IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එදා - මෙදා පැනිලි - පෙරළි

 

002

 

දේශපාලන ලෝකය විවිධ හැල හැප්පිලිවලින් සමන්විත සංකීර්ණ තැනකි. හිටි ගමන් කුණාටු වැනි ආන්දෝලනාත්මක සිදුවීම්වලින් ආණ්ඩු පෙරළෙයි. මැති ඇමැතිවරු පිල් මාරුකර ගනිති. නිදහසින් පසු අද දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේත් එවැනි සිදුවීම් වාර්තා වී තිබේ. ආසන්නම සිදුවීම වන්නේ 2/3 ක බහුතර බලයකට හිමිකම් කියන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රධානම පාර්ශවය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මහලේකම්වරයා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳ ගැනීමය. ඔහුත් සමඟ කැබිනට් අමාත්‍යවරුන් වූ රාජිත සේනාරත්න, දුමින්ද  දිසානායක, නියෝජ්‍ය ඇමැතිවරයකුවූ එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මහාචාර්ය රජීව විජේසිංහ සහ වසන්ත සේනානායක යන මහත්වරුද ආණ්ඩුවෙන් ඉවත් වූහ.


මෙය සෑහෙන කාලයක් තිස්සේ අතිශය රහසිගත ලෙස සූක්ෂ්ම ලෙස සකස් කළ වැඩපිළිවෙලකි. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන තෙක්ම ආණ්ඩුව ඒ පිළිබඳව කිසිවක් දැන නොසිටි බව රජයේම ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශ වලින් හෙළිදරව් වේ.


මෙවැනි සිදුවීම් ඉතිහාසය පුරාම විවිධ ආකාරයෙන් සිදුවී තිබේ.


මුල්ම අවස්ථාව ලෙස ”53 හර්තාලය’’ හැඳින්විය හැකිය. සහල් මිල වැඩි කිරීම හේතුකොට ගෙන එදා ලංකා සමසමාජ පක්ෂය මේ හර්තාල් ව්‍යාපාරය සංවිධානය කළ අතර අවසානයේදී පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මරුමුවට පත්විය. ලංකා සමසමාජ පක්ෂය මේ හර්තාල් ව්‍යාපාරය දියත් කළේ ”සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව්” යනුවෙන් කියමිනි. මෙය එවකට අගමැතිව සිටි ඩඞ්ලි සේනානායක මහතාට කොතරම් කම්පනයක් ඇති කළාදැයි කිවහොත් ඔහු අගමැති පදවියෙන්ද ඉල්ලා අස්වී දේශපාලනයෙන්ද ඉවත් විය.


මීළඟට තවත් වැදගත් මෙවැනිම සිදුවීමක් වාර්තා වන්නේ 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවටය. ඔහුගේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතාට එරෙහිව ඔහුගේ කැබිනට් සගයන් එල්ල කළ ප‍්‍රහාරය හමුවේ මහජන එක්සත් පෙරමුණ බණ්ඩාරනායක රජයෙන් ඉවත් විය. මෙයට හේතු වූයේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස අඳ ගොවීන්ට කුඹුරුවල අයිතිය ලබා දීමට සකස් කළ කුඹුරු පනතය. එම ආණ්ඩුවේම මුදල් ඇමැතිවරයා වූ ස්ටැන්ලි ද සොයිසා, සෞඛ්‍ය ඇමැතිනී විමලා විජයවර්ධන මහත්මිය ඇතුළු කැබිනට් සගයන් පිරිසක් කුඹුරු පනත ඉල්ලා අස්කර ගන්නා තෙක් කැබිනට් රැුස්වීම් වර්ජනය කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ පිලිප් ගුණවර්ධන සහ ඔහුගේ ප‍්‍රධානම සගයා වූ විලියම් සිල්වා යන මහත්වරුන්ට ඇමැතිධුර වලින් ඉවත් වීමට සිදුවීමය.


