අමාත්‍යවරයකුට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා සකස් කරවා ගැනීමට ගතවන කාලය කොපමණදැයි නිශ්චිත නැත. එහෙත් එම කාලය මාස ගණනාවක් නම් විය නොහැක. කැබිනට් පත්‍රිකාවක් සැකසීමට මාස ගණනාවක් ගතවන්නේ නම් එය අමාත්‍යාංශයේ කාර්යක්ෂම බව පිළිබඳ ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්න මතුවූ විට එයින් බැටකන්නේ අමාත්‍යවරයා නොව මහජනතාවයි.
අප මෙසේ පවසන්නේ අභ්‍යාසලාභී නිලධාරිනියන්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට ගිය කල සම්බන්ධයෙනි. මේ පත්‍රිකාව සකස් කර දින 14ක් ඇතුළත බාරදෙන ලෙසට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට ඉකුත් නොවැම්බර් මස 14 සහ දෙසැම්බර් මස 24 දිනවල ලිඛිතව දැනුම් දී ඇතැයි සඳහන් වුවද ඊට තවමත් අමාත්‍යවරයාට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. මේ බව සඳහන් කරන අපගේ ‘ලංකාදීප’ ප්‍රවෘත්තිය, නීති රීති සකස් කිරීමට යම් බාධාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන මෙන් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට ලිඛිතව දැනුම් දී ඇතැයි ද කියයි.
සියලුම උපාධිධාරී, ඩිප්ලෝමාධාරී සහ අභ්‍යාසලාභී නිලධාරිනියන්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිතව ප්‍රසූත නිවාඩු ලබාදීම රජයේ තීන්දුවකි. එසේ නොවන්නේ නම් අමාත්‍යවරයා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරන මෙන් ලේකම්වරයාට දැනුම් දෙන්නේ නැත. රජයේ තීන්දුවක් පිළිබඳ පත්‍රිකාවක් පිළියෙළ කරගැනීමට අමාත්‍යවරයාට මේ තරම් කාලයක් ගතවීත් එය ඉටු කිරීමට නොහැකි වී නම් එතැන බරපතළ ප්‍රමාද දෝෂයක් තිබිය යුතුය. මේ ප්‍රමාද දෝෂයට වගකිවයුත්තේ කවුදැයි අපි නොදනිමු. එහෙත් රජයේ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට අදාළ පත්‍රිකාව හරස්වීම නම් කිසිසේත් පිළිගත නොහැකි කනගාටුදායක තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.
සෑම අමාත්‍යාංශයකම ඉහළ නිලධාරීන්ට වැඩ රාජකාරි බහුල බව අපි දනිමු. එහෙත් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ විශාල සංඛ්‍යාවකට විෂයයන් බෙදී ගොස් තිබීම හේතුවෙන් කැබිනට් පත්‍රිකාවක් සකස් කරගැනීමට හෝ නොහැකි තරමට ලේකම්වරයකු කාර්යබහුල වන්නේදැයි යන්න ප්‍රශ්නයකි. අමාත්‍යවරයා විසින් සිදු කර ඇති ලිඛිත ඉල්ලීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමට ලේකම්වරයකුට හැකියාව තිබේද යන්නත් ගැටලුවකි. ඕනෑම අමාත්‍යාංශයක අමාත්‍යවරයා සහ ලේකම්වරයා අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ වැඩි ඈතක සිටින්නෝ නොවෙති. මේ නිසා කැබිනට් පත්‍රිකාවක් සකස් කරගැනීම කල්ගත වන, භාරදූර කාර්යයක් විය නොහැකි බව අපගේ වැටහීමය.
ඒ කෙසේ වුවද අදාළ නීති රීති ඇතුළත් කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට යම් බාධාවක් ඇත්නම් ඒ පිළිබඳ තමන් දැනුම්වත් කරන ලෙසද අමාත්‍යවරයා ලිඛිතව දන්වා තිබියදීත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම අහම්බෙන් සිදුවූවක් විය නොහැක. අභ්‍යාසලාභීන්ට ප්‍රසූත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රජය ගෙන ඇත්තේ ඍජු තීරණයක් නම් ඒ අනුව නොපමාව කටයුතු කිරීම අමාත්‍යවරයාගේ ද වගකීමකි. එහෙත් අභ්‍යාසලාභී නිලධාරිනියන් සැනසීමට ඔවුන්ට පොරොන්දුව ලබා දුන්නත් එය ඉටුකිරීම සැබෑ වුවමනාව නොවේ නම් මෙවැනි ‘වංගු’ ඇතිවීම වැළැක්විය නොහැකිය.
