(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
. සාමාන්‍ය සේවකයෙන් ලෙස ඇවිත් ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක්වෙයි.
. සෙඩ් එකක වැඩකර බිලියනපතියෙක් වෙලා.
. මහා බිතාන්‍යයේ ඛණිජතෙල් ව්‍යාපාරයේ පළමු 30 අතරටත් ඇවිත්.
. ආර්ථික පසුබෑම සමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ණයත් පියවලා.
ක්‍රීඩාවේදී “මහත්වරු” ගැන කතාකරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මහත්මා ගුණය ගැන වඩවඩාත් කථාකරයි. මහත්හොරු ගැන කතාබහට ලක්වන යුගයක මහත්වරුන් සොයාගැනීම අසීරුය. මේ එවන් මහත්මයෙකු සොයාගිය ගමනකි.
ගොයම් කපා අවසන්වූ වෙල් ඉපනැල්ලක ගමේ කොල්ලො කුරුට්ටන්ට ලැබෙන තාවකාලික පිට්ටනිය මහදෙයක් නොවේ. ජාතික ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක්යින් බිහිකිරීමට පුහුණුව, තාක්ෂණය, උපකරණ මෙන්ම තාක්ෂණයට සැකසුන තණතිල්ල ඇතුලු ක්‍රීඩාපිටියක වැදගත්කම අමුතුවෙන් කිවයුතු නොවේ. බොහෝ කථාබහට ලක්වූ තරග අතර පසුගිය සමයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුබැස්මක් තිබුණ බව පිළිගතයුතුය.
ජාතිකතලයට ක්‍රීඩකයින් දායාද කිරීමට පසුපෙළක් තැනීම හා පසුපෙළ ශක්තිමත් කිරීම ප්‍රතිපත්ති සැලසුම් කරන්නන්, පරිපාලකයාගේ සිට පාසල දක්වා ගෙනයායුතුය. පාසලෙන් පටන්ගෙන තෙවනපෙළ දෙවනපෙළ පළමුපෙළ සිට ජාතික මට්ටම දක්වා යාහැකි මගක තිිබිය යුතුය. රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව මෙවන් පහුසුකම් තිබුණත් දුෂ්කර පළාත්වල තත්වය විමසීම වටී.
ක්‍රීඩාව අයිති අමාත්‍යාංශය හා සම්මේලන, සංගම්, විශ්වවිද්‍යාලයන් සතුව මෙවැනි ක්‍රීඩා පිටි අතලොස්සක් හෝ තිබුණහොත් ඒ ගැන පුදුම වියයුතු නැත. තම උපන් බිමෙන් බැහැරව වසර 40 ක් ගතවුවද ගමට ජාත්‍යන්තර තලයට යා හැකි ක්‍රිකට් ක්‍රීඩාංගණයකට සිය ධනය මිලියන ගණන් කැපකළ අයෙක් වේ නම් ඔබ පුදුමයට පත්වනු ඇත.
ක්‍රීඩාපිටියක අගය වටිනාකම් දැනෙන්නේ කුමනහෝ ක්‍රීඩාවක යෙදුණු ක්‍රීඩකයෙක් නැතහොත් ක්‍රීඩාවට ආදරය කරන්නෙකුට මිස අනෙකෙකුට නොවේ. අක්කර 10 ක සම්පූර් ණ වපසරියක සතපහක ලාභ චේතනාවකින් තොරව අක්කර 6 ක ක්‍රිකට් පිටියක් සහ ශක්තිවර්ධන මධ්‍යස්ථාන නේවාසික පහසුකම් ඇතුලු අංග සම්පූර්ණ ක්‍රීඩා ගම්මානයක් මඩකළපුවට දායාද කළ ඔහු ක්‍රීඩාවේ මහත්මයෙකු ලෙස හැඳින්වීම මදිකමක් නොවේ.
මඩකලපුවේ ඇත්තන්ට හැදූ මෙකී ක්‍රීඩා ගම්මානයේ තොරතුරු අනාවරණය කරගන්නට මාස කීපයක් ගතවිය. මඩකලපුවේ සෙල්ලමට සම්බන්ධ පිරිසට මෙහි වටිනාකමක් නැතිවාද මෙහි ප්‍රසිද්ධිය දරාගත නොහැකිද යන්න නොදනිමු.
උත්සාහය අත්නොහරිමින් මඩකලපුවේ ක්‍රිකට් ගැන අනාවරණය කරගතහැකි වූයේ කොළඹිනි.
