එකල වාකරේ යනු කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ මුහුදු කොටි බළකායේ මූලස්ථානය පිහිටා තිබූ ස්ථානය වේ. එහෙත් නැගෙනහිර මුදා ගැනීමත් සමග ඒ මුහුදු කොටි බළකායේ මූලස්ථානය ද සුනුවිසුනු වී ගියේය. අද මුහුදු කොටි එහි නොමැත. ඒ වෙනුවට මුහුදු වැදි ජනයා කරළියට එමින් සිටිති.
පොන්නම්බලම් සෙල්වරාජා අම්පාරේ සිට මඩකළපුවේ මාර්කර්නි ගම්මානයට පැමිණෙන්නේ 1971 වසරේදීය. ඒ දුම්රිය මාර්ගය තැනීමේ කටයුතුවලට අත්උදව් දීමටය. උදය වරුවේ සිට ගිනි මද්දහනේ වැඩකර වෙහෙසෙන සෙල්වරාජාගේ සිතට සැනසීමක් ගෙනාවේ එක්තරා කොමළියකි. වැඩිදුර සොයා බැලීමකින් තොරව සෙල්වරාජා ඇය සමග මිතුරු වූවාය.
”ඊට පස්සේ තමයි මම දැන ගත්තේ එයා මුහුදු වැදි කුලයේ කියලා. ඒත් මම ඇයව අත්හැරියේ නෑ. ඇයත් සමග විවාහ වුණා. දැන් අපට මුණුබුරු මිනිබිරියන් පවා ඉන්නවා.”
මුහුදු වැදි ජනයා යනු එක් ආදිවාසී ජනතාවකි. ඔවුන්ගේ ජනාවාස ඉදිවූයේ මුහුදුබඩ කලාපයේ වන හෙයින් ඔවුන් මුහුදු වැද්දන් ලෙස හැඳින්වේ. ඒ මුහුදු වැදි කුලයට අයත් තරුණියක හා දීග ගිය සෙල්වරාජා අද ඒ පරපුරටම අයත් වූවෙකි.
”ඒ ගැන දුකක් නෑ. මට දුක යුද්දෙන් පස්සේ තවම මේ පළාත්වල ඉන්න අයට හරිහමන් පහසුකම් නොලැබීම ගැනයි.” සෙල්වරාජා කියයි.
ඒ මුහුදු වැදි පරපුරේ අද නායකයා නල්ලතම්බි වේලායුදන්ය. පනස් හැවිරිදි ඔහු අප ඉදිරිපිට පෙනී සිටියේ සාම්ප‍්‍රදායික වැදි චාරිත‍්‍රයට අනුව පොරෝ කෙටියක් ද කරේ එල්ලාගෙනය.
”අපේ අය 5000 ක් විතර ඉන්නවා” ඔහු කීවේය.
”ඒ කාලෙම අපේ පරපුර දෙකට කැඩිලා කට්ටියක් මහියංගනය පැත්තට ගියා. අපි මේ පැත්තට ආවා. මහියංගනය පැත්තට ගිය අය සිංහල භාෂාවයි වැදි භාෂාවයි මිශ‍්‍ර කරලා කතා කරනවා. අපි දෙමළ භාෂාවයි වැදි භාෂාවයි මිශ‍්‍ර කරලා කතා කරනවා.” මුහුද ආදිවාසී නායක නල්ලතම්බි වේලායුදන් කීවේය.
යුද්ධයේ බලපෑමෙන් ඒ මුහුදු ආදිවාසී පරපුරට ද යුද්ධයෙන් ආරක්ෂා වී සිටීමට නොහැකි විය.
”අපේ ළමයිනුත් කොටි සංවිධානයට අරගෙන ගියා. සමහර අය කැමැත්තෙන් ගියා. තවත් සමහර අය බලහත්කාරයෙන් අරගෙන ගියා. ඒ කවුරුවත් ආපහු රැහේට ආවේ නෑ. මං හිතන්නේ ඒ ඔක්කොම යුද්දෙදී මැරෙන්න ඇති.”
කිසියම් ළතැවිල්ලක් ඔහුගේ හඬෙහි දක්නට ලැබේ. මේ එයට පසු ඔහු කී කතාවය.
”අපි මුහුදු ආදිවාසී ජනතාවනේ. අපි ජීවත්වෙන්නේ අපේ ක‍්‍රමයකට. කොටි සංවිධානය ඒක තේරුම් ගන්න ඕනෑනේ. එහෙම තේරුම් ගත්තා නම් අපේ රැහේ එවුන් බලහත්කාරයෙන් අරගෙන යන්නේ නෑනේ. කොටි සංවිධානයට ඒ පිළිබඳව කිසිම අවබෝධයක් තිබුණේ නෑ කියලා පේනවා. ඒ අය බලය ඇල්ලූවා නම්...” ඔහු ඉතිරිය නොකීවේය. අපට හිතන්නට ඉඩ දුන්නේය.
නල්ලතම්බි වේලායුදන් තවමත් දඩයමේ යයි. ඒ තම සනුහරේ ගැටවරයන් පිරිවරාගෙන දඩයම් බල්ලන් සමගිනි.
