අපි ජීවිතේ ගොඩක් දේවල් අතෑරලා කොළඹට එන්නේ අලුත් දේවල් සොයාගෙන. අලුත් හීන සොයාගෙන. මේ විදිහට කොළඹට එන ජීවිත අතරේ තරුණ ජීවිත මේ විසිතුරු කොළඹ වටපිටාව ඇතුළේ ගල් ගැහෙනවා. තවත් සමහරු මේ විසිතුරු කොළඹ එළියට වහ වැටෙනවා. කොළඹ කියන්නේ නරකාදියක් නෙමෙයි. හැබැයි කාටවත් තේරුම් ගන්න බැරි විෂමාකාර සමාජයක්.
රැකියාවක් සොයාගෙන එහෙම නැතිනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට කොළඹට පය තියන ගමේ ඉන්න ගොඩක් දෙනා හීන දකිනවා. ඒත් අලුත් හීන සොයාගෙන කොළඹට එන තරුණ ජීවිතවලට ඒ හීන දකින්න පුළුවන්ද? ඒ හීන දකින්න ජීවිතේ කොයි තරම් දුකක් වේදනාවක් විඳිනවද? කියලා මතුපිටින් අපට පේන්නේ නැහැ. ඇත්තටම හීන දකින්න නම් සුවබර නින්දක් ඕන. මේ කොළඹ ජීවිතේ අමාරුම දේ වන්නෙත් නින්ද සොයා ගන්න එක. කොළඹ ජීවිතේ කියන්නේ දුක, සැප, රස හැමදේම මිශ්‍ර වුණු ජීවිතයක්. මේ ගෙවන කොළඹ ජීවිත ඇතුළේ ඔබ නොදන්න බොහෝ දේවල් තියෙනවා.
පසුගිය සතියේ “ඇන්ටිගේ බෝඩිම” තුළින් අපි ඔබට කිව්වෙත් මේ සමාජයේ සිදුවන නුහුරු නුපුරුදු අලුත් දෙයක් නෙවෙයි. කොළඹ බෝඩිං ජීවිත ඇතුළේ සිදුවන ඛේදනීය සිදුවීමක් විතරයි. එතනින් එහාට මේ ජීවිතවල ලියවුණු තවත් ඔබ අප නොදන්න ගොඩක් දේ තියෙනවා.
කොළඹ බෝඩිං කියන්නේ හරි අමුතු තැනක්. මේ අමුතු තැනේ හරි අමුතු අමුතු දේවල් වගේම හීන අරන් කොළඹ ආපු ඒත් හීන නොදකින බහුතරයකුත් ඉන්නවා. එහි චරිත කිහිපයක්ම අපට මුණ ගැහුණේ බෝඩිං සොයා ගෙන ගිය ගමනෙදී. බලන්න හීනෙකින්වත් හිතන දේවල්ද මේ සමාජයේ සිදුවන්නේ කියලා.
එක පෙළට බැඳි ගඩොල් බිත්තිවලින් වට වුණු බැලූ බැල්මට පාසලක පන්තිකාමර වගේ හිතන්න පුළුවන්ද? මේ බෝඩිං කියලා. ඒත් කොළඹට එන තරුණ ජීවිත හීන දකින්නේ මේ තැන්වලදි.
බෝඩිම බලන්නද ආවේ. මෙට්ටෙ රු. 500යි. නාගන්න තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න පොඞ්ඩක් එහා තියෙනවා නාන බාල්දිය (මේ නාන බාල්දිය කියන්නේ මරදාන, කොටහේන, කොටුව, කොම්පඤ්ඤවීදිය ස්ථානවල තියෙන පොදු නාන ළිං ගෑණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොම ඉන්නවා.
බයවෙන්න එපා ආරක්ෂාව උපරිමයි.” ඒ බෝඩිමේ අයිතිකරු.
