IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


එදා මැයි රැළි

25-pg-2d--taks--pgs 

ශ්‍රී ලංකාවේ ඒ ඒ දේශපාලන පක්‍ෂ විසින් මැයි දින පෙළපාලි පවත්වනු ලැබූ ආකාරය ගැනත්, ඒවායෙහි වූ විශේෂ අවස්ථාවන් පිළිබඳවත් ප‍්‍රවීණ මාධ්‍යවේදී එස්. පියසේන මහතා සිය මතකය අවදි කළේ මෙසේය.

 


මා මුලින්ම මැයි දිනයකට සහභාගී වූයේ ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියදී 1939

ලංකා මැයි දින ඉතිහාසයේ උත්කර්ෂවත්ම මැයි දින රැුලිය පැවැත්වුණේ 1956 දී ය. අපේ‍්‍රල් මාසයේ 15 වැනිදා බලයට  පත් බණ්ඩාරනායක රජය මැයි දිනය රජයේ හා වෙළෙඳ සේවයේ නිවාඩු දිනයක් වශයෙන් ප‍්‍රකාශයට  පත් කළේය. කොමියුනිස්ට් පාලනයක් නැති රටවල් අතුරින් මැයි දිනය නිවාඩු දිනයක් කළ රටවල් අතළොස්සට ලංකාවද අයත් විය.

වසරේදී ය. ලංකා සමසමාජ පක්‍ෂයේ මැයි දිනය එදා පවත්වන ලද්දේ ‘ප‍්‍රයිස් පාක්’ පිට්ටනියේදී ය. සමසමාජ පක්‍ෂය් සභාපති ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා මුලසුන දැරුවේය. එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සම සමාජ මන්ත‍්‍රීවරුන් වූ පිලිප් ගුණවර්ධන සහ ඇන්.ඇම්. පෙරේරා යන මහත්වරුන් ද ලෙස්ලි ගුණවර්ධන සහ තවත් සමසමාජ නායකයෝද එහි කථිකයන් අතර වූහ.


ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ කේරළයේ වාමාංශික නායකයෙකු වූ ඒ.කේ. ගෝපාලන් මහතාය. ඒ මහතා පසුකලෙක ඉන්දියාවේ වාමාංශික කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෙකු වී දීර්ඝ කාලයක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයක්ද හොබවා කලක් එරට විපක්‍ෂ නායක පදවියද දැරුවේය.


රැුස්වීම අමතා කථා කළ එකම කාන්තාවකි. ඇගේ නම මල්ලිකා කුලසේකරය. ඇය බොරළුගොඩ ගුණවර්ධන පවුලේ සාමාජිකාවකි. අයි.ඇම්. ඊබ‍්‍රහිම් මහතා එකම දෙමළ කථිකයා වීය. රැුස්වීමේ සියලූම සටන්පාඨ අධිරාජ්‍ය විරෝධී මත ප‍්‍රකාශ ලෙස පෙනෙන්නට තිබුණි.


1940 දී මා මැයි දින පෙළපාලියට සහභාගී වූයේ කල්කටාවේදීය. ඒ දැවැන්ත පෙළපාළිය සහ රැුලිය අධිරාජ්‍ය විරෝධී පමණක් නොව යුද විරෝධී සටන් පාඨවලින්ද ප‍්‍රභාවත් වූවකි. ඒ රැුලිය පැවැත්වෙන විට දෙවැනි ලෝක මහා යුද්ධය ඇරැුඹී ගතව තිබුණේ මාස හයක් පමණි.


1940 පටන් 1942 දක්වා මැයි දින රැුලි සහ පෙළපාලි යටත් විජිතයන්හී තහනම් කරන ලදී.


