IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එතුමියගේ මව නායකත්වයේ ඉද්දිත් ඇය මේ පක්ෂය දෙකඩ කළා

fd

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ”ලොකු දත්” ගැලවී තිබේ. අභ්‍යන්තර කැරැල්ල කරළියට පිවිසියේ දේශපාලන විමතියක් නිර්මාණය කරමිනි. මේ මොකද වුණේ? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව මහ ලේකම් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සමග මේ කතාබහ ඒ පිළිබඳවය.


ප‍්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ආණ්ඩුවට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ නේද?
පිළිතුර:
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගත්තොත් අපේ මහ ලේකම්වරුන් ගණනාවක් පක්ෂයෙන් ගිහින් තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම සිය පුද්ගලයා අමතක කරලා පක්ෂය වැඩ කටයුතු කරගෙන ගිහින් තියෙනවා. මේ වෙලාවෙත් එහෙම ද්‍රෝහි ක‍්‍රියාවක් අපට වුණා. ඒ අනුව මේ මොහොතේදි පක්ෂයක් විදියට අපි එකතු වුණා. පක්ෂයේ සියලූ සාමාජිකයන් ඒකරාශී කරගෙන අපි කටයුතු කරගෙන යනවා. හැබැයි ඔබ කියනවා පක්ෂයේ ”මෙහෙම දෙයක් වුණා” කියලා අපි හිතන්නේ නැහැ. එක්කෙනෙක් ගියා එච්චරයි.

 

29_MAIN_P_14
ප‍්‍රශ්නය: මෛත‍්‍රිපාල සිරිසේන ඇමැතිවරයා හරහා පුපුරා ගියේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කැකෑරෙමින් තිබූ ගිනි කන්දයි?
පිළිතුර:
මම ඒක පිළිගන්නේ නැහැ. කොහොමටවත් ඔය තර්කය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔය කතාව එළියට ගියාම කියන්න දෙයක් නැතිකමට කියපු කතාවක් පමණයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මම අවුරුදු දහයකට වැඩි කාලයක් ඇමැතිවරයෙක් විදියට වැඩ කරනවා. මගේ කාලය තුළ දී මට නම් කොයිම විදියකටවත් බලපෑමක් හෝ වෙනත් ආකාරයක සිත රිදෙන දෙයක් හෝ වෙලා නැහැ. ඒ නිසා ඒක පක්ෂයේ මහ ලේකම්තුමාට වුණා කියලා මම විශ්වාස කරන්නෙත් නැහැ. රාජිත සේනාරත්න ඇමැතිතුමාට වුණා කියලා විශ්වාස කරන්නෙත් නැහැ.

 


ප‍්‍රශ්නය: එතකොට අනික් අයට?
පිළිතුර:
ඔය කාටවත් එහෙම වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.  ඕක ඔය මේ ද්‍රෝහි ක‍්‍රියාවක් කිරීමට උත්සාහ කරන වෙලාවේ ඒක සාධාරණීකරණය කරගන්න ගොතපු කතාවක් මේක.

 


ප‍්‍රශ්නය: පක්ෂයේ උරුමය තියෙන ඇත්ත ශ්‍රී ලංකාකාරයන්ට පක්ෂය තුළ තැනක් නැහැ කියන කාරණය වහන්න බෑ?
පිළිතුර:
බොරු කතාවක්නේ  ඕකත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය කරපු සෑම කෙනෙකුටම තනතුරක් දීල තියෙනවා. අලූතෙන් ආපු මන්ත‍්‍රීවරුන්ට එහෙම දීලා නෑ. ඒක ප‍්‍රතිපත්තිමය තීන්දුවක්. ඒ අයත් එක් එක් කමිටුවල සභාපතිත්වය දරනවා. ඒ වගේම ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් පවරලා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපි බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක්. ඒ නිසා එක එක්කෙනා තමන්ගේ ද්‍රෝහි නීචභාවයක් වහ ගන්න කියන කතා ඇත්ත කියලා කවුරුවත් පිළිගන්න අවශ්‍ය නෑ.  ඕක එක්තරා විදිහකට ගොතපු කතාවක්. එක්සත් ජාතික පක්ෂයෙන් අපේ ආණ්ඩුවට සෑහෙන පිරිසක් එකතු වුණා. ඡුන්ද වෙලාවේ ආපු අයගෙන් බොහෝ දෙනෙක් ජයග‍්‍රහණය කළා. එතැන් පටන් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ. ඒ නිසා ශ්‍රී ලංකාකාරයන්ට හානියක් වුණා කියලා ගොඩ නගන තර්කයේ පදනම කුමක් ද? එතැන කිසිම පදනමක් නෑ.