නැවත මෙවැනක් වාර්තා වන්නේ 1964 වර්ෂයේදීය. 1960 ජූලි මැතිවරණයේදී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් පිහිට වූ ශි‍්‍රලනිප ආණ්ඩුව 1964 දී සමසමාජ පක්ෂය සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව සමසමාජ පක්ෂය රජයට එකතු වී සභාග ආණ්ඩුවක් පිහිටුවීය. එහිදී සම සමාජ පක්ෂයට අමාත්‍යධුර 3 ක් හිමිවිය. මුදල් ඇමැති ලෙස ආචාර්ය එන්.එම්. පෙරේරාත්, ප‍්‍රවාහන ඇමැති ලෙස අනිල් මුණසිංහ මහතාත්, රජයේ වැඩ ඇමැති ලෙස චම්ලි ගුණවර්ධන මහතාත් කැබිනට් මණ්ඩලයට එකතු විය.
 

 

004

001


වැඩි කලක් සභාග ආණ්ඩුව ගෙන යෑමට ඉඩක් නොලැබුණි. 1964 අවසාන භාගයේදී එජාපය රජයට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේය. රජයට මේ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අවශ්‍ය බහුතර ඡුන්ද ප‍්‍රමාණය තිබූ නිසා සිරිමා බණ්ඩාරනායක රජය දැඩි විශ්වාසයෙන් විශ්වාස භංගයට මුහුණ දිනි. නමුත් නොසිතූ පරිදි සැවොම පුදුමයට පත්කරමින් විශ්වාස භංග යෝජනාවෙන් රජය පරාජයට පත්විය. එයද එක ඡන්දයකිනි.


මේ වනාහි මනාව සැලසුම් කළ අතිශය රහසිගත මෙහෙයුමක් විය. මෙහෙයුම එක්සත් ජාතික පක්ෂය හොඳින් දැන සිටියේය. එජාපය වෙනුවෙන් මෙය සම්බන්ධිකරණය කළේ ලේක්හවුස් ආයතනයේ සිටි එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතාය. රජය පැත්තෙන් ඊට සම්බන්ධ වූයේ එවකට නිවාස ඇමැතිව සිටි මහනාම සමරවීර මහතාය. මෙහෙයුම වූයේ සිරිමා බණ්ඩාරනායක රජයේ සභානායක වාරිමාර්ග ඉඩම් විදුලිබල ඇමැති සී.පී.ද සිල්වා මහතාට සමරවීර මහතා ඇතුළු පිරිසක් රජයට එරෙහිව ඡුන්දය පාවිච්චි කිරීමට පොළඹවා ගැනීමය. තවත් එක් මන්තී‍්‍රවරයකුගේ පාර්ලිමේන්තු ගමන වළක්වා ලීම සඳහා ඔහුගේ මෝටර් රථයේ ටයර්වල හුළං ඇර තිබූ නිසා ඔහුට පාර්ලිමේන්තුවට  ඒමට නොහැකි වීමෙන් රජය පරාජයට හේතු විය. සමසමාජ ශ්‍රී ලංකා සභාග ආණ්ඩුව එතනින් කෙළවර විය. එදා ඒ ආණ්ඩුව පෙරළා දැමීමට මුල්වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතා වත්මන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පියාණන්ය. එජාප මන්තී‍්‍රවරයෙකුට මංගල සමරවීර මහතාගේ පියාණන් වූ මහානාම සමරවීර මහතාය.


දෛවෝපගත සිදුවීම වන්නේ මෙදා මහින්ද රාජපක්ෂ රජයේ බලකණුවක් වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉවත්කර ගැනීමේ මෙහෙයුම පිටුපස රනිල් වික‍්‍රමසිංහ මහතාත් මංගල සමරවීර මහතාත් සිටීමය.


64 දී ඔවුන් පාදක කරගත්තේ මින්නේරිය අසුන නියෝජනය කළ සභානායක සී.පී.ද සිල්වාය. මෙදා පොළොන්නරුව දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ශි‍්‍රලනිප මහලේකම් මෛතී‍්‍රපාල සිරිසේනය.


සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සභාග ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පසු ඇය ජාතිය අමතමින් ගුවන් විදුලියෙන් රටට කියා සිටියේ සී.පී. ද සිල්වා තමන්ට පිටුපසින් සිට පිහියෙන් ඇන්න බවය. ඇයගේ මෙම කතාව ජනපි‍්‍රය මාතෘකාවක් බවට පත්වූ අතර එකල ජනපි‍්‍රයම පුවත්පතක් වූ ”ඇත්ත” පුවත්පත සී.පී.ද සිල්වා මහතා හැඳින්වීමට නිතරම යොදාගනු ලැබුයේ සී.පිහි යනුවෙන්ය.


යළිත් මෙවැන්නක් වාර්තා වන්නේ 1970 දී බලයට පත්වූ සමගි පෙරමුණු රජයටය. එම රජයට 2/3 ක බහුතර බලයක් හිමිව තිබූ අතර සමසමාජ පක්ෂය වෙනුවෙන් අමාත්‍යධුර 3 ක් සහ කොමියුනිස්ට් පක්ෂයට එක් අමාත්‍ය ධුරයක්ද හිමිව තිබිණි.


එජාපයට අවශ්‍ය වුණේ කෙසේ හෝ සමගි පෙරමුණු ආණ්ඩුව පෙරළා දැමීමටය. ඔවුන් ඒ සඳහා යොදා ගනු ලැබුවේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ පුත් අනුර බණ්ඩාරනායකය. අනුර එකල මන්තී‍්‍රවරයෙකු නොවුණත් එම රජයේ බලසම්පන්න චරිතයක් බවට පත්ව තිබුණි. මෙහි පිටුපස සිටියේ ජේ.ආර්. සහ පේ‍්‍රමදාසය. අවසානයේදී ඔවුන්ගේ සැලසුම සාර්ථකවූ අතර සමසමාජ ඇමැතිවරුන් තිදෙනා බණ්ඩාරනායක මහත්මිය එයින් ඉවත්කරනු ලැබූ අතර පසුව කොමියුනිස්ට් පක්ෂයේ පීටර්  කේනමන් ඇමැතිවරයා ඉල්ලා අස්විය.


මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ 1977 දී එජාපය 5/6 බලයක් සමග බලයට පත්වීමයි.


1997 වනතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙන විශේෂම කරුණකි. ඒ වනාහි කපටි නූල් සුත්තර වැඩවලට අහුවීම නිසා තමන්ගේ  ආණ්ඩු බලය ඒ වනතෙක් වැඩිම ප‍්‍රමාණයක් අහිමිකර ගෙන තිබුනේ ශි‍්‍රලනිප ආණ්ඩු වීමය.


මෙය හොඳින් දන්නා ජේ.ආර්. එය තමන්ට පාරා වළල්ලක් නොවන පිණිස 77 බලයට පත්වූ විගස පළමුවෙන්ම කළේ එජාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්තී‍්‍රවරුන් හැමදෙනාගෙන්ම දින රහිත ඉල්ලා අස්වීමේ ලියුම් ලබා ගැනීමය. එතැනින් නොනවැතුණු ඔහු 1978 ව්‍යවස්ථාවට වගන්තියක්ද එක් කළේය. තමන් නියෝජනය කරන පක්ෂය හැර වෙනත් පක්ෂයකට ගියහොත් මන්තී‍්‍රධුරය අහිමි කළ හැකි ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවට එක් කළේය. ඒ නිසා ඔහුට සිය පාලන පක්ෂය තුළ එවැනි ප‍්‍රශ්න මතු නොවීය.


005ජේ. ආර්ගෙන් පසු ජනාධිපති පදවියට පත්වූ පේ‍්‍රමදාස මහතාගේ පාලන කාලය විශේෂිතය. ඔහු වෙත හමා ආ කුණාටුව ඇතුළතින්මය. ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරුන් වූ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී.එම්. පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන් පක්ෂයේ සිටි ශි‍්‍රලනිප මන්තී‍්‍රවරුන් සමග එකතුවී අතිශය රහසිගත ලෙස පේ‍්‍රමදාස මහතාට විරුද්ධව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව රට විශාල ආන්දෝලනයක් ඇති කළේය. මෙයට තවත් විශේෂ පුද්ගලයෙක්ද සම්බන්ධ වී සිටියේය. ඔහු එවකට කතානායක වරයාව සිටි එම්.එච්. මොහොමඞ් මහතාය. පේ‍්‍රමදාස මහතාට දෝෂාභියෝග යෝජනාව දැනගන්නට ලැබෙන විට එම යෝජනාව කතානායකවරයා විසින් භාරගෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයටද ඇතුළත්කර තිබිණි.


