ට නැව් 15 ක් වත් ආවේ නෑ. හම්බන්තොට වරායට ගත් ණයවලට වසරකට රු. කෝටි 650ක් ගෙවන්න  ඕනෑ. ඒක ගෙවන්නෙ කොළඹ වරායයි. අන්තිමට කොළඹ වරායත් බංකොළොත් වේවි. ඊළඟට මත්තල  ගුවන් තොටට කෝටි 3800ක ණය අරන්  ඒක හැදුවා. අද එක ප්ලේන් එකක් එන්නෙ නෑ. 


ගාල්ල අධිවේගයට සියලූ මූලික කටයුතු කරල කෝටි 4800ක් නිම කරන්න එදා එජාප ආණ්ඩුව සැලසුම් කළත් මේ ආණ්ඩුවට ඒක නිමකරන්න කෝටි 9800ට වැඩි වුණා. අද මේ මාර්ගය වසරක නඩත්තුවට කෝටි 600ක් යනවා. ඒත් ආදායම කෝටි 100යි. කටුනායක අධිවේගයට කෝටි 650යි වැයවීමට තිබුණේ. ඒත් කෝටි 4500ක් දැන් ඒකට යට කරනවා. නොරොච්චෝලේට කෝටි 3950ක ණයක් අරන් වැය කළා. 20 වරක් ඒක කැඩිලා. යුරෝපයේ හදන ගණන්වලට ඒ බලාගාරය ලංකාවේ හදල තියෙන්නේ. ඒක හැදුවාම විදුලිබිල බිංදුවට බහිනවා කිව්වා. අන්තිමට මොකද වුණේ. මේ සියලූ ණය බර ජනතාවට පැටවුණා විතරයි. ඒත් ආණ්ඩුවේ කාගේ කාගේ සාක්කු පිරුණ ද කියලයි අපි අහන්න්. 


කොට්ටාවේ ඉඳන් හදන කොළඹ පිටත වටරවුම් අධිවේගයේ දුර කිලෝමීටර් 30යි. ඒකට කෝටි 13,300ක් වැය කරනවලූ. ගාල්ලට කි.මී. 109ක් හදන්න කෝටි 9800යි. මේ කි.මී. 30 ට කෝටි 13,300ක් යාම විශ්වාස කළ හැකිද? ජනතා මුදල් පුදුම ගසාකෑමක් මේ කරන්නේ. පාරක් කාපට් කරන්න කි.මී. එකකට රු. දස ලක්ෂ 30ක් විතර යනවා. ඒත් ආණ්ඩුවේ හිතවත් කොන්ත‍්‍රාත් අයට කි.මී. එකකට රු. දස ලක්ෂ 140 දක්වා ගෙවනවා. මේ ආණ්ඩුව ජනතා මුදල් ගසා කන්නෙ ඒ විදියටයි. තව දුරටත් මේ ගසාකෑම්වලට ඉඩ දෙනවාද?


ජනතාවට එදා වේල කන්න නෑ. ආණ්ඩුවේ අය පරම්පරා හතකට හම්බ කරනවා. පොහොර සහනාධාරයට වසරකට රු. කෝටි 6500ක් වැය කරනවා කිව්වාට ඒක 3800ට බැහැපු බව පාර්ලිමේන්තුවේදී එළිවුණා. දැන් ඊටත් අඩුයි. ඒත් මේකෙන් ලොකු මුදලක් කාගෙ හරි සාක්කුවට යනවා. ගොවියා දහදුක් විඳිද්දී පොහොරවල ආසනික් නිසා වකුගඩු රෝග පැතිරෙද්දී රජරට විසාලා මහනුවරක් වෙද්දී ආණ්ඩුව කොමිස් කුට්ටි අරන් රට වනසනවා. ධීවරයන්ට ඉන්ධන සහන, ගොවි විශ‍්‍රාම වැටුප, ගැබිණි මවුවරුන්ට සහන මල්ල, දරුවන්ට කිරි හා ආහාර ආදී දෙනවා කී කිසි දෙයක් දෙන්නෙ නෑ. 
අද පාසල් හා උසස් අධ්‍යාපනයට ආණ්ඩුව වියදම් කරන්නේ නෑ. සල්ලිකාරයන්ට අධ්‍යාපනය වෙන් කරන්න හදනවා. එජාපයේ අපි නිදහස් අධ්‍යාපනය රකිමිනුයි පෞද්ගලික අධ්‍යාපනය දියුණු කරන්නේ. අද රෝහල් වලින් බේත් තුණ්ඩුව මිසක් බෙහෙත් දෙන්නෙ නෑ. වතුර බිල ලබන මාසෙ වැඩි කරනවා. 

