IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එස්.බී.ට - ඩිලාන්ට බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජාතික පක්ෂයේ ඔඩු දුවමින් පවතින අර්බුදයත් සමඟ සිදුවූ දෙවැනි පිපිරීමට හසුවූයේ ජනපති සිරිසේනගේ නායකත්වය යටතේ වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. 

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජීත් පේ‍්‍රමදාස නම් කැරුණේ නම් ඔහු සමග දේශපාලන එකගතාවයක් ඇතිකර ගැනීමේ අදහසක් ජනපති සිරිසේනට විය. නමුත් ඔහු අත තිබූ කාලය ක‍්‍රමයෙන් ක්ෂය වෙමින් තිබුණු අතර, එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය කඩිනමින් විසෙදන්නක් නොවන බව ඔහු විශ්වාස කළේය. 

දෙකඩ වී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නැවත සංහිදියාවක් ඇතිවීමේ සේයාවකුදු දක්නට නොමැති යැයි ජනපතිවරයා සිය හිතවතෙකු හමුවේ ද පැවසුවේය. එම නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වඩා සුදුසු වන්නේ ජයග‍්‍රහණය කළ හැකි අපේක්ෂකයාට සහාය දැක්වීම බව ඔහු වැඩිදුරටත් කිවේය. ඒ අනුව ඔහු වැදගත් තීරණයක් ගත්තේය. එය නම් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සමග එකඟතාවයක් ඇතිකර ගැනීමය. 

මේ අරබයා ඔහු වෙත ලැබුණු එක් යහපත් පුවතක් වූයේ එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගැනීමේ සූදානමින් පසුවුනු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික පිරිස දැන් එම පක්ෂයේ ඇතිව තිබෙන අර්බුදය සැළකිල්ලට ගෙන, පියවරක් පසුපසට තැබීමේ සූදානමකින් පසුවන බවය. මෙකී එකඟතාවය ඇතිකර ගැනීම අරබයා ජනපති සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති අදහස් හුවමාරු කරගැනීම්වලින් පසුව මේ වන විට එම කටයුතු අවසානයක් කරා ළගා වී ඇත.

දෙපාර්ශවය අතර සබදතාවය තවදුරටත් ඔපමට්ටම් කිරීමේ කටයුතු දින කිහිපයක් පුරා සිදුවෙමින් පැවැතිණි. ජනපතිවරයා සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවැති හමුවක දී මෙම කරුණු අවධානයට ගැනිණ.එසේ ඇතිකරගත් එකගතාවය යටතේ, පාර්ලිමේන්තු , පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉලක්ක කරගෙන පැවැත්වෙන මැතිවරණ සදහා කිසියම් ප‍්‍රතිශතයක අපේක්ෂක පිරිසක් ඉදිරිපත් කිරීම සදහා ද, කැබිනට් මණ්ඩලයක් සකස් කිරීමේ දී එහි කිසියම් ආසන ප‍්‍රමාණයක් තමන් වෙනුවෙන් වෙන් කරගැනීම සදහා ද, ජාතික ලැයිස්තුවෙන් කිසියම් අපේක්ෂකයින් ප‍්‍රමාණයත් පාර්ලිමේන්තුවට පත්කිරීම සදහා ද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව සැළසෙනු ඇත.

එසේවුව ද, කලක් තම හිතවතකුව සිටි සහ වරක් තැරැව්කරුවකු ද ලෙස කටයුතු කළ එස්. බී. දිසානායක මහතාට සහ ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැරගොස් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ හා එක්වීම මුල් කරගනිමින් විනය පියවර ගැනීමට ජනපතිවරයා තීරණය කර තිබේ. 

