මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකුරාදා සිට අප්‍රේල් 6 වැනි ඉරිදා දක්වා පැවති මෙම දෙදින සංචාරයේ කැපී පෙනෙන අවස්ථා වූයේ, දෙරටේ ජාතික ආරක්ෂාවේ අන්තර් සම්බන්ධිත ස්වභාවය පිළිගත් ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” සම්මානය ප්‍රදානය කිරීමයි.
එකඟතාවෙන් යුත් පරිසරයක ඇති වූ එකම මතභේදාත්මක කරුණ වූයේ තමිල්නාඩු සහ පුදුචේරි (පොන්ඩිචේරි) හි ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ විශාල වශයෙන් දඩයම් කිරීම සහ පතුල් ට්‍රෝලනය කිරීම වැනි හානිකර ක්‍රියා හරහා සමුද්‍ර ජීවීන් විනාශ වී යාම පිළිබඳ ප්‍රශ්නයයි. නායකයන් දෙදෙනා විසින් මෙම ගැටලුව හරියටම සාකච්ඡා කළේ කෙසේදැයි කිසිවකු නොදන්නා නමුත්, ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශ මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම ප්‍රශ්නය පිළිබඳ ඉදිරි දර්ශනවල “ප්‍රතිවිරුද්ධත්වය” යි.
ජනාධිපති දිසානායක අවධාරණය කළේ ගැටලුවට “තිරසාර විසඳුමක් සඳහා සහයෝගී ප්‍රවේශයක්” අවශ්‍ය බවයි. තවදුරටත් කරුණු දැක්වූ ඔහු “පතුල් ට්‍රෝලින් ධීවර කර්මාන්තයෙන් සිදුවන බරපතළ පාරිසරික හානිය හඳුනා ගනිමින්. මෙම ක්‍රියාකාරකම් නැවැත්වීමට සහ නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීමට එරෙහිව තීරණාත්මක පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු” යනුවෙනි.
අනෙක් අතට, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වඩාත් අවංක විය. එය ජීවනෝපාය පිළිබඳ කාරණයක් ලෙස විස්තර කළ අගමැතිවරයා, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමා මෙම ගැටලුව සම්බන්ධයෙන් “මානුෂීය ප්‍රවේශයක්” අනුගමනය කිරීමට එකඟ වූ බව පැවසීය. ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ අත්අඩංගුවට ගත් බෝට්ටු වහාම නිදහස් කිරීමේ අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
අනතුරුව අදහස් දැක්වූ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පැවසුවේ නුදුරු අනාගතයේ දී දෙපාර්ශ්වයේම ධීවර සංගම් අතර ආයතනික සාකච්ඡා තීව්‍ර කිරීමට සහ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට දෙරට එකඟ වී ඇති බවයි. “එය දෙපාර්ශ්වය අතර ඉහළ මට්ටම්ද ඇතුළුව සෑම මට්ටමකම සාකච්ඡාවල නිරන්තර විශේෂාංගයක් ලෙස පවතී” යැයි විදේශ ලේකම්වරයා පැවසීය.
ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසුවේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින්ම සැලකිය යුතු ලෙස විස්තරාත්මකව සාකච්ඡා කළ බවයි. “අවසානයේදී එය ධීවරයන්ගේ දෛනික ජීවනෝපාය ගැටලුවක් වන අතර, මෑත කාලයේ ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග නැවත සලකා බැලිය හැකි බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය” යැයි ඔහු පෙන්වා දුන්නේය.
ධීවර ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කිරීම පිළිබඳව ප්‍රකාශිත හැඟීම්වලට අනුකූලව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය සුහදතාවයේ සංකේතාත්මක ඉඟියක් පළ කළහ. තමිල්නාඩුවේ රාමනාදපුරම් හි ඉන්දීය ධීවරයන් එකොළොස් දෙනකු නීතිපතිවරයා විසින් කිසිදු චෝදනාවක් ගොනු නොකරම නිදහස් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත්තේය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ උතුරු භෞමික මුහුදු සීමාවේ දඩයම් කිරීමේදීය. එසේම, යාපනයේ ගුරුනගර් හි ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනකු නිදහස් කිරීමටද ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය. ඔවුන් අත්අඩංගුවට පත්ව තිබුණේ කාලගුණික තත්වයන් හේතුවෙන් ඔවුන්ගේ යාත්‍රාව ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීමෙන් අනතුරුවය.
