IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එල්ටීටීඊයට නැවත පණ දෙන්නට හැදු තුන්වැනි ඩයස්පෝරාව

 


 

‘‘මෂායි නින්ඩ‍්‍රාලූම් තූරල් නිට්කවිල්ලායි’’ යනු ප‍්‍රකට දෙමළ කියමනකි. එහි අරුත ‘‘වර්ෂාව තුරල් වූවද සිරිපොද නැවතී නොමැත.’’ යන්නයි. පසුගිය කාලයේ උතුරේ වනාන්තරගතව ජීවත්වෙමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ප‍්‍රතිශ්ඨාපනය කරන්නට ඇතැම් පිරිස් දරන ලද ප‍්‍රයත්නය ආරක්‍ෂක අංශ මහත් පරිශ‍්‍රමයකින් ව්‍යර්ථ කරනු ලැබීය. පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය, ශ්‍රී ලංකා යුදහමුදාව සහ බුද්ධිඅංශ ඒකාබද්ධව කළ එම මෙහෙයුම මගින් ගෝබි, අප්පන් සහ තෙයිවීගන් නමැති කොටි සාමාජිකයන් ඝාතනය කළ අතර එල්.ටී.ටී.ඊය බිම්මට්ටමින්ම විනාශ කර දමන්නට කටයුතු කළහ.
ගෙවුණු මාර්තු 6 දින සිට අපේ‍්‍රල් 11 දක්වා යළිත් එල්.ටී.ටී.ඊ සංවිධානයට පණ දෙන්නට උත්සාහ කළ පුද්ගලයන් 65 දෙනකු ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ගෝබි, අප්පන් සහ තෙයිවීගන් මරා දමන්නට පෙර මේ පිරිසෙන් 5 දෙනකු ඇපමත නිදහස් කර තිබූ අතර ඉතිරි 60 දෙනාගෙන් 19 දෙනෙකු පසුව වරින්වර නිදහස් කර යැවිණි. පසුගිය දින කිහිපය ඇතුළත තවත් පුද්ගලයන් පිරිසක් ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනිනි. මේ වන විට 45 දෙනෙක් බූස්ස රැුදවුම් කඳවුරේ රඳවා සිටිති. මේ පිරිසෙන් සත්දෙනෙකු කාන්තාවන්ය. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ නියෝජිතයන්ට මේ පිරිස හමුවන්නට ආරක්‍ෂක අංශ අවස්ථාව සලසා දී තිබිණි.

අත්අඩංගුවේ පසුවන කාන්තාවන් අතර ගෝබිගේ බිරිය වන ෂර්මිලාද වන්නීය. 2014 ජනවාරි 30 දී සත්මස් ගැබිණියක ලෙස සිටි ෂර්මිලා දරුවකු ප‍්‍රසූත කර තිබූ අතර එය මළ දරු උපතක් විය. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කුමක් ප‍්‍රකාශ කළද ෂර්මිලා අත්අඩංගුවට පත්වූයේ මෙම දරු උපතින් සති කිහිපයකට පසුවය. 

පත්මාවතී මහලිංගම් 64 හැවිරිදි වැන්දඹුවකි. කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පූනගරි ප‍්‍රදේශයේ චෙට්ටියාර්කුරිච්චි ග‍්‍රාමයේ වාසය කළ ඇය අත්අඩංගුවට ගැනුණේ ගෝබි, අප්පන් සහ තෙයිවීගන්ගේ මරණයෙන් පසුවය. ආරක්‍ෂක අංශ සඳහන් කරන ආකාරයට මේ කාන්තාව තෙයිවීගන්ගේ මව ලෙස පෙනී සිටියාය. එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනංවන්නට මූලික වූ තිදෙනාගෙන් එක් අයෙකු වූ සුන්දරලිංගම් කජදීපන් හෙවත් තෙයිවීගන් තමාට සැඟවි සිටීමට සඳහා පසුගිය වසරේ වවුනියාවේ කුමාන්කුලම් ප‍්‍රදේශයෙන් ලක්‍ෂ 12.5කට නිවසක් මිලදී ගෙන තිබිණි. පත්මාවතී මහාලිංගම් ද 25 හැවිරිදි තරුණ කාන්තාවක වූ ෂෂිකලාද තෙයිවීගන් සමඟ එම නිවසේ වාසය කළහ.

