IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එළි විහි‍දෙන යුවළක්

 

 

සටහන -  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ඡායාරූප-  මාදම්පේ එස් හේරත්

මෙම සිදුවීම නිරීක්ෂණයට ගිය  කණ්ඩායම යුවළ සමග  

 

(මෙහි පළවෙන්නේ ගලගෙදර ප්‍රදේශයේ යුවළකගේ සිරුරෙන් ස්ථිති විද්‍යුතය හේතුවෙන් එළි පිටවීම සම්බන්ධ ලිපියකි. මෙය සෑම අයෙකුටම සිදු වන්නක් නොවන හෙයින් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමු. මෙම යුවළ හමුවීමට ගිය වෛද්‍ය ජනක ජයසූරිය මහතාද මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ කළ යුතු බව දක්වා සිටියි. ඔහුගේ අදහස ලිපියේ අවසානයේ පළවේ. එසේම තමන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න ගැන දැන ගැනීමටද මේ යුවළ කැමතිය. කෙසේ වුවද අප සතු කැමරා මෙවැනි තීව්‍රතාවයෙන් අඩු ආලෝක ග්‍රහණය කර ගැනීමට තරම් සමත් නොවීම නිසා මේ ඡායාරූපවල ඔවුන් කියනා දෙය දැක ගත නොහැකිය. වඩාත් දියුණු කැමරා මගින් මේ සම්බන්ධයෙන් වැඩි අධ්‍යනයක් කළහැකි වනු ඇත.  )

 

ගලගෙදර කළුවාන  ගමේ අඹුසැමි යුවළක ගේ සිරුරෙන් ආලෝකධාරා විහිදෙනවා. ඒ දෙන්නා ගෙන් ආලෝකධාරා විහිදෙන බව මමත් දැක්කා කතාව ඇත්තයි යැයි පවසා ඒ ගැනතොරතුරු සොයා බැලීමට සොයාබැලීමට යමු යැයි කියා පැවසුවේ  මහනුවර ජාතික රෝහලේ සේවය කරන ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය

ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා මෙවැනි අද්භූත දේවල් ගැන කාලයක් තිස්සේ සිට පර්යේෂණ හා ගවේෂණ වල නිරතව සිටින අයෙකි. පසුගිය සඳුදා රාත්‍රී කාලයේ අපි සිරුරෙන් ආලෝක ධාරා විහිදුවන ඒ අඹුසැමි යුවළ සොයා මහනුවර, ගලගෙදර තලගහහේන උඩුව කළුවාන ගම්මානය  බලා පිටත්ව ගියෙමු.

අතිශය දුෂ්කර මාර්ගයක් ඔස්සේ ජංගම දුරකථන වල  ආලෝකයෙන්

 කූඩැල්ලන් ගෙන් බේරෙමින් පාගමනින් කිලෝමීටර් දෙකක පමණ දුරක් ගෙවා ගොස් අපි ඒ අඹුසැමි යුවළ සිටින නිවෙසට ගොඩ වැදුනෙමු.

සැමියා තිස්හත් හැවිරිදි වියේ පසුවන ආර්.එම් සෙනවිරත්න බණ්ඩාර මහතා වන අතර ඔහුගේ ආදරණීය බිරිඳ ඩබ්ලිව් . ඩී  ශ්‍රියානි කුමාරි හේරත් මහත්මිය වන්නීය.

අපිට ලොකුම කුතුහලය වී තිබුණේ මේ අඹු-සැමි යුවළගේ  සිරුරෙන් ආලෝක දහරා විහිදෙන ආකාරය දැක බලා ගැනීමය. කුමාරි  සුදු පැහැති ගවුමකින් සැරසී සිටි අතර බණ්ඩාර සැරසී සිටියේ කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් ය.

 විදුලි පහන් නිවා දැමූ පසු නිවෙස පුරා පැවතියේ අඳුරකි.