පේ‍්‍රමදාස මහතා දෝෂාභියෝග යෝජනාව පරාජය කළේ ඔහුගේ විධායක බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කොට කල්දැමීමෙනි. එසේ කල් දැමුවේ න්‍යාය පුස්තකයේ ඇති යෝජනාද ඉබේම අහෝසිවන හෙයිනි. ඉන්පසු යළිත් දෝෂාභියෝගයක් ගෙන ඒමටම නොහැකි වන පරිදි ඔහු ක්ෂණික පියවර ගත් අතර එවැනි යෝජනාවක් බාර ගැනීමෙන් කතානායකවරයා වළක්වා තමාගේ පාර්ශවයට ගැනීමටද පේ‍්‍රමදාස මහතා සමත් විය. මේ නිසා දෝෂාභියෝග නාටකය එතනින් අවසන් වූ අතර ලලිත්, ගාමිණී, පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූහ. ඒ ජේ.ආර්ගේ 78 ව්‍යවස්ථාවේ වගන්තියකට අනුවය.


පේ‍්‍රමදාස අභාවයෙන් පසු ඞී.බී. විජේතුංග මහතා ටික කලකට ජනාධිපති වූ අතර 1994 දී ඇතිවන්නේ අලූත්  කාල පරිච්ෙඡ්දයකි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වීමෙනි.


ඇයගේ දෙවෙනි ධුර කාලය එතරම් යහපත් නොවීය. 2001 ඇයගේ රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කොට එජාපයට ගැනීමට විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමත් විය. මහාචාර්ය ජී.එල්. පීරිස්, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය කතානායකවරයාව සිටි මේජර් ජනරාල් සරත් මුණසිංහ ඇතුළු පිරිසක් ආණ්ඩුව හැරදා විපක්ෂයට යෑම නිසා පාර්ලිමේන්තුව පවත්වා ගෙන යෑමට අවශ්‍ය වැඩි ඡුන්ද ප‍්‍රමාණය චන්ද්‍රිකාට අහිමි විය. චන්ද්‍රිකා කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමය. එම මැතිවරණයෙන්  ජයගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත්විය.


 තමන්ගේ රජයට කළ විනාශය පිළිබඳ ඇය එජාපය සමඟ බද්ධ වෛරයකින් පසු වූවාය. තම වාරය එනතෙක් බලා සිටි චන්ද්‍රිකා 2003 රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ තුනක් ඇය විධායක බලතල පාවිච්චි කරමින් ඇය යටතට පවරා ගත්තාය. මේ අමාත්‍යාංශ පවරා ගැනීම පිළිබඳ කිසිවක් කල් ඇතිව දැනගැනීමට අගමැති රනිල්ට නොහැකි විය. ඔහු ඒ වන විට සිටියේ නිව්යෝර්ක් නගරයේය. අමාත්‍යාංශ 3 ජනාධිපති යටතට පවරාගත් පුවත නිව්යෝර්ක් නගරයට ළඟාවන විට එරට වේලාවෙන් මධ්‍යම රාති‍්‍රයද පසුවී තිබුණි. පුවත මුලින්ම ලැබුණේ වික‍්‍රමසිංහ මහතා සමග සංචාරයට ගොස් සිටි ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුටය. ඔහු වහා රනිල් වික‍්‍රමසිංහ මහතා නිදාගෙන සිටි කාමරයට ගොස් අවදි කොට ප‍්‍රවෘත්තිය දැන්වීය. එතනින් නොනවතුණු චන්ද්‍රිකා පසුව ඇයගේ විධායක බලතල පාවිච්චි කොට පාර්ලිමේන්තුව විසුරුවා වික‍්‍රමසිංහ මහතාගේ රජය කුඩුපට්ටම් කර දැමුවාය.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට චන්ද්‍රිකා සාකච්ඡුා කරන අවස්ථාවේදී ඇයට වැඩිම බලපෑමක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ බව චන්ද්‍රිකා මෑත කාලයකදී පවසා තිබුණි. නමුත් මෙහිදී සඳහන් කළ යුතු දෙයක් සඳහන් නොකළොත් එය අසාධාරණය. මේ විසුරුවා හැරීමේ යෝජනාවට බලවත් විරුද්ධත්වය පළ කළේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාය. එජාපයට මහජනයා වසර 6 කට දුන් ජනවරම බලයෙන් උදුරා ගැනීමට එරෙහිව ඔහු දැඩි ලෙස කරුණු දැක්වීය. ඔහු එවකට විපක්ෂනායකවරයා විය.