පත්මාවතී තෙයිවීගන්ගේ මව ලෙසත්, ෂෂිකලා සොහොයුරිය ලෙසත් පෙනී සිටියහ. ෂෂිකලාගේ සැබෑනම වත්සලා සහදේවන්ය. 1988 ඔක්තෝබර් 23 දි මඩකළපුවේ වන්දාරුමුලායි ප‍්‍රදේශයේ උපත ලද ඇය එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකව සිටි බවට සැකකෙරේ. 2013 නොවැම්බරයේ ෂෂිකලා කටුනායක ගුවන් තොටුපළින් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබිණි. 

පත්මාවතී මහලිංගම්ගේ සැමියා 1998 දී මිය ගියේය. ඇයට පුතුන් තිදෙනකු වූ අතර එක් පුත‍්‍රයකු වූ තිලීපන් යුදසමයේ අතුරුදහන් වූ අතර ඔහු මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවත් පුත‍්‍රයකු වන සෙල්වරාජ් ඩෙන්මාර්කයේ වාසය කරන අතර ඔහුට එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත. පත්මාවතීට තෙයිවීගන්ගේ මව ලෙස රඟපාන්නට සිදුවූයේ ස්විට්සර්ලන්තයේ වාසය කරන ඇයගේ අනෙක් පුත‍්‍රයාගේ ඉල්ලීම හේතුවෙනි. ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වු අයින්ගරන්ය. ඊගනේවන් යන අන්වර්ථ නමින් හැඳින්වුණු ඔහු මුහුදු කොටි බළකායේ සාමාජිකයකු විය. නාගර්කෝවිල් ප‍්‍රදේශයේ පැවති සටනකදී තුවාල ලැබූ ඔහු ස්විට්සර්ලන්තයට පලා ගියේය. 

 

අයින්ගරන්

පසු කළෙක අයින්ගරන් ප‍්‍රංශයේ ප‍්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලෙස කටයුතු කළේය. එහි සිට තමාට දුරකතන ඇමතුමක් ලබා දී තේවන් හෙවත් තෙයිවීගන් නම් තම මිතුරාට උපකාර කරන ලෙස තම පුත‍්‍රයා තමාගෙන් ඉල්ලා සිටි බව පත්මාවතී ආරක්‍ෂක අංශ හමුවට අනාවරණය කොට තිබිණි. තම පුත‍්‍රයාගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂ්ප කළ නොහැකි වූ බවත් පුත‍්‍රයාගේ මිතුරාට උපකාර කළා විනා ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත පණ පොවන්නට උත්සාහ කරන පුද්ගලයකු බැව් තමන් නොදැන සිටි බවත් ඇය වැඩි දුරටත් අනාවරණය කොට තිබිණි.

තෙයිවීගන් පදිංචිව සිටි තුවාක්කුලම්හි පිහිටි නිවසට වවුනියාව නගරයේ සිට මෝටර් රථයකින් මිනිත්තු 15 පමණ ළඟාවිය හැකිය. දින ගණන් නිවසින් බැහැරව සිටි තෙයිවීගන් නැගෙනහිර ප‍්‍රදේශයේ සංචාරය කරන විට වත්සලා හෙවත් ෂෂිකලාද රැුගෙන යන්නට අමතක නොකළේය. තෙයිවීගන් සතුව හයිඒස් වර්ගයේ වෑන් රථයක් විය. ඔහු මරා දැමුණු පසුව මෙම වෑන් රථය තිරුනෙල්වේලි ප‍්‍රදේශයේ ගරාජයක තිබී ආරක්‍ෂක අංශ විසින් සොයා ගැණිනි.

තෙයිවීගන් තමා පදිංචිව සිටි කූමාන්කුලම් නිවස කිසිදු එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකමක් සඳහා භාවිතා නොකළේය. තම කටයුතු සඳහා ඔහු යොදා ගත්තේ වවුනියා බස් නැවතුම්පළේ තිබූ ව්‍යාපාරික ස්ථානයකි. ‘‘ටාටා ස්පෝර්ට්ස් කෝනර්’’ නම් වූ එය ක‍්‍රීඩා භාණ්ඩ සහ උපකරණ අලෙවිහලක් විය. ඊට අමතරව දුරකතන කාඞ්පත් අලෙවිය, ඡුායාපිටපත් ගැනීම සහ අන්තර්ජාල සේවා සැපයීමද එහි සිදු කෙරිණි. තෙයිවීගන් නිතිපතා මෙම ස්ථානයට ආගිය අතර දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හා සංනිවේදනයේ යෙදුණේය. මෙම ස්ථානය ඔහු හමුවීමේ මධ්‍යස්ථානයක් ලෙසද භාවිත කළේය.