මෙකී විසල් ව්‍යාපෘතියේ ලංකාවේ නියෝජිතයා මාලිංග සූරප්පුලිගේය. ඔහු පවසන පරිදි මෙම සංකල්පයේ යෝධ නියමුවා පුවනසිංහම් වසිහරන්ය. පුවනසිංහම් වසිහරන් ගැන කථා කරන්නට පෙර මාලිංග සූරප්පුලිගේ ආගමනය ගැන ටිකක් දැනගනිමු.
මාලිංග සූරප්පුලිගේ කොළඹ නාලන්දාවෙන් බිහිවුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු එම පාසලේ හිටපු පුහුණුකරුවාද වෙයි. ඔහුගේ සමය තුළ පළමුපෙල ක්‍රිකට්වලින් පසු ඔහු එංගලන්තයේ ලීග් ක්‍රීඩාවට යොමුවෙයි . එහි උසස් අධ්‍යාපනයට යොමුව නැවත ලංකාවට පිවිස පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරමින් පරිපාලකයෙක් ලෙස කොළඹ සිට මඩකලපුවට යන්නේ පුවනසිංහම් වසිහරන් මහතා ඉදිකළ ක්‍රීඩා ගම්මානයේ වගකීම සියතට ගනිමිනි. එංගලන්තයේ පළමුපෙළ ලීග් ක්‍රීඩා කරන කාලයේ 2006 වසරේ සිට වසිහරන් මහතාගේ හිතවත්ම සොයුරෙකු වූ උදයරාජ් රාමදාන් හා බැඳුණු හිතවත්කම පසුකාලීනව මාලිංග - වසිහරන් සුසංයෝගය මඩකලපුවේ ක්‍රිකට් ගම්මානයට පදනම විය. දුරකථන සංවාද කීපයකින් පසු ඇතිවූ දැඩි විශ්වාසය පදනම්කර මිලියන ගණනක විසල් ව්‍යාපෘතියේ වගකීම් සහ භාකාරිත්වය මාගිංගට පැවරී ඇත.
මහා බිතාන්‍යයේ ඛණිජතෙල් ව්‍යාපාරයේ පළමු 30 අතරට
රටෙහි පැවති නොසන්සුන් තාවය සමග අසූව දශකයේ මුල්භාගයේ තරුණ පුවනසිංහම් වසිහරන් 22 හැවිරිදිවියේ දී ඔහුගේ දෙමව්පියන් එංගලන්තය බලා පිටත්කර හරියි. (දෙමව්පියන් රජයේ සාමාන්‍ය රැකියාවක නිරතව සිට ඇත.) ඔහු එම ගමනේදී ලන්ඩනයේ ඛණිජ තෙල් සේවා ස්ථානයක සාමාන්‍ය සේවකයෙක් ලෙස රැකියාව අරඹයි. වසර කීපයකදී සැම සිත් දිනා ගනිමින් කැපවීම විශ්වාසය සද්භාවය මත සුරීක්ෂකයෙක් කළමනාකරුවෙන් ලෙස ඉතා කෙටිකාලයකදී උසස්වීම් ලබයි. අවංක සේවය ඔහුගේ ජීවන හැරවුම් ලක්ෂය බවට හැරෙයි.
දමිල ඩයස්පෝරාව හා සම්බන්ධ බවට රට්ටු කියන කථා
දමිල ඩයස්පෝරාවට මුදල් යෙදූ බවට හා ඒ අය සම්බන්ධ බවට ලේබල් අලවන්නට උත්සාහයක යෙදෙන රට්ටු කියන කථා ගැන කොටමුනේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා අධ්‍යක්ෂ මාලිංග සූරප්පුලි කියන්නෙ මෙහෙමයි.
මේ කථාවෙ ඇත්ත නැත්ත මම මූණටම ඇහුවා වසිහරන් මහත්තයගෙන්. එල්ටීටී බලපෑම ගැන ඔහු කීවෙ මෙහෙමයි.
