IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එල්ලන දිනය දැනුම් දුන්නාම හිරකාරයොත් අනිත් අයත් හොඳටම බයවෙනවා

 

11_SLT_P_24

 

එල්ලූම්ගහ කි‍්‍රයාත්මක වෙච්ච කාලේ එල්ලූම් ගහට නියම වුණ මනුස්සයා බයටම උසාවිය ඇතුළේ සිහිය නැතිව ඇදගෙන වැටෙනවා. ඒත් අද මරණ දඬුවම ලැබුණු කෙනා කටපුරා හිනාවෙවී උසාවියෙන් එළියට යනවා. වටේ ඉන්න කට්ටියට සැලියුට් පවා කරමින් බන්ධනාගාර බස් එකට නගිනවා. මොකද මිනිහා දන්නවා එල්ලා මරන්නේ නැති බව.  ඕක තමා එදා සහ අද අතර තියෙන වෙනස. ඒ කාලයේ රටේ හිටිය දරුණු මිනීමරුවො පවා එල්ලූම්ගහ ළඟට අරගෙන ගියේ උස්සාගෙන. කොච්චර දරුණු අපරාධකාරයෙක් වුණත් මරණයට බයයි.

 


මේ කතාව මේ විදිහට කිව්වේ වසර 36 ක පමණ කාලයක රාජකාරි අත්දැකීම් ඇති විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයෙක් වූ ඩබ්ලිව්.ඒ.ඞී. විජේදාස මහතාය.


විජේදාස මහතා මෙවර ඔබට කියන්නට යන්නේ එල්ලූම්ගහට යන මිනිස්සු ගැන ඔහුගේ මතකයේ රැුඳුණු කතාය. රාජකාරි ජීවිතය තුළ මිනීමරුවන් හය දෙනෙක් එල්ලා මරණ හැටි විජේදාස මහතා සියැසින් දැක ඇත. එල්ලූම්ගහට ගිය පළමු තැනැත්තා ලෙස ඉතිහාස ගතවී ඇත්තේ ඉංගිරියේ කළුඅප්පු නැමැති අයෙකි.

4565
එවකට පැවැති ඉංගී‍්‍රසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාව යටතේ රාජ්‍ය ද්‍රෝහියකු ලෙස සලකා ඉංගිරියේ කළුඅප්පු එල්ලා මරා දමා ඇත්තේ 1812 වසරේ පෙබරවාරි මස 10 වැනිදාය. එල්ලූම්ගහට ගිය පළමු බෞද්ධ භික්ෂුව ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ කහවත්ත උන්නාන්සේය.


බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කැරැුල්ලට නායකත්වය ලබාදුන් බව කියමින් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස සලකා මාතලේ ප‍්‍රදේශයේදී එල්ලා මරා ඇත්තේ 1823 වසරේදීය. එල්ලූම්ගහට නියම වී ඇති පළමු පොලිස් නිලධාරියා වන්නේ සන්සෝනි පෙරේරා නැමැති අයෙකි.


ආටිගල මිනීමැරුම් නඩු විභාගය අවසානයේදී සන්සෝනි පෙරේරා නැමැති මෙම පොලිස් නිලධාරියාට මරණ දඬුවම නියමවී අවසානයේ එල්ලූම් ගහට ගොස් ඇත. අවසන්වරට එල්ලූම් ගහට ගොස් ඇත්තේ තිස්සමහාරාමයේ චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවාය. ඒ 1975 වසරේ නොවැම්බර් මස 12 වැනිදාය.


එල්ලූම්ගහ මෙරට වරින් වර කි‍්‍රයාත්මක වූ අවුරුදු 101 ක පමණ කාලය තුළ පුද්ගලයන් 481 දෙනෙකු එල්ලා මරා දමා ඇත. නඩු විභාගය අවසානයේ අධිකරණ ශාලාවේ විදුලි පහන් සියල්ල නිමා දැමීමෙන් පසු මරණ දඬුවම ලබා දීමට තීන්දුව ප‍්‍රකාශයට පත්කර මරණ දඬුවම නියම කළ වගන්තිය ලිවීමට යොදාගත් පෑන කඩා දැමීම මහාධිකරණ විනිසුරුවරයා හෝ විනිසුරුවරිය විසින් සිදුකරනු ලබයි.


