IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


එක වේලකින් දියණියන් රකින මවක්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )                                                                 

සැමියා නොමැතිව පාසල් වියේ පසුවන දියණියන් හතර දෙනෙකු සමඟ දුකින් දිවිගෙවන  මවක් සීගිරිය  ගෙඩිගස්වලාන ගම්මානයේ  සිටින්නීය.

කටුමැටි නිවසක කුඩා දියණියන් සිව් දෙනා සමඟ දිනකට වේලක් ආහාරයට ගනිමින් හරිහැටි ඇඳුමක් හෝ නොමැතිව තමන් දරුවන් සමඟ ජීවත්වන බව සුභාෂිනි හේරත්  මහත්මිය හැඬු කඳුළින් පැවසුවාය.

ඇගේ වැඩිමහලු දියණිය භාග්‍යා ශ්‍රීමාලි දොළොස් හැවිරිදි වියේ පසුවන්නීය .දෙවැනි දියණිය සෙව්වන්දි තවමත් දහ වැනි වියේ පසුවන අතර තුන්වැනි දියණිය නවෝද්‍යා අවුරුදු හයක දැරියකි. සිව්වන දැරිය  නෙහන්සිකා  තවමත් පෙර පාසල් වියේ පසුවන්නීය.

මෙම දියණියන් සිවු දෙනාට කුඩා අවධියේ සිට ම පිය සෙනෙහස අහිමි වී ඇත්තේ ඔවුන්ගේ පියා පවුලෙන් ඈත්වීම හේතුවෙනි. දරුවන්ගේ සියලු බර කරටගත් මව  කුලී වැඩක් කරමින් දිනකට එක වේලකින් හෝ දරුවන්ගේ කුස පුරවන්නට දැඩි වෙහෙසක් දරන්නීය.

වන අලින්ගෙන් ගහන සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රදේශ කටුමැටි බිත්ති හතරකට කොටු වී හරිහැටි දොර ජනෙල් පවා නොමැතිව දිවි ගෙවන මොවුන් රාත්‍රී කාලයේදී අලින් පැමිණෙනවිට නිවසේ ඇති එකම ඇඳ යට සැඟවී සිටින බව කුඩාම දියණිය අප සමඟ පැවසුවාය.

සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන මෙම දියණියන් තිදෙනාට දක්ෂතා ඇතත් අඩුපාඩු නිසා ඔවුහු අසීරුතාවකට පත්ව සිටිති. බාල දියණිය තවමත් පෙර පාසල් වියේ පසුවන්නීය.

කුප්පි ලාම්පු එළියෙන් දිවිගෙවන මෙම දරු පවුල බරපතළ ආර්ථික දුෂ්කරතාවයකට, ආහාර, ඇඳුම් පැළඳුම් හා පාසල් උපකරණ හිඟයකට මුහුණ පා සිටිති. සුභාෂිණී හේරත් මහත්මිය කියා සිටියේ තම  දියණියන් කිසිඳු ආරක්ෂාවක් නොමැතිව මෙම කුඩා කටුමැටි පැලේ දමා යෑමට නොහැකි වීම තමන්ට ඇති ලොකුම ගැටලුව බවයි. කෙසේ හෝ ඔවුන්ගේ කුස පිරවීමට තමන්ට හැකියාව ලැබුණද ආරක්ෂාව සහිත කුඩා කාමරයක් තනා ගැනීමට නොහැකි වීම නිසා තමන් සිත්තැවුලට පත්ව සිටින බවද ඈ පැවසුවාය.

මෙම දියණියන් සිවු දෙනාට උපකාර කළයුතු බව එහි ගිය අපට පසක් විය. දුරකතන අංකය 076 326 72 74 යෙන් ඔවුන් ඇමතිය හැකි අතර  මහජන බැංකුවේ හබරණ  ශාඛාව  ගිණුම් අංකය 203- 200 2100 193 91 යෙන් ආධාර කළ හැකිය.

 

 



අදහස් (31)

එක වේලකින් දියණියන් රකින මවක්

athula Monday, 17 September 2018 07:42 AM

මෙන්න කරනවා නම් පින්...