කෙසේ වුවද 1941 ජූනි මාසයේදී සෝවියට් දේශය මිත‍්‍SLD_20150426_B002ර පාක්‍ෂික රටක් වශයෙන් වෙනස් වීය. ලොව පුරා කොමියුනිස්්ට් පක්‍ෂ ෆැසිස්ට්වාදයට විරුද්ධව කෙරෙන යුද්ධයට සහාය දීමට තීන්දු කිරීමත් සමඟ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ දැඩි කොමියුනිස්ට් විරෝධය තුනී වී ගියේය. ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂයට පනවා තිබූ තහනම 1942දී ඉවත් කරන ලදී. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය අවුරුදු තිහකට පසු අතිවිශාල මැයි දින රැුලියක් බොම්බායේදී පවත්වන ලදී. එතෙක් රහසිගත කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියාකළ ලංකාවේ කොමියුනිස්ට් වාදීහූ ද ප‍්‍රසිද්ධියේම කොමියුනිස්ට් පක්‍ෂය පිිහිටුවා ගත්හ. එතැන් පටන් 1946 සමසමාජ නායකයන් බන්ධනාගාරයෙන් නිදහස් වී එනතුරු සාර්ථකව මැයි දින රැුලි පවත්වන ලද්දේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙනි.


සමසමාජ පක්‍ෂ නායකයන් නිදහස ලබා පැමිණි පසු මැයි දිනයේ ආකර්ෂණයද සමසමාජ පක්‍ෂය වෙත ඇදී ගියේ ය.


1947 මැයි දිනය සුවිශේෂී විය. කම්කරු ව්‍යාපාරය බලවත් වී තිබුණි. විවිධ පක්‍ෂවලින් මැයි දින රැුලි පැවැත්විණි. වෘත්තීය සමිතිද ස්වාධීනව මැයි රැුලි සංවිධානය කළේය. ඒ අතර විශේෂ වූයේ රජයේ ලිපිකරු සේවා සංගමය සහ වෙළෙඳ සේවක සංගමය සංවිධානය කළ මැයි දින රැුලි කිහිපයයි. නිදහසෙන් හා පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය ඇරඹීමත් සමඟ මැයි දින රැුලි වඩා ප‍්‍රාණවත් වූයේ වාමාංශික දේශපාලන පක්‍ෂවලට සැලකිය යුතු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලැබී තිබීම නිසාය.


අවාසනාවකට මෙන් එක්සත් මැයි දින රැුලි පැවැත්වුණේ නැත.


ලංකා මැයි දින ඉතිහාසයේ උත්කර්ෂවත්ම මැයි දින රැුලිය පැවැත්වුණේ 1956 දී ය. අපේ‍්‍රල් මාසයේ 15 වැනිදා බලයට  පත් බණ්ඩාරනායක රජය මැයි දිනය රජයේ හා වෙළෙඳ සේවයේ නිවාඩු දිනයක් වශයෙන් ප‍්‍රකාශයට  පත් කළේය. කොමියුනිස්ට් පාලනයක් නැති රටවල් අතුරින් මැයි දිනය නිවාඩු දිනයක් කළ රටවල් අතළොස්සට ලංකාවද අයත් විය. අදත් ඉන්දියාවේ මැයි දිනය මධ්‍යම රජයේ නිවාඩු දිනයක් නොවේ. එහෙත් ඇතැම් ප‍්‍රාන්තවල මැයි දිනය නිවාඩු දිනයකි. කේරල, බටහිර බෙංගාල හා ආන්ද්‍ර යන ප‍්‍රාන්ත ඒ අතරින් මුල් තැන ගනියි.


1956 මැයි පළවැනිදා විශාල මැයි දින රැුලිය පැවැත්වුණේ ගෝල්ෆේස් පිටියේදීය. එය සංවිධානය කරනු ලැබුවේ ලංකා සමසමාජ පක්‍ෂය විසිනි. 1956 බණ්ඩාරනායක රජය බලයට ගෙන ඒමට වාමාංශික පක්‍ෂ කැපවීමෙන් ක‍්‍රියාකළ බව නොරහසකි. එහෙත් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ වාමාංශික පක්‍ෂ අතර තිබුණේ පරස්පර ප‍්‍රතිපත්තීන් ය. ශ්‍රී ලනිපය, එජාපයේ භාෂා ප‍්‍රතිපත්තිය සමඟ එකඟ වෙමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි ප‍්‍රකාශ කර තිබුණි. සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ අනුගමනය කළේ සිංහල හා දෙමළ භාෂාවලට රාජ්‍ය භාෂා වශයෙන්  සමතැන් ලැබිය යුතු බවය.