ටාටා ස්පෝර්ට්ස් කෝනර්හි හිමිකරු වුයේ යාපනය ප‍්‍රදේශයේ ගුරුවරයකු වූ අමිර්තලිංගම් තිලීපන්ය. 2005 වවුනියාවේ පදිංචියට පැමිණි ඔහු ගුරුවරයකු ලෙස කටයුතු කළේය. තිිලීපන් ක‍්‍රීඩා භාණ්ඩ අලෙවිසලක් ආරම්භ කළේ අතිරේක ආදායම් මාර්ගයක් සලසා ගැනීමේ අරමුණිනි.
තෙයිවීගන් තම ව්‍යාපාරික ස්ථානය එල්.ටී.ටී.ඊයේ කාර්යයන් සඳහා යොදාගෙන ඇති බව තිලීපන්ට පසුව පැහැදිලි වූයේය. අත්අඩංගුවට පත්වන්නට පෙර 2014 අපේ‍්‍රල් 5 වැනි දින අංක එන් 0919916 දරණ ගමන් බලපත‍්‍රයෙන් ඔහු ඉන්දියාවට පලා ගියේය. මේ වනවිට ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ආරක්‍ෂක අංශ මඟින් මුද්‍රා තබා ඇත.

එල්.ටී.ටී.ඊ.යට නැවත පණ දෙන්නට උත්සුක වූයේ ගෝබි හෝ අප්පන් නොව තෙයිවීගන් බැව් ආරක්‍ෂක අංශවලට සනාථ වී ඇත. තෙයිවීගන්ගේ සොහොයුරා වාසය කරනුයේ බි‍්‍රතාන්‍යයේය. තෙයිවීගන් කලක් ඔහු හා ජීවත් විය. එහිදී ඉතා සුඛෝපභෝගී දිවියක් ගෙවීමට හැකියාව තිබුණද ඔහු තෝරාගත්තේ ශ්‍රී ලංකාවට නැවත පැමිණ මිය ගිය එල්.ටී.ටී.ඊ යට පණ දීමය.

2009දී තෙයිවීගන් ප‍්‍රභාකරන්ගේ අනුදැනුම මත විශේෂ කාර්යභාරයක් සඳහා නෙදුන්කර්නි වනාන්තරයට යවනු ලැබීය. එම ගමනේ අරමුණවූයේ එම වනාන්තරය තුළ රහසිගත කඳවුරක් ස්ථාපිත කිරීමය. ප‍්‍රභාකරන්ගේ අරමුණ වූයේ කිිසියම් අවස්ථාවක අවශ්‍ය වුවහොත් මෙම රහසිගත කඳවුරේ සිට නැගෙනහිරට ගොස්  එතැනින් ගුවන් මඟින් විදේශයකට පලා යාමය. තෙයිවීගන් ප‍්‍රභාකරන්ගේ විශ්වාසවන්ත හිතෛෂියකු වූ අතර පුහුණු ගුවන් නියමුවකු ද වූයේය. එහෙයින් තමන්ට අවශ්‍ය අවස්ථාවක රටින් පලා යාම සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ප‍්‍රභාකරන් තෙයිවීගන් පිළිබඳව විශ්වාසය තැබීය.

එහෙත් එම කාර්යය පහසු එකක් නොවන බැව් ප‍්‍රභාකරන් හට පසුව වැටහිණි. එම ප‍්‍රදේශයේ ඔහුට ආරක්‍ෂාව පිළිබඳ ගැටලූ පැන නැඟිනි. එහෙයින් ඔහු තෝරාගත්තේ මුහුදින් ඈතක පිහිටි වන්නි ප‍්‍රදේශයයි. එම ප‍්‍රදේශය වැඩි ආරක්‍ෂා සහිත ස්ථානයක් යැයි ඔහු සිතීය. එහෙත් ප‍්‍රභාකරන්ට සහ බොහෝ එල්.ටී.ටී.ඊ නායකයන්ට මරු කැඳවූයේ ආරක්‍ෂිත යැයි ඔහු සැලකූ වන්නි ප‍්‍රදේශයයි.

