IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


එකම විකල්පය ආදාහනය පමණද?

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරන්නැයි ජාත්‍යන්තරයෙන් යළිත් බලපෑම් එල්ලවෙමින් තිබේ. එම පුද්ගල මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේ දී ඇති එකම විකල්පය ආදාහනය බවට තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුලපුරන හේතුවක් විය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට අනතුරු අඟවා ඇති බවට ද වාර්තා පළවෙමින් තිබේ.

මෙරට කොවිඩ් ආසාදිත මරණවල අවසන් කටයුතු සිදුකිරීම ජාත්‍යන්තරයේ සාකච්ඡා විය යුතු ප්‍රශ්නයක් නොවිය යුතු බව අපගේ විශ්වාසය වෙයි. එසේ සිදුවී ඇත්තේ එකී මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ නම්‍යශීලී බවක් නොමැති නිසා බව බැලූ බැල්මට පෙනී යයි. කොවිඩ් හේතුවෙන් රෝගීන් මියයන සෙසු කිසිදු රටක එම සිරුරු සම්බන්ධ අවසන් කටයුතු සිදුකිරීම ජාත්‍යන්තරයේ සාකච්ඡාවට ලක්වෙන කරුණක් බව අපගේ දැනීමේ හැටියට දැනගන්නට නැත. එසේ නම් ශ්‍රී ලංකාව පමණක් මෙවැනි අනවශ්‍ය අත පෙවීමකට මැදිවීමට හේතුවක් තිබිය නොහැක. හරි වෙලාවේදී හරි තීන්දුවක් නොගැනීම මෙවැනි මතභේදකාරී තත්ත්වයකට මඟ පෑදුවා වන්නට ඇතැයි අපි සිතමු.

ශ්‍රී ලංකාව ස්වාධීන, ස්වෛරී රටක් බැවින් මේ රටේ අභ්‍යන්තර කාරණාවලට ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් අවශ්‍ය නැත. එවැනි ඇඟිලි ගැසීම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට නොපැකිලිව ඉදිරිපත් විය යුතුය. එහෙත් අනවශ්‍ය ලෙස මතවාදී ගැටුම් ඇතිකර ගනිමින් එවැනි ඇඟිලි ගැසීම් සඳහා දොරටු විවෘත කර ගැනීම්වලින් අපි ද වැළකී සිටිය යුතු වෙමු. කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් අප සිටින්නේ නිවැරැදි මතවාදයක නම් අපේ රට දෙසට ජාත්‍යන්තරයේ ඇඟිල්ල දිගුවීමට ඉඩක් නැත.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට අමෙරිකා සෙනෙට් සභිකයකු විසින් යොමුකර ඇති ලිපියේ සඳහන් වන්නේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බලකර සිටින බවය. එම ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමදානය සහ ආදාහනය යන දෙආකාරයටම අවසර ලබාදී තිබෙන බවය. එසේම ආසාදිත මළසිරුරු භූමදානයෙන් කොවිඩ් - 19 වයිරසය පැතිරෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් සඳහන් කරන බවය.

ශ්‍රී ලංකාව තුළ මළසිරුරු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැවොම පිළිගන්නා විශ්වාසයන් සහ සම්ප්‍රදායන් තිබේ. මේ බොහොමයක් සම්ප්‍රදායයන් ආගමික විශ්වාස සහ ඇදහීම් මත ගොඩනැංවුණු ඒවා වෙයි. එම සම්ප්‍රදායන්ට දීර්ඝ ඉතිහාසයක්ද තිබේ. මෙරට ජීවත්වන ජනතාවගෙන් අතිබහුතරය බෞද්ධ වන අතරම හින්දු-මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ඇතුළු වෙනත් ආගම් අදහන බොහෝ පිරිසක්ද රටේ වෙසෙති. මේ සියලු‍දෙනා මෙතෙක් කාලයක් මෘතදේහ අවසන් කටයුතු සිදුකළේ සෙසු පිරිස්වල විරෝධයකින් තොරවය. මේ තත්ත්වය වෙනස් කරනු ලැබුවේ කොවිඩ් වසංගතය මගිනි.