දෛවයේ පුදුම සරදමකින් මෙන් 1956 මැයි පෙලපාලියේදී ප‍්‍රධාන සටන් පාඨ පැනනැංගේ බණ්ඩාරනායක රජයට විරුද්ධවය.
‘බණ්ඩා එරිලා - භාෂා මඬේ’ සහ ‘භාෂා දෙකක් එකම රටක්- එකම බසක් රටවල් දෙකක්’ වැනි සටන් පාඨ පෙළපාලියේ ගිගුම් දුනි.
1970 දශකය වන විට සෑම දේශපාලන පක්‍ෂයක්ම පාහේ මැයි දින පෙළපාළි සහ රැුළි පැවැත්වීය. එජාපය වෘත්තීය සමිති ව්‍යාපාරයට එළැඹුණේ ඒ යුගයේදී ය. එම වෘත්තීය සමිති ව්‍යාපාරය සෑම වසරකම මැයි දින රැුලියක් පවත්වන්නට පටන් ගත්තේය.


1971 වන විට රටේ දේශපාලන වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වීය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ල සහ ඉන් පසු ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතිහාසයට එක්වී හමාරය.


1977 බලයට පත් එජාප රජය ඊට පෙර රජය මගින් බන්ධනාගාර දඬුවම් පනවා තිබූ ජවිපෙ තහනම ඉවත් කොට බන්ධනාගාරගත ජේ.වී.පී. නායකයන්ට නිදහස ලබා දුන්නේය. එතැන් පටන් ජාතික දේශපාලන ප‍්‍රවාහයට පිවිසි ජවිපෙ මැයි දිනයේදී ද කැපී පෙනෙන අන්දමින් කරළියට ආවේය. ඔවුන් දැවැන්ත මැයි දින රැුලි පැවැත්වීය.


1977න් පසු එජාපයේ මැයි දින රැුලිද රාජ්‍ය අනුග‍්‍රහයත් සමඟ අති උත්කර්ෂවත් විය. අවසානයේදී 1993 මැයි දිනය ඉතිහාසයේ ශෝකජනක දිනයක් බවට පත්වූයේ රටේ ජනාධිපතිවරයා මැයි දිනයේදී ඝාතනයට ලක් වීමෙනි.


ලිපිය අවසන් කිරීමට මත්තෙන් විනෝදජනක සටන්පාඨ දෙක තුනක් සඳහන් කිරීම වටී.


1977 වන විට එදා පැවති රජයේ දැඩි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මිරිස්, සීනි වැනි බොහෝ දේ ලබා ගැනීම දුෂ්කර විය. 1977 එජාප මැයි රැුලියේ සටන් පාඨයක් වූයේ මෙයයි.


‘මිරිස් නැතුව හොදි කන්නම්
සීනි නැතුව තේ බොන්නම්
අගමැතිනිය කියනවා නම්
පිදුරු වුණත් අපි කන්නම්’

 


1980 දශකය වන විට පේ‍්‍රමදාස යුවළ සහ තවත් ඔවුන්ට සම්බන්ධ පිරිස් ගැන බෙහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණි. 1980 දශකයේ පැවති මැයි රැුලියක දී සමසමාජ පක්‍ෂයේ මැයි දින රැලියක සටන් පාඨයක් වූයේ පේ‍්‍රමදාස අගමැතිවරයා ඔවුන්ට සම්බන්ධ පිරිස් සමච්චලයට ලක් කිරීමයි.
රෝසි සේනානායක මැතිණිය රූපවාහිනී දැන්වීම්වල පෙනී සිටියාය. ඉන් එක දැන්වීමක් වූයේ ‘පැනඩෝල්’ දැන්වීමය. සමසමාජ මැයි දින පෙළපාළියේ සටන් පාඨයක් වූයේ, ‘හේමට නෙට්බෝල්, පේ‍්‍රමෙට ෆුට් බෝල්, රෝසිට පැනඩෝල්, අපට පොලිඩෝල්’ යන්නය.

m



අදහස් (0)

එදා මැයි රැළි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 170 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 127 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 61 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 144 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 76 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 621 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 612 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 315 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site