IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එකටම ඇවිත් එකටම නික්ම ගිය සුන්දර සහෝදරයෝ

මියගිය දරුවන් දෙදෙනා 

 

දරුවන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් දෙමාපිය වැඩහිටියෝ ඕනෑම දෙයක් කරති. මෙවැනි අවස්ථාවල දී දෙමාපිය වැඩිහිටි‍යන්ගේ අදහස වන්නේ තමන් සමඟ සිටින විට දරුවන් ආරක්ෂිත බවයි. නමුත් එක් නිමේෂයක වන සුළු වැරදීමකින් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා තම ජීවිතය අහිමි වී යා හැකි බව පසුගිය දා බලපිටියේ දූව මෝදර දී සනාථ විය.   


ඒ වයස අවුරුදු 06ක් වූ නිවුන් දරුවන් සමඟ ඔවුන්ගේ සීයා ද දියේ ගිලී මියයාමෙනි.   


කොස්ගොඩ ප්‍රදේශයත්, ගාල්ලේ දඩල්ල ගම්මානයත් හඬවමින් රටේ සියලු‍ දෙනාට දුක්බර පුවතක් ගෙන එමින් ඔවුහු අවසන් ගමන් ගියහ.   


දැන් ඒ පිළිබඳ දුක් ගී ලියා වැඩක් නැත. එකම මව් කුසක එකට වර්ධනය වී විනාඩි කිහිපයක පරතරයකින් මෙ‍​ලොව එළිය දුටු මේ අයියා මලෝ දෙදෙනා එකටම අවසන් ගමන් ගියේ ඔවුන්ට සිය පණටත් වඩා ආදරය කළ සීයා ද සමගිනි.   


“දැන් නෑවා ඇති නේද පුතේ. ගෙදර යමු. නැත්නම් අම්මගෙන් ගුටිකන්න වෙන්නේ” යැයි සීයා පවසද්දී   
“අනේ සීයේ තව ටිකක් නාමු” යැයි කී මේ දරුවන් දෙදෙනා ඉන් මොහොතකට පසු සතුට සහ විනෝදය ඛේදවාචකයක් බවට පත්කරමින් ජීවිතයෙන් සමුගනු ඇතැයි ඒ සීයා ද සිතන්නට නැත. දරුවන් බේරාගැනීම සඳහා දියට පැන්න සීයා ද ඔවුන් සමඟ අවසන් ගමන් ගියේය.   

 

මළ සිරුරු සොයා කරන ලද මෙහෙයුම්


පසුගිය සෙනසුරාදා (10) මේ සිද්ධිය වූ දිනය ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ දැඩි සුළං තත්ත්වයක් ඇති බවත් දිය නෑමෙන් සහ ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් ද වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබූ දිනයකි. දවස පුරාම පළාත් කිහිපයක ම තද සුළං හමා ගිය අතර කඩින් කඩ වැසි ඇතිවිය.   


මෙලෙස ජීවිතය අහිමි වූයේ ගාල්ලේ දඩල්ලේ පදිංචි දිලිප් රෝහාන් කන්දඋඩ මහතාගේ සහ අගම්පොඩි චාමලී සෙව්වන්දි මැන්දිස් මහත්මිය යන දෙදෙනාගේ නිවුන් දරුවන් වූ සතික සත්සිඳු සහ සමිත සත්සිඳු යන දරුවන් දෙදෙනාය.   


ගාල්ලේ තරමක් නාගරික පරිසරයක ජීවත් වන මේ දරු දෙදෙනා ශාන්ත ඇලු‍වීෂියස් විද්‍යාලයේ මෙවර පළමු වසරට ඇතුළු වූයේ දෙමාපියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි. කෙළිලොල් දඟකාර වියේ පසුවූ මේ නිවුන් අයියා ම‍ලෝ පාසලේ දන්නා හඳුනන සැමගේත්, ගමේ අසල්වැසියන්ගේත්, පවුලේ ඥාතීන්ගේත් ආදරය දිනාගත් දෙදෙනෙකි.   


ඔවුන්ගේ දඟකාර කෙළිලොල් ක්‍රියා සහ හුරතල් කතා බහ ඔවුන් දුටු කිසිවෙකුට අමතක නැත. ඒ නිසාම හදිසියේ ම සිදුවූ මේ අනතුර කිසිවෙකුටත් දරාගත නොහැකි වේදනාවක් බවට ම පත්විය.   