ඒත් කොහාමද ගෑනු පිරිමි එකට ඉන්නේ එකට බුදියගන්නේ නෑනේ. එක කාමරේ දවසට අපි දෙන්නෙකුට දෙනවා.
ඒ කොහොමද දෙන්නෙකුට දෙන්නේ? මෙතන විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ළමයිනුත් ඉන්නවා. ඒ ළමයි උදේට ගියාම එන්නේ රෑට. ගාමන්ට් යන රෑ වැඩ කරලා එන ළමයා උදේ ආවම එන්නේ නිදාගන්නනේ. එකම කාමරේ දෙන්නෙකුට දීලා දෙන්නගෙන්ම සල්ලි ගන්නවා. මේ මෙට්ටේ රෑ නිදා ගත්තේ ගැනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියන එක අලුතෙන් එන කෙනාට අදාළ නෑනේ.
කාමරේ කිසිම දෙයක් නැහැ. මෙට්ටයක් විතරක් නවලා තියෙනවා. එන කෙනා එන්නේ නිදා ගන්නනේ. තවත් මොනවද ඉතින් මෙට්ටෙට රු. 500/= අරන් කාමරේ දෙනවා.”
ගහක් කොළක් නැති කොළඹ තියෙන සරලම බෝඩිං ජීවිතේ ගෙවෙන්නේ මේ විදිහට. මේ ජීවිතෙත් ගෙවන තරුණ තරුණියොත් අපේ සමාජයේ ඉන්නවා. මේ බෝඩිමේ ජීවිතේ ගැන එක් තරුණියක් අපට කිව්වේ මේ විදිහට.
“මාත් එක්ක තව නංගිලා 5 දෙනෙක් ඉන්නවා. මම විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙන ගන්නේ. මගේ ගම පොළොන්නරුවේ. විශ්වවිද්‍යාලයට තේරිලා කොළඹ ආවේ ලොකු දුෂ්කරතා මැද්දේ. අම්මා ඉන්නේ රට. තාත්තා හේන් කොටනවා. බෝඩිං ජීවිතේ නම් කියලා වෑඩක් නෑ. වියදම් සල්ලි හොයා ගන්න මම පොඩි න්‍දඉ එකක් කරනවා. උදේට දේශනවලට සහභාගි වෙලා රෑ 7 න්‍දඉ එකට යනවා. රෑ කෑම එක වැඩ කරන තැනින් හම්බ වෙනවා. රෑ 12 තමයි වැඩ ඉවර වෙන්නේ. ඉස්සර මම හිටියේ හොස්ටල් එකේ. රෑ වෙලා ආවම හොස්ටල් යන්න බැරි නිසා හැමදාම අනිත් නංගිලාත් එක්ක කොහේට හරි වෙලා නිදා ගන්නවා කැම්පස් එකේම. හැමදාම ඒක කරන්න බැරි නිසා රුපියල් 500 දීලා මේ බෝඩිමට ආවේ. මේ බෝඩිම් ඒ වෙලාවට සල්ලි දීලා ඉන්න ඒවා. අපි හැමදාම හිටියත් මෙට්ටෙ ගාණ දුන්නම ඒ වෙලාවට ඉන්න පුළුවන්. මේක කරන අංකල්ගෙත් පුංචි පුංචි අමනුස්ස ගති තියෙනවා. ඇඟ බේරගෙන ඉන්න ඕන ඉතින්. මෙතන ඉන්නේ... මේ රස්සාව කරන්නේ කර කියාගන්න දෙයක් නැති කමට. මේ සමහර කාමරවල ගණිකාවොත් ඉන්නවා. සාමාන්‍ය රැකියාවට යන ගැහැනු පිරිමිත් ඉන්නවා. මේ අංකල් දෙන්නේ මෙට්ටෙ විතරයි. බඩු මොනව හරි තියෙනව නම් කාමරේ අයිනකට කරලා තියන්න පුළුවන්.