 


ප‍්‍රශ්නය: තනි පුද්ගලයකු වටා බලය ගොනු වීමත් එක පවුලක් වටා සම්පත් ඒකරාශී වීමත් මේ කැරැල්ලට නිමිත්ත වුණා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
පිළිතුර:
නෑ. එහෙම විශ්වාස කරන්නේ නැහැ. ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් තියෙනවා නම් ඒ ජනාධිපතිවරයා ශක්තිමත් ජනාධිපතිවරයෙක්. ඒ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නැති නම් ඔහු ඇත්ත වශයෙන්ම නාමික ජනාධිපතිවරයෙක්. ඒක තමයි ව්‍යවස්ථාව කියවලා මම ඉගෙන ගත්ත දේ. ඔය දේ ලංකාවේ වෙලා තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට පාර්ලිමේන්තුවේ බලතල තියෙන කොට ඇය ශක්තිමත් නායිකාවක්. ඒ බලතල අහිමි වුණාට පස්සේ තමයි එතුමියගේ බල්ලා ගැනයි, අත් බෑගය ගැනයි කැබිනට් මණ්ඩලයේ කතා කරන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේ බලය තිබුණේ එක්සත් ජාතික පෙරමුණටයි.

ජනාධිපතිනිය ඉබේම නාමික තත්ත්වයට පත් වුණා. මේ ව්‍යවස්ථාවේ තියෙන විශේෂත්වය ඒකයි. ඒ විශේෂත්වය අර්ථ නිරූපනය කරන්නේ නැතිව ජනාධිපතිතුමාට හෝ එතුමාගේ පවුලට හෝ මඩ ගහන එක සාධාරණ නැහැ. ඒ මඩ ගහන අයගෙත් පවුල්වල විස්තර හොයලා බැලූවොත් එහෙම තේරෙයි ඇත්ත ද බොරු ද කියලා.

 


ප‍්‍රශ්නය: මෛත‍්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා ජනාධිපතිවරයාව හැඳින්වූයේ සොඳුරු ආඥාදායකයෙක් කියලා. ඔබට එහෙම දෙයක් දැනිල නැද්ද?
පිළිතුර:
මම ඔය ආඥාදායක කියන වචනයේ තේරුම දන්නේ නැහැ. ආඥාදායකයා කියන තර්කය මට පිළිගන්න බෑ. ආඥාදායකයෝ ඉන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති සමාජවලයි. නියම වෙලාවට ඡුන්ද තියෙනවා නම් විවිධ පරිපාලන ව්‍යූහයක් උදෙසා මහජනයාගේ කැමැත්තෙන් තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමේ අවස්ථාව මහජනයාට දෙනවා නම් ඒ සඳහා  ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා නම් තමන්ගේම පක්ෂයේ මහ ලේකම්වරයාට තමන්ට එරෙහිව ඉදිරිපත් වීමට බාධාවක් නැත්නම් ඒ නිදහස තියෙනවා නම් ඒ නිදහස ඒ පක්ෂයේ මහ ලේකම්වරයත් හොඳට භුක්ති විඳිනවා නම් තමන් කුමන්ත‍්‍රණයකට හසු වෙලා සිටිය දී ඒ කුමන්ත‍්‍රණය සාධාරණීකරණය කරගන්න දහසක් අවලාද නගන්න ඉඩ තියෙනවා නම් කෝ ආඥාදායකත්වය?  ඕක මුළුමනින්ම ගොතාපු එකක්.  ඕකට සොඳුරු කියලා දැමීමෙන් අපෙක්්ෂා කළේ මොකක්ද කියලා මම දන්නේ නෑ. අර විමල් වීරවංශ ඇමැතිතුමා කියනවා වගේ ”සොඳුරු ආඥාදායකයා” කියලා පාවිච්චි කරන්නේ නාට්‍යවේදී සුගතපාල ද සිල්වාට. ඉතින් ඒ නිසා ඒ වචනයේ තෙරුම මම දන්නේ නෑ. සමහර විට අපේ හිටපු මහලේකම්තුමා අනුන් ලියපු පිටපතක් රඟපාන නිසා ඒක මතක් වුණා ද දන්නේ නැහැ.