ඔවුන්‍් දෙදෙනොගේ මව කොස්ගොඩ දූවමෝදර ආසන්නයේ උපත ලැබූ කාන්තාවකි. දූවමෝදර යනු ගඟත් මුහුදත් ආසන්නයේ පිහිටි ඉතාමත් සුන්දර ගැමි පරිසරයකි. මේ පරිසරයට දරු දෙදෙනා බෙහෙවින් ඇළුම් කළහ. ඒ නිසාම අම්මාගේ ගමට ගොස් දින කිහිපයක් ගත කිරීම ඔවුන්ගේ ආශාවකි.   


සිකුරාදා (09) ඔවුන් අම්මාගේ ගමට ගියේ අම්මාත්, මාමාත් සමගිනි. පෞද්ගලික ආයතනයක සේවය කරන ඔවුන්ගේ පියාට වැඩ රාජකාරි බහුල වීම හේතුවෙන් මේ ගමනට එක්වීමට හැකි වූයේ නැත. 

 
පසු දා දහවල් මේ දරුවන්ට ගඟේ නෑමට අවශ්‍ය වී තිබිණි. 

 
උදෑසන 10.00 පමණ වනතුරු ඔන්ලයින් පන්තිවලට සහභාගී වූ අයිය මලෝ දෙදෙනා සිය සීයා ද සමඟ ගඟට ගියහ. ඔවුන් සමඟ තවත් ඥාතියකු ද සිටියේය. දරුවන් තම පියා සමඟ ගඟ දෙසට ගිය පසු චාමලී සෙව්වන්දි මහත්මිය ද තම මව සමඟ ඒ දෙසට ගියාය.   


මෙම සිද්ධිය ඇසින් දුටු අගම්පොඩි සෙනරත් මැන්දිස් මහතා (47) මෙසේ කීවේය.   


“ දරුවන් දෙදෙනා එක්ක මමත්, මියගිය ඉන්දික අයියාත් ගඟ අසළට යනවිට ‍දවල් දොළහ පහුවෙලා. අපි පුහු පොල් ගෙඩි දෙක දෙක එකතු කරලා ගැටගහලා දරුවන් දෙන්නට ඒවා අල්ලගෙන පීනන්න දුන්නා. මේ දෙන්නා ගඟට බැහැලා නාන හැටි අපි ගොඩට වෙලා බලාගෙන හිටියා. එතන ඉන්දික අයියාට අයිති ඔරු දෙකක් තිබුණා. එක ‍දරුවෙක් කීවා සීයේ ඔරුවේ යමු කියලා. ඊට පස්සේ දරුවෝ දෙන්නා ගොඩට ඇවිත් ඔරුවේ නැග්ගා. මමත් ඔරුවේ නැගලා අපි හතර දෙනාම ගඟට ගියා.”   


මෙලෙස ඔරුවේ නැගී ගංදියට ගිය ඔවුන් ඉවුරට මීටර 20ක් පමණ ගිය පසු දියේ ලීයක් සිටුවා ඔරුව එහි ගැටගසා තිබේ. එම ස්ථානයේ වතුර තිබී ඇත්තේ දරුවන්ගේ උරහිස් ප්‍රමාණයට බව ද සෙනරත් සිය සාක්ෂියේ දී පවසා ඇත. ඔරුවේ සිට ගඟට පනිමින් නැවත ඔරුවට නඟිමින් ගඟට පනිමින් මහත් සේ විනෝද වන දරු දෙදෙනාගෙන් මියගිය සීයා ඒ අවස්ථාවේ දී “දැන් නෑවා ඇති නේද ? අපි ගෙදර යමු” යැයි ද විමසා තිබේ. නමුත් දරු දෙදෙනා ඊට එකඟ වී නැත.   


“දැන් අම්මලත් එනව ඇති. අම්මා ඔයාලට ගහයි” යනුවෙන් ද සීයා පවසා තිබේ.   
නමුත් ඔවුන් එය ගණනකට ගෙන නැත.   


මේ අවස්ථාවේ දරුවන්ගේ මව සහ අත්තම්මා ද ගං ඉවුරට පැමිණ පුටු දෙකක වාඩි වී දරුවන් දෙස බලා සිටි බව සෙනරත් පවසයි.   


“මේ වෙලාවේ සුළං පාරක් ඇවිත් ඔරුව ගැටගහලා තිබුණු ලීයෙන් ගැලවිලා පාවෙන්න ගත්තා. ඉන්දික අයියයි මමයි හිටියේ ඔරුවේ. පොඩි දෙන්නා පුහු පොල්ගෙඩිත් එක්කම දියේ ගැඹුරු පැත්තට ගහගෙන ගියා. ඉන්දික අයියා පොඩි එක්කෙනෙක්ව අල්ලගත්තා. ඒත් එයත් එහෙමම ගහගෙන ගියා. අයියයි දරුවො දෙන්නයි නොපෙනී ගියා. මේ එක්කම ගොඩ හිටපු දරුවන්ගේ අම්මා ගඟට පැන්නා. එතැන ගැඹුරුයි. මම එයත් අරගෙන ගොඩට ආවා. තුන්දෙනාම ගිලු‍ණේ මගේ ඇස් පනාපිටම.” යැයි සෙනරත් මේ බිහිසුණු සිද්ධිය විස්තර කළේය.   