මොකද අපි ගියාට පස්සේ කවුරු හරි ආවොත් අංකල් සල්ලි අරන් මෙට්ටෙ නිදාගන්න දෙනවා. නාන්න වැසිකිළි පහසුකම් පොදු ඒවා තමයි පාවිච්චි කරන්නේ. ලෙඩ හැදෙනවා මොනවා කරන්නද? ඇඳුම් අඳින ඒවා හැමෝටම පේනවා. ඒවා දිහා බලා ඉන්න මානසික පිස්සෝ හරියට මේ පැත්තේ ඉන්නවා.
රෑට වැඩ කරන තැනින් කාලා, උදේට කැම්පස් එකෙන් බත් එකක් අරගෙන ඒකෙන් ටිකක් කාලා දවල්ට ඉතුරු කරනවා.
කොළඹ බෝඩිං ජීවිතේ ගැන මේ අපට හමුවුණු තවත් තරුණයෙක්.
හැම ළමයෙකුටම ආර්ථික දුෂ්කරතා තියෙනවා. ඒත් මේ බෝඩිං කරන ගෑණු පිරිමි තමයි අහිංසක ජීවිත විනාශ කරන්නේ. අහස උසට බෝඩිං ගාස්තු පිරිමි ඉන්න ගෙවල්වල ගෑණු ළමයින්ට කරදර වෙනවා. අපේ ළමයි කියලා තියෙනවා. කාටවත් කියන්න බැහැ ලැජ්ජයි. ලැජ්ජාවට හැම දේම හංඟගෙන ඉන්නවා. මේක ගෑනු ළමයි විතරක් නෙවෙයි පිරිමිත් දූෂණය වෙන කාලයක්. මම මගේ අත්දැකීමක්ම කියන්නම්. මම මුලින්ම හිටියේ විශ්වවිද්‍යාලය කිට්ටුවම බෝඩිමක. ඒක කළේ කැම්පස් එකට සම්බන්ධ අක්කා කෙනෙක්. අපි පිරිමි හය දෙනෙක් හිටියා. කොල්ලෝ මහපොළෙ හම්බවෙන දාට රෑට පාටි දානවා බෝඩිමේ අක්කා තමයි අපට බයිට් හදලා දෙන්නේ. ඉස්සර අක්කාගේ වෙනසක් මට තේරුණේ නැහැ. මාවත් මෙතනට වැටුණේ මගේ යාළුවෙක් හරහා අක්කා ගෑනු ළමයි තියාගන්න කැමැති නැහැ. අපේ කොකු ගහපු එවුන්ට කෙල්ලව ගෙදරට ගෙන්න ගන්නත් උදව් කරනවා. ඒ වුණාට අක්කා හිත යටින් තරහයි. මොකද අක්කා කැමැති මල්ලිලාට. අපේ කාමරේ යතුර තියෙන්නෙත් මල් පෝච්චියක් යට. සතියෙන් සතිය යතුර තියෙන මල් පෝච්චිය වෙනස් වෙනවා. මල් පෝච්චිය වෙනස් කළේ නැත්නම් අපි එන්න කලින් වෙන එවුන් ඇවිල්ලා නිදාගන්නවා. ඒ මදිවට උදේට කලින් ඇහැරුණේ නැති වුණොත් කලින් යන එකා අපේ ඇඳුම් ඇඳගෙන යනවා. මම බෝඩිමේ අක්කගේ ටී ෂර්ට් පවා ඇඳන් ගිහින් තියෙනවා ඇඳන් යන්න ඇඳුමක් නැතුව. මට මුල දී බෝඩිමේ අක්කගේ පුංචි පුංචි ලිංගික අඩත්තේට්ටම්වලට මුහුණ දෙන්න සිදුවුණා. ඒත් ඉවසගෙන හිටියා. මට එක මාසයක් බෝඩිං සල්ලි ගෙවාගන්න බැරිවුණා. අක්කා මට ඒ වෙනුවට අයුතු යෝජනාවක් ගෙනාවා. කාටවත් නොකියා තැනක් සොයාගෙන යනකොට තමයි මේ අංකල්ගේ බෝඩිම හම්බ වුණේ. මෙට්ටේ විතරයි කොට්ටෙ නෑ. ජීවිතේ කිසි රහක් නෑ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.