නම නායකයා පැමිණෙන තෙක් තෙයිවීගන් නෙදුන්කර්නි වනාන්තරයේ ගත කළේය. මේ කාලය තුළ එම වන අඩවිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගන්නට ඔහු සමත්විය. වසර පහකට පසුව ඔහු ගෝබි හා අප්පන් සමඟ මෙම වනාන්තරයට පැමිණියේ එහි සෑම බිම් අඟලක් පිළිබඳවම මනාව දැන සිටි බැවිනි. එම වනාන්තරය ඔහුගේද අවාසනය ළඟා කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැංවීම සඳහා තෙයිවීගන්ට යුරෝපයේ ජීවත්වන කොටි ක‍්‍රියාකාරීන්ගේ නොමඳ සහාය ලැබිණි. බොහෝ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඇසුරු කරන්නට ඔහුට අවස්ථාව සැලසුණු අතර විරසකව සිටින පෙරින්බනායගම් සිවපරන් නොහොත් නෙදියවන්ගේ සහ සේකරම්පිල්ලෙයි විනයාගමූර්ති නොහොත් විනයාගම්ගේ ද සහාය දිනා ගන්නට ඔහු සමත් විය.

 

 

දයාමෝගන්

කොටි සංවිධානයට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා යුරෝපයේ රහසිගත සංවිධානයක් තෙයිවීගන් නිර්මාණය කොට තිබිණ. එය පුද්ගලයන් 15 දෙනකුගේන් යුතු කණ්ඩායමක් විය. මෙම කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයකු වූ දයාමෝගන්ය. නැගෙනහිර පළාතේ මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්කවල දේශපාලන නායකයා ලෙස කලක් කටයුතු කළ දයාමෝගන් ජනතා ප‍්‍රසාදය දිනාගත් පුද්ගලයකු වූ අතර මාධ්‍ය සමගද සහයෝගයෙන් කටයුතු කළේය. 2009 මැයි මාසයේ මැලේසියාවට පලා ගිය ඔහු පසුව ස්විට්සර්ලන්තයේ සරණාගතයකු වූයේය.
2009 මැයි මාසය මුල්ලවෙල්ලිවයික්කාල්හිදි කොටි සංවිධානය පරාජය වීමෙන් පසු එය නැවත පණ ගන්වන්නට උත්සාහ කළ ප‍්‍රථම කණ්ඩායම තෙයිවීගන්, ගෝබි හා අප්පන් නොවේ. එය තුන්වැනි උත්සාහය වූ අතර මෙවර ප‍්‍රබල ලෙසින් එය ක‍්‍රියාත්මක වූයේය. 2012 දී දෙවරක් කොටි හිස එසවීමක්  පිළිබඳව වාර්තා වූවද ඒ පිළිබඳ තොරතුරු ඇත්තේ අල්ප වශයෙනි.

කොටි හිස එසවීමේ ප‍්‍රථම ප‍්‍රයත්නය වාර්තා වූයේ 2012 මාර්තු 17 දිනය. එදින ති‍්‍රකුණාමලයේ කුච්චවේලි ප‍්‍රදේශයේ පෙරියකුලම්හිදී ගෙල කපා මරණයට පත්කළ තරුණ මළ සිරුරක් හමු වී තිබිණි. ඊ.පී.ඞී.පී. සාමාජිකයකු වූ ඔහු නමින් වේලායුදන් රගුනාදන් හෙවත් මුතු නම් තරුණයෙකි. ‘ද්‍රෝහියාට මරණය’ යනුවෙන් සඳහන් පුවරුවක් සහ කොටි ලාංඡුනය සහිත එල්.ටී.ටී.ඊ. ධජයක් ඔහුගේ සිරුර අසල දමා ගොස් තිබිණි. 

එම මරණය සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කය පුරා මෙහෙයුම් ක‍්‍රියාත්මක කෙරිණි. තරුණ තරුණියන් 200ට අධික පිරිසක් එහිදී සැකපිට අත්අඩංගුවට ගැනිණි. මේ තරුණයන්ගෙන් වැඩිපිරිසක් යුද්ධයෙන් පසු හමුදාවට භාරවී පුනරුත්ථාපනය කරනු ලැබූ කොටි සාමාජිකයෝ වූහ. පුනරුත්ථාපනය නොවී සැඟව සිටි කොටි සාමාජිකයන් පිරිසක්ද එම මෙහෙයුමේදි අත් අඩංගුවට ගන්නට ආරක්‍ෂක අංශ සමත් වූහ. එම තරුණ පිරිස වැලිකන්දේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානය කරා යොමු කෙරිණි.

