IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


උපාලිට පහරදුන් අය අල්ලා දඬුවම්දීම ඉක්මන් කරවමු

මෙරට ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු සහ පුවත්පත් කතුවරයකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහර දී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ යුද හමුදා සෙබළකු බව දැන් අනාවරණය වී තිබේ. එම සැකකාර කෝප්‍රල්වරයා සී.අයි.ඩිය මගින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ලබන 19 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබ සිටී. ඔහු එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් වාර්තා විය. මේ සම්බන්ධව මීට කලින් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් හත්දෙනකු ඇපමත සිටින බවත් ඔවුන්ට එරෙහි නඩු විභාග ලබන මාසයේ කැඳවා ඇති බවත් සඳහන් වෙයි.

උපාලි තෙන්නකෝන් මහතා මේ දරුණු ප්‍රහාරයට ලක්වූයේ ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ තමන්ගේ නිවෙසේ සිට උදෑසන වැඩට යාම සඳහා මහාමාර්ගය දක්වා සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදීය. වම්පසින් වූ අසුනේ ඔහුගේ බිරිඳ නොසිටින්නට එම ප්‍රහාරය උපාලි තෙන්නකෝන් මහතාට මාරාන්තිකවීමට හොඳටම ඉඩ තිබිණි. කැපෙන තියුණු ආයුධවලින් එල්ලකරන ලද ප්‍රහාරයේ වේගය අඩාල කිරීමට බිරිඳට හැකිවුවත් එයින් ඇය ද තුවාල ලැබුවාය. මතකයට නැංවීම පවා කොතරම් අමිහිරි සහ වේදනාත්මක වුවද සිද්ධිය වූ ආකාරය එසේ නොලියා සිටීමට නොහැකිය. උපාලි තෙන්නකෝන් මහතා මේ ප්‍රහාරයට ලක්වූයේ කිසිදු වරදක් සිදු කිරීම හේතුවෙන් නොවන බව අප සියලු දෙනා දන්නා බැවිනි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ යුද හමුදා සෙබළකු බව තහවුරුය. ඔහු සහ උපාලි තෙන්නකෝන් මහතා අතර කිසිදු සම්බන්ධකමක් හෝ දැනහැඳුනුම්කමක් හෝ තිබී නැත. එසේනම් දෙදෙනා තුළ කිසිදු පෞද්ගලික කෝන්තරයක් නොතිබුණා විය හැකිය. තිබෙන්නටත් ඇතැයි සැක කළ හැකිය. ප්‍රහාරය පිටුපස වෙනත් පුද්ගලයකු හෝ පාර්ශ්වයක් සිටින්නට ඇතැයි කෙනකුට උපකල්පනය කළ හැකිය. පහරදීම් හා ඝාතන සම්බන්ධ සිද්ධිවලදී සමාජයේ මෙවැනි සැකසංකා සහ කටකතා බහුල ය.

ප්‍රහාරය එල්ල කළ සෙබළා එම ප්‍රහාරය සිදුකළ දිනයේ රාජකාරියේ නිරතව සිටියේ ද නැතහොත් එදින ඔහු නිවාඩු ලබා සිටියේ ද වැනි කරුණු සොයාගැනීම මෙහිදී ඉතා වැදගත් වනු ඇත. සෙබළා පසුපස කිසිවකු සිටියේ නම් ඔහු හඳුනාගැනීමට එම තොරතුරු වැදගත් වන බැවිනි.

සේවයේ නිරතව සිටින හමුදා සෙබළකු සිවිල් පුද්ගලයකුට මාරාන්තික පහරදීමක් වැනි ක්‍රියා සඳහා නිකම්ම පෙළඹිය හැකිද? සැකකාර සෙබළා ඒ සඳහා විශාල අවදානමක් ගෙන ඇති බවත් එම අවදානමේ වගකීම කවුරුන් විසින් හෝ දරනු ලැබ ඇති බවත් සිතීමට ඉඩ තිබිණැයි කෙනකුට සිතන්නටද බැරි නැත.

මාධ්‍යවේදියකු, පුවත්පත් කතුවරයකු මතු නොව වෙනත් කිසිදු පුද්ගලයකු හෝ මෙවන් ඉරණමකට ගොදුරු විය යුතු නැත. මේ රට තුළ සෑම පුරවැසියකුටම නිදහසේ තමන්ගේ රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය ආරක්ෂාව තිබිය යුතුය. ජනතාවගේ ආරක්ෂාව සැපයීම ඕනෑම රජයක මූලික වගකීමකි. මෙවැනි සිදුවීම්වලට ඉඩක් නොතැබීම පුරවැසියන්ට ආරක්ෂාව සලසන රජයක යුතුකම වුවද උපාලි තෙන්නකෝන් ඇතුළු මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනකුටම එම ආරක්ෂාව අහිමිව තිබූ බවද මෙහිදී පෙන්වා දෙමු. එහිදී ආයුධ අතේ තිබූ සෙබළා පමණක් නොව ඊට වෙනත් පුද්ගලයකු කුමන ආකාරයකින් හෝ අනුබල දීමක් පෙළඹවීමක් කර ඇත්නම් ඔහු හෝ ඇය අධිකරණය ඉදිරියට පැමිණවීම අවශ්‍ය ය. 