එල්ලා මරා දමන්නේ ජනාධිපතිවරයා නියම කරන ලද දිනයකදීය.


උසාවියෙන් මරණ දඬුුවම ලැබුණු කෙනා බන්ධනාගාරයට ගෙනාවම ඔහු බාර ගන්න ජේලර් මහත්වරුන් දෙන්නෙක් ඉන්නවා. බන්ධනාගාර කාර්යාලයට අරන් ගිහින් ලියාපදිංචි කරනවා. ඔහුගේ සියලූම විස්තර ලියාගන්නවා. සිරුරේ විශේෂ ලක්ෂණ එහෙම තියෙනවා නම් ඒවාත් සටහන් කර ගන්නවා. මරණ දඬුවම නියම කරපු කෙනාට අයිති බඩුමුට්ටු වන පිඟාන කෝප්පය ලබාදෙනවා. මරණ දඬුවම නියමවූ තැනැත්තෙකුට හිමි විශේෂිත ඇඳුම ඇඳ ගැනීමට ලබාදී ඔහු කන්ඩම් ෂෙල් එකට දමා එතැන් සිට විශේෂ ආරක්ෂාවක් සපයනවා යැයි විජේදාස මහතා පවසයි.


තවදුරටත් තොරතුරු හෙළි කරමින් විජේදාස මහතා මෙසේද පවසයි.


මරණ දඬුවම නියම කරලා කන්ඩම් ෂෙල්වල දමා ඉන්න අය හැමදාම උදේ 6.15 පමණ වෙද්දී එළියට අරගන්නවා. ඒ මුහුණ කට සෝදා පිරිසිදු වෙන්න. එක කෙනෙකුගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙක් යොදවනවා. කෑම, ෂෙල් එක, ඇතුළේදීම දෙනවා. උදේ 10.00 ට විතර ව්‍යායාම කරන්න කන්ඩම් ෂෙල් එකෙන් එළියට ගන්නවා. ව්‍යායාම කරන විනාඩි 20ක විතර කාලයක් ලබා දෙනවා. දහවල් කෑමෙන් පස්සේ හවස 2.00 ට විතර ආයෙත් ව්‍යායාම් කරන්න හවස 4.30 ට විතර එළියට අරගන්නවා. ඊට පස්සේ ආයෙත් පහුවැනිදා උදේ 6.15 වෙනකම් කන්ඩම් ෂෙල් එකෙන් එළියට ගන්නේ නැහැ.


මෙන්න මේ විදිහට තමා මරණ දඬුවම ලැබුණු කෙනෙක් එල්ලූම් ගහට යනකම්ම ගත කරන්නේ. මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්වුණොත් විතරයි කන්ඩම් ෂෙල්වලින් යමෙක් එළියට අරගෙන සාමාන්‍ය සිර මැදිරිවල රඳවා තබන්නේ. ඊට පස්සේ ඔවුන්ටත් එක එක පාටිවලට යොමු කරනවා.


මරණ දඬුවම ලබාදෙන දිනය ප‍්‍රකාශයට  පත් කරන්නේ ඊට දින 10 කට පෙරයි. එල්ලන දිනය නියම කළාට පස්සේ ඔහුගේ බිරියට දරුවන්ට මව්පියන්ට හෝ ඥාතීන්ට බලන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. බන්ධනාගාර අධිකාරිවරයාගෙන් අවසර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් දැක්විය යුතුයි. එහෙම විශේෂ අවසරයක් නැතුව එල්ලා මරණ දවස නියම කළාම බලන්න ඉඩ දෙන්නේ නැහැ.


මරණ දඬුවම ලබාදෙන දිනය නියම කළ දවසේ බන්ධනාගාර තුළ සිදුවන තවත් විශේෂ කි‍්‍රයාමාර්ගයක් ඇත.