විදේශගත දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ශ්‍රී ලංකාව තුළ නැවත එල්.ටී.ටී.ඊය ගොඩනංවන්නට උත්සහයක් ඇති බවට කිසියම් ඉඟියක් අත්අඩංගුවට ගත් මෙම කොටි සාමාජිකයන්ගෙන් ආරක්‍ෂක අංශවලට ලැබිණි. ප‍්‍රංශයේ වාසය කරන කමලනාත් සතීස්කුමාර් නමැති කොටි ක‍්‍රියාකාරිකයා 2011 නොවැම්බරයේ ඉන්දියාවට පැමිණෙන බැව් එහිදී අනාවරණය වූ අතර ඔහුගේ එම සංචාරයේ අරමුණ තමිල්නාඩුවේ වෙසෙන හිටපු කොටි සාමාජිකයන් සමඟ එල්.ටී.ටී.ඊය නැවත පණ ගැන්වීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡුාවක් පැවැත්වීමය. 

සතීෂ්කුමාර් නොහොත් කුමරන්, සේගරම්පිල්ලේ විනයාගමූර්ති නොහොත් විනයාගම් ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ‘‘මූලස්ථාන කණ්ඩායමේ’’ සාමාජිකයකු ලෙස කටයුතු කළේය. ඔහු තමිල්නාඩුවේ පුද්ගලයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්ථාපිත කළ අතර ඔවුන් පස්දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම් තුනකට වෙන්කරනු ලැබීය. මෙයින් එක් කණ්ඩායමක් 2012 මාර්තු 6 දින ත‍්‍රිකුණාමලයට එවනු ලැබුවේ ඝාතන මාලාවක් ක‍්‍රියාත්මක කිරීමේ අරමුණිනි. රගුනාදන් හෙවත් මුතුගේ ඝාතනය ඔවුන් අරමුණු කර ගත් ඝාතන වැලේ පළමුවැන්න වූයේය. තහවුරු නොකළ වාර්තාවලට අනුව තෙයිවීගන්ද මෙම කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට විශ්වාස කෙරේ.

 

 

අත්අඩංගුවට ගැනීම්

ශ්‍රී ලංකා ආරක්‍ෂ අංශ විසින් මෙම කණ්ඩායමේ සාමාජිකයන් කීප දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. ඉතිරි පිරිස නැවත ඉන්දියාවට පලා ගියහ. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ විවිධ ප‍්‍රදේශවලින් බොහෝ පිරිස් අත් අඩංගුවට පත්වූහ. 

එල්.ටී.ටී.ඊ.යේ නැවත නැගිටීම පිළිබඳව මහජනයාටද කිසියම් සංඥාවක් ලැබී තිබිණි. අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු සිය විරෝධය පෑහ. ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙපළක් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමු වී සාකච්ඡා කළහ. එහිදී ආරක්‍ෂක ලේකම්වරයා මතුව ඇති තත්ත්වය පැහැදිලි කළ අතර කොටි සංවිධානයේ යළි හිස එසවීම පිළිබඳවද හෙළිදරව් කළේය.

අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් සමඟ පැවැත්වු පටිගත කළ දුරකතන සංවාද ඔවුන්ට අසන්නට සැලැස්වීය. ඔවුන් අතරින් වැඩි පිරිසක් නුදුරු දිනයක නිදහස් කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරුන්ට පැවසීය. ප‍්‍රකාශ කළ පරිදිම නොබෝ දිනකින් බොහෝ පිරිසක් නිදහස ලැබූහ.

දෙවැනි එල්.ටී.ටී.ඊ නැගිටීමේ ප‍්‍රයත්නය හඳුනාගත්තේ 2012 දෙසැම්බර් මාසයේය. කොළඹ දී අත්අඩංගුවට පත් පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි නායකයකුගෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට ආරක්‍ෂක අංශ සමත් වූහ. යුරෝපයේ සිටින කොටි හිතවාදීන් විසින් තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිට මෙහෙය වනු ලබන රහසිගත වැඩපිළිවෙල පිළිබඳව මෙම පුද්ගලයා වැඩිදුරටත් අනාවරණය කර තිබිණි. එම අනාවරණයෙන් පසු තමිල්නාඩු කොටිජාලය හා සබඳතා පැවැත් වූ යාපනයේ තරුණයින් සයදෙනකු අත්අඩංගුවට ගන්නට ආරක්‍ෂක අංශ සමත් වූහ. මොවුන්ගෙන් දෙදෙනකු පුනරුත්ථාපනය වී නිදහස ලද කොටි සාමාජිකාවන් විය. ඔවුන් දෙදෙනා හැර අනෙකුත් සැකකරුවන් නිදහස් කෙරිණි. මොවුන්ගෙන් ඉතා වැදගත් තොරතුරු අනාවරණය කර ගන්නට ආරක්‍ෂක අංශ සමත් වූ අතර ඇතැම් තොරතුරු විශ්මයජනක වූයේය.