:       14       175

rama Monday, 17 September 2018 09:01 AM

බස්නාහිර පළාත් සබවෙන් එක පුටුවක් අඩුකළ නම් මේ පවුලට ගෙයක් හද දෙන්න පුලුවන්...

:       20       359

sampath Monday, 17 September 2018 10:59 AM

දේශපාලනය ඉහල සිට පහලට ගලා යාමේ ගැටලුවක් තියනවා. ප්‍රාදේශීය සභාවෙන් මේවා හොයලා බලලා කරන්න ඕන.

:       4       174

tommy Monday, 17 September 2018 11:10 AM

මේ කටු මැටි ගසා ඇති නිවසේ ජිවත්වන මිනිසුන්ගේ ඡන්දයෙන් පත්වන දේශපාලකයින් නගරවලට වී සුරසැප විදිමින් සිටී. කොළඹ සිට කෑ ගහන පරිසරවේදීන් මේ අහිංසකයින් වල් අලින්ගෙන් බේරීමට ඇදන් යටට යයි. මේ රටේ ඇත්තේ උඩ යටිකුරු වුන සමාජයකි.

:       2       210

අනුර Monday, 17 September 2018 12:54 PM

අසරණ හා ඉතා වාසනාවන්ත දරුවන් බව මුහුණු වලින්ම දිස්වේ. ඔවුන්ගේ පාසැල් කටයුතු නිසියාකාරව කරගෙන යාම සඳහා අවංකවම දායක වීමට ඉතා කැමැත්තෙන් සිටිමි. ලබන වෙසක් උත්සවයට පෙර ඔවුන් සඳහා නව නිවසක් ලැබේවායි මා අවංකවම ප්‍රාර්ථනා කරමි. මේ සඳහා අපේ රටේ සිටින පින්වතුන් අවංක සිතින් සංවිධානය කර එම කාරණය සපළ කරන්නේ නම් මා ඒ සඳහාද මුදලින් දායක වෙමි. (මා ලංකාවේ ජීවත් නොවන නිසා මෙලෙස ලියමි) ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා !

:       8       639

pakeerSunday, 23 September 2018 08:57 PM

මේ පවුල නම් අසරණ බව ඇත්ත. එහෙත් වාසනාව සහ අසරණකම මුනුනෙන් කියන්න බැහැ.

:       37       3

Sunil Rangajeewa Monday, 17 September 2018 03:28 PM

මේ ලිපිය ඉතාම වැදගත්... මට උදව් කල හැකිවෙනවා. මුදල් බැංකු ගිණුමට දැමීමට කැමති බව දන්වමි.

:       23       404

Sun Fernando Monday, 17 September 2018 06:56 PM

පුලුවන් විදිහට අපි හැමෝම මේ දරුවන්ට උදව් කරමු

:       5       65

sam Tuesday, 18 September 2018 12:04 AM

ගිණුම් හිමියාගේ නම දැන්වා එවන්න.

:       1       64

Shani Tuesday, 18 September 2018 03:30 AM

උදව් කරනවා කොහොම හරි...

:       4       62

ROSHAN Tuesday, 18 September 2018 03:45 AM

මම එන සතියේ ලංකාවට එනවා. මට මේ දරුවන් බලන්න ඕනේ .

:       92       123

Charith AgunawelaWednesday, 19 September 2018 12:45 AM

ගිණුමට සල්ලි දැම්මොත් ඒ මිනිස්සු මොකක් හරි කර ගනී.

:       6       15

ලක්ෂ්මන් Tuesday, 18 September 2018 05:06 AM

සෑම ගමකම ග්‍රාම නිලධාරි න්ද උපාධිධාරීන්ට රැකියා දීමට පත්කල සංවර්ධන නිළධාරියෙක්ද, සමෘද්ධි නිළධාරියෙක්ද මෙකී නොකී ලෙස ගමකට 30 කට ආසන්න ක්ෂේත්‍ර නිළධාරි පිරිසක්ද පළාත් පාලන ආයතන මන්ත්‍රී කෙනෙක් පලාත් සභා මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හා ප්‍රාදේශිය ලේකම් මට්ටමෙන් ප්‍රාදේශීය සම්බන්ධී කරන කමිටුවක්ද රටේ ඵලදායිතාවය ඇතිකිරීමට ඵලදායිතා ලෙක්ම් කාර්යාලයක්ද රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජයේ මුදලින් නඩත්තුවෙනවා. එහෙම තියෙද්දිත් මෙහෙම වන්නේ ඇයි.