2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්වීමෙන් පසුව අගමැතිධුරයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ විය. ඔවුන් යෝජනා කළේ අගමැති ලෙස ලක්ෂ්මන් කදිර්ගාමර් හෝ අනුර බණ්ඩාරනායක මහතා පත් කරන ලෙසය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවය ඔහුට හිමි තැන ලබා දුන්නේය.


ඉන්පසු 2005 ජනාධිපතිවරණය එළඹෙන අතර ඉන් ජය ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතාය.


මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ සිදුවූ විශේෂිතම සිදුවීම වන්නේ ජනතා විමුක්ති පෙරමුණ කොටස් 3 කට කැඞී වෙන්ව යාමය. එක් කොටසක් විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැඞී ගොස් ජාතික නිදහස් පෙරමුණ බිහිවිය. ඔවුන් අද සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමගය. තව කොටසක් කුමාර් ගුණරත්නම් ප‍්‍රමුඛ පුබුදු ජාගොඩය. ඇයගේ මෙහෙයවීමෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය නමින් බිහිවිය. සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටී. 2005 සිට 2010 දක්වා වකවානුව මෙම සිද්ධිය හැරුණු විට වෙන් වූයේ යුද්ධය සඳහාය. යුද ජයග‍්‍රහණයෙන් පසුව ජනාධිපතිවරයා සිය දෙවෙන ධුර කාලය සඳහා ජනාධිපතිවරණය කැඳවන අතර ජනාධිපතිවරයා වැඩි ඡුන්ද ලක්ෂ 18 කින් ජනාධිපති ලෙස පත්වෙයි.


චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට මෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් වඩා කරදරකාරී වාතාවරණය හටගන්නේ දෙවෙනි ධුර කාලයේදීය. මුල්ම විධායක ජනාධිපතිට ජේ.ආර්.ටත් එසේමය. මේ කලබැගෑනිය වඩාත් තීව‍්‍රවන්නේ 2010 දී සම්මත කරගත් 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහාය. එම සංශෝධනය අනුව වත්මන් ජනාධිපතිවරයාට 3 වන වරටත් ජනාධිපති ලෙස තරග කිරීමේ ව්‍යවස්ථා ප‍්‍රතිපාදන හිමිවිය.


මේ 18 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා 3 වන වරටත් තරග කිරීමට සූදානම් වීම හේතුවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කතිකාවතක් සමාජය තුළ සීඝ‍්‍රයෙන් පැතිර ගියේය. එයට මූලික වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සාධාරණ සමාජය නැමැති සංවිධානයයි. එහි නිර්මාතෘවරයා වූයේ කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ය. එම ව්‍යාපාරයට ඌන පූර්ණ සපයමින් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ”පිවිතුරු හෙටක්” නමින් වූ ව්‍යාපාරයක් දියත් කර විධායක ජනාධිපති ක‍්‍රමයේ වහා කළ යුතු වෙනස්කම් ඇතිව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සමාජගත කළේය. ජාතික හෙළ උරුමය රජයේ හවුල්කාර පක්ෂයක් වන අතර ජාතික හෙළ උරුමයද ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක‍්‍රමයේ වෙනස්කම් වහාම කළ යුතු බවට රජයට බල කළේය.