දෙමළ ඊළමක් වෙනුවෙන් ඔවුන් බඳවා ගනු ලැබූවද දෙමළ බහුතරයක් වෙසෙන තමිල්නාඩුවේ දී ශ්‍රී ලාංකික දෙමළ ජාතියක් වූ මේ පිරිසට හිමිවූයේ දෙවැනි පන්තියේ පුරවැසියන්ට සමාන සැලකිලිය. එහිදී ඔවුනට පුපුරණ ද්‍රව්‍ය හා විද්‍යුත් පරිපථ පිිළිබඳ පුහුණුව ලබා දෙනු ලැබිණි. තමිල්නාඩු එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන්ගේ අරමුණ වූයේ පුහුණු කරන ලද මේ තරුණ පිිරිස ශ්‍රී ලංකාවට යවා වැදගත් පුද්ගලයන් ඝාතනය කිරීම සහ වැදගත් ස්ථාන පුපුරුවා හැරීමය. මෙම කාර්යයට මූල්‍ය ආධාර සැපයුණේ යුරෝපීය ද්‍රවිඩ පිරිස්වලිනි.

තමිල්නාඩු දේශපාලනඥයන්ගෙන් හා බලධාරින්ගෙන් මෙම සිද්ධිය පිළිබඳව වසන් කරන්නට ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ආරක්‍ෂක අංශ විසින් ගනු ලැබීය. 

‘‘කි්‍යු බ‍්‍රාන්ච්’’ නමින් හැඳින් වූ තමිල්නාඩු රාජ්‍ය පොලිසියේ විශේෂ බුද්ධි අංශය දෙසැම්බර් 19 දින රාත‍්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. චෙන්නායි නගරයට නුදුරු පල්ලවරම් ප‍්‍රදේශයේ නල්ලතම්බිවීදියේ එක්තරා නිවසක් පොලිසිය විසින් වටලන ලදි. එහි කුලී නිවැසියන් වූ 34 හැවිරිදි එස්.සුරේෂ් කුමාර්, 39 හැවිරිදි ඞී. උදය ඩොස්, 33 හැවිරිදි ටී. මහේස්වරන් සහ 29 හැවිරිදි කේ. ක‍්‍රිෂ්ණමූර්ති යන පුද්ගලයන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව අත්අඩංගුවට පත් පුද්ගලයන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත් වූ බුද්ධි අංශ උසස් නිලධාරියකු ප‍්‍රකාශ කොට තිබුණෙ සුරේෂ් කුමාර් ඊළාම් යුධයේදී සිදු වූ පිපිරීමක් හේතුවෙන් පාදයක් අහිමි වූ පුද්ගලයකු වු බවත් ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමාවී ඇති බවත්ය.

අත්අඩංගුවට පත් සිව්දෙනාගෙන් දෙදෙනෙක් 2001 සහ 2003 දී සරණාගතයන් ලෙස තමිල්නාඩුවට පැමිණ සිටි අතර අනෙක් දෙදෙනා 2009 යුද්ධය අවසන් කාලයේ තමිල්නාඩුවට පැමිණ තිබිණි. වැඩිදුරටත් එම ප‍්‍රවෘත්තියෙන් අනාවරණය වූ පරිදි සුරේෂ් කුමාර් විද්‍යුත් පරිපථ නිර්මාණය කිරීම පිළිබඳ විශේෂඥයකු වූ අතර ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කළේය. එම නිවසින් ලැප්ටොප් පරිඝණක දෙකක්, සැකකටයුතු ලියකියවිලි, වයර් රෝල්, කේබල් සහ විද්‍යූත් පරිපථ සකස් කරන පුවරු සොයාගෙන තිබිණි.