 


ප‍්‍රශ්නය: ඇමැතිතුමනි, මෛත‍්‍රිපාල සිරිසේන ඇමැතිවරයා කිව්වේ ”ඔව්, ඡන්ද තියෙනවා. රට සංවර්ධනය කරනවා. ළමයි වඩා ගන්නවා. ඒත් පක්ෂයේ මහලේකම් හැටියට මම හිටියෙත් මරණ බයෙන්” කියලයි.
පිළිතුර:
මොකක්ද ඔය කතාව. හරිම වැරදි. මහ නරක කතාවක්. අපේ පක්ෂයේ කිසිම කෙනෙකුට මරණ බයක් තිබුණේ නැහැ. අපිට මරණ බය තිබුණේ එල්ටීටීඊ එකෙන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ ඒ ගොල්ලොයි ජේවීපී එකයි තරගෙට මිනී මරණ කාලේ අපට මරණ බය තිබුණා. ඒ නිසා  ඕක හරිම නොවැදගත් කතාවක්. මේක කිසිවකු විසින් නොකළ යුතු ප‍්‍රකාශයක් කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම හෘදය සාක්ෂියක් තියෙනවා නම් තමන්ගේ හදවතට තමන් අවනත නම් එහෙම කිසි කෙනෙකුට ඔය වගේ අසත්‍ය අශ්ලීල කැත ප‍්‍රකාශයක් කරන්න බෑ. පක්ෂය පාවලා දීලා පක්ෂයෙන් ගියාට පස්සේ ඔය වගේ මරණ බයක් ගැන කියවන්නේ උම්මන්තකයෙක්. මානසික රෝගියෙක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපට කරන්න තියෙන්නේ එහෙම කතා කියන අයට අනුකම්පා කරන්න විතරයි. මොකක්ද ඔය කියන මරණ බය.

 


ප‍්‍රශ්නය: පක්ෂයේ හිටපු නායිකාව චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය යළිත් කරළියට ආවා. ඔබ කොහොමද ඔබේ හිටපු නායිකාව දකින්නේ?
පිළිතුර:
මම එතුමියව දකින්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හැටියට නොවෙයි. ඇය එක් අවස්ථාවක එතුමියගේ මව පක්ෂයේ නායිකාව හැටියට ඉන්න කොටත් පක්ෂය දාලා ගියා. ඇය මේ පක්ෂය දෙකඩ කළා. අපේ පක්ෂයට එරෙහිව තවත් පක්ෂ හැදුවා. ඇය නැවත ආවේ පක්ෂය ජයග‍්‍රහණය කරන්න ඔන්න මෙන්න කියලා තිබියදීයි. ඇය අපේ පක්ෂයේ හිටපු සභාපතිනිය හා ජනාධිපතිනියයි. එතකොට ඇය අද ක‍්‍රියා කරන්නේ මට පේන විදියට පක්ෂයට එරෙහිවයි. එක්සත් ජාතික පක්ෂයට පූට්ටු කරන්න හදන කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන චරිතයක් බවට පත් වෙලා. අපි ද්විපක්ෂ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන රටක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් වෙන වෙනම ක‍්‍රියාත්මක වෙන්නේ. ජාතික ආණ්ඩු හැදීමේ කිසිම කතාවක් අපි කරලා නෑ.

ඉන්නේ ඒ නිසා. මේ හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්නයි. එතකොට ඒ ගොල්ලෝ කියපු මුල්ම තර්කයත් බිඳ වැටෙනවා. අපි ශ්‍රී ලංකාකාරයන්ට සලකන්නේ නැහැ කියන කාරණයත් මේකත් එක්ක බිඳ වැටෙනවා. මේ හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවට දීන භාවයට පත් කරලා ඒ ප‍්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අලියා ළඟ දණ ගස්වන්නයි. ඒක අපි කවදාවත් එයාට කරන්න දෙන්නේ නැහැ. එයාගේ අරමුණට අපි එහෙම පිටින්ම විරුද්ධයි. අපට එයා වගේ වෛරී සිතිවිල්ලක් නැහැ කවදාවත්. අපි ගාව තියෙන්නේ දේශපාලන මතවාදවල වෙනස්කම් පමණයි. දේශපාලන මතවාදයක් මත ක‍්‍රියාත්මක වෙන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් කිසිම දවසක ධනවාදී මතවාදයක් දරණ එක්සත් ජාතික පක්ෂයේ අලියා ළඟ දණ ගස්සවන්න ඉඩ දෙන්නේ නැහැ.