බණ්ඩාර මහතා සහ ශ්‍රියාණි මහත්මිය ඇඳ සිටි ඇඳුම්  අතින් පිරිත් මැදීමට පටන් ගන්නවාත් එක්කම ඔවුන් දෙදෙනාගේ  සිරුරු වලින්  ආලෝක දහරා පිටවීමට පටන් ගත්තෙ අප විස්මයට පත් කරවමිනි.

වේගයෙන් සිරුරු පිරිමදිනවිට   නිකුත් වන ආලෝක ධාරාවල එළිය තරමක් වැඩි දීප්තිමත් බවක් පෙන්නුම් කරන බව අපට පෙනී ගියේය.

වැඩියෙන්ම ආලෝක දහරා  පිටකරන්නේ තමා යැයි  ශ්‍රියානි මහත්මිය  පවසන්නීය.

එය සැබෑවක් බව අපටද පෙනී ගිය කරුණකි.

ඔවුන් දෙදෙනා ඔවුන්ගේ අත් වලින් හැඳ සිටින ඇඳුම් අතින් පිරිමදින සෑම වාරයක් පාසාම සිරුරෙන් නිකුත් වන ආලෝක දහරා ඇසුරු සැනින් නොපෙනී යයි.

ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතාට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා, මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති  පුෂ්පලතා මහත්මිය සහ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන චන්දිම පතිරණමහතා අප සමග සමග මේ ගමනට එක්ව සිටියහ.  කොළඹ සිට අපව ගලගෙදර දක්වා කැඳවාගෙන ගියේ ලංකාදීප ප්‍රවාහන අංශයේ කපිල මහතා ය.

අඹු සැමි යුවළ ගෙන් නිකුත් වන ආලෝක දහරා ඡායාරූප සහ වීඩියෝ ගත කිරීමටඉංජිනේරු පීඨයේ  ශිෂ්‍ය චන්දීප පතිරණ සහ අපේ ඡායාරූප ශිල්පී හේරත් නොගත් උත්සාහයක් නොමැත.

එහෙත් ඒ උත්සාහය නිශ්ඵල විය.

මොවුන් දෙදෙනාගේ සිරුරුවලින් නිකුත් වෙන  ආලෝක දහරා ඡායාරූපවල දක්නට නොවීය. අඹු-සැමි යුවළගේ සිරුරු වලින් ආලෝක දහරා  නිකුත් වෙන බවට හොඳම සාක්කි සපයන්නේ අප සමග සිටි මොවුන්ය.

“ෆොටෝ ගත්තාට වැඩක් නෑ අපේ සිරුරේ  ඇතිවන ආලෝක දහරා ෆොටෝ වලට වැටෙන්නේ නැහැ “ යැයි අඹුසැමි යුවළ අප සමග මුලින්ම පැවසූහ.

අප ආලෝක දහරා ඡායාරූප ගත කිරීමට හා වීඩියෝගත කිරීමට උත්සාහ කළේ ඔවුන් කියන දේ නොතකා හරිමින් ය. ඔවුන් දෙදෙනා කීවේ ඇත්තක් බව අපට පසුව වැටහිණි.

ඇඟෙන් ගින්දර පිට උනාට ඔවුන් දෙදෙනා ඒ ගින්දරපිට කාටවත් දෙන්නේ නැති අහිංසක අඹුසැමි යුවළකි. ඒ බවත් අප කිව යුතුය.

අප මුලින්ම කතාකලේ කතා කළේ ශ්‍රියානි  මහත්මිය සමගය.

 (ඩබ්ලිව් . ඩී  ශ්‍රියානි කුමාරි හේරත් මහත්මිය)