‘‘මාලිංග මම යම්තාක් දුරට වාසනාව විශ්වාස කරන කෙනෙක්. මහන්සිවෙලා වැඩකරද්දි වාසනාව ලැබෙනවා. ලංකාවෙ ප්‍රශ්න වැඩිවෙන කොට ලන්ඩනයේ දමිල ප්‍රජාවගෙ ඔළුවෙ හැදෙනවා ලංකාවෙ තමන්ගෙ දරුපවුල් බලාකියාගෙන ඉන්න එකම කෙට්ඨාසය එල්ටීටීය කියලා. ආණ්ඩුවෙන් කිසිදෙයක් කරන්නෙ නෑ ඒ නිසා අපි උදව් කළොත් තමයි ඔවුනට පුළුවන් අපේ දරුපවුල් වලට රැකවරණය දෙන්නෙ කියල. එහෙම අදහසක් කව්රුහරි ඔළුවට දාලා තියනවා. ”
වාසනාව විශ්වාස කළ වසිහරන්ට මේ කාලයේ ලන්ඩනයෙන් ඈත්වන්නට සිදුවන්නේ ඔහුට ලැබෙන අභියෝගාත්මක සිදුවීමක් නිසා. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම ලන්ඩනයෙන් පිටත එම ආයතනය සමග වෙනත් ශාඛාවක් මිලට ගැනීමට අවස්ථාව සළසා දෙයි. වසර කීපයක් තුළ එම ශාඛාව විශාල ලාබයක් සමග බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමට නැවත පවරා ඉන් ඔහු ලබන ලාබයෙන් ඔහුගේ ව්‍යාපාර ජාලය අරඹයි.
කාලයත් සමග ලන්ඩනයේ ඔහු ගැන ඉහතකී සංවිධානවලට අමතකව යන අතර යළි කිසිදු කළක ඔවුන්ගේ හෙවනැල්ලක්වත් නොවැටී තම ව්‍යාපාර නිදහසේ කරගෙන යාමට හැකිවූ බව පවසයි. අදටත් කිසිම ගනුදෙනුවක් එක පවුමක් හෝ රුපියලක් මගින් මූල්‍යමය ගණුදෙණු නොකරන ඔහු ව්‍යාපාරික හා අනෙකුත් සියළු ගණුදෙනු ඩිජිටල්ව සිදුකරන බව පවසයි. සියලු ගෙවීම් බැංකුවකින් බැංකුවකට පාරදුශ්‍යව කිරීම අදටත් සිදුකරන බව පවසයි.
මහා බිතාන්‍යයේ ඛණිජතෙල් ව්‍යාපාරයේ පළමු 30 අතරටත් ඇවිත්
2014/2015 යුරෝපයෙම ආර් ථිකය කඩා වැටෙනවා. එංගලන්ත ආණ්ඩුව කියනවා ව්‍යාපාරිකයන්ට සේවාජාල ආයතන විකුණලා හරි ණය ගෙවල ඉවර කරන්න කියලා. මෙතුමා සමග වැඩ කරන තෙල් සපයන ආයතන දෙක වූ බ්‍රිටිෂ් පෙට්ට්‍රෝලියම් සහ ෂෙල් සමාගම් කියනවා වසිහරන්ට අපි නිකම් තෙල් දෙන්නම් ඔයා ආණ්ඩුවෙ ණයටික ගෙවන්න කියලා.
ඔහු ඉතා විශ්වාසවන්ත ව්‍යාපාරිකයෙක් වීම නිසා ඉහත සමාගම් ණයට අසීමිතව තෙල් දෙන්න තීරණය කරනවා. 2020 වන විට රජයේ ණය, බැංකු ණය සහ පෙට්‍රෝලියම් සමාගමේ ණය ගෙවා අවසන්කර ශුද්ධ ලාභ ලබන කෙනෙක් වෙනවා. බිරිඳට දරු දෙදෙනාට තමන්ට කොටසක් වෙන්කර ඉතිරි හැම සතේම මඩකලපුවෙ ක්‍රිකට්වලට සහ මඩකලපුවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය යහපත වෙනුවෙන් යෙදෙව්වා
ඩයස්පෝරාවකට සම්බන්ධනම් එංගලන්ත රජයෙන් මිලියන ගණනක් එළියට ගෙනියන්න දෙන්නෙ නෑ මාලිංග. මම එහෙම කෙනෙක් වූනාම් ඒ රටේ හිරකරනවා. මෙච්චර ලොකු බිස්නස් කරන්න ලැබෙන්නෙ නෑ. ඩයස්පෝරාවකට සම්බන්ධ කෙනෙක්ට ඒ රටේ මහා බ්‍රිතාන්‍ය යේ හොඳම බදු ගෙවන 30 අතරට එන්න බෑ. එංගලන්තයේ ඛනිජතෙල් අංශයේ හොඳම ව්‍යාපාරිකයන් 25-30 අතර මට ඉන්න බෑ.මම ඒ රටේ විශ්වාසය රැකපු කෙනෙක්. ඒකයි එයාල මට අවසර දීල තියෙන්නෙ මගෙ රටට සේවයක් කරන්න.”