අදාළ පහරදීම 2009 වසරේ ජනවාරි මස 23 වැනිදා වූ සිදුවීමකි. පහර දුන් පුද්ගලයා හඳුනාගැනීමත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමත් සිදුවන්නේ 2019 වසරේ ජූලි මාසයේ දී ය. එනම් හරියටම දස වසරක් ඉක්මයාමෙන් පසුව ය. යුක්තිය ඉටුවීමට මේ තරම් කල්ගත වන්නේ කාගේ වරදකින්දැයි අපි නොදනිමු. එහෙත් එය කල්ගත වන තරමට මේ සිද්ධි සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ක්‍රියාකරන සියලු පාර්ශ්ව තුළ සැකසංකා මතුවීම වළක්වනු බැරි ය.

උපාලි තෙන්නකෝන් ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් පහරකෑම්වලට ලක්වීම, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කරනු ලැබීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් අඳුරු පැතිකඩක් නිරූපණය කළ සිදුවීම් වශයෙන් ඉතිහාසයට එක්වී හමාරය. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ තවමත් වරදකරුවන්ට දඬුවම් ලබාදීම පමාවෙමින් තිබීමය. මේ සිද්ධි ඇති වූ පසුගිය ආණ්ඩුවේ පාලනය යටතේ ඒ ගැන පරීක්ෂණ සිදුකෙරුණේ මන්දගාමීව බව නොරහසකි. එය තේරුම් ගැනීම අපහසු නැත. එහෙත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කොට වරදකරුවන් වහාම අධිකරණය ඉදිරියට පමුණුවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ආණ්ඩුව යටතේත් එකී පරීක්ෂණ ඒ ආකාරයටම මන්දගාමීව සිදුවනු දැකීම තරම් කරුමයක් තවත් නැත.



අදහස් (7)

උපාලිට පහරදුන් අය අල්ලා දඬුවම්දීම ඉක්මන් කරවමු

d.upul Friday, 12 July 2019 11:29 AM

මෙවැනි අවිචාරවත් දේශපාලනයක් කළ පුද්ගලයින්ටම නැවත පාලනබලය ලබාදීම වෙනුවෙන් තවමත් කෑමොර ගහන අය සිටීම රටේ අවාසනාවක්...

:       13       167

ධනුෂ්කSaturday, 13 July 2019 01:59 AM

අනිවාර්යෙන්ම මෙම අපරාධකරවපු පැරණි පාලකයොයි, එම අපරාධකරුවන් රකින වත්මන් පාලකයොයි නැවත බලයට පත් කිරීමට වෙරදරන්නේද අවිචාරවත් පුද්ගලයින්ය.

:       4       127

nimal Saturday, 13 July 2019 11:00 AM

දැන් නැති නිසා අහන්නේ..? ඡන්දය ළං වෙනකම් බලාගෙන හිටියද දන්නේ නෑ. මීට ඉස්සර මාරුව ත්‍රස්තවාදීන්ට සහය නොදුන්න ජනප්‍රිය මාධ්‍යවේදීන් මිනිසුන් නොවේද? ඒ ගැන කට කරන්න ඕනෑ නැද්ද?

:       124       11

Chanak los angelesSunday, 14 July 2019 03:22 AM

ඔබ ඔය අහන ප්‍රශ්නය පැන නගින්නේ නැහැනේද? 2009දීම ඊට හරි දේ කළානම් එහෙම කළාද? එහෙනම් කටවහගෙන පාඩුවේ ඉන්න. ඒ කාලයේ සාටක ආණ්ඩුව පිස්සු බල්ලෝ වගෙයි රටේ හැසිරුණේ.. ඒ අපරාධ, හොරකම්, දූෂණ හංගන්න බලාගෙන තමයි නියම කාලෙට ඉස්සර වෙලා ජනපතිවරණය තියාගෙන ඉල්ලන් කෑවේ... අපිට ඕනේ සාටකයන් සදාකාලිකවම දේශපාලන භූමියෙන් අතුගා දමන්නයි...

:       113       202

Mahee Sunday, 14 July 2019 03:11 AM

2019දී වත් මේ නඩුව විභාගයට ගැනෙන්නේ වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිසා බව පළවුණා. නඩු යට ගැසීමට උවමනා වූවන්ගේ බලයට එතුමා යට නොවී කටයුතු කරනු දැකීම මහත් සතුටක්...

:       1       9

victor Sunday, 14 July 2019 12:38 PM

ඉල්ලන්නේ වසල සිරාගෙන්ද? ගෝඨාගෙන් අහලා උත්තරයක් දෙයි.

:       0       13

Nimal Sunday, 14 July 2019 04:36 PM

උපාලි තෙන්නකෝන් පුවත්පත් කර්තෘතුමා මා දන්නා හැටියට ඉතා උගත්, බුද්ධිමත්, ඉතා නිහතමානි සිනහවක් මුව මත නිතරම රඳවාගත් මහත්මයෙක්...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 34 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 106 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 39 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 52 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 217 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 409 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site