“දරුවෝ දෙන්නා මගේ තාත්තත් එක්ක නාන්න ගඟට ගිය නිසා මායි අම්මයි එයාලව බලන්න ගඟ ළඟට ගියා. ඒ අය නාමින් ඉන්නවා. තාත්තා වතුරේ බැහැලා දරුවන්ට පීනන හැටි පෙන්වමින් හිටියේ. ලොකු පුතා මාව දැකලා අම්මේ කියලත් කිව්වා. අපි පුටු දෙකක වාඩිවෙලා බලාගෙන හිටියා. අම්මයි මමයි කතා කර කර ඉන්නවිට රුව බාප්පා (සෙනරත්) ලොකු අයියේ කියලා කෑ ගැහුවා. අපි ඒ පැත්ත බලනකොට තාත්තා දරුවෝ දෙන්නාව බදාගන්නවා වගේ දැක්කා. තාත්තා එක්කෙනෙක් උඩට ගත්තා. ඒත් තුන්දෙනාම නැවත යට ගියා. මමත් ගඟට පැන්නා. බාප්පා කෑ ගැහුවා ඔතන ගැඹුරුයි ගිලේවි කියලා. බාප්පා හිටියේ ඔරුවේ ටිකකින් එයත් ගඟට පැනලා ගොඩට ආවා මමත් ගිලෙන්න ගියා. අමාරුවෙන් ගොඩට ආවේ. බාප්පා කට්ටිය එක්කගෙන එන්නම් කියලා ගියා. ගමේ අය ගොඩක් ආවත් දරුවත් සොයා ගන්න බැරිවුණා. පස්සේ පොලිසිය දැනුම්වත් කරලා නාවික කට්ටිය ඇවිත් තමයි දරුවන් දෙන්නයි තාත්තයි සොයාගත්තේ. එතකොට සවස හතර විතර වෙලා තිබුණා.’’ දරුවන්ගේ මව සිද්ධිය විස්තර කළාය.   


සිද්ධිය සැල වූ වහාම දරුවන්ගේ පියා ද එතැනට පැමිණියේය. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් දරුවන්ගේ සිරුරු සහ සීයාගේ සිරුර ගොඩගත් අවස්ථාවේ දී තවමත් දරුවන්ගේ නාඩි වැටෙන බව පවසමින් ඥාතීන් කෑ ගසන්නට වූයෙන් දරුවන්ගේ සිරුරු බලපිටිය රෝහලට රැගෙන යන ලදී. නමුත් බලපිටිය රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ පැය තුනකට වැඩි කාලයක් ජලයේ ගිලී සිටි දරුවන් දෙදෙනා රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බවයි.   

 

දරුවන්ගේ මව සහ ඥාතීන්

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක පරාක්‍රම අකරැටියගම මහතා විසින් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර මෘත දේහ පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඩී.එස්. දන්ගහවත්ත මහත්මිය විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙම තිදෙනාම දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව තීරණය කළේය.   


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මිය විසින් අනතුරට පත්වී රෝහල්ගත වන ළමුන් ආශ්‍රයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ දරුවන් වැඩිපුරම අනතුරට ලක්වන්නේ ඔවුන්ගේ දෙමාපියන් හෝ සමීපතම වැඩිහිටියන් සමඟ සිටින අවස්ථාවලදී බවයි.   


ඇය පවසන්නේ දරුවන් දියට හුරුකළ යුතු වුව ද මෙවැනි අනතුරුදායක ස්ථානවල දී දරුවන්ට දිය නෑමට දීම අනතුරකට අතවැනීමක් බවය. එමෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවා අනතුරු අඟවා තිබූ දිනයක මෙලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැකියැයි ද ඇය පවසයි. තමන්ට සිදුවිය හැකි අනතුරක් පිළිබඳ දරුවන්ට වැටහීමක් නොමැති වුව ද දෙමාපිය වැඩිහිටියන් එය තේරුම්ගෙන කටයුතු කිරීමෙන් මෙවැනි අනතුරු වළක්වාගැනීමට හැකියාව ඇති බව ද වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මිය කියා සිටියාය.   
ඇය පවසන්නේ ඉතාමත් දුක්ඛදායක මේ සිදුවීමෙන් සමස්ත රටම සියලු‍ දෙමාපියන්ම පාඩමක් උගත යුතු බවයි.   