රජයේ තීන්දු තීරණවලට අදාළ කැබිනට් පත්‍රිකා ඉක්මනින් සකස්කොට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒවා සම්මත කරගෙන කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් සෑම අමාත්‍යවරයකුටම ඇත. ඇතැම් විට මේ නිලධාරීන් අමාත්‍යවරයාගේම තෝරාගැනීම් වෙයි. මේ නිසා නිශ්චිත කාලරාමුවක් තුළදී රජයේ යෝජනා සම්මත කරගෙන ඉදිරි වැඩ කටයුතු කිරීමට කිසිදු අමාත්‍යවරයකුට බාධාවක් තිබිය නොහැක. වැදගත් කැබිනට් පත්‍රිකා ප්‍රමාද වීමටද හේතුවක් නැත.
කුමන රජයක් යටතේ වුවද රජයේ කාර්යක්ෂමභාවය ප්‍රශ්න කෙරෙන අවස්ථා උද්ගත වෙයි. එය බොහෝ විට සිදුවන්නේ සැබෑ ලෙසම ඉටුකිරීමට අපහසු හෝ ඉටුකිරීමට උවමනාවක් නැති යෝජනා සම්බන්ධයෙනි. මෙවැනි යෝජනා මහජනතාව පිනවීම පිණිස යොදාගන්නා සංදර්ශන බවට පත්වෙද්දී එහි බලපෑම්වලට යටත් වන පිරිස අපහසුවට පත්වෙති. ඔවුන්ට ඉතිරි වන්නේ කවදා හෝ තමන්ගේ වුවමනාව ඉටු කරනු ඇතැයි යන බලාපොරොත්තුව පමණි. ප්‍රසූත නිවාඩු කැබිනට් පත්‍රිකාවද එවැනි මාධ්‍ය සංදර්ශනයක වූ ජවනිකාවක් බවට පත් නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.
අප එසේ පවසන්නේ මැති ඇමැතිවරුන්ට අදාළ ඔවුන්ගේ වාසියට කෙරෙන යෝජනා ප්‍රමාද වෙනු අප අසා නැති බැවිනි. ඩියුටි ෆ්‍රී කාර් පර්මිට්, වැටුප් සහ දීමනා වැඩිකර ගැනීම්, එතෙර සවාරි සඳහා වන යෝජනා වැනි කැබිනට් පත්‍රිකා කවදාවත් ප්‍රමාද වන්නේ නැත. ඒවා සකස් කිරීමට දින 14ක් තබා පැය 24ක්වත් ගතවන්නේ නැත. කැබිනට් පත්‍රිකාව සකස් කළාදැයි විමසමින් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත දැනුම් දීමක් සිදුවන්නේද නැත. එසේ තිබියදී මහජනතාවට බලපාන ඇතැම් සංවේදී කාරණා සම්බන්ධ කැබිනට් පත්‍රිකාවලට මෙවැනි ඉරණමක් අත්වීම නම් අවාසනාවක් බව කිව යුතුය.
(***)
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එකතැන පල්වෙන කැබිනට් පත්‍රිකා
fairoos Tuesday, 16 March 2021 07:20 AM
මේකත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි.
Sonali Tuesday, 16 March 2021 09:29 AM
අපෝ මේ අමාත්‍යාංශය හරිම අකාර්යක්ෂමයි. රජයේ නිලධාරීන්ගේ වැඩත් ගොඩක් පරක්කුයි.
පී එස්.පී.ප්‍රනාන්දු Thursday, 18 March 2021 06:26 AM
පුද්ගලික සේවකයන් අවු60 දක්වා සේවය කිරීම පිළිබඳ නීතිය තාම ගැසට් කරලා නෑ නේද? ඇයි ඒක ප්‍රමාද වෙන්නේ, නොසැලකිලිමත් කමද? වෙන හේතුවක්ද?