IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එජාපයට බලය ආවොත් මේ කීදෙනෙක් පනියිද !

 

 

ලංකාවේ දේශපාලනය ගැන කතා කරද්දි සතුටු වෙන්න පුළුවන්කමක් ඇත්තම කිවුවොත් තියනවද?
පිළිතුර:
මට නම් නෑ... ලංකාව මම හඳුනගන්නෙ සත්තු වැඩිපුර ඉන්න මිනිස්සු අඩුවෙන් ඉන්න රටක් හැටියට. ලංකාවෙ සමාජ සංස්ථාව තුළ බොරු කියන අය, හොරකම් කරන අය, තක්කඩි, ගේම් කතා කරන අය බහුලයි. ඉස්සර ‘චමඉ’ එකකට ගිහින් මත්පැන් ටිකක් බිවුවත් මිනිස්සු කතා කළේ කලාව ගැන, සාහිත්‍ය ගැන, දේශපාලනය ගැන. මේවා හරි වැදගත් සාකච්ඡුා. දැන් කවුරුහරි එකතුවෙලා කතා කරන්නෙ ගේම් එකක් ගැන. මේ සමාජ ක‍්‍රමය ඇතුළේ ඉදිරියට එන්න ගහන ගේම් එකක්. බුද්ධිමය දේකින් හෝ තමන්ගෙ හැකියාවකින් හෝ ඉදිරියට ඒම කියන කාරණය ලංකාවෙ මිනිස්සු අත් ඇරල ඉවරයි. ගේම් එකක් ගහපු මිනිස්සු වඩා ඉක්මනට ඉදිරියට ඇවිත්. 1980 වෙද්දි ඇමැතිවරයකුගෙ පඩිය 1,800 යි නම් වර්තමානයේ ඇමැතිවරයෙක් කියනවා එයා ළඟ කෝටි දාහක් තියනවා කියලා. තව ඇමැති කෙනෙක් කියනවා මම කොළඹට ආවෙ සමුපකාරෙ වැඩ කරල. සතොසෙ තමයි ඉස්සර ලිපිකරුවෙක් වෙලා හිිටියෙ. කොළඹදි බොහොම දුෂ්කර ජීවිතයක් ගෙවුවෙ. දැන් මට රටවල් පහක ගෙවල් පහක් තියනවා කියලා. ලජ්ජ නෑනෙ.... මම බොහොම අමාරුවෙන් තමයි කම්කරුවෙක් විදිහට වැඩකළේ. දැන් මහ ඇමැතිකෙනෙක්. මට අද වාහන 35ක් තියනවා. තව ඇමැතිකෙනෙක් කියනවා, මට පර්චස් 10ක වත් ඉඩමක් තිබුණෙ නෑ. අමාරුවෙන් කුලී කර කර හිටියේ. දැන් මට තේවතු 12ක් තියනවා. දැන් මේවා කියවන, මේවා අහන රටවැසියො තක්කඩි වෙන එක අහන්න දෙයක්ද? රට වැසියො කල්පනා කරනවා, නිදිවරල පාඩම් කළාට, අමාරුවෙන් රස්සාවක් කරල,  ඕ.ටී.එකක් කරල, බුද්ධිමය ශ‍්‍රමය වැය කරල ඉහළට එන එකද වැඩිය හොඳ? නැත්නම් අර ජාතියෙ නායකත්ව ගේමක් ගහන එකද කියලා. ඒ අයට තමයි පාරෙ යද්දි වාහන තියෙන්නෙ. ගාඞ් එකට වාහන තුන හතරකුයි දාගෙන තව වාහන කීපෙකින් එකක හොරෙක්, යනවා.

ඒ අය යනකොට පුරවැසියො අයින් වෙන්න  ඕනෑ. පිටරට මිනිස්සු දැක්කොත් අහයි මේ ගෙනියන්නෙ ලෙඩෙක්ද කියලා. ඒ රටවල ඔහොම ගෙනියන්නෙ ලෙඞ්ඩු. මෙහෙදි එහෙම යන අයට හොරු, තක්කඩි කිවුවම හරිනෙ.... ඉස්සර අපි දුප්පත් මිනිස්සු. දැන් වාහන 35යි, පිටරට ගෙවල් 5යි. ඔහොම ආඩම්බරෙන් කියන්නෙ තමන් හොරු තක්කඩි බවනෙ. එයාලම ඒක මාධ්‍යයට කියනවනෙ. හොරකම තමයි එයාල සදාචාරය විදිහට සමාජ ගත කරන්නෙ. ඒකෙ තේරුම තමයි, ලංකාවෙ මනුෂ්‍යයො අඩුයි.... මේ රට හොඳ රටක් වෙන්නෙ මනුෂ්‍යයො වැඩි වෙලා, සත්තු අඩුවුණ දවසට.