අංග සම්පූරණ ක්‍රීඩක ගම්මානයක්
2017/ 2018 වසර තුළ සිය ක්‍රීඩා සංකල්පය ක්‍රියාත්මක කිරීමට මගපෑදෙයි. ඔහු ක්‍රිකට් දියුණු කළ හැකි මංපෙත් සොයමින් සිටිනවා. ඔහුගේ විශ්වාසය වූයේ පාසල් ක්‍රිඩාව දියුණු කිරීමකින් තොරව කිසිම ක්‍රීඩාවක් දියුණු කළ නොහැකි බවයි. අදටත් ඇතැම් පළාත්වල ක්‍රීඩාව පාසල් තුළ ක්‍රියාත්මක වීම අවාසනාවන්ත තත්වයක පවතින බව ඔවුන්ගේ අදහසයි.
ක්‍රීඩා තුළින් අධ්‍යාපනය ඔප්නැංවීමේ හෝ ක්‍රීඩාව තුලින් ජීවිතය ජයගැනීමට පදනමක් සැකසීමට අදහසක් ඇත්තේම නැති පාසල් පද්ධතිය සහ අධ්‍යාපන බලධාරීන් මඩකලපුව සම්බන්ධයෙන් පවතින තත්වය බව මාලිංග පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ප්‍රිමියර් ලීග් තරගාවලියක සත්කාරකත්වය ගැන අදහසක් ඔහු වෙත යොමුවන්නේ 2018/2019 . කෙටිකාලයක එවැනි විශාල මුදලක් ක්ෂණික කාර්යභාරයක අනුග්‍රාහකත්වයකට වඩා දිගුකාලීනව පවතින ක්‍රීඩා සංවර් ධනයකට හිත යොමුවීම නිසාම අද වන විට කොට්ටමුනේ ක්‍රීඩා ගම්මානය මිලියන 850 කින් නිමවෙයි.
ක්‍රීඩා පිටිය ලබාදීමෙන් යම් මුදලක් අයකළත් එය එහි සුළු නඩත්තු කටයුතු හා සංවර්ධනයටම වේ. අක්කර 10 ක ඉඩමක අක්කර 6 ක, තණතීරු හයකින් සමන්විත ක්‍රීඩාංගණය ඉදිවේ. ඉතිරිය වොලිබෝල් පිටියක් සහ ෆුට්සාල් පිටියක්, ඉදිකිරීමට යෝජිත කුඩා පිහිණුම් තටාකයක් ශක්තිවර්ධන මධ්‍යස්ථානයක් හා 30 කට නවාතැන් ගත හැකි අංග සම්පූර්ණ නේවාසිකාගාර සඳහා වෙන්කර තිබේ.
දවසට තුන්වරක් ක්‍රියාත්මකවන වතුරමල් (ස්පින්ක්ලර්) 90 කි. සේවකයින් 10 කින් මෙම සංකීර්ණය නඩත්තුවෙයි.
පළමු පෙළ සහ දෙවන පෙළ තරග පැවැත්වීමට ක්‍රිකට් ආතනය සමග කතාබහකරමින් පවතින අතර පළමු කාණ්ඩයේ දෙවන පෙළ තරග කීපයක් මෙහි පවත්වා ඇත. ජාත්‍යන්තර පිටියක තත්වයට තවත් අවශ්‍යතා කීපයක් සපුරාගත යුතුව ඇති බව පැවසේ. ඊට තවත් මිලියන2500 ක මුදලක් ඇස්තමේනතු ගත කරඇති බව කියන වසිහරන් මහතාගේ අධික්ෂණය යටතේ එය සිදුකිරීමට සූදානම් බව කියන්නේද සතුටිනි.
මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණය හැරුන විට තණ තීරුවක් සොයාගතහැකි පිටියක් මඩකලපුව, එරාවුර්, චෙංකලාඩි, කාත්තන්කුඩි යන ප්‍රදේශවල සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා අසීරුය. මේ වනවිට ක්‍රියාත්මක ව්‍යාපෘති කීපයකට මිලියන 150 ක මුදලක්ද ඇතුළුව මුළු ව්‍යාපෘතියට මිලියන 850 ක මුදලක් වැය කර ඇත.
2022 අප්‍රියෙල් මස මෙය නිලවශයෙන් විවෘත කර ක්‍රීඩා ඇකඩමියේ කටයුතු ක්‍රියාත්මක වෙයි. දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ අපේක්ෂාවෙන් මෙය ඉදිකර නැතත් එවැනි අවශතාවයක් පසුකාලීනව හෝ වසිහරන් මහතාගේ සිත්හි ඇති වුවහොත් එම ආලෝක පද්ධතිය සවිකර එම පහසුකම් සැලසීමටද කතානායකයා සූදානම් බව මාලිංග කියයි.