මෙවැනි බෝඩිං කොළඹ පරිසරයට නුහුරු ස්ථාන නොවෙයි. එහෙත් දොරගුළුවලට හරිහැටි යතුරක් නැති ජීවිතේ අඩි හයක මෙට්ටයකට හීන පොදි ගහන මේ තරුණ තරුණියන්ගේ ජීවිතවලට හෙට දවසේ කුමක් වේද? එය ඛේදනීය තත්ත්වයකි. බෝඩිං මිත්‍රයාගෙන් මිදී ඊළඟ අපගේ නැවතුම වුණේ නුගේගොඩ, විජේරාම ප්‍රදේශයයි.
කිසිවෙකුත් මෙවැනි පුදුම සහගත සිදුවීම් බෝඩිං නිවෙස්වල සිදු වනවා යැයි සිහිනෙකින්වත් සිතන්නේ නැත. මන්ද ඉදිරිපිටින් බෝඩිං හිමියන් හැසිරෙන්නේ ඉතා වැදගත් සමාජයක මිනිසුන් ලෙස නිසාය. විවිධ සිදුවීම් ඔස්සේ ගවේෂණයේ යෙදුණු අපට තවත් චරිත කිහිපයක් අපගේ හිතවතකු හරහා සම්බන්ධ කර ගැනීමට හැකි විය.
ඔවුහු විශ්වවිද්‍යාල තුළ විවිධ විෂයන්හි උපාධිධාරින් වීමට දහසකුත් බලාපොරොත්තු දරා සිටින තරුණ තරුණියෝය. විශ්වවිද්‍යාල සිසුවකුට මහපොළ රුපියල් 5000 පමණ මුදලක් ලබාදෙනවා යැයි කට වචනයෙන් කීවද එය මේ ශිෂ්‍යයන්ට ලැබෙනවාද යන්න හරිහැටි දන්නේ නැත. එහෙත් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කාලය තුළ ජීවත්වීමට මොවුන් නොකරන රැකියාවක් නැත. මේ තවත් අප සමග කතා බහට එක්වූ තරුණයෙක්.
අපේ එවුන්ගේ එකම හීනේ තමයි කැම්පස් එකේ 40/= ට කන බත් එකට වඩා කැම්පස් එක ඉස්සරහ කඩෙන් 150/= ප්‍රයිඞ් රයිස් එකක් කන එක. මහපොළ ලැබුණු දවසට සමහරුන්ගේ හීනේ 150/- බත් එකක් කන එක. සමහරු බොනවා. සමහරු කෙල්ල හරි කොල්ල හරි එක්ක බීච් යනවා. කෙල්ලන්ගේ හීනේ පාට පාට ලස්සන ඇඳුම්, සෙරෙප්පු ගන්න එක. ඕවා තමයි ප්‍රශ්න. මේ දේවල් සපුර ගන්න බැරි වුණාම ඇඟ විකුණලා හරි සල්ලි හොයන්න උපාධිය අමතක කරනවා. ඇයි අපේ එවුන් ඒ තත්ත්වයට පත් වෙන්නේ. කොච්චර බ්‍රයිටෙක් වුණත් ටියුෂන් ක්ලාස් එකක්වත් සෙට් වෙන්නේ නෑ. ඒකටත් පින තියෙන්න ඕන. කොහේ හරි යන මෙලෝ රහක් නැති නන්නත්තාර වෙච්ච අල ඩයල් එකකට තමයි ටියුෂන් එකක් හරි සෙට් වෙන්නේ. කථාවෙන් කථාව අපේ කථාව වෙන පැත්තකට යනවා. බෝඩිං ගැනනේ අපේ කතාව. මෙහේ සමහර බෝඩිං තියෙනවා. දොරවල්වලට යතුරු නෑ. කොල්ලෝ නෙමේ ඒ බෝඩිංවල ඉන්නේ කෙල්ලෝ. රෑට විවිධ දේවල් ඉතින් සිද්ධ වෙනවා.