කේ. ක‍්‍රිෂ්ණමූර්ති තමිල්නාඩුවේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ජල බඳුන් ලබාදෙමින් ඔවුන් හා මිතුදම් පැවැත් වූ අතර සුරේෂ් කුමාර්ට එම පුද්ගලයන් හඳුන්වාදීමෙහිද නියැලූණි. එලෙස හඳුනාගන්නා පුද්ගලයන්ට පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව හා විවිධ වර්ගයේ බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය විද්‍යුත් පරිපථ නිර්මාණය පිළිබඳව පුහුණුව ලබා දුන් බව අත්අඩංගුවට පත් පුද්ගලයන් විසින් අනාවරණය කර තිබිණි. මෙම පුද්ගලයෝ මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවෙති.

තෙයිවීගන් මෙම කණ්ඩායමට සහාය දුන් අතර සුරේෂ් කුමාර්ට යුරෝපයෙන් මූල්‍ය ආධාර සැපයීමටද කටයුතු කළේය. තෙයිවීගන් සුරේෂ් කුමාර් හා සබඳතා පැවැත්වූයේ නවනීතන් යන අන්වර්ථ නාමයෙනි. ඇතැම් දිනවල තෙයිවීගන් නල්ලතම්බිවීදියේ පිහිටි එම නිවසේ රාත‍්‍රිය ගතකොට තිබූ අතර කි්‍යූ බ‍්‍රාන්ච් කණ්ඩායම කඩා පනින අවස්ථාවේ එම නිවසේ නොසිටියේය. සුරේෂ් කුමාර් අත්අඩංගුවට පත් වූ බැව් දැනගත් තෙයිවීගන් තමිල්නාඩුවේ සිට වෙනත් ප‍්‍රදේශයකට පලා ගියේය.

එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීමේ අවස්ථා දෙකක් හඳුනාගත් ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ එයට තිබූ තමිල්නාඩු සම්බන්ධය පිළිබඳව අනාවරණය කර ගත් අතර ඉන්දියාවේ ‘‘රෝ’’ සංවිධානයේ ක‍්‍රියා කලාපය පිළිබඳව ද සැකසහිත විය. රෝ සංවිධානය, කොටි සංවිධානය නැවත ගොඩ නැගීමේ වැඩපිළිවෙලට සහාය දක්වා ඇති බව ඔවුන්ට හැඟී ගොස් තිබිණි. ඒ අනුව තමන් වෙත එල්ල වී තිබූ තර්ජනය කෙරෙහිද ඔවුහු අධි තක්සේරුවකින් ක‍්‍රියා කළහ. රෝ සංවිධානයේ ආශිර්වාදය මත සිය ගණන් කොටි සාමාජිකයන් තමිල්නාඩුව පුුහුණු  කරන බවට ප‍්‍රවෘත්ති ද පළ වූයේය. එහෙත් මෙම වාර්තා තරයේම ප‍්‍රතික්‍ෂේප කෙරිණි.

2013 වසර පුරාම ශ්‍රී ලංකා බලධාරින් එල්.ටී.ටී.ඊ නැගිටීම පිළිබඳව සුපරීක්‍ෂාකාරීව පසු වූහ. 2013 සැප්තැම්බර් 21 දින උතුරු පළාත් සභා ඡුන්දය පැවැත්විණි. එල්.ටී.ටී.ඊ යේ ජයග‍්‍රහණය සනිටුහන් කරමින් ටී.එන්.ඒ. පක්‍ෂය ජයග‍්‍රහණය කළේය. ටී.එන්.ඒ. පක්‍ෂය හිටපු කොටි නායක ඉසිලන්ගේ බිරිය වූ ආනන්දි ශෂිදරන්ද අපේක්‍ෂිකාවක ලෙස ඉදිරිපත් කළේය. ඉසිලන් යනු යුද්ධය පැවති සමයේ මානව හිමිකම් දැඩිලෙස උල්ලංඝනය කළ කොටි නායකයෙකි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය විමුක්තිකාමී පිරිසක් ලෙසත් ප‍්‍රභාකරන් වීරයකු ලෙසත් හැඳින්වීය. විග්නේෂ්වරන් සහ ආනන්දි වැඩිම මනාප ලබා පළමුවැනි සහ දෙවැනි ස්ථානවලට පත්වූහ. 2009 නිවා දැමුණු එල්.ටී.ටී.ඊ ගිනිපුපුරු යළි දිදුලන්නට වූයේය.