“මගේ සිරුරෙන් මේ විදිහට ආලෝකධාරා පිටවන බව මම දැනගත්තේ අවුරුදු 13 ක විතර වයසේ පසුවන  කාලයේදී.ඒ වෙනකොට මම ඉස්කෝලේ යනවා.මගේ ඇඟෙන් ආලෝකධාරා පිටවන බව මුලින්ම දැක්ක මොහොතේ මම බයටත් පුදුමයටත් පත් වුණා.මම නිදාගෙන ඉඳලා නැගිටින අවස්ථාවක තමා මගේ ඇඟෙන් අලෝක ධාරාවක් පිටවෙනවා දැක්කේ.මම අපේ  අම්මයි තාත්තටයි පෙන්නුවාඅනේ අම්මේ මේ බලන්නකො මගේ ඇඟෙන් ආලෝක දහරා පිටවෙනවා කියා.ඔවුන් හොඳට බලලා කිව්වා එහෙම දෙයක් වෙන්නෙ නැහැ  බොරු නොකියා ඉඳපන් දුවේ කියා. අම්මයි තාත්තයි එහෙම කිව්වත් මගේ ඇඟෙන්  ආලෝක  දහරා පිට වෙන බව මම හොදටම දැක්කා.අම්මයි තාත්තයි මම තියෙන දේ පිළිගත්තෙම නැහැ.ඇත්තෙන්ම මුල් වකවානුවේ අම්මටයි තාත්තටයි මගේ ඇඟෙන් ආලෝක දහරා විහිදෙන බව පෙනිලා නැහැ.“ .

“ ඔහොම ඉන්න අතරවාරයේ මට  විවාහ යෝජනාවක් ආවා.ඒ විවාහ යෝජනා ව බණ්ඩාරගෙන්.මම ඔහුට කිව්වාමගේ ඇඟෙන්  ආලෝකයක් විහිදෙනවා කියා.මම එහෙම කිව්වේ මේක රහසක් වශයෙන් තබාගෙන ඉඳලා විවාහ වුණොත්  පසුවට යම් යම් ප්‍රශ්න කරදර ඇතිවෙයි කියල හිතාගෙනයි.බණ්ඩාර ඒ ගැන කොහෙත්ම තැකීමක් කළේ නැහැ.මීට අවුරුදු 6 කට විතර කලින් අප දෙදෙනා විවාහ වුණා.

විවාහ වුණු මුල් කාලයේ දවසක්  සැමියා මම  ඇඳ සිටි  ඇඳුමේ කලාමැදිරියෙක් වහලා තිබෙනවා දැක එය අතින් පිහ දැම්මා. ඒත් එක්කම ආලෝක දහරාවක් පිට වුණා.ඒ ත ගියාමා සැමියා මුල් වතාවට  මගේ  ඇඟෙන්ආලෝක දහරාවක්  පිට වෙනවා දැක්කේ.ඒක දැකලා ඔහු  එකපාරටම පුදුමයට පත් වෙනවා වගේ මට තේරුම්ගියා.නමුත් ඔහුට මම කල් කල්තියාම මේ ගැන පවසා තිබුණු නිසා කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ආලෝක දහරා පිටවුනත් ඒ බවත් සැමියා මීට කලින් කිසිමදාක දැකලා තිබුණේ නැහැ.ඇත්තෙන්ම සැමියා  එදා දැකලා තිබුණේ මගේ ඇඟේ කණාමැදිරි යෙකු වහලා ඉන්නවා නොවේ.මගේ ඇඟෙන් ආලෝක දහරාවක් විහිදෙනවා යි.“

“ මම විවාහ වුණාට පස්සේ තමයි අම්මයි තාත්තයි මගේ ඇගෙන් ආලෝක දහරා විහිදෙන බව දැක ගන්නට ලැබුණේ.අම්මයි තාත්තයි හොඳටම බය වුණා.යකැදුරෝ ගෙනල්ල ශාන්තිකර්ම කළා.වෙනත් පුද පූජා පැවැත්වූවා.ඒ කිසිම දෙයකින් මගේ ඇඟෙන් නිකුත් වෙන ආලෝක  දහරා නවත්වා ගන්න බැරිව ගියා.එන්න එන්නම ආලෝක දහරා පිටවීම වැඩි වෙන බවක් තමයි මට පෙනී ගියේ. සිලික් වර්ගයේරෙදි වලින් මසා ඇති නයිටියක් ඇදගෙන ඉන්න වෙලාවට ආලෝක දහරා විහිදෙන ප්‍රමාණය ඉතාම වැඩියි.“

“මීට අවුරුද්දකට  විතර කලින්ඉඳලා මගේ මහත්තයාගේ ඇ ගෙනුත් ආලෝක  දහරා පිටවෙන්න  පටන් ගත්තා.සමහරවිට මගෙන් මේක බෝ උනාද දන්නෙත් නැහැ “ යැයි  සිනාසුණේ සැමියාදෙස බලමින් ය.