* ප‍්‍රශ්නය: ඒත් විදුලි බිලට එරෙහිව එය අඩු කරන ලෙස ඉල්ලා ජනතාව පක්ෂ පාට භේදයෙන් තොරව වීදි බහිද්දී රටට එරෙහි කුමන්ත‍්‍රණ පරදවමුයි  කියමින් විදුලිබිල වැඩි කිරීම සාධාරණීය කරමින් තවත් පිරිසක් කොළඹ පෙළපාලි ගියා නේද?

පිළිතුර: ආණ්ඩුවට දැන් සටන් පාඨ නෑ. එල්ලෙන්න වැලේ වැල් නෑ. විදුලිබිල  වැඩි කරපු එක හොඳයි කියන අයට මොලේ අමාරුවක් තියෙන බව ඇමැතිවරුම කියද්දී විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කොළඹදී  පෙළපාලි ගිය අය තමන් ගැන ලජ්ජා වෙන්න  ඕන. ආණ්ඩුවට සටන් පාඨ නැති නිසා කොටින්ට එරෙහි පරණ සටන් පාඨ මකුළු දැල් කඩලා අරන් ඒ මිනිස්සුන්ට දී තිබුණා. ජනතාවට සහන දෙන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද? දැයට කිරුළට සතියකට රු. කෝටි 3500ක් වැයකරපු  මේ ආණ්ඩුව විදුලිබිල ජනතාවට පටවලා රට කළඹලා උපයා ගන්න දඟලන්නේ රු. කෝටි 2500යි. ආණ්ඩුවේ පටු ක‍්‍රියාකාරි බව එතනින්ම පේනවා. 
ජනතාවට බර පටවමින් ආණ්ඩුවේ අය ජනතා මුදල් ගසා කෑමට අමතරව ඇමතිවරයකුට මසකට රු. ලක්ෂ 02 ක විදුලි බිල ගෙවන්නේ ජනතාවයි. ගෙවල් කුලියට ලක්ෂයක්. කාර් 10x15ක්. අතට පයට සේවකයො, ආරක්ෂක නිලධාරීන්ට ආදී මේ ඔක්කොම ගෙවන්නෙ ජනතාවයි. ඒත් ජනතාවට හුළං. 

 


* ප‍්‍රශ්නය: ජනතාවට අමාරුකම් තිබුණත් ජාත්‍යන්තර අපවාද ආණ්ඩුවට එල්ලවුවත් මේ වසර අවසානයේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවේ පැවැත්වීම විශාල ජයක් නේද? 

පිළිතුර: එජාපය ඔය සමුළුවට විරුද්ධ නැහැ. රටවල් 54ක රාජ්‍ය නායකයො හා රැුජිණ ගෙන්වාගැනීම දැන් මේ ආණ්ඩුවේ වගකීමයි. රැුජින එන්නෙ නැතිලූ. කැනඩා අගමැති එන්නෙ නැතිලූ. තව කවුද එන්නේ නැත්තේ කියලා  තවම දන්නෙ නෑ.
76දී සිරිමා මැතිනි නොබැඳි සමුළුව පවත්වලා වසරෙන් හෝදගෙන පැරදුණේ ජනතාව දුක් විඳිද්දී නොබැඳි සමුළුව තියපු නිසයි. මේ ආණ්ඩුවට වෙන්නෙත් ඒකම තමයි. ජනතාවට යන්න බස් කෝච්චි නෑ. ඒත් සමුළුවට රෝල්ස් රොයිස් කාර් 50ක් ගේනවා. කාර් එකක මිල කෝටි 11 යි. ජනතාව හාමතේ. විදුලි බිලයි, වතුර බිලයි වැඩි කරලා රෝහල්වල බෙහෙත් නොදී දරුවන්ට අධ්‍යානය ලබා නොදී සුද්දන්ට සුරසැප දෙන්නේ මේ රටේ දුප්පතාගෙ බොක්කටම ගහලයි. 