අපේ හිතවත් මිතුරා තවත් තරුණියක් සමගත් කතා කරන්නට අවස්ථාව ලබා දුන්නා. එහෙත් ඇය කථා කරන්නට වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් නිසා.
“අනේ මට කතා කරන්න බැහැ.” ඇය අපව ප්‍රතික්ෂේප කළා. එහෙත් අපේ හිතවත් මිතුරාගේ පෙරැත්ත කිරීම මත ඇය අප සමග කතා කළා. මගේ නම ගම නම් කියන්න බැහැ. මා වෛද්‍ය ශිෂ්‍යාවක්. අපි 6 දෙනෙක් එක්ක එකට උයාගෙන තමයි කන්නේ. බෝඩිමේ ඇන්ටි ඇඳට විතරක් 4000 ගන්නවා. අපි එකතුවෙලා උයාගෙන තමයි කන්නේ. අම්මලට ලොකුවට මට වියදම් කරන්න අමාරුයි. මට විතරක් නෙවෙයි මෙතන ඉන්න ගොඩක් ළමයි දුප්පත් පවුල්වල දරුවෝ. අපි කන්නේ බතට එක ව්‍යාංජනයයි. අපේ රජ බොජුන් එක බතයි. එක ව්‍යාංජනයයි. පිටි බොන්නේ ඇල්වතුර වගේ. හොඳට කිරිපිටි දාලා තේ එකක් බොන එක අපේ හීනයක්. පිටි, හාල් ඉවරයි කියන්නේ මහපොළ තෙක් ඒ සියලු දේ ඉවරයි කියන එක. මහපොළ දෙනකම් බඩගින්නේ ඉන්න බෑනේ. බෝඩිමේ ඇන්ටිට හැම තැනම සම්බන්ධකම් තියෙනවා. අපිට කීයක් හරි සොයාගන්න පුංචි පුංචි ඡ්රඑ එසපැ න්‍දඉ සොයලා දුන්නේ එයා. බෝඩිං ගාස්තුත් ගෙවාගෙන උයාගෙන කාලා මාසයක් ජීවත් වෙන්න මහපොළින් බැහැ. ඇන්ටි මට මුලින්ම සොයලා දුන්නේ හොටෙල් එකක පිඟන් සෝදන්න. දැන් මම වැඩ කරන්නේ ීච් ආයතනයක කැම්පස් එකේ කවුරුත් දන්නේ නැහැ. මම මෙහෙම රැකියාවක් කරනවා කියලා.
පුළුවන්නම් මේ ටිකත් ලියනවද? මේ කොළඹට රස්සාවක් සොයාගෙන විශ්වවිද්‍යාලයට එන්නේ ගොඩක් දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ. ගෙදරට දුක කියන්න සල්ලි ඉල්ලන්න බැහැ. උදේ ඉඳන් රෑ වෙනකං දේශන ශාලාවල පුටු රත්කර කර දේශන අහගෙන ඉඳලා බෝඩිමට ආවම බොන්න වෙන්නෙ හුළං අපේ රටෙත් වෘත්තිමය අධ්‍යාපන රටාවක් හදනව නම් අපිට ඉගෙන ගන්න ගමන් අමතර ආදායම් මාර්ගයක් එක්ක ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් අය සල්ලි නැතිකමට ඔය එක එක තැන්වල න්‍දඉ වලට ගිහින් අවසානයේ උපාධියත් නැතුව හිස් අතින් ගෙදර යන අයත් ඉන්නවා.