 


ඔබ වර්තමාන දේශපාලනය පිළිබඳ සතුටු නෑවගේ. නමුත් මේ රටේ ඉතිහාසයේ ගෞරවනීය දේශපාලනයක් තිබුණා කියලා පිළිගන්නවද?
පිළිතුර:
මේ රටේ ඔබ කියන පිළිගත් දේශපාලනයක් තිබුණා. මේ මෑතක පරණ ඇමතිවරයෙක් කියල තිබුණා. අපේ ගෙදර ලයිට් කපලා. බිල ගෙවන්න සල්ලි නැතුව. මෙන්න හැටේ දශකයේ ඇමැතිවරු. නිශ්ශංක විජේරත්න ඇමැතිතුමාගෙ ජීවිතේ අවසාන කාලෙ මම බොහොම සමීපව ඇසුරු කළා. ඔහුගෙ ජීවිතය කොච්චර අල්පේච්ඡුද කියල මම දැනගෙන හිටියා. සද්ධාතිස්ස වඩිගමංගාව ඇමැතිතුමාත්, මම හොඳට දැනන් හිටියා. එයාල මොනවද හම්බ කළේ. එතුමාට තිබුණා හොඳ පුස්තකාලයක්. විශ‍්‍රාම ගිහින් කළේ පොත් කියවන එක. දැන් පත්තර කාරයො ගිහින් අහනවා සමහර ඇමැතිවරුන්ගෙන් අන්තිමට කියෙව්ව පොත මොකක්ද කියලා. පහේ පන්තියෙන් පස්සෙ පොත් කියන්න වෙලාවක් නෑලූ. අන්තිමට බලපු චිත‍්‍රපටිය මොකක්ද ඇහුවොත් චිත‍්‍රපටියක් බලන්න වෙලාවක් නෑලූ. මොකද වෙලා තියෙන්නෙ. මනුෂ්‍ය ජීවිතේ අහිමිවෙලා කාලකණ්නි තරගයකට වැටිල සල්ලි හම්බු කරනවා මිස වෙන දෙයක් නෑ. අද කවුද පාර්ලිමේන්තුවෙ පුස්තකාලෙ පරිහරණය කරන්නෙ, හැන්සාඞ් වාර්තාවක් කියවන්නෙ, පාර්ලිමේන්තුවෙ සදාචාරය රකින්නෙ.... ඉතාම අතලොස්සක් ඉන්නවා. ලංකාවෙ ඇමතිවරු නාට්‍යයක් බලනවද? ඇවිත් පාන පත්තු කරල ලයිට්  ඕෆ් කළහම හෝල් එකෙන් හිමින් සීරුවෙ මාරු වෙලා යනවා. ඉතිහාසයෙ වටිනා ඇමැතිවරු හිටියා. මන්ත‍්‍රීවරු, තානාපතිවරු හිටියා. ඒ දේශපාලන මනුෂ්‍යයො. අද වැඩිහරියක් ඉන්නෙ දේශපාලන සත්තු. උන් වැඩි වුණාම රටේ වැඩි වෙන්නෙත් සත්තු.