කොටි පාලන සමයේ සෑම මසකම නොවැම්බර් 27 දින මහාවීරර් නාල් හෙවත් ‘‘මහාවීරදිනය’’ සමරන්නට එල්.ටී.ටී.ඊය කටයුතු කළේය. 2009 මැයි මාසයෙන් පසු මෙම සැමරුම පැවැත්වූයේ නැත. එහෙත් පසුගිය වසරේ මහාවීර දිනය පිළිබඳව සඳහන් පෝස්ටර් උතුරු හා නැගෙනහිර පළාත්වල විවිධ ප‍්‍රදේශවල අලවා තිබෙනු දක්නට ලැබිණි. මේ වසර මුලදී දෙමළ ඊළමට සහාය දක්වමින් කොටි සංවිධානය කාවල් දෙයිවංගල් හෙවත් ආරක්‍ෂක දේවතාවුන් ලෙස සඳහන් පත‍්‍රිකාද උතුරු ප‍්‍රදේශය පුරා බෙදා හැර තිබිණි.

පසුගිය මාර්තු මාසයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සැසිය පැවති සමයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි සිිටින හමුදාව දැඩි ලෙස විවේචනයට බඳුන් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ බව සඳහන් ප‍්‍රචාරක පත‍්‍රිකා එම ප‍්‍රදේශවල බෙදාහැර තිබිණි. 

මෙම ප‍්‍රචාරක පත‍්‍රිකා ඒ 4 ප‍්‍රමාණයෙන් යුතු වූ අතර දිනපතා රාත‍්‍රී කාලයේ උතුරේ විවිධ ස්ථානවල අලවා තිබෙනු දැකිය හැකි විය.

මේ පෝස්ටර් සහ ප‍්‍රචාරක පත‍්‍රිකා ආරක්‍ෂක අංශවලට හිසරදයක් වූවද කිසියම් තරුණයන් පිරිසකගේ ළදරු ක‍්‍රියාවක් ලෙස ඔවුන් සිතීය. එහෙත් ඒවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම අත්හැරියේ නැත.

2014 මාර්තු මස 6 වැනි දින රාත‍්‍රියේ පලාලි පොලිසියේ ස්ථානාධිපති ආනන්ද රාජපක්‍ෂ මහතා පොලිස් කොස්තාපල්වරුන් වූ ගාමිණී, තෙන්නකෝන්, ජයකොඩි සහ රියදුරු බණ්ඩාර සමඟ රාත‍්‍රී මුර සංචාරයේ නිරතව සිටියහ. එහිදී මහමඟ සිටි එක්තරා තරුණයකුගේ දෑත්වල පාප්ප තැවරී තිබෙනු පොලිස් නිලධාරීන්ට පෙනිණි.

සැකසිතූ නිලධාරින් අතේ තැවරී ඇත්තේ මොනවාදැයි විමසූ විට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නට තරුණයාට නොහැකි විය. වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී ශ්‍රී ලංකාවට එරෙහි කොටි පෝස්ටර් තොගයක් හා පාප්ප බාල්දියක් සමඟ තවත් තරුණයකු අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකි වූයේය.

කුලසංකර් හෙළිදරව්කළ කරුණුවලින් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීහු විස්මයට පත්වූහ. පෝස්ටර් හා අත්පත‍්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් ඔහුට ස්විට්සර්ලන්තයේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් මසකට රුපියල් 20,000 බැගින් ලැබෙන බැව් කුලසංකර් හෙළි කළේය.

ඥානසීලන්ට ත‍්‍රීරෝද රථයක් ලබා දී තිබූ අතර ඔහුටද කිිසියම් මුදල් ප‍්‍රමාණයක් මාස් පතා ලබාදෙන බැව් ප‍්‍රකාශ කළේය. ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාව තුළ නැවත එල්.ටී.ටී.ඊ සංවිධානය පණ ගැන්වීම බව තරුණයන් දෙදෙනා පාපෝච්චාරණය කළ අතර ඔවුන් එම ජාලයේ සාමාජිකයන් බවත් එයට බඳවාගන්නේ ගෝබි බවත් ප‍්‍රකාශ කොට තිබිණි.
 

 



අදහස් (0)

එල්ටීටීඊයට නැවත පණ දෙන්නට හැදු තුන්වැනි ඩයස්පෝරාව

රොෂාන් Thursday, 08 May 2014 08:56 PM

ඉතා වැදගත් දෑ සදහන් වී ඇත (නි)

:       0       0

බණ්ඩාර Saturday, 10 May 2014 02:34 AM

වැදගත් ලිපියක්..කොටස් කීපයකින් පල කළා නම් වඩා හොදයි.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5127 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site