කොළඹ විසිතුරු එළිය මේ ජීවිතවල කොයිතරම් දේවල් වහගෙන ඉන්නවද කියලා අපට හිතුණා.
(ඉතිරි කොටස ලබන සතියට)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එකම කාමරේ රෑට එක්කෙනෙක් දවල්ට තව කෙනෙක්
ටෙස්ලා Sunday, 25 September 2016 01:40 AM
මේ වගේ කතා තව තවත් පළකරන්න (නි)
සංජය පෙරේරා Monday, 19 September 2016 10:49 AM
ඊට පස්සේ අරක දෙන්න මේක දෙන්න ළමයින්ට හොඳ පාසල් දෙන්න කියලා ස්ට්‍රයික් කරන්නෙත් එයාලම තමයි (බ)
දිලුම් Thursday, 22 September 2016 10:03 AM
රංග ඒකට මේ ළමයින්ට බැනල වැඩක් නෑ. අපේ රටේ මිනිස්සුන්ගේ මාන්නෙ වැඩියි. ජපානෙ අපි ඉන්න කාලේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයා පවා වැසිකිලි හෝදන කෙනාට සුබ උදෑසනක් කියනවා මොන රැකියාව කළත් හැමටම එකම පිළිගැනීම ගෞරවය තියනවා. ඒකට මෙහේ මොන හොරකම කළත් හොද වාහනයක ආවොත් කවුරුත් දෙකට නැමිල ආචාර කරනවා (බ)
ප්‍රදීප් Tuesday, 20 September 2016 09:07 AM
කැම්පස් අය ගැනනම් කථා කරන්නත් ලැජ්ජයි. මේ අය මේ සල්ලි නැතුවම නොවේ මෙහෙම ඉන්නේ. (බ)
අමරකෝන් Wednesday, 21 September 2016 07:45 AM
බොහොම හොඳ දැනුවත් කිරීමක්
රංග Wednesday, 21 September 2016 09:29 AM
පිටරටවල සරසවි සිසුන් හොඳ රැකියාවක් ලැබෙනකන් කම්කරු රැකියා වගේ සුළු රැකියා පවා කරනවා. අපේ රටේ සරසවි සිසුන්ගේ මහන්තත්වය නිසා එවැනි සුළුරැකියාවක් කරලා පොඩි පහේ මුදලක් ලැබෙන එක මදි කමක් කියලා හිතන්නේ. ඉතින් හැමදාම දෙමව්පියන්ටයි බදු ගෙවන ජනතාවටයි කොටින්ම මුළු රටටයි මේ අයගේ ප්‍රශ්න විසඳනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ (බ)
ජයන්ත දසනායක Tuesday, 20 September 2016 10:59 AM
අනේ අපේ අනාගත උගතුන් විඳින දුක. බලදරින් නිදි නැතුව ඇති මේ රජයෙවත්.? (ර)
නුමන්ත Wednesday, 21 September 2016 03:45 AM
මම ජීවත්වෙන්නේ ජපානයේ. මම මෙහෙ විශ්ව විද්‍යාලයකට නම් ගියේ නැහැ. හැබැයි යන අයව දන්නවා. මෙහෙ අර්ධකාලීන රස්සාවක් කරනකොට ජීවත්වෙන්න විතරක් නෙමෙයි, ගෙදර අයට යවන්නත් ඉතුරු කරගන්න පුළුවන්. එ්කට අවශ්‍ය පරිසරය මෙහෙ තියෙනවා. හැබැයි ලංකාවේ එහෙම නෙමෙයි. මම ලංකාවේ විශ්ව විද්‍යාලයට යන කාලෙත්, අර්ධකාලින රස්සාවක් විදිහට වතුර බෝතල් පුරවන්න ගිහින් තියෙනවා. අපි මාන්නය ඔලුවේ තියාගෙන ඉන්න හින්දා, රැකියාවල පරතරය වෙනස් කරන්න ලේසි නැහැ. (නි)