 

සටහන සහ ඡායාරූප 
සජීව විජේවීර- එම්. සුසිල් ප්‍රියන්ත සහ අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා  

 



අදහස් (9)

එකටම ඇවිත් එකටම නික්ම ගිය සුන්දර සහෝදරයෝ

abdul nasar Saturday, 17 July 2021 12:40 PM

හරිම දුක සිද්ධියක්... ඔවුන්ට නිවන් සුව පතමි... මෙවන් අනතුරක්, දුකක් කිසිම කෙනෙකුට වෙන්න එපා..

:       0       58

විජිත් Saturday, 17 July 2021 02:59 PM

සංසාරයේ පතාගෙන ආ විදිහටම මේ ලෝකේ දැකලා, සතුටින් විඳලා.. කාටත් නොකියාම එකටම යන්න ගිය චූටි පුතාලා දෙන්නට නිවන් සුව ප්‍රර්ථනා කරන්නම්... සමහරු කියනවා චූටි කාලෙදීම මියයන අය දේවදූතයින් වී නැවත ඉපදෙන කතාවක්. ඒ වගේමයි ඒ ගැන බිලී ජොයෙල් කියන බටහිර ගායකයාගේ ඉතාමත්ම දාර්ශනික ගීතයක් තියෙනවා. only the good die young කියලා. ඒ ගීතයෙන් කියවෙන්නෙත් ඒ සත්‍යමයි. චුටි පුතාලට මතු ඉපදෙන කිසිම ආත්මයකදී මෙවැනි විපතක් නොවේවා. ඔබ දෙදෙනාට ඉපදෙන මතු අත්භාවයකදී මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා. උතුම් වූ නිවන් සැප ලැබේවා...!!!

:       1       64

පූජා.Saturday, 17 July 2021 04:09 PM

හරිම කණගාටුදායක සිදුවීමක් විජිත්, පොඩි දෙන්නාගේ සුරතල් මූණු පොඩි දුටුවාම මගේ දෑස් කඳුළෙන් තෙත් වුණා. අපටම මෙහෙම නම් දරුවන්ගේ දෙමාපියන් කෙසේ මේ දුක වාවාගනු ඇත්ද? දරුවන් සිටිනා මවක් වශයෙන් මට නම් ඒ ගැන හිතාගන්නවත් බැරිතරම්.. ඔබතුමා සඳහන් කළ උක්ත ගීතය, මා ඉතාමත් ප්‍රියකරන බිලී ජොයෙල් කියන බටහිර ගායකයාගේ, ජීවිතයේ අනිත්‍ය බව ඉතා හොඳින් එම ගීතයෙන් අර්ථකථනය කර තිබෙනවා. කිසිම භවයක ඔබලාට මෙවන් අකල් මරණයක් අත් නොවේවා.! අවසානයේ මියගිය තුන් දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්නම්...!!!

:       0       55

ganegoda Saturday, 17 July 2021 04:19 PM

දරුවන් සමග ආදරයෙන්, විනෝදයෙන් ජීවත් වෙනවා වගේම, දරුවන් වගකීමෙන් ආරක්ෂා කරගන්නත් ඉගෙන ගන්න. අපේ බලවත් කණගාටුව..!!! 

:       0       32

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 July 2021 01:52 PM

"ඉපදී එකට මියයමු එකටම කියලා.. සසර පටන් එන සොහොයුරු පෙම බිඳිලා .. ජල රකුසා වෙතට තම ජීවය පුදලා .. නිවුන් දරුවන්ට දෙව්ලොව විවර වෙලා .. "

:       0       110

විජිත් Sunday, 18 July 2021 02:56 PM

සමිතගෙන් ඉතාම ලස්සන හර බර කවි පෙළක්. බොහෝ කලකින් සමිතත්, මමත්, පූජාත් එකම තැනක හමුවෙලා.

:       0       88

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 18 July 2021 03:51 PM

ස්තූතියි විජිත්. ඇත්තමයි විජිත්. අපි තිදෙනා එකම තැනක හමුවෙලා. පෙර සසරේත් මෙසේ වෙන්නට ඇති. මතු සසරේත් එසේම වේවා...!!!

:       0       101

fairoos Sunday, 18 July 2021 03:02 PM

ඉතාම කණගාටුයි.. නිවන් සුව ලැබේවා..!!!

:       0       26

Lion Sunday, 18 July 2021 06:52 PM

මේ ලස්සන දරු පැටව් දැක්කම පපුව ගිනිගන්නවා..

:       0       27

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 788 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12688 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site