 


ඔබ පුන පුනා කියන කාරණාවෙන් අපට දැනෙන්නෙ අද අවංක දේශපාලකයො හිඟයි කියලයි....?
පිළිතුර
: හරියට හරි.... අද මිනිස්සු පූර්වාදර්ශයට ගන්නෙ සමහර දේශපාලකයො..... මේ නිකම්ම නිකන් පොල් කඩපු එකා දැන් පළාත් සභාවෙ ඇමැති වෙලා. ඡුන්දෙට කෝටි පහක් වියදම් කළාලූ. මේවා අම්ම අප්පගෙ බූදලේද, මේවා කවුද දුන්නෙ? කෝටි පහක් නෙවෙයි, ලංකාවෙ මාසෙට රුපියල් දහ දහක් අත ගාන්නෙ නැති පුරවැසියො කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු කල්පනා කරනවා. ඇමැතිගෙ පඩිය 35,000යි. එයා කොහොමද ඡුන්දෙට කෝටි පහක් වියදම් කළේ කියලා.  ඕවා දැක්කම මිනිස්සු ගොඩ යන්න කරන්නෙ ගේම් ප්ලෑන් කරන එක. මේක ගේම් ප්ලෑන් කරන රටක්. ඒකට පූර්වාදර්ශය දෙන්නෙ වංක දේශපාලකයො. මනුෂ්‍යයො වෙන්න ගහන ගේම් නෙවෙයි මේවා. අවංක දේශපාලකයො අතලොස්සක් ඉන්න බව මම හිතනවා. මම අහල තියනවා, හිටපු ඇමති රිචඞ් පතිරණගෙ පුතා පාර්ලිමේන්තුවෙ පුස්තකාලය පරිහරණය කරනවා කියලා. එහෙනම් ඒක ඉතාම යහපත් ප‍්‍රවණාතාවක්. අජිත් පෙරේරා වගේ අය පත පොත හොඳට කියවනවා. රනිල් වික‍්‍රමසිංහ කියන විපක්ෂ නායක තුමත් තාමත් විවේකයක් ලැබුණු විට ඉතා හොඳ චිත‍්‍රපට බලන කෙනෙක්. කියවන, ලියන, හදාරණ මිනිහෙක් ඇතුළෙ මනුෂ්‍යයෙක් හැදෙනවා. ඒ මනුෂ්‍යයා අවංක කර ගැනීම කියන්නෙ. වෙනම කාරණයක්.... නමුත් මනුෂ්‍යයෙක් බිහිවීම හොඳ ප‍්‍රවණතාවක්නෙ.

 


කවුරු ආණ්ඩු කළත් හොඳ වගේම නරක කියන කොටසකුත් රටේ ඉන්නවනෙ. මේ රජය කරන දේදිත් එහෙමයි. තව රජයක් රට කළත් එහෙමයි. මොකද එහෙම වෙන්නෙ කරන හොඳ දේ හොඳ විදිහට දකින්න බැරි ඇයි...?
පිළිතුර:
ආණ්ඩුවක් කරන වැඩ ආණ්ඩුව විසින්ම මාධ්‍යයේ ලොකුවට අගය කරනවනෙ. උදාහරණයක් විදිහට ලංකාවට හදන්න  ඕනැ ඔය අධිවේගි මාර්ග දෙක විතරක් නෙවෙයි. ලංකාවට අධිවේගි මාර්ග හතක් පාදන්න  ඕනැ. කොළඹ නගරෙ කඩ කඩපු එක, තාප්ප කඩපු එක, වැව්වල කුණු අයින්කරපු එක, වීදි ටික සුද්ධ කරපු එක ඉතාම යහපත් දෙයක්. මගේ විවේචනය තියෙන්නෙ එතනට නෙවෙයි. යාපනයට හයිවේ  ඕනැ. මහ නුවරට හයිවේ  ඕනැ. රජය කරපු දේවල් අගය කරල වැඩක් නෑ. ඒවායේ ප‍්‍රශස්ති කියනවා වෙනුවට මේවායේ නිශේදනීය පැති පෙන්වීම පුරවැසි අයිතියක්... කරපු දේ යහපත්.... තවත් සංවර්ධනය විය යුතුයි. කියන තර්කය මමත්, මිනිස්සුත් කියනවා.