එල්ලූම් ගහට යන දවස දැනුම් දුන්නාට පස්සේ ඒ ගැන බන්ධනාගාර නිලධාරිනියෙක් ඒ බව මරණ දඬුවම ලබා සිටින පුද්ගලයාට දැනුම් දෙනවා. මේක අහලා ඔහු වෙව්ලන්න පටන්ගන්නවා. මුළු ඇඟම සුදුමැලි වෙලා යනවා. හරියට කහ උණ හැදිච්ච රෝගියෙක් වාගේ මුළු ඇඟම සුදුමැලි වෙලා. ඒ වගේ අයගේ ඇස් පනාපිට ඇඟිල්ලක් මෑත් කරලා බැලුවාට ඇස්දෙකෙත් ලේ නැහැ. ඒ වෙන මොකවත් නිසා නෙමේ බය නිසා.


ඊට පස්සේ මරණ දඬුවම නියම කරපු කෙනා ගබඩා කාමරයට අරන් යනවා. ගබඩාකාමරයට ගෙනි යන්නෙත් බොහොම අමාරුවෙන්.  ගබඩාකාමරයට අරන් ගිහින් ඒකේ තියන තරාදියෙන් බර කිරනවා. උස මනිනවා. උස හා බර සටහන් කර ගන්නවා.මට තවත් දෙයක් මෙහිදී කියන්න  ඕනෑ. කෙනෙක් එල්ලා මරණ දින නියම කළාට පස්සේ එල්ලා මරන්න ඉන්න අයත් බයේ වෙවුලනවා. ඒ ගොල්ලන්ගේ ඇඟවල් පවා සුදුමැලි වෙනවා. ඇසුත් සුදුමැලි වෙනවා. මරන්න ඉන්න අයවත් මම නිකමට වගේ පරික්ෂාකර බලා තිබෙනවා.


දවසින් දවස ෂෙල් මාරු කරමින් එල්ලා මැරීමට පෙර දිනයේ එල්ලූම් ගහ අවසානයේ ඇති ෂෙල් එකට මරණ දඬුවම නියම කර සිටින පුද්ගලයා ගෙන එනු ලබනවා.


එල්ලූම් ගහේ කි‍්‍රයාකාරීත්වය සිදුවන්නේ ලෑලි දෙකක් මත සවිකර ඇති ලීටරයක් මගිනි.


ලීටරය නිසි පරිදි කි‍්‍රයාත්මක වෙන්නේද කියා සොයා බැලිය යුතුව ඇත. ඒ නිසා පෙර දිනයේ එල්ලා මැරීමට නියමිත  පුද්ගලයාගේ බරට සමාන බරකින් යුතු වැලි කොට්ටයක් එල්ලා එය හරියටම කි‍්‍රයාත්මක වෙන්නේද කියා  පරික්ෂාකර  බලනු ලැබේ.


එල්ලා මැරීමට නියම කළ පසු ඔහුගේ බර කල්තියාම කිරා බලන්නේ ඒ නිසාය.


එල්ලා මරණ දිනයේ 6.00 ට ආහාර ලබාදෙනවා. නමුත් හුඟ දෙනෙක් ඒ ආහාරය ගන්නේ නැහැ. මරණ බයේ ගැහි ගැහී ඉන්න නිසා කෑම කන්න තරම් තත්ත්වයක ඔවුන් නැහැ. තව පොඞ්ඩෙන් එල්ලා මරන්න ඉන්න මට බඩගින්න නිවාගන්න  ඕනෑ නැහැ. බඩකට පුරවා ගත්තා කියා තේරුමක් නැහැනේ කියා කෑම ප‍්‍රතික්ෂේප කරපු අය  ඕනෑ තරම් ඉන්නවා. එල්ලා මරණ දවස දැනුම් දුන්නු දවසේ ඉඳලා එල්ලූම් ගහට යන්න ඉන්න තැනැත්තා හරියට කෑමක් බීමක් ගන්නේ නැහැ. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. කාලය ගත කරන්නේ අන්තිම මොහොතේ හරි මරණ දණ්ඩනය ඉවත්කරයි කියා තමා හිත හිතා ඉන්්නේ යැයිද ඔහු කියයි.


විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා තවදුරටත් මෙසේද පවසයි.


එල්ලූම්ගහට නියමවුණ පුද්ගලයාට ඔහුගේ ආගම අනුව භික්ෂුන්වහන්සේ කෙනෙක් කතෝලික පූජකයෙක් හෝ මුස්ලිම් පූජකවරයෙක් ගෙනැවිත් ආගමික කටයුතු සිදුකරනවා. එල්ලූම්ගහට නියම වෙච්ච පුද්ගලයා මේ ආගමික කටයුතුවලට සහභාගි වෙනවා. මගේ මතකයේ හැටියට කිසිම කෙනෙක් ආගමික වතාවත් ප‍්‍රතික්ෂේප කරලා නැහැ. සන්සුන්ව කිසිම හැලහොල්මනක් නැතුව ආගමික වතාවත්වලට සහභාගි වෙනවා.


මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන දවසේ උදේම කිසිම හිරකාරයෙක්ව සිරමැදිරිවලින් එළියට ගන්නේ නැත. සිර මැදිරියෙන් ඔවුන්ව එදාට එළියට ගන්නේ එල්ලූම් ගහට නියමවූ පුද්ගලයා එල්ලා මරා දැමීමෙන් පසුවය.


බන්ධනාගාරයේ එදාට රාජකාරියේ යොදවා සිටින සියලූම නිලධාරින් සීරුවෙන් තබන අතර බන්ධනාගාරයේ දොරටු විවෘත කර තබයි. මෙසේ දොරටු විවෘත කර තබන්නේ අවසන් මොහොතේ හෝ එල්ලා මරන්න නියමිත කෙනාට නිදහස ජනාධිපතිවරයා ලබාදෙන බව ඒ පණිවිඩය රැුගෙන එන පුද්ගලයාට බන්ධනාගාරය තුළට පහසුවෙන් ඇතුළුවීම සඳහාය.


බන්ධන්ගාරය එදාට හරියට මළ ගෙයක් වගේ. කිසිම ශබ්දයක් නැහැ. බන්ධනාගාර නිලධාරියොත් එදාට නළාවක්වත් පිඹින්නේ නැහැ යැයි විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා පෙන්වා දෙයි.


සිරමැදිරියේ කණ්නාඩියක් එල්ලා තිබෙනවා. අන්තිම වතාවට මුහුණ බලාගන්න. සමහරු කණ්නාඩියෙන් මුහුණ බලා ගිහින් එන්නම් කියනවා. යන්නයි සූදානම් කියනවා. මුහුණ බලාගෙන හයියෙන් හිනාවෙනවා. සමහරු කණ්නාඩියට කෙළ ගැසූ අවස්ථාත් තිබුණා මට මතකයි.


එල්ලා මරන්න කෙනෙකුට දින නියම කළාම ඒ මනුස්සයා විතරක් නෙමේ එල්ලන්න ඉන්න අනිත් හැමෝමත් පුදුම භයකින් ඉන්නේ. ඒ අයත් හරියට කෑමක් බීමක් ගන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ ඇඟවල් සුදුමැලි වෙනවා.  කෙනෙක් එල්ලා මරණ දවසට එල්ලා මරන්න ඉන්න අනිත් අයට බඩ යනවා. සමහරුන්ට බඩයෑම නවත්වා ගන්න බැරිව ගියාම ප‍්‍රතිකාර කරන්න බන්ධනාගාර රෝහලට අරන් යනවා. එක්කෙනාට එක එක අමාරු අසනීප.