හමුවීමට අවස්ථාවක් ඉල්ලා බැසිල් රාජපක්ෂ අමතා තිබෙන දිසානායක මහතා, එම අවසරය ලැබුණු පසු ඩිලාන් පෙරේරා ද කැටුව ගොස් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම සදහා ඔවුන්ගේ ඉල්ලූම් පත‍්‍ර භාර දී ඇත. රාජපක්ෂ එම අයදුම්පත් භාරගෙන තිබෙන්නේ ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකරය. නව සාමාජිකයන් පක්ෂය වෙත සාදරයෙන් පිළිගන්නේ වුව ද, වහාම ප‍්‍රමුඛත්වය ලබාදෙන්නේ ආරම්භගේ සිටිම පක්ෂය සමඟ සිටි සාමාජිකයන්ට බව බැසිල්, ඔවුන් දෙදෙනට සිහිපත් කර දී තිබේ. පක්ෂයට එරෙහිව ප‍්‍රසිද්ධියේ අදහස් නොදක්වන ලෙසට ඔවුන්ට උපදෙස් ද දී තිබෙන ඔහු, එසේවුවත් පක්ෂ අභ්‍යන්තරයේ සිට විවේචන සිදුකිරීමට අවසරය තිබෙන බව පවසා ඇත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අතර දේශපාලනමය බැදීමක් ඇති කරගැනීම අරබයා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමක දී අනුමැතිය පළවිය. මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ අඟහරුවාදා වුව ද, විපක්ෂ නායකවරයා සහ ජනපතිවරයා අතර හමුවක් සංවිධානය කර තිබූ හෙයින් එය පසු දිනකට කල් දැමිණ. ජනපති සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා දෙදෙන ගෙවුණු බදාදා දිනයේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දී එකිනෙකා හමුවූහ. එහි දී ඒකාබද්ධ සන්ධානය පිහිටුවීම සදහා වන ව්‍යවස්ථාව අනුමත විය.

පිටු 8කින් සමන්විත ශී‍්‍ර ලංකා පොදු ජන ඒකාබද්ධ පෙරමුණේ ව්‍යවස්ථාවේ සදහන් කරුණු කිහිපයක් පහත දැක්වේ.

• ශී‍්‍ර ලංකාවේ නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් වසර 30ක් පුරා දිවූ බෙදුම්වාදී යුද්ධයේ දී කැපකිරීම් කළ යුද විරුවන්ව කිසිදු ලෙසකින් යුද අධිකරණ ඉදිරියට කැඳවීමට හෝ ඔවුන්ව සුලූකොට තැකීමට කිසිදු ඉඩක් හෝ නොතැබීම

• පෞද්ගලික අංශයට නිදහසේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවල නියැළීමට තිබෙන හැකියාව තහවුරු කිරීම, ඒ සදහා අවශ්‍ය පහසුකම් ඔවුන් වෙත සළසා දීම සහ දේශීය ආයෝජකයින් ආරක්ෂා කිරීම.

• මහජනතාව මත සහ ව්‍යවසායකයින් මත පනවා තිබෙන අසාධාරණ බදු වෙනස් කිරීම


• අධිකරණය ඉදිරියේ සියලූම පුරවැසියන් එක හා සමාන බව තහවුරු කිරීම

• සියලූම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරනාතරම ඔවුන් හිංසනයට ලක් නොවන බව සහ ඔවුන්ට සමානව සැළකෙන බව ද තහවුරු කිරීම

• බෞද්ධාගමට ප‍්‍රමුඛත්වය හිමිවෙනු ඇත. අනෙක් ආගම්වල අනුගාමිකයන්ට ඔවුන්ගේ ආගමික කටයුතුවල නියැළීමට කිසිදු බාධාවක් නොතිබෙනු ඇත

• ආරක්ෂාව අරබයා විදෙස් බලවේගයකින් එල්ල වන කිසිදු තර්ජනයකට මාතෘ භූමිය ලක් නොවන බව තහවුරු කැරෙනු ඇත. රටේ ඒකීයභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සදහා පියවර ගැනෙනු ඇත

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වන සියලූම දේශපාලන පක්ෂ සහ සංවිධාන ඒ අරබයා ලිඛිත අවබෝධතා ගිවිසුම්වලට බැදිය යුතුවන අතර, එවැනි ගිවිසුම් සකස් කිරීමේ බලය විධායක කමිටුව සතුවේ, යැයි විශේෂ සදහනක් ද, නව සන්ධානය සදහා වන ව්‍යවස්ථාවේ අන්තර්ගත වේ. ඒ අනුව දෛනික පරිපාලන කටයුතු සහ දේශපාලන කි‍්‍රයාකාරකම්වල සම්බන්ධීකරණ කටයුතුවල වගකීම ලේකම් කාර්යාලයකින් ද සමන්විත විධායක කමිටුවකට පැවරෙනු ඇත. 

ශී‍්‍ර ලංකා පොදු ජන ඒකාබද්ධ පෙරමුණේ සියලූම නෛතික කටයුතු නීතිඥ රාජා කොල්ලූරේ මහතා යටතේ සිදුවිය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කළහ. ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ ප‍්‍රථම දේශපාලන පක්ෂ නායක රැස්වීම මෙය විය. එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ, නව පෙරමුණට එළිය සහ වියත්මග වැනි සංවිධාන නියෝජනය කරන විද්වතුන්ගෙන් සැදුම්ලත් මූලෝපායික කටයුතු සම්බන්ධයෙන් වන කණ්ඩායමක් සිටිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය. 

වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වමින්, ඔවුන් හෝ පක්ෂයට සම්බන්ධ වෙනත් පාර්ශවයන් හෝ ගන්නා සියලූ තීන්දු තීරණයන්, විධායක කමිටුවෙන් ගන්නා තීරණයන් විය යුතු බව පැවසුවේ ය.

විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පදනම් වනු ඇත්තේ කරුණු 3ක් මත බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ, විවිධ ප‍්‍රදේශවල විශාල ප‍්‍රදර්ශන පුවරු සවිකිරීම, මඩ ගැසීම සහ සාවද්‍ය ප‍්‍රචාර යැයි ඒවා එකිනෙක හදුන්වාදුන්නේ ය.අමාත්‍ය මංගල සමරවීර මෙවන් කටයුතු සම්බන්ධයෙන් කෙල පැමිණියෙකු බව පැවසූ රාජපක්ෂ, එවැනි අවස්ථාවලට ප‍්‍රතිචාර දැක්වීමට සහ ධනාත්මක මැතිවරණ ව්‍යාපාරයක නියැළීමට පෙරමුණ සූදානමින් සිටිය යුතු බව අවධාරණය කළේ ය. 

දැනට තමන් දරන කැදවුම්කරුගේ තනතුර වෙනත් කෙනෙකු සිටී නම් ඔහු වෙත භාරදීමට ද කැමැති බව රාජපක්ෂ පැවසුවේය. නමුත් එම තනතුර භාරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ තැන ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පසුවට කල් දැමිණ. 

කැඳවුම්කරුගේ තනතුර වෙනත් කෙනෙකු වෙත භාරදීමට බැසිල් රාජපක්ෂ කැමැත්ත පළකිරීම පසුපස තිබෙන හේතුව වන්නේ ඔහු ඇතැම් අවස්ථාවල අනෙක් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් නොවිමසාම තනිව කටයුතු කරන බවට නැගී තිබෙන විවේචනයන්ය. තමන් මෙසේ කැදවුම්කරුගේ තනතුර වෙනත් අයකු වෙත භාරදීමේ කැමැත්තෙන් පසුවන්නේ පක්ෂයේ එක්සත්භාවය ආරක්ෂා කිරීමේ අරමුණින් බව බැසිල් රාජපක්ෂ පැහැදිලි කළේ ය.

පක්ෂ නායකයින්ගේ රැස්වීමට පෙර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා වටයක් පැවැත්විණ. දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය නියෝජනය කළ අතර, පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගීව සිටියේ මහචාර්ය ජී.එල්.පීරිස් සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුය.

”ඔබේ ලාංඡනය පොහොට්ටුවෙන් පුටුවට මාරු කරන්නවත් බැරි ද?” යයි ජයසේකර විමසා සිටියේය. පුටුව ලකුණ දැන් පවතින්නේ හිටපු අගමැති දි.මු.ජයරත්න මහතා යටතේ බව පෙන්වා දෙනු ලැබුණු විට, අපට පුලූවන් ඔහුව ඉවත් කරන්න, යැයි ජයසේකර පැවසුවේ ය.

”අපට නිකන්ම එහෙම කරන්න බැහැ” පීරිස් වහාම කීවේ ය.

පැහැදිලි කිරීමක් සිදුකළ බැසිල් රාජපක්ෂ, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ලාංඡුනය දැන් එහි සන්නාම නාමය බවට පත්ව තිබෙන හෙයින් ඉල්ලා සිටින පරිදි මෙවර ජනපතිවරණයේ දී ලාංඡුනයේ වෙනසක් සිදුකළ නොහැකි බව පැවසුවේය. නමුත් අනාගත මැතිවරණ සැළකීමේ දී, අපට ඒ ගැන හොයලා බලන්න පුලූවන්, ඔහු කීවේ ය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැමෙකුට වෙනත් ලකුණු යටතේ වෙන්ව තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කර තිබූ යෝජනා ද රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කළේ ය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සම්මේලනයේ දී ජනපති සිරිසේන මෙම නව සන්ධානය ප‍්‍රකාශයට පත් කරනු ඇතිදැයි යන්න වහාම පැහැදිලි නැත. එසේ සදහන් කිරීමට හේතුව වන්නේ සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් වන නිල කරුණු කාරණා තවමත් සාකච්ඡා අදියරේ පැවතීමය. ජනපතිවරයා එසේ ප‍්‍රකාශයක් සිදුකළ ද, නැත ද, සහතිකයෙන්ම කිව හැක්කේ ජනපති සිරිසේන මෙවර ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව සහ ඔහු ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වනු ඇති බවය.