“ඔව් ඒ කතාව ඇත්ත වෙන්න පුළුවනි. මටත් මෙයාගෙන් බෝ වෙන්න ඇති කියා හිතනවා“ යැයි බණ්ඩාර මහතා පවසා සිනාසුනේ බිරිය දෙස බලමින් ය.

(ආර්.එම් සෙනවිරත්න බණ්ඩාර මහතා)

ඊළඟට අප කතාබහ කළේ වන බණ්ඩාර මහතා සමගය.

ඔහු ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයෙකි.

“බැඳපු අලුත දවසක් බිරිඳගෙ ඇඟේ කනාමැදිරිය  වහලා ඉන්නවා වගේ දැක්කා.ඇයගේ උරපත්ත ලඟින් කුඩාවට ආලෝකයක් විහිදුනා.ඒ නිසයි මා සිතුවේ කනාමැදිරියා  වහලා ඉන්නවා කියා.ඊට පස්සෙ මම කණාමැදිරියෙක්  එලවන්න සිතාගෙන අතින් පිහ දැම්මා.ඒ වෙලාවේ වෙලාවෙ ඇගේ සිරුරෙන් තරමක් ලොකු ආලෝකයක් විහිදුනා.එකපාරටම මට බයකුත් ඇති වෙලා පුදුමයටත් පත් වුණා.මම මේ බව බිරිඳ එක්ක කිවුවහම  එයා කිව්වා මම ඔයාට මුලින්ම කිව්වෙ මගේ ඇඟෙන් ආලෝක දහරා විහිදෙනවා යැයි කියා.ඊට පස්සේ මම ඒක එච්චර ලොකුවට ගණන් ගත්තේ නැහැ.අදටත් මෙය අපට සාමාන්‍ය දෙයක්.

 

 මේ ලඟදි  දවසක රැක මම අපේ ත්‍රීවීල් එකේ සීට් එක   අතින් පිහ දැම්මා.එතකොට එක පාරටම  මගේ අතින් ආලෝක දහරා විහිදෙන්නට පටන් ගත්තා.ඊට පස්සේ අතින් සීට් එක පිහදාන එක නතර කර දැම්මා.“

 

තවදුරටත් මේ  හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් අඹුසැමි යුවළ මෙසේ පැවසූහ.

 

“අපි දෙන්නා හොඳට නාලා පිරිසුදු වෙලා අලුත් ඇඳුමක් ඇඳගෙන ඉන්න වෙලාවටආලෝක දහරා පිට වෙනවා වැඩියි.ඇතැම් අවස්ථාවල  ඇඳුම් ගලවද්දි චිරි චිරි ගාලා ශබ්දයක් ඇසෙනවාඇදගෙන ඉන්න ඇදුම් ඇඟට ඇලිලා වගේ තේරෙනවා දැනෙනවා.ඇඟෙන් දාඩිය දාන වෙලාවට ආලෝක දහරා පිටවෙන්නේ නැහැ.ඒ විතරක් නෙමේ බෙඩ් ෂීට් එකක් පොරවාගෙන නිදාගෙන ඉන්න අවස්ථාවල පවාආලෝක දහරා වැඩියෙන් පිට වෙනවා.ඇත්තෙන්ම කියනවා  නම් මෙය අපි  දෙන්නාට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ.අපේ ගෙදර අයටත් එහෙම තමා.සීතල කාලයට රස්නෙ  කාලයට කියා වෙනසකුත් නැහැ.“

සිරුරෙන් ආලෝක දහරා පිටවෙන අවස්ථාවල යම් අපහසු තාවයක් ඔබලාට දැනෙනවා දැනෙනවද කියා විමසුවේ ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.