සමුළුවට අපි පක්ෂයි. ඒත් ජනතාව හාමතේ කියල ජනතාවගෙන් හූරාකාලා ඒ මුදල් සමුළුවට වැය කරන එකටයි අපි විරුද්ධ. මොකද කාර් 50ට විතරක් රු. කෝටි 500ක් ආණ්ඩුව වැය කරනවා. කොළඹ අලංකරණය හා අනිත් වියදම් කෝටි 8000ක් පනීවි කියල නිලධාරීන් කියනවා. මෙච්චර බංකොළොත් රටේ ජනතාව දුක් විඳිද්දී ජාත්‍යන්තර මඟුල් කන්න හදන්නේ ජනතාව පිට බර පටවලයි. ඒ මදිවාට රු. කෝටි 31,500ක් වැය කරලා එයාර් බස් 13ක් ගන්නත් හදන්නේ කාගේ සාක්කුවට කෝටි ගණන් කොමිස් වැටෙන නිසාද කියලයි අපි අහන්නේ. 
ශ්‍රී ලංකන් ගිය වසරේ විතරක් රු. කෝටි 2900ක් පාඩුයි. ආණ්ඩුව ඇමෙරිකාවේ ඇරිසෝනා ගුවන් යානා පාක් එකෙන් ප්ලේන් අරගෙන ලීසිං කොම්පැණියකට විකුණලා ඒ යානා ටිකම ආපසු ලංකාවට බද්දට ගන්නයි හදන්නේ. එතනදී තමයි කොමිස් කුට්ටිය ලැබෙන්නේ. මේ රටේ ජනතාව මේ ආණ්ඩුව රකින්න පෙළපාලි යනවා නොවෙයි හරිනම් ගහල එළවන්න  ඕනෑ. කැබිනට් අනුමැතිය පවා නැතිව පිට පාරෙනුයි මේ යෝෂිත එයාර් බස් ගනුදෙනුව කරන්න හදන්නේ. 

 


* ප‍්‍රශ්නය: ජනතාවගේ අධික ජීවන බරට, විරැුකියාවට තරුණ අසහනයට මේ ආණ්ඩුවට විසඳුමක් නැතිනම් ආණ්ඩුවේ හොරකම්, ගසා කෑම්, මේ තරම් ඉහළනම් එජාපය  ආවොත් ජනතා ප‍්‍රශ්නවලට විසදුම් දෙන හැටි කියන්න. 

පිළිතුර: විරැුකියාවට, තරුණ අසහනයට මේ ආණ්ඩුවට ඇති විසඳුම සුදු වෑන්වලින් ගෙනිහින් අතුරුදන්  කිරීමයි. අනිත් අය බෝට්ටු වලින් පණ එපා කියල පිටරට යන්න හදනවා. ජීවන බරට මේ ආණ්ඩුවට ඇති විසඳුම බඩුමිල හා බදු බර තවත් පැටවීම විතරයි. මේ විධායක ජනපති ක‍්‍රමය රටට  හෙණයක්. මේකට දැන් මුළු රටම විරුද්ධයි. ඒත් මේ ක‍්‍රමය දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ රාජපක්ෂවරුන්ට විතරද කියන ගැටලූවයි ජනතාව මතු කරන්නේ. එජාපය ගෙනා විධායක ක‍්‍රමය නමැති දරුවා අද නෑ. විකෘති කරපු යක්ෂයෙක් අද ඉන්නේ. 

උතුරේ ඡුන්දය පවත්වන බව ආණ්ඩුව ලොවට කිව්වත් දැන් වීරවංශ හා චම්පික ඇමැතිවරු දාලා වෙන වෙන බොරු හේතු දාලා මේක කල්දාන්නයි බලන්නේ. ආණ්ඩුව තමන්ට  ඕන විදියට හැසිරෙන උසාවියක් තනා ගත්තා. ඒ උසාවියට ගිහින් උතුරේ ඡුන්දය කල්දාන නියෝගයක් අරන් මේක කල්දාන්නයි බලන්නේ. ඉන්දියාවට 8 වරක් බොරු කරලා ඔවුන්ට ලංකාව තිත්ත වෙලා තියෙන්නේ. ලෝකයටත් එහෙමයි. සුළු ජාතීන්ට තවත් අසාධාරණකම් කරලා ලංකාව තවත් අනාථ කරන්නයි හදන්නේ. උතුර ලංකාවේ කොටසක් නෙවෙයිද කියල අපි අහනවා. මේ ජනපති දීපු පොරොන්දුම මේ ජනපති හා ආණ්ඩුව කැඞීම රාජ්‍ය තාන්ත‍්‍රික බව විනාශ කිරීමක්. 
 


* ප‍්‍රශ්නය: එජාපය හෙට බලයට ආවොත් රටේ ප‍්‍රශ්නවලට දෙන විසඳුම්  ගැනත් මම ඇහුවා?