අගමැති මෝදි සහ දෙමළ පක්ෂ අතර රැස්වීම
වෙනම වර්ධනයක දී, ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන් විසින් දඩයම් කිරීම සහ පතුල් ට්‍රෝලනය කිරීම පිළිබඳ ප්‍රශ්නය අප්‍රේල් 5 වැනි දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා දෙමළ දේශපාලන පක්ෂ නියෝජිත පිරිසක් විසින් මතු කරනු ලැබීය. හත් දෙනකුගෙන් යුත් දෙමළ නියෝජිත පිරිසට ඉලංකෙයි තමිල් අරසුක් කච්චි පක්ෂයේ සභාපති සී. වී. කේ. සිවඥානම්, ඉලංකෙයි තමිල් අරසුක් කච්චි පක්ෂයේ ලේකම් එම්. ඒ. සුමන්තිරන්, යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන්, මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ (ප්ලෝට්) නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, අහිල ඉලංකෙයි දෙමළ කොංග්‍රස් නායක සහ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) නායක සහ වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයික්කලනාදන් යන අය ඇතුළත් වූහ.
“ද හින්දු” පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී මීරා ශ්‍රීනිවාසන් විසින් ගොනු කරන ලද ප්‍රවෘත්ති වාර්තාවක “ශ්‍රී ලංකාවේ උතුරු සහ තමිල්නාඩු ධීවරයන්ට බලපාන ධීවර ගැටුම තීරණාත්මක ලෙස විසඳීම සඳහා පතුල ට්‍රෝලින් කිරීම තහනම් කරන ලෙස ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන නායකයන් සෙනසුරාදා (2025 අප්‍රේල් 5 වැනිදා) ඉන්දියාවෙන් ඉල්ලා සිටියහ” යනුවෙන් දැක්වේ.
“පෝක් සමුද්‍ර සන්ධියේ සම්පත් සඳහා දිගු කලක් තිස්සේ පවතින අරගලය මතු කළ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනඥයන්, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ධීවරයන්ට සහ පෝක් සමුද්‍ර සන්ධියේ සමුද්‍ර පරිසර පද්ධතියට ඉන් සිදුවන විනාශකාරී බලපෑම පෙන්වා දුන්නේය”
“රැස්වීම අතරතුර අදහස් දැක්වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් මහතා, 2016 දී ඉන්දීය සහ ශ්‍රී ලංකා රජය විසින් “පතුල් ට්‍රෝලනය කිරීමේ පුරුද්ද ඉක්මනින් අවසන් කිරීම සඳහා වන සංක්‍රාන්තිය කඩිනම් කිරීම” සඳහා ඇති කරගත් ගිවිසුම සිහිපත් කළේය. 2016 නොවැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු වූ සුමන්තිරන් මහතා මෙසේද පැවසීය: “ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ගත් පියවර අගය කරන බව අපි අගමැති මෝදිට පැවසුවෙමු, එහෙත් අද දක්වාම පවතින පතුල් ට්‍රෝලනය කිරීමේ ගැටලුවද පෙන්වා දුන්නෙමු.”
“2017 දී ශ්‍රී ලංකාව පතුල් ට්‍රෝලින් මසුන් ඇල්ලීම තහනම් කළේ යාපනයේ හිටපු මන්ත්‍රීවරයකු වන සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනතක් අනුවය. මත්ස්‍ය අභිජනනය සඳහා ඉඩ සැලසීම සඳහා ඉන්දියාව දැනට සෑම වසරකම අප්‍රේල් මැද සිට ජුනි මැද දක්වා මාස දෙකකට ආසන්න කාලයක් එහි නැගෙනහිර වෙරළ තීරයේ මසුන් ඇල්ලීම සඳහා සෘතුමය තහනමක් අනුගමනය කරයි” යනුවෙන් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.