“නැහැ  ඩොක්ටර්එහෙම කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ.සාමාන්‍ය විදිහට ට්තමා අපි ජීවත් වෙන්නේ.මේ නිසා අපිට එදිනෙදා වැඩ පළ කර ගැනීමට කිසිම බාධාවක්මේ වන තෙක් වෙලත් නැහැ.නමුත් අපිට මෙහෙම වෙන්නේ ඇයි කියා දැනගන්න කැමතියි.අපිට මෙහෙම වෙන්නේ ඇයි කියා තවම කිසිකෙනෙකුට පැවසීමට නොහැකිව තිබෙනවා.මේ වෙනුවෙන් පැවැත්වෙන පරීක්ෂණ වලට ඉදිරිපත් වෙන්න සූදානම්“  අඹු සැමි යුවළ පැවසූහ.

ශ්‍රියානි කුමාරි මහත්මිය ගේ පියා  ඩබ්ලිව් ජී ඩිංගිරි බණ්ඩා මහතාය. ඇයගේ මව ඩබ්ලිව්. ජී පොඩි මැණිකේ මහත්මිය වන්නීය.

ඔවුන් දෙදෙනාම හැට හත් හැවිරිදි වියේ පසුවෙති.

ශ්‍රියානි කුමාරි මහත්මිය ගේ මව සහ පියා ජීවත් වන්නේ ද ඇය සහ සැමියා සමඟ එකම නිවසේ ය.

ඇයගේ මවගේ හෝ පියාගේ සිරුරෙන් මේ ආකාරයට ආලෝක දහරාපිටවන්නේ නොමැත.

 

පොඩි මැණිකේ මහත්මිය හඬ අවදි කරමින් මෙසේ කීවාය.

දුවගේ සහ බෑනාගේ ඇගෙනුයි මේ විදිහට ආලෝක පිට වීම ගැන අපට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.දුවගේ ඇඟෙන් ආලෝක  දහරා පිටවන බව ඇය කියන්නට පටන් ගත්තේ අවුරුදු 13ක වයසේ පසුවන කාලයේ.ඇය එහෙම කිව්වට අපි  එයාගෙ ඇඟෙන් ආලෝක දහරා විහිදෙන බවක් මුලින්ම දැක්කේ නැහැ.දුව මීට වසර 6 කට පමණ ඉහත දී විවාහ වුණා.දුවගේ ඇඟෙන් ආලෝක දහරා විහිදෙන බව මුලින්ම දැක්කේ ඇගේ සැමියායි.ඊට පස්සේ තමා අපි දෙන්නට පෙනෙන්නට පටන් ගත්තේ.ලොකු ගණන් වියදම් කරලා අපි ශාන්තිකර්ම කෙරුවා.ඒත් මේ දෙන්නගෙ ඇගෙන් ආලෝක ඇති වෙන  එක නැවතුනේ නැහැ.

දැනට සති දෙක තුනකට ඉහතදී දුවගේ ඇඟෙන් ආලෝක දහරා ගොඩක් පිට වෙන්න පටන් ගත්තා.අම්මේ තාත්තේ මේ බලන්නකො මගේ ඇඟෙන් අද හරියට එළිය පිටවෙනවා යැයි කියා ඇය අපිට පෙන්නුවා.මම හිතුවේ දුව පිච්චෙයි කියලා .ඒ තරමටම ආලෝක දහරා  පිට වුණා.අනේ දුවේ එළියට දුවන්න ගේත් එක්ක ගිනි ගනී  කියා අපි කිව්වා.නමුත් එහෙම කිසිම  දෙයක් වුණේ නැහැ. දුවටයි බැනටයි මෙහෙම වෙන්නේ ඇයි කියා දැනගන්න මමයි මහත්තයයි කැමැත්තෙන් ඉන්නවා.

 

මෙම අඹුසැමි යුවළ ගෙන් ආලෝක දහරා පිට වුනා යැයි කියා ඔවුන්ගේ සිරුරුවලකුඩාවට හෝ පිළිස්සුම්තුවාලදක්නට නොමැති බවත් හමේ අසාමාන්‍යතාවයක් පෙනෙන්නට නොමැති බවත්ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසීය.