ජයකොඩි Monday, 19 September 2016 01:58 PM
උත්සහවන්ත අයට මුළු ලෝකෙම ඔය වගේ තමයි,(හේ)
ගිහාන් Monday, 19 September 2016 02:08 PM
පිටරටවල සරසවි සිසුන් මීට වැඩිය දුක් විඳලා ඉගෙන ගන්නේ. ඒ උදවියට සරසවි ගාස්තු පවා තමන්ට ගෙවන්න වෙලා කම්කරු රැකියාවන් කරමින් ඉගෙන ගන්නේ . මගේ ඥාති පුතෙක් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නේ අර්ධ කාලීනව පලතුරු කඩයක වැඩ කරනවා. එයාගේ බෝඩිමේ ඉන්න වෛද්‍ය සිසුවෙක් රාත්‍රියේ වැසිකිලි පවිත්‍ර කිරීමේ රැකියාවක් කරනවා . ඒනිසා මේ අපේ සරසවි ළමයින් විතරක් ලෝකයේම වැඩියෙන් දුක් විඳින කොට්ටාසය කියලා කියන්න බැහැ. (බ)
මලිත් Tuesday, 20 September 2016 06:25 AM
මම විශ්ව විද්‍යාලේ ගියේ ඔස්ට්‍රේලියාවේ දැන් පදිංචිවෙලා ඉන්නෙත් එහෙ. ගිහාන් කියන එක හරි හැබයි ලංකාවේ කැම්පස් යන අය එක්ක සමාන කරන්න බෑ. ලංකාවේ එළවලු කඩයක වැඩ කරලා කක්කුස්සි හෝදලා කීයද හොයන්න පුළුවන්? මම කැම්පස් යනකාලේ කලේ කක්කුස්සි හෝදපු එක. ඒවාට මෙහෙ හොඳට ගෙවනවා ලංකාවේ වගේ නෙමයි. (ර)
කාශ්‍යප Tuesday, 20 September 2016 06:22 AM
තම තමන් සංසාරයේ කල නොකළ පින් පව් වල හැටියට ජීවිතය ගෙනියනවා. ඕවට විසදුම බුද්ධ ධර්මයෙන් මිසක් වෙන දේකින් සොයන්න බෑ. සමහරු ධනවත් පවුල්වල ඉපදෙන්නත්, සමහරු මෙතරම් දුප්පත් වෙලා ඉපදෙන්නත් හේතුව කුමක්ද? දැන්වත් පිනක් දහමක් කරගන්න දරුවනේ! (ර)
එම් චන්දන ප්‍රදිප් කුමාර Monday, 19 September 2016 03:55 PM
ජිවිතය සොයන්න ගෙන්ද ගමි පොලවෙ පය ගහලා තොරෙමිබල් සංකෘතියට වහල් වෙලා අතරමන් වෙන ජිවිත වලින් අනාගත යහපත් සමාජයක් බලාපොරොත්තු විය හැකිද?(හේ)
කුමාරි Monday, 19 September 2016 05:25 PM
ගිහාන්ගේ අදහසට මම එකඟයි. ලංකාවේ තමයි ළමයි නිතරම දෙමව්පියන්ට බරක් වෙන්න බලන්නේ (නි)
ආරියරත්න Monday, 19 September 2016 06:22 PM
පිටරටවල සරසවි සිසුනුත් මේ වගේම දුක්විඳලා ඉගෙනගන්නේ. සරසවිය ඇතුළෙන්ම ළමයින්ට රැකියා සොයාගන්න පුළුවන්. අපේ සරසවි ළමයින්ටත් ඒ වගේ වුණා නම් හොඳයි. නමුත් එක එක විදියට රැකියා වලට පිළිගැනීම් තියන නිසා ළමයි කැමතිවෙන එකක් නැහ ප්‍රසිද්ධියේ මේ වගේ සරසවිය ඇතුළේ රැකියා කරන්න. ඒකයි අපේ රටේ වෙනස. (නි)