අපට  ඕනැ ගරු කටයුතු රටක්. ගරු කටයුතු දේශපාලඥයො. සරුසාර රටක් කියන්නෙ භෞතික සංවර්ධනයට නෙවෙයි. ඒකට සරුසාර මිනිස්සු  ඕනැ. රටකට ගිහින් ශ්‍රී ලංකා පාස් පෝට් එක දුන්නම අපට ගරුකරන්නෙ නෑ. තානාපති කාර්යාලයක ශ්‍රී ලංකා කිව්වම ත‍්‍රස්තවාදීන් කියල බලන්නෙ. මිනීමරන, ගෝත‍්‍රවාදී, ආගම්වාදී, ජාතිවාදී කියල සලකන්නෙ. එතකොට මොකද වෙලා තියෙන්නෙ. ගරු කටයුතු රට නැතිවෙනවා. ගරු කටයුතු රටක් අපට නෑ. මේ ආණ්ඩුවෙ මම දකින ඉතාම නිෂේධනීය කාරණාව ඒකයි. මේ සාධනීය කාරණා රජය ගරු කටයුතු ලෙස පිළිගන්න  ඕනෑ. මිනිස්සු ළඟ තවත් තර්කයක් තියනවා.




මොකක්ද ඒ...? උඹල කනවා....අපට නෑ කියලද?
පිළිතුර:
තොපි සැප විඳිනවා... අපි දුක් විඳින්නෙ ඇයි... මොකක්ද අපි කරපු වැරැුද්ද කියලා. අපි හොරකම් කරන්නෙ නැත්නම්, බොරු කියන්නෙ නැත්නම්, අපි ශ‍්‍රමය හළනවා නම්, රටට ආදරෙයි නම්, මොකක්ද වරද? වැරැුදි නොකරපු උන් ටික දුක්විඳිනවා. වැරදි කරපු උන්ටික සැප විඳිනවා. උදාහරණයක්, කරුණා අම්මාන්... කරුණා කරපු දේශපාලන වැරැුදි වලින් අතලොස්සක් මේ රටේ ගැමියෙක් කරල තියනවද? රහසින් වත් පවු කරල තියනවද? මනුෂ්‍ය ඝාතන කරපු ඇමැති වරයකුට විරුද්ධව සතෙක් සර්පයෙක් නොමරපු ගැමියෙක් තර්ක කරන එක අසාධාරණයිද? වැරැුදිකාරයෝ සැප විඳිද්දි, නිවැරැුදිකාරයෝ දුක් විඳිද්දි මිනිස්සු ගාව ද්වේශය ඇතිවීම සාධාරණයි.

 


රටේ විවිධ ක්ෂේත‍්‍රවල වැඩ වර්ජන, උද්ඝෝෂණ, විශ්වවිද්‍යාල ප‍්‍රශ්න.... කෙළවරක් නෑ.. මේවා විපක්ෂය මෙහෙයවනවා කියල නමත් යනවා. මේ පෙන්වන්නෙ ඔබ කියනවා වගේ මිනිසුන් ළඟ තියන ද්වේශයද?
පිළිතුර:
නෑ.... මේ රටේ අද පාලනය කරන රජයටත්, අනාගතයේ රට පාලනය කරන රජයකටත් ප‍්‍රධානම දුෂ්ඨයා බවට පත් වෙන්නේ විපක්ෂය නෙවෙයි. රටක් පාලනය වෙද්දි ආගමික, ජාතික මූලධර්මවාදය පැත්තක තියන්න  ඕනැ. රෝමය, ඉතාලිය, ප‍්‍රංශය ආගමික මූලධර්මවාදය හා පල්ලිය දේශපාලන බලය ගන්න කාලෙ තිබුණෙ බොහොම ප‍්‍රතිගාමී ආණ්ඩු. ඒ අය පස්සෙ මොකද කළේ. පල්ලිය පැත්තකින් තියල රට පාලනය කළා. දේශපාලනයට අතගහන්න පල්ලියට ඉඩ දුන්නෙ නෑ. ලංකාවෙත්  ඕනෑම ආගමක් පැත්තකින් තියන්න. ජාතියත් එහෙමයි. රටක් කියන්නෙ පුරවැසියො, ආගම් ජාති, කුල නෙවෙයි...
විපක්ෂය මෙහෙයවනවා කියන උද්ඝෝෂණ ගත්තම ඒක ප‍්‍රජාතාන්ත‍්‍රිය අයිතියක්. එයාලට හැරමිටිය කරකවන්න පුළුවන්. හැබැයි අනික් අයගෙ නහයෙ නොවදින විදිහට. වැඩ වර්ජන කළ හැකියි.. හැබැයි බස්වලට කරදර කරන්න බෑ. අරගල කරන්න පුළුවන් හැබැයි ට‍්‍රාන්ස්ෆෝමර පුච්චන්න බෑ. ඉල්ලීම් ඉල්ලන්න පුළුවන්. ළඟ එකාගෙ ඔලූව පළන්න බෑ. උද්ඝෝෂණ කරන උන්ට පොලූ අරගෙන ගහන්න බෑ. ඒ විදිහට කරනවා නම් ඒක මනුෂ්‍ය අයිතියක්. ඒ අයට පහරදෙන්න සහ ඒවා මෙහෙයවන්නෙ සත්තු. වෛරය, ද්වේශය, කපන්න, කොටන්න කියන දේ තියෙන්නෙ ගෝත‍්‍රවාදය එක්ක. මේවා නැතිවෙන්න නම් ශිෂ්ට පාලකයො ඉන්න  ඕනැ. ශිෂ්ට රටක් තියෙන්න  ඕනැ. එච්චරයි.