කොවිඩ් වසංගතය පැතිරුණු මුල් අවධියේ මේ රටේ සිදුවූ මරණ සංඛ්‍යාව සීමිත විය. එහෙත් එම සීමාව ඇතුළතද සිදුකෙරුණු පළමු මුස්ලිම් මෘතදේහය පිළිබඳ අවසන් කටයුත්තේදී මේ ගැටලු‍ව මතුවිය. එහෙත් ඒ කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පැහැදිලි නොවීය. එසේම වයිරසයේ ව්‍යාප්තිය භූමදානය කෙරෙන මළසිරුරු හරහා සිදු නොවනු ඇති බවට සහතිකයක්ද නොවීය. මේ නිසා වෙනසකින් තොරව සියලු‍ මෘතදේහ ආදාහනය කිරීම හැර වෙනත් විකල්පයක් අපට නොතිබිණි. එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මෘතදේහ අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ නිර්දේශය වන්නේ ආදාහනය හෝ භූමදානයයි. මේ දෙආකාරයේදීම එය සිදුකළ යුතු තත්ත්වයන් සම්බන්ධව උපදෙස් පවා නිකුත් කර තිබේ. මෙරටේ දෙවැනි රැල්ල සමඟ වැඩිවූ මරණ සංඛ්‍යාව හේතුවෙන් අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ගතයුතුව තිබිණි. එම තීන්දුව රටේ කිසිදු ජාතික හෝ ආගමික හෝ පටහැණි නොවිය යුතු වීමද අවශ්‍ය විය. මේ සියලු‍ අංශ සලකා බලා අවසන් තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විශේෂඥ කමිටුවක්ද පත් කෙරිණි. එම කමිටුවේ වාර්තාව එළියට නොපැමිණි අතර රජයෙන් ප්‍රකාශ වූයේ ආදාහනය පමණක් නිර්දේශ කර ඇති බවය. මේ හේතූන් නිසා අපේ රටේ කොවිඩ් ආසාදිත මෘතදේහ අනිවාර්ය ආදාහනයකට යටත් කර ඇති බවට ජාත්‍යන්තරය තුළ මතයක් පැතිර  ගියේය.

අපගේ වැටහීම වන්නේ අපේ රටේ ‘‘අනිවාර්ය ආදාහන’’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම තවමත් ප්‍රමාද නැති බවය. කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකිරීමට ප්‍රමාණවත් හේතු නොතිබේ නම් භූමදානයට ඉඩදීම වැරැද්දක් නොවන බව අපගේ විශ්වාසයයි.

(***)



අදහස් (5)

එකම විකල්පය ආදාහනය පමණද?

Bamunuarachch Monday, 08 February 2021 09:34 AM

ලංකාවේ කොරෝනා මෙතරම් දුරට මර්දනය කර ගෙන ඉන්නේ කොරෝනා මර්දනය අපේම කර්මයකට කරන නිසායි. එයට WHO උපදෙස්වත් වෙන කාගේවත් උපදෙස්වත් අයිති වුනේ නැත. කෝවිඩ් මරණ ආදාහනය කිරීම අපේ මේ ක්‍රමයට අයත් එකකි. එම නිසා ඒවාට ඇඟිලි ගැසීමෙන් වළකින්න. රටේ 9%ක් වෙනුවෙන් 91% ක් බිල්ලට දීමට නොහැකියි. ඔය 9% හිතාගෙන ඉන්නේ කෝවිඩ් දෙන්නේ ඔවුන්ගේ දෙවියන් මැරුණම යන්නේ ස්වර්ගයට කියලා. ඒ ගොල්ලෝ මැරිලා එහෙම ගියාවේ.. රටේ ඉන්න මිනිසුන්ට ලෙඩ නොදී...

:       22       22

marikkar Monday, 08 February 2021 10:20 AM

බුමුණුආරච්චි... මෙම ලිපියේ පහත දැක්වෙන ප්‍රකාශ තේරුම් ගැනීමට ඔබට හොඳ මොළයක් ලබා දෙන ලෙස මම දෙවියන්ට ආයාචනා කරනවා.. "කෝවිඩ් ආසාධිත මරණ සම්බන්ධයෙන් අප සිටින්නේ නිවැරැදි මතවාදයක නම් අපේ රට දෙසට ජාත්‍යන්තරයේ ඇඟිල්ල දිගුවීමට ඉඩක් නැත. අපගේ වැටහීම වන්නේ අපේ රටේ ‘‘අනිවාර්ය ආදාහන’’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම තවමත් ප්‍රමාද නැති බවයි. කෝවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකිරීමට ප්‍රමාණවත් හේතු නොතිබේ නම් භූමදානයට ඉඩදීම වැරැද්දක් නොවන බව අපගේ විශ්වාසයයි."