පිළිතුර: ශ්‍රීලනිප අවුල් කරන රටත් ආර්ථිකයත් හැමදාම ගොඩගත්තේ එජාපයයි. 77 හා 2001 ඊට නිදසුන්. සෘණ ආර්ථික අපි ගොඩගත්තේ. මේ රට සංවර්ධනය කරන්න දැක්මක් හා ලෝක සහාය අවශ්‍යයි. ලංකාවට ලැබුණු ජී.එස්.පී. සහනය නැති කරගෙන රටට වසරකට රු. කෝටි 11,300ක් පාඩුකරපු ආණ්ඩුව ලයිට් බිල වැඩි කරලා කෝටි 2500ක් උයන්න දඟලනවා. මේ ආණ්ඩුව කරන හොරකම් හා නාස්තිය නැති කරලා ලෝක සහාය අරන් ආර්ථිකය හදලා රට සංවර්ධනය කරමින් එකම රටක් ලෙස ලංකාව අපි ඉදිරියට ගෙනියනවා. ජනතාවගේ අතමිට සරු කරලා තරුණ පරපුරේ විරැුකියාවට තිත  තබනවා. ඒක අත ළගයි. එජාප මැයි දිනය හා විදුලිබල විරෝධතාවට එක්වූ ජනගඟ ඊට සාක්ෂි සපයනවා. 

 

සංවාද මෙහෙවර : අශෝක ජයතුංග



අදහස් (0)

උතුර ලංකාවේ කොටසක් නොවෙයිද?

ජයලාල් Monday, 20 May 2013 11:00 PM

කිලිනොච්චියෙන් මැදවච්චියටත් යනවද? (නි)

:       0       0

ඉන්දික Tuesday, 21 May 2013 12:00 PM

මතත් තියෙන ප්‍රශ්නය ඕකම තමයි

:       0       0

සාගර Thursday, 30 May 2013 09:20 AM

මටත් තියෙන ප්‍රශ්නය ඒක තමයි (දී)

:       0       0

මංජු පෙරේරා Friday, 31 May 2013 11:16 PM

අනේ අනේ රවියෝ..(ස)

:       0       0

සුජිත් Wednesday, 29 May 2013 11:33 PM

ඉස්සර කටම තමා තාම වෙනසක් වෙලා නැහැ (නි)

:       0       0

හේරත් Monday, 03 June 2013 02:54 AM

ලංකාවේ දේශපාලනය ගැන රවී වගේ කෙනෙක්ගෙන් අහන එක තේරුමක් නැති වැඩක්. සිතත් කයත් දෙකම ලංකාවේ තියාගෙන ඉන්න පුංචි එකෙක්ගෙන් ඇහුවොත් හරියට කියයි මෙයාගෙන් අහන්න බටහිර රටවල් ගැන. හීනෙන්වත් ලංකාව නොදකින අයගෙන් හැබෑ තත්වය අහල වැඩක් තියෙයිද ?(නදී)

:       0       0

තිනුග Saturday, 25 May 2013 12:51 PM

මෙගොලෝ බලේ හිටියා නම් අද රටේ ජනාදිපති වෙලා ඉනේ ප්‍රභාකරන්. මහා ලියුමකින් උන්ට රට ලියලම දීලා දැන් මොනවද කියන්නේ. ඔහෙලා යුද්දේ දවස්වල කියපුව කරපුව තාම අපිට මතකයි.(නදී)

:       0       0

පිපැල් Sunday, 02 June 2013 04:14 PM

මොනවා වුනත් මොහු කියන ඒවගේ ඇත්තකුත් තියනවා. ඉදිරිය බොහොම භයානකයි (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 25 May 2013 08:53 PM

මේ අය කරනකොට නම් උතුර වෙනම තමයි තිබුනේ (නි)

:       0       0

ජෙප් Tuesday, 21 May 2013 04:37 PM

ඔබ සතොස කාලා විනාස කල හැටි මතකයේ තියෙනවද ?(නදී)

:       0       0

රූපා Monday, 20 May 2013 05:05 PM

ලංකාව කියන්නේ මගේ රට

:       0       0

වාසනා Monday, 20 May 2013 05:10 PM

සහතික ඇත්ත

:       0       0

අනුර Tuesday, 21 May 2013 10:14 PM

මෙයාගේ කටත් හරියට පාමංකඩ ගියා වගේ.(නදී)

:       0       0

උපාලි Saturday, 01 June 2013 04:24 PM

අලිමන්කඩ - පාමංකඩ , කිලිනොච්චි - මැදවච්චි....අපිට තාමත් මතකයි.(ස)