 


අද තනි දේශපාලන පක්ෂවලට වඩා සන්ධානගතවීමක් දක්වා දේශපාලනය ගිහින් තියනවා. තනි පක්ෂ කඩන් වැටිලා. තනියම නැගිටින්න බැරිවෙලා. ඇයි මේ...?
පිළිතුර:
 1977න් පස්සෙ තනි පක්ෂ කියන කාරණාව ලංකාවෙ ඉවර වුණා. දැන් හොයන්න බෑ, මේ ආණ්ඩුව යූ ඇන්පීද, ශ්‍රී ලංකාද කියලා මගෙන් ඇහුවොත් මේ ආණ්ඩුව ශ්‍රී.ල.නි.ප රජයක්ද කියලා මම කියන්නෙ නෑ.... මේ රජයේ ඉන්න බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා නි.ප.යේද? එස්.බී, ජී.ඇල්, අබයවර්ධන ඇමැතිවරු ශ්‍රී ලංකා අයද? නෑ... මේ රජය යූ ඇන්පීද? නෑ.... විමල් වීරවංශ ශ්‍රී ලංකාද, යූ ඇන්පීද? ජේ.වී.පීද නෑ... වාසු දේව, ඩිව්ලා ඒත් එහෙමයි. මේ රටේ තනි පක්ෂ ඉවරයි. ශ්‍රී.ල.නිප, යු.ඇන්පී, ජ.වි.පෙ දැන් දියවෙලා ඉවරයි. යූඇන්පිය ගත්තත් මංගල, කිරිඇල්ල, යුඇන්පීද? එ.ජා.ප.යට බලය ආවොත් මේ ආණ්ඩුවෙ කී දෙනෙක් පනීද? ඒ එන අය යූඇන්පීද? නෑනෙ... විමල් වීරවංශ හරියට දේදුන්නක් වගෙයි. කාලෙකට එතුමා රතු පාටයි. තව කාලයක් නිල්පාටයි. තව කාලෙක කහ පාටයි. වෙලාවකට දේශහිතෛශී පාටයි. ඉස්සර දුප්පත් පාටයි. දැන් පින් පාටයි.... මොකක්ද මෙයාගෙ පාට.... දේදුනුවල දේශපාලනය හොයන්න අමාරුයි....මම කැපුවත් යූ.ඇන්පී, කැපුවත් ශ්‍රී ලංකා කියල කියනවනෙ. අද ඒවා ඔට්ටු නෑ. ඒ පොලිටික්ස් ඉවරයි.

 