 ඊළඟට කාව එල්ලා මරන්න දිනය එයිද කියා සිතීම නිසා තමා ඔවුන් මේ විදිහට බයවෙන්නේ  මරන්න නියම වෙලා ඉන්න හැමෝම වාගේ දියෙන් ගොඩ දාපු මාළුවෝ වගේ ගැහෙනවා. මිනීමරද්දී ඔවුන් ඒවා ගැන හිතන්නේ නැහැ. එල්ලන බව දැනගත්දා ඉඳලම බයේ ගැහෙනවා. පිස්සුවෙන් වගේ හැසිරෙනවා. නන්දොඩවනවා. සමහරු ?ට නින්දෙන් බයවෙලා වාගේ කෑගහගෙන ඇහැරෙනවා. තවත් සමහරු නින්දෙන් මරහඬ දෙනවා.


හරියටම 8.05 ට තමා එල්ලා මැරීම සිදුකරන්නේ. එල්ලා මරණ දිනයේ වෛද්‍යවරයෙක්, බන්ධනාගාර අධිකාරිවරයා හා ජේලර්වරුන් දෙදෙනෙක් ඉන්නම  ඕනෑ. මරණ දඬුවම නියම වුණාට පස්සේ බන්ධනාගාරයේදී බාර ගත්තු ජේලර්වරු දෙන්නා තමා ඔහු එල්ලා මරණ දවසේ එල්ලූම් ගහ ළඟ ඉන්නේ. ඔවුන් දෙදෙනා තමා මේ එල්ලා මරන්න යන්නේ එදා තමන් බාර ගත්ත කෙනාව කියා හඳුනා ගන්නේ. මේ හඳුනා ගැනීමෙන් පස්සේ පෝරකය උඩට කැඳවාගෙන යනවා.


එල්ලා මරණ කෙනාට බොඩි ජැකට් එකක් අන්දනවා. මුහුණට ආවරණයක් දමනවා. බොඩි ජැකට් එක කැන්වස් රෙද්දකින් නිම කරපු විශේෂිත ඇඳුමක්. අධිකරණය මගින් මරණ දඬුවම නියම කළ පුද්ගලයා එල්ලා මැරූ පසු සිදුවන කි‍්‍රයාවලිය ගැනද විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා තොරතුරු හෙළිකර සිටියේය. කෙනෙක් එල්ලා මැරුවාට පස්සේ නහයෙන් කටෙන් ලේ එනවා. මුත‍්‍රා පිටවෙනවා. නහයෙන් සොටු ගලනවා. වෛද්‍යවරයා ගොස් ඔහු මිය ගියාද කියා පරික්ෂා කර බලනවා.


එල්ලා මරා දාපු කෙනාගේ සිරුර ඥාතීන්ට බාරදීමක් සිදුවන්නේ නැහැ. රජයේ වියදමින් භූමිදානය කරනවා. මිනිය උස්සන්නේ නැහැ. රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස සලකා ගෙනයි මේ විදිහට කරන්නේ. කෙනෙක් එල්ලා මරණ දවසට ඒ කෙනාගේ පවුලේ උදවිය කැම්බල් පිටියට ඇවිත් ඉන්නවා. ඔවුන් හඬමින්  තමා ඉන්නේ. මළසිරුර භූමිදානය කරන තැනටවත් යන්න ඔවුන්ට අවස්ථාව ලබාදෙන්නේ නැහැ.


වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාරවල සේවය කර ඇත්තේ එකම අළුගෝසුවන් දෙදෙනෙකි.


1970 දශකයේ අළුගෝසු තනතුර දරා ඇත්තේ ලූවිස් සිංඤෝ සහ පව්ලිස් සිංඤෝ යන දෙදෙනාය. ඔවුන් දෙමස්සිනෝ වෙති.


කෙනෙක් එල්ලා මරන්න නියම දවසට කලින් දිනයේ අළුගෝසුවන් දෙදෙනා රාජකාරියට වාර්තා කළ යුතුයි. රාජකාරියට වාර්තා කළාට පස්සේ ඔවුන්ට තමන්ට පැවරී ඇති රාජකාරිය කර නිමවෙනතෙක් එළියට යාමට අවසරයක් නැහැ යැයි විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා පවසයි.මේ දෙමස්සිනලා අතර සිදුවූ හරිම අපූරු සිදුවීමක් ගැනද විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා සිය මතකය අවදි කළේය.