තමන්ට එරෙහිව කටයුතු කරන්නවුන්ට හරස් කපමින් ජයග‍්‍රාහී ගමනක නියැළී සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සැළකීමේ දී පෙනෙන්නට තිබෙන්නේ ඔහුව බිමට ඇද දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවකි. නමුත් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව කටයුතු කරන්නෝ වක‍්‍රව ඔහුට බරපතල හානියක් සිදුකොට අවසන්ය. එක්සත් ජාතික පක්ෂයේ අද පවතින දේශපාලන වියවුලෙන් ඔහු ගැලවී ගත්ත ද, එම හානියෙන් සිදුව තිබෙන අලාභය පියවා ගැනීමට වික‍්‍රමසිංහ මහතාට හැකිවනු උගහටය.

දේශපාලන සී-සෝවක දෙපැත්තට පැද්දෙමින් සිටි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවසානයේ තම නායකත්වය යටතේ පවතින දේශපාලන පක්ෂයෙන් බිදුණු කණ්ඩායමක් තනා ගත් නව පක්ෂය වන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණෙන් දැනට සැනසීම ලබාගෙන සිටින සෙයකි. සිය පූර්වගාමියා එළවා දමා ජනපති පුටුවේ අසුන්ගෙන, එක් වතාවක් පමණක් ජනපතිධූරය හොබවා, නැවත එසේ එළවා දැමූ පූර්වගාමියා සමගම අත්වැල් බැදගත් ශී‍්‍ර ලංකාවේ එකම ජනපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක් වනු ඇත. 

පසුගිය අගහරුවාදා දෙදෙන අතර පැවැති හමුවේ දී මහින්ද රාජපක්ෂ මෙසේ පැවසුවේ ය.

”අතීතය අමතක කරලා අපේ ජනතාවට යහපත් අනාගතයක් සළසන්නට අපි එකට වැඩකරමු”

එයට ජනපතිවරයා ද හිස වනමින් ප‍්‍රතිචාර දැක්වූයේ ය.අද ඔහු එසේ එකගවුව ද, 2014 වසරේ දී ඔහු විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස කරළියට පැමිණි අවස්ථාවේ පැවැතුණේ අදට වඩා හාස්පසින්ම වෙනස් වාතාවරණයකි.

නව ගමනක් සදහා එකතු වන්න - ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් ජනතාවට ආරාධනයක්

සියලූම ජාතීන්ට අයත් ජනතාව වෙනසක් ඉල්ලා සිටිනවා.ඒ වෙනස වන්නට අප සූදානම්.ඒ ඉලක්කය ජයගන්න ජනතා සහාය ලැබෙනු ඇතිය කියා අපේක්ෂාවක් අපට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පහත දැක්වෙන්නේ ඔහු සමග පැවැති ප‍්‍රශ්න - පිළිතුරු සැසියක සාරාංශයකි.

• ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපතිධූරය දුර්වල කරනු ඇති ද, නැතහොත් වෙස්ට්මිනිස්ටර් මොඩලයට යොමුවනු ඇති ද 
විධායක ජනපති ක‍්‍රමය යටතේ අපේ රට දශක 4කට වඩා වැඩි කාලයක් පාලනයවෙලා තිබෙනවා. ආඥාදායකයින් සහ විහිලූකාරයින් මේ පුටුවේ අසුන්ගත්තු නිසා රටට ව්‍යසන ගණනාවකට මුහුණදෙන්නට සිදුවුනා. ඒ නිසා, ජනතා නියෝජනය තහවුරු වන සංවාදයක් යටතේ ප‍්‍රතිපත්ති සකස් කිරීම, කි‍්‍රයාත්මක කිරීම සහ එම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වන ආකාරය නිරීක්ෂණයට යටත් කිරීම සිදුවිය යුතුව තිබෙනවා.