තමිල්නාඩු වෙරළබඩ දිස්ත්‍රික්ක
තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත්‍රික්ක කිහිපයක ඉන්දීය ධීවරයන් උතුරේ ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු තීරයේ මසුන් ඇල්ලීම, ශ්‍රී ලංකාවේ දෙමළ ධීවරයන්ට බලපාන ප්‍රධාන ගැටලුවකි. මෙය බෝට්ටු කිහිපයක් අපේ මුහුදු සීමාවට අයාලේ යාම, මසුන් ඇල්ලීම සහ පලා යාම පිළිබඳ සිද්ධියක් නොවන අතර, ගැටලුවේ ද්විත්ව ස්වභාවය වඩාත් බරපතළ ය.
ධීවර බෝට්ටු සමූහය
වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින්නේ මෙයයි. ධීවර බෝට්ටු සමූහයක්, වරකට 500 කට වඩා වැඩි සංඛ්‍යාවක් උතුරු මුහුද නීති විරෝධී ලෙස ආක්‍රමණය කර අපගේ භෞමික ජලයේ දඩයම් කරන අතර, එම බෝට්ටුවලින් බොහොමයක් හොඳින් සන්නද්ධ විශාල ට්‍රෝලර් යාත්‍රාය. මෙය හිතාමතා, කලින් සැලසුම් කළ අභ්‍යාසයකි. මන්නාරම් බොක්ක, පෝක් සමුද්‍ර සන්ධිය සහ බෙංගාල බොක්කෙහි ආශ්‍රිත ශ්‍රී ලංකා ජලයේ මෙම බෝට්ටු සමූහය හැසිරෙන්නේ ආමඩා යුධ නැවු ලෙසිනි.
ඉන්දියානු ධීවර බෝට්ටු ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් යාපනය අර්ධද්වීපයේ සහ කිලිනොච්චි, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉතා ආසන්නයටම පැමිණෙ අතර, ඔවුන් නෙඩුන්තීව් (ඩෙල්ෆ්ට්) සහ කච්චතිව් වැනි උතුරු වෙරළබඩ දූපත් වලින් පිටත ජලයේ මහා පරිමාණයෙන් මසුන් ඇල්ලීමේ නිරත වේ. ඉන්දියානු යාත්‍රා මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර අපගේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීමට පටන් ගෙන අලුයම පහව යාමට පෙර ඉවත් වේ.
මෙම ඉන්දියානු බෝට්ටු විශාල වශයෙන් එකට එකතු වන්නේ ප්‍රහාරාත්මක සහ ආරක්ෂක හේතූ මතය. ඉන්දියානු බෝට්ටු බහුලව තිබීම නිසා ඒවාට පහර දීමෙන් සහ අභියෝග කිරීමෙන් ශ්‍රී ලාංකික ධීවරයන් වළක්වයි. ප්‍රහාරක යාත්‍රා වැනි මෙම බෝට්ටු සමූහය දැකීමෙන් ශ්‍රී ලාංකික ධීවරයන් භියට පත්වෙයි. ඉන්දියානුවන්ට හසුවූ ශ්‍රී ලාංකික ධීවරයන් කිහිප දෙනකුට පහර කෑමට ලක්වන අතර, ඔවුන්ගේ බෝට්ටුවලටද හානි සිදු වේ. මින් බොහෝ දෙනකුට තුවාල සිදුව ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව පවා ඉන්දියානු ධීවර යාත්‍රා සමූහයක් මැදට යන්නේ නැත. ලංකා නාවික යාත්‍රා එසේ කළහොත්, නාවික යාත්‍රාවට පහර දීම සඳහා ධීවර බෝට්ටු විසින් ඔවුන්ව වට කරනු ලැබේ. මෑත සිදුවීමකදී, ගැටීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයකු මිය ගියේය. මේවා සාමකාමී කාලයක් වන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යුද්ධයක පැටළී නොමැත. එබැවින් ලංකා නාවික හමුදාවට ඉන්දියානු ධීවර බෝට්ටුවල සිටින “සිවිල් ආක්‍රමණිකයන්ට” වෙඩි තැබිය නොහැක. එබැවින් ඉන්දියානු ධීවරයන් බියට පත් වී කැරලි ගසන්නේ නැත.
එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව ද නිෂ්ක්‍රීයව සිටින්නේද නැත. හැකි සෑම විටම නාවික හමුදාව දුර සිට සෝදිසියෙන් සිටින අතර, ඒ නිසා ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා වෙරළට සමීපව යාත්‍රා කිරීමේ ප්‍රවණතාව සීමා කරයි. ආරක්ෂිත බෝට්ටු සමූහයෙන් බොහෝ දුරින් ගමන් කරන ඉන්දියානු බෝට්ටුවලට ද නාවික හමුදාව පහර දෙන අතර, සුදුසු මොහොතක හුදකලා වූ ධීවරයා වට කර අල්ලා ගැනීමට නාවික හමුදාව පියවර ගනියි. අනතුරුව පිටසක්වල ධීවරයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ බෝට්ටුද අත්අඩංගුවට ගනු ලැබේ. 2024 දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියාවෙන් පැමිණි ධීවරයන් 550 දෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා විය. චෝදනා එල්ල වන බෝට්ටු හිමිකරුවන් ඇතුළු සමහරුන් වරදකරුවන් වූ අතර, අනෙක් අය අත්හිටවූ සිර දඬුවමක් සමඟ නිදහස් කරනු ලැබේ. මෙම වසරේ ඉන්දීය ධීවරයන් සියයකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලද අතර, මෙයින් 94 දෙනෙක් තවමත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවෙති.
පතුල් ට්‍රෝලනය
ධීවර බෝට්ටු බලඇණියක් ලෙස අපගේ ජලය ආක්‍රමණය කිරීම සහ අපගේ මාළු, ඉස්සන් සහ කකුළුවන් දඩයම් කිරීම ඉන්දියානු ආක්‍රමණවල එක් අංගයක් පමණි. අනෙක් සහ ඊටත් වඩා මාරාන්තික අංගය වන්නේ එයින් ඇති වන ස්ථිර ස්වභාවයේ හිතුවක්කාර විනාශයයි. ශ්‍රී ලංකා මුහුදේ දඩයම් කරන බොහෝ ඉන්දියානු ධීවර බෝට්ටු පතුල් ට්‍රෝලනයේ නිරත වන “බොටම් ට්‍රෝලින් යාත්‍රා” වේ. “බොටම් ට්‍රෝලින් යාත්‍රා” යනු සාමාන්‍යයෙන් මුහුදු පත්ල දිගේ විශාල ධීවර දැල් ඇදගෙන යන ධීවර යාත්‍රා වන අතර, මාළු හෝ ඉස්සන් අල්ලා ගැනීමට අමතරව බිත්තර සහ මාළු පැටවුන්ගේ සිට සාගර වෘක්ෂලතාදිය දක්වා සියල්ල ඉන් උදුරා ගනී.
දශක ගණනාවක් තිස්සේ තමිල්නාඩුව ඇතුළු විවිධ වෙරළබඩ ප්‍රාන්තවල ඉන්දීය ධීවරයින් මෙම ක්‍රියාවෙහි නියැලී සිටින අතර එමඟින් ඉන්දියාවේ මුහුදු ආහාර අපනයනය ඉහළ ගොස් ඉහළ ලාබයක් ලබා ඇත. එහි අහිතකර ප්‍රතිවිපාකය වී ඇත්තේ මාළු හා ඉස්සන් ක්ෂය වීම සහ අඩුවීමයි. මෙය විශේෂයෙන් සිදු වන්නේ තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ, විශේෂයෙන් පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දියානු පැත්තේය.
ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කිරීම සහ දඩයම් කිරීම සඳහා තමිල්නාඩු ධීවරයන් පෙළඹවීමට තවත් හේතුවක් වන්නේ එයයි. මහා පරිමාණයෙන් පතුල් ට්‍රෝලින් කිරීම මගින් ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සමුද්‍ර ජීවීන් විනාශ කරමින් සිටින අතර, තවත් වසර කිහිපයකින්, ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් දැඩි ලෙස අඩුවී තිරසාර මසුන් ඇල්ලීම කළ නොහැකි මට්ටමකට පත්විය හැකිය. එහෙත් තමන්ගේම සමුද්‍ර සම්පත්වලට ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කර ඇති ආත්මාර්ථකාමී තමිල්නාඩු ධීවරයෝ ශ්‍රී ලංකාවට ද එයම කිරීමට පෙළඹී සිටිති.