:       0       0

අනුරාධ Tuesday, 21 May 2013 11:15 PM

නැහැ නැහැ නැහැ. ඇයි අප්පේ තමුන්නාන්සේට මතක නැද්ද ලංකාවට අයිති "මැදවච්චියට" යනකල් විතරයි කියලා. ඇයි එතනින් එහාටික ඔහෙලගෙ මහා ඒක ලියලම දුන්නේ අරුන්ට. ඔන්න දැන් ලංකාවේ සීමාවල් මේ වගේ කියන්නේ. එක පැත්තකින් තොප්පිගල. තවපැත්තකින් පස්දුන් කෝරලේ. අනිත් පැත්තෙන් ඔය ඔයාලම කියපු මැදවච්චිය.(නදී)

:       0       0

චින්තක Sunday, 02 June 2013 06:29 PM

රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් තමයි රට බේරා ගත්තේ (දී)

:       0       0

චන්න Monday, 20 May 2013 01:37 PM

එහෙම තමයි වෙන්න ගියේ . ජනාධි පති තුමාට ජය වේවා

:       0       0

චන්දීම Monday, 03 June 2013 08:46 AM

කතාව 100 % ඇත්ත

:       0       0

මංජු-සයිප්‍රස් Wednesday, 22 May 2013 12:21 AM

නිකන් කාලය නාස්ති කරන්න එපා ගොන් කතා කියලා. යුද්දේ දවස්වල කියපුවා අපිට තාම මතකයි.(නදී)

:       0       0

සන්දීප් Thursday, 23 May 2013 05:37 PM

ඔබ දන්නවද උතුර පාමංකඩ කොටසක්.(නදී)

:       0       0

සන්දීප් Thursday, 23 May 2013 05:42 PM

උතුර ලංකාවේ කොටසක් නෙමෙයි. පාමංකඩ කොටසක්.(නදී)

:       0       0

ශශිකා Wednesday, 29 May 2013 02:59 PM

දැන්ද උතුරක් තියනවා කියලා මතක් වුණේ? (නි)

:       0       0

සඳලි Monday, 20 May 2013 06:54 PM

දඩුවම ...දඩුවම ...

:       0       0

දිසානායක Monday, 20 May 2013 02:45 PM

රවී මහත්තයෝ, ඔබතුමාගෙන් කිසිම දෙයක් අහන්න අපි නම් කැමැති නැහැ (නි)

:       0       0

සුජිත් ෆෙර්ණන්දෝ Wednesday, 22 May 2013 06:32 PM

රාජපක්ෂවරුන්ගේ සමගිය නිසා තමයි අද රටත් ජාතියත් බේරිලා තියෙන්නේ, නැත්නම් අද මීට වඩා දුක් විදින්න වෙන්නේ රට ප්‍රභාට ගියා නම්. ඒකක් මතක තියාගන්න මහත්තයෝ. (නි)

:       0       0

ඇන්තනී Tuesday, 21 May 2013 10:03 AM

මේ දවස්වල අර රාජ්ය නොවන සංවිදානය ගැන කියන දේවල්වලට මෙතුමා සම්බන්ද නැතුව ඇති නේද? මම දන්නේ නැති නිසා ඇහුවේ .(නදී)

:       0       0

රොෂාන් Tuesday, 21 May 2013 02:48 PM

මහත්මයා, ඔයා හරි කුහකයි. ඔයා ඔය විදියට ගියොත් ඔයාට මේ රටේ තැනකට එන්න බෑ. කවදා හරි ඇත්ත ජය ගන්නවා. සජිත් එක්ක එකතු වෙන්න පක්ෂේ නායකයා ඔයාලට ඕන කට්ටිය නෙමෙයි රටේ මිනිස්සුන්ට ඕන කෙනාව පත කරන්න සහය වෙන්න.(නදී)

:       0       0

බණ්ඩාර Saturday, 25 May 2013 05:13 PM

එසේ වෙන්න තිබ්බා , නමුත් දැන් නැහැ

:       0       0

දිසානායක Thursday, 23 May 2013 07:36 PM

මම හිතන්නේ තමයි

:       0       0

උපාලි Wednesday, 22 May 2013 08:11 AM

ඔබ හරි. ඇයි අප්පේ අලිමන්කඩ තියේන්නේත් පාමන්කඩම තමයි?(නදී)

:       0       0

හේමාල් Sunday, 26 May 2013 12:25 PM

අනේ මහත්තයෝ, ඔයාගේ කතා අහල ඇති වෙලා. (නි)

:       0       0

අයිවන් Tuesday, 21 May 2013 11:33 AM

ඔබ හරි. යූ.එන්.පී. යට ජයවේවා! (නි)

:       0       0

මංජු Tuesday, 28 May 2013 11:22 PM

මේ කෙනා තාම දන්නේ නැද්ද,අපි කොටි මරලා උතුර ,දකුණට එකතු කළා කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 214 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 81 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 171 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 224 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 869 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site