 


ප‍්‍රශ්නය: ඔබ කියනවානේ මේක කුමන්ත‍්‍රණයක් කියලා. ඔබ හිතන විදියට මේ කුමන්ත‍්‍රණයට කොයි තරම් කාලයක් ගත වෙන්න ඇද්ද?
පිළිතුර:
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත් වෙන්න කලින් ඉඳලම මෙහෙම කුමන්ත‍්‍රණයක් දියත් වුණා. බෙහෝ දෙනෙකුට නියම කළා ජනාධිපතිවරණයේ දී වැඩ නොකර ඉන්න කියලා. ඒ වගේම විවිධ අවස්ථාවල ඇය කරපු කුමන්ත‍්‍රණ සාර්ථක කරගන්න බැරි වෙච්ච නිසා ඇති වෙච්ච විස්කෝපය නිසා ඇති වුණ දැවැන්ත කේන්තියකින් පෙළෙන තත්ත්වයක් තමයි මම ඇයගෙන් දකින්නේ. එතකොට මේ කුමන්ත‍්‍රණය කවදා ඉඳලා ද වුණේ කියලා ඔබට හිතා ගන්න පුළුවන්. මේක දේශපාලනයේ දී හොඳ දෙයක් නොවෙයි.

 


ප‍්‍රශ්නය: හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ උපන් දිනය දවසෙම පක්ෂ නායකත්වයෙන් ඇයව ඉවත් කරනවා. ඇයටත් සාධාරණත්වය ඉටු විය යුතුයි?
පිළිතුර:
ඔබ කියන දේ වැරදියි. ඇයගෙන් පසුව පක්ෂ නායකත්වය නිතැතින්ම හිමි වෙනවා ජනාධිපතිතුමාට. ඒ අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව. මං හිතන්නේ මෙතුමිය පක්ෂ ව්‍යවස්ථාව කියවලා නෑ. ජනාධිපති ධුරය යම් අයකුට හිමි වුවහොත් නිතැතින්ම ඔහු පක්ෂ නායකත්වයට පත් වෙනවා. ඒක පක්ෂයේ ව්‍යවස්ථාවයි. හිටපු ජනාධිපති කවුරු වුණත් ඔහු පක්ෂයේ අනුශාසකයා බවට පත් වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා පක්ෂය ජයග‍්‍රහණය කර ගෙන යන කොට ඇය සතුටු විය යුතුයි. ඇය නායකත්වය දිපු පක්ෂයට අලූත් නායකයෙක් ඇවිත් වඩාත් ජයග‍්‍රාහීව ඉදිරියට ගෙන යනවා කියලා ඇය සතුටු විය යුතුයි. එහෙම නැතිව වෛර කරලා වැඩක් නෑ. වෛරී සිතිවිලිවලින් වැඩ කළාට පක්ෂයටවත්, පක්ෂයේ සාමාජිකයාටවත් අපටවත් රටටවත් කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කුමන්ත‍්‍රණය දීර්ඝ කාලයක් පවතින්න ඇති. ඒ කුමන්ත‍්‍රණය මුදුන් පමුණුවා ගන්න සුදුසු ජොකියෙක් හොයන්න ඇති. ඒ ජොකියා හොයා ගත්තාට පසුව ඔහුව කෙටි කාලයක් තුළ පුහුණු කරන්නත් ඇති. ඒ ජොකියා ලවා පෙන්වන නාට්‍යයේ එක ජවනිකාවක් තමයි ඔය අපි දැක්කේ.

 


ප‍්‍රශ්නය: ඔබ කියන්නේ ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මේකට අහුවුණේ ඔහුගේ නොදැනුවත්කම නිසා කියල ද?
පිළිතුර:
මං හිතන්නේ ඔහුව දැඩි ලෙස මුලා කරන්න ඇති. ඒ මුලා කිරීම මත ඔහු මෙම ද්‍රෝහී පාවා දීමට පෙළඹෙන්නට ඇති. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක්නේ ජූදාස්. ජූදාසුත් රිදී තිහකට තමයි ක‍්‍රිස්තුස් වහන්සේ පාවා දුන්නේ. ඉතින් ඒ නිසා ළඟ හිටපු මිනිසුන්ගේ පාවා දීම් ඉතිහාසය පුරාම සිද්ධ වෙලා තියෙනවා. මේකත් එක්තරා විදිහකින් ඉතිහාසයට එකතු වෙන මහා පාවා දීමක් පමණයි. ඒ නූතන ජූදාස් තමයි මෛත‍්‍රිපාල සිිරිසේන.