සතුරුකම සහ වෛරය
තවද, ශ්‍රී ලංකාවේ, දෙමළ කතා කරන ඔවුන්ගේ සගයන් කෙරෙහි තමිල්නාඩු ධීවරයන් පෙන්නුම් කරන්නේ ඇදහිය නොහැකි තරම් සතුරුකමක් සහ වෛරයකි. ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන් ආක්‍රමණික කොල්ලකරුවන්ට හසු වුවහොත්, ඔවුන්ට දැඩි ලෙස පහර දෙන අතර ඔවුන්ගේ බෝට්ටු සහ උපකරණ වලට හානි කිරීම හෝ විනාශ කරයි. ශ්‍රී ලාංකික ධීවරයන් සතු ධීවර දැල් ඉන්දියානු ධීවරයින් විසින් හිතාමතාම හානි කර හෝ විනාශ කර ඇති අතර, මෑතකදී සමහර ඉන්දියානු බෝට්ටු මාඩගල්-චුෂිපුරම් වෙරළට ඉතා ආසන්නව ගොස් ධීවර දැල් විනාශ කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් කලාතුරකින් අවස්ථාවක මේ සඳහා වන්දි ගෙවා ඇත.
මේ අනුව, තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සාගර සම්පත් අනුකම්පා විරහිතව හා කෑදර ලෙස සූරාකමින් සිටින බවත්, එම ක්‍රියාවලියේදී ආපසු ගෙවිය නොහැකි හානියක් සිදු කරන බවත් දැකගත හැකිය. තිරසාර මසුන් ඇල්ලීම සඳහා සමුද්‍ර සම්පත් සංරක්ෂණය කිරීම ගැන කිසිදු සැලකිල්ලක් නොමැත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මසුන් ඇල්ලීම තවදුරටත් තමිල්නාඩුවේ සාම්ප්‍රදායික රැකියාවක් නොවීමයි. පරම්පරා ගණනාවක් තිස්සේ මසුන් ඇල්ලීමේ නියැලී සිටින විවිධ කුලවලට අයත් බොහෝ දෙනා ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමෙන් පසු අධ්‍යාපනයෙන් ඉහළ දියුණුවක් ලබා ඇත. එය තවදුරටත් පවුල පදනම් කරගත් රැකියාවක් හෝ ප්‍රාදේශීය මුදලාලිගේ බෝට්ටුවලට පමණක් සීමා නොවේ.
ධනවාදී කර්මාන්තයක් බවට පත්වූ ධීවර කර්මාන්තය
ඒ වෙනුවට එය දැන් ධනවාදී කර්මාන්තයක් බවට පත්ව ඇත. මාළු, ඉස්සන් සහ කකුළුවන් “වෙළෙඳ භාණ්ඩයක්” බවට පත්ව ඇත. ඒවා දැන් ජීවනෝපායේ දීර්ඝායුෂ ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිව හැකිතාක් නිෂ්පාදනය කර විකිණීමට ඇති භාණ්ඩ බවට පත්ව ඇත. විශාල ධීවර බෝට්ටු සහ ට්‍රෝලර් යාත්‍රාවල අයිතිකරුවන් ධනවත් ධනපතියන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දේශපාලනඥයන් හෝ දේශපාලන සම්බන්ධතා ඇති අය වෙති. බහුතරයක් බෝට්ටුවල නාමික අයිතිකරුවන් ධීවරයන් වුවත්, ඔවුන් වෙනත් පුද්ගලයකුගේ “බෙනාමි” ලාය. “බෙනාමි” යන්නෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම වෙනත් කෙනකුට අයත් වත්කම්වල නීත්‍යානුකූල හිමිකරුවන් යැයි කියනු ලබන පුද්ගලයින් ය.
