”නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟනක්” පිළිබඳව මෑතක දී අනාවරණය වූ පුවතක් ජනයා අතර මහත් ආන්දෝලනයක් මෙන්ම විශ්මයක් ද ඇති කරලීමට සමත් විය. ඇයත් ඒ නාගයාත් අතර කෙතරම් දැඩි සබඳතාවකින් බැඳී සිටියේ ද කිවහොත් එම නාගයා පොලීසිය විසින් ඇගෙන් ඉවත් කරනු ලැබූ පසු ඈ සිහිසුන්ව ඇද වැටී ඇත. මෙය මෑත කාලයේ දී අසන්නට ලැබුණු අපූර්ව සිද්ධියක් වුව ද කතුන් සහ උරගුන් අතර පැවති මෙවැනි සබඳතා පිළිබඳ කතා පුවත් මානව ඉතිහාසය පුරාම අපට හමුවේ. ක‍්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ විසූ මෝහනීය රූසපුවකින් යුතුව සිටි මිසරයේ ක්ලියෝපැට්රා රැජින ද කුඩා විෂඝෝර සර්පයකු තම ළමැදෙහි තබා ඇති දැඩි කළ බැව් දැක්වේ. ඔගස්ටස් අධිරාජයා විසින් තමා ග‍්‍රීසියට ගෙන ගොස් අවමානයට ලක් කරතැයි බිය වූ ඇය යටත්වීමට වඩා මරණය යහපතකැයි සිතා ඒ සුරතලා ලවාම දෂ්ට කරවාගෙන මියැදුණාය. සර්පයන් සමග හාදකම් පැවැත්වූ ස්ත‍්‍රීන් ගැන කතාන්දර පෙරදිග ලෝකයේ රටවලින් පමණක් නොව අපරදිග රටවලින් ද හමුවේ. පෙරදිග රටවල ප‍්‍රචලිත ජනශ‍්‍රැති එක්කොට Cinq Contes et Apologues නම් වෙළුම් දෙකකින් යුත් ග‍්‍රන්ථයක් පළ කළ මහාචාර්ය චවන්නෙස් එහි දෙවැනි වෙළුමේ කතාවක අඩ නින්දේ පසුවූ බිසවක ළඟට රිංගා ගත් සර්පයකුගෙන් ඈ ලද මිනිස් පුතුන් ගැන සඳහන්ය. ඉන්දියාවේ සන්තාල් ගෝත‍්‍රික ජනයාගේ ජනශ‍්‍රැති සංග‍්‍රහයක (Folktore of the Santal Paragnas) අග දැක්වෙන කොල්හාන් ජනයාගේ එක් ජන කතාවක ස්ත‍්‍රියක් විවාහ කරදී ඇත්තේ දිය නයකුටය. ඌ සමග දියයට විසීමෙන් ඈ පුතුන් සිව් දෙනකු ලැබුවාය. අප‍්‍රිකානු සහ ඇමෙරිකානු මහාද්වීපවල ප‍්‍රචලිත ජනශ‍්‍රැති කිහිපයකින් ද ස්ත‍්‍රීන් සහ සර්පයන් අතර පැවති සම්බන්ධතා ගැන තොරතුරු හෙළි වේ. එක් තරුණියක් දිගැති සර්පයකුගේ බිරිඳ බවට පත්වූ බවක් කාපිරි ජනයා පිළිබඳ ජනශ‍්‍රැති සංග‍්‍රහයකින් (Kaffir Folk lare) අනාවරණය වේ. ඇය පලා ගිය පසු ඌ ඇගේ සොහොයුරිය තම බිරිඳ බවට පත්කර ගත්තේය. පසුව ඇය සර්ප සැමියා ද කැටුව තම පියා බැලීමට ගිය අවස්ථාවේ දී ඇගේ නෑ පිරිස එක්ව ගෙට ගිනි තබා සර්පයා මරා දැමූහ. මෙයට වෙනස් පුවතක් ඇමෙරිකාවේ රතු ඉන්දියානුවන්ගේ ජනශ‍්‍රැති අතුරින් හමුවේ. එම ජනයා අතර ප‍්‍රචලිත ජනකතා එක්රැස් කර අගනා කෘතියක් ”රතු ඉන්දියානුවන්ගේ කතාන්දර” නමින් පළ කළ ලෝකප‍්‍රකට ජනශ‍්‍රැතිවේදියකු වූ මහාචාර්ය ස්මිත් තොම්සන් දක්වන එක් කතාන්දරයකට අනුව ගැහැනියක් සර්පයකු සමග රහසින් පැවැත්වූ හාදකම් ඇගෙ සැමියාට හසුවීම නිසා ඇයට සිදුවූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. පෙරළෙන හිස් ගෙඩිය නමින් යුත් එම අපූරු කතාන්දරය මෙසේය. හුදකලා තැනක තිබුණු කූඩාරමක එකම එක පවුලක් වාසය කළා. ඒකෙ හිටියෙ සැමියයි, බිරිඳයි. ඔවුන්ගෙ දරුවන් දෙන්නයි විතරයි. සැමියා දඩයමේ යන්න කලියෙන් ඔහු හැමදාම උදේට තම බිරිඳගෙ මූණෙයි, ඇඟෙයි සායම්වලින් රූප ඇඳලයි යන්නෙ. ඔහුගේ බිරිඳ ඒ අසල තිබුණ විලකින් වතුර ගේන්න යන්න පුරුදු වෙලා හිටියා. ඇය හැමදාමත් වතුර ගත්තෙ එකම තැනින්, විල ළඟට ආවාට පස්සෙ. ඇය නාන්න සැරසෙන විදියට තමන්ගෙ වස්තර ගලවා දැම්මා. එතෙන්දි විසාල සර්පයෙක් විලෙන් මතුවුණා. ගැහැනිය ඌට කතා කරල ගොඩට එන්න කීවා. ඌ ගොඩට එන්නෙ නැතුව ඇයට දියට බහින්නය කියල කිව්වෙ ඇගෙ සැමියා දඩයමේ ගොස් සිටි හින්දයි. ගැහැනිය සර්පයාගෙ බහට අවනත වුණා. (ඊට පස්සෙ) හැම උදයකම ඈ විලට යෑම පුරුද්දක් කරගත්තා. ගැහැනියගෙ සැමියා පුරුදු විදියට දඩයමේ ගිහින් මස් අරන් ආවා. ඇයත් ඇගෙ දරුවනුත් සතුටින් විසුවා. තමා නැති අතරෙ ගෙදර සිද්ධ වෙන්නෙ මොනව ද කියන එක සැමියා දැනගෙන හිටියෙ නෑ. තමාගෙ බිරිඳ වතුර ගේන්න විලට යන කොට ලොකු සර්පයෙක් මුණ ගැහිලා ඌත් එක්ක හාදකමක් ඇති කරගෙන තියන විත්තිය ගැන හාන්කවිසියක් ඔහුට දැනුනෙ නෑ. ඒත් දවසක් දා ඔහු බිරිඳගෙන් විමසුවා ඇඟේ ගාලා තියෙන සායම් හේදිල ගිහින් තියෙන්නෙ කොහොමද කියලා. ඒකට ඈ දුන්න උත්තරේ, තමා දිය නෑ බවයි. පසුව දා උදේ සැමියා දඩයමේ යන බව හඟවල, ගෙදරින් පිටවෙලා ගිහින් විලට කිට්ටුව වළක් හාරා ගෙන ඒකෙ හැංගිලා උන්නෙ තමන්ගෙ බිරිඳ කරන්නෙ මොකක්ද කියලා බලා ගන්නයි. ගැහැනිය විල් ඉවුරට ඇවිත් සර්පයාට අඬ ගැහැව්වා. ”එන්න කො මම මේ බලා ගෙනයි ඉන්නෙ.” එතෙන්දි ඔහු දැක්කා විසාල සර්ප මාල්ලෙක් විලෙන් මතුවෙලා ඇවිත් ඇඟේ සැමියා දඩයමේ ගියාදැයි විමසනවා. ”ඔව්, මම එන්නම්” කියල ඈ පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ඇය ඇඳුම් උනා තියල විලට බැස්සා. එතකොට සර්පයා ඇවිත් ඇගේ ඇඟ වටා වෙළුණා. හැංගිලා ඉඳගෙන මේ සේරම සිද්ධි බලාගෙන හිටිය සැමියා හුන් තැනින් එළියට ආවා. ඊට පස්සෙ සර්පයා ළඟට පැනලා තමා ළඟ තිබුණු පිහියෙන් පෙති ගහලා ඌ මරා දැම්මා. ඊළඟට තමන්ගෙ බිරිඳවත් අල්ලා ගෙන ඈවත් මරා දැම්මා. ඊට පස්සෙ ඇයව කපලා ඇගේ මස් අරගෙන ගෙදර ගෙනිහින් දරුවන්ට දුන්නා. ඔහු තම බිරිඳගෙ මස් උයලා දරුවන්ට කැව්වා. කිසි වගක් නොදැන දරුවොත් ඒ මස් කෑවා. ඊට පස්සෙ පියා තම දරුවන්ට කියනවා. ”තොපෙ අම්මා ගෙදර ආවට පස්සෙ එයාට කියාපල්ලා වෘකයන්ට කන්න බැරි විදියට ගහක් උඩ එල්ලා තියල ආපු මස් වගයක් ගේන්න මම ගියා කියලා.” එහෙම කියල ඔහු යන්න ගියා. එතෙන් දි බාල දරුව කියනවා. ”අපෙ අම්මා ගෙදර එන්නෙ නැතුව ඉඳන් අපිට විහිළු කරනවා.” ”අපෙ අම්මා ගැන උඹ නරකක් කියනවා හෙම නෙමේ කියල” වැඩිමහල් දරුවා කීවා. ඊට පස්සෙ ඔවුන්ගෙ අම්මගෙ හිස ඔවුන් ඉන්න තැනට පෙරලි ගෙන ආවා. ”මගෙ දරුවො මාව කෑව එක ගැන මට හරි දුකයි” ඈ කීවා. ළමයි දෙන්නා බය වෙලා