රටේ තියන පොදු මතයක් මම අහන්නම්.... සමහරු කියනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට රට පාලනය කරන්න පණ මදි කියලා. ඒකට දැන් ඉන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාලූ. එතුමගෙත් වැරැුදි තියනවලූ...? ඇත්තටම බලය ආවොත් රනිල් පාලනයත් දුර්වල වෙයිද?
පිළිතුර:
 ඔය දෙන්නා දෙන්නෙක්. මානව සම්බන්ධතා පැවැත්වීමේදී මේ රටේ ඉතා හොඳින් එය කරන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඔහු ළඟ ඉන්න අයට එතුමා කතා කරන්නෙ ඥාතීන්ට වගේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඓතිහාසිකව මේ මොහොතේ ඉල්ලා සිටින නායකයා.
ඊළඟට රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගෙ පෞරෂය ගැන කවුරුහරි දුර්වලකම් කියනවා නම් මම ඒක පිළිගන්නෙ නෑ. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා දේශපාලනය තුළ ගරු රනිල් කියන්න පුළුවන් චරිතයක්. ගරු රටකට ඔහු සුදුසුයි. සරුසාර හෙටකට ඔහු සුදුසුයි. ඔහු ළඟ තියෙන්නෙ දේශපාලන පෞරෂයක්. ලංකාවෙ මිනිස්සු පෞරෂය මනින්නෙ බොඩි බිල්ඩර්ස්ලගෙන්නෙ. එහෙම ගත්තම රනිල්ට වඩා රන්ජන් රාමනායකට පෞරෂයක් තියෙනවනෙ. ඒක ඇෙඟන් මනින්න බෑ. එහෙම නම් ලෝකෙ හොඳම පෞරෂය තියෙන්න  ඕනැ ජපානෙ සුමෝ ක‍්‍රීඩකයන්ට. මස් පර්වතවලට පෞරෂයක් නෑ. එහෙන් කිලෝ 15, මෙහෙන් කිලෝ 15 යි, බඩෙන් කිලෝ 40 කපන්න පුළුවන් ඌරන්ට පෞරෂයක් නෑ. ඒ දේශපාලන තක්සේරුවෙන් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මනින්න හොඳ නෑ. මහත්මා ගාන්ධිගෙ පෞරෂය ඇඟද? ඔලූවද? ඔලූවනෙ. එච්චරයි.

 


ඔබ පහුගිය කාලෙත් එජාපයෙන් ඡුන්දෙ ඉල්ලන්න ගියානෙ. තවමත් රනිල්ගාමී වගෙයි නේද?
පිළිතුර:
 මම පොඩි කාලෙ විජමු ලොකු බණ්ඩාරගෙ දේශපාලන රැුස්වීම්වල කතා  කළා. එදා මම යූ.ඇන්.පී.. ඊට පස්සෙ ජවිපෙ පූර්ණ කාලීන වුණා. එදා මම ජවිපෙ. ඊ.පී.ආර්.එෆ්. එකට වැඩ කළා. උමා මහේෂ්වරන්ල එක්ක වැඩ කළා. ද්‍රවිඩ සන්ධානය එක්ක වැඩ කළා. චන්ද්‍රිකා බලයට එද්දි මම එතුමියටත් ඡුන්දෙ දුන්නා. යූ.ඇන්.පීයෙන් සබරගමුවෙ ඡුන්දෙ ඉල්ලන්න බැලූවා. මම අනාගතේ යූ.ඇන්පීද, ශ්‍රීලංකාද, එල්.ටී.ටී.ඊ. ද දන්නෙත් නෑ. මගේ අනාගත දේශපාලනය තීරණය කරන්නෙ ඒ මොහොතේ රටේ සමාජ වාතාවරණය එක්ක.

 

 


එජාප නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ආවොත් ඔබට මොකද හිතෙන්නෙ?
පිළිතුර: 
ජනපති ජේ.ආර්. කියන්නෙ මහා ගහක්. හැබැයි එතුමාගෙ පුත්තු මහා ගස් නෙවෙයි. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහත්මා මහා ගහක්. අනුර බණ්ඩාරනායක මහා ගහක් නෙවෙයි. ලෝක සමහර දේශපාලකයො ගත්තත් එහෙමයි. මැන්ඩෙලා කියන්නෙ මහා ගහක්. දරුවො එහෙම නෑ. මොහොමඞ් අලි කියන්නෙ මහා ගහක්. දරුවො එහෙම නෑ. මහා ගස් යට සොබා දහමින්ම පොඩි ගස් හරියන්නෙ නෑ. පොඩි ගස් දැනගන්න  ඕනෑ, මහා ගහේ සෙවණෙ හැදෙන්නෙ නැතුව ස්වාධීන ගහක් විදිහට හැදෙන්න. එදාට පුළුවන් මහා ගහට ඉහළින් ගිහින් තව මහා ගහක් වෙන්න. සජිත් පේ‍්‍රමදාසත් එසේ විය යුතුයි.