තමිල්නාඩුවේ සහ ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ඉඩම් සීමාවක් පවතින බැවින්, බොහෝ ඉඩම් හිමියන් ඔවුන්ගේ අතිරික්ත ඉඩම් ඔවුන්ගේ නූගත් සේවකයන්ගේ සහ වැඩකාරයන්ගේ නම්වලට “බෙනාමි” ලෙස ලියාපදිංචි කර ඇත. ඒ ආකාරයෙන්ම බොහෝ ධීවර බෝට්ටු ඇත්ත වශයෙන්ම ලියාපදිංචි කර ඇත්තේ බෙනාමි ධීවරයන්ගේ නම්වලටය. මෙම කාරණය සොයාගනු ලැබුවේ ඉන්දු-ලංකා ධීවර ආරවුල් අධ්‍යයනය කරන ලන්දේසි පර් යේෂකයන් විසිනි. තමිල්නාඩුවේ ධීවර බෝට්ටු කාර්ය මණ්ඩලයෙන් වැඩි දෙනෙක් සාම්ප්‍රදායිකව මසුන් ඇල්ලීමේ නිරත නොවූ කුලවලට අයත් බව ද මෙම පර් යේෂකයන් සොයා ගත්හ. ඔවුන් දෛනික වැටුප් පදනම මත කුලියට ගෙන ඇති අතර, ඔවුන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ දඩයම් කිරීමට බල කෙරෙන්නේ ඔවුන්ගේ සේවායෝජකයන් විසින්ය.
ඉන්දීය බලධාරීන්
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ, ඉන්දීය බලධාරීන්ගේ පාලනය කිරීමකින් හෝ අත්අඩංගුවට ගැනීමකින් තොරව මෙතරම් විශාල ධීවර බෝට්ටු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට හැකි වන්නේ කෙසේද යන්නයි. ඉන්දීය බලධාරීන් හිතාමතාම සිදුවෙමින් පවතින දේ දෙස ඇස් පියාගෙන සිටින බව හෝ ඔවුන්ගේ දේශපාලන ස්වාමිවරුන් විසින් එසේ කිරීමට උපදෙස් ලබා දී ඇති බව පැහැදිලිය. අල්ලස් ලබා ගැනීමේ හැකියාව ද බැහැර කළ නොහැක. හේතුව කුමක් වුවත්, ගැටලුව දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. මීට පෙර, ඉන්දීය ධීවර බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කළේ සතියකට දින තුනක් පමණකි. එහෙත් දැන් ඔවුන් එය දිනපතාම පාහේ කරන බව පසුගිය සතියේ ඩෙල්ෆ්ට් හි පැවති රැස්වීමකදී ඉලංකෙයි තමිල් අරසුක් කච්චි පක්ෂයේ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් චෝදනා කළේය.
ධීවර අමාත්‍ය චන්ද්‍රසේකර්
ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය නව රජයේ ධීවර හා ජලජ හා සාගර සම්පත් කැබිනට් අමාත්‍යවරයා ලෙස රාමලිංගම් චන්ද්‍රසේකර් පත්ව ඇත. බණ්ඩාරවෙලින් පැමිණි චන්ද්‍රසේකර් ජනතා විමුක්ති පෙරමුණේ - ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වශයෙන් කටයුතු කරයි. වසර ගණනාවක් යාපනයේ පදිංචිව සිටින චන්ද්‍රසේකර් තමිල්නාඩුවේ දෙමළ කතා කරන තම සහෝදරයන්ගෙන් උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව හොඳින් දනිති. ඇත්ත වශයෙන්ම, යාපනයේ වෙරළබඩ ජනගහනයෙන් විශාල කොටසක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන්නේ තමිල්නාඩු ධීවරයන්ගේ දඩයම් කිරීම නතර කරන බවට දුන් පොරොන්දුව නිසාය.
චන්ද්‍රසේකර් ට ධීවර ගැටලුව ගැන දැඩි හැඟීමක් ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජනාධිපති දිසානායක නවදිල්ලිය බලා පිටත්ව යාමට පෙර, “ද හින්දු” පුවත්පත කොළඹදී ධීවර අමාත්‍යවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. මීරා ශ්‍රීනිවාසන් සමඟ කළ එම සම්මුඛ සාකච්ඡාවේදී චන්ද්‍රසේකර් පැවසුවේ ඉන්දියානු පාර්ශවය විනාශකාරී පතුල් ට්‍රෝලිං ක්‍රමය භාවිත කිරීම නැවැත්වුවහොත් පමණක් කල් පවත්නා ධීවර ගැටුම තීරණාත්මකව විසඳා ගත හැකි බවයි.