• ජනතා විමුක්ති පෙරමුණේ මතය පිළිබද පැහැදිලි කිරීමක්. එය මධ්‍යගත කරන ලද දේශීය ආර්ථිකයක් සහ අන්තර්ජාතිකව විවෘත ආර්ථිකයක් ද? -

රටක් ආර්ථික ප‍්‍රතිපත්තිය සකස් කරන්නේ භූගෝලීය පිහිටීම සහ ස්වභාවික සම්පත් යන කාරණා මත පිහිටා. ලෝකයේ කිසිම රටක් ඔවුන්ගේ වෙළඳපල සම්පූර්ණයෙන්ම වසා දමාවත්, සම්පූර්ණයෙන්ම විවෘත කරවත් නැහැ. වෙළඳපල විවෘත කරනවා ද, නැති ද, යන තීරණය ගැනෙන්නේ රටේ නිෂ්පාදන කුමන මට්ටමක ද පවතින්නේ යන්න සැළකිල්ලට අරගෙන. මෙම මූලික කරුණු මත තමයි අපේ ප‍්‍රතිපත්ති පදනම් වන්නේ. රටට අනන්‍ය ආර්ථික ප‍්‍රතිපත්තියක් අපි ඒ අනුව ඉදිරිපත් කරනවා.

• තරුණ ඡන්ද දායකයින්ට ජනතා විමුක්ති පෙරමුණෙන් කරන ආමන්ත‍්‍රණය කුමක්ද ?

2004, 2005 සහ 2015 වර්ෂවල ඉතාම සුවිශේෂී දේශපාලන තත්ත්වයක් රටේ නිර්මානය වුනා.රට බෙදන ගැටලූව මතුවුනේ 2004 සහ 2005 වසරවල දී. අපේ පක්ෂයේ දේශපාලන අරමුණුවලට වඩා වැඩි ප‍්‍රමුඛත්වයක් අපිට එදා එම කාරණයට දෙන්න සිදුවුනා. 

ඒ හා සමානවම 2015 වසරේ දී අපේ රට ආඥාදායකයකුගේ පාලනයට යටත්වීමේ තර්ජනයකට ලක්ව තිබුණා. මේ විනාශකාරී බලවේගයන් හමුවේ අපි අපේ දේශපාලන න්‍යාය පත‍්‍රය පසෙකට දමා රට වෙනුවෙන් ඉදිරියට පැමිණියා. මෙම තත්ත්වයන් පදනම් කරගෙන තමයි අපි තීරණ ගත්තේ. ඒ හමුවේ රටට යම් ජයග‍්‍රහණයන් අත්වුනා. නමුත් එසේ කිරීමෙන් අපේ පක්ෂයට යම් හානියක් සිදුවූ බවත් අපි පිළිගන්නවා.

• පළමු වටයේ ජයග‍්‍රහණය ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් සතුවුවහොත් වෙන්නේ කුමක්ද ?

අපි ඒ ගැන අපේ අවධානය යොමු කර නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරය ජයග‍්‍රාහී මාවතක ගෙනයාමට පමණයි අපි අවධානය යොමුකර තිබෙන්නේ.

• දෙවැනි කැමැත්ත ප‍්‍රකාශ කරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණෙ ජනතාවගෙන් කරන ඉල්ලීම පිළිබදව කියන්නේ කුමක්ද ?

අපේ රට අද දේශපාලන ක`දවුරු දෙකකට බෙදිලා තිබෙනවා. ගෝඨාභය සහ සජිත් මේ එක් කදවුරක් නියෝජනය කරනවා. ඔවුන් මේ අර්බුදයට හේතුව මිස විසදුම නොවෙයි. තර්ජනය නිර්මානය කළායින් පසුව ඔවුන් දැන් උත්සාහ කරමින් ඉන්නේ රටේ ගැලවුම්කරුවා වන්නේ තමන් බවට ජනතාව ඉදිරියේ තම තමන්ව හදුන්වාදීමට. ඔවුන් දුෂ්කර ප‍්‍රදේශ දරිද්‍රතාවයට ගොදුරුවන්නට ඉඩ හැර තිබෙනවා. ජාතික ජනතා බලවේගයට ඡුන්දය දෙන අයට ඒ ගැන ආයෙ සැක හිතන්න දෙයක් නැහැ. මේ එන ජනපතිවරණයේ දී දෙවැනි කැමැත්තක් ප‍්‍රකාශ නොකරන ලෙසයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

• ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රමුඛතා මොනවාද ?