දුවන්න පටන් ගත්තා. ඒත් හිස පෙරලී පෙරලී ඔවුන් යන පස්සෙන්ම එන්න වුණා. දුවලා දුවලා ඔවුන් හොඳටම වෙහෙසට පත්වුණා. ඒත් ඔවුන්ගෙ අම්මගෙ හිස ඔවුන් පස්සෙ දිගටම පෙරළී ගෙන ආවා. වැඩිමහල් දියණිය පොළොවෙ ඉරක් ඇන්දා. එතකොට හිසට එතැන පහු කරන් එන්න බැරි විදියට ගැඹුරු වළක් හෑරුණා. බාල දියණියට තද කුසගින්නක් දැනුණා. ඇය තම අක්කණ්ඩියට කියනවා. ”අර මුවා දිහා බලන්න කො” වැඩිමහල් දියණිය මුවා දිහා බැලූවාම ඌ මැරී වැටුණා. හරියට ඊයකින් විද්ද විදියටයි. ඔවුන් ඒ මුවාගෙ මස් කෑවා. කවුදෝ ඇවිත් ඔවුන් ගැන කරුණාව දක්වල ඔවුන්ට පිහිට වුණා. ඔවුන් විශාල ගේක වසන්න වුණා. ඔවුන්ට කෑමට හැම ජාතියෙම දේවල් ඕනෑ තරම් තිබුණා. ලොකු කොටියන් දෙන්නෙකුයි, ලොකු කළු වළසුන් දෙන්නෙකුයි වන සතුන්ගෙනුත්, මිනිසුන්ගෙනුත් ගැහැටක් වන්න නොදී ඔවුන් රැකබලා ගත්තා. කෙසේ වුවද ලඳුන් හුරතලෙකු ලෙස සලකන නාගයාට පිරිමින්ගෙන් නම් එල්ල වන්නේ අනදරයක් බැව් මෑතක දී පළවූ එක් පුවතකින් හෙළිවේ. ඇතැම් වාජීකරණ සහ කාමෝද්දීපන ඖෂධ නිපදවීම සඳහා නයින්ගේ සිරුරේ යම් යම් කොටස් හා ඇතැම් විට නාගයා මුලූමනින්ම ද යොදා ගන්නා බව නොරහසකි. මෑතකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබියදී රේගුව භාරයට ගත් කාමෝද්දීපන ඖෂධ බෝතල් තුළ නාග සිරුරු එලෙසම බහා තිබෙනු දක්නට හැකි විය. නාගයාට එලෙස දිවි පිදීමට වක‍්‍රව හේතුවී තිබුණේ ද ළඳුන්මය. එම ඖෂධ තනා තිබුණේ කාමභෝගී පිරිමින් උදෙසා වීම ඊට හේතුවය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උරගයන් සමග ජීවත්වූ කාන්තාවෝ
හිරන්ති Friday, 14 September 2012 11:59 AM
හිතාගන්නවත් බැහැ. (නි)
ඉන්දික Wednesday, 26 September 2012 01:31 PM
මම හිතන්නේ අපිට මේවා ලොකු දේවල් වුණාට මේවා ලෝකෙට ලොකු නෑ කියලයි..(ස)
කුමුදු Monday, 10 September 2012 08:52 PM
අපේ වත්තෙත් දිග නයෙක් ඉන්නවා. (නි)
සුදත් Friday, 14 September 2012 08:14 AM
ඇත්තටම මනුස්සයා හා නාගයා අතර මොකද්ද තියෙන සම්බන්ධය..(ස)
හර්ෂණ Sunday, 09 September 2012 09:21 PM
මේවා මනුස්ස සමාජයට නිගාවක්.....(ස)
මාධව Sunday, 23 September 2012 11:20 AM
අපිටත් බැරිද මෙහෙම ඉන්න? (නි)
නිලන්ත Friday, 14 September 2012 09:29 PM
නාගීනා කෙල්ලගෙන් පරිස්සම් වෙනු..! .(ස)
කසුන් Tuesday, 11 September 2012 03:34 AM
ආපෝ! නයිද? (නි)
මේනක Wednesday, 19 September 2012 05:50 PM
ශතවර්ෂ ගානක කතා ලිවුවාට, අපි වර්තමානයේ විදියට හිතමු නේද? (නි)
ජනිත් Saturday, 15 September 2012 11:49 AM
එයාගේ අදහස තමයි ඒ .(ස)
උපුල් Thursday, 13 September 2012 12:50 PM
මෙහෙමත් මිනිස්සු? (නි)
ශාන් Thursday, 13 September 2012 12:48 PM
මානසික විකෘතිතා ඇති අය වෙන්න ඇති. (නි)