:       1       82

janatha anura UAE Tuesday, 18 September 2018 08:45 AM

මමත් උදව් කරනවා කොහොම හරි... මේ මාසේ වැටුපෙන්.

:       2       254

Perakum Tuesday, 18 September 2018 09:34 AM

ලක්ෂ්මන්, එහෙම තියෙද්දිත් මෙහෙම වන්නේ ඇයි...? ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්නයක්. මට දෙන්න පුළුවන් එකම උත්තරය "මේක අපේම වැරැද්ද ..." අපි කතිරෙ ගහල යවන එකෙක්වත් මේවා ගැන බලන්නෙ නැහැ.

:       1       262

Perakum Tuesday, 18 September 2018 11:46 AM

බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරටුව අඟල් කාලකින් පුංචි කලානම් මේ පවුල ගොඩ.

:       2       63

Perakum Tuesday, 18 September 2018 01:44 PM

කවුරු කවුරුත් උදව් කරලා මේ පවුල ගොඩ දාවි

:       1       28

Gihan Wednesday, 19 September 2018 12:49 AM

ලංකාදීපෙන් මෙවන් අයට උදව් කරන්න අරමුදලක් පිහි‍ටුවන්න. අපි දායකත්වය දෙන්නන්. මේ වගේ පවුලක් හම්බුනාම ඒකෙන් උදව් කරන්න. උදව් කරල ඒ ප්‍රවෘත්තිය පල කරන්න පුළුවන් නම් අපිට කියාගන්න බැරි තරම් සතුටක් දැනේවි.

:       1       67

SHALIKA Wednesday, 19 September 2018 04:19 AM

මෙවන් දෙයක් දැක්කහම අදහස්, යෝජනා එන්නෙත් හැකි පමණින් උදවු කරන්න ඉදිරිපත් වෙන්නෙත් මහජනතාවම පමණක් නිසා. මහජන මුදල් යොදවා නඩත්තු කරන මේ නාගරික, ප්‍රාදේශීය, පළාත් යන සියලු ආයතන වලට පත් කරන වැඩකට නැති මන්ත්‍රී, ඇමති නඩයන් තවත් තියාගන්නේ මොකටද? ඔවුන් යවා අපි වෙනුවෙන් අපි කියලා බද්දක් විතරක් පනවා අපි අපිටම උදවු කරගත්තනම් හොදයි. මේ දරු පැටවුන්ට උදවු කරන්න හැකි පමණින් දායක වෙන්න ලැබීම අපට සතුටක්.

:       1       103

dhamneth Wednesday, 19 September 2018 05:56 AM

අපේ ප්‍රදේශයේ නම් සමෘධි නිලධාරී මහත්මිය මේ වගේ පවුල් උදව්කල හැකි අයට යොමුකරනවා. මටද එහෙම අය ඉදිරිපත් කර තිබෙනවා. මමත් එහෙම ළමුන් ට උදව්කරගෙන යනවා.

:       18       34

ashok Wednesday, 19 September 2018 08:49 AM

අනේ පව් පුංචි පැටවා. මමත් මෙයාලගේ බැංකු පොතට මුදල් බැරකරනවා. බොහෝම ස්තුතියි ලංකාදීපයට...

:       0       17

අනුර: [email protected] Wednesday, 19 September 2018 11:41 AM

මම අද හැරියත් මහත්මියට දුරකථනයෙන් කතා කළෙමි. නමුත් මට අවශ්‍ය ඇයගේ බැංකු විස්තර පැහැදිලිව ලබාදීමටයි. ඇයට එම අ⁣වස්ථාවේ නොහැකි විය. මා පිටරටක සිටින නිසා ඇයගේ බැංකු ගිණුමට නිවැරදිව මුදල් බැරකිරීම පිණිස සියලු තොරතුරු මට අවශ්‍ය වෙනවා. එවිට අපහසුවෙන් තොරව ඇයගේ ගිනුමට මුදල් බැරකිරීමට හැකිවෙනවා. කවුරු හෝ වේවා මට ඒ සදහා උපකාර වේ නම් මා ඉතා ස්තුතිවන්ත වෙමි. මගේ ඉමේල් ලිපිනය: [email protected]

:       1       23

RuchiraWednesday, 19 September 2018 01:43 PM

ලිපියේ සඳහන් පරිදි නම සුභාෂිණී හේරත් වෙන්න ඕනේ..