පාර්ලිමෙන්තු මැතිවරණයේ වන විට පරිපාලනමය අතින් පාලනය දිනාගැනීමට තමයි අපි ප‍්‍රමුඛත්වය දී තිබෙන්නේ. ආර්ථික සංවර්ධනයට, මහජන ආරක්ෂාවට, ජාතික එක්සත්භාවයට සහ නීතියේ උත්තරීතරභාවය තහවුරු කිරීමට අපි අවධානය යොමු කරනවා.
• ඡන්ද දායකයාට ජනතා විමුක්ති පෙරමුණ දෙන පොරොන්දුව කුමක්ද ?
සතුටින්, සැනසීමෙන් සහ සෞභාග්‍යයෙන් පිරුණු ජීවිතයක්. විශේෂයෙන්ම තරුණයින් සැළකීමේ දී, ස්ථාවර අනාගතයක්, බිය සැක නොමැතිව ජීවත්විය හැකි පරිසරයක්.
• අතීතයේ එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නාක් මෙන් අනෙක් දේශපාලන පක්ෂවලට සහාය ලබාදීම පිළිබදව කියන්නට ඇත්තේ කුමක්ද ?

අපේ ප‍්‍රතිවාදීන් එවැනි මතයක් ජනතාව අතර ප‍්‍රසිද්ධ කිරීමට උත්සාහ කරමින් සිටිනවා. අනාගතයටත් අතීතයම ගෙන එන්නට උත්සාහ කරන මේ කණ්ඩායම් දෙකට රට ඉදිරියට ගෙන යෑමේ හැකියාවක් නැහැ. නව ගමනක් සදහා එකතු වන්නට අපි ජනතාවට ආරාධනා කරනවා. වෙනත් කිසිම දේශපාලන පක්ෂයකට සහාය දැක්වීමේ වුවමනාවක් අපට නැහැ.

(ද සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුව ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර)



අදහස් (8)

එස්.බී.ට - ඩිලාන්ට බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්

janahitha Wednesday, 04 September 2019 11:37 AM

නව ගමනක් සඳහා අනිල් මහතා බේරා ගැනීමට එකතු වන්න.. ජනතා විමුක්ති පෙරමුණ.. ශ්‍රී ලංකාව

:       4       113

je vi pi Wednesday, 04 September 2019 11:38 AM

රනිල් මහත්තයට හැර වෙනත් කිසිම දේශපාලන පක්ෂයකට සහාය දැක්වීමේ වුවමනාවක් අපට නැහැ.

:       1028       754

Nalaka Wednesday, 04 September 2019 10:46 PM

පනින්න පනින්න. මෙවැනි අය නියෝජනය කරන පක්ෂවලට ඡන්දය දීමට අපි සැදී පැහැදී බලා සිටින්නෙමු.

:       0       3

max Thursday, 05 September 2019 06:56 AM

හොද පරිවර්තනයක්. මද්යස්ත ලිපියක්. ස්තුති ලංකාදීප.

:       5       0

sam Thursday, 05 September 2019 07:11 AM

පොහොට්ටුව කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දැන් අපි පොහොට්ටුවට පුරුදුවෙලා ඉවරයි. පුටුවට තියා අතටවත් මාරු කරන්න එපා. අනික පුටුවේ, අතේ කාලේ දැන් ඉවරයි. ආපස්සට යන්න එපා. මාකටින් දන්නා කෙනෙක්ගෙන් අහන්න.

:       152       210

vidya Thursday, 05 September 2019 07:57 PM

ඩිලාන් ගැන අපි දන්නේ නැ. එස් බී ට නම් එහාට මෙහාට පනින එක කජ්ජක් නෙමේ .

:       0       0

Raveendra Friday, 06 September 2019 12:23 PM

ඇත්තෙන්ම මේ කවුද? කිසිඳු ප්‍රතිපත්තියක් නැති දේශපාලන අපතයන් නොවේද? මොවුන් මොකට මේ අපේ මව්බිමේ ඉපදුණාද...? රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති පරයන්....

:       106       374

DhanushkaSaturday, 07 September 2019 04:38 PM

ඔවුන්ට නම් වැඩක් තියෙයි... අපිට ඔය එකෙක් ගෙනාවත් වැඩක් නැත්තේ, ඡන්ද කාලෙට මේ සේරම හොරු එනවා. අලුත් වෙස්මුහුණු දාගෙන.. අපි රැවටෙයි ..!!! පේනවනේ වහල්ලු ලියන කොමෙන්ට්..

:       0       15

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 61 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 86 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 109 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 79 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1592 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 731 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site