“උතුරු, නැගෙනහිර සහ කඳුකරය ඇතුළු සියලුම ජනවාර්ගික කණ්ඩායම් සහ භූගෝලීය කලාපවල ජනතාව අපට (ජාතික ජන බලවේගය සන්ධානයට) ඡන්දය දුන්නා. මෑතකදී පැවති මැතිවරණයේදී අපට විශාල ජනවරමක් ලැබුණා. ඔවුන්ගේ ගැටලු විසඳීමට අපට වගකීමක් තිබෙනවා. අපගේ උතුරේ ධීවර ප්‍රජාවන්ගේ ප්‍රධාන සැලකිල්ල වී තිබෙන්නේ තමිල්නාඩුවෙන් ආරම්භ වූ ඉන්දියානු ධීවරයන් විසින් භාවිත කරන බොටම් ට්‍රෝලර් යාත්‍රා පිළිබඳ දිගු කලක් තිස්සේ පවතින ගැටලුවයි” යනුවෙන් එහිදී අමාත්‍ය චන්ද්‍රසේකර් පැවසීය.
“නවීන තාක්ෂණය සහ තිරසාර ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ජාතික ජන බලවේගය රජයට පුළුල් සැලැස්මක් තියෙනවා. ඉන්දු-ලංකා ධීවර ගැටුම විසඳීම එම සැලැස්මේ කොටසක්. 2017 දී කිලෝග්‍රෑම් 17.2 ක් වූ රටේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දැන් කිලෝග්‍රෑම් 11.07 දක්වා පහත වැටී තිබෙනවා. ඉන් රටේ ජනතාවගේ ප්‍රෝටීන් පරිභෝජනය අඩුවීමක් පිළිබිඹු කරනවා. විශේෂයෙන් 2022 දී රටේ වේදනාකාරී ආර්ථික කඩාවැටීමෙන් පසුව, මන්දපෝෂණය තියුණු ලෙස අවධානයට ලක්ව තියෙනවා. ජනතාවට පෝෂණය ලබා ගැනීම සහතික කිරීම සඳහා අපි මුහුදු ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතුයි. ඒ සියල්ල කිරීමට නම්, අපගේ මුහුද සහ අපගේ සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍යයි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
ශ්‍රී ලංකාවේ ස්ථාවරය
ධීවර අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉතා පැහැදිලිය. තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා භෞමික මුහුදු තීරයේ මසුන් දඩයම් කිරීම නැවැත්විය යුතුය. ඔවුන් බොටම් ට්‍රෝලින් කිරීමේ පිළිකුල් සහගත ක්‍රියාව නැවැත්විය යුතුය. යුද්ධය පැවැති දීර්ඝ කාලය තුළ පීඩාවට ලක් වූ ශ්‍රී ලංකාවේ දිගු කලක් දුක් විඳින දෙමළ ධීවරයන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට සහ ඔවුන්ගේ ජීවනෝපායන් නැවත ලබා ගැනීමට ඉඩ දිය යුතුය. තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකාවේ ධීවර ජලය ආක්‍රමණය කිරීමෙන් වැළකී සිටිය යුතුයි.
ඉන්දියාවේ “මානුෂීය” ප්‍රවේශය
කනගාටුවට කරුණක් නම්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රමුඛ ඉන්දියානු ආකල්පය සහ ප්‍රවේශය වෙනස් වීමයි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ සිට තමිල්නාඩු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි ස්ටාලින් දක්වා ප්‍රතිචාරය වන්නේ මෙම ගැටලුව මානුෂීය ලෙස සලකා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි.
මෙම මානුෂීය ප්‍රවේශය, වින්දිත ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන් කෙරෙහි ඇති සැලකිල්ල මත පදනම් වූවක් නොවේ. එය ශ්‍රී ලංකා මුහුදේ දඩයම් කරන ආක්‍රමණික තමිල්නාඩු ධීවරයන් සඳහා වන අතර, ඔවුන් වින්දිතයන් ලෙස වැරදි ලෙස අර්ථ නිරූපණය කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව ආක්‍රමණිකයන් බවට ව්‍යාජ චෝදනා එල්ල කර ඇත. “ශ්‍රී ලංකා නාවික හමුදාව අහිංසක දෙමළ නාඩු ධීවරයන් කුරිරු ලෙස අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ බෝට්ටු අත්පත් කර ගනිමින් සිටී” යන්න ඉන්දියානු කතාවයි. ඔවුන්ට අවශ්‍ය කරුණාවන්ත සහ මෘදු මානුෂීය ප්‍රවේශය වන්නේ ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට නොගැනීම හෝ ඔවුන්ගේ බෝට්ටු අත්පත් කර නොගැනීමයි. කෙටියෙන් කිවහොත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉන්දියානු ධීවරයන් අපගේ සමුද්‍ර සම්පත් කොල්ලකෑම දිගටම කරගෙන යාමට සහ මානුෂීය ප්‍රවේශයක නාමයෙන් අපගේ ධීවරයන් අහිමි කිරීමටයි. අනුකම්පාව ලැබෙන්නේ ගොදුරට නොව විලෝපිකයාට ය.