මේ සම්බන්ධව ජනාධිපතිවරයා මුලින්ම සඳහන් කළේ තවමත් කොටි ඩයස්පෝරාව හරහා ඊළම ලබාගැනීමේ වෑයම පරාජය කිරීම සඳහා විධායක ජනාධිපති ක‍්‍රමය තවදුරටත් අවශ්‍ය බවය. නමුත් මේ කතිකාවත දිගින් දිගටම යද්දී තවත් විශේෂ සිදුවීමක් විය. විධායක ජනාධිපති ක‍්‍රමය ඇතිකළ එක්සත් ජාතික පක්ෂයත් විධායක ජනාධිපති ක‍්‍රමය ජනාධිපතිවරණයට පෙර අහෝසි කළ යුතුය යන මතය ඉදිරිපත් කළේය. මේ ප‍්‍රකාශය  නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ කතිකාවත තියුණු ස්වරූපයක් ගත්තේය. එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය කඩිනමින් කළ නොහැකි බවය.


මේ තත්ත්වය යටතේ ජාතික හෙළ උරුමය සන්ධාන ආණ්ඩුවේ තමන් දරන තනතුරු වලින් ඉවත්වන බව පවසා පාඨලි චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍ය ධුරයෙනුත් උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් අමාත්‍යධුරයෙනුත් ඉල්ලා අස්විය.


රජයේ ප‍්‍රතිචාර අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සූදානමක් නොමැති නිසා වහාම එය පොදු විපක්ෂයේ අපේ්කෂකයකු මාර්ගයෙන් ඉටුකර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය කටයුතු කළේය. එක්සත් ජාතික පක්ෂයට මෙරට තුළ බහුතර ඡුන්ද පදනමක් තිබෙන හෙයින් මේ කාර්යයට එම පක්ෂයේ සහයෝගය අනිවාර්යෙන්ම ලබාගත යුතුය යන පදනම මත පිහිටුවා සාකච්ඡුා ඇරඹිණි. වරින් වර චන්ද්‍රිකා, කරු ජයසූරිය, රත්නසිරි වික‍්‍රමනායක, රනිල් වික‍්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ  නම් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ අතර මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නම කෙසේවත් පිට නොකිරීමට වගබලාගෙන තිබුණි. මෙය දේශපාලනඥයින් වශයෙන් දැනගෙන සිටියේ පුද්ගලයින් 4 දෙනෙකු පමණි විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ. එජාප හිටපු සභාපතිවරයෙකු වූ මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර හා චන්දි‍්‍රකා බණ්ඩාරනායක මහත්මිය පමණි. බොහෝ විටම පුද්ගලිකව මුණ ගැසුණු අවස්ථා හැර අන් සෑම අවස්ථාවකදීම මෙහි අදහස් හුවමාරු කරගත්තේ චන්ද්‍රිකා දුරකතන ඔස්සේය. මේ නිසා මෛති‍්‍රපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේ්කෂකයා බව රජයට කිසි ලෙසකින්වත් දැනගත නොහැකි විය. එහෙත් මේ පිළිබඳ ඉඟි පළවූ අතර ඒවා හරියට අවබෝධ කරගත්තා නම් රජයට එල්ල වන මේ දැවැන්ත ප‍්‍රහාරය දැනගන්නට ඉඩ ලැබෙනු නොඅනුමානය.


සන්ධාන රජයේ ඇමැතිධුර අතහරිමින් පාඨලි චම්පික රණවක මහතා ඉතා අගනා ඉඟියක් පළ කළේය.


සිරගතව සිටින සිංහබාහු පරපුරේ සිංහලයන්ට අපි කියන්නේ ‘‘ඔන්න දැන් ගල්ලෙන බින්දා” කියාය. සිංහබාහු නාඩගමේ ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහසීවලී ඇතුළු පිරිස පලා යෑමෙන් සිංහයා නගන විලාපය රණවක මහතා ද්වනිත කළේය.