 


මැති ඇමැති පුත්තු හැමටම ඔය න්‍යාය විවෘතද?
පිළිතුර:
විජමු ගන්න, එයාගෙ පුතා උදිත. රිචඞ් පතිරණගෙ පුතා ඉන්නවා. එස්.බී.ගෙ පුතා. තව ගොඩක් ඉන්නවනෙ. ඔය හැමෝටම කලින් කිව්ව දේම තමයි. මහා ගහේ හෙවණෙ හිටියොත් බෑ. ස්වාධීනව හැදෙන්න  ඕනෑ. මහා ගහයට පොඩියට හැදුනට වැඩක් නෑ. තනියම පැත්තකට ඇවිත් මහා ගහක් වෙන්න  ඕනෑ.

 


යම් ජාත්‍යන්තර දේශපාලන ක‍්‍රමයක් ආදර්ශයට ගන්නවා නම් හොඳම රට මොකක්ද?
පිළිතුර: 
ඕස්ටේ‍්‍රලියාවෙ පදිංචිව හිටපු කුමාර මහත්තයා බලන්නකො. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය අතර ඇතිවූ බෙදීමේදී කුමාර මහත්තයා අතුරුදහන් වුණා. ඔහු අතුරුදහන් වුණාම  ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලය කියනවා, මෙයා එවන්න තානාපති කාර්යාලයට. මෙයා අපේ පුරවැසියෙක් කියලා. ඒ කියන්නෙ  ඕස්ටේ‍්‍රලියාව තමන්ගෙ පුරවැසියා වෙනුවෙන් පෙනී සිටිනවා. මේ ලිපිය දෙන සන්නස්ගල හෙට අතුරුදහන් වුණොත් ඒකට මේ රජය පෙනී සිටිනවද? මේ රටේ මොන පුරවැසියා අතුරුදහන් වුණොත්ද ලංකාව පෙනී සිටින්නෙ. පුරවැසියො වෙනුවෙන් පෙනී සිටින රටක් තියනවා නම් ඒ රටට මම ආදරෙයි.  ඕස්ටේ‍්‍රලියාව, නෝර්වේ, සිංගප්පූරුව, වගේ රටවල දේශපාලනයට මම කැමතියි.

 


අද මෙහෙම කතා කියන උපුල් ශාන්ත සන්නස්ගල චරිතය අනාගතයේ දේශපාලනයට එයිද?
පිළිතුර:
ස්ථිරවම එනවා.

 

 



අදහස් (0)

එජාපයට බලය ආවොත් මේ කීදෙනෙක් පනියිද !

අසේල Thursday, 19 June 2014 12:08 PM

ඔබතුම හදන්නේ ඔබතුමාට තියන ගෞරවය නැතිකරගන්න. දේශපාලනයට එන්න හිතන්නවත් එපා. දේශපාලනය අද බුද්දීමතුන්ට හිමි තැනක් නෙවේ. (දී)

:       0       0

සමීර Friday, 20 June 2014 10:17 AM

අසේල, බුද්දීමතුන්ට දේශපාලනය තහනම් කරලා තින්නේ ඡන්දදායකින්ම තමා. මොකද කුඩුකාරයන්ට, මැරයන්ට ඡන්දය දුන්නේ ඔයාලම තමා (නදී)

:       0       0

අමිල සුගන්ද Saturday, 21 June 2014 09:38 PM

අනේ අපිට තවත් බුද්ධිමතෙක් නැති වෙනවා (දී)

:       0       0

හොරණ Thursday, 19 June 2014 12:48 PM

ඔබතුමා දේශපාලනයට එන එක ගොඩක් හොඳයි. ගරු දේශපාලනයක් කරලා රට ගොඩනගන්න. මහත්මා දේශපාලනයට එකතු වෙන්න (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 11:50 AM

පොඩ්ඩක් ප්‍රසිද්ද වේගෙන එද්දී සමහර අය දේශපාලනයට අත ගහන්න එන්නේ. ඒක තමයි ජනප්‍රිය වෙන්න එකම මග කියලා හිතල වෙන්න ඇති. තියන ප්‍රසිද්දියත් නැති කරගන්නෙත් දේශපාලනයෙන්ම තමයි. ඒ නිසා ඔය ඉන්න විදිහට හිටියා නම් ඔක්කොම රැකෙයි. (නදී)