 


ප‍්‍රශ්නය: මේ වැඩ පිළිවෙළ ගැන ඔබත් එක්කත් යම් සාකච්ඡුාවක් තිබුණ ද? කවුරුවත් ඔබට කතා කළා ද?
පිළිතුර:
මට කවුරුවත් කතා කළේ නෑ.

 


ප‍්‍රශ්නය: කලකිරුණයි කියලා කියපු ඇමැතිවරුන්ගේ ලිස්ට් එකේ ඔබේ නමත් තිබුණා.
පිළිතුර:
ඒක බොරු. මම මොකටද කලකිරෙන්නේ. මම හැමදාමත් වැඩ කරලා තියෙන්නේ සුළුතර මතයේ ඉඳගෙනයි. බහුතර මතයත් සමග එකඟ වෙන්න බැරි නම් මම සුළුතර මතය නියෝජනය කරලා තියෙනවා. මම ඒවා කතා කරනවා. ඒත් මම කවදාවත් පක්ෂයේ අගතිය වෙනුවෙන් පුද්ගලයෝ සමග කුමන්ත‍්‍රණකාරි විදියට කතා කරලවත් නැහැ. මට කවුරුවත් කතා කරලත් නෑ. ඒ මං ගැන හොඳට දන්න නිසා කියලා මම හිතනවා. මට බොහොම පැහැදිලි ස්ථාවරයක් තියෙන්නේ. මම සේවය කරන තැනට මම අවංකවම සේවය කරනවා. ඒ සේවය කරන්න මට බැරි නම් මම ඉවත්ව යනවා. කුමන්ත‍්‍රණ, කැලෑ පත්තර, පුද්ගලවාදී හැසිරීම්, කට්ටිවාදී කල්ලි ගැසීම් කිසිම එකකට මම සම්බන්ධ වෙලා නෑ.

 


ප‍්‍රශ්නය: පක්ෂය තුළ ”චන්ද්‍රිකාවාදීන්” විශාල පිරිසක් ඉන්නවා?
පිළිතුර:
මම දන්නෑ එහෙම කට්ටියක් ඉන්නවා කියලා. මොකද චන්ද්‍රිකාත් පක්ෂය දාලා ගියා. මැතිනියවත් දාල ගිය චන්ද්‍රිකා ආපහු ආවා. ඒ චන්ද්‍රිකා නැවත පක්ෂය දාලා ගියා. මෙතන වුණේ එච්චරයි. ”වාදීන්” ඉන්න බැහැනේ. අපි වාදීන් නොවෙයි. අපි පාක්ෂිකයෝ. පාක්ෂිකයන්ට විවිධ අවස්ථාවල විවිධ නායකයන් සමග වැඩ කරන්න වෙනවා. මම මුලින්ම පක්ෂයට එනකොට මට වැඩ කරන්න වුණේ සිරිමාවෝ මැතිනියත් එක්ක. ඊළඟට මට වැඩ කරන්න වුණේ චන්ද්‍රිකා සමග. ඊට පස්සේ මම අද වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග. නායකයා සමග අපි ගන්න සාමූහික තීන්දු තීරණ ආරම්භ කරන්නත් පක්ෂය ආරක්ෂා කරන්නත් අපි බැඳිලා ඉන්නවා. වාදීන් හැටියට වැඩ කරන අය ඉන්නවා නම් ඒ අයට පාක්ෂික හැඟීමක් නැහැ.

 


ප‍්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ඇත්තටම කවු ද?
පිළිතුර:
අපේ පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක්. අපේ පක්ෂයේ ලේකම්වරයා තෝරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාවයි. ඒ අය පත් වෙන්නේ අපේ සාමාජිකයෙක්. ඒ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව පත් කරන පුද්ගලයා තමයි ප‍්‍රධාන ලේකම්වරයා. ඔහු පක්ෂයෙන් ඉවත්ව ගියාට පස්සේ එයා ලේකම්වරයා නොවෙයි. මොකද එයා පක්ෂයේ සාමාජිකයකුත් නොවෙයි. ඒ වගේම ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ විධායක සභාවට හෝ යටත් වෙන්නේ නැහැ. ඔහු පක්ෂයේ කෙනෙක් නොවෙයි. දැන් පක්ෂයේ ලේකම් මමයි.