  ශි‍්‍රලනිප මහ බලකණුවක් වූ එහි ජ්‍යෙෂ්ඨතම කැබිනට් ඇමැති එහි මහලේකම් මෛතී‍්‍රපාල මහතා විපක්ෂයේ පොදු අපේ්ක්ෂකයා ලෙස කරළියට එන්නේ ජනාධිපතිවරණ ප‍්‍රකාශයට ජනාධිපතිවරයා අත්සන් තැබූ දිනට පසු දිනය.

 

 

003

0020


මෙම සිද්ධිය රජයට බරපතල කම්පනයක් ඇති කළ බව ඊට පසුදින ශි‍්‍රලනිප මූලස්ථානයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී රජයේ ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශ වලින් හෙළිවිය.


ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කීවේ මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවය. නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා කීවේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ගේ අත පුච්චා නොගෙන බළලූන් ලවා කොස් ඇට බාවන බවය.


මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියන්නේ තව ඉදිරියට රජයෙන් මන්තී‍්‍රවරු ඇමැතිවරු තමන්ට එකතුවන බවය. රජයේ පාර්ශවයෙන් කියැවෙන්නේ වෙන යන්ට අය නොමැති බවය.


කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතාට ප‍්‍රධානම බරපතල අභියෝග දෙකකට මුහුණ දීමට සිදුවේ. ඉන් එකක් නම් ජනාධිපතිවරණය ජය ගැනීමය. අනිත් අභියෝගය වන්නේ තමන්ගේ පක්ෂය රැුකගැනීමය. මේ දෙකම ඔහු එකවර කළ යුතුය.  2005 සහ 2010 ජනාධිපතිවරණවලදී ඔහුට තිබුණේ ජනාධිපති තරගය ජයගැනීම පමණී. පක්ෂ අභ්‍යන්තරයේ මෙවැනි ප‍්‍රශ්න නොතිබුණි.


විපක්ෂයේ පොදු අපේ්ක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද ඇත්තේ මෙවැනිම අභියෝග දෙකකි. ඒ දෙකම මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දෙන අභියෝගවල ස්වරූපයකට වඩා බරපතලය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා සටන් කරන්නේ විධායක බලයක් සහිත ජනාධිපතිවරයෙක් සමගය. එය ලෙහෙසි පහසු නොවේ. ඔහුගේ පළමු අභියෝගය ජනාධිපතිවරණය ජයගැනීමය. දෙවැන්න එය ජය ගැනීමට නම් ජනතාවට තමන් දිනන බව ඒත්තු ගැන්විය යුතුය. එසේ ඒත්තු ගැන්විය හැක්කේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් තම පාර්ශ්වයට බිලිබා ගැනීමෙන්ය. මෙය හිතන තරම් ලෙහෙසි නැත.


මේ අනුව බලන විට මේ දෙදෙනාගෙන් කවරකු දිනුවත් එය ඓතිහාසිකය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් පබැඳි කවියක අවසන් පදය අපට සිහිපත් වන්නේ මේ ප‍්‍රතිඵලය අනුවය.


ඒ ”නුඹයි පුතා රටෙන් උතුම්” යන්නය. ඒතරමට ජනාධිපතිවරණය තියුණුය.

 

 

mr-rathnapala-gamage



අදහස් (0)

එදා - මෙදා පැනිලි - පෙරළි

ලියොන් ගුණවර්ධන Monday, 08 December 2014 10:01 PM

ලක්මවගේ දෙටු දරු දැරියන්ගේ මෙම පිනුම්ගැසිලි නිසා කුමක්වෙයිදැයි ලතවෙමින් සිටිනු හැර වෙන කුමක් කරන්නද? (නි)

:       0       0

අජන්ත Wednesday, 10 December 2014 05:40 PM

කියා යුත්තේ එකම දෙයයි "මහපොළොව මත ජීවත්වීමට මෙච්චර නාඩගම් නටන්නේ නොමැරෙන මිනිසුන් ලෙසටය.,හැමදෙයක්ම බල්ලොත් නොකන සල්ලි නිසා, මිනිසුන් ගේ බුද්ධිය පිරිහී ඇති බව අද වඩාත් පෙන්නුම් කරයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4821 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 647 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1224 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 110 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 194 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 258 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site