”අපිට ලොකු ආයුධ නෑ. දඩයම් බල්ලෝ දහයක් පහළොවක් විතර ඉන්නවා. උන් එක්ක කැලේට ගිහින් දඩයම් බල්ලන් හරහා සතාව කොටු කර ගන්නවා. අපිට සතාව මරන්න තරම් දෙයක් ඉතිරි වෙන්නෙත් නෑ. බල්ලෝ ටික ඒ ඔක්කොම කරනවා.” ඔහු කීවේය.
අප සිතුවේ එබඳු දඩයම් බල්ලන් කිසියම් විශේෂිත ආකාරයකට හදන වඩන බවය. එමෙන්ම අන්‍යයන්ට ඒ බල්ලන්ගෙන් සිදුවිය හැකි අනතුරු අවම වන ආකාරයට ආරක්ෂිතව කොටුකර තබා ඇති බවය. ඔවුන් දැකීමේ හදිසි ආශාවක් අපට ඇති විය.
”ඒ බල්ලන් ඉන්නේ කොහේද?” අපි විමසුවෙමු.
”ඔය ඉන්නේ...” අප අවටම ගැවසෙමින්, දෙපා ළඟම වැතිරෙමින් සිටි බල්ලන් හතර පස් දෙනෙක් පෙන්වමින් මුහුදු වැදි නායකයා
පොන්නම්බලම් සෙල්වරාජා |
කීවේය.
බිය නොවුණා යැයි කීවොත් එය බොරුවකි.
”එහෙම බය වෙන්න අවශ්‍ය නෑ. අපේ විධානයට අනුව තමයි දඩයම් බල්ලෝ ක‍්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් යස අපූරුවට ඉන්නවා...” ඔහු අපේ බිය පහ කළේය.
”අපි මහ කැලේ කිලෝමීටර් 10 ක් 20 ක් විතර යනවා. දවසක් දෙකක් ඒ වෙනුවෙන් ගත කරනවා. දඩයම් ඇති වුණාම ආපහු හැරෙනවා...”
”මගේ පුතාවත් කොටි අල්ලාගෙන ගියා....” ඔහු අලූත් කතාවකට මුල පිරුවේය. නින්දා සහගත යුද්ධය ඒ ආදිවාසී ජනයාගේ ජීවිතවලට එල්ල කළ බලපෑම පහසුවෙන් අමතක කළ නොහැකි සෙයකි.
”මගේ පුතාව අල්ලාගෙන ගියත් දවසකට විතර පස්සේ පුතා පැනලා ආවා. කොටි කෑම්ප් එකෙන් පැනලා ආවත් ඉන්න වෙන්නේ ගෙදරනේ. අනිවාර්යයෙන්ම කොටි එන බව මම දැනගත්තා. මම පුතාව හැංගුවා. කොටි ආවොත් පුතා නැත්නම් මාව හරි අල්ලාගෙන යන බව මම දන්නවා. ඒ හින්දා හවස තුනට විතර මමත් ගෙදරින් ගියා. හවස හතර වෙනකොට කොටි ඇවිත්. මම බේරුණේ නූලෙන්...” මුහුදු ආදිවාසී නායකයාට කීමට තිබුණේ එබඳු කතාවකි.
”නූලෙන් දිවි බේරා ගැනීමට හැකිවීම ගැන අද මොකද හිතෙන්නේ?” අනවශ්‍ය වුවත් ඒ ප‍්‍රශ්නය ද මම යොමු කළෙමි.
”මම නම් ආයෙමත් ඒ වගේ යුගයක් දකින්න ලැබෙන්න එපා කියලයි ප‍්‍රාර්ථනා කරන්නේ. අපි 2007 දී එතකොට යුද්දෙ ලොකුවට යනවා. අපිට මෙහේ කොහේවත් ඉන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අපි ගම දාලා ගියා. ඒ කාලේ අපි කැලේ යනකොට එක තැනකදී කොටි හමුවෙනවා. තවත් තැනකදී හමුදාවේ අය හමුවෙනවා. අපිට ඉන්න කාගෙන්වත් ඒවගේ වෙලාවකදී නම් කරදර වුනේ නෑ. ඒත් අපිට අපේ ජීවිතය ඕනෑනේ. ඒ කාලේ එහෙම ජීවිතයක් තිබුණේ නෑ. දැන් තමයි වරිගෙ අයත් ඒකරාශි කරගෙන මේ ජීවත්වෙන්න හදන්නේ.” ඔහු කීවේය.
කොටි සංවිධානය ප‍්‍රභාකරන් හා කරුණා වශයෙන් කැඞී ගිය මොහොතේ බලවත්ම දුෂ්කරතාවයකට මුහුණ දුන්නේ මුහුදු වැදි නායකයාය. මේ කාලය වන විට මුහුදු වැදි ජනයා දඩයමේ යෑමට අමතරව ගොවිතැන් කළහ. මී කැඩූහ. කුලී වැඩ ද කළහ. වෙනත් ව්‍යාපාර ද කළහ. මුහුදු වැදි නායකයාට ඒ කාලයේ කඩයක් තිබිණි. වාකරේට තිබූ ලොකුම කඩය ද එය විය. එයට අමතරව ඔහුට කුකුළු ගොවිපොළක් ද විය.