වැලිකඩ බන්ධනාගාරයේදී පුද්ගලයෙක් එල්ලා මරන්න නියමිතව තිබුණා. පව්ලිස් සිංඤෝ හා පබිලිස් සිංඤෝ දෙමස්සිනාලා කලින් දවසේ ඇවිත් රාජකාරියට වාර්තා කළා. කෙනෙක්ව එල්ලා මරන්න කළින් දවසේ ?ට මේ දෙන්නා අරක්කු බීම සිදුකරනවා. එදත් මේ දෙන්නා අරක්කු බීලා තිබුණා. අරක්කු බීලා හිටිය මේ දෙන්නා මොකක් හරි දෙයකට හොඳටම රණ්ඩුවෙලා හෙට මම අර මනුස්සයා එල්ලා මරන්නේ නැහැ කියා පවුලිස් කියද්දී පබ්ලිස් කියා තිබෙනවා මමත් එහෙම තමා උඹත් එක්ක මේ වැඬේට එන්නේ නැහැ කියා.


අළුගෝසුවන් දෙන්නාගේ ගැටුම හරිම ප‍්‍රශ්නයක් වුණා. හෙට එල්ලන්න ඉන්න කෙනාව පෝරකයට ගොඩ කරලා එල්ලන්නේ නැහැ කියා. ලාල් නන්දන පෙරේරා කියන බන්ධනාගාර නිලධාරියෙකුට මේ ගැන දැන ගැනීමට ලැබුණා. ඔහු කියා තිබෙනවා උඹලා දෙන්නා වැඬේ කරන්නේ නැත්නම් මම හෙට ඔය වැඬේ කරනවා කියා. එහෙම කියපු ලාල් එවකට බන්ධනාගාර අධිකාරිවරයා ලෙස හිටිය සයිමන් ඞී සිල්වා මහත්තයා හම්බවෙන්න නිල කාමරයට ගිහින් අළුගෝසුවන් දෙදෙනාගේ වර්ජනය ගැන කියා තිබෙනවා.


සර්, උන් දෙන්නාම බැහැ කිව්වට කමක් නැහැ මම හෙට අළුගෝසු වැඬේ කරන්නම්. මට ඒ වැඬේ කරන්න පුළුවන් කියා තිබෙනවා. එතකොට සයිමන් සර් අසා තිබෙනවා ලාල් තමුසෙට ඇත්තටම ඔය වැඬේ කරන්න පුළුවන්ද කියා. ඔව් සර් මට පුළුවන් හින්දයි කියන්නේ කියා ඔහු කියා තිබෙනවා. ඒ නමුත් ලාල්ට අළුගෝසු වැඬේ කරන්න සිද්ධවුණේ නැහැ. එළිවෙද්දී මස්සිනාලාගේ දෙන්නාගේ ගැටුම ඉවරයි. ඔවුන් දෙන්නාම අර මනුස්සයා එල්ලා මැරුවා යැයි විජේදාස මහත්තයා ඒ කතාව හමාර කළේ සිනා සෙමිනි.


දැන් නැවතත් මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කළ යුතුයි යන මතවාදය කරළියට පැමිණ සංවාදයට ලක්වෙමින් පවතී.


එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කර හෝ රටේ සෑම කෙනෙකුටම නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බව මෑතකදී ප‍්‍රකාශ කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාය.


තිස්හය වසරක් සේවා අත්දැකීම ඇති හය දෙනෙකු එල්ලූම් ගහට ගිය ආකාරය සියැසින් දැක ඇති විජේදාස මහතාගෙන් අවසාන වශයෙන් මම ප‍්‍රශ්නයක් ඇසුවෙමි.


මිනී මැරුමකට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ස්තී‍්‍ර දූෂකයන්ට මරණ දඬුවම දෙන්නම  ඕනෑ. මේ වගේ දඬුවමක් දුන්නාම මිනිස්සු බයවෙනවා. අපරාධ රැුල්ල අඩුකරන්න, මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමත් එක් ප‍්‍රබල සාධකයක් යැයි විශ‍්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා මගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහුගේ මතය ඉදිරිපත් කළේය.

 

m



අදහස් (0)

එල්ලන දිනය දැනුම් දුන්නාම හිරකාරයොත් අනිත් අයත් හොඳටම බයවෙනවා

ගමගේ Thursday, 30 April 2015 09:10 AM

දකුණු කොරියාවේ විදියට දේශපාලකයන්ට දුෂණය වංචාවට වැරදි කරුවන් වූ විට ජම්පරේ අන්දන ක්‍රම වේදයක් ක්‍රියාත්මක කළොත් ලංකාවේ අපරාධ රැල්ල අඩුවේවි. දැන් ලංකාවේ තියෙන්නේ දේශපාලකයන්ට පඩි සහිත නිවාඩු සමග ගෙවන වාට්ටුවක සැප ගන්න සලස්වන ක්‍රමයක්නේ. ඒක ආයතන සංග්‍රහයට ඇතුලත් කළොත් රජයේ නිලධාරීනුත් හිටු කියල වැඩේට බහීවි. (බ)

:       0       0

ගුණරත්න Thursday, 23 April 2015 03:52 PM

කවුරු මොනවා කිව්වත් මරණ දඩුවම ක්‍රියාත්මක කලොත් අපරාධ අඩුවෙනවා.නමුත් මොන පාලකයින්වත් එය කරන්නේ නැත්තේ තමන්ගේම හිතවතුන් එල්ලන්න වන නිසා.නොමරුවොත් හිතවතුන් පොදු සමාවක් ලබල හරි එලියට එනවනේ.මේක තමා දේශපාලකයින්ගේ ස්වභාවය.(ස)

:       0       0

රන්ජන් Thursday, 21 May 2015 10:53 AM

අපේ රටේ නම් අහිංසකයෝ එල්ලුම් ගස් ගිහින් බලවත්තු බේරේවි. (ස)

:       0       0

අශේන් නිපුන Wednesday, 22 April 2015 01:26 AM

හි හි හි හි දෙන්න ඕනේ මරණ දඩුවම හැමෝටම.(නදී)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Wednesday, 22 April 2015 04:29 PM

අමිත පෙරේරා , ඔබ, රජකාලෙත් තොරතුරු දන්නවා වගේ, විජේදාස මහත්මා වගේ කියන්න කෝ. (බ)

:       0       0

රුචිර Friday, 24 April 2015 09:29 PM

මරණ දඬුවම සමාජයට ගැළපෙන්නේ නැත. අධ්‍යාපන ක්‍රමය තුළින් ආචාර ධර්ම මීට වඩා ක්‍රමවත්ව පුරුදු පුහුණු කළයුතුයි. ජීවිතාන්තය දක්වා සිරදඬුවම ක්‍රියාත්මක කළයුතු අතර රජයේ සියලු සංවර්ධන ව්‍යපෘති වලට සේවයේ මොවුන් යෙදවිය යුතුයි. (නි)

:       0       0

රූපවති Thursday, 23 April 2015 08:26 PM

ඇත්තටම මෙයාලත් හිතාගෙන ඉන්නේ හැමෝම කළා වගේ අපිව ගොනාට අන්දවල කුඹුර මඩ කරගෙන අස්වැන්න තර කරගන්නයි....? මොකද මහා ඡන්දෙට මිනිස්සු රැවටිලා ඡන්දෙ දෙනවා? දිවා රාත්‍රියේ ඔලුවේ වැඩ කරන්නේ දුප්පත් මිනිස්සුන්ග් එල්ලුම් ගහ? දැන් ජනාධිපතිට බලතලත් අඩු වුණම? කව්ද ඉතින් ඕවට අණ පනත් සකසන්නේ...? මේ දැනට තම තමන් දන්නා ආකාරයට .මන්නා ,පොරෝ ,කැති, මොට ආයුධ,ටිකක් වැඩියෙන් සෑම නිවසියෙකුටම ළඟ තබා ගන්න අපි අපිම දැනුවත් වෙමු ,...? ඔය වගකිවයුත්තෝ අපිව රවටන්න වෙර දැරීමෙන් වලකින මෙන් තරයේ ඉල්ලා සිටිනවා,,,,! (අ)

:       0       0

ධම්ම Tuesday, 28 April 2015 08:13 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ නම් නීති පොතෙන් මරණ දඬුවම ඉවත් කරන්න. අපේ නීති පොත විහිලුවට ලක් කරන්න එපා. (අ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 22 April 2015 04:16 AM

හොඳ ලිපියක්. විජේදාස මහතාට ගොඩක් ස්තුතියි.මේ ලිපියේ හැටියට අපේ රටේ අපරාධ මැඩපැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ඩිල්ශාන් Sunday, 26 April 2015 01:38 PM

එල්ලුම් ගහට යන කෙනාගේ නෑදෑයින්ට මෙතරම් නපුරු කම් කරන්නේ ඇයි? ඔවුන්ට මැරෙන්නට පෙර සිරකරුව හමුවෙන්න ඉඩ දිය යුතුයි. (බ)

:       0       0

අමිත පෙරේරා Wednesday, 22 April 2015 04:46 AM

දඬුවමක් කියන්නේ යම් වරදකට විඳවීමක්. නමුත් මගේ මතය නම් එල්ලා දැමු පසු විඳවන්න කෙනක් නැහැ. එය වැරදි නම් සමාවන්න. අතීත රජ කාලෙත් දරුණු වධ දී මිනිසුන්ට දඬුවම් කළා. අලි ලවා පාගා, උල තියලා , පණපිටින් අත් පා කපා දඬුවම් දුන්නත් අපරාධ අඩුවුණාද? අපරාධ වලට දඬුවම් දීමට වඩා අපරාධ වලින් වැළකීම ගැන දැනුවත්කිරීම වඩා වැදගත්. ඒක පටන්ගන්න ඕනෑ පෙරපාසලින්. " අ "යන්න කියන්න පටන්ගන්න ළමයාට "අවිහිංසාව" ගැනත් මොළයට වටහා දුන්නම උසස් පෙළට යන ළමයා අවිහිංසාවාදය වටහාගෙන සමාජයට පා තියන්නේ (නි)

:       0       0

දිමුතු Thursday, 23 April 2015 03:03 AM

මගේ දැනීමේ විදියට නම් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ දඬුවම් ලාභී පුද්ගලයාව සමාජයෙන් ඉවත් කරන්න. විඳවීමක් බලාපොරොත්තු වෙන්නේ නැ. (ම)

:       0       0

දිමුත් Thursday, 23 April 2015 04:37 AM

අමිත පෙරේරා, රජ කාලේ ඔය දඩුවම් නිසා තමයි මේක ධර්මද්වීපයක් විදියට තිබුණේ. (ස)

:       0       0

ශ්‍රීමා Tuesday, 12 May 2015 09:06 AM

අපරාධ අඩුවෙන බව ඔලුවට එනවා. ඒත් ඒවා අහනවිට පපුව රිදෙනවා (නි)

:       0       0

රුවන් Thursday, 23 April 2015 04:57 AM

අමිත, එල්ලා මැරීමෙන් පසු විඳවීමක් ගැන තර්ක කරන්න අවශ්‍ය නෑ. මොකද ඔබ බෞද්ධයෙක් නම් ඒ ගැන වැටහීමක් තිබිය යුතුය. අනික එල්ලා මැරීමට තීන්දුව දුන්න දවසේ ඉඳන්ම ඔවුන් විඳවමින් තමයි ඉන්නේ. ඒ විඳවීම ඉතාමත් දරුණුයි. අනික ඔබ කියන දේවල් ප්‍රායෝගික දේවල්ද? අවිහින්සාව ගැන හැම තැනකදීම අපි ඉගෙන ගන්නවා. නමුත් කීයෙන් කී දෙනාද ඒවා ක්‍රියාත්මක කරන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4356 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 539 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1141 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 100 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 187 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site