 

‘මේ විදිහට මේ දෙන්නා ගේ ඇගෙන් ආලෝක දහරා පිට වීම ගැන අපට නම් හිතා ගන්නවත් බැහැ.මේක හරිම අරුම පුදුම දෙයක්.මීට කලින් කවමදාවත් මේ වගේ දෙන්නෙක් ගැන අපි අහල තිබුණෙ නැහැ“ යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකා ශාන්ති පුෂ්පලතා මහත්මිය පැවසූහ.

 

 

මෙය ස්ථිති විද්‍යුතයේ ප්‍රතිඵලයක්

  • වෛද්‍ය ජනක ජයසූරිය

 

“ඇත්ත වශයෙන්ම අපේ ශරීරයෙන් රශ්මියක් පිටවෙනවා. නමුත් එය අපේ පියවි ඇසට දැකිය හැකි සංවේදීතාවයෙන් දහයෙන් පංගුවක් තරම් කුඩා අගයක් ගන්නා නිසා ඒ රශ්මිය අපට පෙනෙන්නේ නෑ. එය අධෝරක්ත කිරණයක් සේ හඳුන්වන්න පුළුවන්. පියවි ඇසට පෙනෙන ආලෝකයක් මුක්ත කිරීමට තරම් අපගේ සිරුරේ සෛල උණුසුම් නැහැ.

ඇතැම් ආලෝක විමෝචක සතු ඉන්නා බව අපි දන්නවා. කණාමැදිරියා, රෑ බදුල්ලා ඊට හොඳම උදාහරණ. මේ සතුන් ඒ ආලෝකය පිට කරන්නේ වෙනම ක්‍රමයකට.

මේ පුද්ගලයන්ගේ සිරුරෙන් ආලෝකය නිකුත් වීම එසේත් නැතිනම් ගිනි පුළිගු පිටවීම සිදුවන්නේ මේ ක්‍රම දෙකම නිසා නෙවෙයි‍ෙ

එය පැහැදිලි කළ හැකි වන්නේ ස්ථිති විද්‍යුතය නම් සංකල්පයෙන්

භෞතික වස්තූන් සෑදී ඇත්තේ පරමාණු වලින්. පරමාණුවල ඇති ප්‍රෝටෝන ධන ආරෝපණ ලෙසත් ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ  ලෙසත් නියුට්‍රෝන උදාසීන ලෙසත් පවතිනවා. ප්‍රතිවිරුද්ධ  ආරෝපණ එකිනෙක ආකර්ෂණය වන අතර සමාන ආරෝපණ එකිනෙක විකර්ෂණය වෙනවා. මෙම සමතුලිතභාවයේ බිඳවැටීමක් සිදුවූ කල්හි එනම් ධන හා ඍණ ආරෝපණ ප්‍රමාණාත්මක වෙනසක් ඇති වූ කල්හි මුක්තවනුතුරු එම ආරෝපණ භෞතික වස්තූන් මත තිබිය හැකියි.

මේ පුද්ගලයන් තමන්ගේ ඇඳුමින් සිරුර පිරිමදින විට සිරුර සහ ඇඳුම් අතර ඉලෙක්ටෝන හුවමාරුවක් සිදුවෙනවා. මේ ආකාරයේ ස්ථිති විද්‍යුත් ආරෝපණ හුවමාරුවක් අලෝක ධාරාවක් ලෙස දැකිය හැකි වන්නේ වාතයේ ඇති වායු අංශ අයණීකරණය වීම නිසයි. මෙම ආලෝකයේ තීව්‍රතාව ඉතා අඩු අතර පවතින්නේද ඉතා අඩු කාලයක්.

ඇතැම් අවස්ථාවලදී විශේෂයෙන්ම වාතයේ ආර්ද්‍රතාවය අඩු ශීත කාලයේදී ඔබ ලෝහමය යමක් මත අත තබන විට විදුලිය වැදීමක් සේ හැඟීමක් ඔබට ඇතිවෙන්නේද මේ ආකාරයේම ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් නිසයි. මෙම පුද්ගලයින් තම ශරීරය පිරිමදින විට සිරුර මතුපිට ආරෝණය වනවා. මෙහිදී ශරීරය මතුපිට සිට ඉලෙක්ට්‍රෝන ඇඳුම දෙසට පැමිණීම සිදුවන අතර එහිදී වාතයේ ඇති අංශු (විශේෂයෙන් නයිට්‍රජන්) අයනීකරණය නිසා නිල් - සුදු පැහැති ආලෝකයක් දැකිය හැකියි. මේ ආලෝකයේ තීව්‍රතාව ඉතා අඩු අතර පවතින්නේද ඉතා අඩු කාලයක්. දිවා කාලයේ දී නැතිව රාත්‍රී කාලයේම අපට එය පෙනෙන්නේ එනිසයි.

කෙසේ වෙතත්  අප හැමදෙනාටම මේ දේ සිදුවන්නේ නැහැ. මේ නිසා මේ යුවළ විශේෂයි. මේ පළිබඳ තවත් පරීක්ෂණ සිදු කළ යුතුයි. “

(ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ ලිපියකි) 

 

 



අදහස් (10)

එළි විහි‍දෙන යුවළක්

Nadeesha Sunday, 16 July 2023 10:03 AM

මිනිස් ඇසට නොපෙනන සියුම් අධෝරක්ත (Infrared Light) ආලෝකය කැමරාවන්ට පෙනෙනවා නම් මොවුන් කියන විදියට සාමාන්‍ය ඇසට දර්ශනය වන මොවුන්ගේ ආලෝකය කැමරාවන්ට නොපෙනෙන්නේ ඇයි?

:       3       18

thilak Sunday, 16 July 2023 04:56 PM

මෙවැනි දේ සමහර විට ඇඳගෙන සිටින සිල්ක්, පොලියෙස්ටර් වැනි ඇඳුම් නිසා සිදුවන බව මම අත්දැකීමෙන් දන්නවා.

:       1       33

BUDDHIKA Monday, 17 July 2023 06:06 AM

මටත් වෙලා තියෙනවා... රෑට බෙඩ් ශීට් පොරවාගෙන නිදාගෙන ඉද්දී...

:       2       6

BUDDHIKA Monday, 17 July 2023 06:10 AM

මේ කපල් එකට ළමයි නැද්ද? මගේ යාළුවෙක් කිව්වා මෙහෙම අයට ළමයි හදන්න අමාරුයි කියලා...

:       5       1

Thusitha Monday, 17 July 2023 09:18 AM

හරි දැන් අපි ඡන්දෙ දෙන්නම් රාජපක්ෂට... හැම මාසෙම අලුත් බොරු ගොතලා මිනිස්සුන්ට බයිලා ගහලා... රාජපක්ෂ බලයේ රැඳෙන්න හදනවා. මෝඩ මිනිස්සු පව්. ඡන්දෙ ළඟයි... දූපතේ මිනිස්සුනේ...

:       14       8

BuwaMonday, 17 July 2023 06:19 PM

අනේ යන්න... හැමදාම රාජපක්ෂ රාජපක්ෂ... මොකක්ද මේක?

:       2       0

HilmanThursday, 20 July 2023 02:00 PM

විද්‍යාව නොතේරෙන අයට මේවා තේරෙන්නේ නෑ. කණගාටුයි, තමන්ගේ බුද්ධියේ තරමට තමයි තේරුම් ගැනීම.

:       0       0

Gag Monday, 17 July 2023 10:46 AM

ආච්චි හිරෝෂිමා බෝම්බ දාන කාලේ ජපානෙද හිටියේ?

:       2       8

Nuwan Tuesday, 18 July 2023 10:38 PM

ස්ථිති විද්‍යුතය .... ලංකාවේ බයියන්ට මැජික් වුණාට පිට රටවල අයට නම් සාමාන්‍ය දෙයක්...

:       0       0

Dinesh lokka Friday, 21 July 2023 07:42 AM

දැන් ඉතින් බස් අරන් වන්දනාවේ යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 235 0

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 2486 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 412 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 807 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 804 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 434 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site