වාකරේ මිනිස්සු |
”ඒකේ කුකුල්ලූ 500 ක් විතර සිටියා” ඔහු කීවේය.
කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් කැඞී ගිය විට වාකරේ ගම්මානය කරුණාට නතු විය. ප‍්‍රභාකරන්ගේ කණ්ඩායම තැන තැන දමා ගිය අවි ආයුධ සියල්ල ඒකරාශී කළ කරුණාගේ ගෝලයෝ ඒවායින් තොගයක් මුහුදු වැදි නායකයාගේ කුකුළු ගොවිපොලෙහි සඟවා තැබූහ.
කාලය ගෙවී ගියේය. උතුරේ සිටි පොට්ටු අම්මාන් නැගෙනහිර මෙහෙයවීමට ආවේය. පොට්ටු අම්මාන් හා කරුණා අතර දරුණු සටන් ඇවිලී ගියේ ද වාකරේය. කරුණාගේ සොහොයුරු රෙජි ඇතුළු ඉදිරි පෙළ නායකයන් විශාල පිරිසකට මරු කැඳවූ මහ සටන ඇවිලී ගියේ ද වාකරේය. ඒ ප‍්‍රහාරයෙන් කරුණාගේ කණ්ඩායම දුර්වල වී පොට්ටු අම්මාන්ගේ කණ්ඩායම ශක්තිමත් විය. කරුණාගේ කණ්ඩායම වාකරෙන් පමණක් නොව නැගෙනහිරෙන් ද අතුරුදන් විය.
”කරුණාගේ කණ්ඩායම එහෙම දුර්වල වුණාම කරුණාගේ කණ්ඩායමේ හිටපු සමහර අය ආපහු කොටි සංවිධානයට ගියා. එහෙම ගිය කොටි සාමාජිකයෙක් පොට්ටු අම්මාන්ගේ කණ්ඩායමත් එක්ක ඇවිත් මගේ ගොවිපළේ හංගලා තිබුණු ආයුධ ටික එළියට ගත්තා. අර කොටි සාමාජිකයා කියනවා එක තුවක්කුවක් අඩුයි ලූ. ඒක මගෙන් ඉල්ලනවා. මම කිව්වා මම අතවත් තිබ්බේ නෑ කියලා. ඒත් මේ අය පිළිගන්නෙම නෑ. මම නෑම කිව්වා. කොහොම වුණත් සෑහෙන කාලයක් ඔය රණ්ඩුව තිබුණා. මම පුදුම කරදරේක තමයි වැටුණේ. නැගෙනහිර මුදා ගැනීමේ යුද්ධය පටන් ගත්තාට පස්සේ තමයි ඒ කරදරය ඉවර වුණේ...” නල්ලතම්බි වේලායුදන් නැමැති මුහුදු වැදි නායකයා කීවේය.
යුද්ධය නිමා වී තිබේ. වාකරේ යනු කොළඹට බොහෝ ඈතින් පිහිටි ප‍්‍රදේශයක් බවද සැබෑය. එහෙත් නැගෙනහිර ද ඇතුළුව වාකරේ යනු අපේ රටේම කොටසකි. සංවර්ධනයේ ප‍්‍රතිලාභ වෙනසකින් තොරව ඒ පළාතට ද ගලා යා යුතුය.
”මෙහෙ හුඟදෙනෙකුට රස්සා නෑ. ගැහැණු මිනිස්සු හුඟාක් වෙලාවට වැඩක් නැතිව ඔහේ ඉන්නවා. ඉතින් එහෙම ඉන්න අය මොකක් හරි දෙයකට පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඒ නිසා මේ පළාතට මොනවාහරි කම්හල් ටිකක් ගෙනත් දානවා නම් ආපහු කවදාවත් යුද්ධයක් ඇතිවෙන එකක් නෑ..” මුහුදු ආදිවාසී නායක නල්ලතම්බි වේලායුධන් කී අවසන් වැකිය මෙම සටහනේ අවසන් වැකිය වුවද එය අලූත් සිතීමකට හොඳ ආරම්භයක් විය හැකි යැයි අපි විශ්වාස කරමු.
මුහුදු වැදි නායකයා |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එදා යුද්ධයෙන් වැනසුණු වාකරේ අද
ජෝයි Monday, 20 May 2013 10:14 AM
මෙහෙම නිකන් වැඩක් නැතිව ඔහේ ඉන්න තරුණ අය බෝට්ටුවල එල්ලිලා සුද්දන්ගේ රටවලට ගිහාම කොළඹ ඉන්න මෙලෝ හසරක් නොදන්නා අය තප්පුලනවා අන්න කොටි,ද්‍රෝහියෝ පැනලා ගිහින් කේලම් කියනවා කියලා.ඒක ඉතින් අහන්නත් දෙයක්ද.කවුද කැමති ඔහේ වැඩක් නැතිව ඉන්න. (නි)