:       16       28

BamunuarachchiTuesday, 09 February 2021 02:10 AM

අපේ රට දෙසට ජාත්‍යන්තරයේ ඇඟිල්ල දිගුවීමට හේතුව කොවිඩ් මරණ ආදාහනය දෙස ඔවුන්ට ආගමික ඇසින් බැලීම පෙළඹවීමයි. ඒ ජාත්‍යන්තරට ඔබලාගේ ආයාචනා අභියාචනා නිසා මිස වෙන හේතුවක් නිසා නොවෙයි. ක්‍රිස්තියානි බෞද්ධ හා හින්දු මිනිසුන්ටද තම ආගමික වතාවත් අමතක කිරීමට සිදුවී නැත. මට හොඳ මොළයක් ලබා දෙන්න හදන දෙවියන්ට, බේදයකින් තොරව මිනිසා විසින් ගත් මේ ආදාහන තීන්දුව තේරුම් ගැනීමට තරම් මොලයක් ඇති කියා මම කියමි. කෝවිඩ් මර්දනය අපේම ක්‍රමයක් අනුගමනය කරන නිසා රටේ 9% ආගමික විශ්වාසයන්ට ඉඩ දී අපිට අමාරුවේ වැටෙන්නට කිසිම උවමනාවක් නැත. මක්නිසාදයත් අපිට ජීවිතය වටිනා නිසායි. ඔබලා භූමදානය ඉල්ලන්නේ ආගමික විශ්වාස නිසායි. රටේ භෞතික පැවැත්මට කාගේවත් ආගමික විශ්වාස අදාළ නැත...

:       8       9

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 February 2021 10:22 AM

WHO එක දුන් නිර්දේශ අසා ඇමරිකාව ලත් දඬුවම හොඳටම ප්‍රමාණවත්. WHO එක මුලින් කීවේ කෝවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස බෝ නොවන බවයි. ඒ දෙය විශ්වාස ඇමරිකාව, ප්‍රංශය ආදී රටවල් මළමිනී වලින් පිරීගිය හැටි අද මේ අපට තර්ජන එවන අඳ බාලයින්ට මතක නැහැ. ට්‍රම්ප්ට අප කැමැති නැති වුවත්, ඔහුට WHO එක පේන්න බැරිවුනේ මෙන්න මේ නිසයි. WHO එකේ නිරුවත ලෝකයම පෙනිලා තිබියදීත්, මේ අය අපට බණ කියනවා. අපේ රටේ වෛද්‍ය විද්‍යා උගතුන් තීන්දු තීරණ ගන්නේ අපේ රටේ භූගෝලීය සාධක මත පිහිටලයි. ජලය නොමැති කාන්තාරේ මුස්ලිම් නීතිය අනුව මෘතශරීර භූමදානය කරාට, ජල ගැලීම් ඇති මේ රටේ මේ අවස්ථාවේ එසේ කිරීම අති බිහිසුණුයි. ලොව මෙතෙක් ප්‍රශ්න තිබියදීත්, මෘතශරීර වල එල්ලී ලෝකයේ අවදානය දිනාගැනීමට ගන්නා බොළඳ උත්සාහයන් ගැන ඔවුන් ලජ්ජාවිය යුතුයි. මුස්ලිම් ලොවේ බිඳීගිය හොඳහිත දිනාගැනීම මෙහි යටි අරමුණ බව පෙනේ. පණපිටින් සිටිනා මිනිසුන් ගැන සෙවීම පසෙක තබා මෘතශරීර ගැන දුකක් ඇතිවී ඇත්තේ ඒනිසා බව පැහැදිලිය.

:       11       22

සිංහලේ සිංහලේ Sunday, 14 February 2021 03:43 AM

අනේ ඔව්. අපේ සිංහලුන් හැරුණාම මේ ලෝකේ ඉන්න අනික් හැම කෙනාම පට්ට මෝඩයින්.. කියන එක තේරෙන්නෙ නැති අයත් ඉන්නවනේ මෙතැන. නැහැ මම අහන්නේ, කෝවිඩ් නිට්ටාවටම සුව කරන මහා පැණිය සැදූ අපේ ධම්මික වෙද උත්තමයා වගේ උත්තමයෙක්වත් අඩු තරමේ ඉන්නවද අපිට හැර වෙන කාටවත්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 151 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 513 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 144 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 142 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 321 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 625 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site