කුරිරු විහිළුවක් වූ සාකච්ඡා
සාකච්ඡා මගින් ගැටලුව විසඳීමේ ප්‍රශ්නය විහිළුවකි. කුරිරු විහිළුවකි! එය සමාන කළ හැක්කේ කොල්ලකරුවන් කණ්ඩායමක් වෙනත් කෙනෙකුගේ නිවසට ඇතුළු වී බඩුබාහිරාදිය සොරකම් කර “අපි මේ කාරණය සාකච්ඡා මගින් විසඳා ගනිමු” යැයි පැවැසීමටය. ඉන්දු-ලංකා ධීවර ආරවුල සම්බන්ධයෙන් ගත් කල, විවිධ කාලවලදී සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත. සාකච්ඡා හුදෙක් කාලය මිලදී ගැනීමේ අභ්‍යාස වන බැවින්, කිසි විටෙකත් ස්පර්ශ්‍ය කිසිවක් ක්‍රියාත්මක නොවේ. කෙසේ වෙතත්, දඩයම් කිරීම සහ පතුල ට්‍රෝලින් කිරීම අඩුවීමේ සලකුණක් හෝ නොමැතිව දිගටම පවතී.
කච්චතිව් දූපත
එසේම, සාමාන්‍යයෙන් ඉන්දියාවේ සහ විශේෂයෙන් තමිල්නාඩුවේ නව න්‍යායක් සංසරණය වෙමින් පවතී. ඒ 1974 දී ඉන්දියාව විසින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීම තමිල්නාඩු ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට හේතුව බවයි. කච්චතිව් අසල ජලයේ ඉඳහිට මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන් මේ හේතුවෙන් පීඩාවට පත්වන බවට බොරුවක් ප්‍රචාරය වෙමින් පවතී. කච්චතිව් දූපත ඉන්දියාව විසින් නැවත අත්පත් කර ගන්නේ නම්, තමිල්නාඩු ධීවරයින්ගේ කරදර අවසන් වන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරනු ලැබේ.
දෙමළ අර්බුදය යටපත් කිරීම
ඉන්දියාවේ ඉන්දු-ලංකා ධීවර ආරවුල වටා ඇති කතිකාව තුළ උතුරේ දෙමළ ධීවරයන්ගේ දුක්ඛිත තත්ත්වය දක්නට නොලැබෙන බව ද සැලකිල්ලට ගත යුතුය. එය නිරූපනය කෙරෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අහිංසක තමිල්නාඩු ධීවරයන් අතර සටන්කාමී ගැටුමක් ලෙසිනි. ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන්ගේ අර්බුදය මුළුමනින්ම යටපත් කර ඇති අතර, ගැටලුව විසඳීමේ යතුර ලෙසින් සැළකෙන්නේ කච්චතිව් දූපත යළි හිමිකර ගැනීමයි.
එසේ නම් ගැටලුවේ ආරම්භය කුමක්ද? කච්චතිව් දූපත එයට සම්බන්ධ වන්නේ කෙසේද? ඉන්දියාව යෝජනා කළ පරිදි ශ්‍රී ලංකාව “මානුෂීය” ප්‍රවේශයක් අනුගමනය කළ යුතු අතර, උතුරු මුහුදේ මසුන් ඇල්ලූ තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට නොගත යුතුද? මෙම ප්‍රශ්න ලබන සතියේ මෙම ලිපියේ දෙවන කොටසේදී විස්තරාත්මකව විමසා බලනු ඇත.
(***)
“ඩේලි මිරර්” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව