ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා මුලතිව් දිස්ති‍්‍රක්කයේදී එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවේද 2009 මැයි මාසයේය. එහෙයින් මැයි 15 සිට මැයි 18 යන දින හතර තීරණාත්මක සුවිශේෂි දින හතරක් ලෙස ස`දහන් කිරීම වැදගත්ය. 2009 මැයි මස 19 වැනි දින දකුණු ආසියාවේ පැවැති දීර්ඝතම යුද්ධය නිමා වූයේ නන්දිකඩාල් ලෙසින් ප්‍රකට මුලතිව් කළපුවේදී එල්.ටී.ටී.ඊ. නායක තිරුවෙන්ගඩාම් වේළුපිල්ලෙයි ප්රභාකරන් මරණයට පත් කරමිනි. ඔහුගේ මළ සිරුර කළපු ඉවුරේ තිබී සොයාගත් බව ස`දහන් නිල නිවේදනයක් නිකුත් කරනු ලැබිණි.
ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාමය ස`දහා වූ අරගලය ව්‍යාප්ත වූයේ් දේශපාලනික හා හමුදාමය පසුබිමක් තුළය. ඒ ස`දහා කුඩා හා මහා පරිමාණ කණ්ඩායම් 34ක් පමණ දායක වූ බැව් පෙනී යයි. මෙම කණ්ඩායම් අතුරින් වේළුපිල්ලෙයි ප්රභාකරන්ගේ නායකත්වයෙන් යුතු වූ එල්.ටී.ටී.ඊ සංවිධානය අවසානය තෙක් තම අරගලය උදෙසා පෙනී සිටියේය.
ප්රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැ`දින්වූයේ ‘තම්බි’ (මල්ලි) යන සුරතල් නමිනි. ඔහුගේ පියා වීරසාමි තිරුවෙන්ගඩාම් වේළුපිල්ලෙයි වූ අතර මව පාර්වතී පිල්ලෙයි නම් වූවාය. ඔහුගේ පවුල මුහුදුබඩ ප්‍රදේශයක් වූ වැල්වැටිතුරෙයිහි පදිංචිකරුවෝ වූහ. ඔවුහු ‘තිරුමනි කුඩුම්බන්’ නැතිනම් ‘තිරුමනි පවුල’ ලෙසින් ප්රකටව සිටි අතර එම ප්‍රදේශයේ ගෞරවයට පාත්‍ර වූ පවුලක් විය. වැල්වැටිතුරෙයි පිහිටි සුප්‍රකට සිවන් කෝවිල ඉදිකරනු ලැබුවේ මෙම පවුලේ ආදිතමයන් විසිනි.
ළමාවියේ ප්රභාකරන්ගේ පි‍්‍රයතම කී‍්‍රඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු කී‍්‍රඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා කි‍්‍රයාදාම චිත්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවදියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපොල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුලමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කථා කළේය.
ප්රභාකරන්ගේ දේශපාලනික ආකල්ප හා සිතිවිලි තීව්ර කරනු ලැබුවේ සමකාලීන සිදුවීම් හා පරිසරය ඇසුරිණි. 1958 දී ඇතිවූ දෙමළ විරෝධී සිදුවීම් පිළිබ`ද ඇතැම් බිහිසුණු පුවත් ඔහු ඇසුවේ සිවු හැවිරිදි දරුවකු ලෙසිනි. දිනක් ප්රභාකරන්ගේ නිවසට පැමිණි කාන්තාවකගෙන් ඔහුට අමුතු පුවතක් අසන්නට ලැබිණි. ඇයගේ දෙපාවල පිළිස්සුම් කැළැල් තිබූ අතර ඒ පිළිබ`ද කුතුහලයෙන් යුතු වූ දරුවාට දැනගත හැකි වූයේ ඇගේ නිවස සිංහල කලහකාරීන් පිරිසක් ගිනිතැබූ අවස්ථාවේ දෙපා පිළිස්සුණු බවයි. පානදුර නගරයේ බ්‍රාහ්මණ පූජකයකු ගිනි තබා මරා දැමුණු පුවතක් හා කුඩා දරුවකු තාර බැරලයකට විසි කළ පුවතක් ද ඔහුගේ කණ වැකී තිබිණි. මෙම පුවත් ඔහුගේ අනාගත දේශපාලන හා යුදකාමී මාර්ගය සකස් කළේය.
වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ජීවත් වීමද ප්රභාකරන් යුදකාමී මාවතකට යොමු කරවූයේය. වැල්වැටිතුරෙයි යනු හොරබඩු ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වූ අතර එය එම ප්‍රදේශයේ උප සංස්කෘතියක් බවට පත්වී තිබිණි. නිදහසට පෙර කාලයේද ‘මොන්ටි කි‍්‍රයාන්විතය’ නමින් හැ`දින්වුණු මෙහෙයුමක් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් හා හොරබඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් වූයේය. මේ හේතුවෙන් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ හමුදා ක`දවුරු ස්ථාපිත කෙරුණේ 1950 දසකයේ පටන්ය. ප්‍රදේශවාසීන් හා ආරක්ෂක ක`දවුරු අතර විරෝධතා පැන නැගුණේ එතැන් සිටය. ප්රභාකරන් ඇතුළු වැල්වැටිතුරෙයි තරුණයන් අතර මෙම ආරක්ෂක ක`දවුරු පිහිටුවීමට වගකිවයුතු කොළඹ පාලනය සමග දැඩි කෝපයක් නිර්මාණය වී තිබිණි.
1960 දසකයේ අග භාගයේ සහ 70 දසකයේ මුල් භාගයේ ප්රභාකරන් දේශපාලනික වශයෙන් මුහුකුරා ගියේ මෙවැනි පසුබිමක් තුළය. කයිට්ස් මන්තී‍්‍රවරයාව සිටි වී. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ලෙසින් හැ`දින්වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වූයේ මෙම වකවානුවේය. ෆෙඩරල් පක්ෂයේ ‘රත්රන් මොළකරුවා’ ලෙසින් හැ`දින්වුණු නවරත්නම් 1968දී ‘තමිසාර් සුයාට්චි කසාගම්’ නොහොත් ‘දෙමළ ස්වයංපාලන පක්ෂය’ නමින් පක්ෂයක් නිර්මාණය කළේය. ‘ස්වයංපාලන’ යනුවෙන් අදහස් කෙරුණේ වෙනම රාජ්‍යයක් යන්නයි. මෙම අවධියේ වෙනුගෝපාල් මාස්ටර් නම් ගුරුවරයකු ප්රභාකරන්ගේ මහත් ගෞරවයට පාත්රව සිටියේය. වෙනුගෝපාල් මාස්ටර්, නවරත්නම්ගේ අනුගාමිකයකු විය. ප්රභාකරන් ඇතුළු ඔහුගේ ශිෂ්‍යයෝ නවරත්නම්ගේ ස්වයං පාලන පක්ෂයේ බැතිමත් අනුගාමිකයන් බවට පත් වූයේ වෙනුගෝපාල් මාස්ටර්ගේ මගපෙන්වීමෙනි.
ස්වයංපාලන පක්ෂය ‘විඩුතලෙයි’ (විමුක්තිය) නමින් පුවත්පතක් එළිදැක්වීය. නවරත්නම් ලියොන් යුරිස්ගේ ‘එක්සඩස්’ නවකථාවේ පරිවර්තනයක් කොටස් වශයෙන් එම පුවත්පතේ පළ කළේය. ඔහු එය පළ කළේ ‘නාමක්කෙන්ඩ්රෝරු නාඩු’ නොහොත් ‘අපේම රටක්’ යන ශීර්ෂයෙනිි. මෙම නවකථාව කියවීමෙන් ප්රමෝදයට පත් ප්රභාකරන් දෙමළ ජනයා උදෙසා වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ සිහිනය දකින්නට විය. 1970 මැතිවරණයෙන් දෙමළ ස්වයං පාලන පක්ෂය පරාජයට පත් විය. නවරත්නම් ඇතුළු පක්ෂයේ සියලූම අපේක්ෂකයෝ පරාජය ලබා සිටියහ. එහෙත් එම පක්ෂය විසින් වපුල ස්වයං පාලනය නම් බීජුවටය ප්රභාකරන්ගේ හදවතේ සහ මනසේ පැලවෙමින් තිබිණි.
1970 වසරේ හඳුන්වාදුන් ප්රමිතිකරණය හේතුවෙන් යාපනයේ දෙමළ තරුණ තරුණියෝ රැඩිකල්වාදීන් බවට පත්වෙමින් සිටියහ. ඔවුහු දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය සහ දෙමළ තරුණ ෆෙඩරේෂනය පිහිටුවා ගත්හ. රැුස්වීම් සහ පෙළපාලි පැවැත්විණි. ප්රභාකරන්ද මෙම තරුණ රැළි හා රැස්වීම්වලට සහභාගී වූයේය. එහෙත් කෙටි කලකින්ම එකී රැස්වීම් හා අවිහිංසාවාදී විරෝධතා ඔහුට අප්‍රසන්න විය. ඔහු ඊශ්රායෙල හැගන්නා සහ ඉර්ගුන් ප්‍රබන්ධවලින් උද්වේගයට පත්ව සිටියේය. ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කළ හැක්කේ බලය පෙන්වීමෙන් බව ඔහු සිතීය. ගිනි අවියක් මිලට ගෙන වෙඩි තැබීම පුහුණු වීම ඔහුගේ අරමුණ විය. සම්බන්ධන් නම් නමගිය මැරයෙක් පේදුරු තුඩුව ප්‍රදේශයේ වාසය කළ අතර ඔහු අනවසර ගිනි අවි වෙළ`දාමේ නිරතව සිටියේය. ප්රභාකරන් සම්බන්ධන් හමුවී ගිනි අවියක් ලබාගත හැකිදැයි විමසූ විට පරණ පිස්තෝලයක් රුපියල් 150කට ලබාදීමට සම්බන්ධන් කැමති විය. ප්රභාකරන් හා ඔහුගේ සගයෝ එම මුදල සෙවීමට වෙහෙසුණහ. ඔවුන්ට එකතු කරගත හැකි වූයේ රුපියල් 40ක් පමණි. තම මස්සිනා විසින් ත්‍යාග කළ රන් මුදුවක් ප්රභාකරන් සතු විය. ඔහු එය අලෙවි කොට ගිනි අවිය ලබා ගැනීම ස`දහා අවශ්‍ය ඉතිරි මුදල සොයා ගත්තේය. ප්රභාකරන් තම ප්‍රථම ගිනිඅවිය මිලට ගත්තේ ඒ අයුරිනි.
මනියම් නැතිනම් මනි නමින් ප්රභාකරන් රහසිගතව විශ්‍රාමික හමුදා භටයකුගෙන් ගිනි අවි පුහුණුව ලැබීය. මේ කාලයේ මෙම තරුණයා පිළිබ`ද පොලිසියට ඉව වැටී තිබුණද පොලිසිය දැන සිටියේ මනී යන නම පමණක් හෙයින් පොලිස් ඇසට වැලි ගැසීමට ප්රභාකරන් සමත් විය. දිනක ඔහු තම අරමුණ සාක්ෂාත් කර ගැනීම ස`දහා නිවසින් පිටව ගියේය. පිටත්ව යෑමට පෙර නිවසේ තිබූ තම ඡායාරූප සියල්ල විනාශ කිරීමට ප්රභාකරන් වගබලා ගත්තේය. ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසියට පාසල් විභාග ස`දහා භාවිත කළ ප්රභාකරන්ගේ තැපැල් හැ`දුනුම්පත් හැරුණු විට වෙනත් කිසිදු ඡායාරූපයක් සොයාගත නොහැකි වූයේ එහෙයිනි.
ප්රභාකරන් තවත් සගයන් කිහිප දෙනකු හා එක්ව ‘නව දෙමළ කොටි’ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේය. 60 දසකයේ මුල් භාගයේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ රැඩිකල් තරුණයකු වූ නුනාවිල්හි රාජරත්නම් දෙමළ අයිතීන් උදෙසා සටන් කරනු වස් ‘කොටි’ නමින් කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. මෙම කණ්ඩායම කිසි දිනෙක ඉස්මතු වූයේ නැත. ප්රභාකරන් තම සංවිධානයට ‘කොටි’ යන්න උපයාගත්තේ මේ ඇසුරිණි. නව දෙමළ කොටි යන්නෙහි සංකේත නාමය ටී.එන්.ටී. යන්නය. එය පුපුරණ ද්‍රව්‍ය හැඳින්වීම සඳහාද භාවිත වූ සංකේත නාමය විය.
නව දෙමළ කොටි සංවිධානයේ නායකයා වූයේ කල්වියන්කාඩුහි තණබාලසිංහම් නොහොත් චෙට්ටිය. ටී.එන්.ටී. සංවිධානය පිළිබ`ද පොලිසියට ඉව වැටී එහි සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා විට ප්රභාකරන් මුහුදු මගින් තමිල්නාඩුවට පලා ගියේය. ඔහු නැවත මෙරට පැමිණියේ හැත්තෑව දසකයේය. ප්රභාකරන් ශ්‍රී ලංකාවේදී කිසි විටෙක අත්අඩංගුවට පත්වූයේ නැත. මේ අවධියේ උතුරේ සිටි තරුණ කණ්ඩායම් විවිධ ප්රචණ්ඩ කි‍්‍රයාවල නිරත වෙමින් සිටියහ. දෙමළ නව කොටි තම ප්‍රථම බිල්ල ලෙස 1975 ජුලි මාසයේ යාපනය හිටපු මන්තී‍්‍ර සහ පුරපතිවරයා වූ ඇල්ෆ්රඞ් දුරෙයිඅප්පා පොන්නාලෙයි වර්ධරාජාපෙරුමාල් (විෂ්ණු කෝවිල) කෝවිල අසලදී ඝාතනය කළහ. එම ඝාතනයට ප්රභාකරන් ඇතුළු තරුණයන් සිව්දෙනෙක් සහභාගී වූහ. ප්රභාකරන්ගේ අනාගත ඝාතන වැලක පළමු බිල්ල වූයේ දුරෙයිඅප්පාය.
ටී.එන්.ටී.ය, එල්.ටී.ටී.ඊය බවට පරිවර්තනය වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ති‍්‍රක්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප්රභාකරන්ය. නව සංවිධානය මෙහෙයවීමට සහ තීන්දු ගැනීම ස`දහා පස් දෙනකුගෙන් යුතු කමිටුවක් ස්ථාපිත කෙරිණි. උමා මහේස්වරන් සහ ප්රභාකරන් යන දෙදෙනාම මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ. එල්.ටී.ටී.ඊ.යේ මුඛ්‍ය අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර කලාපයේ වෙනම රාජ්‍යයක් නොහොත් දෙමළ ඊළාමය බිහිකරලීමය. ඔවුහු ඒ ස`දහා ගරිල්ලා යුද ක්‍රමයට සමාන සන්නද්ධ අරගලයකට ප්රවිශ්ට වෙමින් සිටියහ.
සංවිධානය පිහිටුවා දින 09කට පසු එනම් 1976 මැයි 14 වැනි දින දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වඩුක්කොඩෙහිදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් වෙනම රාජ්‍යයක් යන සංකල්පය රැුගත් යෝජනාවක් සම්මත කර ගත්හ. 1977 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මැතිවරණයට තරග කළේ මෙකී බෙදුම්වාදී සංකල්පය පෙරටුකර ගනිමිනි. මැතිවරණය යනු ජනමත විමසුමක් බවද, තම පක්ෂයට ලබා දෙන ඡන්දය වෙනම රාජ්‍යයක් ස`දහා වන වරමක් බවද ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයේ ස`දහන් විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරුxනැගෙනහිර දෙපළාතේ විශාල ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර පාර්ලිමේන්තුවේ ආසන 18ක් දිනාගත හැකි විය. එම පක්ෂයේ මහ ලේකම් අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පත් විය.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අරමුණු සමාන බවක් පෙනී ගියද ප්‍රයෝගික වශයෙන් එසේ නොවීය. යම් පමණකට මධ්‍යස්ථ ප්රතිපත්තියක සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දිස්ති‍්‍රක් සංවර්ධන සභා දෙමළ ඊළමය ස`දහා වන විකල්පයක්ය යන සම්මුතියකට හා එකඟතාවකට එළැඹී සිටියහ. එහෙත් ‘කොල්ලන් ’ ලෙසින් හැ`දින්වූ දෙමළ සන්නද්ධ තරුණයෝ මෙම ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ අතර තම අරමුණ ඉටුකර ගත හැකි වන්නේ සන්නද්ධ අරගලයකින් පමණක් බවට විශ්වාස කළහ. 1983 දෙමළ විරෝධී කෝලාහලය නොහොත් කළු ජූලිය විසින් නිර්මාණය කළ වාතාවරණය, මධ්‍යස්ථ කණ්ඩායම හා සන්නද්ධ කණ්ඩායම තාවකාලිකව එකතු කරනු ලැබීය.
එල්.ටී.ටී.ඊ සංවිධානය දෙකඩ වූයේ මේ අතරතුරය. උමා මහේස්වරන් සමග විශාල පිරිසක් ප්ලොට් (දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය) නමින් නව සංවිධානයක් බිහිකර ගත්හ. එල්.ටී.ටී.ඊ.යේ සිටි නාගරාජා හා අයියර් වැන්නවුන් තමන්ගේම මාර්ග සොයා ගියහ. එල්.ටී.ටී.ඊ.යේ සිටි ප්රභාකරන්ට හිතවත් අතලොස්සක් පමණ වූ සාමාජිකයන් පිරිසක් සංවිධානය හැර නොගොස් ප්රභාකරන් සමග රැු`දුණාහ. මෙම සිදුවීමෙන් කලකිරුණු ප්රභාකරන් ම`ද කලකට ඉන්දියාවේ පදිංචියට ගියේය. එම කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය රැුකගත්තේ සීලන්, මහත්තයා සහ රගු ඇතුළු පැරණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිපදෙනකු විසිනි.
තම සාමාජිකයන් විශාල පිරිසක් අහිමි වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය එක්තරා අවස්ථාවක තංගතුරෙයි සහ කුට්ටිමනීගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සමග සහයෝගයෙන් කටයුතු කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයත් ටෙලෝ සංවිධානයත් එක්කොට නව සංවිධානයක් බිහිකිරීම ප්රභාකරන්ගේ අරමුණ විය. 1981 ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ටෙලෝ නායකයන් වූ තංගතුරෙයි, කුට්ටිමනී සහ ජෙගන් අත්අඩංගුවට ගත් බැවින් නව සංවිධානයක් බිහිකිරීමේ සිහිනය ඉරිතලා ගියේය.
එල්ටී.ටී.ඊ.ය එහි නායකයා හා සන්නද්ධ නායකයා වූ ප්රභාකරන් යටතේ කි‍්‍රයාත්මක වූයේය. පසුව චාල්ස් ඇන්තනි නොහොත් සීලන් සන්නද්ධ නායකයා ලෙස පත් විය. 1983 ජුලි මාසය වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සිටියේ පූර්ණ කාලීන සාමාජිකයන් 23 දෙනකු හා අර්ධකාලීන සාමාජිකයන් සත් දෙනකු පමණි. ඒ හැර සියලූ වයස්වලට අයත් සහයෝගය දක්වන්නන් විශාල පිරිසක් ද ඔවුන් වටා සිටියහ.
1983 ජුලි 23 වැනිදා තිරුනෙල්වේලියේදී එල්.ටී.ටී.ඊ.ය බිම්බෝම්බයක් අටවා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කළේය. එය 1983 දෙමළ විරෝධී කෝලාහලය නිර්මාණය කිරීමට මග පෑදීය. එම කෝලාහලය දෙමළ ඊළමක් ස`දහා වන අරගලයට දායක වනු පිණිස දෙමළ තරුණ තරුණියන් විශාල පිරිසක් සන්නද්ධ කණ්ඩායම් වෙත ඇදී එන්නට මාවත නිර්මාණය කළේය. ඉන්දියාව මේ පිරිස පුහුණු කිරීමටත් ඔවුනට අවි ආයුධ ලබාදීමටත් කටයුතු කළේය. මෙම සන්නද්ධ කල්ලි අතරද ගැටුම් ඇතිවිය. අවසානයේ එල්.ටී.ටීඊ.ය සියල්ලන් අබිභවා නැගී සිටියේය.
1987 ජුලි 29 වැනි දින අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම දෙමළ දේශපාලනය වෙනස් මාවතකට යොමු කරනු ලැබිණි. එල්.ටී.ටී.ඊ.ය හැර අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය බෙදාහැරීමේ කි‍්‍රයාවලියට කැමැත්ත පළ කළහ. එල්.ටි.ටී.ඊ.යද එයට අනුකූලත්වය දක්වන බවක් පෙන්වමින් අවි ස්වල්පයක් භාරදීමට කටයුතු කළ අතර දිරි ගැන්වීමක් ලෙස දිල්ලි රජය ලබා දුන් මාසික ගෙවීමද ලබා ගත්තේය. එහෙත් පසු කාලයේ එම මාර්ගයෙන් ඉවත් වූ ඔවුහු තම සන්නද්ධ අරගලයේ දිගටම නිරත වූවෝය.
පසුකාලයේ පත්වූ විවිධ රජයන් හා එල්.ටී.ටී.ඊ.ය අතර සාම සාකච්ඡුා වට ගණනාවක් පැවැත්විණි. මෙම කිසිදු සාකච්ඡුාවක් සාර්ථක නොවූ හෙයින් ශ්‍රී ලංකාව නොනවතින යුද්ධයක පැටලී තිබිණි. මේ කාලයේ එල්.ටී.ටී.ඊ.ය විවිධ අංශවලින් සුවිශාල වර්ධනයක් අත්පත් කරගනිමින් සිටියේය. 1983 සංඛ්‍යා දෙකකට සීමා වූ එල්.ටී.ටී.ඊ. සාමාජික පිරිස 1987 වන විට සංඛ්‍යා පහක් දක්වා වර්ධනය වී තිබිණි. ලොව පුරා පැතිර සිටි දෙමළ ඩයස්පෝරාව සමග සබ`දතා වර්ධනය කර ගත්හ. 1990 සිට උතුරු-නැගෙනහිර ප්‍රදේශ තම පාලනයට නතු කර ගැනීමට එල්.ටී.ටී.ඊ. සමත් විය. එල්.ටී.ටී.ඊ. පාලනයට නතු වූ ප්‍රදේශවල ඔවුන් තමන්ගේම පොලිස් ස්ථාන, උසාවි, දේශීය ආදායම් කාර්යාල, රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා, චිත්‍රපට ආයතන, පුවත්පත්, බැංකු, ආගමන විගමන කාර්යාල, ව්‍යාපාර හා ගොවිපළ මෙන්ම ඔවුන්ගේ නීති පද්ධතියක්ද පවත්වාගෙන ගියහ. සන්නද්ධ වශයෙන්ද ඔවුහු ස්ථාවරව සිටියහ. පාබල හමුදාව, කාන්තා බලකාය, කමාන්ඩෝ බලකාය මෙන්ම බිම් බෝම්බ ඇටවීම, මෝටාර් හා කාලතුවක්තු සේනාංක, ස්නයිපර් ස්නාංක සහ යුද ටැංකි නාශක බලකායන්ද නාවික හමුදාවක් හා ගුවන් හමුදාවක්ද නිර්මාණය කර ගත්හ. එහෙත් දෙමළ ඊළාම් රාජ්‍යය පිළිබ`ද සිහිනය 2009 මැයි මාසයේ බො`දවී ගියේය.
දෙමළ ඩයස්පෝරාවේ සහායෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තර ජාලයක් නිර්මාණය කර ගෙන තිබිණි. ලොව පුරා පැතුරුණු මාධ්‍ය ජාල මගින් සංවිධානය පිළිබ`ද පුළුල් ප්‍රචාර ගෙන ගිය අතර එමගින් විශාල වශයෙන් අරමුදල් රැස්කර ගැනීමට සමත් විය. ලොව පුරා පැතිරුණු මහා පරිමාණ ව්‍යාපාර ඔවුන් සතු විය. එල්.ටී.ටී.ඊ.ය සාර්ථකත්වය කරා ළඟා වුවද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය පිරිහීමට පත් වූයේය. පසුගාමී දෙමළ සමාජයක් නිර්මාණය කෙරිණි. එදා එල්.ටී.ටී.ඊ.ය අසන්නට අකමැති වූ සහ ප්‍රතික්ෂේප කළ, එහෙත් යථාර්ථවාදී සත්‍යය එය විය.
පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමාවිය. එහෙත් දෙමළ ඊළමක් ස`දහා වූ යුද්ධය දසක ගණනක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාත්මකම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහණයෙන් 48%ක් වැනි ප්රමාණයකි. එල්.ටී.ටී.ඊ.ය දෙමළ ජනයාගේ නැතිවී ගිය අයිතිවාසිකම් නැවත ලබාදීමට සාර්ථක අඩිතාලමක් දමා තිබුණේ නැත. සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් ස`දහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ප්රභාකරන් කි‍්‍රයා කළේය. ඔහු හැසිරුණේ තම සොල්දාදුවන්හට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිද්දෙන් තමන්ගේ සියලූ බෝට්ටු විනාශ කළ ආක්රමණික ජනරාල්වරයකු පරිද්දෙනි. ඔහුට නැවත හැරී බැලීමක් නොවීය.
මේ වන විට ප්රභාකරන් හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ නොමැත්තේය. එහෙත් ඔහු විසින් දෙමළ ජනතාවට සිදු කළ මහා ව්‍යසනය බොහෝ කාලයක් ගතවන තෙක් නොමැකී පවතිනු ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එල්.ටී.ටී.ඊ.යේ පරාජය සහ ප්රභාකරන්ගේ මරණය
සාමා Thursday, 21 May 2015 01:47 AM
චම්පික , සමන් , වසන්ත , ඔයාල තුන්දෙනාම ලස්සනට කියලා තියෙන නිසා මම චතුරි ගැන මුකුත් නොකියා ඉන්නවා. ඒත් එක දෙයක්. අපේ රටේ තාමත් බත් කන හරක් ඉන්නවා කියා නම් පෙනෙනවා චතුරි ලියන දේවල් වලින්. (නි)
ඇලෙක්ස් Sunday, 24 May 2015 02:32 PM
මහින්ද ජනපති වුණේ නැත්නම් අද ලංකාව කෑලි දෙකකට කැඩිලා. මේක තාමත් සමහර ගුණමකු සිංහලයන්ට තේරෙන්නේ නැහැ.තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා (නි)
චරිත් Saturday, 23 May 2015 09:33 AM
මෙහි පහත සඳහන් යූ ටියුබ් එකේ වාසගමෙන් කුක් නම් එංගලන්ත දැරිවිය ප්රමුඛ දැරිවියන් 4 දෙනා, අපේ ජාතික ගීය වාදන කරන හැටි නරඹන්න. ‘මින් දෙන පනිවිඩය තමයි’ 'බ්‍රිතාන්‍ය ජාතික ගීය' ලන්ඩන් වල ඉන්නා ‘සියලු අන්‍ය ජාතිකයන් ගෙ බස් වලින් ගැයීම' අනවශ්‍යයි කියන එක. එ් වගේම තමයි, මට වැටහී ඇති ආකාරයට, ලෝකෙන් ම ‘බ්‍රතාන්‍ය පුරවැසිකම්’ ගන්න අය, රජ පවුලට ලැදිය කියා සහ එ් රටේ බස උගෙන, එ් රටේ ඉතිහාසය හා අදාලව ඒ රටේ ප්‍රධාන ආගම ක්‍රිස්තියානිය කියා පිලි ගන්න එක අත්‍යවශයයි. ‘'ඒක එහෙම වෙන්න බැරිය, ක්‍රිස්තියානි ආගම ට මුල් තැන හිමිවෙන්න බැරිය, ඉන්ග්‍රීසි අකුරක්වත් ඉගෙනීම අනවශ්‍යය'’ කියා ප්‍රසිද්ධියේ කීවොත් එහේ පුරවැසිකම් ගැනීම් බොරු. (නදී)
සමන් Wednesday, 20 May 2015 05:40 AM
චතුරි මහින්දට ගුණමකු උනේ නෑ. අපි හැමෝම ඒ කාලේ පක්ෂ බේද අත හැරලා ඡන්දෙ දුන්නා.. ඔයා කියන මහින්ද තමා රටේ ජනතාවට ගුණමකු උනේ..ඔයාගේ වචන පාවිච්චි කරන කොට තේරුමක් ඇතිව කියන්න "ගුණමකු සිංහලයා" මට හිතට එන ඒවා කියන්න විදියක් නෑ ගැහැනියක් නිසා. (ස)
දිනේෂ් Wednesday, 20 May 2015 11:53 AM
අපි හැමෝගෙම වගකීම ජාති ආගම කුල වලට නොබෙදි එකම ජාතියක් විධියට කල්පනා කරන එක හැමෝටම හිතන්න පුළුවන් වෙචච කලේක අපිට පෙනේ. සාමය හා යුධය අතර වෙනස (ම)
දුලිප් Wednesday, 20 May 2015 12:12 PM
දැන් යුද්ධය නැහැ දැන් රටේ සල්ලි නැතිකරපු හොරු ටික අල්ල ගන්න එක (බ)
සොලමන් Friday, 22 May 2015 08:18 AM
දැන ඔක්කොම චන්ඩි . බුද්ධිමත් . අනේ මගේ කට . මහින්ද නැත්නම් පවුල් පිටින් වල පල්ලේ. (බ)
චතුරි Tuesday, 19 May 2015 07:30 PM
මහින්ද ජනපති වුණේ නැත්නම් අද ලංකාව කෑලි දෙකකට කැඩිලා. මේක තාමත් සමහර ගුණමකු සිංහලයන්ට තේරෙන්නේ නැහැ.තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා (නි)
චානක Saturday, 23 May 2015 05:15 AM
දයා පතිරණ,(නැවත ලනු කා කුලප්පු වී 71 සහ 89 මේ රටේ තරුනයන් අවි ගෙන නැසීම සහ) මේ රටේ දෙමල තරුනයන් 2009 දී මරා ගෙන මැරෙන ලෙස අවිගෙන නැසීම, නැවත වෙන එක වැලකීමට‘සාමාන්‍ය හුදී සිංහල ජනයාට නැති, ‘සමාන්‍ය හුදී දෙමල සහ මුස්ලිම් ජනයට’ පමනක්, කොලඹ සහ ඉන් එපිට ඇති, ප්‍රශ්න මොනවද කියල ජවිපෙ විසින් සොයා බලා තවමත් ප්‍රසිද්ධ කර නැත්ද? නැත්නම් තවත් වතාවක් අපේ වීරයෙක් ව ‘කැරලි මර්දනයට' තල්ලු කිරීමට ජවිපෙට සිදුවෙනු ඇත! (ස)
නුවන් Tuesday, 19 May 2015 10:29 AM
නියපොත්තෙන් කඩන්න තිබුණු දෙයක් පොරවෙන් කපන තැනට ගෙන ගියේ හිටපු නායකයන්ගේ දුර්වලතා හේතුවෙනි!(හේ)
මුදියන්සෙ Wednesday, 20 May 2015 01:44 PM
මේ පින්තූරෙ ඉන්න හාදයත්, රෝහන විජේවීරත් දෙදෙනම කලේ ‘යුද්ධ’ නෙවී. මොකද රටවල් දෙකක් මේ ලන්කාවේ කවදාවකවත් නොතිබුන නිසා. නමුත් හැම බීබීසී වාර්තාවකම සඳහන් වුනේ ජවිපෙ කලේ කැරැල්ලක් බවත්, කොටි කලේ යුද්ධ්යක් කියායි! මේ හාදය මැරුනම තමයි, ත්‍රස්තවාදි නායකයන් ව මරන ‘මානව හිතවාදි නොවන ක්‍රම ගැන’ චැනල් 4 පරීක්ශන ඕන කීවෙ. (එතකන් චැනල් 4 කිසිම සද්දයක් කලේ නෑ!) ’’ජවිපෙ ත්‍රස්තවාදි නායකයන් ව මැරූ ‘මානව හිතවාදි නොවන ක්‍රම ගැන’ පරීක්ශන ඕන’’ කියල අඩුම ගානෙ අපේ අනුර කුමාර දිසානායක උන්නැහෙවත් තවම ප්‍රසිද්ධියෙ ඉල්ලල තියෙනවය!? එනිසා මේ රටේ උතුරේ සහ දකුනේ තරුණ ලමයි, නැවත කාගෙවත් ලනු කා කුලප්පූ වී, නිකරුනේ ආයුධ ගෙන නැසෙන එක වැලකීමට, ‘සින්හල දෙමල සහ මුස්ලිම් සාමාන්‍ය හුදී ජනයගෙ (දේශපාලකයන් ගෙ නෙවී) ප්‍රශ්න’ මොනවද කියා සොයා බලා, ඒවා ප්‍රසිද්ධ කර, වහා විසඳිය යුතුයි. (කේ)
අජිත් Thursday, 21 May 2015 12:36 PM
චතුරි, ඔබ හරියටම හරි. බත් කන හරක් කවුද කියලා උඩින් අදහස් දමා තිබෙන අයට තේරෙයි තව ටික කාලයක් මෙහෙම රට ඉස්සරහට ගියොත්. (නි)
බණ්ඩාර කටාර් Wednesday, 20 May 2015 09:21 AM
දෙමල කොටියට යුද අවි වලින් බැරිවුනු දේ යහපාලනය විසින් බන්දේසියක තබා පිරිනමයි (බ)
චම්පික Wednesday, 20 May 2015 03:29 AM
මහින්ද මහතා ජනපති වුණ නිසා ඔහුගේ දේශපාලන නායකත්වය යුද්ධයට ලැබුනා. ඒ නිසා ඔහුව මිනිස්සු දෙවරක් ජනාධිපති කළා. ගුණමකුකම් කළේ නැහැ. එතුමා තමන්ට ලැබුණු බලයෙන් අන්ධ වුණා. ඡන්දය අවුරුදු 02 කට කලින් තිබ්බා. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථාවර නැහැ. බුදු දහම ඇත්ත කියලා පෙන්වීමට හොඳම උදාහරණය මේක. (නි)
නුවරඑළියේ වසන්ත Wednesday, 20 May 2015 09:21 AM
චතුරි - ඔබ හරි, 'ගුණමකු සිංහලයෝ' ලක්ෂ 58ක් මේ රටේ ඉන්නවා. එත් මොලේ තියෙන විචාර බුද්ධියක් තියෙන ලක්ෂ 62කුත් මේ රටේ ඉන්නවා. කළගුණ සැලකීම යනු චෞරත්වයට බලපත්‍ර දීම නොවේ. චතුරි වැන්නවුන් මේ රටේ සිටින තාක් කල් ජඩ දේශපාලනයෙන් මේ රට අත්මිදෙන්නේ නෑ, රට කවදාවත් දියුණු වෙන්නෙත් නෑ.(බ)
උපුල් Friday, 22 May 2015 05:46 AM
අජිත්,පාමංකඩ තොප්පිගල වැරදියට අර්ථ දක්වපු අයට සහ ‘කැරලි මර්දනය‘ ඕන ‘ගොනෙකුට’ කරන්න පුලුවන් කියපු ඇත්තන්ව නම් කරන්න පුලුවන් ‘මොන වගේ ආහාර ගන්න සත්වයන් වශයෙන්ද’ අපට කියල දෙන්න පුලුවන් ද? (බ)
රොෂාන්ත සිල්වා Tuesday, 19 May 2015 03:40 PM
1970 දී හඳුන්වාදුන් ප්‍රමිති කරන පනත මේ සියල්ලක ආරම්භය බව හැඟෙනවා. ලප් තැනම ලොප් කරන්න තිබුණ මෙය පාලකයන්ගේ දුර්වලතා හා සුනඛ ඉන්දියා රාජ්‍යයේ සහයෝගය නිසා මුහුකුරා ගියා (බ)
තීක්ශන Wednesday, 20 May 2015 10:04 AM
මට හිතෙන හැටියට, මේ සිදුවිලි දාමයේ ඉතාමත් සැලසුම් සහගතව කරන ලද දේ තමයි, අර සාස්තර කාරයට කවුදෝ පගාවක් දී, මැතිවරනෙ අවුරුදු දෙකකට කලින් තියන්නය කියල, මේ රට බේර ගත්ත වීරයට දිරච්ච ලන්නක් දීපු එක. අවුරුදු දෙකකට කලින් මැතිවරනෙ තැබීමට පිලිගත හැකි හේතුවක්, තාමත් අපේ වීරයට දී ගන්න බැරි වුනා. (ස)
දයා පතිරණ Saturday, 23 May 2015 02:22 AM
යුද්දය වෙනුවෙන් මහින්ද කරපු දෙයක් නැහැ. යුද්ද කරන්න බැහැ කියා කියා හිටිය මහින්ද යුද්දයට තල්ලු කලේ ජවිපෙයි. (නදී)
Damayanthi Abeygoda Thursday, 10 May 2018 02:57 PM
බිහිසුණු මවක් වීම ගැන කණගාටුයි
ඉලුක Wednesday, 19 May 2021 11:18 AM
ප්රභාකරන්ගේ මුලු පවුලම මළාද..? එහෙම නැත්නම් කොහේ හෝ එක ළමයෙක් හරි ඉතුරුවෙලා ඉන්නවාද?