 


ප‍්‍රශ්නය: නමුත් මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ඇමැතිවරයා කියනවා තවමත් ”පක්ෂයේ ලේකම් මමයි” කියලා?
පිළිතුර:
ඒක ඉතින් නන්දෙඩවීමක්. එහෙම කෙනෙකුට  ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මේ පක්ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව පක්ෂය ක‍්‍රියා කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තර්කයක් නැහැ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව මාව පත් කරලා තියෙනවා. එහෙම තිබිය දී  ඕනෑම නන්දොඩවන කෙනෙකුට කියන්න පුළුවන් මමයි ලේකම් කියලා. ඒක රෝගී තත්ත්වයක්. එයට ප‍්‍රතිකාර කළ යුතුයි.

 


ප‍්‍රශ්නය: පක්ෂයෙන් තව යන්න කී දෙනෙක් විතර ඉන්නව ද?
පිළිතුර:
ගිය අයගෙනුත් සමහරු ආපහු එන්න අහනවා. එහෙම තිබිය දී මං හිතන්නේ නැහැ කවුරුවත් යන්න හිතයි කියලා. අනික දැන් සැබෑ තත්ත්වය තේරිලා තියෙන්නේ. මේ මහා කුමන්ත‍්‍රණය මේ මහා දීන පාවා දීම නින්දිත හැසිරීම් දිහා බලන කෙනෙක් යනවා තියා යන්න හිතන්නේවත් නැහැ.

 


ප‍්‍රශ්නය: යූඑන්පීයෙන් කී දෙනෙක් එනව ද?
පිළිතුර:
ඒක ගැන නම් මම දන්නේ නැහැ.

 


ප‍්‍රශ්නය: ඔබයි පක්ෂයේ මහලේකම්. ඉතින් දන්නේ නැහැ කියන්නේ?
පිළිතුර:
මෙහෙමනේ. කැමැති කෙනෙකුට යන්නත් පුළුවනි. කැමැති කෙනෙකුට එන්නත් පුළුවනි. දොර විවෘතයි. ඉඩ නැත්තේ කුමන්ත‍්‍රණකාරයන්ට, ද්‍රෝහීන්ට පමණයි.

 


ප‍්‍රශ්නය: ඔබ මොනවා කිව්වත් ඉන්නේ ලොකු තිගැස්මකින්.
පිළිතුර:
මට නම් කිසිම තිගැස්මක් නැහැ. බිම් මට්ටමේ දේශපාලනය කරන කෙනෙක් හැටියට මහ පොළොවේ දේශපාලනය තේරෙන දන්න කෙනෙක් හැටියට මම ස්ථිර වශයෙන්ම කියනවා ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබෙනවා. ඒක නියතයි. නිසැකයි. ඒකාන්තයි.


m



අදහස් (0)

එතුමියගේ මව නායකත්වයේ ඉද්දිත් ඇය මේ පක්ෂය දෙකඩ කළා

විමුක්ති Monday, 01 December 2014 10:18 AM

මංගල බලාගෙන ඉන්න.අපි මෙදාපාර පොදු අපේක්ෂකයා දිනවනවා.ඒ විතරක් නොවේ. මේ රටත් දිනවනවා .(හේ)

:       0       0

චාමික Tuesday, 02 December 2014 09:16 AM

අලුත් ලොන්ඩරියක් ඇරලා වගේ! (අ)

:       0       0

රන්ජිත් Monday, 01 December 2014 07:41 PM

ජනපති විශිෂ්ඨ ජයක් ලබනවා සහතිකයි (දිල්)

:       0       0

මංගල Monday, 01 December 2014 09:17 AM

ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබෙනවා. ඒක නියතයි. නිසැකයි. ඒකාන්තයි (නදී)

:       0       0

සමන් Monday, 01 December 2014 10:51 PM

මට නම් හිතෙන්නේ කට්ටියගෙම ඔළු පරීක්ෂා කරගත්තොත් හොදයි කියලා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4944 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 673 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1247 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site