:       0       0

සේරම් Monday, 23 June 2014 12:15 PM

ඔබතුමා ලෝකයේ රටකට කලාතුරකින් ලැබෙන වටිනා සම්පතක් බව බහුතර පිළිගැනීම බව දනිමි. නමුදු ඉතිහාසසයේ කිසිදු දිනයක අවංක නායකයකුගේ පහස නොලැබූ මෙම දිවයිනේ ඔබද තවත් එක ඡන්දයක් පමණි , අන්ධයින් මැණික පෑගුන විට නොව මැණිකකින් දමා ගැසුවද එය ඇහිඳ නොගනී. මන්ද ඔවුන් එහි අගය නොදන්නා නිසාය. (නදී)

:       0       0

ලක්සිත Wednesday, 18 June 2014 09:11 PM

කතාවලට බෑ වැඩ කරන්න (නදී)

:       0       0

අජිත් Thursday, 19 June 2014 05:33 PM

මේ කතා අහල අහල එපා වෙලා, 88 89 කාලෙ මේ වගේ වීරයො හිටියද කියල මන් මේ කල්පනා කරන්නෙ. (නදී)

:       0       0

සජා Tuesday, 24 June 2014 02:15 PM

ඔක්කොමල රැවටිලා. දේශපාලනේට අද කලේ එන්නේ වෙන මොකටද හම්බ කරන්න මිසක්. (ස)

:       0       0

අසෝකා Thursday, 19 June 2014 01:28 PM

කවුරු කවුරුත් දේශපාලනයට, බලයට එන්න කලින් ඔහොම බයිලා කියනවා. එත් බලය ලැබුනම කොච්චර අවංකව වැඩකරන්න හිතුනත් තමන්ගේ බලය රැකගන්න එකට මුල්තැන දෙනවා. ඒක ඉතින් මේ මිනිස් සිතේ ස්වභාවය! ඊට පස්සේ දන්නෙම නැතුව තමනුත් ඒ ගොඩට වැටිලා ඉවරයි! (නදී)

:       0       0

කේ. සිරි Wednesday, 18 June 2014 10:27 PM

මේ මොනවා අහනවද? දැන්නම් කතාව බොහොම හොඳයි. ආවට පසුවත් ඔහොමම ඉන්න.රටක් යායුතු මඟ දැනගෙන යන්න දිරිය ලැබේවා! (නි)

:       0       0

බණ්ඩාර Monday, 23 June 2014 05:36 AM

ඔබතුමා දේශපාලනයට ආවොත් රටෙහි ප්‍රබල පරිවර්තනයක් කළ හැකි බව අද සිටම ක්‍රියාවෙන් පෙන්වන්න. එවිට ප්‍රායෝගික තලයේ වැඩකළ හැකිද නොහැකිද කියා ඔබටම අවබෝධ වේවි. ඒකට මහලොකු මුදලක් අවශ්‍ය නැහැ.ජය නියතයි. ඔබේ ජය රටටම දිව ඔසුවක් වේවි (නි)

:       0       0

ලංකා Saturday, 21 June 2014 04:54 PM

මට නම් වැඩක් නැහැ මහත්තයෝ (දී)

:       0       0

ලක්ෂපාන Wednesday, 18 June 2014 11:39 PM

අවංක,බුද්ධිමත්,කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්න පුළුවන් මෙවැනි බුද්ධිමත් අය රටේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් අලුත්ම පක්ෂයක් ඇතිකරනවා නම් එය ඉමහත් සතුටට කරුණක්.අපෙනුත් උපරිම සහය දෙනවා. (නි)

:       0       0

නන්දසිරි Wednesday, 18 June 2014 05:29 PM

ඔබ දේශපාලනයට එනවා නම් අපිත් සතුටුයි (නි)

:       0       0

සාමා Thursday, 19 June 2014 12:15 AM

අනේ! ඔබතුමා දේශපාලනයට යන්න එපා. කලාව සාහිත්‍ය දියුණු කරන්න. ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්. (නි)

:       0       0

උදේශ් Thursday, 19 June 2014 11:39 AM

දේශපාලනය කියන්නේ ඕක තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 705 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site