ආදර්ශය පළමුව තමන්ගෙන්
පුවනසිංහම් වසිහරන් සරල ප්‍රියමානාප තැනැත්තෙකි. තමන්ගේ ක්‍රීඩාංගණයට තමන් පළමුව ආදරය කළ යුතු යැයි ඔහු පවසයි. ඔහු එය තම දරුවෙකු සේ රැකබලා ගනී.
එක්තරා තරගාවලියකට පෙරදින තිබුණු මල්වෙඩි ඇතුළු සංදර් ශනයකටඅනතුරුව පසුදින තරගාවලිය ඇරඹිමට නියමිතව තිබුණි. නියමිත වෙලාවට තරගය පැවැත්විය යුතු බැවින් එදින පිටියේ සේවකයන්ටත් පෙර උදෑසන 7.30 ට ක්‍රීඩාංගණයට පැමිණ එහි වූ ඉරටුකැබලි කොළ ඇතුලු දෑ ඉවත් කරන්නේ තමන්ගේ හැඟීම ක්‍රීඩාවට ඇති ආදරය සහ මහත්මා බව තහවුරු කරමිනි. මෙවන් ආකල්ප ක්‍රීඩාවට පමණක් නොව තම තමන්ගේ ජීවිතයට එකතු කර ගතයුතු පාඩමකි .
පරිපාලන කාරයභාරය උසුළන මාලිංගට සිය නිදහසේ පුහුණු ව්‍යාපෘති කරගෙන යාමට සිය නියමුවාගෙන් අවසර ඇත. එනිසාම තමා කෙරෙහි තැබු විශ්වාසයට සියළු පහසුකම් සහිත සිය උපන් බිම වූ කොළඹ අතහැර යන්නේ දෙවරක් නොසිතාමය.
“මම මගේ සුදුසුකම් ගැන ආඩම්බරෙන් කථාකරනවා . හුඟක් කට්ටකෑවා ඉගෙනගන්න පුහුණු කරුවෙක් විදිහටත් එම වෘත්තියේදීත් මම මටම සීමාවන් දමාගත්තා. පුහුණු පැය 1000 ක්වත් සීමාවක් පසු කරලා තමයි මම මගේ ඊළඟ පියවරට යන්නෙ. එනිසා මගේ දැණුම ගැන සැකයක් නැහැ. මට අර කණ්ඩායමේ පුහුණු කරු අහවල් රටේ පුහුණුකරු කියා ගන්න ඕන නැහැ. ඒ වගේම මම කරන රස්සාව ලෝකෙ තියන අන්තිම රස්සාව කියල හිතන්නෙත් නෑ. මිලියන ගණනින් සිදුකරන ව්‍යපෘතිය ක වගකීම මට ලැබෙන්නේ විශ්වාසය නිසයි.”
ගමේ ක්‍රිකට් දියුණුකර පසුපෙළක් තනන්නට තමන්ගේ ධනය මිලියන ගනනින් වැය කරන්නනේ සිය උපන් රටට උපන් බිමට යමක් කිරීමේ අදහසිනි. ජාතික සංචිතයට මඩකලපුවෙන් කීපදෙනෙක් යැවීම ඔහු ගේ සිහිනයක් විය හැකිය. ඒ සිහින යතාර්ථයක් කරන්නට ඔහු පාදම දමා තිබේ. ඊට මංපෙත් විවර කර ඇත.
මෙවන් විරල මිනිසුන් සිටින යුගයක ඔවුන් ගොඩනැගූ සංකල්පය ක්‍රියාත්මක කිරීම ප්‍රයෝජන ගැනීම අරමුණු ඉටු කරගැනීම කාගෙ කාගේත් වගකීමකි. මඩකලපුවේ පමණක් නොව රටේම ක්‍රීඩා උන්නතිය කෙරෙහි කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ක්‍රීඩා මුල්පුටුවල බලධාරීගේ යුතුකමක් වගකීමක් නොවන්නේද?
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
එංගලන්තයේ බිලියනපතියාගෙන් මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
Nimantha Saturday, 28 December 2024 05:04 PM
අපරාදේ සල්ලි. රෝහලක් වගේ වැඩකට ඇති දෙයක් හැදුවා නම් ඔයිට වඩා වටිනවා....
ගුණරත්න Monday, 30 December 2024 10:14 AM
බොහොම ස්තුතියි වසීහරන් මහත්තයා