:       0       36

Uditha - London Wednesday, 19 September 2018 01:51 PM

කරුණාකරලා එකවුන්ට් ඩීටේල්ස් හරියට එවන්න.. එකවුන්ට් එක හිමි කෙනාගේ නම හරියට ඊමේල් කරන්න ireshuditha81@gmail .com

:       1       2

Uditha - London Wednesday, 19 September 2018 01:54 PM

ළඟදි දැක්ක ආර්ටිකල් එකක් කොහෙද මන්ද තියෙන දොරකට ලක්ෂ 83 වියදන් කරලා.. දොරවල් දාන වෙලේ මෙන්න මේ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා නම් හෙන ගහන එකක් නැති වේවි..!!!

:       0       33

ROSHAN Wednesday, 19 September 2018 02:49 PM

චරිත් මහතා වෙත, මම අම්ම බලන්න මේ අවුරුද්දේ මුල යොදා ගත්ත ගමනක්...

:       0       22

Perakum Saturday, 22 September 2018 10:09 AM

ඔය ජංගම දුරකථනයේ බිල ගෙවන්නත් කවුරුහරි ඉදිරිපත් වෙන්න.

:       2       75

Kusum Monday, 24 September 2018 05:52 PM

මම මුදල් යැව්වා කාමරයකට අවශ්‍ය බ්ලොක් ගල් සහ සිමෙන්ති ගැනීමට. ඇය ඒ මුදල් ලබාගෙන තියෙනවා. කරුණාකර එයාට හැකි උදව්වක් කරන්න ළමයි හතරදෙනා සමග ජීවිතය ජය ගැනීමට.

:       0       52

rocky Thursday, 27 September 2018 02:26 AM

ඇමැතිතුමාලා ගහන එක කොමිස් පාරකින් මේ වගේ පවුල් 100ක් නඩත්තු කරන්න පුළුවන් වේවි. ජනාධිපතිතුමාගේ නෙව්යෝර්ක් ගමනින් එක් කෙනෙකුව අඩු කෙරුවානම් ?

:       0       1

Appuwa Sunday, 30 September 2018 04:32 PM

ඇත්තටම උඩ ප්‍රතිචාර බැලුවම.... ඉතා යහපත් මිනිසුන් ඉන්නා බව දැක්කෙමි. අපි කවුරු කොහොම කිව්වත් අපි අපිටම උදව් කර ගත යුතුය. තවද අවුරුදු 70ක් විතර අපි කලේ දෙපිලකට බෙදී දේශපාලකයන්ගේ බඩ තරකිරීම පමණි. එපමණක් නොව ඔවුන්ටම කෝටි 2,3 වාහනද අරන් දුන්නෙමු. එවන් එක් වාහනයක් සල්ලි කළා නම් මේ වගේ අහිංසකයින්ට හිනාවක් ගේන්න තිබුණා. තව ඒ ⁣වගේම ෂෝ පවත්වන, හදවත බේරගන්න කියලා සන්ග්ලාස් දාලා පා ගමන් යන අයට මෙන්න මේවා පෙන්නන්න ඕනේ. නොපෙනෙන දෙවිවරුන්ට සල්ලි යට කරන අයට මේවා පෙන්නන්න ඕනේ.... බුදු හාමුදුරුවෝ කිව්වෙත් එක එක්කෙනාට උදව් කරගන්න කියලා. මේ අහිංසකයින්ට උදව් කරන අයෙක් සිටිනවා නම් සැබෑ ලාංකිකයන් බවද මතක් කරන්න ඕනේ...

:       0       7

Danushka palipana Friday, 05 October 2018 02:30 AM

මේක බලන හැම කෙනාම අන්තිමට තියන එකවුන්ට් අංකයට රුපියල් 500 ගාණේ දැම්මත් ඇති ඒ අයට ජීවත් වෙන්න. පින්සිද්ධ වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 123 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 149 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 126 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 167 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1698 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 775 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38718 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25438 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site